9/29/2017

ඡන්දෙට බය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගන්නට හදන හැටි.

කතෘ:යුතුකම     9/29/2017   No comments

ජනමතය පාගාගෙන ෆෙඩරල් මතුවීමේ අනතුරක්‌...
නීතිඥ කල්‍යානන්ද තිරාණගම

පසුගියදා සංශෝධිත මැතිවරණ පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රම අනුගමනය කරමින් ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ප්‍රබල විරෝධයක්‌ නැගිණි. ආණ්‌ඩුව ඡන්ද කල් දැමීමට කටයුතු කරනවාද? එසේ නම් ඒ ඇයි? මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකරන විග්‍රහයකි මේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කරමින් ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ආණ්‌ඩුවට චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා?

රටක මහජන මතය ප්‍රකාශ වෙන්නේ නියමිත පරිදි ඡන්ද පවත්වනවා නම් පමණයි. මේ ආණ්‌ඩුව දැන් නොයෙක්‌ උප්පරවැට්‌ටි යොදමින් ජන්ද කල්දැමීමට උත්සාහ දරන්නෙ මහජන මතය ප්‍රකාශ වීම වළක්‌වන්නයි. ආණ්‌ඩුව මහජන මතයට බයයි.

ආණ්‌ඩුව ඇයි මහජන මතයට බය?

ආණ්‌ඩුවේ හෝ පළාත් සභාවක ප්‍රාදේශීය සභාවක කාලය අවසන් වූ පසු ඒවා ඉබේ විසිරෙන බවත් ඉන්පසු ඡන්දයක්‌ පවත්වා එම ආයතන බලාත්මක කළ යුතු බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන්ව තිබෙනවා. එය කල් දැමීමට බැහැ. පසුගියදා සුප්‍රිම් උසාවිය තීන්දු කළෙත් එයයි. ඡන්දය කල් දැමීමට කටයුතු කරනවා නම් ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම ඡනමත විචාරණයක්‌ පැවැත්විය යුතුයි. විධායක බලය හෝ පාර්ලිමේන්තු බලය තීරණය වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඡන්දය යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලය.

සීමා නීර්ණ හෝ කාන්තා නියෝජනය වැඩි කිරීම වැනි මේ ආණ්‌ඩුව දැන් මේ ගෙනැවිත් තිබෙන යෝජනා පළාත් සභා ඡන්දය කල් දැමීමට යොදන උපක්‍රම. මේවා කරන්න අවංක උවමනාවක්‌ තිබුණා නම් 2015 හෝ 2016 ඒවා කළ යුතුව තිබුණා. විසුරුවන්ට ඔන්න මෙන්න තිබෙද්දී එක එක යෝජනා ගෙන එන්නේ ඡන්දය කල් දමන්නයි.

පසුගිය බදාදා සම්මත කරගත් පනත ජුලි මාසෙ ගැසට්‌ කළේ. එහෙම නම් ඒක කල් ඇතිව ගේන්න තිබුණ. නීතිපති ප්‍රකාශ කර තිබුණා මේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ජන්දයෙන් සම්මත කළ හැකියි කියල. මම නම් හිතන්නෙ නීතිපතිගෙ ඒ තීරණය වැරදියි. මෙම පනත නිසා ඡන්දය කල් දැමීමක්‌ සිදුවෙනවා නම් තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කරන්න බෑ. එය තීරණය කළ යුත්තේ ජනමත විචාරණයකිනුයි. තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කිරීමේ තීරණයට මැතිවරණ කොමසාරිසුත් එකඟ වුණා නම් ඔහුත් ඒ අපරාධයේ හවුල්කරුවෙක්‌ බවයි මගේ අදහස. අද ජනතාවගේ පරමාධිපත්‍ය බලය මංකොල්ල කන්න උත්සාහ දරන්නේ මේ සියලු දෙනාගේම උදව්වෙන්.

ආණ්‌ඩුව කියන්නෙ මේ ඡන්දය කල්දාන්න ආණ්‌ඩුවට කිසිම අවශ්‍යතාවක්‌ නැති බවයි?

පසුගිය මාස කිහිපය තුළ මේ ගැන ආණ්‌ඩුවේ කෙරුවාව බලමු. මුලින්ම කිව්වෙ විභාගෙ හින්ද ඡන්දෙ පවත්වන්න බෑ කියල. විභාගෙ දවසක්‌ එහාට මෙහාට කරන්න බැරිද? අයවැය විවාදය එහාට මෙහාට කරන්න බැරිද? ඡන්දය තියන දිනය ප්‍රකාශ කරන්න අගමැතිවරයාට අයිතියක්‌ නෑ. එය මැතිවරණ කොමසාරිස්‌ගෙ වැඩක්‌. මේ යන විදිහට ලබන අවුරුද්දෙ මැද වන විටවත් පළාත් සභා ඡන්දෙ පවත්වාවිද යන්න සැක සහිතයි.

ඡන්දය කල් දමමින් මහජන මතය යටපත් කරන්නට මේ ආණ්‌ඩුව කටයුතු කරන්නෙ විශේෂ හේතුවක්‌ ඇතිවයි. ආණ්‌ඩුව අලුත් බදු පනතක්‌ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ වයස අවුරුදු දහඅටට වැඩි සියලු දෙනාටම ඒ අනුව බදු ලිපි ගොනුවක්‌ ආරම්භ වෙනව. එහෙම වුණාට ඒ සියලු දෙනාගෙන්ම බදු අය කරන්නෙ නෑ කියල ආණ්‌ඩුව කිව්වට මේ රටේ ජීවත්වෙන සියලු දෙනාටම බලපාන පොදු සේවාවලට මේ අලුත් පනතින් බදු වැඩි කරල තියෙනව. උදාහරණයක්‌ විදිහට කවුරුහරි වෛද්‍යවරයෙක්‌ චැනල් කළොත් ඒ ගෙවන මුදලට ආණ්‌ඩුව බදු ගහනව. වයස අවුරුදු දහඅටට අඩු ද වැඩි ද යන්න ඒකට බලපාන්නෙ නෑ. මේ නව බදු පනත ක්‍රියාත්මක කරගන්න, එට්‌කා වැනි රටට බරපතළ ලෙස හානිදායක ගිවිසුම් ඇතිකර ගන්න, ෆෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම සඳහා අවශ්‍ය නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම වැනි දේවල් කරන්න නම් ජනමතය යටපත් කරන්න අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ආණ්‌ඩුව උත්සාහ දරන්නේ මේ අණපනත් ගේන්නයි.

මහජන මතය විමසන්නේ නැතිව ආණ්‌ඩුවට ෆෙඩරල් ක්‍රමයක්‌ ගේන්න පුළුවන්ද?

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන කරුණු 12 ක්‌ තිබෙනවා. ආණ්‌ඩුව මේ උත්සාහ දරන්නෙ එම කරුණු දොළහට අත තියන්නෙ නැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය උපයෝගී කරගෙන ෆෙඩරල් පාලනයක්‌ රටේ ඇතිකිරීමට හැකි ව්‍යවස්‌ථාවක්‌ ගේන්නයි. ආණ්‌ඩුවේ ඉන්න ශ්‍රීලනිපයේ ඇතමුන්ගේත් කැමැත්ත එයට තිබෙනවා. එහෙම වුණොත් ජනමත විචාරණයක්‌ නැතිව ෆෙඩරල් පාලනයක්‌ ගේන්න පුළුවන්.

ආණ්‌ඩුකාරවරයා කියන්නෙ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. දැනට පවතින නීතිය යටතේ ආණ්‌ඩුකාරවරයාට විශේෂ බලතල තිබෙනවා. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. එම පත්වීම් කරන විට පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන් අහන්නෙ නෑ. නමුත් දැන් පත්කර ඉන්න සමහර ආණ්‌ඩුකාරවරු විග්නේෂ්වරන්ටත් එහා ගිය ෆෙඩරල්වාදියො. ඒ අනුව ආණ්‌ඩුව මේ කරන්න හදන්නෙ මොකක්‌ද කියන දේ පැහැදිලියි.

දකුණේ ජනතාව ෆෙඩරල් යන වචනයට බියක්‌ දක්‌වන පරිද්දෙන්ම උතුරේ ජනතාව ඒකීය යන වචනයට බියක්‌ දක්‌වන බව ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව යාවත්කාලීන කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා. එමනිසා ඒකීය යන වචනය ශ්‍රී ලංකාවේ භාවිතයට නුසුදුසු බවත් නොබෙදුනු සහ බෙදිය නොහැකි ලෙස එහි අරුත වෙනස්‌ කළ යුතු බව එහි යෝජනා කර තිබෙනවා. එය දෙමළ බසින් හඳුන්වන්නේ ඔරුමිත්තනාඩු යන වදනිනුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් මේවා සම්මත කරගන්න තමයි ආණ්‌ඩුව මේ උත්සාහ කරන්නෙ. පළාත් සභා කල් දමමින් ජනමත විචාරණ මගහරිමින් ඉදිරි මාස කිහිපය තුළ ආණ්‌ඩුවේ අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක යොදාගෙන මේ පනත් සම්මත කරගන්නයි.

ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දෙසැම්බර් 31 තෙක්‌ ඉවසන මෙන් ජනාධිපතිතුමා පසුගියදා දන්වා සිටියා. තීරණාත්මක පියවර කිහිපයක්‌ ඉදිරි කාලය තුළ ගැනීමට බලාපොරොත්තු වන බවත් ආණ්‌ඩුව ප්‍රකාශ කර තිබෙනවා?

ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු රඳවා ගත්තේ රටට ඉතාමත් අහිතකර ඉහත අණපනත් සම්මත කරගන්නට බව මගේ අදහසයි. මේ ආණ්‌ඩුව මහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ හැටියට ලෝකෙට පෙන්නුවත් ආණ්‌ඩුවේ මේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදයට එහෙම්පිටින්ම විරුද්ධයි. අයවැය ලේඛනය පරාද කළත් රාජ්‍ය ප්‍රතිපත්තිය, ජනාධිපතිගෙ ප්‍රකාශනය පාර්ලිමේන්තුව ප්‍රතික්‌ෂේප කළත් මේ ආණ්‌ඩුව විසුරුවාහරින්න බෑ. 2020 පෙබරවාරි මස 05 දක්‌වා මේ ආණ්‌ඩුව තිබෙනවා. 2015 සැප්තැම්බර් 05 පැවැත්වූ පළමු වැනි රැස්‌වීමේ සිට වසර හතර හමාරක්‌ ආණ්‌ඩුව වෙනස්‌ කරන්න බෑ. අගමැතිවරයා තෝරා ගැනීමේ බලතළ තිබෙන්නේ ජනාධිපතිට. කාටහරි අගමැතිකම දීල ඔහුට අවශ්‍ය ඇමැතිවරු ටික පත්කරගෙන ආණ්‌ඩුවක්‌ හදන්න ජනාධිපතිට පුළුවන්. වරප්‍රසාද බලාගෙන ප්‍රතිපක්‌ෂයේ අයත් ආණ්‌ඩු පක්‌ෂයට එනව. ඒ විදිහට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ව්‍යවස්‌ථා විරෝධි විදිහට, අයුතු විදිහටයි අද පාවිච්චි වෙන්නෙ. මේ රටේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි දේ සිදුවුණේ නෑ.

ජනමත විචාරණයකට නොගොස්‌ ෆෙඩරල් ක්‍රමයක්‌ ස්‌ථාපිත කරගන්නත්, ඉන්පසු එය කිසිම ආකාරයකට අවලංගු කළ නොහැකි වන සේ ව්‍යවස්‌ථාමය රැකවරණයක්‌ ඊට ලබා දෙන්නයි ආණ්‌ඩුව හදන්නෙ. දෙවැනි මන්ත්‍රණ සභාවක්‌ ගෙන ඒමට යෝජනා කර ඇත්තේ ඒ නිසයි. මේ යෝජනා මාලාවේ දැක්‌වෙන විදිහට දෙවන මන්ත්‍රණ සභාව 55 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම පළාත්සභාවකම ඉන්න මන්ත්‍රීවරු 5 දෙනෙක්‌ ඊට පත්වෙනවා. ඒ අනුව 45 දෙනෙකුත් පාර්ලිමේන්තුවෙන් පත් වෙන 10 කුත් එකතුවෙලයි 55 ක්‌ හැදෙන්නෙ. ඉන්පසු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ යම් සංශෝධනයක්‌ කරනවා නම් ප්‍රධාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් දෙවැනි මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක අනුමැතියකුත් ලැබිය යුතුයි. එවිට මේ නව ව්‍යවස්‌ථාවෙන් කරන්න හදන වෙනස මහා සංග්‍රාමයකින් මිස වෙනස්‌ කළ නොහැකි දෙයක්‌ බව පත්වෙනවා. ඡන්ද කල් දමමින් ආණ්‌ඩුව මේ යන්ඩ හදන්නෙ එතැන්ටයි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions