5/10/2018

රුපියල බාල්දු වීම හා තෙල් මිල

කතෘ:යුතුකම     5/10/2018   No comments

-ආචාර්ය නාලක ගොඩහේවා-
පසුගිය වසර 3 පුරාවට රජයට ජනතාවට දුන් සහනයක් ගැන කතා කරන්නට තිබුනානම් ඒ 2015 දී වත්මන් ආණ්ඩුව විසින් තෙල් මිල පහත හෙලීමය. එසේ කරන්නට හැකි වූයේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විශාල වශයෙන් අඩුවූ නිසාය.

නමුත් අද සිට යලිත් ලංකාව තුල තෙල් මිල ඉහල ගොස් ඇත. රජය පවසන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගිය නිසා ලංකාව තුලද තෙල් මිල ඉහල දැමීමට සිදුව ඇති බවයි.

නමුත් මේ තර්කය සම්පූර්ණයෙන්ම නිවැරදි නැත. මන්ද තවමත් ලංකාව තුල තෙල් මිල ඉහල දැමීමට අවශ්‍ය වන තරමට ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගොස් නැති නිසාය.

පසුගිය කාලයේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විශාල වශයෙන් අඩුවූ විට ලංකා තුල තෙල් මිල අඩුකිරීමද රජය කලේ මහජනතාවට දිය යුතු වාසියෙන් කොටසක් රජය තබාගෙන බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක.

2009 -2014 කාලය පසුගිය අඩ සියවස තුල ලෝකයේ තෙල් මිල ඉහලම අගයක තිබූ කාලයයි. මේ කාලයේ බොර තෙල් බැරලයක් ලෝක වෙළඳ පොලේ අලවි වූයේ ඇමෙරිකානු ඩොලර් 110ක පමන අගයකටය.

නමුත් 2014 අගෝස්තු සිට තෙල් මිල ක්‍රමයෙන් පහලට එන්නට පටන් ගත් අතර එවකට පැවති රජය ඒ අනුව ලංකාව තුල තෙල් මිල පහත දැමීමට කටයුතු කලේය.

උදාහරණයක් ලෙස ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලය ඩොලර් 110 සිට 90 ට අඩුවූ විට පසුගිය රජය ලංකාව තුල පෙට්‍රල් ලීටරය රුපියල් 167 සිට 157 ට අඩු කලේය

බොර තෙල් බැරලය ඩොලර් 90 සිට ඩොලර් 70 ට අඩුවූ විට පසුගිය රජය පෙට්‍රල් ලීටරය රුපියල් 157 සිට 150 ට අඩු කලේය

2015 ජනවාරී මාසයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලා ඉතා විශාල ප්‍රමාණයකින් පහත වැටුනි. ඒ බැරලය ඩොලර් 70 සිට ඩොලර් 46 දක්වාය. ඒ වන විට පත්ව සිටි නව රජය පෙට්‍රල් ලීටරය රුපියල් 150 සිට 117 ට අඩු කලේය

කොටින්ම කියනවා නම ලෝක වෙළඳපොලේ මිල 35% පමන අඩුවන විට රජය ජනතාවගේ තෙල් මිල අඩුකලේ 22% කින් පමනි.

පසුගිය රජය සමයේ ලෝක වෙලඳ පොලේ තෙල් මිල වත්මන් අගයට සමීපව පැවති සෑම අවස්ථාවකම පසුගිය රජය ජනතාවට තෙල් දුන්නේ වත්මන් රජයට වඩා අඩු මිලකටය.

උදාහරණයක් ලෙස අපි පෙට්‍රල් මිළ ගනිමු
  • 2004 ඔක්තොබර් තෙල් බැරලයක් $ 50 විට පෙට්‍රල් ලීටරය රුපියල් 70 
  • 2005 ජූනි තෙල් බැරලයක් $ 55 විට පෙට්‍රල් ලීටරය රුපියල් 80 
  • 2006 දෙසැම්බර් තෙල් බැරලයක් $ 65 විට පෙට්‍රල් ලීටරය රුපියල් 92 
  • 2009 දෙසැම්බර් තෙල් බැරලයක් $ 85 විට පෙට්‍රල් ලීටරය රුපියල් 115

එසේ නම් 2015 දෙසැම්බර් තෙල් බැරලයක් $ 46 වූ විට පෙට්‍රල් ලීටරය රුපියල් 70 ට අඩුවෙන් දිය යුතුව තිබුනි. නමුත් වත්මන් රජය රුපියල් 117 ක් පාරිභෝගිකයින්ගෙන් අය කලේය.

වර්ථ්මානයේ ලෝක වෙලඳපොලේ තෙල් මිලේ උච්ඡාවචනය $ 70-$ 80 අතර වේ. ඒ නිසා පසුගිය රජයේ පූර්වාදර්ශය අනුව ලංකාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 110 ට වඩා වැඩි විය නොහැක.

එසේ නම් පෙට්‍රල් ලීටරය රුපියල් 117 සිට 137 ට ඉහල දම්මේ ඇයි ?

"රුපියල බාල්දු වීමේ ප්‍රතිවිපාක දැන් ඔබට පෙනෙනවාද?" කියා ජනතාව අර මඩ වගුරක් සිට තප්පුලන අහවල් ආර්ථික ඔස්තාර් ගොය්යාගෙන් ඇසිය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions