7/08/2016

රට බෙදන ව්‍යවස්‌ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

කතෘ:යුතුකම     7/08/2016   No comments

ව්‍යවස්‌ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

-ආචාර්ය චමිල ලියනගේ-
 

ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගැන නිල වශයෙන් මේ රටේ ජනතාව දැනුම්වත් වන්නේ මේ වසර මුලදී "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව'' විසින් ජාතික පුවත්පත්වල පළ කළ පුවත්පත් දැන්වීම ප්‍රකාරවය. එතැන් සිට මාස ගණනාවක්‌ රට පුරා මේ 'කොමිසම' ඇවිද්දේ 'මහජන අදහස්‌ ලබා ගැනීමට'ය. එහිදී මේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ 'යෝජකයන්' වන දෙමළ බෙදුම්වාදයේ නිල නියෝජිතයන් වන දෙමළ ජාතික සංධානයේත්, එහි ආනුෂංගික සිවිල් සංවිධාන යෑයි කියන්නාවූ සමිති සමාගම් වලත් අදහස්‌ උදහස්‌ මහ ඉහළින් පිළිගන්නටද, ඒ යෝජනා නොපමාව ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරන්නටත් කටයුතු සම්පාදනය වී තිබුණ බව රහසක්‌ නොවේ. එහෙත් රටේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් සාක්‌ෂි ලබාදුන් බොහෝ මැදහත් පිරිස්‌ද, සිංහල හා සිංහල බෞද්ධ සංවිධාන හා සිංහල සමාජ ක්‍රියාකාරීන්ට ලැබුණේ කුඩම්මාගේ සැළකිලි බවද අසන්නට ලැබුණි. ලාල් විඡේනායක කමිටුව කන්දක්‌ විලිවැද වැදූ වාර්තාව දැන් නිකුත්වී ඇත. අපි එහි සියලු දෑ සාකච්ඡා කරන්නට නොවෙහෙසෙමු. එහෙත් මේ රටේ පොදු මහජනතාවගේත්, විශේෂයෙන්ම සිංහලයන්ගේ දැනුම්වත්වීම පිණිස කරුණු කිහිපයක්‌ පමණක්‌ සඳහන් කරමු.

කමිටු සාමාජිකයන්ගෙන් 7 දෙනෙකු නව ජාතික ධජයක්‌ සම්පාදනයට යෝජනා කරයි. එසේම 2000 හා 2004 ව්‍යවස්‌ථා කෙටුම්පත්වල ජාතික ගීය සම්බන්ධයෙන් ඇති යෝජනා සැලකිල්ලට ගනිමින් සිංහලෙන් හා දෙමළෙන් ගයන්නටද යෝජනා කරයි. දෙදෙනෙක්‌ හැර සියල්ලන් නාමිකව හෝ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමෙන

9වන ව්‍යවස්‌ථාව ඉවත් කිරීමට යෝජනා කර ඇත. සිව් පුද්ගල ඉඩම් කොමිසමක්‌ යෝජනා කරන කමිටුව එහි එක්‌ සිංහල නියෝජිතයකුද, එක්‌ මුස්‌ලිම් නියෝජිතයකුද, එක්‌ දෙමළ නියෝජිතයකුද, කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් තවත් එක්‌ නියෝජිතයකුද පත්කිරීමට යෝජනා කරයි. එවිට සිවු පුද්ගල කමිටුවේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකි. මුස්‌ලිම් නියෝජිතයාද සමග අසිංහලයින් තිදෙනෙක්‌ ඉඩම් කොමිසමේ වෙති. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරන්නට ද යෝජනා කරයි. අනාගමික රාජ්‍යයක්‌ ඉල්ලා මහජනතාව අරගල කරන්නට පටන් ගත්තේ ක්‍රිස්‌තියානි පල්ලියේත් කුරාණයෙත්, ගීතාවේත් ඇතැම් ඉගැන්වීම් ම්ලේච්ඡ ලෙස මනුෂ්‍යයින් පාලනයට වඩා මර්දනයට පාලකයන් විසින් යොදා ගත් බැවිණි. බෞද්ධ රාජ්‍යයක්‌ යනු ඔය කියන ආගමික රාජ්‍යයක්‌ නොවේ. මේ බෙදුම්වාදී කමිටු වාර්තාව උත්සාහ කරන්නේ අනාගමික රාජ්‍ය පදයට මුවාවී ථෙරවාදය අතුගා දැමීමේ බටහිර අවශ්‍යතාව ඉටුකිරීමටය.

උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනයා පදිංචි කිරීමෙන් ජන අසමතුලිතතාවක්‌ ඇතිවූ බව මෙම වාර්තාවේ මහත් අවධාරණයෙන් දක්‌වා ඇත. එහෙත් දහසය වන සියවසෙන් පසුව හා මෑත යුගයන්හිදී යාපනය මඩකලපුව ආදී ප්‍රදේශවලින් එළවාදැමූ දස දහස්‌ ගණන් සිංහල පවුල් ගැන වදනකුදු නොකීමට කමිටුව 'ප්‍රවේසම්' වී ඇත. කමිටුව විසින් නව ව්‍යවස්‌ථාවට සමලිංගිකත්වය ගැන බරපතළ ලෙස සිතන්නට නිර්දේශ කරන්නේ මෙසේය. "වයස සම්පූර්ණ වී ඇති සියලු පුද්ගලයින්ට ජනවර්ගය, ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාව, ලිංගික නැඹුරුව ආදීයේ සීමාවකින් (සම ලිංගික, ද්වී ලිංගික, පාර ලිංගික, හා අන්තර් ලිංගික, නාරි මෛථුන්‍යය) තොරව විවාහ වීමට හා පවුලක්‌ සෑදීමට අයිතිය තිබේ. ඔවුනට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුය"

අනාගමික රාජ්‍ය කතාවේදී කමිටුව පවසන එක්‌ හාස්‍ය ජනක, එහෙත් වැදගත් කරුණක්‌ තිබේ. එය එක්‌ අතකින් කමිටුව නිරුවත් කරන්නේ ය, අනෙත් අතින් මේ සටකපට දේශපාලන අඩව්වේ සැබෑ බරපතලකම හෙළිදරව් කරන්නේය. "අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස්‌ අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මෙම වගන්ති වෙනස්‌ කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක්‌ විය හැකි බවත් එය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑ හැකි බවත්ය" මෙහිදී මෙම කොමිසම (හෝ ඔවුන්ගේ ස්‌වාමීන්) වඩාත් බිය වී ඇත්තේ මහා සංඝයා වහන්සේ පෙරටු කරගත් සිංහල බෞද්ධයින් මෙම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීමෙන් බෙදුම්වාදය ශක්‌තිමත් කරන සෙසු යෝජනාද කුණු කූඩයට යැමට ඉඩ ඇති නිසාය. නමුත් ජාතික කොඩිය වෙනස්‌ කිරීම මෙන්ම ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම යන කාරණා වලදී කමිටුව නොබියව අදහස්‌ ඉදිරිපත් කොට ඇති බව පෙනේ. වෙස්‌ට්‌මිනිස්‌ටර් අගමැති ප්‍රධාන පාලන තන්ත්‍රයක්‌ ඇති කිරීම, දෙමළ හා මුස්‌ලිම් ජන වර්ග නියෝජනය කරන උප ජනාධිපති ධූරයක්‌ ඇති කිරීම, යන කාරණාවලට විශේෂ තැනක්‌ දෙමින් එම යෝජනා පැහැදිලි කරමින් මෙම කමිටුව ප්‍රබල ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇත.

එහෙත් 'විධායක අගමැති' තත්ත්වය ඉක්‌මවා ගිය ක්‍රමවේදයකින් රටේ විධායක නායකයා තෝරාගත යුතුය, එනම් සිය විධායකය තෝරාගැනීමේ අවස්‌ථාව රටේ සියලු පුරවැසියන්ට හිමිවිය යුතුය යන සංකල්පය බිහිවන්නේ බොහෝ 'ප්‍රජාතන්ත්‍රවාදී' රටවල් පවා අද වන විට විධායක අගමැති ක්‍රමය ප්‍රතික්‌ෂේප කර ඇති තත්ත්වයක්‌ තුළය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය ස්‌ථාපනය වන්නේ රටකට ස්‌ථාවර විධායකයක අවශ්‍යතාව අවධාරණය කරමිනි. එහිදී ප්‍රතික්‌ෂේප වූයේ විවිධ උපාය උපක්‍රම මගින් පාර්ලිමේන්තුවේ (විශේෂයෙන්ම සුළුජාතික අන්තවාදීන්ගේ) ප්‍රාණ ඇපකරුවකු බවට පත්වන්නට ඉඩ ඇති අග්‍රාමාත්‍ය ධුරය තීරණාත්මක අවස්‌ථාවලදී කෙතරම් අවදානම්ද යන තත්ත්වයයි. ඇත්ත වශයෙන්ම විධායක අගමැති ධූරයක මුවාවෙන් පැමිණෙන දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ යනු මේ රටේ බෙදුම්වාදී බලවේග වල ඓතිහාසික ජයග්‍රහණයකි. 1978 වන විට විධායක අගමැති ක්‍රමය න්‍යායාත්මකව හා දේශපාලනිකව ප්‍රතික්‌ෂේප කර නව දේශපාලන සම්ප්‍රදායක්‌ ඉදිරිපත් කළ එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව අද වන විට යළිත් ඒ යල්පිනූ විධායක අගමැති ක්‍රමය ඉල්ලා සිටින්නේ ඇයි? ඒ සඳහා ඔවුනට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්‌ද?

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයාගේ අභිමානය බිඳිය යුතුය යන ඒකායන අරමුණ පෙරදැරි කරගෙන බව තවදුරටත් පැහැදිලි කළ යුතුද? එහෙයින් ව්‍යවස්‌ථා සංශෝධන මගඩිය සමාජගත කෙරුණු මේ වකවානුව අපි ගැඹුරින් හඳුනාගත යුතුය.

ජාතික පුවත්පත් වල පිටු පුරා පළකරමින් විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවලියේ 'ඇඟ කිළිපොලා යන' මූලික ලක්‌ෂණ සළකා බැලීම වැදගත්ය. භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක්‌ උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක්‌ දකුණේද ඇති කිරීම මත පදනම්වී ඇති මේ යෝජනා වලිය, උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම ස්‌වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්‌ දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්‌වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්‌වයං නිර්ණ අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්‌ෂේප කිරීමද, ජාතික ධජයෙන් 'වාර්ගික නිරූපයන්' ඉවත් කිරීමද පූර්ණ පොලිස්‌ හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරණ පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. අපට අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙය නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා වන යෝජනා මාලාවක්‌ද, නැතහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යාය පත්‍රයද?

අතිශය ප්‍රජාතන්ත්‍රවාදී 'මහජන අදහස්‌ විමසීමකින්' ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ජනගත කරන්නට තතනන වෛවර්ණ ආණ්‌ඩුව කෙබඳු ව්‍යqහයක්‌ද? මහජනතාව විසින් ප්‍රතික්‌ෂේප කර දැමූ පරාජිත දේශපාලනඥයින් වෙනත් හොර පාරවලින් පාර්ලිමේන්තු ගත කිරීමේ 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයම' ආණ්‌ඩුවේ ඇති අනෛතිකභාවය ප්‍රකට කරයි. එබඳු වංචනික රජයකින් යුක්‌තියක්‌ බලාපොරොත්තු විය හැකිද? තමා ජනාධිපති මන්දිරයේ වාසය නොකරන්නේ ඒ සඳහා වියදම් වන අධික මුදල නිසායෑයි ප්‍රසිද්ධියේ කියාපාන ජනාධිපතිවරයාගේ නීලපට දර්ශනයෙන්, ඇමති වාහන සඳහා රුපියල් කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ සම්මත කරන්නට උත්සහ දරන දේශපාලන හෙළුව වසාගත හැකිද? රවටන්නට හදන්නේ කාවද? මේ මගඩි නාටක අස්‌සේ ව්‍යවස්‌ථා සංශෝධනය යන නමින් කළඑළි බසින්නේද මගඩි නාටකයක්‌ම බව අපි වගකීමෙන් කියන්නෙමු.

1970 දශකයේ සිදුවූ ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩල පත්කිරීම් හා වෙනත් බල දෝලනය වීම්වලදී මේ රටේ වගකිවයුතු මහානායක අනුනායක ස්‌වාමීන් වහන්සේලාගේ හැසිරීම හා මැදිහත්වීම උන් වහන්සේලා කෙරෙහි අප තුළ ඇති කරන්නේ මහත් ගෞරවයකි. එකල ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩලය අමතා 'සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අනාගතය සම්බන්ධ ස්‌ථිර පැහැදිලි පදනමක්‌ මත අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය වනු දැකීම සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇත'යි කීමට එදා මල්වතු අස්‌ගිරි මහ නාහිමියෝ ඒකාබද්ධ සංදේශයකින් කියා සිටියහ. රජයට අනුශාසනා කිරීමට සඟරුවනේ මූලිකත්වයෙන් උත්තරීතර රාජ්‍යානුශාසනා මණ්‌ඩලයක්‌ පිහිටුවන්නැයි රජය අමතා කීමට වයඹ ෙත්‍රෙනිකායික සංඝ සභාවට හැකියාව තිබුණි. ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතු යෑයි කියන්නට රාමඤ්ඤ මහා නිකාය කටයුතු කර තිබුණි. අද මුළුමනින්ම මේ නායක කාරකාදී භික්‌ෂුන් වහන්සේ අකර්මන්‍යයෑයි අපි නොකියමු. එහෙත් අතීතය හා සසඳන කල සමස්‌තයක්‌ ලෙස සංඝ සමාජයේ අප දකින නිෂ්ක්‍රියත්වය හා බින්නතාව අප තුළ ගම්‍ය කරන්නේ වේදනාවකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තය. අපේ රටේ බහුතරය කවුරුන්ද? ජාතියක්‌ වශයෙන් නම් සිංහලයන්ය. ආගමක්‌ වශයෙන් නම් බෞද්ධයන්ය. එහෙත් 1505 ඇරඹූ සිංහලයන් හා බෞද්ධයින් බහුවිධ ආකාරයෙන් සංහාරය කිරීම අද වන විට මේ රටේ පරම උරුමක්‌කාර ඓතිහාසික ජාතිය කරුමක්‌කාර නිෂ්ක්‍රීය ජාතියක්‌ බවට පත්කර තිබේ. 1948 දක්‌වා ක්‍රමයෙන් සිදුවූ සිංහල බෞද්ධයන් වාර්ගිකව, හා දේශපාලනිකිව සංහාරය කිරීම අයිවර් ජෙනිංග්ස්‌ගේ උපාය අනුව ප්‍රධාන පක්‌ෂ දෙකකට කඩනු ලදුව සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තේය. ඉදින් සිංහලයාගේ එක්‌වීම කිසිදා සිදු නොවන තරමටම අසම්භව්‍යය. ඒ නයින් පාලන බලය බහුතර සිංහලයා සතුවීම තබා, පාලක පක්‌ෂය හා විපක්‌ෂය තීරණය කිරීමේ බලයවත් සිංහලයා සතු නොවේ. රජුන් තනන්නේ එක්‌කෝ අන්තවාදීන්ය, නැත්නම් බෙදුම්වාදීන්ය, ඒත් නැත්නම් කොමියුනිස්‌ට්‌වාදීන් ය.

"වෙල්ලස්‌ස" යනු 1818 සිංහල නැගිටීමේදී වෙල් (එනම් කුඹුරු) ලක්‌ෂයක්‌ විනාශ කළ ස්‌ථානය යෑයි ජනප්‍රවාද කියයි. වර්තමාන රජය මීට මාස කීපයකට පෙර පාර්ලිමේන්තුවේ සංවාද කළේ අපේ රටේ වී වගාව හෙක්‌ටෙයාර් 100,000 කින් අඩු කිරීමටය. ඒ සඳහා වෙනත් බොහෝ කුමන්ත්‍රණද ක්‍රියාත්මක කර ඇත. එදා වෙල් ලක්‌ෂයත්, අද (ඒකකය කුමක්‌ වුවත්) වෙල් ලක්‌ෂයත් අතර ඇත්තේ දෛවෝපගත සම්බන්ධයක්‌ නොවේද? අප කියන්නේ මේ වකවානුවේ සිංහලයේ පාලන බලය 1818දී පාලනය කළ බ්‍රවුන්රිග්ලාගේ, විල්සන්ලාගේ මුණුබුරු මිණිබිරියන් අත පත්ව ඇති බවකි. උන් සිංහල රූපයයෙන් ඉපිද, බාගදා සිංහල පන්නයට අඳිනවා පළඳිනවාද විය හැක. බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගණනින් ලක්‌ෂ තුනක්‌ පමණ වූ දෙමළ සුළුතරයට බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් හා කම්කරු පක්‌ෂය හිස නමන්නේ ඒ ඡන්ද ලක්‌ෂ දෙක තුන ස්‌වකීය පක්‌ෂය ජයග්‍රහණය කරවීමේදී තීරණාත්මක බැවිණි. ඒ අනුසාරයෙන් දෙමළ ඩයස්‌පෝරාව උපරිම වාසි ලබා ගන්නේය. අපේ රටේද පාලන බලය දිනාගැනීම උදෙසා දෙමළ හා මුස්‌ලිම් සුළුතරයට හිස නමන එක්‌සත් ජාතික පක්‌ෂ හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ හෝ වෙනයම් පක්‌ෂයක ඊනියා නායකයින් යනු සිංහල නම් ඇතිව යළි උපන් වෛරී සුද්දෝම ය.

දෙමළ ජනවර්ගය නියෝජනය සඳහා නායකයින් කීප දෙනෙකු හෝ එක්‌ අයකු සිටිති. මුස්‌ලිම් ජනවර්ගය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. ඒ හේතුවෙන් දේශපාලනිකව බලය සම්බන්ධ ගනුදෙනුවලදී ඒ නායකයින් සතුව කේවල් කිරීමේ හැකියාවක්‌ ඇත. සිංහලයා වෙනුවෙන් කේවල් කරන්නේ කවුද? ජනාධිපති හෝ අගමැති හෝ වෙනත් අයෙක්‌ නාමමාත්‍රිකව සිංහල වූ පමණින් ඒ අය ජාතිය නියෝජනය කරන්නේද? කිසිසේත්ම නැත. අප විග්‍රහය ප්‍රකාරව, ජනාධිපතිවරයා හෝ සෙස්‌සන් ජාතියේ නායකයින් නොවේ. ඔවුන් රාජ්‍ය නායකයින්ය. ඒ සියල්ලන් ජනතාව (වෙසෙසින් සිංහලයින්) රවටන ඊනියා මැතිවරණ ක්‍රමයකින් පත් කළ බටහිර අධිරාජ්‍යවාදයේ නියෝජිතයින්ම පමණකි. ඒ නයින් ගත් කළ ව්‍යවස්‌ථාව යනු ඒ අයගේ රැකියා කාර්ය ලැයිස්‌තුවයි. ව්‍යවස්‌ථාව යනු සිංහලය සූරා කෑමට හෝ තමන්ට අභිමත පරිදි පාලනය කිරීමට ධවල චර්මධාරීන්ගේ බෝල්-පොයින්ට්‌ පෑනකින් කටුගෑ ලියවිල්ලකි.

සියලු අවක්‍රියා 'ඉවසමින්' වෛවර්ණ ආණ්‌ඩුවේ විධායකයේ ප්‍රධානියත් ව්‍යවස්‌ථාදායකයේ ප්‍රධානියාත් කරන්නේ මුණිවත රැකීමය. ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රශ්නවලදී ස්‌වකීය පාලනය තුළ සිටින කවරකු හෝ වුවද පාලනය කළ යුත්තේ ඔවුන්ය. එහෙත් මුස්‌ලිම් අන්තවාදයේ නියෝජිතයෝද, දෙමළ බෙදුම්වාදයේ නියෝජිතයෝද හිතූ හිතූ දේ කියති, කරති. වගකිවයුත්තන්ගේ මුණිවත නිසා පොදු මහජනයා හෝ විශේෂයෙන්ම සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් (සාමාන්‍යයෙන් මොවුන් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසය) ඒ ඒ තත්ත්වයන්ට, ප්‍රකාශයන්ට, ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්‌වන්නට යයි. එය බොහෝ විට තවත් 'කළු ජූලියකින්' කෙළවර වන්නට පිළිවන. එසේ නම් ඊනියා ව්‍යවස්‌ථාදායකයත්, විධායකයත් බලා සිටින්නේ තවත් කළු ජූලියක්‌ උදා වන තුරුද?

අවසාන වශයෙන් යමක්‌ විමසන්නට තිබේ. පළමුව සමස්‌තය සලකා බැලීමේදී අප මේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ වාර්තාව ප්‍රධාන කරුණු දෙකක්‌ මත දෝලනය වන බවක්‌ පෙනෙන්නට තිබේ. පළමුවැන්න මේ ඓතිහාසික දේශයේ සිංහල බෞද්ධ අනන්‍යතාව නසමින් බෙදුම්වාදයට පාර කපන නැඹුරුතාවයය. දෙවැන්න නම්, මේ දේශයේ සංස්‌කෘතිය බරපතළ ලෙස සොලවාලමින් සමලිංගිකත්වය වැනි විෂමාචාරයන් සඳහා නෛතික පදනමක්‌ ලබාදීමට දරා ඇති උත්සාහයයි. මේ ඊනියා ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියට නායකත්වය දෙන්නේ පවතින 'යහපාලන' රජයයි. ඉන් කියෑවෙන්නේ මේ ආණ්‌ඩුවේ රාජ්‍ය පාලන මූලධර්ම වී ඇත්තේ බෙදුම්වාදය හා දුරාචාරී ලිංගික විෂමාචාරයන් බවද?

දෙවනුව, ඇතැම් වගකිවයුතු සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් විසින් කොළඹදී හා දිවයින පුරා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ලබාදුන් යෝජනා මේ වාර්තාවේ ඇතුළත් නොවීමය. ඇතැම් පුද්ගල හා සංවිධාන නාම සඳහන් වුවද ඒ යෝජනාවන්හි සාරය වාර්තාවට ඇතුළත්වී නැත. ඒ පිළිබඳ සාක්‌ෂි අප සතුය. එසේ රට පුරා ලබාදුන් යෝජනා හා අදහස්‌ විශ්ලේෂණය කර රාජ්‍යයේ ස්‌වභාවය, පුරවැසි භාවය, ආගම සහ මූලික අයිතිවාසිකම්, භාෂා අයිතිය, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම, උත්තරීතර සංඝ මණ්‌ඩලය, විධායකය, බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමය, වෙනත් යෝජනා යන ශීර්ෂ දහය ඔස්‌සේ ඒවා අප විසින් සාරංශ ගත කර තිබේ. ඒ කිසිවක්‌ මේ කමිටු වාර්තාවේ අන්තර්ගත වී නැත. එහෙයින් මෙය හුදෙක්‌ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මත, බොරු ප්‍රජාතන්ත්‍රවාදී මහජන මත විමසීමක්‌ සේ මවාපාමින්, සිදුකළ වංචනික ක්‍රියාවක්‌ බව ප්‍රකාශ කරමු.

තෙවනුව, සමස්‌ත ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හා ලාල් විඡේනායක කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂයේ ස්‌ථාවරය කුමක්‌ද? ඔවුන් නිහඬ ඇයි? ඒකාබද්ධ විපක්‌ෂය යනු පවතින රජයේ සැබෑ විපක්‌ෂය මෙන්ම, බෙදුම්වාදයේ මිලිටරි පරාජයට මූලික වූ දේශපාලන නායකත්වයේ වර්තමාන ස්‌වරූපයයි. යටත් පිරිසෙයින් ව්‍යවස්‌ථාවේ 9වන වගන්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා ගැන හෝ යමක්‌ ප්‍රකාශයට පත්කරන්නට ඒකාබද්ධ විපක්‌ෂය අසමත්වීම පිළිබඳව මේ රටේ දේශමාමක ජනතාව පසුවන්නේ කුකුසෙනි.

-ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්‌ඩලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/06/2016

සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය

කතෘ:යුතුකම     7/06/2016   No comments
-වංශපුර දේවගේ ජානක-

විදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්‍රයෙන් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබීමය.

ජනගහණය වර්ධනය වුවද රටක පුද්ගලිකව අත්පත් කරගත හැකි ඉඩම් වපසරිය සීමිතය. මේ රටේ වැඩි ජනගහණ වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැක්කේ බහුතරයක් වන සිංහලුන්ගේය. ඒ නිසා ඉඩම් සීමාවීමේ ආනිසංස මුලින්ම දැනෙනු ඇත්තේ සිංහලුන්ටය. නමුත් අද වෙනවිට දෙමලුන්ට සහ මුසල්මාණුවන්ට නැති ඉඩම් සීමාවක් සිංහලුන් සඳහා පැනවී ඇත. ජාතියක් වශයෙන් සිංහලුන්ගේ ඉඩම් ප්‍රශ්ණය වැදගත් වන්නේ ඒ නිසාය.

මේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. නමුත් අද අපි හොඳින් දන්නා ආකාරයට කොටි ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලින් පන්නා දැමුනු සිංහල වැසියන්ට ඒ ඉඩම්වල නැවත පදිංචිවී නිදහසේ ජීවත්වීමට සාධාරන අවස්ථාවක් සලසා දී නැත. නැඟෙනහිර සහ උතුරු පළාත්වල පාසල් වල සිංහල භාශාවෙන් ඉගැන්වීම අත් හැරෙනවිට සිංහලුන්ට එහි නිදහසේ ජීවත්විය හැකියැයි කිව හැකිද?

නමුත් අපි කථා කල යුත්තේ කොටි ත්‍රස්තවාදීන් විසින් පලවා හැරි එනම් අසූවේ දශකයේ පමණ එහි ජීවත්වූ සිංහල පවුල් ගැන පමණක්ද? හෙට උපදින සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට අයිතියක් නැද්ද?

විවාදයකින් තොරව ඔවුන්ටද එහි ජීවත්වීමට අයිතියක් තිබිය යුතුය. මේ රට සියලු ජාතීන්ට එකසේ අයිති යැයි පවසන්නේ නම් එය එසේ විය යුතුය. නමුත් ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය දී ඇති පමණින් අනාගත සිංහලුන්ට නැඟෙනහිර හෝ උතුරේ ගොස් පදිංචි විය නොහැකිය. ඒ සඳහා සිංහල පාසල් ඇතිවිය යුතුය, සිංහලුන් සඳහා පංසල් පල්ලි ඇති කල යුතුය, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය. මේවා කර දීම ආණ්ඩුවක වගකීමය. ව්‍යවස්ථාව කොළයක ලියා තැබූ පමණින් එහි ඇති අයිතීන් තහවුරු වන්නේ නැත. ආණ්ඩුවකට විධායක බලය දී ඇත්තේ ව්‍යවස්ථාව තහවුරු කිරීමටය. නමුත් මේ ආණ්ඩුව ඒ සඳහා කරන්නේ කුමක්ද?

ඉතා පැහැදිලිවම දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීන් ගේ උවමණාව සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට ඇති අයිතිය නැති කිරීමය. දැනටමත් ඔවුන් මේ අයිතිය සිංහලුන්ගෙන් උදුරා ගැනීම සඳහා බොහෝ දුර ගොස් ඇත. දෙමළුන්ට සහ මුසල්මාණුවන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමට යම් බාධක තියෙන්නට පුළුවන. ඒවා නිවැරදි කල යුතුය. නමුත් ඔවුන් හා සසඳන විට සිංහලුන්ට උතුරේ හෝ නැඟෙනහිර ජීවත්වීමට ඇති බාධාව අති මහත්ය. එය හිතාමතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන දේශපාලන ව්‍යාපෘතියකි. හෙළුවෙන්ම ජාතිවාදයකි.

සිංහලුන් නැඟෙනහිර සහ උතුරු පළාත්වල පදංචිවීම ඊනියා ජනාවාසකරණයක් ලෙස හැඳින්වීමට අප පුරුදු කර ඇත. අපි මේ සංකල්පයෙන් නිදහස්විය යුතුය. ඉංග්‍රීසීන් ඕස්ටේ‍ර්ලියාවට ගොස් එහි බලෙන් පදිංවි වීම අඩුම තරමින්වත් ජනාවාසකරණයකි. ලංදේසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් මෙරට උතුරේ පදිංචි කෙරවීම ජනාවාසකරණයකි. ඉංග්‍රීසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් උඩරට ඉඩම්වල පදිංවි කරවීම ජනාවාසකරණයකි. නමුත් හම්බන්තොට සිංහලුන් කිලිනොච්චියේ ගොස් පදිංචිවීම ඕස්ටේ‍ර්ලියාවේ පුරවැසියෙක් එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක පදිංචි වීමට වඩා වැඩි දෙයක් නොවේ. අද පවතින තත්වයේ සිට එවැනි සමබරතාවක් ඇති කරගැනීමට වසර තිහ හතලිහක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය. නමුත් එය රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විය යුතු වැඩ සටහණකි. එසේ නොවී ස්වභාවිකව ඒ සමබරතාව ඇති වන්නේ නැත. විශේෂයෙන් ඒ සඳහා ඇති ජාතිවාදී දේශපාලන බාධක රාජ්‍යය මැදිහත්වී ඉවත් කල යුතුය. ව්‍යවස්ථාව තහවුරු කරනවා යැයි කියන්නේ එයටය.

අනාගත සිංහලුන්ට නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඉඩම් අත් පත් කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතීන් බුක්ති විඳිමින් එහි ජීවත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම රජයේ වගකීමය. එය කල හැකි රාජ්‍යයක් අපි තනාගත යුතුය. එවැනි රාජ්‍යයක් ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අපි පත් කරගත යුතුය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පත්කර දී ඇත්තේ සිංහලුන්ගේ අයිතීන් පැහැර ගෙන රාජ්‍යය දියකර හැරීමට විනා සිංහලුන්ට අයිතීන් ලබාදීමට නොවේ. ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනස් කරමින් උතුරට එකක් සහ දකුණට එකක් වශයෙන් මේ රටේ සමාන බල ඇති ආණ්ඩු දෙකක් පිහිටවුවහොත් සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණ ගැන කථා කරලා හමාරය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/05/2016

ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි... - ඇල්ලේ හාමුදුරුවෝ

කතෘ:යුතුකම     7/05/2016   No comments
හවුල් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය නාමයෙන් සිදු කරමින් සිටිනුයේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඒකීය රාජ්‍යයේත් බුද්ධ සාශනයේත් මළගම සිදු කිරීම බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය යනු වෙනම රටක් සඳහා ලියවෙන නීත්‍යානුකූල ඔප්පුව බවත් ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කරති.

වසර දෙදහස් පන්සියයක ඔප්පුවක් හිමි මව්බිමේ සැබෑ හිමිකරුවන් ඔප්පුව මත වාඩි වී හූල්ලමින් සිටිද්දී ඉන්දීය- ඇමරිකා - බ්‍රිතාන්‍ය මැදිහත්වීම මත හවුල් ආණ්ඩුව රට බෙදා වෙන්කිරීමේත් බුද්ධ සාශනය වැනසීමේත් කටයුතු සීඝ්‍රයෙන් සිදු කරමින් ඇතැයිද උන් වහන්සේ පෙන්වා දෙති. මෙරට කෝටි දෙකක ජනගහනය අතරින් හාරදහසකගෙන් පමණ ලබා ගත් අදහස් යැයි කියමින් රනිල් වික්‍රමසිංහ පත් කළ ලාල් විජේනායක කමිටුව විසින් ව්‍යවස්ථා සංශෝධනයට මහජන අදහස් යනුවෙන් ඉදිරිපත් කළ වාර්ථාව හරහා මේ දුෂ්ඨ උපායේ ගමන් මග පැහැදිලි වන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පෙන්වා දෙති.

අතීතයේ දී සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත්වී තිබුණත් අද වන විට ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, රොස්‌මිඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස එම පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේ ජුනි 23 කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ 'ෆෙඩරල් සංහිඳියාව' සම්මන්ත්‍රණයේ මූලාසනයේ විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ

" මෙම සම්මන්ත්‍රණයට එන්න මිදුලට බහිනකොටම මගේ අතට ලැබුණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මැතිවරණවල දී අනුගමනය කළ යුතු උපමාන පිළිබඳව සඳහන් කරලා තිබෙන අති විශේෂ ගැසට්‌ පත්‍රය. මෙහි සඳහන් වෙලා තිබෙන ආකාරයට ඉදිරියේදී ජනමතවිචාරණ- මැතිවරණ ආදියේදී ජාතික සහ ආගමික සංකේත යොදා ගැනීමට බැරිවෙනවා. රට වනසන්න මාන බලන කණ්ඩායම්වලට මූලිකම බාධාව බවට පත් වෙලා තිබෙන්නේ මේ අපේ භික්ෂූන් වහන්සේලා ඇතුළු බුදු සසුනයි. ථෙරවාදී බුදුදහම ආරක්‌ෂා වී තිබෙන රටවල් අතරින් සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ දී පමණයි. ප්‍රභාකරනුත් කිව්ව කහ රෙද්ද තිබෙන කම් මුකුත් කරන්න බැරි බව. එම නිසා කහ රෙද්ද ඉවත් කිරීම සඳහා කටයුතු පටන් අරගෙන තිබෙනවා.

ලෝකයේ සිටින ජාතීන් අතර සිංහල ජාතිය ප්‍රමාණයෙන් කුරා කූඹියෙක්‌ වගේ. එසේ වුවත් මෙම ජාතිය වටා ජාත්‍යන්තර බලවේග රාශියක්‌ ක්‍රියාත්මක වනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය. ඇමරිකාව, රෝස්‌මීඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී තිබුණත් එදා එම තැන හිමි වී තිබුණේ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු බලවේගයන්ටයි.

ෆෙඩරල් පාලනයකින් බිහිවන්නේ ඊළාම් රාජ්‍යයක්‌ තමයි. මේ වන විටත් හලාවත, දෙමළෙන් සිලාවතුරෙයි බවටත් ඉංග්‍රීසියෙන් චිලව් බවටත් පත්වී තිබෙනවා. ඒ ආකාරයට උතුරේ බොහෝ ග්‍රාම නාම දෙමළ බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කියන්නෙත් ඉලංකෙයි කියලා. ඒ අනුව පැහැදිලි වනවා මේ වනවිට ඊළාම් රාජ්‍යයේ ඔප්පුවත් ලියල අවසන් බව. දැන් මේ සූදානම් වන්නේ එම ඔප්පුවට අනුව නීත්‍යානුකූල මායිම් කණු දාන්න.

අද බුද්ධ සාශනයටත් අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වන විට දළදා මාලිගාවටත් ඉහළින් යන්න වෙනත් ගොඩනැඟිලි හදනවා. හාමුදුරුවරු මේ රටේ අයිතිකාරයන් වගේ සිටිය යුතුයි. නමුත් අවුරුදු 2500 ක ඔප්පුව උඩ වාඩිවෙලා බෝඩිංකාරයෝ වගේ සිටිනවා. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාවගේ අදහස්‌ ලබාගත් කමිටුවේ වාර්තාව එළි දක්‌වා තිබෙනවා. කෝටි දෙකක ජනගහනයක්‌ සිටින රටේ 4150 කගේ පමණයි අදහස්‌ ලබාගෙන තිබෙන්නේ. ඒ අය අතර ෆැක්ස් සහ ඊමේල් එවපු අයත් සිටිනවා. ඒ අය තමයි රටේ අනාගතය තීරණය කරන්න හදන්නේ.

1978 ව්‍යවස්‌ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වූ කොටස ඉවත් කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුත්තේ සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම පිළිබඳවයි. බුද්ධාගම කොහොමත් ආරක්‌ෂා වනවා නමුත් ශාසනය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්‌ථාව මගින් සමලිංගිකත්වය නීති ගත කිරීමට යනවා. මෙම යෝජනාව ගෙන එන සමහර අයට දරුවෝ නැහැ. ඒකට අපි පළිද? දරු සෙනෙහස දැනෙන අය තමයි රට හැදිය යුත්තේ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හරිම දුකක්‌ ඇතිවෙනවා.

අපි ගහට කොළට ආදරය කළ ජාතියක්‌. අපි කුරුල්ලන්ට කුරුලු පාලුවක්‌ වෙන් කළා. ගවයන්ට තණ කන්න වෙනම කෑල්ලක්‌ වෙන් කළා. එහෙම කරපු අපට පර සුද්දන් මානව හිමිකම් පිළිබඳව උගන්වන්න එනවා.
ඇමරිකාව , එංගලන්තය, ඉන්දියාව යන රටවල් තුන එකතු වෙලා අපට එරෙහිව කුමන්ත්‍රණය කරනවා. මේ රටේ නාඩි වැටෙන ආකාරය පිළිබඳව අපි ඉන්නේ අවධානයෙන්. මේ රටට එරෙහිව විශාල කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් බලතල දුන්නොත් සේරුවිලට, තිරියායට, නාගදීපයට, වෙල්ගම්වෙහෙරට යන තත්ත්වය කුමක්‌ ද වැල්ලවත්ත ප්‍රදේශයේ අක්‌කර 600 ක ප්‍රමාණයෙන් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි.මේ ආක්‍රමණයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමු. දරුවනි ඔබේ මව්බිම අවසන් හුස්ම හෙළුවේ නැත. ඇය  තාවකාලික නින්දකට වැටුණා පමණි.

ඇල්ලේ ගුණවංශ හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..



යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?

කතෘ:යුතුකම     7/05/2016   No comments
-සංඛ රන්දෙනිකුමාර-

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සටන උද්වේගකර හා තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබේ.බොහෝ විට ඉදිරි සතිය තුළදී ශ්‍රී ල0කාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය වනු ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට වගකියන වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොර හා ඉන් ප්‍රතික්ෂේප වූ ඊනියා වෛද්‍ය විද්‍යාලයක්යැයි කියා ගන්නා ආයතනයක ඉරණම අධිකරණ තීන්දුවකින් වෙනස් වුවහොත් එය වෛද්‍ය අධ්‍යාපනයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට සෘජුවම බලපානු ඇත.

කෙසේ වුවද අපේ රටේ සමහරක් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ආවඩන බව රහසක් නොවේ.
ශ්‍රී ල0කාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද?
එසේ නම් ඒ ඇයි?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව කියන්නන් එය සාධාරණීකරණය සඳහා ප්‍රධාන හේතු 2ක් ඉදිරිපත් කරන බව පෙනේ.
1. මෙරට වෛද්‍ය විද්‍යාලවලට සීමිත පිරිසක් පමණක් 'දිස්ත්‍රික් පදනමක්' යටතේ බඳවාගැනීම හා එවිට යාන්තම් වෛද්‍ය විද්‍යාලය මඟ හැරෙන පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු වීම
2. මෙරට වෛද්‍ය විද්‍යාලවලට යෑමට නොහැකිව විදෙස්ගතවන පිරිස හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වීම

බැලූ බැල්මටම මෙම කරුණුවල සාධාරණයක් ඇති වගක් පෙනේ. ඉහත කරුණු මඟහරවා ගැනීම සඳහා අප කළ යුත්තේ හතු පිපෙනවාක් මෙන් PMC බිහි කිරීමද?

ඉහත සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලෙස PMC බිහිකළ යුතුමයැයි පවසන්නන්ගෙන් බහුතරයක් සැබැවින්ම එම ප්‍රශ්නවලට විසඳුම් අපේක්ෂා කරන්නන් නොව තම දරුවන් කෙසේ හෝ වෛද්‍යවරුන් කරගැනීමට පරම අභිලාෂයෙන් පෙළෙන එක්තරා මූඪ උන්නතිකාමීන් පිරිසක් වෙති. ඒ පිරිස අතර බස් මුදලාලිලා, දේශපාලකයින් මෙන්ම නිදහස් අධ්‍යාපනය නොතිබිණි නම් වෛද්‍යවරයෙකු වීමට සිහිනෙන්වත් ඉඩ හසර නොමැති වූ වෛද්‍යවරුන් ද බොහෝමයක් සිටීම දෛවයේ සරදමක් විය යුතුය. මින් බහුතරයකට තම දරුවාද වෛද්‍යවරයෙකු කර ගැනීමට අවශ්‍යව ඇත්තේ සමහරක් වෛද්‍යවරුන් ආරෝපණය කරගෙන ඇති වෙනම සමාජ තත්වය, සිවිල් බලයේ උද්දාමය හා තනතුරේ ආලෝකයෙන් ගිනි කණ වැටීම නිසා විය යුතුය. වෛද්‍ය වෘත්තිය උතුම් වෘත්තියක් බව සැබෑය. එහෙත් වෛද්‍යවරුන් යනු අනෙක් අයට වඩා උසස් වෙනම සමාජ පන්තියක් නොවේ. විය යුතු ද නැත. එසේම රටේ ඇති සෑම වෘත්තියක්ම වෛද්‍ය වෘත්තිය සේම රටට වැදගත් බවද, කැපවීමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම පෞද්ගලික හා වෘත්තීය දියුණුවක් ලබාගත හැකි බවද තේරුම් ගැනීමට තරම් ඥානනයක් උගතුන්යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට හිමිව නොතිබීම මීට හේතුව විය යුතුය. එහෙත් රටේ සියළු දෙනාටම ඔවුන්ගේ හෝ දෙමව්පියන්ගේ අවශ්‍යතාව මත පමණක් වෛද්‍යවරු විය හැකිද? එසේ විය යුතුද?
කිහිප දෙනෙකුගේ පරමාර්ථ සාධනය සඳහා නීතියේ සිදුරු සොයමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් අටවාගත් ව්‍යාපාරික අරමුණු සහිත ''වෛද්‍ය විද්‍යාලයක්'' යැයි කියා ගන්නා ආයතනය නිසා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් සිදුවන බුද්ධි ගලනය හා ඒවාට ඇතිව තිබෙන තර්ජන අපි දකිමු. එසේම එවන් ආයතනයකින් රැවටීමට බඳුන් වන්නේ ද අපේම සමාජයේ දූ දරුවන් පිරිසකි. පාඨමාලාවට නොගැලෙපෙන මිලක් ගෙවමින් කෙසේ හෝ වෛද්‍යවරයෙකු වීමට ඉගෙනගන්නා ඔවුන් හසුව සිටින්නේ වෛද්‍ය විද්‍යාලයකට රෝහලක් ඇවැසි බව නොදන්නා, අධ්‍යාපනය සඳහා රෝගීන් පැමිණෙන රෝහලක් තනා ගැනීමට බැරි ව0චාකාරී ව්‍යාපාරිකයෙකුට, එපමණක් නොව ශ්‍රී ල0කා වෛද්‍ය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමට එයට තර්ජනය කරන මැර රැළකට නොවේද?. සමාජ ප්‍රශ්න දඩ මීමා කරගෙන අපේ රටේ වෛද්‍ය අධ්‍යාපන‍ය හා සෞඛ්‍යය වනසන්නට මෙවන් තක්කඩියන්ට ඉඩ දිය යුතුද?
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිලි නොදී සහ එහි විශ්වාසනීය බව රඳවා ගනිමින් ඉහත සඳහන් කෙරුණු ගැටළුවලට පිළිතුරු සොයන්නේ කෙසේද?

අපේ අදහස නම් PMC සඳහා කඩේ යෑම මෙන්ම, විකල්ප විසඳුමක් නොපෙන්වා ''NO PMC'' යනුවෙන් මොර දීම යන දෙකම අන්තගාමී වීමකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන්, යන්තම් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අහිමි වන බහුතරයකට කිසිදු සෙතක් අත් නොවන්නේ බොහෝ දෙනෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රුපියල් ලක්ෂ 120ක් ගෙවීම යනු සිහිනයක් පමණක් වන බැවිනි. මේ රටේ බහුතරයක් දෙනා පහළ මධ්‍යම පන්තියට සහ අඩු ආදායම්ලාභීන් ගණයට ඇතුළත් වන බව මෙවැනි අපූරු විසඳුම් යෝජනා කිරීමට පෙර අප සිහි තබා ගත යුතුය. බහුතරයක් ග්‍රාමීය පාසල්වල වාඩිවීමට ඩෙස් බ0කු නැති රටක, සාමාන්‍ය පෙළට උසස් පෙළට ඉගැන්වීමට ගුරුවරු නැති රටක, රජයක ප්‍රමුඛතාව විය යුත්තේ මුදල් ඇති අයට පමණක් විවෘත පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට වලිකෑම නොවන බව මගේ විශ්වාසයයි. ඒ අනුව ධනයට බලයට නොව දක්ෂයාට තැන ලැබෙන වඩා සාධාරණ ක්‍රමයක් පිළිබඳව අප සිතිය යුතුමය.
එපමණක් නොව වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නම් ලාභ ලැබීම අරමුණු කරගත් පුද්ගල මූලික ආයතනවලට ඒවා හැසිරවීමේ බලය ලබා දීම සුදුසු නොවන බව ගෝලීය අත්දැකීමයි. ලෝකයේ අධ්‍යපනයේ ගුණාත්මකභාවය රැකගත් රටවල පිළිගත් වෛද්‍ය විද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල වන අතර එසේ නොවන ඒවා කිහිපය ලාභ ඉපයීම අරමුණු කර නොගත් සමාජ සුභසාධනයට කැපවූ ස0විධාන සතු ඒවා වෙයි. එසේ නොමැතිව ශ්‍රී ල0කාවේ මෙන් මූල්‍ය සක්විත්තන් විසින් හසුරුවමින් මුදල් ගරන, දේශපාලකයන්ට අල්ලස් දෙන, සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින්ම විභාග අධීක්ෂණය කර සියල්ලන්ටම පන්ති සාමාර්ථ ලබා දෙන තුට්ටු දෙකේ 'වෛද්‍ය විද්‍යාල' එවන් රටවල නැත!

මෙහිදී අප යෝජනා කරනුයේ අපේ රටේ වර්තමානයේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගන්නා අතරේම වැඩි දක්ෂයන් පිරිසකට සරසවි වරම් හිමි කර දීමට රාජ්‍ය විශ්ව විද්‍යාල ගාස්තු ගෙවා අධ්‍යාපනය ලැබීමට ද විවර කළ යුතු බවයි. (මේ කරුණ ඇසීමෙන් ඊනියා සමාජවාදීන්ට හෘදයාබාධ නොසෑදෙනු ඇතැයි අපේක්ෂා කරමි! ) අප කරන මේ යෝජනාව නිදහස් අධ්‍යාපනයේ හිතසුව පිණිසම වනු ඇත. මෙහිදී කුසලතාවට ප්‍රමුඛතාව ලබා දිය යුතුමය. ඒ සඳහා සුදුසු කඩයිම් Z අගයන් තීරණය කළ හැකිය. ඉහළම Z අගයන් හිමි වූවන්ට වෙනදා මෙන්ම ගාස්තු ගෙවීමකින් තොරව සරසවි අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා විවර වනු ඇත. ඉන් පසු එක්තරා Z අගයක් ඉක්මවූ පිරිසට ගාස්තු ගෙවන පදනම මත වෛද්‍ය අධ්‍යාපනය ලබා ගත හැකිය. මෙහිදී අයවන ගාස්තුව ද අධ්‍යාපනය ''බිස්නස් එකක්'' කරගත් ආයතනයකට වඩා සාධාරණ වනු ඇති සේම අධ්‍යාපන සුදුසුකම්වල පාරදෘශ්‍යභාවයක් සහිතව (ධනවත්, බලවත් දෙමව්පියන්ගේ ඕනෑ එපාකම් සැපිරෙනු වෙනුවට ) සුදුසුම පුද්ගලයන් සරසවි ප්‍රවේශය ලබනු ඇත. මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රාජ්‍ය බැ0කු හරහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම තුළින් මුදල් ඇති දක්ෂයාට පමණක් නොව සියලුම දක්ෂයන්ට සාධාරණ වන පරිදි අධ්‍යාපනයේ අවස්ථාවන් ඉහළ නැ0වීමට හැකි වනු ඇත. එසේම මින් ජනනය වන මුදල් යොදා ගෙන නිදහස් අධ්‍යාපනයේ අවස්ථාවන් හා විශ්ව විද්‍යාලවල පහසුකම් පුළුල් කිරීමට නිසැකවම හැකිවනබව පැහැදිලිය. මෙවන් ක්‍රමයක් ප්‍රථමයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා අත් හදා බැලීමෙන් අනතුරුව අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ද ක්‍රියාවට නැඟීමට හැකිවනු ඇත.

වෛද්‍යවරුන් බිහිකිරීම වැනි වඩාත් වගකීම් සහගත හා ස0කීර්ණ ක්‍රියාවලියක් මුදලට ගිජු වූ ව්‍යාපාරිකයන්ට පැවරීමට වඩා රජයේ පූර්ණ වගකීම හා අධීක්ෂණය යටතේ සිදු වීම තුලින් වර්තමානයේ ඊනියා ''වෛද්‍ය විද්‍යාලය''ට එල්ලවී ඇති ගුණාත්මකභාවයේ පිරිහීම හා පක්ෂපාතීත්වය වැනි චෝදනා ඉවතලන්නට හැකිවනවා සේම, ධනය, බලය වැනි කරුණු මත පදනම් නොවී සැබෑ දක්ෂයින් වැඩි පිරිසකට අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීමට හේතු වනවා නිසැකය.

මේ වන විට ETCA ගිවිසුමට එරෙහිව සිදු කරන කාර්යභාරය දකින කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස0ගමය (GMOA) සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිතිවලට ට මෙවැනි ප්‍රතිපත්තියක් ඇති කර ගනු වස් රජයට බල කිරීමේ වගකීම පවතිනවා සේම ඒ සඳහා හැකියාවක් ද ඇති බව අපි උදක්ම විශ්වාස කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/03/2016

අර්ජුන් මහේන්ද්‍රන් හොරාද? අත් උදව් කරුවාද? [Video]

කතෘ:යුතුකම     7/03/2016   No comments
-යටියන ප්‍රදීප් කුමාර-

මහ බැංකු මහ හොරකමේ මහ මොළකරුවා කවුද?

හවුල් ආණ්ඩුවේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තම මහබැංකු අධිපතිධූරය අහිමි වී අවසන්ය. 2015 ජනවාරි 08 ආ
ණ්ඩුව පත් වී දින සියයෙන් බාගයක් යන්නට මත්තෙන් සිදු වූ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳ මේ වන විට නම් බොහෝ දෙනා බොහෝ දේ කියා තිබේ. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය තව දුරටත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූරය දික් කරගැනීමට කළ හැකි හැම උත්සාහයක්ම දැරූ බව දැන් රහසක් නොවේ.  විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කිට්ටුවන්ත ඇමතිවරුන් එය තමන්ගේ කරට ගෙන ක්‍රියාකරන අයුරක් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය කළ හැකි විය. "ලොක්කගේ මිනිහා" වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය (දැනට) අපතේ ගොස් තිබේ. රනිල් පාර්ශවය මහේන්ද්‍රන් තබා ගැනීමට කොතරම් නූල් සූත්තර ඇඹරුවත් සමාජයෙන් ඒ වෙද්දී බැඳුම්කර මගඩිය පිළිබඳ එල්ලවී ඇති ප්‍රතිවිරෝධය හමුවේ රනිල්ලාගේ ඒ උත්සාහය (තාවකාලිකව හෝ) අසාර්ථක වීය.

විශ්ලේෂකයන් පවසන කරුණ නම් මේ මගඩිය හරහා රටට සිදුවී ඇති අලාභය මහවැලි ව්‍යාපාර දෙක තුනක් හදන්නට තරම් සෑහෙන විශ්වාස කිරිමට පවා අපහසු තරමේ දැවැන්ත මුදලක් බවයි. කෝප් කමිටුව හරහා දැනට කෙරෙන සොයා බැලීම මගින් මේ පිළිබඳ නිවරදි චිත්‍රය නිවරදි පරිමාණයෙන් හෙළි වෙතැයි යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.


බොහෝ දෙනා මේ පිළිබඳ චෝදනා එල්ල කිරීමේදී අර්ජුන් මහේන්ද්‍රන් වෙත හුදකලාවත් , තවත් සමහරෙක් අර්ජුන්-රවී යුගලයටත් චෝදනා එල්ල කරනු පෙනේ. ඒ බොහෝ දෙනා හිතා මතා හෝ නොසිතාම රනිල් වික්‍රමසිංහ මහතා මේ චිත්‍රයෙන් ඉවත් කර කතාව ගලපාගෙන තිබේ.

නමුත් එය සැබෑවක්ද?

එතෙක් කලක් පැවැති සම්ප්‍රදාය බිඳ හෙළමින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා අගමැති යටතේ පවතින ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යා කරගත්තේ කවුද?
ණ්ඩුව තුල එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ ප්‍රබල ඇමති වරුන් පවා දැඩිව විරෝධය පළ කරද්දී එදා 2015 ජනවාරි මහ බැංකු අධිපතිධූරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්නේ කවුද?
(ඒ වෙද්දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කොටස් ගණුදෙනු ව්‍යාපාරයේ නිරතවීම නිසා තමන් ඔහුට විරුද්ධ වූ බව රජයේ එජාප ඇමතිවරයෙක් මෑතකදී හෙළි කර තිබිණ. ඒ අනුව මේ සිදු වී ඇති මංකොල්ලය නොදැනුවත්කමින් සිදුවූවක් ලෙස අත හැර දැමිය යුත්තක් නම් නොවන බව පැහැදිළිය. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරගත්තේම මේ සඳහා යැයි සැක කිරීම අසාධාරණ නොවේ. )
පළමු බැඳුම්කර මගඩියේන් පසු ඒ පිළිබඳ විධිමත් නීතිමය පියවර ගැනීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන් තුන් දෙනෙකු හරහා පරීක්ෂණයක් යැයි කියා ඇස්බැන්දුමක් කර අර්ජුන් මහේන්ද්‍රන්ට තවත් තහවුරු වන්නට ඉඩ දුන්නේ කවුද?. (අඩු තරමින් ඒ අවස්ථාවේ මෙය වලක්වා ගත්තා නම් 1016 මැයි සිදු වූ දෙවන බැඳුම්කර මගඩිය නවතා ගත හැකිව තිබිණ.)
දින 100 ආණ්ඩුවේ කෝප් කමිටුව විසින් මේ බැඳුම්කර මගඩිය හෙළි කරමින් පාර්ලිමේන්තුවට වාර්ථාවක් ඉදිරිපත් කිරීම නවතා ලමින් ඊට කලින් දා රාත්‍රියේ ආන්ඩුව විසුරුවා හැරීම හරහා සිරිසේන ජනාධිපතිවරයා විසින් බේරාගත්තේ කවුද?
තවත් බොහෝ කරුණු තිබේ.නමුත් මේ ටික සෑහේ.

අද හදිසියේ අවදි වී බැඳුම්කර හොරකමෙන් රට බේරාගත් වීරයන් සේ රඟන යහපාලනය වෙනුවෙන් කඩේ ගොස් ඇඳි වතද අහිමි කරගෙන සිටින විකල්ප ගෝත්‍රයේ තක්ක්කඩි ආචාර්‍යවරුන් ඇතුළු බොරු කාරයන් අද කුමක් කීවද එදා බැඳුම්කර මගඩිය පිළිබඳ ආචාර්‍ය නාලක ගොඩහේවා අදී වියතුන් නොබියව අදහස් පළ කරද්දී මේ තක්කඩියන් කළේ ඒවාට සිනහසීමය. එසේත් නැත්නම් එම චෝදනා නගන්නගේ සුජාතභාවයේ ඇද කුද සෙවීමය.
නමුත් තවදුරටත් මේ මළකුණේ ගඳ වසං කර ඉදිරියට යාම අපහසු බැවින් අද ඔවුන් තාලය මාරු කර තිබේ. නමුත් තාලය වෙනස් වුවත් මේ තක්කඩියන් ගයන්නේ එකම බයිලාව බව අමතක නොකළයුතුය.

මීට වසරකට පමන ඉහත යුතුකම සංවාද කවය පැවැත්වූ "වෙනස සැපද?" ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා මේ බැඳුම්කර මගඩියේ සැබෑ මහමොළකරුවා කවුද යන්න පිළිබඳ සිදු කළ මේ හෙළිදරව්ව අද වඩා හොඳින් පැහැදිලි වී ඇතිවා නොවේද?

ගෙවිඳු කුමාරතුංග මහතාගේ කතාවට මෙතනින් සවන් දෙන්න.


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/
yuthukama

7/02/2016

1998 දී “CEPA” - අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?

කතෘ:යුතුකම     7/02/2016   No comments
-ජයන්ත මීගස්වත්ත-
1998 දී “CEPA” වලින් පටන්ගෙන අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?

ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන් මේ දිනවල කථාකරන ආකාරයෙන් හැඟීයන්නේ, එක්සත් රාජධානියේ මහ ජනතාව විසින්, මෑතදී පැවැත්වූ ජනමත විතාරණයේදී, ඩේවිඩ් කැමරන්ට දුන් කම්මුල් පහර වැදී ඇත්තේ, ඔහුටත් වඩා ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන්ට බවයි. එම කනේ පහර කොතරම් සැරට වැදී ඇත්දැයි දැනෙන්නේ මෙතෙක් කල් ගබ්පෙරහර නියමාකාරයෙන් සිදුනොකර ප්‍රශූත කරගැනීමට බැරිව විලිරුදාවෙන් පෙළුණු “ETCA”ව, හදිසියේ, ”සීසර්” ශල්‍යකර්මයක් මගින් අඩුවයසින් අංග විකලයතු ලෙස බිහිකර ශ්‍රී ලංකා ජනතාවට භාරදීමට ලැහැස්ති වන නිසාය. ඉන්දියාව මේ වන විටත් එම ”සීසර්” ශල්‍යකර්මය සඳහා “ගර්බනී මාතාව” සකස් කර ශල්‍යාගාරයටත් ගෙන හමාරය. ඉන්දියාව බලාසිටියේ ශ්‍රී ලංකාවේ නිරවින්දන වෛද්‍ය වරුන් එම ශල්‍යකර්මය සඳහා ඉන්දියාවට පැමිණෙන තෙක්ය. එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ට වැදුනු කනේ පහරින් අන්ද මන්ද වූ අපේ ඇත්තන්ට ඇතිවූ කරකැවිල්ල නිසා එම ගමන ඉක්මන් කර ඇත.

මෙසේ අඩුවයසින් උපදවීමට අපගේ ආණ්ඩුව තැත්කරන මෙම අංග විකල “ETCA” දරුවා, අනාගතයේදී ශ්‍රී ලංකාව ගෙනයන්නේ කොයිබටද? එය 1949 අප්‍රේල් මස බොම්බායේ දී එවකට ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපති වූ “ ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” ගේ ප්‍රකාශයකින් බලාපොරොත්තු වූ තැන නොවිය හැකිද?

එම තැන කුමක් දැයි වටහා ගැනීමට, දැනට වර්ෂ 60 කට පමණ පෙර 2500 ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඩී. සී. විජයවර්ධන මහතා ලියූ “The Revolt in the Temple” නැමැති ග්‍රන්ථයේ 472 පිටුවේ දක්වා ඇති 2 වෙනි ඡෙදය කියවන්න. ඔබගේ පහසුව සඳහා එම ඡෙදය මෙහි පහත දක්වා ඇත.

At the moment, though statesmen are interested in a union of Southern Asian States, there is a certain feeling that, for better or worse, each State should preserve its national sovereignty. Yet the ordinary man in the street is still very uncertain what it is all about. A statement made in Bombay in April, 1949, by Dr. Pattabhi Sitaramayya, the then President of the Indian National Congress, that“ Ceylon should be integrated with India,” created a storm of protest in Ceylon. The fear of the people in Ceylon that India would seek to dominate Ceylon was a natural sentiment in view of India’s size and power. Dr. Pattabhi, elaborating his speech in Bombay to the New Delhi correspondent of a Ceylon newspaper, said that “ India must sooner or later enter into a treaty with the Ceylonese people so that Ceylon may become an organic part of the body politic.” Commenting. on Dr. Pattabhi’s statement, Mr. S.W.R.D. Bandaranaike expressed the national viewpoint when he said: “ Although Ceylon is a small country its people have always been jealous of their sovereign rights for which, in the long history of this country, they have always fought and striven. Having once again regained our freedom and sovereignty, it is not at all likely that the majority of the people of this country will submit to the type of subordination which obviously Dr. Sitaramayya has in mind.”
(උපුටා ගැනීම “The Revolt in the Temple” පොතින්)

එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාව “කොන්ද පණ නැති සෙවල බණ්ඩා” ලෙස එදා ලංකාවේ ප්‍රතිගාමීන් ඔහුට සමච්චල් කළත්, ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳව අන් රටවල් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට තරම් එඩිතරකමක් බණ්ඩාරනායක මහතාට තිබුණි.

එහෙත් අද අප රට කරවන ඇත්තන්ට රට වෙනුවෙන් එවැනි නිර්භීත ප්‍රකාශයක් කළ හැකිද?

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

හිස්වූ සිහසුන...

කතෘ:යුතුකම     7/02/2016   1 comment
-පුනර්ජි දඹොරගම-
ලොව අභිමුව දෙස-බස-රැස වෙනුවෙන්
දෑ බැති සෙනෙහෙන් මුමුණන්නට බැරි
ගීයක් නොමැතිව හිස්වූ සිහසුන...

නන් සතුරන් මැද රට දැය වෙනුවෙන්
නොවැටී නොබියව සිට ගන්නට බැරි
සිරසක් නොමැතිව හිස්වූ සිහසුන...

මිතුදම් වෙස්ගෙන එන ගැති බලමුලු
සතුරන් ලෙස දැක වනසන්නට බැරි
අසිපත් නොමැතිව හිස්වූ සිහසුන...

මහජනයා මැද හිස් බස් දොඩවන
උන්ගේ පැතුමන් ඉටු කර දෙනු බැරි
සුරුකම් නොමැතිව හිස්වූ සිහසුන..


පැල්පත තුල සිට එන කෙඳිරිලි හඬ
දුක සැප උන්ගේ හඳුනන්නට බැරි
මිනිසෙක් නොමැතිව හිස්වූ සිහසුන....

කිරිදී ඇකයේ හොවලා මිහිකුස
එන රුපුසෙන් බිඳ මවු රැකගනු බැරි
පුතනුන් නොමැතිව හිස්වූ සිහසුන.....

බුදු සිරිපා පහසින් පිසලූ බිමක
ඒ පිංබිම මතු රැකගන්නට බැරි
නිරිඳුන් නොමැතිව හිස්වූ සිහසුන..

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook https://www.facebook.com/yuthukama

අඳුරු ව්‍යසනයෙන් රට මුදවාගැනීමට : අලුත් පෙරමුණක්

කතෘ:යුතුකම     7/02/2016   No comments
-ධර්මන් වික්‍රමරත්න-

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගෙන ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරය පිළිබඳව විවිධ විග්‍රහයන් ඉකුත් මාස කිහිපය තුළ අසා, කියවා, දැක ඇත්තෙමු. එහෙත් ඒ බොහෝ විග්‍රහයන් මතුපිටින් බලා කරන ලද පාර්ශ්වීය පටු ඒවා වූ නිසා නිවැරදි නොවීය. ගොඩනැගෙන ආණ්ඩු විරෝධී ජාතික දේශපාලන ව්‍යාපාරය ගැන ඇතැමුන් බලනු ලැබුවේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් නොවේ. නිවැරදි විධික්‍රමයකින්ද නොවේ. බිහිවෙමින් පවත්නා නව දේශපාලන බලවේගය තේරුම් ගැනීමට එජාපයේද, ‘යහපාලන’ ආණ්ඩුවේ ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගෙන් යැපෙන අයටද, ‘යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් ජීවිකාව සරුකර ගන්නා කණ්ඩායම්, කල්ලි සහ පුද්ගලයින්ගේද පටු දෘෂ්ටීන් කොහෙත්ම සෑහෙන්නේ නැත. ඔවුන්ගේ විග්‍රහයන් අන්ධයන් අලියා ගැන පැවසූ කථා වැනිය.

ලංකාවේ වර්තමාන සමාජ ආර්ථික අර්බුදය හුදු ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් ඔබ්බට ගිය එකකි. එය ශ්‍රී ලංකාවේ අභිමානයේ තටු සිඳ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවල් විසින් මව්බිම යටත් විජිතයක් කර ඔවුන්ගේ පිලිකන්නක් බවට පත්කරගැනීමේ අරමුණ මුදුන්පත් කරවාගැනීම සඳහා වර්තමානයේ ආණ්ඩුව ලවාම ක්‍රියාත්මක කරවන අදිසි සැලසුමකි. ශ්‍රි ලංකාව වර්තමානයේ අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ ප්‍රතිසංස්කරණ තුළ හෝ හුදකලා අරගල තුළ නොව සැබෑ ජාතික නිදහස දිනා ගැනීම සඳහාවු අරගලයන් තුළ නව පන්නයේ ජාතික බලවේගයක් හරහාය. එම සමාජ පරිවර්තන ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් පක්ෂ, පාටභේද අමතක කර කොන්දේසි විරහිතව ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් ගොඩනැගෙමින් පවත්නා නව ජාතික බලවේගය සමඟ එක්විය යුතුය. එක්කරගත යුතුය. ලාංකීය රාජ්‍ය දුබල කොට දියකර හැරීම පරාජය කිරීම සදහා වර්තමානයේ ප්‍රමුඛතම කාර්යයක්ද එය වේ.

නව ජාතික බලවේගයේ නැවුම් ගමන හෙට සිට එනම් ජුලි 2 සිට 4දක්වා ආරම්භ වන්නේ ඓතිහාසික ඌව වෙල්ලස්සෙනි. ආණ්ඩු විරෝධී බලවේගයන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් එක ධජයක් යටතේ පෙළගැස්සීමට ශ්‍රිලනිප මහජන පාර්ශවයේ ක්‍රියාකාරිකයින් දහසකට අධික පිරිසක් බදුලු දිස්ත්‍රික්කයේ ආසන 9ක ගම් නියම්ගම් සැරිසරනු ඇත. එයට නායකත්වය දෙමින් ශ්‍රිලනිප මහජන පාර්ශවයේ මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නායකයින්, ජුලි 2වන සෙනසුරාදා හල්දුම්මුල්ල , හපුතලේ, වැලිමඩ, ඌව පරණගමද ජුලි 3වන ඉරිදා බණ්ඩාරවෙල, හාලිඇල, බදුල්ල, පස්සර, ලුණුගලද ජුලි 4වන සඳුදා සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, රිදීමාලියද්ද පෙතියාගොඩ කෙසෙල්පොත සහ මහියංගණයේ ඇතුළු ස්ථාන 16ක පැවැත්වෙන මහජන රැස්වීම්වලට සහ ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් සියගණනකට සහභාගි වනු ඇත. එය සංවිධානය කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභා 1ක නගරසභා 2ක සහ ප්‍රාදේශීය සභා 15ක පළාත් පාලන ආයතනයන්හි හිටපු මන්ත්‍රීවරුන්වරුන්ය. දැනටමත් මෙම රැස්වීම් තබන ගොඩනැගිලි සහ පිට්ටනිවලට අවසර දීමේ තහංචි සහ බාධකයන් රැසකි.

ඕනෑම වැඩක කොටන් ඇදීමටද පෙරහැරේ යාමටද පිරිසක් සිටී. පෙරහැරේ යන අය පෙරහැරේ යනවා පමණක් නොව කොටන් අදින අයගේ අඩුපාඩු පමණක්ම විවේචනය කරමින් ගමන් කරන්නේනම් එය අනුචිතය. නෙල්සන් මැන්ඩලා වරක් ප්‍රකාශ කරන පරිදි හැමදෙයක්ම කරනකල් අපට පේන්නේ කරන්න බැහැ කියාය. බොහෝ විට ජීවිතයේ වටිනාම දේවල් අප වෙත පැමිණ ඇත්තේ දිරිය මිනිසුන් කිහිපදෙනෙකුගේ ආරම්භයකිනි. යහපාලන’ ආණ්ඩුව තුළ සිටින ශ්‍රිලනිප ඇමතිවරුන් ශ්‍රිලනිප පාක්ෂිකයින් ඇතුළු ප්‍රගතිශීලින් වෙනුවෙන් පෙනී සිටින බව කීවද එහි සත්‍යයක් නැත. එජාප ඇමතිවරුන් සහ ශ්‍රිලනිප ඇමතිවරුන් දෙපිරිසම යා දෙක නොරත රත කීවද එය බොරුය. ඔවුහු තකට තකය. ගමරාලගේ කුකුල් කොටුව බලා ගැනීම නරියාට බාරදුන්නා සේ නිල ශ්‍රිලනිපයද නායකත්වය හිමිව ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රිලනිපය සහ එය නියෝජනය කල බලවේගයන් පරාජය කල එජාප ඇතුළු ප්‍රතිවාදී පිලේ අපේක්ෂකයාටය. ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වී ඇමති වරදාන ලබාගෙන මෙතෙක් රටට වුණු සෙතක් නැත. ලැබුණු දේකුත් නැත. එපමණක් නොව රටෙන් පළුවක් අහිමිවීමේ ඉඩකඩද දැන් විවරවෙමින් පවතී.

එදා ‘යහපාලන’ ආණ්ඩුව මහින්ද සුළඟට එරෙහිව ප්‍රහාර එල්ල කළේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලටය. මහින්ද සුළඟ ප්‍රචාරකවාදී ව්‍යාපෘතියක් වූවා මිස අක්මුල් සහිත ජාතික බලවේගයක් වූයේ නැත. ඒ ශ්‍රිලනිප නිල පලුව ඩාර්ලි පාරට ගිය නිසාය. ඉකුත් සැප්තැම්බර් මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ස්වාධීන බලවේගයකට නායකත්වයකින් ඉල්ලා සිටීමට බලකිරීමට නොහැකි වූයේ සැබෑ බලවේගයක් ගොඩනැගී නොතිබුණ නිසාය. එබැවින් ආණ්ඩුව සිය ප්‍රහාරයන් පසුව එල්ල කළේ ඒකාබද්ධ විපක්ෂයටමය. දැන් බැසිල් රාජපක්ෂටය. ඒ මහින්ද රාජපක්ෂගේ ජන රැල්ල සැබෑ ලෙසම ජාතික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කිරීම නිසාය. බැසිල් රාජපක්ෂ යනු ආණ්ඩු විරෝධී අරගලය තුළ දැනට සිටින හොදම සංවිධායකයා බවට වාද විවාදයක් නැත. ඡන්ද 28ක් ජයග්‍රහණය කල ඔහු ඉකුත් ජනාධිපතිවරණ ඡන්දයෙන් ලත් පරාජයේ වගකීම තමාම භාරගත් අයෙකි. ඔහු නොසිටියානම් එම පරාජය එයටත් වඩා බරපතල වන්නට ඉඩ තිබුණු බවට සැකයක් නැත. ‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව ජාතික දේශපාලන බලවේගයන් නිර්මාණය නොකොට බැසිල් රාජපක්ෂ ෂේප්වී සිටියානම් ඇතැම් විට නඩු හබද නිමවී විවේක සුවයෙන් ගතකිරීමට ඉඩ තිබිණි. රටට වන අනතුර දැක දැකම ඔහු තෝරාගත්තේ ආණ්ඩු විරෝධී විකල්ප මාර්ගයකි. මිනිසුන් එදා අනගාරික ධර්මපාලට සේ මෙදා මහින්ද රාජපක්ෂට ගෞරව කරන බව සැබෑය. එම ගෞරවය කතිරයක් බවට පත්කර ගැනීමට සැබෑ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යව ඇත. දැන් සිදුවන්නේ එය බව පැහැදිලිය.

එජාපය සමඟ හවුල් ආණ්ඩුවක් ගෙන යන ශ්‍රිලනිප නෛතික පාර්ශවය සමඟ තවදුරටත් එක්වීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප මහජන පාර්ශවය වටා එක්රොක්වී සිටින මිනිසුන් සූදානම් නැත. ඉකුත් මහ මැතිවරණයේදී එසේ එක්වීමෙන් වූ හානිය දන්නා නිසා ඔවුන් සමඟ හවුලේ කැඳත් ජනතාවට දැන් එපා වෙලාය. මහින්ද රාජපක්ෂ නොව සක්‍රයාගේ පුතා වයිමා කීවද ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටීමට සූදානම් නැත. දහඅට වන්නම් රඟන ශ්‍රිලනිප ඇමතිවරුන් කෙසේ වෙතත් ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් අති බහුතරයක් දැන් ශ්‍රිලනිප නෛතික පාර්ශවය හැරගොස්ය. හැරයාම යනු හරියෑමක ආරම්භයක්ය. රට දිනවන නව ජාතික දේශපාලන බලවේගය සමඟ ඔවුහු එක්වී සිටිති. එක්වෙමින් පවතී.


යහපාලන ආණ්ඩුවේ සෘජු නියෝජිතයින් වන එජාපයද වක්‍ර නියෝජිතයින් වන ඇමති වරදානගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන්නන්ද අධිරාජ්‍යවාදීන් ගේ දේශීය ඒජන්තයින් වන එන්.ජි.ඕ ඇතුළු ඒවායින් ජීවත්වන පුලන්නයින්ද මහත්මා ගාන්ධි පැවසුවක් මෙන් ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගය ප්‍රථමයෙන් නොසලකා හරිනු ඇත. දෙවනුව සිනාසෙනු ඇත. තෙවනුව සටන් වදිනු ඇත. ඊළඟට ඔවුහු පරදා නව ජාතික බලවේගය ජයග්‍රහණය කරනු ඇත. ඉකුත් සැප්තැම්බර් මහ මැතිවරණයේ කිසිවෙකු පක්ෂ නායකයාවූ මෛත්‍රීපාල සිරිසේනගේ කටවුට් එකක් ගසාගෙන ඡන්දයක් කළේ නැත. ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල මහ මැතිවරණයේදි ශ්‍රිලනිප රැස්වීමක් ඇමතුවේනම් ඒ අනුරාධපුර දුමින්ද දිසානායකගේ නිවසේදි පමණි. ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ ඇමතිවරුන්වූ මන්ත්‍රීවරුන් සියල්ලම වාගේ පාර්ලිමේන්තුවට ගියේ මහින්ද රාජපක්‍ෂට පින්සිදුවන්නටය. සමනලයින් බවට පත්ව අත්තටුවලින් පියාඹන ශ්‍රිලනිප ඇමතිවරුන් ඉකුත් මහා ඡන්දයේදී මහින්දට එරෙහිව පෙනී සිටියානම් සිදුවන්නේ දළඹුවන් මෙන් සැමදා බිම සිටීමටය. නව බලවේගයත් සමඟ මීලඟ ඡන්දයේදී ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට අබ සරණය. රාජපක්ෂ ආණ්ඩුව පොදුජන අප්‍රසාදයට පත්වීමට හේතුවූ සජින් වාස් සහ මර්වින් සිල්වා වැනි දේශපාලඥයින් බහුතරයක් සිටින්නේ ‘යහපාලන’ ආණ්ඩුව සමඟය.


ජවිපෙ තුණ්ඩු කෑල්ලෙන් කඩ වසා එදා හර්තාල දැම්මේ තුවක්කු කටින් සහ බෝම්බ ඩප්පියෙනි. අද කඩ වැසෙන්නේ ස්වෙච්ඡාවෙනි. ඒ රටපුරාම වැට් විරෝධතා නිසාය. කැලණිය, කිරිබත්ගොඩ, මාකොල, කඩවත, කළුතර, බදුල්ල, අනුරාධපුර, අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, දික්වැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉකුත් සතියේද පැවති වැට් විරෝධතාවයන්ට මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා සිට සපත්තු මහන්නාද එක්විය. වැට් හර්තාල්වලින් රටපුරා ප්‍රදේශ ගණනාවක් ගිගුම් දුන්නේය. වැට් බද්දට එරෙහි ව්‍යාපාරිකයින්, වෙළඳ සංගම් සහ වාණිජ මණ්ඩල කියනුයේ දිනක වෙළඳාම රුපියල් 33,350ක් නම් වෙළදාමෙන් උපයන සෑම රුපියල් 100කටම රුපියල් 15කටම වැට් බද්ද නැමති සර්පයා දෂ්ඨ කරන බවය. ඔවුහු රජයට බලකර සිටිනේනේ සියයට 15 වැට් බද්ද ඉවත් කොට සුදුසු සරල බද්දක් අයකරන ලෙසය. වැට් වලින් ගන්නා බදු මුදල් රටේ සංවර්ධනයට හෝ ජනතාවට සහන ලබාදීමට වැයකරනවානම් කමක් නැත. එහෙත් ඒවා වියදම් කරන්නේ බ්‍රිතාන්‍යයේ කැමරන්ලා වෙනුවෙන් කැම්පේන් කිරීමට ලංකාවෙන් ගිය කළු සුද්දන්වූ ඇමති දුසිම් භාගයේ බිල් පියවීම වැනි තුට්ටු දෙකේ වැඩවලටය. මින් තට්ටු වන්නේ ජනතා මුදල්ය. වැට් බද්ද වැඩි කළේ සහන දෙන්නට මුදල් සෙවීමට බව කීවේය. ඡන්දෙට පෙර මෙය කීවානම් ලක්ෂ 62කම ඔය සහනය එපා කියනවාය. ‘යහපාලන’ ආණ්ඩුවේ හක්කේ බුදුරැස්ය. බොක්කේ දඩමස්ය. ‘යහපාලනයෙන්’ රට වසර ගණනාවක් දැන් ආපස්සට ගොස්ය.


පාසැල් නිල ඇදුම කප්පාදු කළේය. ඇමතිවරුන්ට සුපිරි වාහන මේනියාවකි. පොඩි මිනිහාගේ වාහනයට බදු රැසකි. ගොවියා මහපාරේය. විරුවා හිරබාරේය. එළවළු මිල නහුතෙටය. ජනයා කුසගින්දරේය. ආර්ථිකය නන්නත්තාරය. එට්කා ගිවිසුම හරහා රට ඉන්දියාවේ කොලනියක් බවට පත්කිරීමට එරෙහිවද වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් මෙන්ම සාමාන්‍ය ජනයා අතරද විරෝධයකි. රැකියා විරහිත උපාධිධාරියෝ රැකියා ඉල්ලා වීදි දිගේය. නාවින්නේ රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයෝ දූෂණයට එරෙහිව එළිපිට සටනේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශපාලන පත්වීම්වලට එරෙහිව කෑම පැයේ පිකටීන්ය. රටපුරා ජන උද්ඝෝෂණයන්ය. වෛද්‍ය ශිෂ්‍යයින්ට පවා පහර දෙන්නේ අමානුෂිකය. උතුරු මැද පළාත් සභා ලොක්කෙකු රැකියා ලබාදීමට ඉල්ලන්නේ ලිංගික අල්ලස්ය. යාල වනයේ සතුන් මරාගෙන කෑ දේශපාලන හෙංචයියන්ට එරෙහිව දේශපාලන බලපෑමට යටත් නොවී කටයුතු කල යාල භාරකරු සුරංග රත්නායකට ස්වෙච්ඡාවෙන්ම මාරුවකි. විල්පත්තු වන විනාශයද තවමත් නිමක් නැත. දේශපාලන බලපෑම්වලට අවනත නොවූ වනජීවි අධ්‍යක්ෂක ආචාර්ය සුමිත් පිලපිටිය වාෂ්ප කර හැරියේය. මේවා කිසිම දෙයක් ආණ්ඩුව ගණන් ගන්නේ නැත. අවම වශයෙන් ඇහුම්කන්දීමේ සදාචාරයක් හෝ පෙන්නුම් කරන්නේද නැත.


එදා රුපියල් 87 තිබූ සිනි කිලෝව දැන් 113කි. රුපියල් 35ට තිබූ ලුණු පැකට් එක දැන් රුපියල් 85කි. සින්න වෙන්න ගිය රත්තරන් බඩු ටික බේරාදීම කෙසේ වෙතත් එය සදහටම සින්නවී වෙන්දේසියේ ගියේය. අලුත් බදුබර සමඟ නිවසේ විදුලි බිල වැඩිය. ස්ථාවර දුරකථන බිල වැඩිය. වතුර බිල වැඩිය. ජංගම දුරකථන බිල වැඩිය. මසකට එම ටිකෙන් පමණක් වැඩිවූ බදුබර 5,000කට ආසන්නය. ගෑස් මිල අඩුකල බව ඇත්තය. එහෙත් ගෑස් මිල අඩුවීමෙන් ඉතිරිවූ සොච්චමට වඩා අනෙකුත් මිල ඉහළයෑම් කප්පරකටය. දැන් ජනතාවට දුක ලැබෙන්නේ කිලෝ වලිනි. සතුට මිලිග්‍රෑම්වලින් හෝ නොලැබේ.

දැනටමත් ඇමති වරදාන ලබාගත් ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, මොහාන් ලාල් ග්‍රේරු, මහින්ද සමරසිංහ ඇතුළු කිහිපදෙනෙක්ම එජාප සරණං ගච්ඡාමිය. සරත් ෆොන්සේකාද පන්දම නිවා එජාපයට ඊයේ රිංගුවේය. ජනවාරි 8වැනිදා සිදුවූයේ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රමන්ත්‍රණයක් බව පැහැදිලිය. එළිවෙන ජාමෙට තව හොද හොද සෙල්ලම්ය. සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි නඩේ ප්‍රධානියා ඇතුළු පිරිසේ ක්‍රියාකාරකම්ද දැන් හෙළිදරව් වෙමින් පවතී. ඔවුහු දවල්ට මහජන පුස්තකාලයේ පුරවැසි පොරවල්ය. රෑට ජනාධිපති උපදේශකයන්ය. උදු වපුරා මුං පතා වැඩක් නැතිබව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය.


රට පුරා ආණ්ඩුවට එරෙහිව ඇති සකලවිධ විරෝධය පුළුල් දේශපාලන බලවේගයක් වෙනුවෙන් මීලඟ මැතිවරණයන්හිදී කතිරයන් බවට පත්කර ගැනීමේ අභියෝගය ජය ගැනීම අද දවසේ ප්‍රමුඛ කාර්යයකි. දැනටමත් එක්සත් ජාතින්ගේ සංවිධානය රටින් පිට ඊළම ප්‍රකාශයට පත්කල සංවිධානය නිල නොවන මට්ටමින් පිළිගෙන ඇත. යහපාලන ආණ්ඩුව ප්‍රථමයෙන් තබනු ඇත්තේ ව්‍යවස්ථාව සඳහා ෆෙඩරල් නාමය වෙනත් වචනයකින් ඇතුළත් කරමින් ජනමත විචාරණ ඡන්දයකි. එය එදා 1982දී ජේ.ආර්ගේ එජාප ආණ්ඩුවේ ලාම්පු කලගෙඩි සෙල්ලමට වඩා ලොකු ගේමක් වනු ඇත. පළාත් පාලන ඡන්දය පවත්වනු ඇත්තේ ඉන් පසුවය. ඒ අනුව එළැඹෙන ඕනැම ඡන්දයකදී ග්‍රාමසේවා වසම් 14,023කට අයත් ගම්මාන 36,000කට ආමන්ත්‍රණය කල යුතුය. එපමණක් නොව හොර ඡන්ද මඟඩි වැලකීමට ඡන්ද පොලවල් 11,000කට නියෝජිතයන් අවශ්‍යය. මේ සඳහා ආමන්ත්‍රණය කල හැක්කේ බිම් මට්ටමේ සිට උඩට දිවෙන ජාතික දේශපාලන බලවේගයක් ඇති සක්‍රීය යාන්ත්‍රණයකට පමණි. බැසිල් රාජපක්ෂ පණ පොවන්නේ එම භූමිකාවටය. හෙට දින බදුල්ලෙන් අරඹන්නේ එහි පළමු වෙඩිමුරයයි. මහින්ද රාජපක්ෂ නව දේශපාලන ප්‍රවාහයේ මෙහෙයුම්කරුවෙකු ලෙස බැසිල් රාජපක්ෂ පිළිගෙන ඇති අතර එය මෙවැනි පුළුල් ජාතික බලවේගයකට අතවශ්‍ය සාධකයක් බව පළාත් සභා මන්ත්‍රින් සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීන් මුළුමනින්ම වාගේ එකහෙලා අනුමත කර ඇත.


වර්තමාන සමාජයේ එදා මෙන් නොව අති බහුතරයක් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු හෝ හිතවතෙකු නොවේ. එහෙත් වර්තමානයේ ජීවත්වන බහුතර සමාජයේ පුද්ගලයින්ට දේශපාලන දැක්මක් ඇත. කිසිදු දේශපාලනඥයෙකු සමඟ බැදීමකින් තොරව අතින් කයිට් කරගනිමින් ගෙදරින් බැනුම් අසමින් ඔවුහු රටේ ප්‍රගමනය වෙනුවෙන් පෙනී සිටිති. ගොඩනැගෙමින් පවතින්නේ ඕනෑම දේශපාලන පක්ෂයයකට අයත්වන හෝ නොවන ආණ්ඩු විරෝධී සෑම ප්‍රගතිශීලියෙකුටම එක්විය හැකි දේශපාලන බලවේගයකි. එය ශ්‍රිලනිප මහජන පාර්ශවයේ බීජයකින් ආරම්භ වුවද එයට පසද, ජලයද, වාතයද, තෙතමනය සහ හිරුරැස් සපයනු ඇත්තේද සෙසු පිරිස්ය. වැඩෙන පැලය වූ කලී එම සියළු දෙනාගේම සංකලනයකි. එබැවින් එකම එක පිලකි. පුළුල් ජන බලවේගයකි.


එහි නියාමක බලවේගය වන්නේ බිම් මට්ටමේ සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ය. සංක්‍රාන්ති සමයේ අවසන් අදියරේදී නිසිකලට නිසිවේලාවට ශ්‍රිලනිප මහජන පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එනවා මිස පක්ෂ ව්‍යවස්ථාවන් ඉදිරියේ ඔවුන් දියකර හැරීම සිදුකල යුතු නැත. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කල යුත්තේ පක්ෂ රාමුවලින් නොව අවස්ථානුකූලව උපාය උපක්‍රමයන් ක්‍රියාවට නැගීමය. එමෙන්ම නව බලවේගයේ අදිසි නායකයාවූ මහින්ද රාජපක්ෂව ප්‍රබල චින්තනමය පවුරකින් නිරන්තරයෙන් සුරක්ෂිත කිරීම සහ පෝෂණය කිරීමද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.


‘යහපාලනය’ සොයා පියාසර කල මිනිසුන් අවසානයේ සැම තැනම දුටුවේ හිස්බව පමණි. අද මෙන්ම හෙටද ඉර පායන නමුදු හෙට මෝදුවන්නේ අලුත් ඉරක්ය. ඒ ඌව වෙල්ලස්සේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. මෝදුවන එම හිරු කිරණ ඉනික්බිතිව රටපුරා ගම් නියම්ගම් හරහා හමායනු ඇත. එය ජාතික දේශපාලන බලවේගයක් බවට පත්වී නව උපතකට විදුලන නැකත ලඟ ලඟම උදාවනු ඇත. ‘යහපාලනයෙන්’ බැටකන මිනිසුන් සහ ප්‍රගතිශීලි ජනයා බලාපොරොත්තුවන සැබෑ වෙනසද එය හැර අන් යමක් නොවේ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions