"මේක නීති විරෝධී ආණ්ඩුවක්."
රට පාලනය කරන ව්‍යවස්ථාදායක සභාවත් අසාධාරණයි , අයුක්තිසහගතයි
-ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා/
------------------------------------
ජාතික ආණ්ඩුවක් යන්න 19වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති අකාරය අනුව වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑම නීති විරෝධී බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.
යුතුකම සංවාද කවය විසින් මැයි 22 දා සංවිධානය කරන ලද "රට අස්ථාවරයි - ජනතාව අසරණයි.විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු " මැයෙන් වූ සම්මන්ත්‍රණයේ මුලසුනේ මුඛ්‍ය දේශනය සිදු කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වා ගනිමින් ජාතික ආණ්ඩුවට අනුරූප වන පරිදි ඇමතිවරු ගනන ආදිය තීරනය කරමින් පවත්වාගෙන යන මේ ආණ්ඩුව නීති විරෝධී බැවින් වහාම මෙය පෙරළා ජනතා අභිලාශයන්ට අනුරූප ආණ්ඩුවක් බිහි කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම 19 වන සංශෝධනය යටතේ නිර්මාණය කළ ව්‍යවස්ථාදායක සභාවද අයුක්ති සහගත , අසාධාරණ පාලන ව්‍යුහයක් බව පෙන්වා දෙන ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා ඒ හරහා රටෙන්ම චන්දයෙන් පත් වන විධායක ජනාධිපතිවරයා ඉක්මවා දිස්ත්‍රික්ක දෙකක චන්දයෙන් පත් වන අගමැතිවරයා හා විපක්ෂනායක වරයා විසින් රටේ වැදගත් තීරණ සියල්ලම ගන්නා තත්වයට පත්ව ඇතැයි පෙන්වා දෙයි.
ව්‍යවස්ථාදායක සභාවේ සාතිශය බහුතරය විපක්ෂනායකවරයා හා අගමැතිවරයා විසින් පත් කිරීම හරහා මේ තත්වය නිර්මාණය වී ඇති බවත් වහාම මේ විකෘති ව්‍යුහය වෙනස් කළ යුතු යැයිද අවධාරණය කලේය.
මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්,
-සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .