4/26/2018

13 පවතින තෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි - ජාතික ඒකාබද්ධතා කමිටුව

කතෘ:යුතුකම     4/26/2018   No comments

 ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


ගෙවිඳු කුමාරතුංග



පළාත් සභාවක්‌ ව්‍යවස්‌ථාවට එරෙහි වූ විට වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා
ජවිපෙ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙසට ඉල්ලා නොසිටින්නේ ඇයි? - ගෙවිඳු කුමාරතුංග

රටේ පළාත් සභාවක්‌ රටේ ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන අවස්‌ථාවක එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතු යෑයි ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊයේ (25 දා) පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (25 දා) ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මේ දිනවල විවිධ පාර්ශ්ව මත පළකරනවා. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ඇතිකළ පළාත් සභාවල බලතල ඉක්‌මවා යැමට පළාත් සභාව කටයුතු කරනවා නම් එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය රටේ නොමැති වුවහොත් පළාත් සභාවක නීතියක්‌ සකස්‌ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි.

නමුත් විධායක ජනාධිපති ක්‍රමය පැවතීම නිසා ජනාධිපතිවරයාට තනි බලයකින් රටට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවන්ට එරෙහිව කටයුතු කිරීමට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පළාත් සභාවල බලය විධායක ජනාධිපති ක්‍රමය පවතින තාක්‌ එය ඉක්‌මවා කටයුතු කළ නොහැකි බවට මතයක්‌ ප්‍රකාශ කර තිබෙනවා.

යම් ආකාරයකින් උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක සිටින සුළු ජාතික පිරිසකට එරෙහිව එම පළාතේදී පළාත් සභාවෙන් යම් අකටයුත්තක්‌ සිදුකරනවා නම් එය වැළැක්‌වීමට පාර්ලිමේන්තුවේ පනතක්‌ සම්මත කරගෙන එය නිවැරැදි කිරීමට කාලයක්‌ ගතවීම සහ එයට විවිධ බාධා පැමිණවීම් සිදුවිය හැකි නමුත් විධායක ජනාධිපති සිටී නම් ඔහුට එම අවස්‌ථාවේම එම ක්‍රියාවට එරෙහිව කටයුතු කරන්න පුළුවන්කමක්‌ පවතිනවා. උතුරු පළාතේ කෝකිලාහි බෞද්ධ විහාරස්‌ථානයක බුදු පිළිමයක්‌ විනාශ කිරීමට යැමේදී එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය පැවැති නිසා එය නවතා දැමීමට කටයුතු කර තිබුණා.

ජාතික ඒකාබද්ධ කමිටුවේ සභික ගෙවිඳු කුමාරතුංග මහතා - ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මතයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභා පිහිටුවීමට ප්‍රධානම විරුද්ධ වූ පිරිස. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සාමාජිකයන් ජීවිත පවා පරිත්‍යාග කළා. මේ අය එසේ විරුද්ධ වී පළාත් සභා ස්‌ථාපිත කිරීමෙන් පසු එහි රැඳී සිටිනවා. මේ පළාත් සභාවල බලතල රටට යම් ආකාරයෙන් අහිතකර ලෙස බලපානවා නම් එය ඉවත් කළ හැක්‌කේ විධායක ජනාධිපති ක්‍රමයෙන් විතරයි.

ඔවුන් පළාත් සභාවල බලය ඉක්‌මවා යැමට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලාපොරොත්තු වන්නේ පළාත් සභාවලට පෙඩරල් විසඳුමක්‌ කරා යැමට අවස්‌ථාව ලබාදීමද? අඩුම වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය සමඟ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාත් අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටින්නේ ඇයි. ඒ නිසා ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නටත් අයිතියක්‌ නැහැ. ඒ ගැන ඔවුන් ලැඡ්ජා විය යුතුයි.

රජය ආණ්‌ඩුක්‍රම නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ නව ව්‍යවස්‌ථාවට ජනතා විමුක්‌ති පෙරමුණ අදහස්‌ දී තිබෙන්නේ පිටු දෙකක්‌ පමණයි. පළාත් පාලන මැතිවරණයෙන් ගමට ආයෝජිතයෙක්‌ පත්කර ගන්න තිබූ අවස්‌ථාව අහිමි කළේ මේ සුළු පක්‍ෂයි. ඔවුන් කොට්‌ඨාස සහ සමානුපාතික ක්‍රමයෙන් පරාජයට පත්වූ අයටත් නියෝජිතයන් විය හැකි ආකාරයට පනත වෙනස්‌ කරගත්තා. එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදීවත් මෙය නොකරන තත්ත්වයට වැඩ පිළිවෙළක්‌ සකස්‌ කර ගත යුතුයි.



චමින්ද සිල්වා [Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions