අපි අභිනව ජනපතිදුට සුභ අනාගතයක් පතනෙමු.
එතුමාට මනාප ලැබූ ආකාරය පිලිබදව නොයෙකුත් ආකාරයේ චිශ්ලේෂණයන් මේ දිනවල අසන්නට ලැබේ. කුමන ජාතියකගේ , කුමන ආගමක් අදහන අයකුගේ ඡන්දය ලබා ගත්තද ඔහු ලබාගත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය. එනිසා එතුමා අපගේ වත්මන් ජනපති බවට පිලිගැනීමට කිසිවකුත් සිතෙහි කහටක් තබා ගත යුතු නැතැයි සිතමු.
ඔහු ලබාගත් ඡන්දවලින් අතිශය බහුතරයක් සිංහලයන්ගේ ඡන්දය. දමිල සහ මුස්ලිම් ජනතාව කෙලෙස ප්‍රතිචාර දැක්වූවත් සිංහලයන්ගෙන් සෑහෙන පිරිසක් ඔහුට ඡන්දය නොදුනි නම් ඔහු ජයගන්නේ නැත. එනිසා ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ගේ අනුමැතියෙන් පත් වූ ජනපතිඳුය.
එපමණකින් කියවෙන්නේ මේ ඡන්ද ප්‍රතිපලය දෙස ජාතිමය පදනමකින් නොබැලිය යුතු බවද? නැත. එය එසේද නොවේ. ඡන්ද ප්‍රතිපල දෙස බලා සිටි ඕනම අයකුට එය ජාතිකමය පදනමකින් විමසුම් කිරීම වටනා බව පෙනී යා යුතුය. එසේ නම් කුමක්ද මේ පිලිබඳ වඩා නිවැරදි යයි අපට පිලිගත හැකි අර්ථකතනය? අපට හැඟෙන දැනෙන පරිදි මෙම මැතිවරණ ප්‍රතිපලය අප සියළු දෙනා විසින් පිලිගත යුතු අතරම ඒ මඟින් පොදුවේ සිංහලයින්ට යම් සංඥාවක්ද නිකුත් කර ඇත.
අති බහුතරයක් වන සිංහලයන් සැළකිය යුතු මට්ටමකට දෙකට බෙදුනහොත් ඔවුන් සංඛ්‍යාවෙන් කුමක් වුවත් ඔවුන්ට මේ රටේ කිසිදු තීරක බලයක් හිමි නොවන බව මෙම ඡන්දය අපට ඔප්පු කර පෙන්වූයේය. එවිට තීරක බලය හිමි වන්නේ දෙමළ සහ මුස්ලිම් සමාජයන් වෙතය. ඉතින් එහි ඇති වරද කුමක්ද? සිංහලයන් අඩකට මදක් අඩුවෙන් කැමති තීරණයකට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවෙන් අති බහුතරයක් කැමති නම් සමස්තය ගත් කළ ඒ තීරණයට වැඩි කැමැත්තක් ලැබීමේ අරුමය කිම? එහි සංඛ්‍යාත්මක අරුමයක් නැති බව සැබවි. නමුත් එහි දේශපාලනික අරුමයක් ඇත. එය පැහැදිළි කර ගන්නට නම් සිංහල ජාතිය සහ අනෙකුත් ජාතීන් එසේ හැසිරීමට හේතු දෙස අපගේ විමසුම් ඇස යොමු කළ යුතුය.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ඡන්දය ලබා දෙන සිංහලයන් එසේ කරනුයේ තම තමන්ගේ පාරම්පරික පක්ෂය, යුද්ධය හා සාමය, දූෂණය, සංවර්ධනය, අක්‍රමිකතා යනාදී කාරණා මුල් කර ගෙනය. එය ඕනෑම රටක මිනිසුන් සිය ඡන්දය ලබා දෙන ක්‍රමය හා වැඩි වෙනසක් නැත. නමුත් දෙමළ හෝ මුස්ලිම් ජනයා එසේ නොවේ. ඔවුන්ද එලෙස සිතුවා නම් ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය බහුතර සිංහල ජනයා ඡන්දය භාවිතා කරන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් වන්නේ නැත. ඔවුන් සැළකුවේ ඒ කිසිවක් නොව. ඔවුන් සිය ජාතිය තුළ යම් පොදු එකඟතාවක් ඇතිවාක් මෙනි කටයුතු කරන ලද්දේ. ඔවුහූ ඡන්දයේදී ජාතිය බදා ගත්හ. සිංහලයෝ ඡන්දයේදී පක්ෂය සහ වෙනත් සටන් පාඨ බදා ගත්හ. එලෙස දෙකට බෙදෙන බහුතර සිංහලයන්ගේ බලය ශුන්‍යය වෙද්දී ජාතිය බදාගත් දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඉතා සුළුතරයකගේ බලය මෙරට තීරක හඬ බව පත් විය.
මෙහිදී අප තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් ඇත. එනම් දෙමළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදය අත්හැර නොමැත. ඔවුන් සිය පැවැත්ම උදෙසා ජාතිවාදය පතුරුවමින් එම ජනකායන් පොදු සංස්කෘතියක් වෙතට අවශෝෂණය වීම වලකමින් සිටිත්. ඔවුන්ගේ දේශපාලනයට බෙදුම්වාදී ජාතිවාදය හැරෙන්න වෙනත් පදනමක් නැත. සත්‍යය එය නම්, එය පැවසීම වරදක් නොව. වරද වන්නේ සත්‍යය සැගවිම නොවේද? ඇත්ත වශයෙන්ම සිංහල ජනතාව ජාතිවාදය බොහෝ දුරට අතහැර ඇත. 1983 කළු ජූලිය, මෙන්ම මෑතකදී ඇති වූ අලුත්ගම සිද්දියද ජනතාව පිළිකුලින් යුතුව හෙලා දකිත්. එය ඉතා සාධනිය තත්වයකි. එහෙත් සිංහලයා එකක් මතක තබා ගත යුතුය. දමිල සහ මුස්ලිම් නායකයින් සිය ජන වර්ගයන් වඩ වඩාත් ජාතිවාදය දෙසට ඇදගෙන යමින් සිටින බවයි. අප ජාතිවාදයට එරෙහි වනවා යනු ඇස් කන් පියාගෙන එය නොදැක්කා සේ සිටීමද? එසේ නිද්‍රෝපගතව සිටීම ජාතිවාදයට අනුබල දීමකි. අප ජාතිවාදයට ජාතිවාදී නොවී එරෙහි විය යුතුය. අද බහුතර සිංහල ජනයා සතු ප්‍රධාන යුතුකම එය නොවේද?
අප දෙමළ බෙදුම්වාදී ජාතිවාදයට මතවාදීව විරුද්ධ විය යුතුය. එසේ විය යුත්තේ සිංහලයින්ගේ පමණක් නොව, දෙමල, මුස්ලිම් සියලු ජනවර්ගයන්ගේ යහපත සහ සුභසිද්ධිය තකාය. ත්‍රස්තවාදයට ඉඩක් අපි නොතැබුවෙමු. එලෙසම බෙදුම්වදී ජාතිවාදී මතවාදයටද අප ඉඩක් තැබිය යුතු නැත. එහෙත් කුමන හෝ ජන වර්ගයකට යම් ගැටළුවක් ඇත්නම් එය විසදීමට සියළු දෙනා නොවළහා කටයුතු කළ යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුනගේ ජාතිවාදී ඉල්ලීම්වලට ඉඩ දිය යුතු බවක් නොව. ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි අප ප්‍රථමයෙන් විමසා සිටිය යුතුය. ඇත්ත වශයෙන්ම අප විසඳුම් කතා කරනවා මිස විසදුම් දෙන්නේ කුමන ප්‍රශ්නයකටදැයි කියන්නට දන්නා එකෙකු නැත. නමුත් අපි විසඳුම් කතා කරනෙමු. දමිළ මිනිසකුට දමිළ වීම නිසා මේ රටේ යම් ගැටළුවක් ඇත්ද? ඒ කුමක්ද? මෙය ඉතා පැරණි පැනයකි. නමුත් අදටත් නිරවුල් පැහැදිලි කිරීමක් අප දැක නැත. කිසිවකුත් දැක ඇතැයිද සිතීමටද උගහටය. නමුත් අපි විසදුම් කතා කරන්නෙමු. ප්‍රශ්නය නොදැන විසඳුම් කතා කිරීම තකතීරු කමක් නොවන්නේද?
දමිළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදී ආස්ථානයක පිහිටා දේශපාලනය කරන බවත් ඒ සඳහා සිය ජනවර්ගයන් මෙහෙයවමින් භාවිතා කරන බවත් පැවසීම ජාතිවාදයක් නොව. යථාර්ථය දැකීමකි. ජාතිවාදයට එරෙහි වීමකි. නමුත් අද අපගේ ඇතැම් සිංහලයෙක් හැසිරෙන්නේ කෙසේද? සිය දේශපාලන කල්ලියට පාඩුවක් වේ යයි බියකින් මෙම යථාර්ථය පවසමින් ජාතිවාදයට එරෙහි වන සිය සඟයාට 'ජාතිවාදියා' යන ලේබලය ඇලවීමෙනි. එය ජාති වාත්සල්‍යයක් නම් නොව, එය අභිබවා ගිය පක්ෂ වාත්සල්‍යයකි. පක්ෂ වාත්සල්‍යයෙන් පෙළෙන සිංහලයා සිය දෙනෙත් අදව තමනට ඇති අභියෝගය නොදැක කටයුතු කළහොත් මේ රට තුළ නැවත වරක් ජාතිවාදය හිස ඔසවනු නොඅනුමානය. ජාතිවාදය නොදැකීමද ජාතිවාදයකි.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.yuthukama.com