5/18/2018

ලංකාවේ විකල්ප උගත්තු දෙවැනි ලෝක යුද්ධ කාලේ රුසියාවේ හිටියා නම් කියන කතා ටිකක්..

කතෘ:යුතුකම     5/18/2018   No comments

> රට ජාතිය වෙනුවෙන් මිනී මරන, අහිංසක ජර්මානුවන්ගේ හිස් මතට බෝම්බ අතාරින ජාතිවාදී රුසියන් රතු හමුදාව...

> තවත් රටක මිනිස්සු තොග පිටින් මරලා ලේවලින් කිරිබත් උයාගෙන කන නරුම රුසියානු අධිපතිවාදය...

> යුගයක රජයන අදහස් කියන්නේ පාලක පන්තියේ අදහස්... ව්‍යාජ සමාජවාදී රතු සලුවක් පොරව ගත්තු අන්ත දූෂිත ඒකාධිපති පාලක පන්තියේ දෘෂ්ටිවාදය තමයි අද දේශප්‍රේමය ඔස්සේ මිනීමරු ජාතිවාදය, යුධවාදය, මිල්ටරිකරණය දක්වා ගමන් කරලා තියෙන්නේ... මාක්ස්.... අල්තුසර්... ලැකාන්... ෆුකෝ... ඩෙරීඩා....

> නාසිවාදියෝ කියන්නේ පීඩිත පන්තියේ අපේම සගයෝ... නාසි තරුණයෝ ආයුධ ගන්න, ගෑස් කාමර හදන්න බලපාපු හේතු තියනවා. ඒ හේතුවලට විසඳුම් නොදී පලය විනාශ කළාට වැඩක් නෑ.

> අපි කරන්න ඕන නාසිවාදය බිහිවුණු ආර්ථික සමාජ මූලයන්ට විසඳුම දෙන එක මිසක් යුද්ධ කරලා ලේ හලන එක නෙමෙයි.

> ස්ටාලින් දන්නේ නැතුවට මාක්ස් පවා ජාතීන්ගේ වෙන් වීමේ අයිතිය පිළිගත්ත බව. ආර්ය ජාතියට ඒ අයිතිය නැද්ද? අපි ආර්යයන්ගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

> යුද්ධ කරලා කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ සමාජ දේශපාලන ගර්භාෂය තුළ එක හිට්ලර් කෙනෙක් මැරුවට තව හිට්ලර්ලා සිය ගාණක් උපදිනවා. මේකට අවශ්‍ය වෙන්නේ දේශපාලන විසඳුමක්.

> මේ යුද්ධෙන් පස්සේ ඇති වෙන්නේ බැරැක්ක සමාජයක්... රටම මිල්ටරිකරණය වෙලා යුධ උන්මාදයෙන් ගිනි කන වැටෙනවා.

> මිනිස්සුන්ට තමන්ගේ සැබෑ සතුරා අඳුන ගන්න බැරි වුණාම බොරු සතුරෙක් ඕන වෙනවා.

> අද ඒකාධිපති ස්ටාලින් කල්ලිය තමන්ගේ නොහැකියාව වහගන්න ෆැසිස්ට්වාදී නාසිවාදී බිල්ලෙක් මවනවා. හිට්ලර් කියන බිල්ලා පෙන්නලා තමයි මේ ඊනියා සමාජවාදී පාලකයෝ තමන්ට එරෙහි සැබෑ පන්ති බලවේග මර්දනය කරන්නේ...

> යුද්ධාතල්වලින් රටම නිර්වින්දනය වෙලා ඉද්දි හාල්, පොල්, කිරිපිටි, බස් ගාස්තු ඉහළ යනවා.

> ජර්මන් සංහාරයෙන් පසු කවි නොලියවෙනු ඇත.

> ස්ටාලින් හිට්ලර්ට සල්ලි දීලයි යුද්ධෙ දිනුවේ. ඒ නිසා ස්ටාලිනුත් නාසිවාදියෙක්.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions