5/23/2018

මේ පාපතර ආණ්ඩුව ගෙදර යවමු ! - ඇල්ලේ ගුණවංශ නාහිමි

කතෘ:යුතුකම     5/23/2018   No comments


මේ පාපතර ආණ්ඩුව ගෙදර යවමු !
මව්බිමේ - බුද්ධ චීවරයේ - අපේ කමේ සුවඳ හඳුනන පාලනයක් හදමු !

-ඇල්ලේ ගුණවංශ නාහිමි

මේ පොළවේ සුවඳ නොහඳුනන වත්මන් පාලකයන් විසින් අද වන සිට සියලු අංශයන්ගෙන්ම රට අගාධයට හෙළා අවසන් අතර මේ උවදුරෙන් රට මුදවාගැනීමට සියළු දේශමාමක ජනයා එක්ව පෙරට පැමිණිය යුතුයැයි ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවසූහ.

යුතුකම සංවාද කවය විසින් ඊයේ (22) සංවිධානය කරන ලද "රට අස්ථාවරයි - ජනතාව අසරණයි.විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු " මැයෙන් වූ සම්මන්ත්‍රණයේ මුලසුනේ මුඛ්‍ය දේශනය සිදු කරමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.

බුද්ධ චීවරය දැරූ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට අවමන් කරමින් , නින්දා කරමින් , සිර ගත කරමින් ආණ්ඩුව ගමන් කරමින් සිටින මේ පාපතර ගමන නොදැක්කා සේ සිටීම හරහා ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් නිදහස් විය නොහැකි බවද උන් වහන්සේ අවධාරණය කළහ.
ගහේ කොළේ වෙලේ පැලේ ඉපනැල්ලේ සුවඳ හඳුනන මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැන් සිටින්නේ ඒ හරයන් කිසිවක් නොහඳුනන කල්ලියක් සමග බැවින් ඔහුටද දැන් මේවායේ අගය නොපෙනෙනවාදැයි උන් වහන්සේ ප්‍රශ්න කළහ.

මේ පාපයන්ගෙන් නිදහස් වීමට ජනාධිපතිවරයා තවමත් ප්‍රමාද නැතැයි පැවසූ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ මේ තිරශ්චීන පාලනය පෙරළා ජාතියට උවමනා පරිදි වැඩකරන පාලකයෙකු පත් කරගැනීමට පෙරට එන්න යැයි
භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියහ.

ඇල්ලේ ගුණවංශ නාහිමියන් පැවැත්වූ සම්පූර්ණ අනුශාශනාව පහත සබැඳියෙන්.

සටහන : යටියන ප්‍රදීප් කුමාර


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions