5/06/2018

ප්‍රභාකරන් සමග සැඟවී නැටීම සහ සුමන්තිරන් සමග එළියේ නැටීම

කතෘ:යුතුකම     5/06/2018   No comments



ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි. ජාතිවාදී සිංහලයාට එරෙහිව දෙමළා සමඟ කෙලින් හිටගැනීම සමාජවාදය සඳහා මෙතෙක් නොතිබූ එකම සුදුසුකම සම්පූර්ණ කර ගැනීමකි. මේ ඔස්සේ ජවිපෙට අත්වන කඩිනම් ජයග්‍රහණ මින් මතු අපටද හිනාවෙමින් රස විඳිය හැකි වනු ඇත.

දෙමළ මුස්ලිම් ජනතාව සමඟ කවුරුන් හෝ දේශපාලනය කිරීමේ වරදක් නැත. එහෙත් දෙමළ ජනතාව හා දෙමළ ජාතිවාදය යනු එකක් නොව දෙකකි. දෙමළ ජනතාවගෙන් ඡන්ද සීයක්වත් ලබාගත නොහැකි ජනතා විමුක්ති පෙරමුණ මේ සිටගෙන ඇත්තේ ජනතාව සමඟ නොව දෙමළ ජාතිවාදය සමඟය. දෙමළ, සිංහල, මුස්ලිම් කිසිදු ජාතියක් අතර සාමාජිකයන් දහයක්වත් නැති වික්‍රමබාහු වැනි බොහෝ වම්මුන්ගේ අවසාන නවාතැන වූයේද එතැනය. ජවිපෙ ෆේස්බුක් නොදරුවන්ට මෙය අලුත්ම මැජික් එකක් වුවද ජවිපෙ දෙමළ ජාතිවාදයට ගොදුරු වූයේ අද ඊයේ නොව මීට දශකයකට පමණ පෙරාතුවය. ඔවුන් එදා කෙලින් සිට ගත්තේ සුමන්තිරන් සමඟ නොව මිනීමරු ප්‍රභාකරන් සමඟය. එය මෙලෙස එළිපිට සිදුකළ සිටගැනීමක් නොවුණද ප්‍රභාකරන්ට අවශ්‍ය පීල්ලට මාරුවී විහින් වැනසීමට ජවිපෙ කටයුතු කළේ බොහෝ කාලයකට පෙර සිටය. පහත කෙටියෙන් පෙළ ගස්වා ඇත්තේ ඒ පිළිබඳ ඛේදනීය මතකයෙන් බිංදු මාත්‍රයක් පමණි.

>යුද්ධයේ තීරණාත්මක අවස්ථාවලදී වැඩ වර්ජන පැවැත්වීම ඇතුළු හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඔස්සේ දිගින් දිගටම ආණ්ඩු පෙරළීමට උත්සාහ ගැනීම.

>යුද්ධයේ තීරණාත්මක සමයක් වූ 2008 අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පෙරළා රනිල් බලයට ගෙන ඒමට ගත් ද්‍රෝහී උත්සාහය.

>ජාතික දැක්මක් සහිත සටන් පාඨ අතහැර බෙදුම්වාදයට අවශ්‍ය එන්ජීඕ සටන් පාඨ වෙත මාරුවීම.

>දිගින් දිගටම ගල් පැලෙන බොරු ගොතමින් මහින්ද කිසිදා යුද්ධය නිමා නොකරන බවට මතයක් සමාජගත කිරීම.

>යුද්ධයේ අවසාන දින කීපය තුළ බර අවි ප්‍රහාර නතර කිරීම පවා යුද්ධය නතර කිරීමක් බව පවසමින් රට පුරා අත් පත්‍රිකා බෙදා හැරීම.

>යුද්ධයෙන් පසු එහි දේශපාලන නායකත්වය පිළිබඳ කිසිදු සඳහනකින් තොරව රණවිරුවන්ට පමණක් ස්තුති කරමින් පෝස්ටරයක් ඇලවීම.

>යුද්ධයෙන් පසු දීප්ති කුමාර, ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි වැනි බෙදුම්වාදී විකල්ප පුස්සන් යොදා ගනිමින් ලංකා පුවත්පත හරහා දිගින් දිගටම යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක්කිරීම.

>රටට සාමය උදාකළ නායකයා තම ප්‍රධාන සතුරා බවට පත් කරගනිමින්, බෙදුම්වාදී රනිල්ට රට ගොදුරු කිරීම සඳහා වසර කීපයක් පුරා දියත් කළ ගොබෙල්ස් මෙහෙයුම.

>ආණ්ඩුවේම කොටස්කරුවන් වන දෙමළ ජාතිවාදීන්ට විපක්ෂ නායක ධුරය හිමිකර දීම.

>යහපාලනය යටතේ හිස ඔසවන දෙමළ ජාතිවාදය, උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා, රණවිරු දඩයම, ආදිය පිළිබඳ කෙළ පොදක් බිම නොහෙලීම.

>ඊනියා අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීම.

>ත්‍රස්තවාදය පරාජය කිරීම ලෝකයේ සිදුවූ ලොකුම අපරාධය ලෙස සලකන අන්ත ජාතිවාදී සිවල් සමාජ තක්කඩියන් තම මැතිවරණ ප්‍රවර්ධකයන් බවට පත් කරගැනීම.

>රනිල්ගේ විනාශකාරී බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා සිදුකළ සුවිශාල මැදිහත් වීම.

>ව්‍යවස්ථා ප්‍රයත්නය අසාර්ථක වූ පසු ඊනියා විධායක විරෝධයක් හරහා බෙදුම්වාදයට අවශ්‍ය මාවත එළිකරදීම සඳහා ගනිමින් සිටින නින්දිත උත්සාහය.

විස්තරාත්මකව කියන්නේ නම් තව කිවහැකි දේ අති මහත්ය. ඒ අනුව ජවිපෙ අලුතින් සිදුකරගත් විප්ලවයක් නැත. මිනීමරු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය තුරුලේ විප්ලව සිහින දකින්නට ගිය වාමාංශිකයන්ට කාටත් අත්වන ජයග්‍රහණය ඔවුන්ට දැනටමත් අත්වී හමාරය. පෙරටුගාමීන් පුස්සන්ට නම් ඒ ජයග්‍රහණය ඉස්මුරුත්තාවද ඉක්මවා ගොස් තිබේ. දිවි හිමියෙන් දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියද, මෙරට වාමාංශිකයන්ට එයින් දිනාගත හැකි කිසිදු ඉටි ගෙඩියක් නැත. දෙමළ ජාතිවාදීන්ට වම්මුන් යනු තම බෙදුම්වාදී හොද්ද රසවත් කරගැනීම සඳහා ඇති අසරණ කරපිංචා නැට්ටක් පමණි. කරපිංචා නැට්ටට හිමි තැනට වඩා වැඩි යමක් ඔවුන්ට ජාතිවාදීන් වෙතින්වත් හිමි වන්නේ නැත. අඩුම තරමේ දෙමළ මුස්ලිම් ඡන්ද දෙතුන් සීයක් හෝ දිනා ගැනීම ඔවුන්ට තව කල්පයකින්වත් කළ නොහැක්කකි. ජවිපෙට දැන් තියන ඡන්ද ලක්ෂ පහ හෝ හිමිවන්නේ ගෝත්‍රවාදී යැයි කියන, ජාතිවාදී යැයි කියන සිංහලයා නිසාය. අන්ජාන් උම්මා වැනි ජවිපෙ මුස්ලිම් මන්ත්‍රීවරියන් එදා පාර්ලිමේන්තු ගියේද ඊනියා මුස්ලිම් සහෝදරත්වයක් නිසා නොව සිංහලයන්ගේ ඡන්ද නිසාය. ඇගේ ගමේ ඇගේ ළඟම මුස්ලිම් නෑදෑයන්වත් ගසට මිස අන්ජාන් උම්මාට ඡන්දය දුන්නේ නැත.

දෙමළ ජාතිවාදයේ ආශිර්වාදය ජයග්‍රහණයක් ලෙස ජවිපෙ වත්මන් ඇච්චන් අර්ථ දක්වන්නේ නම් ඔවුන්ට ඒ ජය හිමිවී දැන් බොහෝ කල්ය. තිස් නමයක් ලෙස තිබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වසර හයක් තුළ හතර දක්වා වර්ධනය වීමද ඒ ජයග්‍රහණයේ එක් ප්‍රතිඵලයකි. එක් අතකින් ජවිපෙ මෙසේ කිරීම රටට හොඳය. හැංගි හැංගි ප්‍රභාකරන් සමඟ එකට සිට ගැනීමට වඩා සුමන්තිරන් සමඟ එළියේ නැටීම රටේ වාසනාවකි. ඒ ඊනියා දූෂණ විරෝධයට රැවටී ජවිපෙට ලබාදෙන ජන්ද ලක්ෂ පහ ඉදිරියේදී තව සීයට පනහකින් පහළ දැමීමට ඔවුන්ගේ නවතම ක්‍රියාමාර්ග නිසැක හේතුවක් වන නිසාය.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions