සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තුවට ගෙන එන දේශ ද්‍රෝහී පනතට අත උස්සන දේශ ද්‍රෝහීන් මතක තබා ගනිමු.
-ආචාර්‍ය නාලක ගොඩහේවා-
30 අවුරුදු යුද්ධයක් අවසන්කොට රටේ විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එදා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය
1. බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක්
2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන
3. චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන ව්‍යාපාරික සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව
එදා විපක්ෂයට මුලෝපාමය සහාය ලබා දුන්නේත් මුල්‍යමය ආධාර ලබාදුන්නේත් මේ බලවේග තුනයි. එම සහාය වෙනුවෙන් වන්දි ලෙස බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන කන්ඩායම් සමඟ පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව බොහෝ දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත.
1. යුද්ධය අවසන් කොට ලංකාව සංවර්ධන මාර්ගයට අවතීර්ණ කල මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්‍රමෝපායන් මගින් සීමා කිරීම.
2. දෙමල ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම
3. ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් මැදපෙරදිග ත්‍රස්ථවාදය පාලනය කිරීමේ ප්‍රයත්නය තුල ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම.
2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමටය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලමු අරමුණ ඉටුකරගත් අතර නුදුරේම ගෙන එන නව ව්‍යවස්ථාව හරහා දෙවන අරමුණ ඉටුවනු ඇත. මේ ලිපිය 3 වන අරමුණ ගැනයි.
2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමතිවරයා ලහි ලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අත්සන් කලේය. කාගේ උවමනාවට කලත් මෙය අනාගතයේ ලංකාවට විශාල හානි ගෙන දෙන පියවරක් විය.
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අවමවශයෙන් ඇමෙරිකාව හෝ මහා බ්‍රිතාන්‍යය අත්සන් තබා නැත්තේ තම රටෙහි ආරක්ෂක හමුදාවන්ට ඉන් උදාවිය හැකි තර්ජනයන් නිසාය. ප්‍රඥාප්තියට මෙතෙක් අත්සන් කර ඇති රටවල් 93 නුත් 42 ක්ම තම රටවල් තුල එය මෙතෙක් අනුමත කොට නැති නිසා ඒ අත්සන්හි වලංගු තාවක් නැත. අප අසල්වැසි ඉන්දියාවද මෙම රටවල් 42 ට අයත්වේ. නමුත් ලංකාවේ නව ආන්ඩුවේ විදේශ ඇමතිවරයා මෙයට අත්සන් කලා පමනක් නොව මාස කිහිපයක් තුල වත්මන් රජය විසින් එය අනුමත කොට ලංකාව තුල එහි වලංගුතාවය පිලිගන්න ලදී.
මීලඟ පියවර වූයේ ' අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත.
තුන් වන පියවර නම් රජය විසින් ඊලඟට සම්මත කර ගන්නට නියමිත 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනතයි'. එම යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ " බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය" ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමයි. මේ පනතද සම්මත කල විට සමස්ථ ක්‍රියාවලියම සම්පූර්ණය. ඊලඟට තිබෙන්නේ දෙමල ඩයස්පෝරාවේ සිතැඟි පරිදි රණවිරු දඩයම ආරම්බ කිරීමටය. මේ අතරවාරයේ දේශපාලනික වශයෙන් තමුන්ට තරඟ පිටියෙන් ඉවත්කරගන්නට අවශ්‍ය යම් යම් පුද්ගලයන්ද ඉලක්ක කරවීමට වත්මන් පාලකයින්ට අවස්ථාව සැලසේ.
මෙම යෝජිත පනතට අනුව යම් පුද්ගලයෙකු අතුරුදහන් කලායැයි යන සැකය මත පමනක් පදනම් කරගෙන ඕනෑම අයෙක් අත් අඩංගුවට ගන්නට හැකි අතර විදේශ රටකදී චෝදනාවක් ඉදිරිපත් වී නම් එම විදේශ රට තුල දී නඩු ඇසීම සඳහා අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කිරීමටත් ඉඩ ප්‍රස්ථා සැලසේ. සැකකරු පමනක් නොව ඔහු යම් හමුදාඛන්ඩයක සේවය කල අයෙකු වී නම් ඔහුගේ අණදෙන නිලධාරීන් සියලුදෙනාද මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය හැක.
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ පනත ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුනේ පසුගිය අගෝස්තු මස 5 දාය. එය කල් දමන්නට රජයට සිදුවූයේ මහා සංඝයා වහන්සේලා පිරිසකගේ දැඩි උත්සාහය නිසාය.
දැන් බලලා මල්ලෙන් එලියට පැන ඇත. පනත අගෝස්තුවේ සම්මත වේ යැයි බලාපොරොත්තුවෙන් කොටි සංවිධාන ආධාර කරුවන් විසින් සකස් කරමින් තිබුනු යුධ අපරාධ නඩුවක් බ්‍රසීලයේදි එහි ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කරමින් සිටි , හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව දැනටමත් පවරා තිබේ. තවම පනත සම්මත වී නැති නිසා අත් ඩංගුවට පත් නොවී බ්‍රසීලයෙන් පැනගන්නට ජගත් ජයසූරියට හැකි විය. . ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව හා ලංකාව තුල සිටින ඔවුන්ගේ සගයින් එක්ව සැලසුම් කල පරිදි පනත සම්මත වී තිබුනානම් ජයසූරියට බ්‍රසීලයේදීම වැඩ වරදින්නට ඉඩ තිබුනි. ජයසූරිය බ්‍රසීලයෙන් පැනගත්තත් ඔහුට මින් පසු කිසිදිනක බටහිර රටක විදේශ සංචාරයකට යා නොහැකි වනු ඇත. ඒ ලංකාව ඉහතකී අන්තර්ජාතික ප්‍රඥප්තියට දැනටමත් අත්සන් කොට ඇති නිසා අපේ රණවිරුවෙකු විදේශයකදී අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට තවදුරටත් බාධාවක් නැති බැවිනි.
ජගත් ජයසූරියට පමනක් නොව කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමුන් ඉඩ නොතබන බව වත්මන් ජනාධිපතිවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයෙදී කියනු අසා සිටින විට අපට ඇතිවූයේ ඉමහත් කම්පාවකි. ජනතාව රැවටීම අද කලාවක් වී ඇති අයුරක් මින් පෙනී යයි. රණවිරුවන් ගැන මේ තරම් හැඟීමක් ඇත්නම් ඉහත කී අන්තර්ජාතික ප්‍රඥප්තියට අත්සන් කරන්නට විදේශ ඇමතිවරයාට අවසර දුන්නේඇයි. අත්සන් කලා පමනක් නොව එය රජය විසින් පිල්ගත්තා නොවේද ? ඉන් මාස කිහිපයකට පසු තවත් බියකරු පනතක් වන අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කලේ ඇයි. ඉන් පසු මේ ක්‍රියාදාමයේ අවසාන පියවර වන 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනත' 21 දා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මන්ද ?
මෙම පනත බල පාන්නේ අනාගතයට පමනක් යැයි අගමැතිවරයා පුන පුනා කියනු අපට අසන්නට ලැබේ. අපි ජනතාවගෙන් මෙසේ අසමු. මෙතෙක් මෙතුමන්ලා කි දේ වලින් කීයක් ඇත්තවීද ?
බොරුවෙන් බලය ලබා ගෙන බොරුවෙන් බලය පවත්වාගෙන යන්නන්ගේ බොරුවලට තව දුරටත් රැවටෙන අය තම හිස අතගා බලත්වා ? නොසිතූ දෙයක් හමුවන්නට ඉඩ ඇත.
ඒ කෙසේ වෙතත් අප කල ගුණ දත් ජාතියක්ද නැද්ද යන්න ලොවටම හෙලිවන දිනයක් ලෙස සැප්තැම්බර් 21දා ඉතිහාස ගත වනු ඇත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .