ජාතික නිදහස් දිනයත් එහිදී ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කිරීමත් පිළිබඳ කතාබහක් මේ දිනවල ඇතිවී තිබේ.විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්වල මේ පිළිබඳ කතිකාවක් ඇතිකර තිබේ. මේ ඉංග්‍රීසියෙන් පළවන බොහෝ අදහස්වල ඇත්තේ සිංහලෙන් පමණක් ජාතික ගීය ගායනා කරනු වෙනුවට දෙමළ පරිවර්තනයද ගායනා කළ යුතු බවයි. නමුත් අපූරු කාරණය වන්නේ මේ ඉල්ලීම් ඉල්ලන ලිපි සියල්ලම පාහේ පළ වන්නේ දෙමළෙන් හෝ සිංහලෙන් නොව ඉංග්‍රීසි භාෂාවෙන් වීමයි.
ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ව්‍යවස්ථානුකූලද?
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ජාතික ගීයේ දෙමල පරිවර්තනය යොදා ගැනීම ව්‍යවස්ථානුකූල නොවන බව ඉතා හොඳින් පැහැදිලි කර තිබුණි. ඉන් පසු දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ පිළිබඳ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි. එහිදී ඔහු දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ව්‍යවස්ථානුකූල යැයි කියන්නට උත්සාහ කර තිබුණි. බොහෝ දෙනා මෙහි නීතිමය තත්ත්වය විග්‍රහ කිරීමේදී භාවිතා කරන්නේ 1978 ව්‍යවස්ථාවයි. ඉහත දැක්වූ පුවත්පත් සාකච්ඡාවේදී සුමන්තිරම් මන්ත්‍රීවරයා ද මේ බව තහවුරු කර තිබුණේ මෙසේය
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම හදලා තියෙනවා. දෙමළ බසෙන් ඇති ව්යවස්ථවේ ශ්‍රී ලංකා තායේ කියලත්, සිංහල භාෂාවෙන් අවස්ථාවේ ශ්‍රී ලංකා මාතා කියලත් සඳහන් වෙනවා. මේ දෙකම වලංගුයි"
-එම් සුමන්තිරම්
අපි මඳක් මෙය විමසා බලමු. 78 ව්‍යවස්ථාව ගත් විට එහි හතර වන පරිච්ඡේදයෙහි භාෂාව යන කොටසෙහි පළමුවෙන්ම සඳහා වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය. සිංහල භාෂාව හා දෙමළ භාෂාවන් ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය, යනුවෙනි. එහිම තවත් තැනක සඳහන් වන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා පිටපතක අනුකූලතාවක් මතු වූ විට රාජ්‍ය භාෂාවෙන් ඇති පිටපත නිවැරදි පිටපත ලෙස සලකන බවයි. ඒ අනුව 78 ව්‍යවස්ථාවට අනුව දෙමළ භාෂාවට පරිවර්තනය කර ජාතික ගීයේ දෙමළ පිටපතක් භාවිතා කිරීම නිවැරදි ක්‍රියාවලියක් නොවේ. කිසිම ව්‍යවස්ථා ගැටළුවක් නොමැතිව සිංහල භාෂාවෙන් ඇති ජාතික ගීය ජාතික ගීය ලෙස සැලකිය හැකිය. අදටද භාවිතා වන ඉංග්‍රීසි භාෂා පිටපතේද මේ පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ. The national anthem of sri lanka shall be "Sri Lanka Matha"
මේ අනුව 1978 ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ යුත්තේ කුමන භාෂාවෙන්ද යන්න ගැටළුවක් නොමැත. එමෙන්ම දෙමළ භාෂාවට පරිවර්තනය කරන ජාතික ගීය ව්‍යවස්ථානුකූලව ප්‍රතිපාදන නොමැති බව පැහැදිලිය.දෙමළ ජාතික සංධානයේ සුමන්තිරම් ඇතුළු පිරිස ගැටලූවක් ලෙස මතු කරන්නට උත්සාහ කරන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඇති වූ තත්වයයි. ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටට පටවන්නේ රටේ ජනතාවගේ මතය නොසලකා ජනතාව දැඩි මර්දනයකට යටත් කර බලහත්කාරයෙනි. ඒ 13 වන සංශෝධනයෙහි භාෂාව සම්බන්ධ ඉවත් වගන්තියක් ඇතුළත් කර තිබේ. මෙහි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වන වගන්තියට යටින් දෙමළ භාෂාව ද රාජ්ය භාෂාවක් වේ යනුවෙන් වගන්තියක් ඇතුළත් කර තිබේ. දෙමළ ජාතිවාදීන් දෙමළ බසින් පරිවර්තනය කළ ජාතික ගීයක් භාවිතා කළ හැයි යැයි කීමට භාවිත කරන්නේ මේ වාක්‍යයයි. නමුත් මේ උත්සාහය ඉතා වංචාකාරී උත්සාහයකි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ මේ දෙමළ පරිවර්තනය අතර කිසිම සම්බන්ධයක් නැත. සිංහල රාජ්‍ය භාෂාව ලෙස තිබියදී, කෙටුම්පතට වෙනසක් ඇත්නම් සිංහල භාෂාව ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු යැයි සඳහන් වෙද්දී දෙමළ පරිවර්තනය ක් ඇතුළත් කර තිබුණේ ඒ වටපිටාව තුළය. එබැවින් මේ අර්ථකථනය සම්පූර්ණ වංචාකාරීය.මේ උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් සම්මතකරගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ වාක්‍යයක් හරහා ඊට පෙර වැරදි ආකාරයට ව්‍යවස්ථාවට ඇතුලත් කැර තිබූ දෙමළ පරිවර්තනයට නීත්‍යානුකූල අයිතියක් ලබාගැනීම මේ කූට උත්සාහයයි.එය කොතරම් කූට උත්සාහයක්ද යන්න පැහැදිලි වන හොඳම තැන අදටහ භාවිතා වන ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ ජාතික ගීය ලෙස සඳහන්ව ඇත්තේ "ශ්‍රී ලංකා මාතා" යන්නයි. එබැවින් කෘතීමව ඇති කරන්නට හදන ජාතික ගීය ගායනා කළ යුතු භාෂාව කුමක්ද යන තර්කය ව්‍යවස්ථානුකූලව අපහැදිලි නැත.
ජාතික ගීය පිළිබඳ ව්‍යවස්ථානුකූලභාවය එලෙස තිබියදී අපි රටක් ලෙස එකට එකතු වන මොහොතක මේ පිළිබඳ ගැඹුරින් කල්පනා කළ යුතුය. පසුගිය ආණ්ඩුව ඒ වසර පහ පුරාම ක්‍රියාකළේ ව්‍යවස්ථාවේ ඇතු ඒකීය රාමුව කුඩුපට්ටම් කර දෙමළ ජාතික සංධානය සහ විජාතික වුවමනාවන්ට අනුව සහසන්ධීය රාජ්‍යයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාවක් වෙනුවෙනි. පසුගිය මැතිවරණයේදී 69 ලක්ෂයක් චන්දය භාවිතා කළේ ඒ උත්සාහයට විරුද්ධවයි. ඒ ජනවරම තුළ ඇත්තේ එක රටක් එක නීතියක් යන පැහැදිලි ප්‍රබල පණිවිඩයයි. එක නීතියක්- එක රටක් නම් භාෂාව සම්බන්ධයෙන්ද අප පිළිපැදිය යුත්තේ ඒ පිළෛවෙතයි.උදාහරණයකට ඉන්දාව සලකමු.
භාෂා විශාල ප්‍රමාණයක් භාවිතා වන ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ ඉන්දියානු නිදහස් අරගලය තුලදී විශාල බලපෑමක් කළ වංග භාෂාවෙනි. ලංකාව සම්බන්ධයෙන් ගතහොත් , මේ පොළවෙන් බිහිව ලෝකයට දායාද කළ එකම භාෂාව සිංහල භාෂාවයි. සැබැවින්ම එය මේ රටේ සියළුම පුරවැසියන්ගේ උරුමයකි. සිංහල භාෂාව ආරක්ෂා කිරීම,වර්ධනය කිරීම සහ ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම මේ මව්බිමට ආදරයක් ඇති සියළු දෙනාගේම අත් හළ නොහැකි යුතුකමකි.වගකීමකි. අප ප්‍රශ්න කළ යුත්තේ ලෝක පූජිත ක්‍රිකක්ට් ක්‍රීඩක දෙමළ ජාතික මුරලිදරන්ට සිංහල භාෂාව ප්‍රශ්නයක් නොවූයේ නම්, කීර්තිමත්ම විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට සිංහල භාෂාව ප්‍රශ්නයක් නොවූයේ නම් ඒ ප්‍රශ්නයක් වන්නේ කාට ද යන්නයි.
දෙමළින් ජාතික ගීය ගයන්නට යෝජනා කරන්නන් එය සාධාරණීකරණය කරන්නට නගන තර්කයක් නම් එය දෙමළ ජනතාව සමග හිත හොඳ වර්ධනය කරගැනීමට රුකුලක් වනු ඇති බවයි. අනෙක් පසින් එය දෙමළෙන් ගායනා කිරීම මගින් නොතේරෙන සිංහලෙන් කියනවාට වඩා ඔවුනට එය තේරුම් ගත හැකි බවයි. නමුත් දැන් වසර ගණනක් තිස්සේ 9 ශ්‍රේණිය දක්වා සිංහල දරුවන්ට දෙමළ භාෂාවත් දෙමළ මාධ්‍යය දරුවන්ට සිංහල භාෂාවත් උගන්වමින් තිබේ.එසේ නම් රටේ 75%ක් භාවිතා කරන භාෂාවෙන් ජාතික ගීය ගායනා කරද්දී එයට දායක විය නොහැක්කේ කාටද? එසේ නොහැකිනම් එහි අරුත කුමක් ද?
ජාතික ගීය දෙමළෙන් ගැයූවාට ලැබුණු උතුරේ වියරු දේශපාලන ප්‍රතිචාරය
සහෘදත්වය වෙනුවෙන් දෙමළෙන් ජාතික ගීය කියන්නට යෝජනා කරන පිරිසි පසුගිය වසර පහ පුරාම අත් දැකි අත්දැකීම් ගැන කියන්නේ කුමක් ද?
අප එකඟ නොවුවත් පසුගිය ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය ගයන්නට ඉඩ දුනි. ඒ වෙනුවෙන් දෙමළ සමාජයෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද? ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරිය වූ එජාප මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය උතුරේ රාජ්‍ය උත්සව වලදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළාය. විග්නේෂ්වරන් උතුරෙන් සියළුම බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්නට යෝජනා කළේය. මේ සහෘදත්වය වෙනුවෙන් ලැබුනු ප්‍රතිචාරයද? එක මවකගේ දරුවන් යන පණිවිඩිය වෙනුවනට ලැබුනේ උඹලා උතුරු නැගෙනහිරින් පලයල්ලා, පන්සල් අකුල ගනිල්ලා යන වියරු ජාතිවාදී ප්‍රතිචාරය නොවේද? එදා 13 වැනි ව්‍යවස්ථාව මෙරටට බලාත්මක කලේ තිබූ බෙදුම්වාදයට පිළිතුරක් ලෙස යැයි කියමිනි.අඩුම තරමේ උතුරු නැගෙනහිර ජීවත් වන්නන් වත් ඒ පිළිතුරු බාරගත්තේ දැන් නැත. එදා මෙදා තුර සහෝහරත්වය වෙනුවෙන් දකුනේ ජනයා දිගුකළ සහෝදරත්වයේ දෑත උතුරේ අන්තවාදී දේශපාලනය විසින් තේරුම් ගත්තේ ඔවුන්ට උරුමයෙන් ලැබිය යුතු අනිවාර්‍යයක් ලෙසයි. එසේ සිතා ඔවුන් ක්‍රියාකල උද්ධච්ච ආකාරය සැබෑ සහෝදරත්වයක් සැබෑ සහෘදත්වයක් නිර්මාණය කිරීමට තිබූ ලොකුම බාධාවයි. 13න් දෙමළ භාෂාව රාජ්යභාෂාව කරද්දී දෙමල ජාතිවාදීන් කළේ කුමක්ද. එවක රජය ලවා 16 වැනි සංශෝධනය හරහා උතුර හා නැගෙනහිර සිංහල භාෂාව භාවිතා කිරීම තහනම් කර දැමීමයි. අද සහජීවනය වෙනුවෙන් ජාතික ගීය කැමති බසකින් ගයන්නට යෝජනා කරන, කවි ගී ලියන, පත්තර පිටු පුරවන කිසිවෙකුත් ඒ ජාතිවාදී දුෂ්ට පිළිවෙත හ්ම්ම් කෙඳිරියක් නැතිව ඉවසූ හැටි පිළිකුල් සහගතය.
එම නිසා දෙමළ ජාතිවාදී දේශපාලනය සතුටු කරන කප්පම් ලබා දීමෙන් නම් මේ රටේ කිසිම ආකාරයක සහජීවනයක් - සහෝදරත්වයක් නිර්මානය කිරීම උගහටය.
සම්බන්ධන්ලාට කප්පම් දී සහජීවනයක් ඇති කළ හැකි ද?

දකුණෙන් දිගුකළ සහජීවනයේ දෑත හපා කමින් දෙමළ දේශපාලනඥායන් පසුගිය කාලය පුරා ක්‍රියා කළේ කෙලෙසද යන්නද විමසා බැලීම වටී.2015න් පසු ආර් සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධූරය ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී දුෂ්ඨ ක්‍රියාවලිකි.කිසිසේත්ම ඒ ඔහු දෙමළ ජාතිකයකු වීම නිසා නම් නොවේ. 2015 ආන්ඩුව නිර්මාණය කිරීමේ එක් පාර්ශවයක් වූයේ ආර් සම්බන්ධන්-සුමන්තිරම් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයයි. ආණ්ඩුව පත්වීමෙන් පසු විපක්ෂනායක බවට ආන්ඩුවෙන්ම යෝජනා කර පත් කරගත්තේ ඒ ආණ්ඩුව පිහිටවීමට උපකාර කළ සම්බන්ධන් මහතාය. මෙය අවම යුක්තිසහගත බවවත් නොරැකි ඒකාධිපති පිළිවෙතකි.ඉන් පසුද සෑම අයවැයකදීම විපක්ෂ නායකවරයා ආණ්ඩුව රැකිමට ඡන්දය දුනි. ආණ්ඩුවට බහුතරය අහිමි වන සෑම අවස්ථාවකදීම විපක්ෂය ඒ අඩුව පුරවා ලීය.
මේ දේශපාලන සහයෝගයට සම්බන්ධන්ලාට සුමන්තිරම්ලාට අනෙක් පසට වරදාන ලැබුණි. විපක්ෂ නායක නිල නිවස ආර් සම්බන්ධන් මහතාගේ බුක්තියට ලියන කැබිනට් පත්‍රිකා අනුමත කලේ ඒ ප්‍රතිඋපකාරය වෙනුවෙනි.සම්බන්ධන් මහතා පමණක් නොව සුමන්තිරම් මන්ත්‍රීවරයාටද වෙනත් කිසිම මන්ත්‍රීවරයෙකුට නොලැබෙන වරප්‍රසාද භුක්ති වින්දේස. අනෙක් මන්ත්‍රීවරු පොලිස් නිළධාරීන් දෙතුන් දෙනෙකුගේ ආරක්ෂාව ලබද්දී සුමන්තිරම් මන්ත්‍රීවරයාට කොමාන්ඩෝ විෂේෂ ආරක්ෂාවක් හිමිවන්නේ ඒ යටතේය.
පසුගියදා හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු නැගෙනහිර අරභයා කළ විශාල වියදම් ප්‍රමාණය ගැන හෙළි කර තිබුණි. ඔහු එහිදි ප්‍රකාශ කර තිබුණේ උතුරට රුපියල් මිලියන ලියන 63000 ප්‍රතිපාදන ලබා දී තිබූ බවයි. එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවා ප්‍රකාශ කර තිබුණේ රජයට පක්ෂව කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මිලියන 300 බැගින් සෑම මන්ත්‍රීවරයෙකුට ලබාදෙන බවයි.
උතුරේ ජනතාවට ත්රස්තවාදයෙන් පසු සිදුවන කරදර වලට පිළිතුර දීම අත්‍යවශ්‍ය කටයුත්තකි. නමුත් ඒ වෙනුවට මේ සිදුකළේ කුමක්ද? ඒ ජනතාව සුවපත් කරනු වෙනුවට තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යාමට උපකාර කරන්න විපක්ෂ නායකවරයා ඇතුළු කල්ලියට වරදාන වරප්‍රසාද දී තම ආණ්ඩුව සුරක්ෂා කර ගැනීමයි .මෙහි මුදල් හා සම්පත් හා භාවිතාව පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අපගේ අදහසයි. ඒ හරහා ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුය. මේ ආණ්ඩුව ද ප්‍රකාශ කර තිබුණේ හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මහතාට ලබාදී තිබූ එම නිවස එතුමාට ජීවත්වීමට ඉඩ දෙන බවයි. ඔහුගේ වයස සහ අද පත්ව ඇති තත්ත්වය සලකා ඔහුට නිවසක් ලබාදීම ගැටලුවක් නැත. නමුත් පාර්ලිමේන්තුව බලය ආරක්ෂා කිරීමේ කප්පමක් ලෙස ලබා දුන් ඒ අයුක්තිසහගත කප්පම සාධාරණීකරණය කළ යුතු නැත.
සම්බන්ධන් මහතාම පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් ඒ ආණ්ඩුවෙන් මෙවැනි කිසිදු වරදක් ඉල්ලා නොසිටි බවයි. එසේ නම් ඔහු තවදුරටත් ඒ නිල නිවාසයේ රැඳී සිටින්නේ ඇයි ? උතුරට නැගෙනහිරට ස්වයං-පාලනයක් ඉල්ලන සම්බන්ධන් මහතාට කොළඹ හතෙන් මන්දිරයක් කුමකටද? ඔහු අද විපක්ෂනායකවරයා නොවුණ බව අමතක නොකළ යුතුය. සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විපක්ෂනායක නිල නිවස වැනි දැවැන්ත සම්පතක් පවරා දීම නොකළ යුතුය යන්න අපගේ අදහසයි.
ගෝටාභය රාජපක්ෂ මහතා සෞහාග්‍යයේ දැක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාව හමුවේ පොරොන්දු වූ ආකාරයට එක රටක් එක නීතියක් ස්ථාපිත කර මේ කප්පම් දේශපාලනයට ඇති ඉඩ වහා අහුරා දැමිය යුතුය. 69 ලක්ෂක් ජනතාවගේ අභිලාෂය එයයි.
(2020-01-31 දින කොළඹදී පැවැති යුතුකම ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවේදී එහි සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පළකළ අදහස් ඇසුරෙනි )
••කැලුම් නිරංජන
[2020-02-04 Aruna පුවත්පතේ පළකළ ලිපියකි ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .