7/14/2016

Missing Persons Bill - Unfair for war heroes

කතෘ:යුතුකම     7/14/2016   No comments

NJC alleges move to shield those living under false names

Prez, MPs urged to torpedo Missing Persons Bill



-by Shamindra Ferdinando


The National Joint Committee (NJC) yesterday alleged that the Missing Persons (OMP) Bill would prevent revealing the identities of those who had been categorised as missing but found alive, and investigating them. Therefore, a major amendment to the controversial Bill was necessary, the NJC said.


Addressing the media at the National Library and Documentation Services Board, Gevindu Cumaratunga of behalf of the NJC pointed out that under Clause 13 the proposed Act, information pertaining to those who had been found alive after being reported missing couldn’t be revealed without their consent.


Sri Lanka had been blamed for thousands of disappearances during the conflict and therefore information pertaining to those living under various assumed identities in other countries must not be withheld, Cumaratunga said. The public activist said that even the relatives of those who had been found alive couldn’t be told the truth under the proposed Act.


"Could there be anything as unfair as various members of security arms being accused of disappearances while the very persons categorized as missing were living in other countries under assumed names?" Cumaratunga said.


President’s Counsel Manohara de Silva and former Digamadulla MP Rear Admiral Sarath Weerasekera (retd), President of NJC Dr Anula Wijewardene and Dimuth Gunawardena joined Cumaratunga in requesting President Maithripala Sirisena to prevent the passage of the Bill.


President’s Counsel De Silva alleged  that the proposed OMP would certainly cause Sri Lankans to be subjected to universal jurisdiction. The OMP was meant to target those who had served the country risking their lives and convict them either here or abroad, De Silva alleged, adding that the proposed mechanism would only deal with disappearances that had taken place within the Northern and Eastern Provinces.


According to De Silva, the foreign funded OMP wouldn’t be bound by the Constitution and, therefore, it could enter into agreements with foreign bodies. The President’s Counsel explained the operations which could be undertaken by the OMP much to the detriment of serving and retired military and police officers.


Responding to a query by The Island whether the OMP Bill required a two-thirds majority for passage, President’s Counsel De Silva said only a simple majority was needed.


The senior attorney-at-law De Silva said that due to the failure on their part the Bill had not been challenged in the Supreme Court within the stipulated period of seven days. The President’s Counsel said that members of the Joint Opposition, too, had failed to act thereby causing a grievous situation. The President’s Counsel asserted had the Supreme Court been moved within the stipulated time, the apex court would have intervened
The NJC appealed to members of major political parties to discuss the proposed Bill within their parties and explore the possibility of doing away with clauses inimical to Sri Lanka. It urged members not to be deceived by those who had been promoting the interests of Western powers at the expense of national interests.


Cumaratunga emphasised that they wouldn’t oppose in anyway efforts to establish the whereabouts of those who had been reported missing during the war as well as post-conflict period.


The Foreign Ministry recently declared that Sri Lanka had one of the largest case-loads of missing persons in the world. The FM said that since 1994 various government Commissions had received over 65,000 complaints of missing persons.


Former MP Weerasekera said the agenda pursued by the Sirisena-Wickremesinghe administration couldn’t be allowed to proceed. Praising Missing Persons Commission Chairman retired High Court judge Maxwell Paranagama for disputing a recent Geneva call for a special inquiry into allegations in respect of the alleged use of cluster munitions by the Sri Lanka Air Force, the naval veteran said that the war winning military was being humiliated.

The Island (2016-07-14)


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/13/2016

සදාචාරයේ බැම්ම කඩා කැමරා ඉදිරියේ නිරුවත් වීම.

කතෘ:යුතුකම     7/13/2016   1 comment
-ඩිහාන් කීරියවත්ත-
පසුගිය දිනක පෞද්ගලික බැංකුවක් තුල දෙදෙනෙකු පැවැත්වු ලිංගික සබඳතාවයක් දැක්වෙන වීඩියෝවක් පිළිබදව සමාජජාල ඔස්සේ විශාල කතා බහක් ඇතිවිය. මෙවැනි වීඩියෝවක් දකින විට පැන නගින මූලික ප්‍රශ්නයක් වන්නේ අතිශය පෞද්ගලික දෙයක් මේ ආකාරයෙන් වීඩියෝගත කරේ ඇයි කියාය. ස්ලැවෝජ් ජීජැක් නම් මනෝ විශ්ලේෂික දාර්ශනිකයා පවසන්නේ ලිංගික සම්බන්ධතාවයක් සෑම විටම රදා පවතින්නේ අනෙකෙකුගේ දැක්ම (gaze) මත බවයි. මෙය පැහැදිලි කිරීමට ඔහු ග්‍රාම්‍ය විහිළු කතාවක් ගෙනහැර දක්වනවා. නැවක් අනතුරකට ලක්වී මුහුදුබත් වීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයෙක් පාළු දූපතකට පාවි එනවා. එම දුපතේදී ඔහුට Cindy Crawford නමැති සුරෑපි නිරෑපිකාව හමුවෙනවා. එහිදී අර පුද්ගලයාට Cindy සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකි වෙනවා. ඒම කටයුත්ත අවසානයේදී Cindy ඔහුගෙන් විමසන්නේ ඔබ අප අතර සිදුවු දෙයින් තෘප්තිමත්ද කියාය. පුද්ගලයා පවසන්නේ එයින් තමන් තෘප්තියක් ලැබු බවත්, තවත් එක් සුළු දෙයක් ඇයට තමන් වෙනුවෙන් කර හැකිනම් තමන්ගේ තෘප්තිය පරිපූර්ණ වන බවත්ය. ඔහු පවසන්නේ ඇයට තමන්ගේ හොඳම මිතුරාගේ පෙනුමට සැරසෙන ලෙසයි. තමන් කිසිදු විපරීත ක්‍රියාවකට සුදානම් නොවන බවට ඔහු පොරොන්දු වෙයි. එයට එකඟවන ඇය කලිසමකින් සැරසි උඩු රැවුලක්ද සකසා ගනී. වෙස්ගැන්වීම අවසන්වූ පසු අර පුද්ගලයා නිරෑපිකාව සමීපයට ගොස් තමාගේ වැලමිටෙන් ඇයගේ ඇලපතට ඇන අශ්ශීල සිනහවක් සමඟින් මෙසේ පවසයි. "එ්යි උඹ දන්නවද වැඩක්. මම Cindy Crawford එක්ක දැන් ටිකකට කලින් සෙක්ස් කරානේ". මෙයින් කියවෙන්නේ ලිංගික සබඳතාවයකට තුන්වැන්නෙක්ගේ දැක්ම අවශ්‍ය වනවා කියන එක. මේ තුන්වැන්නාගේ දැක්ම පිළිබද හැඟීම අවිඥානික එකක් විය හැකිය.

බැංකුවක් තුල ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වු යුවලගේ සිදුවීමෙදී මෙම තුන්වැන්නාගේ කාර්ය සිදුකරේ වීඩියෝ කැමරාවය. කැමරාව එම කාර්ය සිදු නොකරන්න පිරිමියාට සිදුවන්නේ තමන්ගේ හිතවතුන්ට "උඹලා දන්නවද වැඩක්. මම අරකිත් එක්ක ඔෆීස් එක ඇතුලෙදි සෙක්ස් කරානේ" කියා පැවසීමටය. එහෙත් එසේ සෑම කෙනාටම පැවසීම ආරක්ෂාකාරී නැත. කැමරාව හරහා ගොඩනගා ගත් අනෙකාගේ දැක්ම නිසා එම සංවාදය වලක්වාගෙන ඇත.

ලැකානීයානු යෙදුමක් වන මහ අනෙකා (Big Other) යනුවෙන් හැදින්වෙන්නේ භාෂාව, නීතිය, සංස්කෘතිය, සමාජ සම්මත යනාදියය. ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට යාමේදි ස්ථානය, සම්බන්ධය පවත්වන කෙනා ආදිය තීරණය කිරීමෙදි අප මහ අනෙකාගේ දැක්මට අවනත වේ. අපට ඕනෑම කෙනෙක් සමඟ ඕනෑම ස්ථානයක ලිංගික සබදතාවක් පැවැත්විය නොහැක. ශිෂ්ඨාචාරය විසින් පැනවු සදාචාර පද්ධතියට අප අවනත විය යුතුයි. ජීජැක් පවසන්නේ වර්තමාන ලිබරල් සමාජයේදී මානව හිමිකම් යනුවෙන් හැදින්වෙන දෙය ක්‍රිස්තියානියේ ඉගැන්වෙන සදාචාර පද්ධතිය වන දස පනත (ten commandments) උල්ලංඝණය කිරීමට දුන් නීතිමය අවසරයක් බවයි. මෙම අදහස ක්‍රිස්තියානියේන් ඔබ්බට රැගෙන ගොස් කිවහැක්කේ ඔබ යම්කිසි සදාචාර පද්ධතියක් උල්ලංඝණය කරන විට ඔබගේ ගැලවුම්කාරයා වන්නේ මානව හිමිකම් කියාය. මේ වනවිට ලිංගික සබඳතා පැවැත්වීමට තිබු සදාචාරාත්මක බාධක ඉවත්වී ගොස් හොදින් වැඩුනු වැඩිහිටියන් දෙදෙනෙකු දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගික සබඳතාවක් පවත්වනවා නම් ඔබට පාන්ද? යනුවෙන් ප්‍රශ්න කිරීම දක්වා තත්වය ලිහිල් වී ඇත. ඒ අනුව මහ අනෙකා වශයෙන් ක්‍රියාකල නිතීය, සමාජ සම්මත ඉවත්වී දැන් ආදේශවී ඇත්තේ අවට සිටිනවුන්ගේ අතරැදි ස්මාට් ෆොන් හා CCTV කැමරාය. එමනිසා අප බිය වන්නේ නීතිය, සමාජ සම්මත උල්ලංඝණය කිරීමට නොව, නීතිය උල්ලංඝණය කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් පසුදින සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබේ යැයි කියාය. බැංකු සිද්ධියෙන් දෙන පණිවිඩය නම් දැන් නීතියට, සමාජ සම්මත වලට වඩා ඔබ බියවිය යුත්තේ කැමරා වලට කියාය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/12/2016

අපේ ජාතික බලවේගය කවර මගක් ගත යුතුද?

කතෘ:යුතුකම     7/12/2016   7 comments
-බණ්ඩාර දසනායක-
ජාතිකත්වයක් යනු එක් රැයකින් බිහිවන්නක් නොවේ. යම්කිසි මිනිස් ජන සමූහයක් සුවිශේෂ වූ භූගෝලීය කලාපයක් තුල එහි පාරිසරික දේශගුණික සාධක වලට විශිෂ්ඨ අනුවර්තන දරමින් ගොඩනගා ගන්නා සම්පත් පරිහරන රටාවක් ඇතුළු දියුණු මිනිස් ලක්ෂණ මත පදනම්ව ගොඩනගා ගන්නා සමස්ථ සංස්කෘතික පරිසරය ජාතික අනන්‍යතාවයක මූලික පසුබිම වේ. ලොව විවිධ රටවල් බොහොමයක් බිහි වී ඇත්තේ මෙලෙස තව තවත් වැඩි දියුණු වූ හර පද්ධතීන් හරහා විවිධ භූගෝලීය කලාප වලට ආවේනික ශිෂ්ඨාචාරයන් ඇති වීමත් සමගයි. රට රටවල ජාතිකත්වය හා එහි අනන්‍යතාවය පිළිබිඹු වන්නේ මේ ශිෂ්ඨාචාරික අනන්න්‍යතාවය භූගෝලීය කලාපයට දක්වන ආවේනිකත්වයත් සමගයි. මෙරට මිනිස් ජනාවාස ඉතිහාසය ලිඛිත ඉතිහාසයට වඩා බොහෝ ඈතට යන්නක් බව පිළිගන්නට සාක්ෂි තිබේ. අතීතයේ මෙරට විසූ විවිධ ජන කණ්ඩායම් පොදුවේ හෙළයන් වූහ. යක්ෂ නාග ආදී හෙළ ජන කණ්ඩායම් අතීතයේ මෙරට පරිසරය හා සොබාදහමේ අංගයන් කලමනාකරනය කළ ආකාරය සම්බන්ධ සාක්ෂි අනුව කෘෂි කර්මය කේන්ද්‍රගත වූ සම්පත් පරිහරන රටාවක් තිබූ බව පෙනෙන්නට ඇත. පසු කළෙක උතුරු ඉන්දියාවෙන් පැමිණි විජය පරපුර හා මෙරට ස්වදේශීය ජන කණ්ඩායම් වල සම්මිශ්‍රණයක් ලෙස සිංහල ජාතිය බිහි වී ඇති බව සිංහල ඉතිහාසය පිළිබඳ වඩාත් පිළිගත හැකි සාධකයය වේ. දේවානම්පියතිස්ස රජ සමයෙන් පසු රට තුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම ප්‍රචලිත වී තිබෙන්නේ මහින්දාගමනය සමගයි. ඉන් පෙරද බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථා ගැන බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. බුදු දහම සමග මෙරටට පැමිණි ඉන්දීය දැනුම ස්වදේශීය දැනුම් පද්ධතියත් සමග ඉදිරියට යමින් ශක්තිමත් ලෙස ගොඩනැගුනු කෘෂිකාර්මික සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ලොව අද්විතීය ලෙස පෙරට පැමිණ ඇත. ඒ අනුව ලොව අන් කවර තැනක හෝ දක්නට නැති දිගු ඉතිහාසයක් සහිත සුවිශේෂී ජාතික අන්න්‍යතාවයක් මේ රට තුල ගොඩනැගී ඇති බව ඉතා පැහැදිලිය.

ජාතික බලවේගයක් ශක්තිමත්ව ගොඩනැගිය යුත්තේ රටේ ජාතිකත්වයට සමගාමීවයි. අපේ රටේ ජාතික බලවේගය ගත යුතු මග ගැන කීමට පෙර ලොව විවිධ රටවල ජාතිකත්වයන් දුර්වල කළ සාධක ගැන යමක් කියා සිටීම වැදගත් වේ. ජාතිකත්වයක මූලික ගුණාංග පවත්වා ගැනීමට ඕනෑම ජාතියකට යම් ජාතික වගකීම් කොටසක් ඉටු කිරීමට සිදුවන්නේ නිරායාසයෙනි. මේ සඳහා යම් ජාතියකට අයත් ජන සමූහයක සාමූහිකත්වය හා ඒකාබද්ධතාවය තිබිය යුතුය. ලෝක ඉතිහාසය තුල බටහිර හා මැද පෙරදිග අතර ඇති වූ ආගමික යුධ ගැටුම් හරහා පෙරදිග දැනුම බටහිරට ගමන් කරීම තුලින් බටහිර දැනුම පුළුල් වීමත් චින්තන විප්ලවයේ ඇරඹුමත් සිදු විය. දැනුම සමග පුළුල් වූ තාක්ෂණය 17 වන සියවසේ කාර්මික විප්ලවයට මග පෑදීය. කාර්මික විප්ලවය සමග දැනුමත් තාක්ෂණයත් මෙන්ම එහි ප්‍රතිඵලද ගලා ගියේ වානිජ පරමාර්ථයන් මුල් කරගෙනයි. එතෙක් යුරෝපයේ මුල් බැසගෙන තිබූ රෝමානු කතෝලික චින්තනයේ හා කෘෂිකර්මයත් එඬේර කර්මාන්තයත් කේන්ද්‍රගත වූ ආර්ථික රටාවේ බිඳ වැටීම මේ සමග සිදු විය. ඒ සමග ඉදිරියට පැමිණියේ යුදෙවු චින්තනයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බරහිර යුදෙවු චින්තනය ශක්තිමත් වී ප්‍රධාන චින්තන ධාරාව බවට පත් වී ඇත. මිනිස් අවශ්‍යතාවයන් වෙනුවෙන් මුළු මහත් සොබාදහම වුවද කනපිට පෙරලීම දියුණුව ලෙස දකින යුදෙවු චින්තන ධාරාව සොබාදහමට ලැදි නොවූවා පමණක් නොව විවිධ රටවල ජන සමාජයේ සාමූහිකත්වය හා ඒකාබද්ධතාවයද බිඳ වැට්ටවීය. මේ තත්වය කාර්මික විප්ලවයෙන් පසු උග්‍ර අතට හැරී තිබේ.
වානිජත්වයත් පුද්ගල ආත්මාර්ථකාමීත්වයත් බටහිර ජනයා අතර සාමූහිකත්වය බිඳ වැට්ටීම ඒ ඒ රටවල ජාතිකත්වයන් දුර්වල වීමේ ප්‍රධාන සාධකයයි. රස්සාව පඩිය නිවාඩුව සේවක අයිතිය ආදීය කාර්මික විප්ලවය සමග පෙරට ආ සංකල්ප වේ. අතිරික්ත නිෂ්පාදන කතා හා පන්ති ප්‍රලාප වැනි දේ දොඩවා වීරයෙකු වීමට කාල් මාක්ස්ට මේ පසුබිම මහෝපකාරී වී තිබේ. නිර්ධන දුප්පත් ජනයාට එක්ව කටයුතු කිරීමටත් සාමූහිකව විප්ලව කිරීමටත් මාක්ස් අනුබල දී ඇත්තේ ශක්තිමත්ව පැවති ජාතික රාජ්‍ය වල ජාතික ධනය තනි තනි පුද්ගලයන් සතු කර ගැනීමේ අරමුණ මත මිස රටක මිනිස් සමාජයේ පැවැත්මට බලපාන ආර්ථික නොවන වෙනත් කිසිදු වැදගත් ගුණාංගයක් රැකීමට නොවේ. එහිදී ඊනියා නිර්ධන පන්තියේ විප්ලවයට ප්‍රධාන බාධකය ලෙස සලකා ඇත්තේ මාක්ස්වාදය අනුව රට රටවල ජාතිකත්වයන් හා ජාතික නායකත්වයයි. යුදෙවු චින්තනය තුලින්ම පැනනැගි ලිබරල්වාදයද සාමූහික වගකීම් වලින් ගැලවී පුද්ගල ආත්මාර්ථකාමීත්වය මත ක්‍රියා කිරීමේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක විය. බටහිර සමාජය රෝගාතුරු කළ තවත් ව්‍යාධිජනක මතවාදයක් උනේ කාන්තාවාදයයි. ලිංගිකත්වයේ ස්වභාවයටත් සොබාදහමටත් එරෙහි වෙමින් තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය කරදරයක් ලෙස සැලකීමට මෙන්ම ප්‍රතිවිරුද්ධ පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය දෙස වෛරී සහගත ලෙස බැලීමටත් කාන්තාවන් පොළඹවන මේ මායාකාරී මතවාදය එක් අතකට මිනිස් කුහකත්වයන් තොගයකම ප්‍රතිඵලයක් විය. ඒ තුලින් දියුණු මිනිස් අනුවර්තනයන් වූ ස්ත්‍රී පුරුෂ සමාජීය හා මානෝවිද්‍යාත්මක හැඩගැසීම් බිඳවැටීම හරහා ලොව ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය මූලික ගුණාංග වැනසෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අද බටහිර සමාජය ලිංගික වශයෙන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබේ. මෙකී මතවාද අනුගමනය කරන්නන් එක්තරා ආකාරයකට ක්‍රියා කරන්නේ ඉහඳ පනුවන් මෙනි. ඉහඳපනුවන්ට සාරය උරාබොමින් වැඩෙන්නට මළකුණක් අවශ්‍යවේ. මේ විනාශකාරී මතවාද වල අනුගාමික ඉහඳපනුවන්ද කරන්නේ තමන්ට සාරය උරා බොමින් වැඩීමට හොඳින් ස්ථාපිත වූ ජාතිකත්වයන් මළකඳන් කර ගැනීමයි.

යුදෙවු චින්තනය පෙරට පැමිණ බටහිර තුල බලවත් වීමත් සමග එම චින්තන රටාවේ විවිධ පැති ඔස්සේ පැනනැගුනු මාක්ස්වාදය ලිබරල්වාදය කාන්තා විමුක්තිය පස්චාත් නූතනවාදය ආදියද ඉදිරියට ආවේ දේශපාලනය, නීතිය, අධ්‍යාපනය, දැනුම, කලාව, තාක්ෂණය ආදී සියල්ල සමග විවිධ මට්ටම් වලින් කලවම් වෙමිනි. මේ මතවාද වලින් බටහිර රටවල ජාතිකත්වයන් දුර්වල වෙද්දී එම මතවාදී සංරචකයන් අතර යම්කිසි ජාලකරනයක්ද ඇති වී තිබෙන්නේ විවිධ ජාත්‍යන්තර සංවිධාන බිහි වීම හරහායි. නමුත් දුර්වල වූ බටහිර ජාතිකත්වයන්ට මේ පන්නරය නොතිබුණි. ජාත්‍යන්තරයේ සියළුම අංශ වල බලය තිබෙන්නේත් මේ ජාතිකත්ව මාර්ගයෙන් පිට ගමන් කරන ජාතිකත්ව විරෝධී මතවාද කරපින්නාගත් පිරිසකටයි. මේ බටහිර රටවල මාක්ස්වාදී ලිබරල්වාදී හෝ කාන්තා විමුක්තිවාදී කණ්ඩායම් බටහිරදී අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් ඔවුන් ලංකාව වැනි රටවලදී ඒ ඒ රටවල ජාතිකත්වයන්ට හිතවත් යැයි සිතීම තරම් මෝඩකමක් මිහිපිට නැති තරම්ය. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් මෙන්ම කාන්තා විමුක්තිවාදීන්ද බටහිරදී අධිරාජ්‍යවාදයට එරෙහි වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වයන්ට ප්‍රතිවිරුද්ධ මතවාද තුල සිටයි. ඔවුන් ලංකාව වැනි රටවල් තුලදීද ඒ ඒ රටවල ජාතිකත්වයන්ට විරුද්ධය. යුදෙවු චින්තන රටාව තුලින් පැන නැගි මේ මතවාද අනුගමනය කරන්නන්ද උග්‍ර මතවාදී ආක්‍රමණිකයන් වෙති. මොවුන්ද වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ වෙනත් ආකාරයක යටත්විජිතවාදයක්ම වේ.
අපේ රටේ සැබෑම ජාතික බලවේගයට ජාතික මතවාද තිබිය යුතුය. එහිදී එවැනි බලවේගයක මුල් තැනක් ගත යුත්තේ රටට ආවේනික ලෙස සිතන පතන රටට ගැලපෙන අදහස් ඇති පිරිසකි. රටේ ඉතිහාසය භූගෝලීය පාරිසරික සාධක, දේශගුණික රටා මෙන්ම සම්පත් පරිභෝජන රටාව යන සියළු සාධක හමුවේ රට ගොඩනගා ජාතික අනන්‍යතාවය ලබාදුන් සිංහල බෞද්ධයන් තම රටට දක්වා තිබෙන ආවේනිකත්වය හා හැඩගැසීම් මීට අදාල වේ. අපගේ සැබෑ ජාතික ව්‍යාපාරයක් කිසි ලෙසකින් මාක්ස්වාදී නොවිය යුතුය. එමෙන්ම බටහිර දේශපාලන විග්‍රහයේ වාමාංශික දක්ෂිණාංශික බෙදීම අපට අදාල නොවේ. අපේ ආර්ථික ක්‍රමවේදයන්හි කේන්ද්‍රීය සාධකය රටට ආවේනික සම්පත් පරිභෝජන රටාව විය යුතුය. එහිදී එය සොබාදහමේ සමතුලිතතා බිඳවට්ටන බටහිර කාර්මීකරනය සමග ඇති වූ විනාෂකාරී අධික පරිභෝජනය මුල් කරගත් එකක් නොවිය යුතුය. අපේ සම්පත් පරිහරන රටාව තුල ජනයා අතර ඒකාබද්ධතාවය වැදගත් දෙයක් වේ. පුද්ගල ආත්මාර්ථකාමීත්වය අනුව තනි තනි පුද්ගලයන් වෙන් වෙන්ව ධනය රැස් කිරීමට වඩා ජාතික ධනය පිළිබඳ දැක්මක් තිබීමද ඉතා වැදගත්ය. පුද්ගල ආත්මාර්ථකාමීත්වය මත පිහිටා සමාජ වගකීම් වලින් ඈත් වීමේ නිදහස වැදගත් කොට සලකන ලිබරල්වාදයද මොන මට්ටමකින්වත් අපේ ජාතික ව්‍යාපාරය තුලට ඈඳා ගත යුතු නැත. බෞද්ධ දර්ශනය අනුව මැදුම් පිළිවෙත අපේ සම්පත් පරිභෝජනයේදී පරමාදර්ශය කොට සැලකිය යුතුය. කාර්මික විප්ලවයෙන් පසු පාරිසරික සමතුලිතතා බිඳවට්ටමින් ලෝකයට හෙන දුන් කාර්මීකරනය හරහා ඉදිරියට පැමිණි සංවර්ධන මිම්ම ඔස්සේ එහි හිනි පෙත්තට යෑමට උත්සහ කිරීම ලොව කිසිදු තැනක ප්‍රායෝගික නැත. ඒ ඒ රටවල ආවේනික සම්පත් පරිහරන රටා තවමත් සක්‍රීයව පවතී. එය එසේ නොවන්නට ප්‍රමිතියකින් තොර සංවර්ධනය හා කාර්මීකරනය මුළු ලෝකයේම යහපත් පැවැත්ම කෙටි කර හමාරය. අපට ලෝකයේ හයිය වීමට අවශ්‍යතාවයක්ද තිබිය නොහැක.

අපගේ ජාතික බලවේග තුල කිසිම විටක බටහිර කාන්තා විමුක්තිවාදයට ඉඩක් ලබා නොදිය යුතු වන්නේද පෙර කී කරුනු අනුවමය. මේ කාන්තා විමුක්ති විෂබීජය බටහිර රටවල් රෝගාතුරු කර ඇත. බටහිර ජාතිකත්වයන්ගෙන් බැහැරව යන නූතන මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් ජාලය ලොව වෙනත් රටවල අභ්‍යන්තර සමාජය හා ජාතිකත්වය දුර්වල කිරීමට කාන්තා විමුක්තිය අවීයක් ලෙස යොදා ගනු ලබයි. කාන්තා විමුක්තිය යනු ලිංගිකත්වයේ නියම ස්වභාවය මත පදනම් වූවක් නොව ඊට එරෙහිව ඒ කෙරෙහි ද්වේශය හා වෛරය ඇතිකරවන මතවාදයකි. ලොව කුමන දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක් සැලකිල්ලට ගත්තද ස්ත්‍රී පුරුෂ සමාජීය හැඩගැසීම් සමාජයේම පැවැත්මට අවශ්‍ය මූලික ගොඩනැගීම් වේ. ස්ත්‍රී පුරුෂ කායික හා මානසික හැඩගැසීම් යනු දියුණු මිනිස් අනුවර්තන වෙයි. ලොව ඕනෑම රටක ජාතික අනන්‍යතාවය පිළිබිඹු කිරීමට අවශ්‍ය සමාජ සංස්කෘතික පරිසරය නිර්මාණය වීමේදීද මේ දියුණු මිනිස් අනුවර්තනයන් එහි මූලික පදනමක් ලෙස ක්‍රියා කරයි. බටහිර කාන්තා විමුක්තිවාදය මේ කිසිවක් පිළිනොගනී. මිනිස් ලිංගිකත්වයේ පැහැදිලි මනෝවිද්‍යාත්මක සාධකයක් ඇත. එහි සංකීර්ණබව අනුව මිනිස් වර්ගයාගේ පිරිමි ලිංගිකත්වය කායික වශයෙන් පමණක් නොව මනෝවිද්‍යාත්මකවද ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාවය මත පීතෘත්වය යන සාධකය දියුණු මිනිස් ලක්ෂණයක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. එය පිළිගන්නට අකමැති කුහකයින් කුමක් කීවද සත්‍ය එයයි. විෂමලිංගික පීතෘමූලිකත්වය මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය සමග වඩා හොඳින් ගැලපෙමින් මිනිස් සමාජයන් ගොඩනැගීමේ වඩා සාර්ථක ආකෘතිය බවට පත් වී ඇත්තේ එලෙසයි. කුහක කාන්තා විමුක්තිවාදයේ වෛරයට පාත්‍ර වී තිබෙන්නේද මේ කාරනාවම වේ.
ලොව වෙනත් රටවලදී මෙන්ම බටහිර කාන්තා විමුක්තිවාදය අපේ රටේදීත් සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි වෙයි. කාන්තා විමුක්තිකාමීන් ගෙනයන ජාතිකත්ව විරෝධී වැඩපිළිවෙලෙහි ප්‍රධානම අංගය වන්නේ සිංහල සමාජය දුර්වල කිරීමයි. අපේ රට තුලත් පුරුෂයා හා පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි මෙන්ම පවුල කෙරෙහි ද්වේශසහගත අදහස් වපුරමින් කාන්තා සමාජය විසංවිධානය කිරීම කාන්තා විමුක්තිකාමීන් ඒ සඳහා යොදන එක් උපක්‍රමයකි. කාන්තා විමුක්තිවාදයේ පදනම විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය නොවේ. කාන්තාවන්ට පිහිටන ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයද කරදරයක් ලෙස සලකමින් පිරිමි ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කිරීම කාන්තාවන්ගේ ජයග්‍රහනයක් ලෙස සලකන කාන්තා විමුක්තිය කාන්තාව යනු ගැහැනු මිනිස් ජීවියාය යන කාරනයද පිළි නොගැනීමට තරම් විකුර්ති අදහස් වලින් පිරී ඇත. මේ විකුර්ති කාන්තා විමුක්තිවාදය විෂමලිංගික ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් සියල්ලට වඩා වෛර කරන්නේ එය විෂමලිංගික පුරුෂ අනුවර්තනයන්ට හා පීතෘත්වය යන සාධකවලට තිබෙන කායික මෙන්ම මානසික සමරූපී බව නිසයි. කාන්තා විමුක්තිය පසුපස සිටින්නේ විශේෂයෙන්ම ගැහැනු පිරිමි දෙපාර්ශවයේම සමලිංගිකයන් දෙබිඩ්ඩන් හා ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම් ඇති කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම් වලින් ව්‍යාකූල හැසිරීම් ඇත්තවුන්ය. ඔවුන් තර්ක කරන්නේ ඔවුන්ගේ විකුර්ති හැසිරීම් වලට මග පෑදූ සියළු සමාජ දුර්වලතාවයන්ට පිළිගැනීමක් ලබාදී තවත් පෝෂණය කළ යුතු බවටයි. ඔවුන්ට අනුව අපේ සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් හා ජාතිකත්වයේ වගකීම් කාන්තා විමුක්තියට බාධක වේ.

සිංහල බෞද්ධ ජාතික බලවේගයේ සියළු දෑහිතකාමී වැඩසටහන් වලදී කාන්තාවන්ට සුවිශේෂී ජාතික වගකීම් කොටසක් පැවරිය යුතුය. එහි පදනම විය යුත්තේ සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා කාන්තා සමාජයේ විශේෂනයන්හි පසුබිම වන විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වයයි. පුරුෂයාට එරෙහිව සටන්වැදීම පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරමින් සම අවස්ථා ඉල්ලීම සිංහල බෞද්ධ කාන්තා සමාජයට අදාල නැත. ජාතික අනතුරකදී වුවත් කාන්තාවන් සටන් මෙහෙයවීට යොදා ගතයුතු නොවේ. ඊට පිරිමි පාර්ශවය ප්‍රමාණවත්ය. ඇතැමුන් සිතන පරිදි විහාරමහදේවිය අතීතයේ රට වෙනුවෙන් මුහුදට බිළි වීම හා වලගම්බා රජුගේ බිසව කරත්තයෙන් බිමට පැන සතුරාට බිලිවී රජුට පලා යෑමට සැලැස්වීම වැනි සිද්ධි කාන්තාවන් කඩු පොලු අවි ගෙන සටන් වැදීමට සමාන වන්නේ නැත. ස්ත්‍රීත්වයේ විශේෂණ මත මානසික හැඩගැසීමක් නොදක්වන සටන්කාමී මෙන්ම සමාජයේද පිරිමින්ට සුවිශේෂ වූ ක්‍රියාකාරකම් වල නිරත වීමට උත්සහ කරන කාන්තාවන්ට පුරුෂ මානසික නැඹුරුවක් ඇත. කිසි ඉවක් බවක් නැතිව ජාතික අනතුරු වලදී මෙවැනි කාන්තාවන්ට සටනට එන්නට ආරාධනා කළහොත් අවසානයේ සිදුවන්නේ සියළු සටන් වලින් පසුව මේ ව්‍යාකූල හැසිරීම් ඇති කාන්තාවන් බටහිර කාන්තා විමුක්තියේ මතවාද සමග අත්වැල් බැඳ ගැනීමයි. බටහිර කාන්තා විමුක්තිය යනු ජාතික මතවාදයක් නොව රටටත් ජාතියටත් හෙනයක් වන විජාතික මතවාදයකි. සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදී ඒ වටා ඇති අනෙකුත් සියළු ව්‍යාකූලත්වයන්ද සාධාරණීකරනය කිරීම බටහිර කාන්තා විමුක්තිවාදයේ ප්‍රධාන කොන්දේසියක් බව අප තරයේ සිහි තබාගත යුතු වේ. එබැවින් ජාතික බලවේග ජාතික අරමුණු කරා ගමන් කිරීමේදී විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය මත පිහිටා කාන්තාවන්ට සුවිශේෂී ජාතික වගකීම් කොටසක් පැවරීම වඩා වැඩදායකය.

පාරිසරික සමාජ සංස්කෘතික හා දේශපාලන අංශ තුලදීත් ජාතික බලවේග වලට තිබිය යුත්තේ රටට ආවේනික මතවාද වේ. පාරිසරික වටිනාකම් තුට්ටුවට මායිම් නොකරන සංවර්ධන මිථ්‍යාව පසුපස දුවමින් ලෝක පරිසර දින සැමරීම අපට අදාල නැත. රටේ ස්වභාවික පාරිසරික සමතුලිතතාවයන් ගැන රටට ආවේනික මිනිසුන්ට නිසි අවබෝධය ඇත්නම් රටට ආවේනික වූ පරිසරහිතකාමී සම්පත් පරිහරන රටාවක් රටේ ජනතාවට නිසි පරිදි පවත්වාගෙන යා හැකිනම් අප ඌන සංවර්ධිත යැයි කියා කලබල වෙන්නට දෙයක් නැත. අපට පළමුව අප ගැන මිම්මක් තිබිය යුතු වේ. අනෙකුත් ජාත්‍යන්තර දින සැලකුවත් ඒ සියල්ල හරහාද සිදුවන්නේ බටහිර මතවාදී ආක්‍රමණයම පමණි. අපට සංවර්ධනය පිළිබඳ ලෝක බැංකුවේ ප්‍රලාප වැඩකට නැත. වෙනත් එකක් තියා අපේ මහ බැංකුවේ සංවර්ධන ඉලක්ක වාර්තා හෝ අප ගනනකට ගත යුතු නොවේ. ඒ වෙනත් කිසිවක් නිසා නොව විජාතික මතවාදී ආක්‍රමණය ජාතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාරයක් ලෙස සංවර්ධනය යන්න ක්‍රියාත්මක වීමයි. මේ මතවාදී ආක්‍රමණයේ අනික් කොටස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා බටහිර නූතනත්වයේ ව්‍යාජනයන් වේ. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වැනි සංකල්ප මේ වන විට බටහිර නූතන මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයා විසින් අවස්ථාවාදීව යොදා ගැනෙන්නේ ඔවුන්ගේ නූතනත්වයේ ආකෘතියට අනුගත නොවන ලොව වෙනත් රටවල සංස්කෘතීන් හා චින්තන රටා බිඳ වැට්ටවීමටය. බටහිරනම් මොනම දෙයක්වත් එපා යන අන්තයටද අප නොයා යුතුය. අපට අපේ සමාජ පරිසරය තුලට ගැලපෙන ලෙස ආදේශ කරගත හැකි යමක් බාහිරින් එක්කර ගැනීම වරදක් නොවේ. එමෙන්ම තමන්ට හොඳ යැයි හිතෙන බටහිර විජාතික මතවාද පවා බුදු දහම සමග අවිචාරයෙන් ගලපන්නටත් තමන්ට නරක යැයි හිතෙන සියල්ල ඒවායේ වටිනාකම් ගැන විචාරයකින් තොරව අධිරාජ්‍යවාදයටත් බයිබලයටත් ගැටගසා පහර දීම වැනි ඇතැමුන්ගේ ක්‍රියාකලාපයන්ද පිළිගත නොහැක. ජාතික මතවාද ඉදිරියට ගෙන යෑමේදී විචාරයක් තිබීම ඉතා වැදගත් වේ. ජාතික බලවේගයට පැහැදිලිවම දේශපාලනයක් තිබිය යුතුය. එහෙත් එය පක්ෂ දේශපාලනය විය යුතු නොවේ. බටහිර ප්‍රජාතාන්ත්‍රික කුණු සියල්ල ජාතික බලවේගයේ අංග විය යුතුද නැත. ජාතික බලවේගයට තිබිය යුත්තේ ජාතික දේශපාලනයකි. ජාතික අරමුණු ජයග්‍රහනය කරවීම ප්‍රමුඛත්වයේ ලා කටයුතු කිරීම ජාතික දේශපාලනයේ ප්‍රධාන වගකීම විය යුතුය. ජාතික අරමුණු වලට පටහැනිව කටයුතු කරන අවස්ථාවාදී දේශපාළුවන් අත් හැර දැමීමට ජාතික බලවේග හැමවිට ක්‍රියා කළ යුතුය.

රටේ වර්තමාන තත්වය ජාතික බලවේගය පැත්තෙන් බැළුු කළ වර්තමානය වන විට අප විසින් ජය ගත යුතු ජාතික අරමුණු බොහොමයක්ම ඇත. මේ කරුනු කාරනා තේරුම් ගැනීමටනම් ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම මුලින් තේරුම් ගත යුතුය. ජාතික මතවාද හා විජාතික මතවාද වෙන්කර හඳුනා ගැනීමට සංවේදී වීමද මෙහිලා වැදගත් දෙයකි. විජාතික බලවේග වල උප්පරවැට්ටි වලට හසු නොවී ජාතික බලවේග ඉදිරියට යමින් විජාතික සතුරු කඳවුර පැරදවීමේදී උපක්‍රමශීලී වීමද වැදගත් වේ. විජාතික බලවේග විසින් ගොඩනගන රැවටිලිකාර හොර ජාතික බලවේග ගැනද අවදියෙන් සිටිය යුතුය. අප ජාතියක් ලෙස පැනගත යුතු මූලික කඩයිම් තුනක් ගැන මින් පෙරද කීවෙමු. එය නැවතත් මතක් කරගත යුතුය. එහි මුල් කඩයිමනම් අප මේවන විටත් පැනගෙන හමාරය. ඒ කොටි ත්‍රස්තවාදය අවියෙන්ම පරාජය කරමිනි. දෙමළ ජාතිවාදය මතවාදීව මුලිනුපුටා දැමීම හා රටට ආවේනික සිංහල බෞද්ධයන් තම රටට තිබෙන අයිතිය ගැන පැහැදිලි මතයකට පැමිණීමත්, රටට ආවේනික ලෙස සිතන පතන ජනයා රටේ තීරක බලවේගය කරගනිමින් රටත් ජාතියත් දුර්වල කළ සියළු විජාතික මතවාදයන්ගෙන් ගැලවීම අනෙක් කඩයිම් දෙකයි. ව්‍යාජ දෙමළ නිජභූමි සංකල්පයත් සමග දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමේ කාර්ය අඩපන කළේ මෙරට මාක්ස්වාදීන් ලිබරල්වාදීන් කාන්තාවිමුක්තිවාදීන් ආදී විජාතික මතදාරී ව්‍යාජ උගතුන් රැලයි. කොටි ත්‍රස්තවාදය පැරදවීමේ ජාතික සටනටද අකුල්හෙළුවේ මේ පිරිස හා රනිල් වික්‍රමසිංහගේ විජාතික එ.ජා.ප යයි. අද නැවතත් දෙමළ ජාතිවාදය සමග එහි මතවාදී ආවතේව කරුවන් ශක්තිමත් වී ඇත. දෙමළ ජාතිවාදය නියෝජනය කරන්නේ බටහිර මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයා මිස සැබෑවට දෙමළ ජනතාවත් නොවේ. කලකට පෙර මේ ආක්‍රමණිකයාට සහයට කොටි ත්‍රස්තවාදියාද සිටියේය. රටට ආවේනික ජනයාගේ සිතුම් පැතිම් සඵල කර මෙකී තුන්වැනි කඩයිම පැනීමේ ජාතික අරමුණ කරා යෑමටනම් දෙවන කඩයිම පැන ගත යුතුමය. දැන් එය නැවතත් අපහසු තත්වයකට පැමිණ ඇත්තේ විජාතික ගැති රජයක් බිහිවීම තුලිනි. දැන් ජාතික බලවේගය කළ යුත්තේ ජාතික මතවාද තුල පිහිටා විජාතික බලවේග පැරදවීමට සිංහල බෞද්ධයන් අතර ඒකාබද්ධතාවය ඇතිකිරීමයි. බටහිර අධ්‍යාපනයෙන් මොළ කුරුවල් කරගෙන සුළු ජනකොටස්වල ස්වයංපාලන බෙදුම්වාදී පිස්සන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ බොරු ජාතික සමගි අධි ශික්ෂණයෙන් ජාතිය ගලවාගෙන පියවි සිහියට ගැනීමද ජාතික බලවේගයේ වගකීමකි. කළක සිට ජාතික අරමුණු යටපත් කර අවස්ථාවාදී කපටි දේශපාළුවන්ට බලය අල්ලා ගැනීමට යොදාගන්නා පුද්ගල ආත්මාර්ථකාමීත්වය ඉලක්ක කරන මහජනතාව හා ජනතා අපේක්ෂා යන සංකල්ප වෙනුවට සිංහලයන් අතර ඒකාබද්ධතාවය ඇති කර ජාතිය හා ජාතික අරමුණු යන සංකල්ප දේශපාලනය තුලටත් චන්ද සටන තුලටත් ආදේශ කළ යුතුය. එවිට මෙකී දෙවන හා තෙවන කඩයිම් සියල්ල පැන ගැනීම අපහසු නොවනු ඇත. ඒ සියල්ල කිරීමට ජාතික බලවේගය ගත යුතු මග වන්නේ පළමුව විජාතික බලවේගවල විජාතික මතවාද පැරදවීමට ජාතික මතවාද ශක්තිමත් කිරීමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

CEPA ගියා ETCA එනවා.ලංකාවට ඇඩ්‍රස් නෑ..

කතෘ:යුතුකම     7/12/2016   No comments
ඉන්දියානු ආක්‍රමණය :  ECTA එනවා  - ලංකාවට ඇඩ්‍රස් නෑ..

ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය සහෝදරිය,

වත්මන් රජය විසින් ඉන්දියාව සමග අත්සන් කිරීමට යනු ලබන ECTA ගිවිසුම පිළිබදවඉංජිනේරු වෘත්තිකයින් වශයෙන් ඔබව දැනුම්වත් කිරීම මේ තීරණාත්මක මොහොතේ අපගේ වගකීම සහ යුතුකම වන්නේය.

ECTA ගිවිසුමෙන් අපට කුමක් වෙයිද? ඉන්දියානුවන් අපේ රැකියා ලබාගනීද? එසේ වුවහොත් ලාංකික අපට රැකියා නැතිව යාවිද?නැතිනම් අපට රැකියා ලැබුනද අඩු වැටුපට සේවය කිරීමට සිදුවේද? අවසානයේ අපගේ ජීවන තත්වය කුමක් වේද?

මේ සියලු ප්‍රශ්න ඔබටත් අපටත් ඇත්තේ ECTA ගිවිසුම මගින් අපගේ අනාගතය පිළිබද අවිශ්වාසයක් ගොඩනගා ඇති නිසාවෙනි.

යෝජිත ECTA ගිවිසුම මගින් යෝජනා කර ඇති පරිදිනිදහස් ශ්‍රම සංසරණයට කිසිදු බාධාවකින් තොරව ඉඩ සැලසේ. එනම් ඉන්දියාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කිරීමට,වෙළදාම් කිරීමට සහ රැකියා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් ලැබේ. එපමණක්ද නොවේ තමන්ගේ පවුලේ සාමාජිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු බාධාවකින් තොරව අවසර ලැබේ.

මෙම ගිවිසුම හරහා අපට තරග කිරීමට ලැබී ඇත්තේ කෝටි120කට අධික ජනගහනයක් එනම් ලංකාවේ ජනගහනය මෙන් හැට ගුණයක් ද වර්ග කිලෝමීටර මිලියන3.3ක් එනම් එනම් ලංකාවේ භුමි ප්‍රමාණය මෙන් 50 ගුණයක් ද විශාල යෝධයෙකු වැනි ඉන්දියාවයි.

ඉන්දියානු ඉංජිනේරු උපාධිය සහ විරැකියාව

ඉන්දියාවේ ඇති ප්‍රාන්ත 29ම පාහේ තෘතීක අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් ඇති අතර වසරින් වසර එම ප්‍රමාණය ඉහල යනුයේ හතු පිපෙන්නාක් මෙනි.අප විසින් කරන ලද අධ්‍යයනයේ ප්‍රතිපල අනුව සමස්ත ඉන්දියාවේම ඉංජිනේරු උපාධිය ලබා දෙන ආයතන පමණක් 6430ක් ඇති අතර ඒ අතරින් බොහොමයක් කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලබන හුදෙක් ව්‍යාපාරික ආයතන පමණි.

එමගින් සමස්ත ඉන්දියාවේම එක් වසරකට පමණක් ලක්ෂ 18කට අධික ඉංජිනේරු උපාධිදාරීන් පිරිසක් පිටවෙති. (2016 වසරේ පමණක් ඉංජිනේරු උපාධිදාරීන් 1,866,324 පිටවී ඇත) මෙසේ වසරකට පිටවන ඉංජිනේරු උපධිදාරීන්ගෙන් 80% කට රැකියා නොමැති අතර ඔවුන්ගෙන් බහුතරයකට රැකියාවක් ලබා ගැනීමට වසර 3කපමණ කාලයක් ගත කිරීමට සිදුවේ.
වසරකට පිටවන ඉංජිනේරු උපාධිදාරීන්ගෙන් ලක්ෂ 14කට අධික ප්‍රමාණයක් රැකියාවක් නොමැතිව නිවෙසට වී සිටියි.

ඔබ දන්නවාද ?
Ø ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන මුළු ප්‍රමාණය මිලියන 40 කට ආසන්නයි..
එනම් ලංකාවේ ජනගහනයෙන් දෙගුණයක් පමණ..
Ø ඉන්දියාවේ වසරකට ඉංජිනේරු උපාධිදාරීන් ලක්ෂ 18ක් උපාධිය ලබා පිටවෙති.
ඔවුන්ගෙන් 80% කට රැකියා නොමැත.එනම්ලක්ෂ 14ක් රැකියානොමැතිව නිවෙස්වල සිටී.
Ø ඉන්දියාවේදී කම්කරුවෙකුගේ දිනක වැටුප ශ්‍රී ලංකාවේ මුදලින් රු. 325 කි

ලංකාවේඉංජිනේරු ශේස්ත්‍රය

ලංකාවේ ඉංජිනේරු උපාධියේ ගුණාත්මක භාවය සහ ජාත්‍යන්තර පිළිගැනීම ඉතා ඉහල මට්ටමක පවතී. ලංකාවේ ඉංජිනේරු උපාධිදාරීන් 2400ක් පමණ වසරකට පිටවන අතර ඔවුන්ගෙන් 12% ක් පමණ උසස් අධ්‍යාපනය සහ විදේශ රැකියා සදහා යොමුවේ ඉතිරිවන පිරිස සදහා රැකියා සංතෘප්ත තත්වයක් පවතී. විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් මෙයට එකතු වුවහොත් දැනට පවතින රැකියා ප්‍රමාණයද අහිමිවී යාම වැළක්විය නොහැක.

දැනටත්ඉන්දියානුකම්කරුවන් ලංකාවේ

ඉන්දියාවේදී කම්කරුවෙකුගේ වැටුප ශ්‍රී ලංකා රු. 325ක් වැනි මුදලකි. ලංකාවේ දිනක කම්කරු වැටුප හා සැසදීමේදී මෙය ඉතා අඩු වැටුපකි.
ඉන්දියාවේදී ලැබෙන අඩු වැටුප් නිසාම ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසාමත ලංකාවට පැමිණ රැකියාවේ නියැලෙති. අදටත් කොළඹ අවට ප්‍රදේශ වල ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසා මත ඉතා අඩු වැටුපට කම්කරු රැකියා කරන බව නොරහසකි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ වී අස්වනු නෙලන කාලයට ඉන්දියානු කම්කරුවන් සමුහ වශයෙන් සේවය කරති.

මැදපෙරදිග ඉංජිනේරු වැටුප් තලවලට ඉන්දියානු බලපෑම

මැදපෙරදිගට පැමිණෙන විරැකියාවෙන් බැටකෑඉන්දියානු ඉංජිනේරුවන් ඉතා අඩු වැටුප් තලයන් වල සේවයකරන බැවින් සමස්තයක් ලෙස අනෙකුත් රටවල ඉංජිනේරුවන්ටද ඉතා අනිසි බලපෑමක් එල්ල වී ඇත.ලංකාවට ඉන්දියානුවන් පැමිණියහොත් සිදුවනුයේ මෙයම නොවේද.

ඉන්දියාව නමැති බුවල්ලා

ඉන්දියානු රජය උත්සහ කරනුයේ විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් සදහා ලංකාව රැකියා වෙළදපොලක් ලෙසවිවෘත කිරීමටය. ඉන්දියානු රජය ඉන්දියානුවන් ගැන සිතනවා හැරෙන්නට ලාංකික ඔබ අපගැන සිතාවිද?කණගාටුව ලංකාවේ යහපාලන ආණ්ඩුව ඔබ අප ගැන නොසිතීමය.

මෙම ECTA ගිවිසුම හරහා වත්මන් යහපාලන ආණ්ඩුව ශ්‍රී ලාංකික අපට උදාකර දී ඇත්තේ ඉන්දියාව නමැති බුවල්ලා ගිල ගැනීමට බලා සිටින කුඩා මත්ස්‍යය පැටවකුගේ සෝචනීය තත්වයටය.
දැනටමත් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ පවසා ඇති පරිදි මෙම විනාශකාරී ECTA ගිවිසුම අත්සන් කිරීමට ඔවුන් තීරණය කර ඇත. ඒ සදහා වන කාල රාමුවක්ද යෝජනා කර ඇති අතර වහ වහා ඒ සදහා අවශ්‍යය කටයුතු සුදානම් කරමින් පවතී.

අප කුමක් කරමුද?

විරැකියාවෙන් පෙලෙන ලක්ෂ 400ක් වන ඉන්දියානුවන් ECTA ගිවිසුම හරහා මෙරටට පැමිණියහොත් අපට කුමක් සිදුවේද?ඔබටත් ඔබගේ දුව දරුවන්ගේත් අනාගතය කුමක් සිදුවේද?අනාගතපරපුරට නිවහල් රටක් උරුම කරදීම අපගේ වගකීම නොවන්නේද?

ECTA එපා
මෙම විනාශකාරී ECTA ගිවිසුමට විරුද්ධව පෙළ ගැසීම ඔබ අප සැමගේ ජාතික වගකීමයි. සැවොම දැනුම්වත් කරන්න, එන්න, පෙළගැසෙන්න මෙම ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීමට එක්වන්න. ECTA පරදවමු.

ඔබටජය!

-දේවපුරගේ දිලාන් ජාලිය
ඉංජිනේරු සංසදය,
ජාතික වෘත්තික එකමුතුව.

ආශ්‍රිත
http://economictimes.indiatimes.com/jobs/over-80-per-cent-engineering-graduates-in-india-unemployable-study/articleshow/50703662.cms
http://www.newindianexpress.com/magazine/Where-have-all-the-jobs-gone/2013/08/25/article1746014.ece


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/11/2016

සිංහයා නැති ජාතික කොඩියක්‌ ! , අනාගාමික රාජ්‍යයක්‌ !! - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     7/11/2016   No comments
සිංහයා නැති ජාතික කොඩියක්!  අනාගාමික රාජ්‍යයක් !!
ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ දුර්මත.
-ගෙවිඳු කුමාරතුංග


අප රටේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මහජන අදහස් විමසීමට පත් කෙරුණු නීතීඥ ලාල් විජේනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් වූ කමිටු වාර්තාව දැන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව’ නමින් එළිදක්වා ඇත. ඒ වාර්තාවේ හැඳින්වීමෙහි (1 වන පරිච්ඡේදය) දක්වා ඇති පරිදි ම එහි ඇත්තේ, “කමිටුවට ලැබුණු අදහස් පිළිබඳ සාකච්ඡාවක් හා අපේ (කමිටුවේ/කමිටු නියෝජිතයන් ගේ) නිර්දේශ ය.” (5 පිටුව)

එහි දී රාජ්‍ය ස්වභාවය යටතේ දක්වා ඇති අදහස් අපහැදිලි ය. අවසානයේ දී කමිටු සාමාජිකයන් සියලු දෙනා (කලාප පාලනයක්, ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් පෙනී සිටි අය පවා) ඒකීය රාජ්‍යයකට එකඟ වූ බව පැවසේ (23-24 පිටු). මේ ඒකීය රාජ්‍යයේ රඟ ‘බලය බෙදාහැරීම’ පරිච්ඡේදයෙන් මොනවට පැහැදිලි ය. පළාතක ආණ්ඩුකාරවරයා හා සම්බන්ධ මේ කමිටුවේ නිර්දේශ බලන්න (57-58 පිටු):

■ “මහඇමති ගේ එකඟත්වය ඇතිව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කළ යුතු ය.”
ඒ කියන්නේ දැන් වගේ ජනාධිපතිට ස්වාධීනව පත් කරන්න බැරි බවත් එයට මහ ඇමති ගේ අනුමැතිය වුවමනා බවත් ය. එ පමණ ද?
■ “ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහ ඇමතිවරයාගේ උපදෙස් මත ය.”
■ “පළාත් සභාවලින් සම්මත කරන පනත්වලට ආණ්ඩුකාරවරයා අනුමැතිය දීම අවශ්‍ය නොවේ.”
■ “බලය බෙදාහරින ලද ඒකකයේ විධායක අංශය වන්නේ ප්‍රධාන ඇමතිවරයා සහ ඇමති මණ්ඩලය යි. ආණ්ඩුකාරවරයාට කිසිඳු විධායක බලයක් හිමි නොවේ.”
අපූරුයි නේ ද ඒකීය කියන ලේබලය ගහල නිර්දේශ කරන දේ? ජනාධිපතිවරයාට තමන් පත්කරන ආණ්ඩුකාරවරු මඟින් පළාත් එකට ගැටගසා තබාගත නොහැකි නම්, ජනාධිපතිවරයා ගේ විධායක බලයට පළාත්වල විධායක බලය පාලනය කළ නොහැකි නම් එ තැන කොහේ ද ඒකීය රාජ්‍යයක්?

අනාගාමික රාජ්‍යයක්!
 
ඊළඟට බලමු මේ වාර්තාවේ ‘ආගම’ කියන පරිච්ඡේදය.
■ “ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු යි (17 පිටුව, සඩ නිර්දේශය). ආගම රාජ්‍යයේ විෂය පථයට අයත් නොවිය යුතුයි.”
මේ කියන්නේ ව්‍යවස්ථාවේ ‘බුද්ධාගම’ කියන කොටස සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා. ඒක රාජ්‍යයට අවශ්‍ය නෑ කියලයි මේ කියන්නේ. එය කළ නොහැකි නම් තවත් නිර්දේශයක් තිබෙනවා.
■ “තවත් අදහසක් වූයේ රජය සියළු ආගම් සමාන ලෙස පිළිගෙන ආරක්ෂා කළ යුතු බවත් මේ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ පරිච්ඡේදය බුද්ධාගම නොව ආගම වියයුතු බවත් ” (17 පිටුව, සස නිර්දේශය හා 15 පිටුව).
ඊටත් අපූරුයි ඊ ළඟ යෝජනාව:
■ “බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කළ යුතු යැ යි පවසන සමහරකු එයට බුද්ධ ශාසනය ඇතුළත් නොවිය යුතු යැ යි කියා සිටියේ ය.” (15 පිටුව)

භික්ෂූන් වහන්සේලා, පන්සල් ටික, දායකදායිකාවන් අයිති නැත්නම්, බුද්ධ ශාසනය අයිති නැත්නම් මොකක් ද ආයේ ඉතිරි වෙන බුද්ධාගම? කොහොම ද මේ දුෂ්ඨ උපාය! මුලින් ම ආගම කියන කොටස ම අහෝසි කරල දාන්න. එහෙම බැරි වුනොත් බුද්ධාගම අයින්කර ආගම කියා යොදන්න. ඒකත් බැරි වුනොත් බුද්ධ ශාසනය ඉවත් කර බුද්ධාගම කියන වචනය විතරක් ඉතුරු කරන්න. මේ මොළ නම් දෙවියන් ගේ ආනුභාවයෙන් ම ලැබුණු මොළ විය යුතු ය.

බුද්ධාගම ඉවත් කරගන්න මේ තරම් උත්සාහ කරන මහත්වරු ආගම් සහ ජනවර්ගයන් ගේ නම්වලින් තිබෙන දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස මහජනතාව ගෙන් සමහර කොටසක් ඉල්ලුවා ම ඒකට දෙන ප්‍රතිචාරය බලන්න:

“යම්කිසි වාර්ගික ආගමික අනන්‍යතාවයක් සහිතව තමන් හඳුනාගන්නා දේශපාලන පක්ෂ සමහර අයෙක් තදින්ම විවේචනය කළෝ ය. ඔවුන් කියා සිටියේ එවැනි පක්ෂ තහනම් කළ යුතු බව යි. ඒ පිළිබඳ ගැඹුරින් සලකා බැලූ කමිටුවේ අදහස එවැනි පක්ෂ මේ මොහොතේ තහනම් කිරීම සිදු නොකළ හැකි බවත් ඒ නිසා අනවශ්‍ය ගැටුම් ඇතිවිය හැකි බවත් ය.” (150 පිටුව)

අපූරුයි නේ ද? බුද්ධාගම ඉවත් කළාට ගැටුම් ඇති වෙන්නේ නෑ. ජාතිවාදි පක්ෂ ඉවත් කළොත් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවලු. බුද්ධ ශාසනය ඉවත් කරන්න පුළුවන්, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඉවත් කරන්න ගියොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මේ මහත්වරු කියනවා. මේක තමයි අපට පිළිගන්න කියන කතන්දරේ.

ජාතික කොඩිය සහ ජාතික ගීය

ජාතික ගීය ගැන නොයෙක් කතා කියා අවසානයේ කියනවා, “අප ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ ආරම්භක ස්ථාවරය වූයේ සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන් ම ජාතික ගීය ගායනා කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත යන්නයි” (12 පිටුව) ලෙස.

ජාතික ගීය ගැන කියද්දි පටන් ගන්නේ ම දැනට ම භාෂා දෙකෙන් ම කියනවා කියන පදනම මත. එහෙම බැලුවා ම දෙවියනේ බුද්ධාගමට මේ රට ම පූජා කරලා තියෙනවනේ දැන් අවුරුදු දහස් ගණනක ඉඳලා. 1815 දී සුද්දා ඇවිත් අත්සන් කරපු ගිවිසුමෙත් තියෙනෙවනේ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරනවා කියා. ඉන් පසු හැදූ හැම ව්‍යවස්ථාවක ම එය ඇතුලත්ව තිබෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව හැදූ කොල්වින් ආර් ද සිල්වා මහතා පවා එය පිළිගත්තා. කොතරම් උග්‍ර වාමාංශිකයෙක් වුණත් එතුමාටත් සිද්ධවුණා එය පිළිගන්න. 1915 ගම්පොළ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් පෙරහැර පැවැත්වීම ගැන දුන් නඩුතීන්දුවේ දී පෝල් ඊ. පීරිස් විනිශ්චයකාරතුමා ප්‍රකාශ කරනවා උඩරට ගිවිසුම මේ රටේ මූලික නීතියේ කොටසක් බව. ඒ අනුව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් යන්න ව්‍යවස්ථාවට ඇතුළුවෙන්න අවශ්‍ය බව එදා කොල්වින් ආර් ද සිල්වා මහතා පිළිගත්තා. ඒ හැම ව්‍යවස්ථාවක ම තිබෙන බුද්ධාගම මොවුන්ට පිළිගන්න බෑ. හැබැයි ජාතික ගීය ගැන කියද්දි දැනට රජයේ ස්ථාවරය මෙහෙමයි, ඒ නිසා අපි පටන් ගන්නේ එතනින් ය යි කියනවා.

මොවුන් ජාතික කොඩිය පිළිබඳවත් මෙහෙම නිර්දේශ කරනවා:
“ජනවර්ග පිළිබඳ සඳහනකින් තොරව, ශ්‍රී ලාංකික සාමූහික ජීවිතය නියෝජනය වන අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක් නිර්මාණය කෙරේ” (11 පිටුව).

මේ කියන්නේ වෙනකක් නෙවෙයි, සිංහයත් එපා, බෝ කොළ හතරත් එපා. ආණ්ඩුවෙන් පත් කරලා, ආණ්ඩුවෙන් පඩි ගෙවලා, ආණ්ඩුවෙන් පහසුකම් දීලා කටයුතු කරන කමිටුවක මහත්වරුන් ගේ නිර්දේශ තමයි මේ.
නෝර්වේ රාජ්‍යයේ බහුතර ජනයා අයිති වන්නේ ඉවැංජිකල් ලූතරන් නිකායට යි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව ඔවුන් ගේ රාජ්‍ය නායකයා අනිවාර්යයෙන් මේ නිකායේ කෙනෙක් විය යුතු යි. ඒ විතරක් නොවෙයි, නෝර්වේ රාජ්‍යයේ මේ නිකායේ දෙමව්පියන් ගේ දරුවන් ආගම වෙනස් නොකළ යුතු යි. ඔන්න අපට ෆෙඩරල් බණ කියන, රාජ්‍යය අනාගාමිකවීමේ වැදගත්කම කියන මහත්වරුන් ගේ ආගමික නිදහස! සාර්ථකත්වය අතින් ලෝකයේ ඉහළ ම රටක් නෝර්වේ. අපි අනුගමනය කළ යුත්තේ ඒ අය දියුණුවීමට ගත් ක්‍රියාමාර්ග ද? ඔවුන් අපට කියන වැදිබණ ද?

මැතිවරණ ක්‍රමය 
 
එහි නිර්දේශ කරනවා ඇතිකරන්නට යන මිශ්‍ර ක්‍රමයේ කේවල ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට වෙන වෙන ම ඡන්ද පත්‍රිකා දෙකක් දෙන්න. කේවල ක්‍රමයේ දි ගැහැණු සහ පිරිමි වශයෙන් තවත් ඡන්ද පත්‍රිකා දෙකක් දෙන්න. (156 පිටුව)
දැන් මේ ආකාරයට ඡන්ද ක්‍රමය සංකීර්ණ කළා ම මොකද වෙන්නේ? ඡන්ද දායකයාට තමන් ගේ ඡන්දයේ ප්‍රතිඵල ගැන විශ්වාසයක් නැතුව යනවා. මනාප ක්‍රමය තුළත් මේ දේ දැනටත් සිද්ධවෙලා තිබෙනවා. රෝසි සේනානායක මහත්මියත් පැරදුණේ මනාප කොල්ල කාපු නිසා කියලා කියනවනේ. දැනටත් අගමැතිවරයා ගේ හිතවතියටත් ඡන්ද ප්‍රතිඵල සැකයි නම් මේ විදියට කිසිවෙකුටත් නොතේරෙන අතිශය සංකීර්ණ ඡන්ද ක්‍රමයක් ගෙනාව ම මොනවයින් මොනවා නොවෙයි ද?

පරිගණකයෙන් ඡන්ද දැමීමට, ඩයස්පෝරාවට ඡන්ද අයිතිය දෙන්නත් මොවුන් යෝජනා කරනවා. මේ සියල්ල ම එකතු වුණා ම ජනමතය කුමක් වුවත් අවසානයේ පරිගණක නැතිනම් තාක්ෂණික විශේෂඥයන් කිහිප දෙනෙකු අතට මේ ජනමතය ප්‍රකාශ කිරීම හැසිරවීමට හැකියාව ලැබෙනවා. මේ බිහිසුනු ඒකාධිපති පාලකයන් ගේ උපායමාර්ග නොවේ නම් වෙන මොනවා ද?
ඒ විතරක් නොවේ. මේ ආකාරයට පුද්ගලයාට හා පක්ෂයට වෙන වෙනම ඡන්දය දීමට ඉඩ දුන්නහොත් එය ඡන්ද දායකයා නොතකා කෙරෙන මහා පරිමාණ ඡන්ද දූෂණයන්ට හා ඡන්ද වෙන්දේසින්ට හේතු වනවා නොඅනුමාන ය. ඒ හා ම කිසිවකුට බහුතරයක් නොලැබෙන දුර්වල පාර්ලිමේන්තුවක් බිහි වීම ද සිදුවනු ඇත. මොවුන් මේ යෝජනා කරන්නේ ජනාධිපති ධූරයත් නැති කොට, නැතිනම් දුර්වල කොට කිසිවෙකුට ආණ්ඩු පිහිටවිය නොහැකි දියාරු පාර්ලිමේන්තුවක් ද බිහි කරන්නට ය. එදා අපව අනාථ කළේ රටට රජු අහිමි කිරීමෙනි. මේ සියලු නිර්දේශ සිදු කර ඇත්තේ මේ රට රැකගත හැකි රජයක් කිසිදා පත් නොවන තැනට කටයුතු සැලැස්වීමට ය.

මෙහි දී මා විසින් උපුටා දක්වා ඇත්තේ ඉහත කමිටු වාර්තාවේ ඒ ශීර්ෂයන් පිළිබඳ වන සියලු නිර්දේශයන් නොවේ. කමිටුව නොවේ නම් කමිටුවේ බහුතරයක් දෙනා කර ඇති නිර්දේශ ය. පවතින ජාතික කොඩිය තබාගත යුතු ය, බුද්ධාගමට ප්‍රම්ඛස්ථානයක් ලබාදිය යුතු ය ආදී නිර්දේශ ද ඉහත උපුටා දැක්වූ නිර්දේශ අතර වන නමුත් ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ දහනව දෙනෙක් ගෙන් සැදුම් ලත් කමිටුවෙ එක්කෙනෙකි; නැතිනම් දෙන්නෙකි.

ජනාධිපතිතුමා ගේ අනවබෝධය

පසුගිය දා ගාල්ලේ පැවති උත්සව සභාවක දී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් ‘අනාගාමික ව්‍යවස්ථාවල් හදන්න ගොස් නැති ප්‍රශ්න ඇති කරන්නේ මන්ද?’ යැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් විමසූ විට එතුමා දුන්නේ අපූරු පිළිතුරකි. “.... මහජනයා දුන් යෝජනාවල ඔබ වහන්සේ දුන් කරුණු ඇතුළත් වී තිබෙනවා. එම මහජන අදහස් වලින් අපි ගන්නේ අපට සුදුසු ගත යුතු දේ පමණයි ....” (2016 ජුනි 29, දිවයින)

මෙ මඟින් පෙනෙන්නේ ‘පත්තර’ තම යුතුකම ඉටු කර නැති බව ය. ලාල් විජේනායක කමිටු වාර්තාවේ 17 පිටුවේ පැහැදිලිව ම නිර්දේශ යටතේ ‘ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු ය’ යනුවෙන් දක්වා ඇති අතර ‘ආගම’ පරිච්ඡේදයේ දී වැඩි ම සාමාජිකයන් සංඛ්‍යාවක් සිදු කර ඇති එක නිර්දේශයක් එය යි. සිරිසේන ජනාධිපතිතුමා ඒ ගැන හාන්කවිසියක් වත් නොදන්නේ මේ තාක් ‘පත්තරවල’ ඒ ගැන කිසිවක් පළ නොවූ නිසා විය යුතු ය.

ව්‍යාවස්ථාව පිළිබඳ දුර්මත


අගමැති කාර්යාලය ද ලාල් විජේනායක කමිටු වාර්තාවේ ඇත්තේ ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැක්වූ අදහස් මිස රජයේ අදහස් නොවන බවටත්, එය ව්‍යවස්ථා සම්පාදනයට පාදක කරගත්ත ලියවිල්ලක් නොවන බවටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ කමිටු වාර්තාවේ නිර්දේශ උපුටා දක්වමින් අතිපූජ්‍ය භික්ෂූන් වහන්සේලා හා දේශමාමක උගතුන් බුද්ධමතුන් දක්වන අදහස් ව්‍යවස්ථාව පිළිබඳ දුර්මත පැතිරවීමක් ලෙස ද ඒ නිවේදනය මඟින් දක්වා ඇත.

ලාල් විජේනායක කමිටුවේ අදහස් හා නිර්දේශ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ තේරීම් කාරක සභාව හා සම්බන්ධ කිරීමට ද රජයේ ඇතැම් මාධ්‍ය උත්සාහ කර තිබුණි. එහෙත් ලාල් විජේනායක කමිටුව පත්කරනු ලැබුයේ මේ වසරේ මාර්තු මස ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමටත් පෙර මේ වසරේ ජනවාරියේ දී ය. ඒ කමිටු වාර්තාවෙහි ම දක්වා ඇති පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් ය (v පිටුව). එහි දී අවශ්‍ය පහසුකම් ලබා දීමේ දී මූලික කාර්යභාරයක් සිදුකොට ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය බව වාර්තාවේ ම ලබාදුන් සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට හා චරිත රත්වත්තේ මහතාට තුති පුදා තිබීමෙන් පෙනේ (iii පිටුව).

දැන් නීතීඥ ලාල් විජේනායක මහතා ගේ කමිටු වාර්තාවේ එන යෝජනා හා නිර්දේශ බහුතරයක් රටට අවැඩදායී, රටට හානිකර දුර්මත නම් මේවා රජයේ මුද්‍රණාලයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ම මුද්‍රණය කරමින් බෙදාහරින්නේ මන් ද? රජය මේ ක්‍රියාවලියේ හානිකර බව, විනාශකාරී බව පිළිගන්නේ නම් නොපමාව මේ දුර්මත ප්‍රචාරය නවතා සිදුකළ චිත්ත වේදනා වෙනුවෙන්, සිදුකළ අපහාසය වෙනුවෙන් මේ රටේ මහසඟරුවන ගෙන් සමාව අයදිනවා ද? මහජන මුදල් අපයෝජනය කරමින් රජයේ සම්පත්, රජයේ කාර්යාල, රජයේ මුද්‍රණාලය යොදාගනිමින් රටට, ජනතාවට, ජාතික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට එරෙහි ව කටයුතු කළ පුද්ගලයන්ට හා බලධාරීන්ට එරෙහිව පියවර ගන්නේ ද?
 
[මෙම ලිපිය 2016-07-11 වන සඳුදා දිවයින පුවත්පතේ ද පළවිය]

-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

අනාගමික රාජ්‍ය සහ ධර්ම රාජ්‍ය....

කතෘ:යුතුකම     7/11/2016   No comments
-පුනර්ජි දඹොරගම-
රටේ පොදු ජන මතයට එරෙහිව ද රටේ ස්වෛරීභාවයට එරෙහිව ද පාළකයන් කටයුතු කරද්දී එහි ව්‍යවස්තාමය පිළිලය වන නව ව්‍යවස්ථා සංශෝදන නිර්දේශ වාර්තාව නිකුත් වී තිබේ. එහි ආකෘතිමය ස්වරූපය වූයේ මහජන අදහස් විමසා කමිටුවක් මගින් පළමුව එහි නිර්දේශ වාර්ථාවක් ලබා ගැනීම ය.

ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ලබා ගැනීමෙහි වරදක් නැත. එහෙත් එම මහජන අදහස් සම්පින්ඩනය කර වාර්තාවක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් මතු වේ. රට පුරා විවිද අදහස් ලබා ගෙන අවසාන නිර්දේශ වාර්ථාව ඉදිරිපත් කරන්නේ කමිටුවක් විසිනි. මෙම කමිටුවට පත් කරන්නේ කුමන පුද්ගලයන් ද? එම පුද්ගලයන් තේරීමේ නිර්නායක මොනවා ද? අනෙක් කාරනය නම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ මහජන මතය නම් එම අදහස් නිර්දේශ ලෙසට තෝරා ගැනීමේදී ඒ ඒ මහජන අදහස් වලට දුන් බර කොපමණ ද? එසේත් නැත්නම් එම මහජන අදහස් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමේදී සලකා බැලූ නිර්නායක කවරේද?

මෙම කමිටු වාර්ථාවේ 20 දෙනෙකුගෙන් 18 දෙනෙකුම තම නිර්දේශය සටහන් කල වාර්ථාවේ සඳහන් ගැටළුකාරී යෝජනාවන්ගෙන් එක් යෝජනාවක් වන්නේ අනාගමික රාජ්‍ය පිළිබඳ යෝජනාවයි. දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වලින් මෙයින් ආදේශ වන්නේ ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වශයෙන් සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය යන යෝජනාවයි. අනාගමික රාජ්‍ය සංකල්පයම සාපේක්ෂ වූවකි. එය තම තමන් ආගම වශයෙන් සලකන්නේ කුමක්ද යන්න මත රඳා පවතින්නකි. අනාගමික රාජ්‍ය සංකල්පයම බටහිර රටවල ආගමික අන්තවාදීන්ගෙන් ජනයාට සිදු වන අහිතකර බලපෑම් නිසා වර්ධනය වූ සංකල්පයකි. එහෙත් එම සංකල්පය ප්‍රජනනය වූ බටහිර ද ආගමික රාජ්‍ය සංකල්පය අතහැර නොමැත. අපේ රටට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්න මගින් අනෙක් ආගම් වලට අසාධාරණයක් සිදු වේ ද? එසේත් නැත්නම් උපතින් බෞද්ධයෙකු වූවෙකුට බලපෑමක් කෙරේ ද? බුද්ධාගම ආගමක් වශයෙක් හැඳින්වුවද එයට එදිය හැකි සුදුසුම නම ධර්මය යි. ධර්මයේ අනුසාරයෙන් පාරම්පරිකව පැවත එන දැනුම් සම්භාරය මත සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබේ. ඒ අතර ඕනෑම කෙනෙකුට අනුන්ට හින්සාවක් නොවන ලෙස තමන් කැමැති ආගමක් ඇදහීමට හෝ මතවාදයක් දැරීමට නිදහස අපේ සංස්කෘතිය තුල ඉඩ ලැබී ඇත.

පෙර සිරිතට අනුව ධර්මයේ පැවත්මට සහ එය වටා ගොඩ නැගුනු සංස්කෘතියේ පැවත්මට අවශ්‍ය කටයුතු සැලසීම් වශයෙන් වෙහෙර විහාර සෑදීමත් භික්ෂූන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කිරීමත් ඒ හා සම්බඳ කළා ශිල්පාදිය පවත්වා ගැනීමට පහසුකම් සැලසීමත් රාජ්‍යත්වයේ වගකීමක් විය. ව්‍යවස්ථා නිර්දේශ සැකසීමේදී මේ පෙර සිරිත් ගැන අවධානය යොමු වීද? තවමත් ජීවමානව පවතින රටේ ඓතිහාසික සංස්කෘතියේ පැවැත්ම මුලුමනින්ම ඝාතනය කිරීමට තැත් කිරීම බරපතල සංස්කෘතික ඝාතනයක් නොවන්නේද?

රජය කෙරෙහි ජනතා විරෝධය දැඩිව පවතින අවස්ථාවක ජන මතය ලබා ගන්නා මුවාවෙන් විකෘති ව්‍යවස්ථා නිර්දේශ සැකසීම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි. නව ව්‍යවස්ථාව සැකසෙනු ඇත්තේ මේ නිර්දේශ මතය. අනාගමික රාජ්‍ය යෝජනාවට අමතරව බෙදුම්වාදය පෝෂණය කිරීමටද රටේ සංස්කෘතිය විනාශ කිරීමට ද මෙම නිර්දේශ වාර්තාව මගින් ඉදිරිපත් කරන අහිතකර යෝජනා බොහෝ ය.

තමන්ට බලයට පත් වීමට උපකාර කල උන් සැනසීමට ජනයාද දේශයද පාවා දෙන අවස්ථාවාදී දේශපාළකයන්ගේ නිසා මුලු මහත් ජාතියටම අයත් වනු ඇත්තේ කටුකදායක ඉරණමකි.අප යා යුත්තේ බටහිර ආකෘතියට සැකසූ අපට නොගැලපෙන යෝජනා පදනම්ව අනාගමික රාජ්‍යක් කරා නොව නිදහස් නිවහල් රටක් ලෙස ධර්ම රාජ්‍යයක් කරා ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/08/2016

අටපට්ටම් ආණ්ඩුව කුඩුපට්ටම් කරන්නට අලුත් ජාතික ව්‍යාපාරය

කතෘ:යුතුකම     7/08/2016   No comments
අටපට්ටම - කුඩුපට්ටම්
-ධර්මන් වික්‍රමරත්න-

යූ.එන්.පී ආණ්ඩුවක් ආවොත් බිස්නස්වලට හොදයි කියූ ව්‍යාපාරිකයෝ වැට් බද්දට එරෙහිව කඩවසා හර්තාල්ය. සරසවි සිසුන් මර්ධනයට එරෙහිව මහපාරේය. දොස්තරවරුන් සයිටම් එකට එරෙහිව වර්ජනයේය. ඉංජිනේරුවන් සහ පරිගණක වෘත්තිකයන් එක්ටා ගිවිසුම හරහා රට ඉන්දිය කොලනියක් කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ය. රබර්, තේ සහ වී ගොවියෝද සටන් බිමේය. මේ සියළු අරගල ජර්මනියේ හැමලින් නුවර විසූ බටනලා වාදකයා මෙන් බොරු පොරොන්දු දී වසඟයට ගන්නා පාලකයින් දුන් පොරොන්දු වාෂ්පකර දමති. රට පුරාම ඇත්තේ ‘යහපාලන’ කොමඩිය. ‘යහපාලන’ හවුල් ආණ්ඩුවේම ශ්‍රිලනිප ඇමති එස්.බී දිසානායක පවසන පරිදි මේ අටපට්ටම් ආණ්ඩුවකි. වැඩ කරන්න අසීරුය. අටපට්ටම දැන් කුඩුපට්ටම් වෙමින් පවතී.

ආණ්ඩු විරෝධී සටනේ ගමේ අක්මුල් පෙළ ගස්සවන්නට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් සතියේ තෙදිනක් පුරා පැවති ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරයේ ජන රැල්ල රටපුරා යෝධ ගැම්මක් ඇතිකල බව නොරහසකි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විවිධ සුළු පක්ෂ අතර එකඟතාවයක් නැති බවට ආණ්ඩුවේ මාධ්‍යයන් ගෙනගිය ප්‍රචාරයන්ද පුස්සක් බවට පත්විය. බැසිල්ගේ දේශපාලන ආගමනය ආණ්ඩුවේ ඇමති වරදානගත් ශ්‍රිලනිප ඇමතිවරුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් හැර සෙසු ශ්‍රිලනිප පාක්ෂිකයින් මුළුමනින්ම වාගේ උද්යෝගයෙන් යුතුව පිළිගත් අතර එය ‘යහපාලන’ ආණ්ඩුවට දැන් පාරාවලල්ලක් බවට පත්වෙමින් පවතී. ‘යහපාලන’ ආණ්ඩුව බැසිල් රාජපක්ෂට භයබව ඔහුට එරෙහිව ගෙන යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරයෙන් පැහැදිලි විය. ගැරහුම් විවේචන හමුවේ නොසැලිය යුතුය. මක් නිසාද යත් තැලෙන යකඩේ මුවහත් වන අතර තලන එකා හෙම්බත් වන බැවිනි.

වෙනදා පයින් පොලේ ගිය එජාප නායකයා වන අගමැති වික්‍රමසිංහ බදුල්ලේ ශ්‍රිලනිප ජනබලය ඇරඹූ දිනට පසුදින බදුලු නගරයේ ගමන්කළේ රෝද තුනේ රථයකිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විහිළුවක ස්වරූපයෙන් දකුණේ මහ ඇමති ශාන් විජේලාල්, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු කිහිපදෙනෙක් සිරකුටියක දමා දොර වැසුවේද සීරුමාරුවෙනි. මිට්ටා කට්ටයා කියන සාම්ප්‍රදායික උපමාව සිහිගන්වමින් මාතර එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ පමණක් එළියට පැන ඉන් ජාමේ බේරාගැනීමට සමත් විය. මාතරට පැමිණි ජනාධිපති සිරිසේන හෙලිකොප්ටර් අංගනයටම ගොස් පිළිගත්තේද එජාප මන්ත්‍රී බුද්ධික විසිනි.

වර්තමාන ශ්‍රිලනිප නෛතික නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර්ය විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂ නායකවරයා ලෙස පත්කළේ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයා නොව ජනාධිපතිවරණයේදී ආණ්ඩුව වෙනුවෙන් දරදිය ඇදි තැනැත්තාය. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවූ අනුර කුමාර දිසානායකද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනීසිටි අයෙකි. දැන් ආණ්ඩුව ප්‍රධාන විපක්ෂය කියා බේදයක් නැත. ඔවුන් එක වල්ලේ පොල්ය. සැබෑ විපක්ෂය වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිකල යුතු බව ඉකුත් සතියේ ශ්‍රිලනිප මහජන පාර්ශවය වටා එක්වූ දස දහස් ගණන් ජනයා එක හඬින් සපථ කළහ. එජාපය සමඟ ඩීල් නොදමා ශ්‍රිලනිප සහ එහි පාක්ෂිකයා ශක්තිමත් කොට රැකගැනීමටද එය එක තැනකට නාභිගත කොට ඉදිරි මහ මැතිවරණයන්ට මුහුණදීමටද නව බලවේගය දැන් පියවරින් පියවර ශක්තිමත් වෙමින් පවතී. මැතිවරණයකට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යය. බදුලු දිස්ත්‍රික්කය පුරා දැන් එය ගොඩනැගී අවසන්ය. ඉදිරියට ඇත්තේ එය රට පුරාම ව්‍යාප්ත කිරීමය.

යහපාලන ආණ්ඩුවට එක්වී සිටින ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ තමන් එජාප ආණ්ඩුව සමඟ එක්වී ඇත්තේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණයක් මත කියාය. එහෙත් 2015 අගෝස්තු 24වැනිදා හිටපු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභිකයින් ඉවත්කර පක්ෂ නායකයා විසින් පත්කරන ලද්දේ ෆයිසල් මුස්තාපා, අතාවුද සෙනෙවිරත්න, ජීවන් කුමාරතුංග, යු.කේ ආරියතිලක, කේෂරලාල් ගුණසේකර, රුවන් රණතුංග සහ කීර්ති උඩවත්ත ඇතුළු 13 දෙනෙකි. ඒ අනුව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ බඩුත් හාමුදුරුවන්ගේය. නඩුත් හාමුදුරුවන්ගේය වැනි වැඩකි. නෛතික ශ්‍රිලනිප තුළද දැන් විවිධ කණ්ඩායම්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අහුංගල්ල හෝටලයේ පෙරේදා පැවැත්වූ රහස් සාකච්ඡාවට එස්.බී ඇතුළු කිහිපදෙනෙක්ම හැලීගොස් ඇත.

රටේ යහපත සඳහා වූ දර්ශනයක් මත සංවිධානයක් අවශ්‍යය. එම දර්ශනය වෙනුවෙන් අයෝමය කැපකිරීමක් සිදුකිරීමට සූදානම් පිරිසක් රටේ තවමත් සිටින බව නොරහසකි. රටේ ඉදිරියේදී මතුවන අභියෝගවලට මුහුණදිය හැක්කේ එවැනි බලවේගයක් දර්ශනයක් මත එක්වී හදන නව දේශපාලන ජාතික ව්‍යාපාරයක් මගින් පමණි. ප්‍රථමයෙන් එන්නේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ගේ තාලයේ 1982 ලාම්පු කළගෙඩි සෙල්ලමක් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් බව පැහැදිලිය. එයට එක්සත්ව, එක්සිත්ව මුහුණදීම වර්තමානයේ ඇති ප්‍රබලතම අභියෝගය වේ. බදුලු දිස්ත්‍රික්කයෙන් පැන නැගි රට පුරා හමා යන බලවේගයට එම අභියෝගය ජයගත හැකිය. ජයගත යුතුය. ඒකාබද්ධ විපක්ෂයද තමන්ටම කියා මෙසේ නව ජාතික දේශපාලන බලවේගයක් නිර්මාණය කරගනිමින් රටට නායකත්වය නොදෙන්නේනම් ඔවුනටද ඇත්තේ විකල්ප දෙකකි. එකක් එජාපයට එක්වීමය. අනෙක ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එක්වී ඇමතිකමක් ගෙන ලබන මැතිවරණයෙන් විශ්‍රාමයෑමය.

ගොඩනැගෙන සහ ගොඩනැගෙමින් පවත්නා නව ජාතික බලවේගය පිළිබඳව ඇතැම් ‘පඩිවරුන්’ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළද විජේ ඩයස්ගේ කම්කරු මාවතේ සිට ටී. අන්ද්‍රානිගේ ස්පාට්සිස්ට් ලිග් ට්රොස්කිවාදී කණ්ඩායම දක්වා මෙවැනි කණ්ඩායම් සහ කල්ලි රැසකි. ඒවා බොහෝමයක් වර්තමානයේ හුදු නාමපුවරු පමණි. මෙම යථාර්ථය තේරුම්ගත යුතුය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් රාවුෆ් හකීම්ලාද, පලනි දිගම්බරම්ලාද, රිෂාඩ් බදුරුදීන්ලාද, පාඨලී චම්පිකලාද, රාජිත සේනාරත්නලාද, අර්ජුන සහ නාවින්නලා වැන්නෝද අවශ්‍ය වේලාවට ලඟට ගත්තේය. දේශපාලනය යනු දාම් ක්‍රීඩාවකි. එහිදී ටික් බෝල ගසා පලක් නැත. දේශපාලනයේදී පටු වේදිකා සැදීමට නොහැක. එහි සියළු දෙනාමගේම ප්‍රධාන අරමුණ එක වූවද එකම මතයක සිටිය යුතු බවට තීරණය කල නොහැක. කුමන්ත්‍රණවලට පමණක් නොව පොකුරු දේශපාලන බෝම්බවලටද මුහුණදිය යුුතුය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරම්භක යුගයේදී සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන්ගේ සියළුම නොගැලපීම් ගලපාගෙන ආණ්ඩුව පවත්වාගෙන ආවේය. ඉකුත් ජනාධිපතිවරණයේදී වැරදුන තැන රටට රහසක් නොවේ. එය නිවැරදිව අවබෝධ කරගෙන නව ජාතික බලවේගයක් ලෙස මුහුණදුන් විට ගොඩය.

‘යහපාලන’ ආණ්ඩුවට ඔවුන් පිටතට පෙන්වන තරමේ ශක්තියක් නැත. එසේ තිබුණේනම් මෙලහකට එක්ටා ගිවිසුම අත්සන් කරලාය. පෙඩරල් ව්‍යවස්ථාවද සම්මත කරලාය. සංඝ පනත ගෙනවිත් හිමිවරුන්ට නීති පනවලාය. යෝජිත මර්ධන පනත් සියල්ල කඩිමුඩිසේ සම්මත කරගෙනය. මාලඹේ වෙද සිසු කඩය හෙවත් සයිටම් එකට නීත්‍යානුකූල අවසර දීලාය. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පුටුවේ තවමත් වැඩය. ආණ්ඩුව හැම පැත්තෙන්ම හිරවී ඇත්තේ ශ්‍රිලනිප මහජන පාර්ශවය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ සකලවිධ බලවේගයන් යෝධ පවුරක් සේ නැගී සිටින නිසාය. තම පණ දෙවැනි කොට රට වෙනුවෙන් පෙළ ගැසෙන ලක්ෂ සංඛ්‍යාතික පිරිසක් සිටින නිසාය. මේ සඳහා ගොඩනැගෙන නව ජාතික බලවේගය එකම යදමින් බැදී තව තවත් ශක්තිමත්වීම වැදගත්ය. සියල්ලටම වඩා දෙමළ බෙදුම්වාදීන්ගෙන් සහ කුමන්ත්‍රණකරුවන් ගෙන් මහින්ද රාජපක්ෂ රැකගැනීමද වැදගත්ය.

ආණ්ඩුවක් ලබාගැනීමට වඩා ආණ්ඩුවක් නිසිලෙස ක්‍රමවත්ව කාර්යක්ෂමව පවත්වා ගැනීම අසීරුය. සංවර්ධනය සහ ආර්ථික සැලසුම් පිළිබඳව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇති හැකියාව සහ ‘යහපාලන’ ආණ්ඩුවේ නොහැකියාවේ වෙනස දැන් අවබෝධවී ඇත. නව බලවේගය සිදුකරනුයේ මහින්ද රාජපක්ෂ සාධකය ජයග්‍රහණය කරමින් රට දිනවීම සඳහා මාවත සකස් කිරීමය. ආර්ථිකය ශක්තිමත් කරමින් සහ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමෙන් සංවර්ධනයේ අරුණළු ගෙන යා හැක්කේද පුළුල් දැක්මත් සහිත නව ජාතික ව්‍යාපාරයකට පමණක් බව පැහැදිලිය. රටේ ජනතාව අදටද භුක්ති විදින්නේ රාජපක්ෂ ආණ්ඩුව මගින් සිදුකල සංවර්ධන වැඩසටහන්හි ප්‍රතිඵලය. ‘යහපාලන’ ආණ්ඩුව වර්තමානයේ විවෘත කරන්නේද එදා මුළුමනින්ම වාගේ සදා නිමකල සංවර්ධන කටයුතුය. කැලණියේ රංවල පාලමටද දැන් රංවල දෙවියන්ගේම පිහිටය.

‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව මතුවන මෙම විරෝධතාවය සමනය කිරීමට හදනුයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ ආණ්ඩුවේ උපදේශකයෙකුවන අසාද් සාලි අතර ආණ්ඩුවේ මාධ්‍ය මගින් තව රඟපෑමක් එළි දැක්වීමෙනි. එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පංච මහා බලවේගය වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුය. එහෙත් ඇල්ලේ ගුණාවංශ හිමියන් පවසන පරිදි අදවන විට ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ පංච මහා බලවේගය වී ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, රොස්මීඩ් පෙදෙස සහ ඩෝඩ් පෙදෙසය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත් කෙරිණි. ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳව ප්‍රශ්නක් නැති වුවද කුමාරස්වාමිගේ අතීත ක්‍රියාකලාපය සහ රට හමුවේ ඇති අවදානම අනුව සැබෑ සිවිල් ක්‍රියාකාරින් නව මහ බැංකු අධිපතිගේ ක්‍රියා කලාපයන් ගැන සුපරික්ෂාවෙන් සිටිය යුතුය. ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයා වන ඔහු විනිමය වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකාවේදී වසර 11ක් සිර දඬුවම් නියමවූ රාජ් රාජරත්නම්ගේ සමාගමක් වන ‘ගැලයන්’ සමාගමේ හිටපු උපදේශකවරයෙකි. සියල්ලටත් වඩා ඉන්දීය එක්ටා ගිවිසුම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙකි.

ගිලටීනයට හසුවූ අලුත්ම රාජ්‍ය සේවකයා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඬල්ලගේය. කෙලින් කථා කිරීම නිසා ඔහු තැපැල් සහ මුස්ලීම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මාරුකර යවා ඇත. මේවා පිටුපස සිටින්නේ රාජ්‍ය සේවයේ කොන්ද බිදින එන්.ජී.ඕ සංවිධානයන්ය. ලේකම් දඬල්ලගේ කියන්නේ තමා ඉදිරිපත්කර ඇති අභියාචනය රජය විසින් පිළි නොගතහොත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන බවකි. රාජ්‍ය යන්ත්‍රණයට අවශ්‍ය මෙවැනි කශේරුකාවක් ඇති මිනිසුන් බව රාජ්‍ය නිලධාරින්ගේ මතය වී තිබේ. ජීවිතය යනු විවිධාකාර වූ පරිච්ඡේදයනගෙන් සමන්විත වූ පොතක් වැනිය. එම පොතෙහි එක් අදුරු පරිඡේදයක් යනු මුලු පොතෙහිම අවසානය නොවන බව ඔහු සිහිතබාගත යුතුය.

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කළුතර තෙවරප්පෙරුම ගැනනම් කියලා වැඩක් නැත. ඔහු කරන වැඩවලට කැලණියේ ආචාර්යාත් කැළේය. සියදිවි නසාගන්නට ගොස් අන්තිමට කළුතර මීගහතැන්න පාසැලේ විදුහල්පතිවරයාද බිය වද්දමින් බලහත්කාරයෙන් ඇතුල්කල දරුවන්ගේ දෙමාපියන්ද අමාරුවේ දමා හත්පොලේ ගා ගත්තේය. දරුවෙක් පාසැලකට දාගන්නට තරම් ‘යහපාලන’ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් දරණ පුද්ගලයෙකුට විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමට තැත්කිරීමට සිදුවූයේනම් එරට වැසියන් ගැන කවර කථාද? ඒ වැඩේදී නම් නීතිය ෆුල් මාර්වලස්ය. අං තිබුණ පළියට හැමතැනටම අනින්න ගියහොත් අවසානයේ සිදුවන්නේ කොට්ටෝරුවා කෙසෙල් ගසට ඇන්නා වාගේ වැඩකි.

‘යහපාලන’ ආණ්ඩුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවූ සැමට දැන් හත් දින්නත් තරුය. රාජ්‍ය නාට්‍ය උළෙලට කඩා වැදෙන ඔවුහු රාජ්‍ය මෙතරම් පීචංද මචං කියා ලියූ බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන වේදිකාවේ සීරුවෙන් සිටිති. කඳුළු සලති. මෙයට හේතුව කලින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණු කලා මණ්ඩලය යහපාලන ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ වීමෙන් ප්‍රතිපාදන කැපීයාමය. ආණ්ඩුවේ එම මුග්ධත්වයට එරෙහිව හඬ නඟන පිරිස් මේ කරන්නේද රඟපෑමකි. උදේට විරෝධය දක්වන ඔවුහු සැන්දෑ යාමයේ රජගෙදර උපදේශකයන්ය. එදා රාජ්‍ය නාට්‍ය උළෙල උසස් තැනක වැඩි සැලකිල්ලකින් පැවැත්වූ අතර දැන් අහසින් පොළවට වැටී නන්නත්තාරය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබදව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ එක් ප්‍රමුඛ යෝජනාවක් වන්නේ ලංකාව අන්‍යාගමික රාජ්‍යයක් විය යුතු බවය. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ තිබෙන ප්‍රශ්න විසදීමට මිස නව ප්‍රශ්න ඇති කිරීමට නොවේ. සංහිදියාව ඇතිකිරීමට යැයි ගෙනෙන මෙම යෝජනා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. ජාතිකත්වය හා ආගමිකත්වය යනු කිසියම් මානව සමාජයකට ඇති හැඟිම්ය. පොදු සිතුවිලිය. ජාතිකත්වය මහ පොළොවද සමඟ බැදුන මානවයාගේ සමූහික ස්වරූපයකි. තමා බැඳුනු මහ පොළොව හෝ පරිසර පද්ධතිය තුළ සිය අනන්‍යතාවය මිනිසා අපේක්ෂා කරයි. තමන්ගේම වූ මහ පොළොවක් - නිෂ්පාදන රටාවක් හිමිකර ගන්නට ජාතික අනන්‍යතාවය හට ගනි. ආගමිකත්වය සමාජීය ස්වරූපයක්ද උසුලයි. එමෙන්ම මිනිසාගේ ලෝක දැක්මද තීන්දු කරයි. එය දේශපාලනයටද බලපායි. ජාතිකත්වය මෙන්ම ආගමිකත්වය මානව ජීවයේ නොමැරිය හැකි සමාජ සාධකයන්ය. ව්‍යවස්ථා මරඋගුල ඉදිරියේදී ජාතියේ අවමඟුල වනු ඇත.

රට වටා සරසවිවල සිසු උද්ඝෝෂණයන්ට විසදුම් නැත. විවිධ සරසවිවල සිසුනට එකම සැලකිමය. ඒ මර්ධනයෙනි. පොලිස් ප්‍රහාරය. සිරගත කිරීම්ය. නඩු පැවරීම්ය. බදගිරිය, මීතොටමුල්ල, අම්පාර ඇතුළු උද්ඝෝෂණයන් රැසකට පහරදීම්ය. තැනෙක නීතියේ සාධාරණත්වය ඉල්ලා මැර ප්‍රහාරයන්ට එරෙහිව කොලොන්නාව සහ හෝමාගම ප්‍රාලේ කොට්ඨාශවලට අයත් ග්‍රාමසේවක වරුන්ද ඉකුත්දා කොලොන්නාවේදී උද්ඝෝෂණයක යෙදුනේය.

ගෙදර යන ගමන් ගන්න යනවානම් එලවළු ගිනි ගණන්ය. කාලා හමාරය. කොමිසන් දමා ඇති නිසා සිවිල් සමාජයේ ප්‍රශ්න වාෂ්පවී ගොසිනි. බොහෝ පොරොන්දු චේතිය රජුගේ පොරොන්දු වගේය. රාජ්‍ය නිලධාරින්ට වාහන බලපත්‍ර දෙනවා කීවද, වැට් බද්ද වෙනස් කරනවා බව කීවද මේ කිසිවෙකට චක්‍රලේඛන නිකුත් කිරීමක් නැත. ඉදිරියට තව තව බදු ගසනු ඇත. බස් ගාස්තුවද හෙට අනිද්දා වැඩිවූවද පුදුම නොමැත. දේශීය ව්‍යාපාරයන් බිඳවට්ටන වැට් බදු සංශෝධනයන් හකුලා ගන්නා ලෙස ඉල්ලමින් රටපුරා ව්‍යාපාරිකයෝ ලබන සිකුරාදා ජුලි 15 හර්තාලයක්ද කැඳවා ඇත.

සාධාරණ සමාජයක් උදෙසා යන ගමනේදී පුංචි ඡන්දය කල් දැම්මේ ගානට මිම්මටය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද නෝ කථාය. මෝ සිනාය. ගමේ පුංචි ආණ්ඩුවේ බලය දැන් ඇත්තේ ඡන්දදායකයින්ට නොව ආණ්ඩුවේ නිලධාරින්වූ පළාත් පාලන කොමසාරිස්වරුන්ටය. මේ සියළු කරුණු කාරණා මැද ඒකාබද්ධ විපක්ෂය ජනසටන පාදයාත්‍රාවට ගෙන ඒමට සැරසෙනවාය. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com Like us on facebook :
https://www.facebook.com/yuthukama

පැරදුනාට අවුලක් නෑ

කතෘ:යුතුකම     7/08/2016   1 comment
-වෛද්‍ය වසන්ත දේවසිරි

(2016 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය එක පිට එක ලැබූ පරාජයන්ගෙන් ගහන අසාර්ථක එකක් විය. ඒ පිළිබඳව ම සිත නැඟුනු හැඟීම් සැක සංකා මෙසේ කවියට නැඟීමට උත්සාහ කළෙමි.)

කෙළින කෙළින පන්දු කෙළිය ඔය හැටි පැරදෙනු කෙලෙසද
හීතල මස නහර විදින අත පය දරදඩු කළේද
මව්බිම ගැන සැක සංකා හිත තුළ හොල්මන් කළේද
දෑ අබිමන සිඳගත් රට දිනවල මොකටද හිතුනද

රට කරවන යහ ගුණ සරි උතුමන් හද සසල වීද
විරසක වී සුදු මහතුන් රටට වින කරයි කීවද
පැරදී විරසක වූවොත් සත් ගුණවත් සුද්දන් හද
ජී එස් පී සහනෙ පවා නොලැබී යාවිය කීවද

තණ පිටියේ පරදවලා සුද්දන් ජයගනු කෙලෙසක
පය පාමුල වැඳ වැටිලා අනුකම්පා යදිනු මිසක
ඉඳල හිටල සුදු මහතෙක් පිටට හෙමින් තට්ටු කරල
වෙල් ඩන් කීවොත් වටිනව සක්විති රජ කමට වැඩිය

2016 ඇසළ මස 3 වැනි දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions