පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබද රන්ජන් අමරරත්නගේ විචාරය - 2018.5.9 දිනමිණ - කටගැස්ම
අපේ කාලයේ ඇත්ත කතාවක්
මේ කතාව ආරම්භ වන්නේ අනාගත තරුණ පරපුර පිළිබඳ අවස්ථා නිරූපණයකින්ය. එය උපකල්පනයකි. මෙයින් වසර දහයක් මතු මත්තෙහි එළැඹෙන අසූවන නිදහස් සමරුව එහි කාලනීර්ණය ලෙස පවතී. 2028 වර්ෂයෙහි මුල් කාර්තුවේ දිනෙක 'පෙරටු රළ' නම් සමාජ සංවිධානයෙහි සාමාජික - සාමාජිකාවෝ බරපතළ සාකච්ඡාවක නිරත වෙති. ඔවුන්ගේ මුළු අවධානය යොමු වී ඇත්තේ සංවිධානය විසින් පවත්වනු ලබන සමුළුවක් කෙරෙහි ය. මේ සංවාදයට සංවිධානයේ ක්‍රියාධරයෝ මෙන් ම උපදේශකයෝ ද එක්වෙති. තරුණ ක්‍රියාධරයෝ වර්තමානය නිරූපණය කරති. වැඩිහිටි උපදේශකයෝ අතීතය නිරූපණය කරති. එතැනින් කතාවට අවශ්‍ය වස්තුබීජය හා සන්දර්භය උපදී.
තෝරාගත් කාලපරාසයක දේශපාලනය, කලාව, සාහිත්‍යය හා සමාජ විපරිණාමය තරුණ ජීවිත කෙරෙහි බලපාන ආකාරය විවරණය කිරීමට කතුවරයා වෑයම් කරයි. කාල පරාසය අසූව දසකයේ සිට 2028 දක්වා ව්‍යාප්ත වෙයි. එහිලා අතීතයේ සත්‍ය - සිදුවීම් ද, එම සත්‍ය - සිදුවීම් පාදක කරගත් අනාගත උපකල්පනද කතුවරයාගේ විමසුමට ලක් වෙයි. සමස්ත කෘතිය රචනා වී ඇත්තේ විවෘතභාවයකින් යුතුවය. හෘද සාක්ෂියට එකඟ විවේචන, අත්වැරැදීම් මෙන් ම, පෞද්ගලික අත්දැකීම් ද නිදහස් ලෙස නිරූපණය කර තිබීම ප්‍රබන්ධයේ ඇති විශේෂ ලක්ෂණයකි.
ඉසුරු ප්‍රසංග මහතා රචනා කර ඇති මේ නවකතාව , 'ප්‍රේමතෝ ජායතී අසෝකෝ' ලෙසින් නම් කර තිබේ. පිටු 409 ක් පුරාවට විකාශය වන වෘත්තාන්තය තරමක් දීර්ඝ නවකතාවකි. මේ කාලයේ ප්‍රවණතාව කෙටි නවකතා රචනය වුව, කතුවරයා එය නොසලකා සම්ප්‍රදායට එරෙහි වෙයි. නවකතාවේ සිරස පවා සම්ප්‍රදායට එරෙහි එකකි. ප්‍රේමය විසින් ශෝකය උපදවනු ලබන්නේ යැයි කියන'මුත් කතුවරයා එය කණපිට පෙරළා ප්‍රේමය ප්‍රීතිය නැතහොත්, වින්දනය උපදවන බව තහවුරු කරන්නට යයි. කතාව නීරස නැත. පාඨක ආකර්ෂණය දිගට ම රඳවාගත හැකි සිදුවීම් පෙළක් හා වේගවත් ආඛ්‍යාන ශෛලියක් ප්‍රබන්ධයෙහි පවතී.
කතාවෙන් මතුවන ප්‍රධාන සමාජ සංවාදය තවත් උප සංවාද කිහිපයක් ඔස්සේ විග්‍රහ කර ගත හැකි ය.
i. අයාලේ යන තරුණ පරම්පරාව
ii. අප අත්විඳින මජර දේශපාලනය
iii. වින්දනාත්මක විෂයයන්හි ප්‍රවණතා
iv. අනාගත තරුණයා පිළිබඳ උපකල්පනය
ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු තරුණ කොට්ඨාස ලෝක තරුණ සංවාදයේ දී කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටිති. දිළිඳුකම කේන්ද්‍රකොටගත් ගැටලු සමූහයක් මේ කොට්ඨාස කෙරෙහි බලපාන බව ද, එම සන්දර්භයෙහි කලාපවලට අනන්‍ය වූ ලක්ෂණ වෙන ම පවතින බව ද අධ්‍යයනවලින් හෙළිදරව් වී තිබේ. මෙහිලා විග්‍රහ වන දිළිඳුකමෙහි ස්වරූප දෙකක් පවතී. පළමුවන්න තරුණ නිපුණතා භාවිතයට ගත හැකි වැඩසටහන්, සැලැසුම් හා ප්‍රතිපත්ති අදාළ රාජ්‍යයන්හි නොමැති බව ය. දෙවන්න තරුණ පරම්පරාවට යුක්තිය හා සාධාරණත්වය අදාළ රාජ්‍ය තුළදී ඉටු වී නැති බව ය.
ශ්‍රී ලංකාවේ අත්දැකීම් ගතහොත්, තරුණ අසහනය යනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ එය සාකච්ඡා වී ඇත. 1989 හෝ ඊට ආසන්න කාලයක පිහිටුවන ලද තරුණ කොමිසමට සාක්ෂි ලබා දුන් තරුණයන්ගේ වාර්තාවලින්, මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි වෙයි. කැරැල්ලට සම්බන්ධ වූ එක්තරා ගැමි තරුණයෙක් කොමිසමට කියා තිබුණේ 'අප කැරලි ගසන්නේ මන්දැ'යි සෙවීමට පෙර කුරුඳුවත්තේ දරුවන් කැරලි නො ගසන්නේ ඇයිදැ'යි සොයා බලනු යන්න ය. අපේ තරුණ අසහනයේ එක් පැතිකඩක් ඉන් විවරණය කෙරේ.
තරුණ පරම්පරාව හඳුන්වා දීම සඳහා විශේෂ යෙදුම් කිහිපයක් පවතී. අයාලේ යන තරුණයා, නන්නත්තාර තරුණයා, කැරලිකාර තරුණයා ඒ අතර වඩාත් ප්‍රචලිත ය. මේ සඳහා යොදන ශාස්ත්‍රීය යෙදුමක් ද තිබේ. එනම්; බොහීමියානු තරුණයා යන්න ය. බොහීමියන් යන්නෙන් ප්‍රධාන අදහස් දෙකක් ගම්‍ය වෙයි. එක; බොහීමියන් වාසී තරුණයා යන අර්ථය යි. අනෙක සිරිත් - විරිත් හා සම්ප්‍රදාය පිටුදකින තරුණයා යන අර්ථය යි. ශ්‍රී ලංකාව වැනි රටවල තරුණයාට ගැළපෙන හා පිළිගත හැකි සම්ප්‍රදායයක් දකින්නට නැත. එබැවින් ඔවුන්ගේ කැරලිකාර ස්වභාවය උත්සන්න වී තිබේ.
රචකයා මේ තරුණ පරම්පරාව නියෝජනය කරමින් දේශපාලනය, ප්‍රේමය හා ජීවිතය ගැන කේන්ද්‍රීය සිද්ධි ගණනාවක් පෙළගස්වයි. උසස් පෙළ හදාරණ ශිෂ්‍ය පරම්පරාව, විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා හා තරුණ සමාජ ක්‍රියාධරයා යනුවෙන් භූමිකා ගණනාවක් කතුවරයා විසින් ස්පර්ශ කරනු ලැබේ. මෙහිලා ඔහු ගොඩනඟන ප්‍රධාන තර්ක දෙකක් පවතී. එක; තරුණයන්ගේ සැබෑ අරමුණු ජය ගත හැකි දේශපාලන ධාරාවක් අපට නැති බව ය. දෙක; මහ පොළොවෙහි ඇත්ත පදනම් කරගත් එබඳු ව්‍යාපාරයක් මතුවට බිහිවිය යුතු බව ය.
තරුණ ප්‍රේමය නිරූපණයේදී චමත්කාරයට මුල් තැන දීමට කතුවරයා උත්සුක වී ඇත. චමෝ නංගාගේ ප්‍රේමයේ සිට දැහැමිගේ ස්නේහය දක්වා ස්ත්‍රීන් ගණනාවක් ඇසුරු කිරීමට කථකයා පෙලඹෙයි. ඒවා ස්වාභාවික සිදුවීම් ලෙස දක්වා ඇත. චමෝ නංගා, අනුරාධා, නිම්මි, ශාක්‍යා, නර්මදා, එරන්දි, දැහැමි යන අය පෙම්වතියෝ අතර සිටිති. ප්‍රේමය යනු කුමක් ද? එහි ලිංගික පාර්ශ්වය කෙබඳු ආස්ථානයක පවතී ද? යන ගැටලු ද මෙහි දී සාකච්ඡාවට ගැනෙයි. තරුණ ආදරය පිළිබඳ ඇතැම් නිරූපණවල ජීවිතය වටහා ගැනීමට අවශ්‍ය ඉඟි පවතී.
'නිම්මිට කලින් මගෙ හිත ගියේ නිම්මිගේ සෙරෙප්පු දෙකට'
(04 පරිච්ඡේදය; 73 පිටුව)
මිනිස් හැඟීම් පිළිබඳ ගැඹුරු අරුතක් මේ සංවාදයෙන් එළියට පනී. එය මනෝ විශ්ලේෂණය ඔස්සේ වඩාත් ගැඹුරින් විග්‍රහ කළ හැකි ය. එබඳු සංවාද, විවරණ හා විචාර කෘතිය පුරා ම දකින්නට ලැබේ.
දේශපාලනයේ දී දැඩි විවෘතභාවයක් අනුගමනය කිරීමට ද, අවශ්‍ය අවස්ථාවලදී තාර්කික විවේචන ඉදිරිපත් කිරීමට ද කතුවරයා උනන්දු වෙයි. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ පවා කතුවරයාගේ නිර්දය විවේචනයට ලක් වෙයි. යුද්ධය, ජාතිවාදය, ජාතිකවාදය පිළිබඳ සත්‍ය තොරතුරු කෘතියට ඇතුළත් ය. මේ හැරෙන්නට ඇත්ත චරිත කතාවේ භූමිකා බවට පත් කරගෙන තිබේ. විමල් වීරවංශ, මහාචාර්ය නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර ඉන් චරිත කිහිපයකි. මේ නවකතාව දේශපාලන විවරණයක් සහිත ප්‍රබන්ධයක් ලෙස ද සැලැකිය හැකි ය. අපේ ප්‍රධාන දේශපාලන ධාරාවලට රටේ ප්‍රශ්න හා තරුණ ගැටලු විසැඳිය නොහැකි බවක් ද; මේවා හුදු බල අරගලය සහිත අගතිගාමී ව්‍යාපාර බවක් ද කෘතිය අපට පැහැදිලි කරයි.
'මට උපාධිය නැති වුණා. මාලතී නැති වුණා. දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාළුවන්ගෙන් මම ඈත්වුණා. දැන් පක්ෂ සංවිධායකකමත් නැති වුණොත්, මම අක්මුල් සේරම ගලවගත්ත නිකම් ම නිකම් මිනිහෙක් විතරයි. ඇත්තට ම කිව්වොත් මම තාම දේශපාලනේ කරන්නෙ මට දැන් පක්ෂෙ අතෑරල ගිහින් පය ගහන්න තැනක් නැති නිසා'
(13 පරිච්ඡේදය; 259 පිටුව)
මේ සංවාදය කෙනකුගේ විවේචනයට ලක්විය හැකි ය. ඊට ප්‍රති-තර්කයක් ගොඩනඟන අය ද සිටින්නට පුළුවන. එහෙත්, ජවිපෙ දේශපාලනයෙහිලා අත්විඳිය හැකි එක්තරා සත්‍යයක් ඉහත සංවාදයෙන් මතුවෙයි. එය අවධානයට ලක්විය යුතු කාරණයකි. වාමවාදී රැඩිකල් දේශපාලන ධාරාවක් සහිත පක්ෂයක් ලිබරල් ආර්ථිකය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ කෙසේ ද? උභතෝකෝටික ගැටලුවක් අප ඉදිරියෙහි පවතී. කතුවරයා ද එම ගැටලුව මතු කරයි.
ඉසුරු ප්‍රසංග මහතා තමන්ගේ සියලු සංවාද ගොඩනඟන්නේ එක් වැදගත් සාධකයක් පෙරටුකරගෙන ය. එහි මාතෘකාව අනාගත තරුණයා යැයි කියන්නට පුළුවන. අනාගත තරුණයා කෙබඳු තැනැත්තකු විය හැකි ද යන ගැටලුව ඔහු පාඨකයා හමුවේ තබයි. ඔහු තාක්ෂණික ඥානයෙන් පොහොසත්, දැනුමැ'ති, නිදහස් හා විචාරශීලී පුද්ගලයකු වීම කතුවරයාගේ සිහිනය බව පෙනී යයි. අයාලේ යන ප්‍රධාන චරිතය යම් ජයග්‍රාහී ස්ථානයකට ගෙන ඒමට කතුවරයා සමත් වෙයි. අවසන් කාලය වන විට රවිඳු යනු බෙහෙවින් පරිණත ස්වාධීන මිනිසෙකි. ඔහු අනාගත තරුණ පරම්පරාවට උපදේශන ලබාදිය හැකි තැනෙක සිටී.
අනාගත තරුණයා යන්න විවාදාපන්න මාතෘකාවකි. එය පැතිකඩ ගණනාවක් ඔස්සේ සංවාදයට ලක්කළ යුතු පුළුල් විෂයයක් ලෙස ද හඳුනාගත හැකි ය. මේ සම්බන්ධයෙන් ලෝක මට්ටමේ සමුළු හා සම්මන්ත්‍රණ පවත්වා තිබේ. ඒවායින් මතුවන වැදගත් ම සාධකයක් වන්නේ, තරුණ පරම්පරාව දේශීය වශයෙන්, කලාපීය වශයෙන් පමණක් නො ව; ලෝක මට්ටමෙන් ද සංවිධානගත විය යුතු බව ය. ඉසුරු ප්‍රසංග මහතා ද එම මතය පිළිගන්නා බවක් පෙනෙයි. 'පෙරටු රළ' නමින් කතාවේ එන සමාජ සංවිධානය එබන්දක් විය හැකි ය.
සරල තර්කනයකට ගියහොත්; අනාගත තරුණයා ලෝකය සමඟ අර්ථාන්විත ගනුදෙනුවකට යා යුතු කෙනකු විය යුතු ය යන්න බැහැර කළ නො හැකි ය. එම ඉඟිය කතුවරයා ද මතු කරයි. කතාවේ ආරම්භය සටහන් වන්නේ එබඳු තරුණ සංවිධානයක් පිළිබඳ කතිකාවකින් ය. එම කතිකාව ද, එහි එන සමාජ සංවිධානය ද විවාදයට ලක්විය හැකි ය. එහෙත් කතුවරයා මතු කරන ප්‍රධාන සාධකය වූ අලුත් තරුණ සංවිධානය ප්‍රතික්ෂේප කළ නො හැකි කාරණයක් සේ පවතී.
ප්‍රබන්ධ කථාවක් හැටියට ගත් විට එය ඉතා රසවත් ය. උණුසුම් සිදුවීම්වලින් සමන්විත ය. එක අතෙකින් එය ආත්ම කථනයක් ලෙස ද හැඳින්විය හැකි ය. කෘතියට ඇතුළත් සත්‍ය සිදුවීම් හා ප්‍රකාශන පාඨකයාට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. නිදසුනක් ගතහොත්, විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට ගනු ලබන තීරණය පිළිබඳ රහස්‍ය සාධක කිහිපයක් කෘතියට ඇතුළත් ය. ඒ අතින් බලන විට දේශපාලනයට සම්බන්ධ ඓතිහාසික කෘතියක් ලෙස ද මේ පොතට වැදගත්කමක් ලැබේ.
1949 දී රචනා වූ 'තියරි ඔෆ් ලිට්රච' නම් කෘතියෙහි සඳහන් වන අන්දමට, ප්‍රබන්ධ කතාවෙන් ඇත්ත ජීවිතය හා ඇත්ත සමාජ සිදුවීම් ගෙන හැර දැක්වීම ඉතා වැදගත් ය. හෙමින් වේ වැනි අමෙරිකන් ලේඛකයෝ මේ සාධකය හොඳින් භාවිත කළහ. නූතන ප්‍රබන්ධ කථාවෙන් ද එය උගුලා දැමිය නො හැකි ය. ඉසුරු ප්‍රසංග මහතා මුල මැද අග සහිත වටකුරු කතාන්දරයක් ඉදිරිපත් නොකරන අතර, ඔහු අවස්ථා හා සිද්ධි නිරූපණයට මුල් තැන ලබා දෙයි. මෙහිලා ඔහු යොදාගනු ලබන උපාය මාර්ග කිහිපයක් ද තිබේ.
i. ආත්මීය සංවාද
ii. විදේශීය සංචාර
iii. ලිපි හුවමාරුව
iv. පුද්ගල සංවාද
v. කථකයාගේ කාව්‍ය රචනා
ආත්මීය සංවාද යොදාගෙන ඇත්තේ නිදහස් ලෙස ද, විවේචනාත්මක ලෙස ද ඇතැම් කරුණු දැක්වීම සඳහා ය. ඇතැම් ලිපියකින් චමත්කාරය මතුවෙයි. තවත් ලිපියකින් දේශපාලන විවේචන ඉදිරිපත් වෙයි. කථකයා විදේශ සංචාරවලට එකතු වෙමින්, අපේ ලෝක දැනුම තියුණු කරයි. පුද්ගල සංවාද යොදාගෙන ඇත්තේ සිදුවීම් විස්තාරණයට ය. කවිවලින් හැඟීම් උද්දීපණය කරයි.
භාෂාව අවස්ථාවෝචිතව හසුරුවා ගැනීමේ බුහුටිකමක් කතුවරයාට තිබේ. ඔහු සිය වෘත්තාන්තය ගෙත්තම් කිරීම සඳහා කථනයට නැඹුරු හෘදයාංගම භාෂා රටාවක් යොදා ගනී. ඒ අතර ඇති අපූරු යෙදුම් කිහිපයක් තව ම අප මතකයේ රැඳී පවතී.
'ඒකෙන් පුළුවන් මූදට දෙහි මිරිකන්න විතරයි'
(පිටුව -182)
'මුළු කොළඹ නගරෙම බීජිංවලට ගෙනිච්චොත් පොල් කට්ටකින් වහල තියන්න පුළුවන්'
(පිටුව - 186)
කතුවරයාගේ පුවත්පත් කලාව හා මේ ප්‍රබන්ධය අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කරන විට එමිල් සෝලා වැනි ලෝක ප්‍රකට ප්‍රබන්ධ කතාකරුවකු සිහියට නැගේ. එමිල් සෝලා ද පුවත්පත් කලාවේ අත්දැකීම් හා නිපුණතා නවකතාව සඳහා යොදාගෙන ඇත්තේ සමාජ අරගලය ද ඊට සම්බන්ධ කරගනිමින් ය. මේ කතාවේ දුර්වලතා දෙකක් ද පවතී. එක; සංස්කරණය කෙරෙහි උනන්දු නො වීම ය. දෙක; සූක්ෂ්ම නිරූපණ කෙරෙහි නැඹුරු නො වීම ය. කෙසේ වුව 'ප්‍රේමතෝ ජායතී අසෝකෝ' යනු වැදගත් ප්‍රබන්ධයකි.
රන්ජන් අමරරත්න - 2018.5.9 දිණමින - කටගැස්ම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .