5/10/2018

අපේ කාලයේ ඇත්ත කතාවක්

කතෘ:යුතුකම     5/10/2018   No comments
පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබද රන්ජන් අමරරත්නගේ විචාරය - 2018.5.9 දිනමිණ - කටගැස්ම

අපේ කාලයේ ඇත්ත කතාවක්

මේ කතාව ආරම්භ වන්නේ අනාගත තරුණ පරපුර පිළිබඳ අවස්ථා නිරූපණයකින්ය. එය උපකල්පනයකි. මෙයින් වසර දහයක් මතු මත්තෙහි එළැඹෙන අසූවන නිදහස් සමරුව එහි කාලනීර්ණය ලෙස පවතී. 2028 වර්ෂයෙහි මුල් කාර්තුවේ දිනෙක 'පෙරටු රළ' නම් සමාජ සංවිධානයෙහි සාමාජික - සාමාජිකා‍වෝ බරපතළ සාකච්ඡාවක නිරත වෙති. ඔවුන්ගේ මුළු අවධානය යොමු වී ඇත්තේ සංවිධානය විසින් පවත්වනු ලබන සමුළුවක් කෙරෙහි ය. මේ සංවාදයට සංවිධානයේ ක්‍රියාධරයෝ මෙන් ම උපදේශකයෝ ද එක්වෙති. තරුණ ක්‍රියාධරයෝ වර්තමානය නිරූපණය කරති. වැඩිහිටි උපදේශකයෝ අතීතය නිරූපණය කරති. එතැනින් කතාවට අවශ්‍ය වස්තුබීජය හා සන්දර්භය උපදී.
තෝරාගත් කාලපරාසයක දේශපාලනය, කලාව, සාහිත්‍යය හා සමාජ විපරිණාමය තරුණ ජීවිත කෙරෙහි බලපාන ආකාරය විවරණය කිරීමට කතුවරයා ‍වෑයම් කරයි. කාල පරාසය අසූව දසකයේ සිට 2028 දක්වා ව්‍යාප්ත වෙයි. එහිලා අතීතයේ සත්‍ය - සිදුවීම් ද, එම සත්‍ය - සිදුවීම් පාදක කරගත් අනාගත උපකල්පනද කතුවරයාගේ විමසුමට ලක් වෙයි. සමස්ත කෘතිය රචනා වී ඇත්තේ විවෘතභාවයකින් ‍යුතුවය. හෘද සාක්ෂියට එකඟ විවේචන, අත්වැරැදීම් මෙන් ම, පෞද්ගලික අත්දැකීම් ද නිදහස් ලෙස නිරූපණය කර තිබීම ප්‍රබන්ධයේ ඇති විශේෂ ලක්ෂණයකි.
ඉසුරු ප්‍රසංග මහතා රචනා කර ඇති මේ නවකතාව , 'ප්‍රේමතෝ ජායතී ‍අසෝකෝ' ලෙසින් නම් කර තිබේ. පිටු 409 ක් පුරාවට විකාශය වන වෘත්තාන්තය තරමක් දීර්ඝ නවකතාවකි. මේ කාලයේ ප්‍රවණතාව කෙටි නවකතා රචනය වුව, කතුවරයා එය නොසලකා සම්ප්‍රදායට එරෙහි වෙයි. නවකතාවේ සිරස පවා සම්ප්‍රදායට එරෙහි එකකි. ප්‍රේමය විසින් ශෝකය උපදවනු ලබන්නේ යැයි කියන'මුත් කතුවරයා එය කණපිට පෙරළා ප්‍රේමය ප්‍රීතිය නැතහොත්, වින්දනය උපදවන බව තහවුරු කරන්නට යයි. කතාව නීරස නැත. පාඨක ආකර්ෂණය දිගට ම රඳවාගත හැකි සිදුවීම් පෙළක් හා වේගවත් ආඛ්‍යාන ශෛලියක් ප්‍රබන්ධයෙහි පවතී.
කතාවෙන් මතුවන ප්‍රධාන සමාජ සංවාදය තවත් උප සංවාද කිහිපයක් ඔස්සේ විග්‍රහ කර ගත හැකි ය.

i. අයාලේ යන තරුණ පරම්පරාව
ii. අප අත්විඳින මජර දේශපාලනය
iii. වින්දනාත්මක විෂයයන්හි ප්‍රවණතා
iv. අනාගත තරුණයා පිළිබඳ උපකල්පනය

ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු තරුණ කොට්ඨාස ලෝක තරුණ සංවාදයේ දී කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටිති. දිළිඳුකම කේන්ද්‍රකොටගත් ගැටලු සමූහයක් මේ කොට්ඨාස කෙරෙහි බලපාන බව ද, එම සන්දර්භයෙහි කලාපවලට අනන්‍ය වූ ලක්ෂණ වෙන ම පවතින බව ද අධ්‍යයනවලින් හෙළිදරව් වී තිබේ. මෙහිලා විග්‍රහ වන දිළිඳුකමෙහි ස්වරූප දෙකක් පවතී. පළමුවන්න තරුණ නිපුණතා භාවිතයට ගත හැකි වැඩසටහන්, සැලැසුම් හා ප්‍රතිපත්ති අදාළ රාජ්‍යයන්හි නොමැති බව ය. දෙවන්න තරුණ පරම්පරාවට යුක්තිය හා සාධාරණත්වය අදාළ රාජ්‍ය තුළදී ඉටු වී නැති බව ය.
ශ්‍රී ලංකාවේ අත්දැකීම් ගතහොත්, තරුණ අසහනය යනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ එය සාකච්ඡා වී ඇත. 1989 හෝ ඊට ආසන්න කාලයක පිහිටුවන ලද තරුණ කොමිසමට සාක්ෂි ලබා දුන් තරුණයන්ගේ වාර්තාවලින්, මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි වෙයි. කැරැල්ලට සම්බන්ධ වූ එක්තරා ගැමි තරුණ‍යෙක් කොමිසමට කියා තිබුණේ 'අප කැරලි ගසන්නේ මන්දැ'යි සෙවීමට පෙර කුරුඳුවත්තේ දරුවන් කැරලි නො ගසන්නේ ඇයිදැ'යි සොයා බලනු යන්න ය. අපේ තරුණ අසහනයේ එක් පැතිකඩක් ඉන් විවරණය කෙරේ.
තරුණ පරම්පරාව හඳුන්වා දීම සඳහා විශේෂ යෙදුම් කිහිපයක් පවතී. අයාලේ යන තරුණයා, නන්නත්තාර තරුණයා, කැරලිකාර තරුණයා ඒ අතර වඩාත් ප්‍රචලිත ය. මේ සඳහා යොදන ශාස්ත්‍රීය යෙදුමක් ද තිබේ. එනම්; බොහීමියානු තරුණයා යන්න ය. බොහීමියන් යන්නෙන් ප්‍රධාන අදහස් දෙකක් ගම්‍ය වෙයි. එක; බොහීමියන් වාසී තරුණයා යන අර්ථය යි. අනෙක සිරිත් - විරිත් හා සම්ප්‍රදාය පිටුදකින තරුණයා යන අර්ථය යි. ශ්‍රී ලංකාව වැනි රටවල තරුණයාට ගැළපෙන හා පිළිගත හැකි සම්ප්‍රදායයක් දකින්නට නැත. එබැවින් ඔවුන්ගේ කැරලිකාර ස්වභාවය උත්සන්න වී තිබේ.
රචකයා මේ තරුණ පරම්පරාව නියෝජනය කරමින් දේශපාලනය, ප්‍රේමය හා ජීවිතය ගැන කේන්ද්‍රීය සිද්ධි ගණනාවක් පෙළගස්වයි. උසස් පෙළ හදාරණ ශිෂ්‍ය පරම්පරාව, විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා හා තරුණ සමාජ ක්‍රියාධරයා යනුවෙන් භූමිකා ගණනාවක් කතුවරයා විසින් ස්පර්ශ කරනු ලැබේ. මෙහිලා ඔහු ගොඩනඟන ප්‍රධාන තර්ක දෙකක් පවතී. එක; තරුණයන්ගේ සැබෑ අරමුණු ජය ගත හැකි දේශපාලන ධාරාවක් අපට නැති බව ය. දෙක; මහ පොළොවෙහි ඇත්ත පදනම් කරගත් එබඳු ව්‍යාපාරයක් මතුවට බිහිවිය යුතු බව ය.
තරුණ ප්‍රේමය නිරූපණයේදී චමත්කාරයට මුල් තැන දීමට කතුවරයා උත්සුක වී ඇත. චමෝ නංගාගේ ප්‍රේමයේ සිට දැහැමිගේ ස්නේහය දක්වා ස්ත්‍රීන් ගණනාවක් ඇසුරු කිරීමට කථකයා පෙලඹෙයි. ඒවා ස්වාභාවික සිදුවීම් ලෙස දක්වා ඇත. චමෝ නංගා, අනුරාධා, නිම්මි, ශාක්‍යා, නර්මදා, එරන්දි, දැහැමි යන අය පෙම්වතියෝ අතර සිටිති. ප්‍රේමය යනු කුමක් ද? එහි ලිංගික පාර්ශ්වය කෙබඳු ආස්ථානයක පවතී ද? යන ගැටලු ද මෙහි දී සාකච්ඡාවට ගැනෙයි. තරුණ ආදරය පිළිබඳ ඇතැම් නිරූපණවල ජීවිතය වටහා ගැනීමට අවශ්‍ය ඉඟි පවතී.

'නිම්මිට කලින් මගෙ හිත ගියේ නිම්මිගේ සෙරෙප්පු දෙකට'
(04 පරිච්ඡේදය; 73 පිටුව)

මිනිස් හැඟීම් පිළිබඳ ගැඹුරු අරුතක් මේ සංවාදයෙන් එළියට පනී. එය මනෝ විශ්ලේෂණය ඔස්සේ වඩාත් ගැඹුරින් විග්‍රහ කළ හැකි ය. එබඳු සංවාද, විවරණ හා විචාර කෘතිය පුරා ම දකින්නට ලැබේ.
දේශපාලනයේ දී දැඩි විවෘතභාවයක් අනුගමනය කිරීමට ද, අවශ්‍ය අවස්ථාවලදී තාර්කික විවේචන ඉදිරිපත් කිරීමට ද කතුවරයා උනන්දු වෙයි. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ පවා කතුවරයාගේ නිර්දය විවේචනයට ලක් වෙයි. යුද්ධය, ජාතිවාදය, ජාතිකවාදය පිළිබඳ සත්‍ය ‍තොරතුරු කෘතියට ඇතුළත් ය. මේ හැරෙන්නට ඇත්ත චරිත කතාවේ භූමිකා බවට පත් කරගෙන තිබේ. විමල් වීරවංශ, මහාචාර්ය නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර ඉන් චරිත කිහිපයකි. මේ නවකතාව දේශපාලන විවරණයක් සහිත ප්‍රබන්ධයක් ලෙස ද සැලැකිය හැකි ය. අපේ ප්‍රධාන දේශපාලන ධාරාවලට ‍රටේ ප්‍රශ්න හා තරුණ ගැටලු විසැඳිය නොහැකි බවක් ද‍‍; මේවා හුදු බල අරගලය සහිත අගතිගාමී ව්‍යාපාර බවක් ද කෘතිය අපට පැහැදිලි කරයි.
'මට උපාධිය නැති වුණා. මාලතී නැති වුණා. දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාළුවන්ගෙන් මම ඈත්වුණා. දැන් පක්ෂ සංවිධායකකමත් නැති වුණොත්, මම අක්මුල් සේරම ගලවගත්ත නිකම් ම නිකම් මිනිහෙක් විතරයි. ඇත්තට ම කිව්වොත් මම තාම දේශපාලනේ කරන්නෙ ‍මට දැන් පක්ෂෙ අතෑරල ගිහින් පය ගහන්න තැනක් නැති නිසා'
(13 පරිච්ඡේදය; 259 පිටුව)
මේ සංවාදය කෙනකුගේ විවේචනයට ලක්විය හැකි ය. ඊට ප්‍රති-තර්කයක් ගොඩනඟන අය ද සිටින්නට පුළුවන. එහෙත්, ජවිපෙ දේශපාලනයෙහිලා අත්විඳිය හැකි එක්තරා සත්‍යයක් ඉහත සංවාදයෙන් මතුවෙයි. එය අවධානයට ලක්විය යුතු කාරණයකි. වාමවාදී රැඩිකල් දේශපාලන ධාරාවක් සහිත පක්ෂයක් ලිබරල් ආර්ථිකය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ කෙසේ ද? උභතෝකෝටික ගැටලුවක් අප ඉදිරියෙහි පවතී. කතුවරයා ද එම ගැටලුව මතු කරයි.
ඉසුරු ප්‍රසංග මහතා තමන්ගේ සියලු සංවාද ගොඩනඟන්නේ එක් වැදගත් සාධකයක් පෙරටුකරගෙන ය. එහි මාතෘකාව අනාගත තරුණයා යැයි කියන්නට පුළුවන. අනාගත තරුණයා කෙබඳු තැනැත්තකු විය හැකි ද යන ගැටලුව ඔහු පාඨකයා හමුවේ තබයි. ඔහු තාක්ෂණික ඥානයෙන් පොහොසත්, දැනුමැ'ති, නිදහස් හා විචාරශීලී පුද්ගලයකු වීම කතුවරයාගේ සිහිනය බව පෙනී යයි. අයාලේ යන ප්‍රධාන චරිතය යම් ජයග්‍රාහී ස්ථානයකට ගෙන ඒමට කතුවරයා සමත් වෙයි. අවසන් කාලය වන විට රවිඳු යනු බෙහෙවින් පරිණත ස්වාධීන මිනිසෙකි. ඔහු අනාගත තරුණ පරම්පරාවට උපදේශන ලබාදිය හැකි තැනෙක සිටී.
අනාගත තරුණයා යන්න විවාදාපන්න මාතෘකාවකි. එය පැතිකඩ ගණනාවක් ඔස්සේ සංවාදයට ලක්කළ යුතු පුළුල් විෂයයක් ලෙස ද හඳුනාගත හැකි ය. මේ සම්බන්ධයෙන් ලෝක මට්ටමේ සමුළු හා සම්මන්ත්‍රණ පවත්වා තිබේ. ඒවායින් මතුවන වැදගත් ම සාධකයක් වන්නේ, තරුණ පරම්පරාව දේශීය වශයෙන්, කලාපීය වශයෙන් පමණක් නො ව; ලෝක මට්ටමෙන් ද සංවිධානගත විය යුතු බව ය. ඉසුරු ප්‍රසංග මහතා ද එම මතය පිළිගන්නා බවක් පෙනෙයි. 'පෙරටු රළ' නමින් කතාවේ එන සමාජ සංවිධානය එබන්දක් විය හැකි ය.
සරල තර්කනයකට ගියහොත්; අනාගත තරුණයා ලෝකය සමඟ අර්ථාන්විත ගනුදෙනුවකට යා යුතු කෙනකු විය යුතු ය යන්න බැහැර කළ නො හැකි ය. එම ඉඟිය කතුවරයා ද මතු කරයි. කතාවේ ආරම්භය සටහන් වන්නේ එබඳු තරුණ සංවිධානයක් පිළිබඳ කතිකාවකින් ය. එම කතිකාව ද, එහි එන සමාජ සංවිධානය ද විවාදයට ලක්විය හැකි ය. එහෙත් කතුවරයා මතු කරන ප්‍රධාන සාධකය වූ අලුත් තරුණ සංවිධානය ප්‍රතික්ෂේප කළ නො හැකි කාරණයක් සේ පවතී.
ප්‍රබන්ධ කථාවක් හැටියට ගත් විට එය ඉතා රසවත් ය. උණුසුම් සිදුවීම්වලින් සමන්විත ය. එක අතෙකින් එය ආත්ම කථනයක් ලෙස ද හැඳින්විය හැකි ය. කෘතියට ඇතුළත් සත්‍ය සිදුවීම් හා ප්‍රකාශන පාඨකයාට බෙහෙවින් ප්‍රයෝජනවත් ‍වෙයි. නිදසුනක් ගතහොත්, විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට ගනු ලබන තීරණය පිළිබඳ රහස්‍ය සාධක කිහිපයක් කෘතියට ඇතුළත් ය. ඒ අතින් බලන විට දේශපාලනයට සම්බන්ධ ඓතිහාසික කෘතියක් ලෙස ද මේ පොතට වැදගත්කමක් ලැබේ.
1949 දී රචනා වූ 'තියරි ඔෆ් ලිට්රච' නම් කෘතියෙහි සඳහන් වන අන්දමට, ප්‍රබන්ධ කතාවෙන් ඇත්ත ජීවිතය හා ඇත්ත සමාජ සිදුවීම් ගෙන හැර දැක්වීම ඉතා වැදගත් ය. හෙමින් වේ වැනි අමෙරිකන් ලේඛකයෝ මේ සාධකය හොඳින් භාවිත කළහ. නූතන ප්‍රබන්ධ කථාවෙන් ද එය උගුලා දැමිය නො හැකි ය. ඉසුරු ප්‍රසංග මහතා මුල මැද අග සහිත වටකුරු කතාන්දරයක් ඉදිරිපත් නොකරන අතර, ඔහු අවස්ථා හා සිද්ධි නිරූපණයට මුල් තැන ‍ලබා දෙයි. මෙහිලා ඔහු යොදාගනු ලබන උපාය මාර්ග කිහිපයක් ද තිබේ.
i. ආත්මීය සංවාද
ii. විදේශීය සංචාර‍
iii. ලිපි හුවමාරුව
iv. පුද්ගල සංවාද
v. කථකයාගේ කාව්‍ය රචනා
ආත්මීය සංවාද යොදාගෙන ඇත්තේ නිදහස් ලෙස ද, විවේචනාත්මක ලෙස ද ඇතැම් කරුණු දැක්වීම සඳහා ය. ඇතැම් ලිපියකින් චමත්කාරය මතුවෙයි. තවත් ලිපියකින් දේශපාලන විවේචන ඉදිරිපත් වෙයි. කථකයා විදේශ සංචාරවලට එකතු වෙමින්, අපේ ලෝක දැනුම තියුණු කරයි. පුද්ගල සංවාද යොදාගෙන ඇත්තේ සිදුවීම් විස්තාරණයට ය. කවිවලින් හැඟීම් උද්දීපණය කරයි.
භාෂාව අවස්ථාවෝචිතව හසුරුවා ගැනීමේ බුහුටිකමක් කතුවරයාට තිබේ. ඔහු සිය වෘත්තාන්තය ගෙත්තම් කිරීම සඳහා කථනයට නැඹුරු හෘදයාංගම භාෂා රටාවක් යොදා ගනී. ඒ අතර ඇති අපූරු යෙදුම් කිහිපයක් තව ම අප මතකයේ රැඳී පවතී.
'ඒකෙන් පුළුවන් මූදට දෙහි මිරිකන්න විතරයි'
(පිටුව -182)
'මුළු කොළඹ නගරෙම බීජිංවලට ගෙනිච්චොත් පොල් කට්ටකින් වහල තියන්න පුළුවන්'
(පිටුව - 186)
කතුවරයාගේ පුවත්පත් කලාව හා මේ ප්‍රබන්ධය අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කරන විට ‍එමිල් සෝලා වැනි ලෝක ප්‍රකට ප්‍රබන්ධ කතාකරුවකු සිහියට නැගේ. එමිල් සෝලා ද පුවත්පත් කලාවේ අත්දැකීම් හා නිපුණතා නවකතාව සඳහා යොදාගෙන ඇත්තේ සමාජ අරගලය ද ඊට සම්බන්ධ කරගනිමින් ය. මේ කතාවේ දුර්වලතා දෙකක් ද පවතී. එක; සංස්කරණය කෙරෙහි උනන්දු නො වීම ය. දෙක; සූක්ෂ්ම නිරූපණ කෙරෙහි නැඹුරු නො වීම ය. කෙසේ වුව 'ප්‍රේමතෝ ජායතී ‍අසෝකෝ' යනු වැදගත් ප්‍රබන්ධයකි.

රන්ජන් අමරරත්න - 2018.5.9 දිණමින - කටගැස්ම

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ආර්ථිකය කඩා වැටිලා... මහ බැංකු වාර්තාවෙන් කබ්රාල් සාක්‍ෂි පෙන්වයි

කතෘ:යුතුකම     5/10/2018   No comments
අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති
සංවාදය - ශ්‍යාම් නුවන් ගනේවත්ත [Divaina]
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවේ (2017) සඳහන් වන පරිදි ආර්ථික වර්ධනයේ සිදුව ඇති පසුබෑම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමේ ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ විග්‍රහයක්‌ මෙසේ පහතින් සටහන් වේ.

2006 වසරේ සිට 2014 දක්‌වා අපේ රටේ යම්කිසි ගමනක්‌ ආවා. ඒ කාලයේ සියයට 6.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක්‌ අපි වාර්තා කළා. පසුගිය වසර තුනේ ආර්ථික වර්ධනය දිගටම අඩුවෙලා සාමාන්‍ය ආර්ථික වර්ධනය සියයට 4.1 දක්‌වා අඩුවෙලා තියෙනවා. මේ අනුව ආර්ථික වර්ධන වේගයේ විශාල කඩා වැටීමක්‌ පසුගිය කාලය තුළ සිදුවෙලා තියෙනවා. නවතම මහ බැංකු වාර්තාව (2017) අනුව ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 යි එය වර්ෂ 16 කට පසු වාර්තා කළ අඩුම ආර්ථික වර්ධනයයි. මීට පෙර වර්ෂ 2001 දී ආර්ථික වර්ධනය සෘන තත්ත්වයට පත්වුණා. ඒ අනුව වසර 28 ක්‌ තුළ වාර්තා වූ දෙවැනියට අඩුම ආර්ථික වර්ධනයත් මේකයි.

මෙවර මහ බැංකු වාර්තාව පුරාවට අසාමාන්‍ය හා සැක කටයුතු ආකාරයට දත්ත වෙනස්‌ කිරීමට ගත් උත්සාහයන් දකින්නට තිබෙනවා. මෙය සත්‍ය සඟවා රජයට වාසිදායක ලෙස දත්ත ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක්‌. උදාහරණයක්‌ ලෙස 2017 වසරේ වාර්තා වී ඇති රු. බිලියන 13289 ක පවත්නා වෙළෙඳපොළ මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය අතිශයින් සැක කටයුතු ඉහළ අගයක්‌. එසේම අනෙකුත් අගයන් සමඟ නොගැලපෙන අගයක්‌. අපි දැනටමත් 2016 වසරේ සැබෑ ආර්ථික වර්ධනය සියයට 2.2 ක්‌ බව තර්කානුකූලව පෙන්වා දී තිබෙනවා. එසේම වත්මන් රජය යටතේ මහ බැංකුව නිකුත් කළ සෑම මහ බැංකු වාර්තාවකම දළ දේශීය නිෂ්පාදන අවධමනය හිතෙන හිතෙන පරිදි වෙනස්‌ කරමින් 2014, 2015, සහ 2017 යන වසරවල ආර්ථික වර්ධන වේගය තමන්ට පෙන්වීමට අවශ්‍ය ආකාරයට සකස්‌ කරගෙන ඇති බවත් පෙනෙනවා. එය ඉතාම බරපතළ කරුණක්‌.

පසුගියදා රුපියල සැලකිය යුතු පිරිහීමකට ලක්‌වුණා. එහිදී මම මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළා. එම ප්‍රකාශයෙන් පැහැදිලිවම කිව්වේ අදාළ සතිය තුළදී පමණක්‌ සිදුවූ රුපියලේ අවප්‍රමාණය නිසා අපේ ණයට රු. බිලියන 47 ක්‌ එකතු වූ බවයි. මේ කතාව අලුත් කතාවක්‌ නොවෙයි. 2015, 2016 සහ 2017 යන මහ බැංකු වාර්ෂික වාර්තා සියල්ලේම මහ බැංකුව පැහැදිලිවම කියනවා රුපියලේ අවප්‍රමාණය නිසා අහවල් මුදලක්‌ අපේ ණයට එකතු වුණා කියලා. මමත් කියලා තියෙන්නේ ඒකමයි. මම වසර 9 ක්‌ මහ බැංකු අධිපති ලෙස කටයුතු කළා. ඒ කාලෙ දැන් ඔය ඉන්න අයගෙන්ම මහ බැංකු ක්‍රියාවලිය ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා මම කියපු කතාව සම්පූර්ණයෙන්ම එකඟයි මහ බැංකුවත් සමඟ. මහ බැංකු වාර්තා ගත්තොත් මම ඒකෙ තියන වචනවලින්ම කියන්නම්, එනම් 2017 වසර අග වනවිට ප්‍රධාන විදේශ ව්‍යාවහාර මුදල් කීපයකට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සමස්‌ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 225.2 ක්‌ වැඩිවුණයි කියලා එහි සඳහන් මේ 2017 වසරෙදි රුපියල අවප්‍රමාණය වීම නිසා සිදුවූ ණය වැඩිවීමයි. 2016 වසරෙදිත් ඒ විදිහටම මහ බැංකුව කියලා තියෙනවා රටේ සමස්‌ත ණය තොගය රු. බිලියන 186.6 කින් වැඩිවුනයි කියල. ඒ විදිහටම ලියලා තියෙනවා 2015 වසරෙදීත් විදෙස්‌ ණය ප්‍රමාණය රුපියල පිරිහීම නිසා රු. බිලියන 285 කින් වැඩිවුණා කියල. ඒ කියන්නෙ මේ වසර තුන තුළදී අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් වලින් රුපියලේ අවප්‍රමාණය වීම නිසා පමණක්‌ රු. බිලියන 686.9 කින් වැඩිවෙලා තියෙනවා. දැන් එක සතියක රු. බිලියන 47 ක්‌ ගැන කතා කළවිට මේ අයට ගැරඩියට භූමිතෙල් ගැහුව වගේ කුලප්පු වෙන්න දෙයක්‌ නෑ. මොකද ඒ අයගේ වාර්තාවෙම ඒක තියෙනවා. ඒ නිසා මට තේරුම් ගන්න බෑ මොකක්‌ද මේ කළබලය කියලා. එහෙම වුණාම මහ බැංකුව සහ ආණ්‌ඩුව ඒ ගැන කටයුතු කරලා එහෙම නොවෙන්න නම් ඒ සඳහා කටයුතු කරන්න ඕන. ඒකයි මම කියන්නෙ. මෙහෙම වුනා කියලා මම කාටවත් ඇඟිල්ලක්‌ දික්‌ කරනනෙ නෑ. ඒ ගොල්ලො මට ඇඟිල්ල දික්‌ කරාට අංක ගණිතයේ වැරදීමක්‌ වුණයි කියලා.
ප්‍රශ්නයක්‌ වුණාම මූලිකම දේ තමයි ඒ ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. මෙතන ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ නිසානෙ මහ බැංකු වාර්තාවෙත් ඕක ලියන්නෙ. මහ බැංකු වාර්තාවෙ තවදුරටත් කියනවා 2018 වසර තුළදී තවත් සියයට 2.9 කින් රුපියල අවප්‍රමාණය වුනයි කියලා. එහෙම වුණා නම් දැන් තියන විදේශ ණය තොගය රුපියල් වටිනාකමින් වැඩිවීම තවත් රුපියල් බිලියන 136.9 ක්‌ වෙනවා. ඒ කියන්නෙ මේ යහපාලන රජය ආවට පසුව රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක්‌ අපේ ණය ප්‍රමාණයට රුපියල් වලින් තව රු. බිලියන 833.8 ක්‌ (රු. කෝටි 83380 ක්‌) එකතුවෙලා තියෙනවා. ඒකට සාපේක්‌ෂව අනිත් පැත්තේ අපට කිසිම වත්කමක්‌ ගොඩනැගිලා නෑ.

මේ රු. බිලියන 833.8 ක ණය වැඩිවෙලා තියෙන්නේ. 2015, 2016, 2017 සහ 2018 වසරේ අප්‍රේල් දක්‌වා කාලය තුළයි. ඇත්තටම මම රු. බිලියන 47 ක වැඩිවීම ගැන පමණයි කතා කළේ. ඒ ගැන මම සමාව ඉල්ලනවා. හරි නම් මම කතා කරන්න තිබුණෙ මේ බිලියන 833.8 ගැනයි. රුපියල පිරිහීම නිසා ඇත්තටම වෙලා තියෙන විපාකය මේකයි. රාජපක්‍ෂ යුගයේ මම මහ බැංකු අධිපෙති වෙලා සිටියදී චෝදනා නැගුවේ ගත්ත ණයවලින් හදපු සම්පත් ප්‍රමාණයවත් මදියි කියලයි. යටිමඩි ගැහුqවයි කියලත් කිව්වා. මෙතනදී මම කියන්නේ අපේ රටේ ණය ප්‍රමාණය ගණනය කරද්දි මේ කොටස එනම් මේ රු. බිලියන 833 තියනවා. දැං මම ඇහුවොතින් මේ වැඩි වූ රු. බිලියන 833 ට තියන සම්පත මොනවද කියලා මුකුත් නෑ. ඒකයි මගේ තර්කය.

ගන්න ණය ඩොලර්වලින්මයි ගෙවන්නෙ කියල කිව්වට එහෙනම් ගිහින් බලන්න විසර්ජන පනත දිහා. එහි රජය හැම අවුරුද්දෙම රු. බිලියන ගාණක්‌ වෙන් කරනවා ණය ගෙවීම සඳහා කියලා. ඒ වෙන් කරන්නේ එදාට පවතින විනිමය අනුපාත අනුවයි. ඒ විදේශ ණය ගන්න විට තිබූ විනිමය අනුපාත අගයන් අනුව නොවෙයි. ඒක මතක තියා ගන්න. එතකොට අද තිබෙන විනිමය අනුපාතය අනුව තමයි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නෙ අයවැයෙන් මෙතරම් රුපියල් ගණනක්‌ අපට අවශ්‍යයි කියලා. එනම් ඩොලර් ගන්න, පවුම් ගන්න, යෙන් ගන්න සහ යුරෝ ගන්න කියලා වෙන්කර ගන්නවා. එහෙම නම් මොකක්‌ද මේකෙන් කියවෙන්නෙ. මේක නාමික නොවෙයි. මේක ඇත්ත වශයෙන්ම ගෙවිය යුතු මුදල් බවයි.

ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙ ණය ගෙවා ගන්න බෑ ඒ නිසා අපිට බදු අය කරන්න ඕන කියලා. දැං ඔය ණය වැඩිවෙන්නෙ නාමිකව පමණක්‌ නම් බදු ගහන්න ඕන නැහැනෙ. ගත්ත ණය ගෙවන්නෙ ඩොලර්වලින් පමණයි කියල නිකං ඉන්න පුළුවන්නේ. එහෙම තර්කයක්‌ ගේන්න බෑ. මේකෙ නාමික කතාවක්‌ නෑ. අයවැයට ගිහින් බලන්න. අයවැයෙන් මේ රටේ මහජනයාගේ මුදල් මෙව්චරක්‌ වෙන් කරනව කියලා කියනව ණය ගෙවන්න ඒ මුදල්වලින් තමයි මේ ණය ගෙවන්නෙ.

එතකොට අපි ණය ගත්ත කාලෙ ඇමෙරිකානු ඩොලරයක්‌ තිබුණෙ රු. 130 නම් ඒක වැඩක්‌ නෑ. දැං ඩොලරයට රු. 159 ක්‌ ගෙවන්න ඕන. දැන් රු. 159 ක්‌ ගෙවල තමයි අයවැයෙන් වෙන් වෙන්නේ. ඒ වෙන් කරල තියන මුදල් මදි නම් තව අතිරේක මුදලුත් වෙන්කර ගන්නවා. ඒ නිසා මම දන්නෙ නෑ කොහෙන් මේ නාමික කතාවක්‌ ගෙනාවද කියල. ඒ කතාවට මට නම් කියන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් 'complete nonsanse කියලයි.

ඩොලර්වලින් ගන්න ණය ගෙවන්නෙ ඩොලර්වලින් පමණයි සහ ඒව ගෙවන්නෙ විදේශ සංචිතයෙන් කියන කතාවෙ භාගයක්‌ ඇත්ත. දැං මට කියන්න සංචිත එන්නෙ කොහොමද කියලා? සංචිත එකතු කරගන්නේa මහ බැංකුව වෙළෙඳපොළට ගිහින් ඩොලර් සල්ලි දීල ගන්නව. ඒ සල්ලි දීල ඩොලර් ගත්ත විට ගෙවන්න තියන මුදල් කලින්ට වඩා වැඩි නම් ඒ කියන්නෙ මහ බැංකුව විදේශ ණය පියවීමේදී එදාට වැඩියෙන් ගෙවන බවයි. මහ බැංකුව රජයේ ණය ඩොලර්වලින් ගෙව්වට රජය ඒ ප්‍රමාණය මහ බැංකුවට පියවන්න ඕන. නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම්ගේ ගිණුමට හර කරන්නේ ඒකයි. මහ බැංකුව රජයට ඩොලර්වලින් දුන්නම ණය පියවන්න ඒක නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම්ගේ ගිණුමට හර කරන්නේ රුපියල් වලින් මිස ඇමෙරිකානු ඩොලර්වලින් නොවෙයි. මහ බැංකුවට තියෙන්නේ විවිධ අවස්‌ථාවලදී පුළුවන් පුළුවන් අවස්‌ථාවලදී ඩොලර් අරන් තියාගන්න. ඒ ඔක්‌කම ඩොලර්වලට ගෙවන්නේ රුපියල් වලින්. ඒ නිසා මහ බැංකුවේ විදේශ සංචිතවලින් විදේශ ණයවලට ගෙවීම් කළාට ඒ සංචිත ගොඩනඟා ගැනීම සඳහා මහ බැංකුව රුපියල් ලබා දෙන්න ඕන. දැන් පසුගියදා මහ බැංකුවට ඩොලර් බිලියන දෙකහමාරක්‌ ගත්තා. ඒක සංචිතයට එකකුකර ගත්තම ඒක හරි. ඒකෙ කිසි ගැටළුවක්‌ නෑ. එහෙත් ඒ සඳහා රජයට මුදල් දෙන්නේ රුපියල්වලින් මොකද ඒ ණය ඩොලර් වලින් ගත්තෙ රජය නිසයි.

රුපියල පිරිහීමෙන් විදේශ ණය වැඩිවෙන්නෙ නැහැ සහ මහජනයාට කිසිම බලපෑමක්‌ වෙන්නෙ නැහැ කියලා මහජනයා නොමග යවන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැහැ. මහ බැංකුවයි රජයයි අයින් කරල දාලා අපි මෙහෙම හිතමු. ඔබ ඩොලර් 100 ක්‌ ණයට ගන්නවා. ගන්න විට ඩොලරයක අගයක රු. 130 යි. ඊට පසු වසර පහකට පසු ගෙවන්න වෙනකොට රු. 160 ක්‌ ගෙවන්න වෙනවා නම් ඩොලරයකට, ඒ ඩොලර් සපයා ගන්න වෙන්නෙ ඩොලරයකට රු. 160 ක්‌ ගෙවලා. එනම් ඩොලරයේ වර්තමාන අගයට තමයි ඩොලර් ගන්න වෙන්නේ. ඒ ණය පියවීමට. ඒකයි මම මෙතන කියන්නේ. ඒ නිසා ඒ ණය ගන්නවිට ඩොලරයක්‌ රු. 130 ක්‌ වුණාම ඒ ණය පියවනවිට රු. 160 ක පිරිවැයක්‌ දරන්න වෙනවා.

දැන් අපි බලමු රුපියල අතිප්‍රමාණය වුණහම වන තත්ත්වය. එහිදි රු. 130 ට ගත්ත ඩොලරයේ වටිනාකම රු. 110 ට අඩුවෙලා තිබුණා නම් ඒ අස්‌ථාවෙදි ඒ ණය පියවීමට අපට ඩොලරයක්‌ වෙනුවෙන් දරන්න වෙන්නේ රු. 110 ක්‌ පමණයි. මට අහන්න ලැබුණ වර්තමාන අධිපතිවරයා කියලා තිබුණා පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීමේදී පාඩුවක්‌ වෙනව නම් රුපියල අතිප්‍රමාණය වුණොත් එහිදි ඉතුරුවක්‌ වෙන්නත් ඕන කියලා. ඔව් එතකොට ඩොලර් සපයා ගන්න වැයවන රුපියල් පිsරිවැය අඩුයි. යම් යම් සාර්ව ආර්ථික හේතු නිසා අපේ රුපියල අතිප්‍රමාණය වුණොත් ණය ගත්ත පුද්ගලයට ඒ ඩොලර් ණය පියවීමට අඩුවට ඩොලර් ගන්න පුළුවන්. ඩොලර්වලින්නෙ ඒ ණය අරන් තිබුණෙ. මේ ළඟදි රජය ගත්තා බිලියන දෙකහමාරක ණයක්‌. ඒ ගනිද්දි තිබුණු විනිමය අනුපාතයට වඩා සතියකට පසු තවත් සියයට දෙකකින් රුපියල අවප්‍රමාණය වෙලා නම් එතකොට අර පොලී අනුපාතය සියයට 6.75 නොවෙයි. ඒකට එකතු කරන්න වෙනවා අර සියයට 2 ත්. මොකද එය ගෙවන වෙලාවකදි පාර්ලිමේන්තුවෙන් වෙන් කරන්න වෙන්නේ ඒ මුදලයි. වර්ෂ 2028 දි නම් පියවන්නෙ එදාට පාර්ලිමේන්තුවට වැඩිපුර සල්ලි වෙන් කරන්න වෙනවා. මම හිතන්නෙ මේ වගේ කතා කියනවාට වඩා හොඳයි මේකෙ අර්ථය තේරුම් ගන්න එක. ඒ අයට ගැටළුවක්‌ නොවෙයි නම් මටත් මේකෙ ගැටළුවක්‌ නෑ. නමුත් මෙතන ගැටළුවක්‌ තියෙනවා. රුපියල පිරිහුනහම කිසිම ප්‍රශ්නයක්‌ නෑ කියන එක මහජනයාට පිළිගන්න පුළුවන්ද? මහ බැංකුව කළ යුත්තේ මෙතන ප්‍රශ්නයක්‌ තියනව කියල පිළිඅරන් ඒ අනුව කටයුතු කිරීමයි. එහෙම නැතුව මහ බැංකුව කියනව නම් මේකෙ කිසි ප්‍රශ්නයක්‌ නෑ අපි කැමැතියි තව තවත් රුපියල අවප්‍රමාණය වෙනව නම් කියලා. එවිට වෙන්නෙ ප්‍රශ්නය තවත් සංකීර්ණ වීමයි.

මම දැක්‌ක හර්ෂ ද සිල්වත් කියල තිබුණා රුපියල පිරිහෙන එක රටට හොඳයි කියලා. එහෙනම් ඒ අයට තියෙන්නේ ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරගෙන යන එකයි. මහජනයා නම් තේරුම් ගනියි මේ කියන කතා මොන මෝඩ කතාද කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ 'Fools paradise' කියලයි. මේ මෝඩයාගේ පාරාදීසයේ කවුරු හරි ඉන්නව නම් ඒ අය පෙළොවට පය ගහලා තේරුම් අරගෙන, මෙතන ප්‍රශ්නයක්‌ තියෙනව කියලා ඒකට උත්තර සපයා ගන්න එක තමයි කරන්න ඕන. මේක පෙන්වල දෙන අයට බැනලා ඒ අයට අංක ගණිතය දන්නෙ නෑ කියන එක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නය. මට බැන්නට ප්‍රශ්නයක්‌ නෑ ඇත්තටම. මං දැං විවේක සුවයෙන් ඉන්න පුද්ගලයෙක්‌. ඒ නිසා මට කවුරු හරි බැන්නට ප්‍රශ්නයක්‌ නෑ. ඒත් මම මේ රටට ආදරය කරන පුද්ගලයෙක්‌. මම දන්නව මේකෙ විපාකය. මේක පෙන්වල දෙනවිට ඒ අයට පේන්නෙ අංක ගණිතමය වැරැද්දක්‌ ලෙස නම් ඒ අයට එහෙම හිතාගෙන හිටියාට මට කරන්න දෙයක්‌ නෑ. මම ඒ ගැන වෙහෙසෙන්නෙත් නෑ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/06/2018

ප්‍රභාකරන් සමග සැඟවී නැටීම සහ සුමන්තිරන් සමග එළියේ නැටීම

කතෘ:යුතුකම     5/06/2018   No comments


ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි. ජාතිවාදී සිංහලයාට එරෙහිව දෙමළා සමඟ කෙලින් හිටගැනීම සමාජවාදය සඳහා මෙතෙක් නොතිබූ එකම සුදුසුකම සම්පූර්ණ කර ගැනීමකි. මේ ඔස්සේ ජවිපෙට අත්වන කඩිනම් ජයග්‍රහණ මින් මතු අපටද හිනාවෙමින් රස විඳිය හැකි වනු ඇත.

දෙමළ මුස්ලිම් ජනතාව සමඟ කවුරුන් හෝ දේශපාලනය කිරීමේ වරදක් නැත. එහෙත් දෙමළ ජනතාව හා දෙමළ ජාතිවාදය යනු එකක් නොව දෙකකි. දෙමළ ජනතාවගෙන් ඡන්ද සීයක්වත් ලබාගත නොහැකි ජනතා විමුක්ති පෙරමුණ මේ සිටගෙන ඇත්තේ ජනතාව සමඟ නොව දෙමළ ජාතිවාදය සමඟය. දෙමළ, සිංහල, මුස්ලිම් කිසිදු ජාතියක් අතර සාමාජිකයන් දහයක්වත් නැති වික්‍රමබාහු වැනි බොහෝ වම්මුන්ගේ අවසාන නවාතැන වූයේද එතැනය. ජවිපෙ ෆේස්බුක් නොදරුවන්ට මෙය අලුත්ම මැජික් එකක් වුවද ජවිපෙ දෙමළ ජාතිවාදයට ගොදුරු වූයේ අද ඊයේ නොව මීට දශකයකට පමණ පෙරාතුවය. ඔවුන් එදා කෙලින් සිට ගත්තේ සුමන්තිරන් සමඟ නොව මිනීමරු ප්‍රභාකරන් සමඟය. එය මෙලෙස එළිපිට සිදුකළ සිටගැනීමක් නොවුණද ප්‍රභාකරන්ට අවශ්‍ය පීල්ලට මාරුවී විහින් වැනසීමට ජවිපෙ කටයුතු කළේ බොහෝ කාලයකට පෙර සිටය. පහත කෙටියෙන් පෙළ ගස්වා ඇත්තේ ඒ පිළිබඳ ඛේදනීය මතකයෙන් බිංදු මාත්‍රයක් පමණි.

>යුද්ධයේ තීරණාත්මක අවස්ථාවලදී වැඩ වර්ජන පැවැත්වීම ඇතුළු හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඔස්සේ දිගින් දිගටම ආණ්ඩු පෙරළීමට උත්සාහ ගැනීම.

>යුද්ධයේ තීරණාත්මක සමයක් වූ 2008 අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පෙරළා රනිල් බලයට ගෙන ඒමට ගත් ද්‍රෝහී උත්සාහය.

>ජාතික දැක්මක් සහිත සටන් පාඨ අතහැර බෙදුම්වාදයට අවශ්‍ය එන්ජීඕ සටන් පාඨ වෙත මාරුවීම.

>දිගින් දිගටම ගල් පැලෙන බොරු ගොතමින් මහින්ද කිසිදා යුද්ධය නිමා නොකරන බවට මතයක් සමාජගත කිරීම.

>යුද්ධයේ අවසාන දින කීපය තුළ බර අවි ප්‍රහාර නතර කිරීම පවා යුද්ධය නතර කිරීමක් බව පවසමින් රට පුරා අත් පත්‍රිකා බෙදා හැරීම.

>යුද්ධයෙන් පසු එහි දේශපාලන නායකත්වය පිළිබඳ කිසිදු සඳහනකින් තොරව රණවිරුවන්ට පමණක් ස්තුති කරමින් පෝස්ටරයක් ඇලවීම.

>යුද්ධයෙන් පසු දීප්ති කුමාර, ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි වැනි බෙදුම්වාදී විකල්ප පුස්සන් යොදා ගනිමින් ලංකා පුවත්පත හරහා දිගින් දිගටම යුධ ජයග්‍රහණය හෑල්ලුවට ලක්කිරීම.

>රටට සාමය උදාකළ නායකයා තම ප්‍රධාන සතුරා බවට පත් කරගනිමින්, බෙදුම්වාදී රනිල්ට රට ගොදුරු කිරීම සඳහා වසර කීපයක් පුරා දියත් කළ ගොබෙල්ස් මෙහෙයුම.

>ආණ්ඩුවේම කොටස්කරුවන් වන දෙමළ ජාතිවාදීන්ට විපක්ෂ නායක ධුරය හිමිකර දීම.

>යහපාලනය යටතේ හිස ඔසවන දෙමළ ජාතිවාදය, උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා, රණවිරු දඩයම, ආදිය පිළිබඳ කෙළ පොදක් බිම නොහෙලීම.

>ඊනියා අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීම.

>ත්‍රස්තවාදය පරාජය කිරීම ලෝකයේ සිදුවූ ලොකුම අපරාධය ලෙස සලකන අන්ත ජාතිවාදී සිවල් සමාජ තක්කඩියන් තම මැතිවරණ ප්‍රවර්ධකයන් බවට පත් කරගැනීම.

>රනිල්ගේ විනාශකාරී බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා සිදුකළ සුවිශාල මැදිහත් වීම.

>ව්‍යවස්ථා ප්‍රයත්නය අසාර්ථක වූ පසු ඊනියා විධායක විරෝධයක් හරහා බෙදුම්වාදයට අවශ්‍ය මාවත එළිකරදීම සඳහා ගනිමින් සිටින නින්දිත උත්සාහය.

විස්තරාත්මකව කියන්නේ නම් තව කිවහැකි දේ අති මහත්ය. ඒ අනුව ජවිපෙ අලුතින් සිදුකරගත් විප්ලවයක් නැත. මිනීමරු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය තුරුලේ විප්ලව සිහින දකින්නට ගිය වාමාංශිකයන්ට කාටත් අත්වන ජයග්‍රහණය ඔවුන්ට දැනටමත් අත්වී හමාරය. පෙරටුගාමීන් පුස්සන්ට නම් ඒ ජයග්‍රහණය ඉස්මුරුත්තාවද ඉක්මවා ගොස් තිබේ. දිවි හිමියෙන් දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියද, මෙරට වාමාංශිකයන්ට එයින් දිනාගත හැකි කිසිදු ඉටි ගෙඩියක් නැත. දෙමළ ජාතිවාදීන්ට වම්මුන් යනු තම බෙදුම්වාදී හොද්ද රසවත් කරගැනීම සඳහා ඇති අසරණ කරපිංචා නැට්ටක් පමණි. කරපිංචා නැට්ටට හිමි තැනට වඩා වැඩි යමක් ඔවුන්ට ජාතිවාදීන් වෙතින්වත් හිමි වන්නේ නැත. අඩුම තරමේ දෙමළ මුස්ලිම් ඡන්ද දෙතුන් සීයක් හෝ දිනා ගැනීම ඔවුන්ට තව කල්පයකින්වත් කළ නොහැක්කකි. ජවිපෙට දැන් තියන ඡන්ද ලක්ෂ පහ හෝ හිමිවන්නේ ගෝත්‍රවාදී යැයි කියන, ජාතිවාදී යැයි කියන සිංහලයා නිසාය. අන්ජාන් උම්මා වැනි ජවිපෙ මුස්ලිම් මන්ත්‍රීවරියන් එදා පාර්ලිමේන්තු ගියේද ඊනියා මුස්ලිම් සහෝදරත්වයක් නිසා නොව සිංහලයන්ගේ ඡන්ද නිසාය. ඇගේ ගමේ ඇගේ ළඟම මුස්ලිම් නෑදෑයන්වත් ගසට මිස අන්ජාන් උම්මාට ඡන්දය දුන්නේ නැත.

දෙමළ ජාතිවාදයේ ආශිර්වාදය ජයග්‍රහණයක් ලෙස ජවිපෙ වත්මන් ඇච්චන් අර්ථ දක්වන්නේ නම් ඔවුන්ට ඒ ජය හිමිවී දැන් බොහෝ කල්ය. තිස් නමයක් ලෙස තිබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වසර හයක් තුළ හතර දක්වා වර්ධනය වීමද ඒ ජයග්‍රහණයේ එක් ප්‍රතිඵලයකි. එක් අතකින් ජවිපෙ මෙසේ කිරීම රටට හොඳය. හැංගි හැංගි ප්‍රභාකරන් සමඟ එකට සිට ගැනීමට වඩා සුමන්තිරන් සමඟ එළියේ නැටීම රටේ වාසනාවකි. ඒ ඊනියා දූෂණ විරෝධයට රැවටී ජවිපෙට ලබාදෙන ජන්ද ලක්ෂ පහ ඉදිරියේදී තව සීයට පනහකින් පහළ දැමීමට ඔවුන්ගේ නවතම ක්‍රියාමාර්ග නිසැක හේතුවක් වන නිසාය.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/01/2018

පිටස්තර බලවේගයක් ජවිපෙ හසුරුවන බව පේනවා - ආචාර්ය නාලක ගොඩහේවා

කතෘ:යුතුකම     5/01/2018   No comments
මේ වනවිට රට තුළ බරපතළ දේශපාලන අස්ථාවරත්වයක් මතුව තිබෙනවා. ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මෙය වත්මන් රජය බලයට ආ අවස්ථාවේ සිටම අපි දැන සිටි වැළැක්විය නොහැකි අර්බුදයක්. හේතුව වත්මන් රජයේ පාර්ශ්වකරුවන් එකිනෙකට නොගැළපීම. එක්සත් ජාතික පක්ෂය කවදත් ධනේශ්වර පක්ෂයක්. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික නැඹුරුවක් ඇති පක්ෂයක්. මේ පක්ෂ දෙකේ මූලික ප්‍රතිපත්ති, මතවාදයන් එකිනෙකට වෙනස්. එළ හරකෙක් හා මී හරකෙක් නගුලට බැඳගෙන කුඹුරක් හාන්න උත්සාහ කරනවා වගේ එකිනෙකට නොගැළපෙන මතවාදයන් කරපින්නාගත් පක්ෂ දෙකක් ප්‍රධාන කරගත්ත යහපාලන හවුල් ආණ්ඩුව අසාර්ථක වීම පුදුමයක් ‍නෙවෙයි. විටින් විට කැබිනට් සංශෝධන කරමින් මොන ‍පොරොන්දු ජනතාවට දුන්නත් ඉදිරි කාලය තුළ මේ දේශපාලන අර්බුදය එන්න එන්නම උග්‍ර වෙනවා මිස විසඳුමක් බලා‍පොරොත්තු වෙන්න බෑ.

මේ අර්බුද විසඳන්නට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අවංකව උත්සාහ කරනවා කියා ඔබ පිළිගන්නේ නැද්ද?

ඔවුන් රටේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට අසමත් බව දැනටමත් පෙන්වා තිබෙනවා. කලින් කලට විවිධාකාර මාධ්‍ය සංදර්ශන හරහා ජනතාවගේ ප්‍රශ්න අමතක කරවන්නට උත්සාහ කරනවා පමණයි. නමුත් ජනතාව දැන් දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඔවුන් රවටන්නට තවදුරටත් පහසු නැහැ.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් මතුව තිබෙන බවක් පෙනෙනවා. රජයේ හවුල්කාර පක්ෂයක් තුළ මතුව ඇති මෙම තත්ත්වය රජයේ ඉදිරි ගමනටත් බලපෑමක් ඇතිකරාවිද?

ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවල රජයේ මැති ඇමැතිවරු විශාල කණ්ඩායම් ලෙස ආණ්ඩුවලින් ඉවත් වූ හැමවිටම ඉන් සනිටුහන් වූයේ පවතින රජයේ අවසානයයි. එවැනි ඉවත්වීමකින් පසුව පැවැත්වුණ හැම මැතිවරණයකින්ම බලයේ සිටි රජය පරාජය වුණා. එසේ දේශපාලනඥයන් පවතින රජයක් හැර යන්නේ හරියට ගිලෙන නැවකින් මීයෝ එළියට පනිනවා වගේ ජනතා රැල්ල මොන පැත්තටද කියා ඔවුන්ට ඉව වැටෙන නිසයි. මෙවර 16 දෙනකු රජයෙන් ඉවත් වුවහොත් මීළඟ මැතිවරණයේ ප්‍රතිඵලය ඒ අනුව අපට සිතාගත හැකියි.

විශ්වාසභංගයෙන් පසු යළිත් ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ගැන සංවාදයක් ඇරඹී තිබෙනවා. මෙහි පෙරමුණ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය දෙස සමීපව බලන කෙනකුට ඇතිවන සැකය නම් ඔවුන් යම් පිටස්තර බලවේගයක් මගින් හසුරුවන බවයි. ඔවුන්ගේ ප්‍රමුඛතා තීරණය වන්නේ කාගේ අවශ්‍යතාවට වුණත් ජනතාවගේ අවශ්‍යතාවන් මත නම් නොවෙයි. විශ්වාසභංගයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී සිටියදී ජනතා අවධානය ඉන් ඉවතට යොමු කරවීම සඳහාද හදිසියේ මෙම ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවක් මේ අයට මතක් වුණේ කියා අප කල්පනා කළ යුතුයි.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?

ජේ.ආර්. ජයවර්ධන ගෙන ආ 1978 ව්‍යවස්ථාව මගින් තමයි මේ රටට ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ. එය එතෙක් පැවති පාලන ක්‍රමයේ බරපතළ වෙනසක්. මේ වනවිට එම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා.

ඉන් බොහෝමයක් සුළු සුළු සංශෝධන. නමුත් මේ සංශෝධන අතර සුවිශේෂ සංශෝධනයක් තිබෙනවා. ඒ ලංකාවට 1987දී පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් 13 වැනි සංශෝධනය. දේශපාලන ඉතිහාසය හදාරන ඕනෑම කෙනකු දන්නවා පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ රජිව් ගාන්ධි විසින් ජේ.ආර්. ජයවර්ධන මත බලයෙන් පටවන ලද ක්‍රමයක් බව. එදා ජේ.ආර්ගේම රජයේ සිටි ලලිත් ඇතුලත්මුදලි හා ආර්. ප්‍රේමදාස වැනි ප්‍රබල ඇමැතිවරුන් පවා මෙයට විරුද්ධ වුණා. අද අපි ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට සාකච්ඡා කරනවා නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ පළාත් පාලන ක්‍රමයත්, ඒ සමගම යළි සාකච්ඡාවට භාජනය විය යුතුයි. එසේ නැතුව හුදෙක් කාලීන දේශපාලන අවශ්‍යතා සඳහා ජනාධිපති ක්‍රමය පමණක් වෙනස් කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ. ගැඹුරින් සිතා සාකච්ඡා කොට ඕනෑම දෙයක් වෙනස් කළ හැකි වුවත් රටට යහපත් දෙයක් මේ රජය යටතේ නම් සිදුවේවි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

විශ්වාසභංගය, කැබිනට් සංශෝධනය ආදී විවිධ දේශපාලන සංදර්ශන හමුවේ ජනතා ගැටලු පිළිබඳ රජයේ අවධානය ගිලිහී ඇති බවක් පෙනෙනවා?

රජය එය සිතා මතාම කරන දෙයක්. ජනතා ගැටලු යට ගැසීමට ඔවුන් විවිධ දේශපාලන සංදර්ශන මවා පෙන්වනවා. මෙය තමයි රටේ අවාසනාව. අද ජනතාව විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් බරපතළ ගැටලුවලට මැදිවී සිටිනවා. නමුත් බොහෝ දේශපාලනඥයන් ජනතාව ගැන සංවේදී නැහැ. පාර්ලිමේන්තුවට ආවට පසු ඔවුන් කල්පනා කරන්නේ ලද අවස්ථාවෙන් උපරිම පෞද්ගලික වාසි ලබාගන්නේ කොහොමද කියන එක පමණයි. රාජ්‍ය බලය තිබෙන අය රාජ්‍ය බලය තබාගන්නා හැටි කල්පනා කරනවා. රාජ්‍ය බලය නැති අය බලය ලබාගන්නා හැටි කල්පනා කරනවා. ජනතාව යළිත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඡන්දයකදී පමණයි.

ඔබ කී දේශපාලන සංදර්ශනයන්ට මුවා වී රටේ ස්වෛරීභාවයට හානිකර දේවල් මෙන්ම රණවිරු දඩයමද දිගින් දිගටම සිදුවෙනවා. මොකද අමතක කරන්න එපා වත්මන් රජය බලයට ආවේ විවිධ බාහිර බලවේගවල උදව්වෙන්. ඒ බොහෝමයක් බලවේග පිටුපස සිටියේ බෙදුම්වාදීන්. රණවිරු දඩයම හා රට බෙදන ව්‍යවස්ථාව ඔවුන් භාරදුන් කොන්ත්‍රාත්තුවේ කොටස්. ඒ ඉල්ලීම ඉටු නොකර ලබන වාරයේ ඒ බාහිර බලවේගවල සහාය ගන්න බැහැ. ඒ නිසා මේ මොන මාධ්‍ය සංදර්ශනය මැද්දේත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සම්මත වූ බොහෝ අණපනත් හරහා අවශ්‍ය පසුබිම දැනටමත් සකස් කරලයි තිබෙන්නේ.

රටේ පවතින දේශපාලන අස්ථාවර භාවය ආර්ථිකයටද අහිතකර ලෙස බලපා ඇති බවක් පෙනෙනවා. බදු මිල ඉහළ යාම, රුපියල කඩා වැටීම, දේශීය හා විදේශීය ආයෝජන අඩුවීම, කොටස් වෙළෙඳ‍පොළේ මන්දගාමීත්වය වැනි ගැටලු මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය හැකියි.

පැහැදිලිවම රජයේ ආර්ථික කළමනාකරණයේ තිබෙන අසාර්ථකත්වය තමයි මේවාට බලපා තිබෙන්නේ. රජයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඔබ දන්නවා ඇති පසුගිය වසර 3 තුළ යහපාලන රජය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන 9ක් දක්වා තිබෙන බව. ඒවායේ අඩංගු බොහෝ කරුණු එකිනෙකට ගැළපෙන්නේ නැහැ. මින් පෙනී යන්නේ රජයට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් නැති බව නේද? රටක ආර්ථිකය හරියට නූල් බෝලයක් වගේ පටලවා ගත්තොත් ලිහන්න බොහොම අමාරුයි. නොදැන අත ගැහුවොත් තවත් පැටලෙනවා. හොඳ අවබෝධයකින්, ඉවසීමෙන් මේ ගැටලුවලට විසඳුම සොයන්න පුළුවන් අයෙක් වත්මන් රජයේ නැහැ. ඒ නිසා දිනෙන් දින ප්‍රශ්න උග්‍ර වෙනවා මිස ජනතා ආර්ථික ගැටලුවලට විසඳුම් දෙන්නට රජයට බෑ.

ඔබ හිතනවාද වෙනත් රජයකට මේ ගැටලු විසඳන්නට පුළුවන් කියා?

ඇයි බැරි? අත්දැකීම් තිබෙන, දැනුම තිබෙන, නිසි ආර්ථික දැක්මක් තිබෙන කණ්ඩායමකට නිසි නායකත්වය දුන්නොත් මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මහා ගැටලුවක් නොවෙයි. මතක තබාගන්න මේ රටේ පසුගිය කාලයේ යුද්ධයකුත් තිබුණා. ලෝක මූල්‍ය අර්බුදයක්, ලෝක ආහාර අර්බුදයක්, ලෝක තෙල් අර්බුදයක් වැනි ප්‍රශ්න රාශියක් මැද තමයි මින් පෙර රජයන්ට ආර්ථිකය හසුරුවන්නට වූයේ. අද ඒ ප්‍රශ්න මොකුත් නැහැ. අද තිබෙන ප්‍රශ්නය ඉතා සරලවම කියනවා නම් බැරිකමයි.

පැතුම් වික්‍රමරත්න [Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/26/2018

පය බරවායට පිටකර බෙහෙත් බැඳීම නොහොත් විද්‍යාත්මක කැබිනට් සංශෝධනය.

කතෘ:යුතුකම     4/26/2018   No comments
රාජ්‍ය කරනවා යැ යි කියන හවුල් ආණ්ඩුවේ පාර්ශව කරුවන් පෙබරවාරි මාසයේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දයේ දී අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය. කුකුළා ගේ කරමල මෙන් උදේ හවස රූප පෙට්ටිවල දුටු හවුල් ආණ්ඩුවේ නායකයින් දෙපොළ දැක ගැනීම හාවා හඳ දැකීම වැනි දුර්ලභ දෙයක් විය. ඔවුන් රටේ සිටින බව පවා ජනතාව පසක් කර ගත්තේ හොලිවුඩ් පාතාළ චිත්‍රපටයක මෙන් සැප කාර් වලින් නායකයින් දෙපොළගේ මන්දිර වලට ඇදෙන ඉන් පිටවෙන ගෝල බාලයින් දවසේ තිස්සේ රූප පෙට්ටි වලින් දුටු බැවිනි.දිගින් දිගටම සාකච්ඡා කළ ඔවු හු පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා වැනි වූ කදිම විසඳුමක් ඉදිරිපත් කළ හ. ඒ දැනෙන වෙනසක් එනම් කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට යි.

කැබිනට් සංශෝධනයක් බලයට කෑදර ඇමතිවරුන්ට ම මිස පොදු ජනතාවට වැදගත් නො වන බව ඔවුනට කියා දීමට තරම් බුද්ධිමතෙක් බලයට ම කෑදර ඔවුන් අතර නො සිටිය හ. කෙසේ වුව ද සමගියෙන් රැස් වන, සමගියෙන් තීරණ ගන්නා, සමගියෙන් විසිර යන ලිච්ඡවි රජ දරුවන්ගෙන් කොටසක් වෙන ම රැස් වී ඇමතිකම් කීපයක් තමන් අතර ම යළි බෙදා ගත් හ. ලිච්ඡවින් ගේ ඉතිරි කොටස එසේ ඇමතිකම් යළි බෙදා හදා නො ගත්තේ එසේ කළහොත් සමගිව විසර යෑමේ ලිච්ඡවි සම්ප්‍රදාය රැක ගැනීමට ඔවුන් අසමත් වනු ඇති බැවින් විය යුතු ය.

කොරේ පිටට මරේ කීවාක් මෙන් ඔය අවු අස්සේ ම අගමැතිවරයාට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් එල්ල විය. ජනතා අභිලාෂයන් වෙනුවෙන් නොව ලිච්ඡවි සම්ප්‍රදාය රැක ගැනීම පමණක් ම ප්‍රතිපත්තිය කරගත් රාජ්‍ය නායකයෝ සමගිව රැස් වී අගමැතිවරයා රැක ගෙන සමගි ව විසිර ගිය හ.යළිත් වරක් ජනතා අභිලාෂයන් ට විරුද්ධව යමින් රජය හා අගමැතිවරයා රැකගත් යහපාලනය මිස දේශපාලනය නොදන්නා ඊනියා නායකයන්ට ජනතාවට දීමට ඉතිරි ව ඇත්තේ තවත් කැබිනට් සංශෝධනයක් ම පමණෙකි. එකම වෙනස මෙවර ඔවුහු 'දැනෙන' කැබිනට් සංශෝධනයක් වෙනුවට 'විද්‍යාත්මක' කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට සැරසීම පමණ්‍කි. කෙසේ බෙතත් 'දැනෙන කැබිනට් සංශෝධනයට මෙන් ම 'විද්‍යාත්මක කැබිනට් සංශෝධනය'ට ද මේ වන විටත් බාලගිරි දෝෂය වැළඳී ඇති දැ යි යන සැකය ඇති වේ. කෙසේ වුවත් මෙය ජනතාවට එතරම් වැදගත් නො වන්නේ මෙය බඩජාරී දේපාලකයන්ගේ ප්‍රශ්නයක් මිස ජනතාව ගේ ප්‍රශ්නයක් නොවන බැවිනි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ රජය වෙනස් වීමක් මිස ඇමති මණ්ඩල වෙනස් වීමක් නම් නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ රට රැක ගත හැකි ආණ්ඩුවක් මිස ආණ්ඩුව රැක ගත හැකි ආණ්ඩුවක් නො වේ.

වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

13 පවතින තෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි - ජාතික ඒකාබද්ධතා කමිටුව

කතෘ:යුතුකම     4/26/2018   No comments
 ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


ගෙවිඳු කුමාරතුංග



පළාත් සභාවක්‌ ව්‍යවස්‌ථාවට එරෙහි වූ විට වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා
ජවිපෙ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙසට ඉල්ලා නොසිටින්නේ ඇයි? - ගෙවිඳු කුමාරතුංග

රටේ පළාත් සභාවක්‌ රටේ ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන අවස්‌ථාවක එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතු යෑයි ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊයේ (25 දා) පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (25 දා) ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මේ දිනවල විවිධ පාර්ශ්ව මත පළකරනවා. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ඇතිකළ පළාත් සභාවල බලතල ඉක්‌මවා යැමට පළාත් සභාව කටයුතු කරනවා නම් එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය රටේ නොමැති වුවහොත් පළාත් සභාවක නීතියක්‌ සකස්‌ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි.

නමුත් විධායක ජනාධිපති ක්‍රමය පැවතීම නිසා ජනාධිපතිවරයාට තනි බලයකින් රටට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවන්ට එරෙහිව කටයුතු කිරීමට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පළාත් සභාවල බලය විධායක ජනාධිපති ක්‍රමය පවතින තාක්‌ එය ඉක්‌මවා කටයුතු කළ නොහැකි බවට මතයක්‌ ප්‍රකාශ කර තිබෙනවා.

යම් ආකාරයකින් උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක සිටින සුළු ජාතික පිරිසකට එරෙහිව එම පළාතේදී පළාත් සභාවෙන් යම් අකටයුත්තක්‌ සිදුකරනවා නම් එය වැළැක්‌වීමට පාර්ලිමේන්තුවේ පනතක්‌ සම්මත කරගෙන එය නිවැරැදි කිරීමට කාලයක්‌ ගතවීම සහ එයට විවිධ බාධා පැමිණවීම් සිදුවිය හැකි නමුත් විධායක ජනාධිපති සිටී නම් ඔහුට එම අවස්‌ථාවේම එම ක්‍රියාවට එරෙහිව කටයුතු කරන්න පුළුවන්කමක්‌ පවතිනවා. උතුරු පළාතේ කෝකිලාහි බෞද්ධ විහාරස්‌ථානයක බුදු පිළිමයක්‌ විනාශ කිරීමට යැමේදී එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය පැවැති නිසා එය නවතා දැමීමට කටයුතු කර තිබුණා.

ජාතික ඒකාබද්ධ කමිටුවේ සභික ගෙවිඳු කුමාරතුංග මහතා - ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මතයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභා පිහිටුවීමට ප්‍රධානම විරුද්ධ වූ පිරිස. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සාමාජිකයන් ජීවිත පවා පරිත්‍යාග කළා. මේ අය එසේ විරුද්ධ වී පළාත් සභා ස්‌ථාපිත කිරීමෙන් පසු එහි රැඳී සිටිනවා. මේ පළාත් සභාවල බලතල රටට යම් ආකාරයෙන් අහිතකර ලෙස බලපානවා නම් එය ඉවත් කළ හැක්‌කේ විධායක ජනාධිපති ක්‍රමයෙන් විතරයි.

ඔවුන් පළාත් සභාවල බලය ඉක්‌මවා යැමට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලාපොරොත්තු වන්නේ පළාත් සභාවලට පෙඩරල් විසඳුමක්‌ කරා යැමට අවස්‌ථාව ලබාදීමද? අඩුම වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය සමඟ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාත් අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටින්නේ ඇයි. ඒ නිසා ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නටත් අයිතියක්‌ නැහැ. ඒ ගැන ඔවුන් ලැඡ්ජා විය යුතුයි.

රජය ආණ්‌ඩුක්‍රම නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ නව ව්‍යවස්‌ථාවට ජනතා විමුක්‌ති පෙරමුණ අදහස්‌ දී තිබෙන්නේ පිටු දෙකක්‌ පමණයි. පළාත් පාලන මැතිවරණයෙන් ගමට ආයෝජිතයෙක්‌ පත්කර ගන්න තිබූ අවස්‌ථාව අහිමි කළේ මේ සුළු පක්‍ෂයි. ඔවුන් කොට්‌ඨාස සහ සමානුපාතික ක්‍රමයෙන් පරාජයට පත්වූ අයටත් නියෝජිතයන් විය හැකි ආකාරයට පනත වෙනස්‌ කරගත්තා. එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදීවත් මෙය නොකරන තත්ත්වයට වැඩ පිළිවෙළක්‌ සකස්‌ කර ගත යුතුයි.



චමින්ද සිල්වා [Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

4/24/2018

Yuthukama questions rationale behind SLFP-UNP pact Post-NCM developments

කතෘ:යුතුකම     4/24/2018   No comments
-By Shamindra Ferdinando
The Island -
April 22, 2018

Civil society group Yuthukama convenor Gevundu Cumaratunga yesterday questioned the rationale behind the UNP’s readiness to continue with the controversial yahapalana arrangement with President Maithripala Sirisena as the SLFP leader had personally requested PM Wickremesinghe to resign immediately after the humiliating defeat the coalition partners suffered at the Feb. 10 local government polls.


Addressing the media at Sri Sambuddhathwa Jayanthi Mandiraya, Cumaratunga pointed out the absurdity in the UNP’s position that those 16 SLFPers who had voted for the No Confidence Motion (NCM) couldn’t be accommodated in the cabinet under any circumstances when President Sirisena, having supervised the abortive operation remained at the helm of the cabinet. President Sirisena admitted his role when he addressed the media at the President’s House on April 6, Cumaratunga pointed out.


Cumaratunga said that the UNP certainly owed an explanation to those who had exercised their franchise for the party at the last parliamentary post in August 2015 whether UPFA parliamentary group leader and Transport and Aviation Minister Nimal Siripala de Silva was acceptable to hold ministerial portfolios after having requested PM Wickremesinghe to quit. Yuthukama spokesperson pointed out that of the four UPFA members who had signed the NCM against Wickremesinghe, two skipped the April 4 vote.


The people would like to know whether those who had abstained after endorsing the petition against Wickremesinghe were acceptable to the UNP, Cumaratunga asked. The undeniable truth is that none of the UPFA parliamentary group comprising 41 and President Sirisena had faith in PM Wickremesinghe and the UNP, Cumaratunga said, urging all political parties to examine their post-NCM positions without further delay.


Responding to a query by The Island, Cumaratunga said that the people had completely lost faith in political parties and the system due to their response to treasury bond scams of 2015 and 2016. The civil society activist said the four-party Tamil National Alliance (TNA) vote against the NCM proved that the people couldn’t depend on TNA leader R. Sampanthan, MP, to represent their interests.


Referring to a statement made by UNPer Dr. Harsha de Silva, Cumaratunga challenged the Colombo District MP to explain how could Sampanthan be accepted as the Opposition Leader after 16-member TNA parliamentary group stood by Wickremesinghe.


Had members of parliament decided on NCM only on the basis of allegations directed at PM Wickremesinghe without taking into consideration various other factors, the parliament would have voted overwhelmingly for the JO move, Cumaratunga said.


Cumaratunga chided the UNP and the SLFP for conveniently forgetting President Sirisena’s campaign for the Feb. 10 local government polls. President Sirisena unhesitatingly attacked Wickremesinghe and the UNP in the run up to polls and caused heavy damage to the main party in the government, Cumaratunga said.


Cumaratunga said that fresh parliamentary polls were required to restore stability.


How could parliament continued for full five year term in such a chaotic state, Cumaratunga asked.


Responding to another query, Cumaratunga pointed out that President Sirisena, most probably in consultation with the UNP had to prorogue parliament to explore ways and means to lessen the impact of losing 16 of his 41 group. With the number of UPFA members of the Opposition reaching 71, the TNA’s 16 member group would surely find it difficult to play the role of the ‘appointed’ Opposition, Cumaratunga said.

"Parliament is in unprecedented turmoil. Sri Lanka never experienced such crisis," Cumaratunga said, adding that there was no way out of the political mess.

Cumaratunga said that the ruling coalition should have consulted other political parties regarding early general elections in the immediate aftermath of the Feb. 10 local government polls.


The SLFP, obviously, believed it could divert attention from its debacle by blaming Wickremesinghe for the defeat and the emergence of the JO/Sri Lanka Podujana Peramuna. Their plan backfired and now there was no way out unless fresh elections were held. Commenting on the 16 member SLFP group receiving kudos for sitting in the Opposition, Cumaratunga said that members should be asked explain what were they doing for so long in a UNP led government after having been elected thanks to a campaign led by the former President.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

රට මේ ව්‍යසනයෙන් ගලවාගැනීමට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක් [Video]

කතෘ:යුතුකම     4/24/2018   No comments
මේ ව්‍යසනයෙන් ගලවාගැනීමට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක් .
යුතුකම මාධ්‍ය හමුව 

2018-04-22

රට මේ මොහොතේ පත් ව ඇති ව්‍යසනයෙන් සහ අරාජිකත්වයෙන් ගලවා ගැනීමට නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අතිපූජනීය මහා සංඝරතනය ප්‍රමුඛ රටට ආදරට කරන සියළු දෙනා මේ ආණ්ඩුවට බල කළ යුතුව ඇතැයි යුතුකම සංවාද කවය පෙන්වා දෙයි. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව අවධාරණය කෙරිණ. 

එම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහත සබැඳියෙන්.. 

  රට

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions