නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් - අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් "යුතුකම" සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් මා වෙත පිළිගන්වනු ලැබුණි. අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.
ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ.
ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ.
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .