අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටවීම බලාත්මක කරන ගැසට් නිවේදනයට අද ( සැප් 13 දා ) ජනාධිපති සිරිසේන මහතාගේ අත්සන යොදා තිබේ.
ත්‍රයි නිකායික මහා සංඝරත්නය විසින් මීට පෙර ඉල්ලා සිටියේ රණවිරු දඩයම ඉලක්ක කර පිහිටවීමට යන මේ කාර්‍යාලය පිහිටවීම නවතා දමන ලෙසයි.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණයට කර උර දුන් රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව සැකසීම මේ ඊනියා අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතේ අරමුණ බව ජ්‍යේෂ්ට ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා අවධාරණය කරයි. මීට වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී ඔහු මේ පිළිබඳ අදහස් දැක්වීය.
එදා යුතුකම වෙබ් අවකාශයේ සටහන් වූ ඒ පිළිබඳ වූ සටහන පහතින් දැක්වේ.
*************************
ලැජ්ජා නැති ආණ්ඩුව 'අතුරුදහන් වූවන් පිලිබඳ පනත ' හරහා රට රැකි රණවිරුවන් දඩයමට පාර කපන හැටි...[Vidoe]
8/31/2016

අතුරුදහන් වූවන් පිළිබඳ පනත ලංකාවේ ජනතාවගේ උවමනාවට සකස් කළ එකක් නොව සම්පූර්ණයෙන්ම විදේශීය බලපෑම් මත මේ ලැජ්ජා නැති ආණ්ඩුව සිදුකළ නිවට පාවාදීමක් බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.
ත්‍රස්තවාදය පරාජය කිරීමේන් පසු දිගින් දිගටම ජිනීවා හරහා ක්‍රියාත්මක වූ බටහිර කොටු කිරීමට ලංකා ආණ්ඩුව ඉතාමත් දීන ලෙස කැමැත්තෙන් එකඟ වී මේ පවදීම සිදු කළ බවද ඒ මහතා සාධක සහිතව පෙන්වා දෙයි.
අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ පනත ඉතාමත් ළජ්ජා සහගත ලෙස සියළු ප්‍රජාතත්න්ත්‍රවාදී භාවිතයන් කෙලෙසමින් සම්මත කර ගත් බව පෙන්වා දෙන මනෝහර ද සිල්වා මහතා මේ පනත සම්පූර්ණයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙයි.
නුදුරු අනාගතයේදීම මේ පනත අනුව සැකසූ ආයතනය විසින් නිර්මාණය කරන සාක්ෂි හරහා අපේ රට රැකි රණවිරුවන්ට විරුද්ධව ගෝලීය අධිකරණ ක්‍රියාවලියක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇතැයි පෙන්වා දෙයි.
පසුගියදා (24) යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් මනෝහර ද සිල්වා මහතා මේ කරුණු පෙන්වා දුනි.
පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ මේ පවාදීමේ පනත පිළිබඳ මුලින්ම පැහැදිලි විශ්ලේෂණයක් කළේ මනෝහරද සිල්වා මහතා මහතා ඇතුළු කණ්ඩායමයි.. ඒ පසුගිය මස ජාතික ඒකාබද්ධ කමිටුව හරහාය.
සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .