11/24/2014

බයියෝ ටොයියෝ සහ මිදි

කතෘ:යුතුකම     11/24/2014   22 comments

ටොයියන්ගේ සහ බයියන්ගේ උපත

දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙර සිටම ඇතිවූවකි. සුද්දන් මෙරට අත් කර ගැනුමට ප්‍රථම නම් එවන් තරගයක් නොතිබුනා විය යුතුය. පූර්ව යටත් විජිත යුගයෙහි මෙහි ටොයියෝ නොසිටියහ. ටොයියන් බිහි වුනේ සුද්දන්ගේ කාලයේදීය.

සැබෑ ජාතියේ පියා වන අනගාරික ධර්මපාල තුමාගේ මේ ප්‍රකාශය අපි කවුරුත් අසා ඇත්තෙමු.

 "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකළාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ"

එදා ධර්මපාලතුමා කළු සුද්දන් ලෙස හැඳින්වූ‍යේ අනෙකෙකු නොව, මෙදා දේශපාලන කරළියේ ටොයියන් ලෙස හැඳින්වෙන්නන්මය. එම ප්‍රකාශයෙන් ටොයියන්ගේ උපත සිදුවූ ආකාරය පැහැදිලි වේ. ටොයියන් නැති කලෙක මෙරට බයියන්ද නොවීය. එසේත් නැත්නම් සියළු දෙනාම බයියන්ය. බයියන් සිටින බව පෙනෙන්නට ගන්නේ ටොයියන් ව්‍යාප්ත වීමත් සමඟිනි. ටොයියන්ගේ මෙන්ම බයියන්ගේද උපතට ප්‍රධාන හේතුව වන්නේ මෙරට සුදු ජාතිකයන් විසින් අත්පත්කර ගැනීම හා ඔවුනගේ සංස්කෘතිය මෙරට තුළ බෝ කිරීමට උන් හා උන්ගෙන් එය බෝ කරගත් උන් විසින් ප්‍රයත්න දැරීමයි. එම සංස්කෘතික ආක්‍රමණයට අසු වූවන් ටොයියන්ය. ඊට හසු නොවූවන් බයියන්ය.

ටොයි-බයි දේශපාලනය

අනගාරික ධර්මපාල තුමාගේ අනාගත වැකියට අනුවම කටයුතු යෙදෙමින් මේ රට සුද්දන් විසින් භාර දී යන්නේ ටොයියන් අතටය. බයියන් දේශපාලන ක්ෂේත්‍රයෙන් පිටමං කර විගලිත කර තැබුනි.

ටොයියන් අත වූ බලය, බහුතර බයියන් අතට මාරු වන්නේ 1956 දීය. නමුත් මින් කියැවෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ටොයියන් නැති බවක් හෝ එක්සත් ජාතික පක්ෂය තුළ බයියන් නැති බවක් හෝ නොවෙයි. එම පක්ෂ නියෝජනය කරනා බලවේගයෙන්ගේ ධාරාව සහ හැඩයයි. පක්ෂ තුළ පමණක් නොව  සෑම බයියෙකු තුළ ටොයියෙකුද, සෑම ටොයියෙකු තුළ බයියෙකුද සිටියි. මේ බයි-ටොයි භාවය යටත් විජිත උරුමයකි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී විජේතුංග ටොයියන් නොවන බව පැවසිය හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ටොයියෙකි. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා බයියන්ට නායකත්වය දුන්නද බයියෙකු නොවීය. එම මැතිණිය නම් බයියන්ට නායකත්වය දුන් බයියෙකි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බයියකු පත් වූ විට ගම්බද පොදු එක්සත් ජාතික පාක්ෂික බයියන්
කැමති වුවත් ඒ පක්ෂයේ ඉහළ ටොයියන්ට එය දිරවා ගැනීම අපහසුය. ජේ ආර් ජයවධනගේ බයි-ටොයි භාවය අතින් ඔහු එක්සත් ජාතික පක්ෂයට තක්කෙටම ගැලපෙන්නෙකි. ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් උදහස් ටොයි ස්වරූපයක් ගන්නා අතර බාහිර ස්වරූපයෙන් ඔහු බයියෙකි. 'ධර්මිෂ්ට රාජ්‍යය' සංකල්පය හරහා ගැමි බයියන් රවටා බලයට පත් වී මේ රට නියම අධර්ම ද්වීපයකට පාර කැපූයේ ඔහුය. වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකයාට ගැටළුව ඇත්තේද මෙතනය. ඔහුගේ ටොයිභාවය ප්‍රකටය. ගම්බද බයියන් ඔහුට ඡන්දය දෙන්නේ ඔහු බයියෙකි යැයි රැවටී නම් නොව, බයි-ටොයි භාවය අපහසුවෙන් හෝ අමතක කොට අර අලියාට ඇති ආදරය නිසාය. ඒ අලි ආදරය පෙර එක්සත් ජාතික පක්ෂ නායකයින් විසින් කෘෂිකර්මාන්තය උදෙසා ගන්නා ලද ඇතැම් පියවරයන් මඟින් බයියන්ට සේවය කිරිම නිසා හා 1956 න් පසුව ගම් නියම් ගම් හරහා ඇති වුනු දේශපාලනික බෙදීම පාරම්පරිකව ඉදිරියට ගෙන ඒමෙන් ඇති වූවක් විය හැකිය.

රණසිංහ ප්‍රේමදාස පවා රොස්මිඩ් පෙදෙසින් නිවසක් මිලයට ගන්නට ඇත්තේ එකල ටොයියන්ට දේශපාලන ක්ෂේත්‍රයේ වූ හයිය දන්නා නිසා විය යුතුය. නමුත් අද තත්වය ඊට ඉඳූරාම වෙනස්ය. අප සමරමින් සිටින්නේ අනගාරික ධර්මපාල තුමාගේ එකසිය පනස් වන ජන්ම සංවත්සරයයි. එතුමාගේ ප්‍රධාන ආමන්ත්‍රණය වූයේ බයියන්ටය. ටොයියන් විසින් බටහිරයන් අනුකරණය කරමින් කරන පුහු සෝබන වැඩ එතුමා හෙළා දුටුවේය. අවඥාවට ලක් කළේය. මෙරට නියම උරුමකරුවන් එතුමා විසින් කළු සුද්දන් නමින් හැඳින්වූ ටොයියන් නොව එදා කිසිත් කර කියාගත නොහැකිව කොනකට දමා තැබුනු බයියන් බව එතුමා දුටුවේය.

ටොයයියන් සහ බයියන් පමණක් නොව, මේ පොළොවේ බෙදුමවාදී විෂ හළා ගියෝද සුද්දෝමය. සුද්දන්ගේ ගැට ලෙහීමට උන් බිහි කළ කළු සුද්දෝ නොදනිති. ජේ ආර් ජයවර්ධන යුගය තුළ ඒ බෙදුම්වාදය නොමදව පෝෂණය වී රුදුරු ත්‍රස්තවාදයකට පෙරළුනා පමණක් නොව, රජිව් ගාන්ධි විසින් අදටත් සාපයක් වී ඇති දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් ලාංකික ව්‍යවස්ථාව මත පටවන ලදී.

චන්ද්‍රිකා සාම තවලම් යමින් සිය අවලම් පැකේජය ගෙන ඒමට යත්න දැරීය. සුනාමි සහන මණ්ඩලය හරහා ත්‍රස්තයන්ට රාජතාන්ත්‍රික බවක් ආරෝපණයටද තැත් දැරීය. රට දෙකඩවන මාවතකට පිවිසුවමින් නෝර්වේ කපුවන් විසින් සකස් කෙරුනු සාම ගිවිසුමකට රනිල් ප්‍රභාකරන් සමඟ අත්සන් තැබුවේ මුළු රටටම හොරාය. මේ ටොයියන් දෙදෙනාටම ඕනෑ වූයේ සාම සාකච්ඡා හරහා රට දෙකට බෙදා හෝ තමනට සුද්දන්ගේ නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නටය. අද මේ ටොයියන් දෙපළ එක් වී ප්‍රජාතන්ත්‍රවාදය ‍හා යහ පාලනය උදා කරදෙන බව අප වැනි බයියන්ට පවසති.

ටොයියන්ට තිත්ත වූ මිදි ගෙඩිය

දෛවයේ සරදමකට මෙන් මේ යහ පාලන කල්ලියට ජනාධිපතිවරණ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව මෙරට ජනතාවගේ සාමූහික විඥානය හැසිරෙන ආකාරය අනුවය.

ප්‍රභාකරන්ගේ මාරාවතාරය පරාජය කෙරුමට දිවිදුන්නෝ ගම්බද තරුණයෝය. බයියන්ගේ නායකත්වයෙන් ඒ මාරාවතාරය නිමාව දැකීමත් සමඟ මෙරට ගම් නියම්ගම් සිසාරා සිටින බයියන් අදවන විට තම නායකයා බයියකු විය යුතු බව ඉවෙන් මෙන් වටහා ගෙන ඇත. ජනතාවගේ සාමූහික විඥානය තුළ නායකත්වය සඳහා ටොයියෙකුට ඉඩක් අද නැත. රොස්මීඩ් පෙදෙසෙන් මෙරටට නායකයන් පත් වූ යුගය අවසන් වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඉහළට බයියකුට යාමට එහි අනෙකුත් ටොයියන් ඉඩ දෙන්නේ නැත. එනිසා එහි මුදුන ඇත්තේ ටොයියන් අතය. නමුත් ටොයියන්ගේ යුගය පොදු ජනතාව විසින් නිමා කර ඇත. 2005 පටන් පොදු අපේක්ෂකයා සංකල්පය කලඑළි බසින්නේ මේ පරතරය පියවීමටය. පොදු අපේක්ෂකයා බයියකු හෝ බයි වෙස් ගත්තෙකු හෝ වීම අනිවාර්ය සාධකයකි.

ප්‍රධාන තරඟ කරුවන් දෙදෙනාම බයියන් විය යුතු වීම ස්වදේශික ජනයා සුද්දන්ගෙන් හා උන් බෝ කර ගිය කළු සුද්දන්ගෙන් ඈත් වෙමින් නිදහස කරා කෙමෙන් කෙමෙන් හෝ පියමනිමින් සිටින බවට සාධකයකි. ටොයියන්ට බයියකු පෙරටුවට වඩම්මවා ගැනුමට සිදුවීම සහ එම බයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වීම ටොයියන්ගේ දේශපාලනය නිමා කෙරෙමින් පවතින බවට ප්‍රබල ඉඟියකි.

විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ නොහොඳ දෙකම ඇත. ඒ ධූරය ඉවත් කිරීම සිය දිවියේ පරම පවිත්‍ර උත්තරීතර අරමුණ ලෙස පෙන්වමින් අද එක් වී ඇත්තන් අතර එය ඇතිකිරීමට ඉවහල් වූවන්, එය ඉවත් කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්ව  එසේ නොකළවුන් සහ එම ධූරය මේ රටේ ස්ථාවරත්වය සඳහා අත්‍යාවශ්‍යය යන ස්ථාවරයේ මෑතක් වන තුරුම සිටි බොදු වෙස් ගත්තෝ ද සිටිති. ටොයියන් විසින් ඇති කරන ලද මෙම විධායක ජනපති ධූරය සඳහා තරග කිරීමට ටොයි වීමම අද නුසුදුසු කමක් වී ඇත. විධායක ජනපති ක්‍රමයේ යම් අඩුපාඩු ඇතත් අද ටොයියන්ට විධායක ජනපති ක්‍රමය නැමැති මිදි ගෙඩිය තිත්ත වී ඇත්තේ ඒ දක්වා උඩ පැනීමට ටොයියකුට ඉඩක් මෙරට පොදු ජනතාවගේ සාමූහික විඥානය තුළ නොමැති වීම හේතු කොටගෙනයි.

එනිසා මෙකල ටොයියන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ නොයෙකුත් ආකාරයේ ටොයියන් හා බයියනුත් එක් කර ගෙන තමනට සිහිනයක්ම පමණක් වී ඇති මිදි ගෙඩිය අතුරුදහන් කරවීම සඳහා යම් මතයක් ගොඩ  නැඟීමයි. නැතිනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වයද බයියන් අතට පත් වීම වලකණු නොහැකිය. මිදි ගෙඩිය අතුරුදහන් නොකළහොත් අතුරුදහන් වන්නේ ඊට උඩ පැනීම සඳහා ලක් පොළොවෙන් ගැම්මක් ගත හැකි දෙපා නොලද ටොයියන්ය. මිදි ගෙඩිය නැතිකර දමන තෙක් පවත්වන ජනාධිපතිවරණ තරඟයෙන් පැරදීම සඳහා අයෙක් බයියන් අතරින්ම සොයා ගත හැකිය. විධායක ජනාධිපති ක්‍රමය නමැති යකා කියන තරම්ම කළුද යන්න බයියන් විසින් ජනාධිපතිවරණයෙන් පසුව සලකා බැලිය යුත්තකි.

බයියන්ගේ යුතුකම

ටොයියන්ගේ බලය එසේ මේ පොළොවෙන් කෙමෙන් වියැකී යමින් තිබුනද මේ රටේ ව්‍යවස්ථාව සකසා ඇත්තේ අපේ සම්ප්‍රදාය, උරුමය හා හරයන් ගුරු කොට ගනිමින් නොවේ. 1978 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ සාදන ලද මේ ව්‍යවස්ථාව සාමාන්‍යයෙන් ටොයියන් කරන පරිදි, මෙරට පිටරටට අනුගත කිරීමකි. දැන් බයියන් විසින් ඉටුකළ යුත්තේ පිට රටින්ද යම් යම් දෑ උකහා ගන්නා අතර මේ පොළොවට වුවමනා පරිදි අපගේම චින්තනය තුළින් මතුවන ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනුමට කටයුතු යෙදීමයි. එය රට වෙනුවෙනු දිවි පිදූ රණ විරුවන්ගේ මරණයට නියම අරුතක් සැපයීමකි.

ජාතික බලවේගවල සහය ජනාධිපතිතුමාට හිමිවිය යුත්තේ එවැනි සාධනීය පොරොන්දුවක් උඩ විනා කොන්දේසි විරහිතව එතුමා ජනපති කෙරුමට සහය දී, පසුව දෙ අත් පිස දමා පසෙකට වී ඔහු වටා නානා මාදිලියේ කේවට්ටයන්  හා මුදලාලිලා එක්වනවා බලා හූල්ලමින් සිටීමට නොවන බව අපගේ තක්සේරුවයි. මෙරට කළු සුද්දන්ගෙන් නොහොත් ටොයියන්ගෙන් නිවැරදි ලෙස නිදහස් කර ගත හැක්කේ එලෙසය. ජන්දය දෙන බයියෝ කලෙක සිට තමන්ගේ කොටස ඉටු කරමින් සිටිත්. ඡන්දය ගන්නා බයියන්ද ඒ සඳහා සිය කාර්යය ඉටු කළ යුතුය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

22 comments :

  1. සුගත්11/24/2014 1:13 AM

    හොඳ විග්‍රහයක්. සෑම ටොයියකු තුළ බයියකු ඉන්නවා කියන එක හරි. හැබැයි සෑම බයියෙකු තුළ ටොයියෙක් ඉන්නවා කියලා මට හිතෙන්නෙ නෑ. ටොයි ආක්‍රමණයට අසු නොවිච්ච බය්යෝ ඉන්නවා ගම්වල.

    ReplyDelete
  2. well explained....

    ReplyDelete
  3. Don't cry. End of the honeymoon is imminent.

    ReplyDelete
  4. විභූතිරත්න11/24/2014 1:45 PM

    මේ කොටස නම් අපූරු විග්‍රහයක්....
    "විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ නොහොඳ දෙකම ඇත. ඒ ධූරය ඉවත් කිරීම සිය දිවියේ පරම පවිත්‍ර උත්තරීතර අරමුණ ලෙස පෙන්වමින් අද එක් වී ඇත්තන් අතර එය ඇතිකිරීමට ඉවහල් වූවන්, එය ඉවත් කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්ව එසේ නොකළවුන් සහ එම ධූරය මේ රටේ ස්ථාවරත්වය සඳහා අත්‍යාවශ්‍යය යන ස්ථාවරයේ මෑතක් වන තුරුම සිටි බොදු වෙස් ගත්තෝ ද සිටිති. ටොයියන් විසින් ඇති කරන ලද මෙම විධායක ජනපති ධූරය සඳහා තරග කිරීමට ටොයි වීමම අද නුසුදුසු කමක් වී ඇත. විධායක ජනපති ක්‍රමයේ යම් අඩුපාඩු ඇතත් අද ටොයියන්ට විධායක ජනපති ක්‍රමය නැමැති මිදි ගෙඩිය තිත්ත වී ඇත්තේ ඒ දක්වා උඩ පැනීමට ටොයියකුට ඉඩක් මෙරට පොදු ජනතාවගේ සාමූහික විඥානය තුළ නොමැති වීම හේතු කොටගෙනයි. "

    ReplyDelete
  5. Good analysis and well said. ..

    ReplyDelete
  6. ජාතික බලවේගවල සහය ජනාධිපතිතුමාට හිමිවිය යුත්තේ එවැනි සාධනීය පොරොන්දුවක් උඩ විනා කොන්දේසි විරහිතව එතුමා ජනපති කෙරුමට සහය දී, පසුව දෙ අත් පිස දමා පසෙකට වී ඔහු වටා නානා මාදිලියේ කේවට්ටයන් හා මුදලාලිලා එක්වනවා බලා හූල්ලමින් සිටීමට නොවන බව අපගේ තක්සේරුවයි.
    oka kawada ituwena deyakda halo,

    Mahinda "dalada maligawe" diwurala porondu une, lesi wedak newei honde, eth mata nam hitha ganna beri samahara baudda meti mollu thamath Mahinda wa uda danne mokada kiyala, Maithree kiyanne th eya bandaranayaka ge chinthanaya ara gena yanawa kiyala, e kiyanne jathi beda wadaya.

    toiyo , baiyo mona wikarada me,

    American karayo tikak rata palanaya karanne kiyala , me mee harak amathaka karanne mokada, mata nam hitha ganna be, Jogging, walking, marathon kiyanne american paribogika samajaye symbols , ewa thamai den gotabhya , dalas, bazil america wen goda behela mehe hada gena yanne

    ada rajapaksha la thanikarama karanne kana bona samajak wenuwen , ape samajaye drushtiya wenas karana eka, balanna owunge siyalu kriya kara kam, CSN, anith fm nalika 3, car race, jogging track, independence square, race course, dutch hospital, floating market wage spots.

    thamath samaha kakul deke bath kana meeharakta mewa therenne ne, me yuthukama web adawiyata liyana ewunuth mewa okkoma amathaka karala mahinda mamawa uda danawa, thakkadi weda halo mewa.

    ReplyDelete
    Replies
    1. Ganan ganna epa. Meka liyapu eka mahaloku ekek nemei. Uuth baiyek. Hebei uu dannawa uuta piligenimak nethi bawa toiya campus ekakata gihilla, toiya degree ekak aragena toiya rassawak nokeruwoth. Mathugama buwek. lol
      Hithan inne hena pakeer kenek kiyala.

      Delete
  7. සුනන්ද11/26/2014 9:36 PM

    මොකෝ මේ කලින් කොමෙන්ටු දාපු සිංහලෙන් ලියන්න පරගණකය භාවිතා කරන්න නොතේරෙන අහිංසකයෝ දෙන්නට තද වෙලා තියෙන්නේ. මුං දෙන්න ගැන තක්කෙටෙම කියන්න පුළුවන් ටොයියන් පුදන අසරණ බයියෝ දෙන්නෙක් කියලා...:)

    ReplyDelete
    Replies
    1. සුනන්ද, Anonymous11/25/2014 1:22 PM liyala thiyena de therenawa neda, ehenam yaluwa sinhalen liyanawada kohoma liyanawada kiyana eka newei, ethana liyala thiyena deya sakachchawata ganna,

      ape rate oya ethuluwa godak mee harak karana deyak thamai, mokak hari wiwechanayak or adahasak idiripath karama kenek , eyage watha gotha, jathiya, eya sinhalenda liyala thiyenne :D wage dewal walin sakachchawa maga erala yana eka, okata kiyanna thiyenne dupath manasikathwaya kiyala,

      owa wedak ne සුනන්ද11/26/2014 9:36 PM , puluwan nam mama kiyapu sakachcha karanna

      Delete
    2. Apinam baiyo nemei. Baiyek wenawa kiyana eka adambarayata karunak widiyata hithanneth ne. Thaman labapu honda adyapane me rate hema minihekutama lebenawata kemathi minissu api. Nethuwa game minissunta one gowithenak bathak karagena nidahase inna kiyana manda maanasika porawal nemei. Oya koi baiyath thamange daruwek kasaada bandinna giyaama hoyanne toiya job karana ekekwa thamai. Wediya one ne, oka lipiya liyapu ekath ehemai.

      Delete
    3. SLFP eke aya mathu pitin suddata erehi unata, yati sithin suddata kemathi, ekane mun suddiyantama hadi karanna yanne, meka liyapu kena Premadasa mahaththayath toiyekuta dala :D , Mahinda mama Gundasa amarasekara, Nalin De Silva wage aya peththakata dala , umbalage adahas mata wedak ne, mata chandeta witharak udawu karapalla kiyala kiyaddith, me aye Mahindawa nikan uda danawa, ow me aya nuuthanathwaya magin bihi karapu job karana gaman, karana job eken anith ayata toku enala , baio gena deshana karanawa

      Delete
  8. සුනන්ද11/27/2014 9:27 AM

    සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙකෙන් එකකින් ලියනවද? මට මේ බහුභූත අකුරු කියවන්න කම්මැලියි.
    ‍මහත්තයෝ මේකෙන් පුලූවන් සිංහල කොටා ගන්න.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
    Replies
    1. සුනන්ද , ඉංග්‍රීසියෙන් kiwuwama therenawa nam, kammeli kama atha erala oka kiyawanna,
      eeta passe sakachchawa patan ganimu.

      Delete
    2. Baiyo kohomath kammeliine. Mulinma oya sinhala hodiyen hariyata okkoma akuru kotanna puluwan widiyata hadala hitiyanam hondai neda?
      Oya sunanda kiyala comments danne meka liyapu ekama thamaa.

      Delete
  9. සුදු පුතා11/27/2014 3:22 PM

    මෛත්‍රීපාල බයියට ටොයියෝ එජාප සල්ලි දෙයිද? කවුද මෙයාට පෝස්ටරයක්වත් ගහන්න ඉන්නේ

    ReplyDelete
  10. මේක ලියපු එකා මගෙ පන්තියෙ හිටියෙ. ඒ කාලෙ නම් හිටියෙ හිමිජ්ජ වගෙ. ගූ බයයි.හැබැයි ක්‍රිකට් ගහන්න පුලුවන්. වලි ගිහින් ගුටි කනකොට අපි තමයි බේරගන්නෙ.
    ඒ කාලෙ වගේමයි. තවම බයගුලුකම ඇරිල නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ලසන්ත වික්‍රමසිංහ11/30/2014 11:45 PM

      කවුද මේ මාව බේරගත්ත නිර්භීත වීරයා? නම කියන්න අමතක වෙන්න ඇති. මං වගේ බයගුල්ලෙකුට නම කිව්වාම මොකද?

      Delete
    2. Ganan ganna epa. Jathiwadin kiyanne bayagullanta kiyana thawath namak.

      Delete
  11. onna umbalage game baiya My3ta pirith kiyanna ganaiyalata inna hadapu tent ekath galawala. Hinaa kaala merenawa ooi.

    ReplyDelete
  12. kiyanne etthanam nama mokatada? sudu VAN ekak ewannada? api nodanna chess kiwwalu. lol

    ReplyDelete
    Replies
    1. තරංග දයානන්ද12/05/2014 9:40 AM

      හප්පා මෙහෙමත් බය ගුල්ලෙක්. ලසන්ත ගානට උබේ බියගුළුකම ඔප්පු කරලා තියෙනවා මෙතැන. නම කියන්න බය මිනිහා අනිත් යට බයගුල්ලලු. මෝඩයි නේද?

      Delete
  13. ithaama honda lipiyak.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions