- වසන්ත දේවසිරි -
බණ්ඩාරනායක මහතා මෙරට නූතන දේශපාලනය තුළ බිහි වූ ප්‍රථම ජනතා නායකයා ය. 1956 දී එතුමා විසින් නායකත්වය දෙන ලද පොදු ජන ව්‍යාපාරය මෙරට බමුණු කුලයට එරෙහිව කරණ ලද සංස්කෘතික විප්ලවයක් ලෙසටය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන්නේ. මෙය 1816 සිටම අධිරාජ්‍යවාදයට එරෙහිව මෙරට පොදු ජනතාව විසින් කරගෙන ආ අඛණ්ඩ අරගලයක එක් ජයග්‍රාහී අවස්ථාවක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙයි. පනස් හයේ විප්ලවයේ සංස්කෘතික අධ්‍යාත්මය අවබෝධ කර ගැනීමට කියවිය යුතු වැදගත්ම ලේඛන දෙකකි 'බෞද්ධ කොමිෂන් සභා වාර්ථාව හා මාර්ටින් වික්‍රමසින්හ ශූරින්ගේ 'බමුණු කුලය බිඳ වැටීම'.
මෙම ජනතා ජයගහණයට එරෙහිව බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ 'ඔව්හු' කවුරහුද? ඒ ඩොමීනියන් පාලන ක්‍රමයක් මඟින් සීමිත නිදහසක් පමණක් ලබා දී මෙරට හැර ගිය සුද්දන් හා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් බවට පත් වූ කළු සුද්දන් ය. එහෙත් බන්ඩාරණායක මහතා ඝාතන නඩුවේදී චෝදනා ලැබ සිටියේ බමුණු කුල ඇත්තන් නොව එතුමා නායකත්වය දුන් පංච මහා බලවේගයේ කොටස් කරුවන් වූ සංඝයා වහන්සේලා හා වෙද මහ්ත්තුරුන් ය. ඔවුනට තම නායකයා මරා දැමීමට තරම් ප්‍රබල හේතු තිබුනිද? බණ්ඩාරනායක පාලනය තුළින් අවුරුදු තුනක් වැනි සුළු කාලයක් තුලදී සිය අභිලාශයන් ඉටු නොවීම නිසා ඔවුන් සිය නායකයා ඝාතනය කළේය යන්න පිළිගත හැකි ප්‍රවාදයක්ද? ඒ. සී. අලස් මහතා සඳන් කරණ අයුරින් ම මෙම සැකකරුවන්ට අගමැතිවරයෙකු ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ ද පිළිගතහැකි වූද කාරණා තිබුනේ නැත. එසේ නම් මෙම විත්තිකරුවන් වෙනත් පිරිසක් විසින් මෙහයවනු ලැබුවා වූ ඉත්තන් පිරිසක් පමණක් ද? එසේ නම් බණ්ඩාරනායක මහතාව ඝාතනය කළ ‘ඔවුහු’ මෙරට බමුණු කුලය සහ ඔවුන්ගේ හාම්පුතුන් ම විය හැකිය යන්න තර්කානුකූල නිගමණයෙකි. මෙය බණ්ඩාරනායක මහතාට පමණක් නොව නව යටත්විජිතවාදී යුගය තුලදී ලොව ප්‍රගතිශීලී ජනතාවාදී නායකයින්ට මුහුණ පෑමට සිදු වූ ඉරණමකි. කොන්ගෝවේ පැට්‍රිස් ලුමුම්බා, චිලී හි සැලවදෝර් ඇලන්ඩේ, පැනමාවේ ඕමාර් ටොරීජාස්, ඉක්වඩෝරයේ රියල්ඩෝ ආදීන් මෙවන් වූ ඉරණමකට ලක් වූ නායකයන් අතරින් කිහිප දෙනෙකු පමණි. බණ්ඩාරණයක මහතා ගත් මඟ ම ගත් මැතිණියගේ පවා ජීවිතය වරක් අනූ නවයෙන් බේරුනු බව ප්‍රකට කරුණෙකි.
කෙසේ වුවත් බණ්ඩාරනායක මහතාට පවා එවන් වූ මඟක් ගැනීමට පෙළඹ වූ මෙරට පොදු ජන විඥානය එතුමාගේ මරණයත් සමඟ මිය ගියේ නැත.ඒ නිසා කළු සුද්දන්ට හා ඔවුන්ගේ හාම්පුතුන්ට බණ්ඩාරනායක මහතා මරා දැමූ පසුව ද යළි යලිත් මරා දැමීමට සිදු විය. මිය ගිය බණ්ඩාරනායක මහතා යළි යළිත් මරා දැමීම සඳහා සඟ වෙද ගුරු ගොවි කම්කරුවන් පමණක් නොව ඔහුගේ දූ පුතුන් පවා වරින් වර යොදා ගත හැකි වූ අයුරු නොරහසකි.
බණ්ඩාරණායක මහතාව යළි යළිත් ඝාතනය කිරීම යනුවෙන් මා අදහස් කරන්නේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යටත් විජිත වාදීන්ගේ මන දොළ සපුරා ලීම සඳහා එතුමාගේ ප්‍රතිපත්ති පාවා දෙනු ලබීමයි. බණ්ඩාරනයක මහතාට ප්‍රතිපත්තියක් තිබුනේ දැ යි යන මතය ඇතම්හු අද ද නඟති. එකල ඇතැම් විරුද්ධවාදීන් විසින් එතුමා ව 'සෙවෙළ බණ්ඩා' යන අපහාසාත්මක නමින් හැඳින් වූයේ එතුමා ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී දේශපාලකයෙකු ලෙස ඔවුන් සැළකු බැවින් විය යුතු ය. බැලූ බැල්මට මෙහි යම් සත්‍යයක් නැත්තේ ද නැත. ඒ බණාඩාරකායක මහතා ක්‍රියා කළේ එතුමා ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියකට අනුව මිස සෑම විටදීම පක්ෂයේ ප්‍රතිපත්තියට අනුකූලව ම නොවන බැවිනි.එතුමා පනස් හයේ මැතිවරණයට ඉදිරිපත් වූයේ බෞද්ධ කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනතාව සමඟ සම්මුතියකට එළඹෙමිනි. එතුමා කිසි කළෙකත් සිය ලිබරල් වදී දේශපාලන මතවාද ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ නොකළ අතර පොදු ජන මතය නිවැරදිව වටහා ගෙන ඒ අනුව සිය දේශපාලන ප්‍රතිපත්තිය සකස් කර ගත් දේශපාලකයෙකි.ජනාතාවාදී දේශපාලන නායකයෙකු වූ ඔහු මේ කෙටි කාලය තුළ දී රටේ ආරක්ෂක, ආර්ථික මෙන් ම සේවා සැපයුම් මර්මස්ථාන ද ජනතාව අතට පත් කිරීමට පියවර ගත්තේ ය. ක්ෂත්‍රිය වංශයේ වගකීම ජනතාවට රටේ භූමිය ආරක්ෂා කර දීම යි. එතුමා ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටියේ ය. වරාය ගුවන් තොටුපල රජයට පවරා ගන්නා විට ඇති වුනු අභියෝගයන්ට එතුමා මුහුණ දුන්නේ අවශ්‍ය නම් අධාජ්‍යවාදීන් සමඟ යුද්ධයකට වුවද මුහුණ දීමට තමන් සූදානම් බව පවසමිනි. අද ද මේ රටට අවශ්‍ය වී ඇත්තේ එවන් වූ උදාරත්වයෙන් යුතු වූ නායකත්වයකි.
අග්ගඥ්ඥ සූත්‍රයේ ද සඳහන් වන අයුරු ජනතාව විසින් ගොවියන් අතරින් කෙනෙකු රජුන් ලෙස පත් කර ගන්නේ ගොවි බිම් මෙන් ම තමන් ද රැක ගැනීමට හැකි ශක්තිය මෙන් ම පෞර්ෂය ද ඇති අයෙකි.යම් ජන කොටසක් ගොවි රජෙකු වෙනුවට කුඹුරේ කුරුල්ලන් එළවීමට සාදා ඇති පඹයෙකු තම නායකයා ලෙස පත් කර ගත හොත් ඒ රටට අත්වන ඉරණම ගැන කතා කිරීම අවශ්‍ය වෙතැ යි මම නොසිතමි. පඹයා කොතරම් හොඳ වුව ද ඔහුට ගොවි බිම් ද ගොවියා ද රැක ගත නොහැකි ය.
බණ්ඩාරනායක මහතා යනු භූමිය මෙන් ම ජනතාව ද ඔවුන් ගේ උරුමය ද රැක ගැනීමට තරම් පෞර්ෂයක්, ශක්තියක් හා පරිචයක් තිබුනු උදාර ක්ෂත්‍රිය නායකයෙකි. එවන් වූ නායකයන් ලොව සෑම තැනම සෑම විටම අධිරාජ්‍යවාදීන්ගේ උදසට ලක් වේ. 'ඔවුහු' හැම විටදීම පඹයන් ආරක්ෂා කර ගනිමින් සැබෑ නයකයින් විනාශ කර දමනු ඇත. යළිත් වරක් මේ භූමිය තුල සැබෑ බණ්ඩාරනයකලා ඝාතනය වීමට ඉඩ නොතැබීමට වග බලා ගැනීමට අපි අද දින ඉටා ගනිමු.
වසන්ත දේවසිරි
2017 බිනර මස 26 දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .