6/06/2015

හැදූ දරුව‍ා දමා මාරු නොවනු

කතෘ:යුතුකම     6/06/2015   No comments
යහපාලන දරුවා ලංකාවට ජාතක වුයේ ජනවාරි 9 ‍වැනි දාය.මේ දරැවා ජාතක කිරීමට බුරැතු පිටින් පියවරැ සැදී පැහැදී සිටියහ. හෙළ උරුමය,ජ වි පෙ,සොභිත හිමියන්ගේ සාධාරණ සමාජක්,රතන හමියන්ගේ පිවිතුරු හෙටක්,පුරවැසි බලය ආදි වු නා නා ප්‍රකාර පියවරැන් රනිල්ව පියෙක් කිරීම සදහා තමන්ගේ සර්වාංගයේම හයි හක්තිය භාවිතා කළේය. ඒ වන විටත් 29 වතාවක් අප්පෙක් වීමට උත්සහා කළ රනිල් වඳ පියෙක් බව ලංකාවම දැන සිටියේය. මේ වඳ පියාව නාමිකව හෝ පියෙක් කිරීමටත් යහපාලන දරැවා හැදීමටත් මේ සියල්ලෝ එක ගේ කෑමට එක පයින් කැමති වූහ.බිත්තර ආප්පයක් කා පැත්ත පෙරලුණු සිරිසේන නෝනා එක ගේ කෑමට මේ අප්පලාගේ ගුබ්බෑයමට කිසිදු විළි ළැජ්ජාක් නොමැතිව කැන්දන් ආවේය.

කපක් මුලුල්ලේ පවුල් කෑවද මොවුන් අතින් වැරදිලාවත් ළ‍මයෙක් හැදීම සිදු නොවන බව දැන සිටි එංගලන්ත ඇමරිකන් ඉන්දියන් හොර වෙද්දු මේ හත්තිලව් ටිකට ඉන්ජෙක්ෂන් ටිකක් විද දැම්මේය. ඒවාට පින්සිදු වන්නට කන්දක් විලි ලා මී පැටියෙක් තරම් වු යහපාලන බබෙක් අන්තිමේදී වදා ගත්තේය. මේකා දින 100 යන විට යෝධයෙකු වන බව මේ හොර වෙදුන් පොළොවේ පස් කමින් ලංකාවටම කියා සිටියහ. ළමයාගේ අප්පලා බුරැත්තද අම්මාද සිටියේ මහා මේරුවටද ඉහළිනි.

දින සියක් තියා සතියක් දෙකක් යන විටම යහපාලන ඇච්චා අංගවිකල රෝගියෙකු බව මේකා දියසේන කුමාරයා වන බවට පරසක්වල ගැසූ උන්ටද පෙන්නට විය. ළමයා දමා මුලින්ම මාරු වුයේ මේ වාචාලයෝ ටිකය. මේ සිවිල් සමාජ වාචාලයෝ දැන් හන්දි කඩ පිල් ගානේ වවුල් කටවල් වී ඇත. ඉන් පසු අප්පලා එකා දෙන්නාද තමන් වැදූ එකාගේම දෝස කියමින් ළමයා දමා මාරු වීමට වුහ. අද වන විට ජවිපෙ අප්පලා මේ අබ්බගාතයාට නොබනිනා බැනුම් නැත.හෙළ උරුම අප්පාද ළමයාගෙන් ජාතකයෙන් අත පිසදා ගැනීමට මාන බලමින් සිටී. සාධාරණ සමාජයද පිවිතුරු හෙටක් අප්පලාද නැවත සිල් අරගෙනය.වැරම වැරදිලාවත් අඩුම තරමෙන් පොඩි එකා දණ ගෑවා නම් හෝ මේ අප්පලා වැසිකිලි යන්නේද මූව කර තියාගෙනය.

අද රටටම බරක් වී ඇති ලෙඩ කොලුවා වඳ පියාගේද මොන්ගල් ‍අම්මාගේද ඇගේ ගසා මාරු වීමට මේ හොර අප්පලාට ඉඩ නොදිය යුතුය. එක ගේ කෑ සියලු දෙනා මේ පාපයට සියල්ලෝම එකට කරගැසිය යුතුය. එළඹෙන ජන්දයෙන් තොලොන්චි වී යන තුරැවත් මේ අප්පලාගේ පාපය රටටම මතක තිබිය යුතුය. නැතිනම් තව දුරටත් රටට හෙණයක් වූ අබ්බගාතයින් මොවුන් විසින් වදනු ඇත.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/05/2015

එජාපයට බලය දීම රටට විනදායකය

කතෘ:යුතුකම     6/05/2015   1 comment
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කෙරුනේ ව්‍යවස්ථාවට අනුකූලව නොවේ. ඔහු පත් කෙරුනේ අගමැති කෙනෙකු සිටියදීය. රනිල් වික්‍රමසිංහ ඒ තනතුරට පත්කිරීමේදී හිටපු අගමැති දි. මු. ජයරත්න ව්‍යවස්ථානුකූලව ඒ තනතුරින් ඉවත් කෙරුනේ නැත. අගමැති කෙනෙකු සිටියදී නව අගමැති කෙනෙකු පත් කල හැකි බවවත් එසේ පත් කිරීමේදී හිටපු අගමැති ගේ තනතුර අහෝසි වෙන බවවත් ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. ඒ නිසා රටේ නීතියට අනුව රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැති නොවේ. ඇරත් පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිමි එජාපයේ නායකයෙකුට බහුතරයක කැමැත්ත ලැබේයැයි නිගමණය කිරීමට නව ජනාධිපතිතුමා භාවිතා කල විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? අද අගමැතිට ගෙන එන විශ්වාසභංග යෝජනාවෙන් පෙනී යායුත්තේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති බවත් නොතිබුනු බවත් නොවේද? මැතිවරණ පොරොන්දු රටේ නීතිය නොවේ. කෙසේ හෝ වේවා අද මෙරට රජ්ජුරුවෝ රනිල් වික්‍රමසිංහය. රජකම ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන රනිල්ගේ දොරටු පාලයාය.

සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කර සිංහල බෞද්ධ විරෝධී රනිල් වික්‍රමසිංහ රජ කමට පත් කිරීම සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල එකම අභිප්‍රාය විය.

සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් සාමූහිකත්වය පමණක් පදනම් කරගෙන දේශපාලන තීරණ නොගනිති. ඔවුහු තම ස්වාධීිනත්වයද අගය කරති. නමුත් සිංහලයෝ දේශපාලනයේ විවිධ සිද්ධි තුල පොදු බවක් උකහා ගැනීමට අපොහසත් වෙති. අවාසනාවකට ඒ හේතුව නිසා සිංහලුන් ලෙහෙසියෙන් රවටන්ට හැකිය. යහපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කථා මැවුනේ විශේෂයෙන්ම සිංහලුන් රැවටීමටය. සුළු ජනයා අතරට ඒ කථා ගෙන ගියේවත් නැත.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට නීතියානුකූලව අගමැති වීමට අවස්ථාවක් ඇත. මෛත්‍රීපාල සිරිසේනට පැවරී ඇති කාර්යය කෙසේ හෝ රනිල් අගමැති කරවීමය. සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල පැතුම එයය. ඔවුන් ඒ සඳහා ධනය සහ බලය යොදවනු ඇත. රනිල් රාජිත සහ මෛත්‍රීපාල යන තිදෙනා ජනාධිපතිවරණයට වසරකට පමණ කාලයකට ඉහතදී ඇමෙරිකාවේ නමගිය විශ්ව විද්‍යාලයකට ගෙන්වා ගැනුනේ කුමකටද යන්න සිතා ගැනීමට අපහසු නැත. දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් තම පක්‍ෂයේ පරාජය සඳහා නායකත්වය දුන් පක්‍ෂ නායකයෙකුගෙන් එරට ප්‍රධානතම විශ්ව විද්‍යාලයකට ඉගෙනීමට යමක් තිබුනායැයි නොසිතිය යුතුය.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධී බලවේගවල අවසන් ඉලක්කය රනිල්ට රජකම දීමද?

එය කෙසේවත් විය නොහැකිය. රනිල් බටහිරට දාසකම් කරන බව ඇත්ත; නමුත් ඔවුන්ට රනිල් වැනි තාවකාලික දාසයෙක් ගෙන් ඵලක් නැත. රනිල්ට ඔවුන්ගේ ඇති සුහද කමක්ද නැත. (අවාසනාවකට ඇතැම් සිංහල දේශපාලඥයින් එසේ සිතන්නේ නැත. සුදු තානාපතිවරයෙක් තමන් සමඟ ආප්ප වැලඳුවොත් පසුදින මුලු රටම සුද්දාට ලියා දීමට තරම් සුද්දා කෙරෙහි ලෙන්ගතු කමක් ඔවුන් සිතෙහි ඇතිකර ගන්නා බව අප දැන ගන්නේ පසුදා ඔවුන් මාධ්‍ය හමුවේ කියන උජාරු කථාවලින්ය)

රනිල් ගෙන් මතුවටද සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කෙරන දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් සිංහල බෞද්ධ විරෝධී බලවේගවලට අවශ්‍යය. ඒ වැඩපිළිවෙල වෙනකක් නොව උතුරු නැඟෙනහිර පළාත්වල බටහිර සහ ඉංදියාව මත යැපෙන රාජ්‍යයක් පිහිටුවීමය. එය වෙනම රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙන්නේද නැත්නම් වෙනයම් නමකින් හැඳින්වෙන්නේද යන්න ඒ වනවිට සිංහලුන් ගිලීමට සැරසී සිටින ගුලි මත රඳා පවතිනු ඇත.

රනිල් පත්වූ විගසම ඇරඹෙන වැඩ පිලිවෙල වනු ඇත්තේ රට දෙකඩ කිරීමය. රට බෙදීම සඳහා අද මෙරට දේශපාලනයේ සිටින සුදුසුම පුද්ගලයා රනිල්ය. ඇස් පිය ගසන වේගයෙන් එය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කටයුතු කරනු ඇත. සිංහලුන්ට හැකි වන්නේ වෙනදේ බලා සිටීමට පමණි. අවශ්‍යනම් සිංහල බෞද්ධ තරුණයින් ප්‍රචන්ඩත්වයට යොමු කර මර්ධනය වෙත කැඳවාගෙන යාමට අනුර කුමාර සහ චම්පක රණවක වැන්නන් යොදාගැනෙනු ඇත. සුපුරුදු පරිදි සිංහල බෞද්ධ තරුණයින් මර්ධනය කෙරීම බටලන්දේ රනිල් විසින් ඉටු කරනු ඇත. ඊනියා පුරවැසි සංවිධාන ලවා මූණ ඉච්ඡාවට මානව හිමිකම් කොමිසමට පෙත්සම්ද යැවෙනු ඇත. කොයි හැටි වෙතත් අවසාන ඉලක්කය වනුයේ රට බෙදීමය. රනිල් වික්‍රමසිංහ අගමැති කෙරෙන්නේ ඒ සඳහා සහ ඒ සඳහා පමණි.


 -වංශපුර දේවගේ ජානක 
මගේ රට

බොදු බල සේනාවට තවත් රැවටෙමුද

කතෘ:යුතුකම     6/05/2015   3 comments
ලංකාවේ දේශපාලනයේ ගාමක බලවේගය සිංහලයන්ය. එසේ කීම ජාතිවාදයක් නොව ඇත්ත ඇති සැටියෙන් පැවසීමක්ය. සිංහලයන්ගෙන් අතිමහත් බහුතරය සිංහල බෞද්ධයෝ වෙත්. මොවුන් එක මතයක සිටින තාක් මෙරට දේශපාලනයට අත පොවන්නට කිසිම බලවේගයකට නොහැක. 2006-2010 යුගය ඊට හොඳම නිදසුනයි. සිංහල බෞද්ධයන් කොටස් වලට නොකඩා එජාපය ප්‍රමුඛ විපක්ෂ කන්ඩායම් වලට මහින්දව ඉවත් කල නොහැකි තත්වයක් පහුගිය කාලයේ පැවතුනි. ආචාර්ය නිර්මාල් රංජිත් වැන්නවුන් පැහැදිළිව පැවසූයේ පවතින සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ මධුසමය අවසන් කල යුතුව ඇති බවයි. ඔවුන් එය කලේ කෙසේද?

මම දකින විදිහට බොදු බල සේනාව මෙහි තීරණාත්මක කොටසක් ඉටු කලා. යුද්ධයෙන් පසුව රටේ ක්‍රමයෙන් ගොඩ නැගුනු මුස්ලිම් අන්තවාදය දඩමීමා කොට ගෙන පැවති රජයටද මුස්ලිම් ජනයාටද ඔවුන් දෙපැත්තකින් පහර එල්ල කලා. එජාපයට ලැදි එහෙත් නිසි නායකත්වයක් නැතිව අතරමං වූ බෞද්ධ තරුණයක් බොබසේ වට පහසුවෙන් ආකර්ෂණය වුනා. මොහොමඩ් මහින්ද ලෙස මතයක් බෞද්ධ සමාජයට ඇතුළු කරන්න ඔවුන් සමත් වුනා. ඒනිසාම හෙළ උරුමට පක්ෂපාති සිංහල තරුණයන් පවා මහින්දට වෛර කරන්න පටන් ගත්තා. අනිත් පැත්තට බොබසේ සුළුජාතින්ට දිගින් දිගටම පහර ගහන නිසා සියලුම මුස්ලිම් ජනයා හා අනෙක් සුළු ආගමිකයන්ද රජයෙන් ඈත් වුනා. අවසානයේදී මුස්ලිම් ඡන්දත් සිංහල බෞද්ධ තරුණ ඡන්දත් යන දෙකම මහින්දගෙන් ගලවන්න බොබසේ ට හැකිවුනා. මෙහිදි හෙළ උරුමයද මුල සිටම මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් වූ බව පැහැදිළියි. විශේෂයෙන්ම රාජිතගේ හඩ පටයේ "ඔය ගොල්ලන් කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් " කියන කොටස කාට කාටත් මතක ඇති.

වඩාත්ම පුදුම සහගත වැඩේ වන්නේ අන්තවාදින් යැයි චෝදනා ලද මුස්ලිම් ජනයාද ඔවුන්ට චෝදනා කල බෞද්ධ පිරිස්ද මහින්දට විරුද්ධව එකට එක්වී ඡන්දය භාවිතා කිරීමයි.
දැන් මොකද වෙන්නේ?

විශේෂයෙන්ම හෙළ උරුමය පසුපස යමින් මෛත්‍රි හා එක් වූවන් තමන් මහත් රැවටීමකට ලක්වූ බව අද වෙන කොට තේරුම් අරන් තියනවා. කවුරුත් නොහිතපු ආකාරයේ ජන රැල්ලක් මහින්ද වටා එකතු වෙලා තියනවා. මෛත්‍රීට ලැබුනු ඡන්ද මහමැතිවරණයකදී එජාප, ජවිපෙ, දෙමළ සන්ධාන, මුස්ලිම් පක්ෂ, නිදහස් පක්ෂය යන්නට බෙදි වෙන් වන විට මහින්ද වටේ ගොනුවෙමින් පවතින සිංහල බෞද්ධ ඡන්ද රනිල්ට ප්‍රබල අභියෝගයක් කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි.

මේ නිසා නැවතත් මහින්ද වටා ඉන්න සිංහල බෞද්ධ ඡන්ද කොටස් වලට කැඩිය යුතු වෙනවා. ඒ සඳහාද භාවිතා කරන්නේ බොබසේ හා හෙළ උරුමයයි. මොවුන් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ මහින්දට එතරම් කැමැත්තක් නැති හැබැයි ඊට වඩා රනිල්ට අකමැති සිංහල පිරිස් සියල්ලම වගේ මොවුන්ට ඡන්දය දේවි. ඌරන් කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල් සේ මින් අන්තිමට ජය ගන්නේ රනිල් ප්‍රමුඛ බලවේගයි.
කෙනෙක්ට කියන්න පුළුවන් බොබසේ එහෙම කුමන්ත්‍රණ කරන්නේ නෑ කියලා. නමුත් ඔවුන් කරන්නේ එයමයි. ඝෝඨාභයව අල්ලස් කොමිසමට ගෙනියන්න එපා කියලා මහින්ද හිතවාදින් උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඒකට බොබසේ ආරාධනා නැතුවම ආවා. ආවේ නිකම් නෙමෙයි කොළ තැඹිලි තීරු නැති සිංහ කොඩි අරගෙන. එතන හිටපු අය ඒක ඒ වෙලාවේ වැනුවා. අන්තිමට අන්තර්ජාලය , සමාජ ජාලා  හරහා පහර වැදුනේ මහින්දගේ පිරිසට මිසක් බොබසේනාවට නෙමෙයි. බොබසේ නිසා හැම විටම පහර වැදුනේ මහින්ද පිළට. ඒ නිසා ඉදිරි මැතිවරණයකදී කල්පනා කාරීවීමට තරුණ ඔබ සතුව ලොකු වගකීමක් තියනවා. රැල්ල යන අතට කතිරය ගැසිම නොව හොඳට හිතලා තීරණයක් ගන්න.

-සනත් මාපලගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

රට අවුල් කරන මෛත්‍රිපාල

කතෘ:යුතුකම     6/05/2015   No comments
අද මෙරට අරාජික ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම තවත් පමා කිරීමට නො හැකි ය. ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් පසු එසේ කළ යුතුව තිබිණි යැයි මම නො කියමි. එදිනට පසුදින කළ යුතුව තිබුණේ දි මු ජයරත්න අගමැති ලෙසත් අනෙක් ඇමතිවරුන් ඒ ඒ තනතුරුවලත් කටයුතු කරද්දී මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යෑම ය. අවශ්‍ය නම් ඇමති මණ්ඩලය වෙනස් කර සංධානයේ තවත් මන්ත්‍රීන් එකතුකර හෝ අඩුකර හෝ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුව තිබිණි.

ජනවාරි 8 වැනි දා ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපති වෙනස්කිරීමට මිස සංධාන ආණ්ඩුව වෙනස්කිරීමට නො වේ. ජනතාව අගමැති වෙනස් කිරීමට ඡන්දය නොදුන්හ. ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල තමන් ජනාධිපති වුවහොත් රනිල් විධායක අගමැති ධුරයට පත්කරන බව කීවේ ය. එහෙත් එය ඉටුකළ හැකි පොරොන්දුවක් නො වී ය. අදත් ව්‍යවස්ථාව අනුව මෙරට විධායක අගමැතිවරයකු නැත. නැති විධායක අගමැති තනතුරකට රනිල් නොව කිසිවකු පත්කිරීමට නො හැකි ය. අද වන විට ජනාධිපති සතුව තිබූ සොච්චම් බලතල ස්වල්පයක් අගමැතිට පවරා දී ඇති බව සැබෑ ය. එහෙත් සෝභිත හිමියන්ට අවශ්‍ය ප්‍රමාණයට තැටිය රත් වී නො තිබිණි.

තැටිය රත්කිරීමට ගිනි පිම්බෝ ජාතික ව්‍යාපාරයේ කලක් සෝභිත හිමියන් සමග වැඩ කළ අය නො වූහ. රනිල් ප්‍රමුඛ එ ජා ප, දෙමළ ජාතික සංධානය, අවස්ථාවාදී චම්පක, සුදු කොඩි කතාව කියා ඊනියා යුද්ධාපරාධ කතාව ආරම්භ කළ වෙල් විදානේ, කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය කිහිප දෙනකු ආදීන් ගිනි පිම්බේ රටට ගින්දර දීමට පමණ ය. සෝභිත හිමියන්ට කොත්තු රොටියක් වළඳා පින් අනුමෝදන් කිරීමට සිදුවිය.

රනිල් කිසි විටෙකත් විධායක අගමැති ධුරයට නොව අගමැති ධුරයටවත් නීත්‍යානුකූල ව පත් නො කෙරෙිණි. ඒසේ කිරීමට නම් මෛත්‍රිපාල තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහා ම කළ යුතුව තිබුණේ දි මු අගමැති ධුරයෙන් අස්කිරීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. අස්කිරීමේ ලිපිය අත්සන් කර ලිපිගොනුවකට දැම්මේ යැයි කියන කතාව අපි නො පිළිගනිමු. පසුව එවැනි ලිපියක් සකස්කර දි මු ජයරත්නට යවන්න ඇත. එහෙත් රනිල් අගමැති ධුරයෙහි දිවුරුම් දෙන විටත් දි මු මෙරට අගමැති ය.

එසේ පික්පොකට් අගමැති ධුරයට පත්කෙරුණු රනිල් අද මෛත්‍රිපාල සමග විරසකයක පසුවෙයි. ඒ පාරලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. මේ පිලිබඳ අපි කාලය වෙබ් අඩවියෙහි කිහිප වරක් සාකච්ඡා කෙළෙමු. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද කතාවෙන්නේ විස්ස හා විශ්වාසභංගය දඩමීමන් කරගනිමිනි. විස්ස සම්මත කර ගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අස්කරගත යුතු යැයි රනිල් පක්‍ෂ නායක රැස්වීමක දී කියා ඇත. ශ්‍රි ල නි පක්‍ෂය හා සංධානය (මෛත්‍රිපාල කණ්ඩායම හා අුශුද්ධ සන්ධානය නොව) විශ්වාසභංග යෝජනා (එකක් නොව කිහිපයක් ඇත) විස්සට පෙර ම විවාදයට ගැනීමට කටයුතු කළ යුතු ය. ඒ යෝජනා සම්මත කරගත් විගස ඔවුන් මෛත්‍රිපාලට අගමැතිකම නොලැබීමේ පළිය රටෙන් නොගෙන සංධානයේ අගමැති කෙනකු පත්කිරීමට බළ කළ යුතු ය. ඉන්පසු විස්ස සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රට අවුල් කරන මෛත්‍රිපාලට කිව යුතු ය. මේවා කිරීම කියන තරම් පහසු නොවන බවත් විවිධ කල්ලි ක්‍රියාත්මක වන බවත් අපි දනිමු. එහෙත් සංධානයට පැහැදිලි වැඩ පිළිවෙළක් තිබිය යුතු ය.

සංධානය පිළිවෙළක් ඇතිව වැඩකරන බවක් හෝ රනිල් මෛත්‍රිපාල අශුද්ධ හවුලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියා පිළිවෙළකට අවතීර්ණ වන බවක් හෝ නො පෙනෙයි. අර්ජුන මහේන්ද්‍රන් සිද්ධියේ දී ද ඒ බව පෙනී ගියෙ ය. අර්ජුන් මහේන්ද්‍රන් අඩුම තරමෙන් ද්විත්ව පුරවැසියකුවත් නො වේ. ඔහු ලංකාවේ පුරවැසියකු යැයි රනිල් පාර්ලිමේන්තුවේ දී බොරු කීවේ ය. මහේන්ද්‍රන් මෙරට පුරවැසියකුව සිටින්නට ඇත. (රනිල්ට සිංහල බැරි නිසා වචන පැටලිමක් සිදුවිණි දැයි නො දනිමු) එහෙත් ඔහු අද ලංකාවේ පුරවැසියකු නො වේ. ගෝඨාභය ආරක්‍ෂක ලේකම් වන විට ඇමරිකන් පුරවැසියකු විය. එහෙත් ඔහු සතියක් ඇතුළත ලංකාවේ පුරවැසිකම ලබාගත්තේ ය. අර්ජුන් මහේන්ද්‍රන්ට එසේ කළ නොහැක්කේ ඇයි? එවිට ඔහුගේ සිංගප්පුරු පුරවැසිකම අහෝසි වන බැවින් ද? අද සංධානය කළ යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ට සතියක් තුළ මෙරට පුරවැසිකම ලබාගැනීමට බල කිරීම ය. එසේ නොකළහොත් ඔහු අස්කිරීම සඳහා දැඩි උද්ඝෝෂණයක් ආරම්භ කිරීම ය.

සංධානය ආරක්‍ෂකවාදී ප්‍රතිපත්තියෙන් ඈත් වී ප්‍රහාරාත්මක වැඩ පිළිවෙළකට සේන්දු විය යුතු ය. බටලන්ද, වෝටර්ස් එජ්, ප්රාජිත නැව් ගැලීම, රවි කරුණානායකගේ මගඩි, සිරිසේනලාගේ පමණක් නොව චම්පකලාගේ ද වැඩකිඩ, වෙල්විදානේලාගේ පාවාදීම් ආදිය ගැන දැඩි ප්‍රහාරයක් ඇරඹීය යුතු ය. මෛත්‍රිපාලට තව දුරටත් රට අවුල් කිරීමට ඉඩ දිය නො හැකි ය.

නලින් ද සිල්වා
කාලය
2006 ජූනි 04

6/04/2015

බොරුව මත ගොඩනැගූ දින 100 යහපාලන සිහින මන්දිරය

කතෘ:යුතුකම     6/04/2015   2 comments
මේ කතාව මා මුල් වරට සදහන් කරන්නේ අද ය.පසුගිය ජනවාරි 09වැනි දා මම මේ රටේ එක්තර‍ා සුවිශේෂ පුද්ගලයකුට කතා කළෙමි.ජනවාරි 09වැනි දා යනු, ජනාධිපතිවරණයට පසු දිනයයි. කවුරුත් විවිධ අදහස් දක්වමින්, රටේ හෙට දවසත්, දේශපාලනයේ අනාගතයත් පිළිබද මත පළ කරන්නට පටන් ගත් දිනයයි.
මා විසින් දුරකථනයෙන් අමතනු ලැබූ පුද්ගලයා ‍ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥයෙකි. ඒවා ඉදිකිරීම්, වනජීවී, පශ්චාත් යුද සංවර්ධන, කාබනික ගොවිතැන ආදිය ය.උක්ත ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වන ඔහු සමග මම ඉතා සමීප ව කටයුතු කර ඇත්තෙමි. රටේ තත්ත්වය පිළිබද ප්‍රායෝගික දැනීමක් තිබෙන ඔහු ගෙන් මා විමසා සිටියේ 2015 පශ්චාත් ජනාධිපතිවරණ යුගය පිළිබද අදහස ය.
මේ ඔහු එක්වර කී දේ ය.
'අලුත් ආණ්ඩුවට කරදර කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව මාස 6ක් වැඩ කරන්න දෙන්න ඕන.'
'මොකටද?' මම ඇසුවෙමි.
'මොකටද නෙවෙයි, අනිවාර්යයෙන් අර්බුදයට යනවා.'
එසේ කියූ ඔහු ඊට හේතු ඉදිරිපත් ක‍ළේ ය. ඔහු කී ප්‍රධාන හේතුවක් වූයේ, නොගැලපෙන කණ්ඩායම් සහ පුද්ගලයන් රාශියක් එක් මතයකට ගොනු කිරීමට තිබෙන අපහසුතාව ය.දැන් ඔහු පැවසූ කාල වකවානුව ආසන්න වෙමින් තිබේ. ආණ්ඩුව ද අර්බුදයේ ය. එදා ඔහු අදහස් දක්වන අතරේ තවත් දේ කීවේ ය.
'ඔය පාඨලී කියන තරම් අඩු ගණන්වලට, අධිවේගී මාර්ග හදන්න බැහැ. ලෝකයේ මේ වගේ වැඩ කරද්දි කොයි රටේත් මුදල් ගසාකෑමක් සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් පාඨලී කියන තරම් සල්ලි ගහලා ඔය අධිවේගී මාර්ග හදන්න බැහැ.'
එසේ කියූ ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
'වල ගොඩැලි නැති සාමාන්‍ය තැනිතලා පාරක, ගල්දාලා කි.මී.1ක් කාපට් කරන්න කොච්චර විතර යනවා කියලද හිතන්නේ?'
'ලක්ෂ 20ක් විතර' මම සාමාන්‍ය අනුමාන ගණනක් කීවෙමි.
'එ් ගාණට පුඵවන් ගල් විතරක් අතුරන්න. කාපට් දාන්න හිතන්නවත් බැහැ.'
'සාමාන්‍ය පාරක, කි‍.මී.1ක ගල් අතුරලා කාපට් දාන්න මිලියන 70-140 අතර වෙනස් වෙන ගණනක් වියදම් වෙනවා.'
'ඔය අධිවේගී මාර්ග හදලා තියෙන්නේ, තව අවුරුදු 50කට එහා ගැන හිතලා. ෆයිල් බස්සලා තියෙන්නේ ලයින් 6කට. හරියට තට්ටු 3කට ලෝන් එකක් දාලා, ෆයිල් බස්සලා තනි තට්ටුවේ ගෙදරක් හදලා වගේ. උඩින් පේන්නෙ තනි තට්ටුවයි. තට්ටු 3 තියෙන්නේ පොළොවේ යට. පොළොවෙන් උඩ විතරක් බලලා, කෝ තට්ටු 3 කිව්වට වැඩක් නෑ.'
දැන් ඔහු පැවසූ ඒ කතාවත් ඇත්ත වී තිබේ.
කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ ම‍ාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය. සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම 'ඌන සැලසුම්' (under design) පදනම මත සිදු කිරීම ය.
'ඌන සැලසුම්' යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය. ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව ‍කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.
මා, මේ අදහස් පළ කිරීම මේ තාක් ප්‍රමාද කළේ, කොයි දේටත් කාලයක් තිබෙන හෙයිනි.
අනෙක් අත‍ට, එක් ආණ්ඩුවක් මෝඩකම් කළ පළියට ඊළගට පත් වන ආණ්ඩුවත් ඒ ආකාරයේම මෝඩකම් කළ යුතුයයි, න්‍යායක් නොමැති බව පැවසීමට ය‍.ආණ්ඩුව, රජය, පවුල, ජනතාව යනු ‍වෙන් වෙන් වශයෙන් සැලකිය යුතු පාලන ඒකක බව කාටත් අවබෝධ විය යුතු ය. කවර දේ සිදු වුව ද, අවසානයේදී ආණ්ඩුවක් සහ රාජ්‍යයක් තිබිය යුතු ය. පසුගිය ආණ්ඩුව වැරැදි කර ඇතැයි පවසමින් 'රාජ්‍යය බිද වැට්ටවීම' යනු, පට්ට මී හරකුන් ගේ වැඩක් මිස, රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ කාර්යභාරය ‍නොවේ.
(ඉහත නම් සදහන් කර තිබෙන විශේෂඥයා ගේ නම සදහන් නො කරන ලද්දේ, එය අවශ්‍ය නැතැයි මා සිතන නිසා ය. ඔහු FB අවකාශයේ ද සිටින්නෙකි.)

[කාටූනය :ජනරල]

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


මෛත්‍රී ගේ උවමනාව කුමක්ද ?

කතෘ:යුතුකම     6/04/2015   No comments
ශ්‍රීලනිපය තුළ ක්‍රියාත්මක මෛත්‍රීගේ කෘර හස්තය අද එම පක්‍ෂයේ ප්‍රධාන මාධ්‍ය සාකච්ඡාව දක්වා ම ඇවිත් තිබුණා. තිලංග සුමතිපාල විසින් ශ්‍රිලනිප මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පක්‍ෂයේ මහලේකම් හෝ ජාතික සංවිධායක යන කිසිවෙකුගේ හෝ අනුමැතියකින් තොර ව මෛත්‍රීගේ මුහුණ සහිත ව මුදුණය කළ පොත් පිංචක් අද පක්‍ෂ මාධ්‍ය සාකච්ඡාවේ දී බෙදලා.මෙම පොතට අනුව, මහින්ද රාජපක්‍ෂ ව දැනෙන්නට හැරල තිබෙන්නේ ශ්‍රිලනිපයේ ප්‍රතිවාදියා ලෙස. දැන් එන පොට පැහැදිළියි. මේ කරන්නේ සපුරා එජාපයේ කොන්ත්‍රාත්තුවට පක්‍ෂය භේද භින්න කිරීම. අපට මේ මොහොතේ රටත් ශ්‍රිලනිපය ඇතුළු ජාතිකවාදී පක්‍ෂත් ආරක්‍ෂා කර ගැනීමේ බැරෑරුම් වගකීම තිබෙනවා.
‍‍මෛත්‍රීට දැන් අන් කිසිවක් අවශ්‍ය නැහැ. ඔහු නිතර කියන කතාවක් තමයි මහින්ද රාජපක්‍ෂ දිනුවේ නම් තමා දැන් පස් යට කියන කාරණය. ඔහු මේ නම් නොකර චෝදනා කරන්නේ මහින්දට ඡන්දය දුන් ජනතාවට. ඒ කියන්නේ ශ්‍රිලනිපයට ඡන්දය භාවිතා කළ ලක්‍ෂ 58 පිළිබද ඔහු ඉන්නේ ‍තරහකින්. ඔහු ව පස් යටට යවන්න ඡන්දෙ දුන් අය හැටියටයි ඔහුට මේ අය ව පේන්නේ.
ඉහත පසුබිම තුළ මෛත්‍රී විසින් ශ්‍රිලනිපය දිනවන්න කිසි දිනක අවංක ව වැඩ කරයි කියල හිතන්න බැහැ. එහෙත් ඔහු දන්නවා එජාපයට තියෙන්නේ තාමත් ඡන්ද ලක්‍ෂ 25 කියල. මේ නිසයි ඔහුට අවශ්‍ය වන්නේ ශ්‍රිලනිපයේ නායකත්වය යොදා ගනිමින් තමන්ගේ ම පක්‍ෂය කෑලිවලට කඩන්න. තමන් පස් යටට නොයවා රැකගත්ත එජාපය රකින විනාශකාරී මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වන්නේ. ශ්‍රිලනිප මන්ත්‍රීවරු ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන තමන් ඉන්නේ මොනවගේ තැනක ද කියල. තමන්ගේ බෙල්ල මිරිකගෙන ඉන්න කෙනා කවුද කියල කියව ගන්න මේතරම් අමාරු වෙන්න විදියක් නෑ. තෝර ගන්න ! ජනතාව එක්ක ඉන්නව ද එහෙම නැතිනම් තමා පරාජය කිරීමට වෙනත් පක්‍ෂයකට ගිය වත්මන් ශ්‍රිලනිප නායකයා එක්ක ඉන්ව ද කියල. ශ්‍රිලනිප නායකයින් මෙය හැකි ඉක්මනින් පැහැදිළි කරගෙන ක්‍රියා නොකළහොත් හැමෝම ඩීන්ස් පාරට ගිහිං සියදිවි නසාගන්න එක හොදයි.

අදාළ මාධ්‍ය හමුවේ විස්තර හිටු රූපවාහිනිය වාර්තා කළ අයුරු

-මහින්ද පතිරණ-

අජිත් රෝහණ ප්‍රංශයට ගියේ ඇයි?

කතෘ:යුතුකම     6/04/2015   No comments
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිඥ) අජිත් රෝහණ මහතා ප්‍රංශයට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ. එම මාධ්‍ය වාර්තා වලට අනුව ඒ මහතා මෙරටින් පිටව ගොස් ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මගින් ප්‍රංශයේ ලියොන් නුවර පැවැත්වෙන වාර්ගික සංහාර, යුධ අපරාධ සහ මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ පස් දින ජාත්‍යන්තර පාඨාමාලාව (Five Day International Course on Genocide, War Crimes and Crimes against Humanity) හැදෑරීම පිණිස ය. අජිත් රෝහණ මහතා වැනි පොලිස් නිළධාරියෙකුට පමණක් නොව මෙරට ඕනෑම රජයේ සේවකයෙකුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීම අප රටට ඉතා වැදගත් බව කෙනෙකු ප්‍රකාශ් කරනු ඇත. එහෙත්, වාර්ගික සංහාර සහ යුධ අපරාධ ආදිය ගැන වැඩිදුර ඉගෙන ගැනීම මෙරට පොලිස් නිළධාරියෙකුට මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ද යන්න අපි ප්‍රශ්න කළ යුතු වෙමු.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහභාගි වන පාඨමාලාව අප රටට කෙසේ වැදගත් වේ ද? ඒ මහතා අදාළ පාඨමාලාව මගින් ලබා ගන්නා දැනුම අප රටට කවර ආකාරයේ සේවයක් ඉටු කරනු ඇති ද? එම දැනුම මගින් පිළියම් යෙදීමට මෙරට වාර්ගික සංහාරයක් හෝ යුධ අපරාධයක් හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු වී ඇති ද? නැතහොත් අනාගතයේ එවැනි අපරාධයක් මෙරට සිදුවනු වැලැක්වීම ද ඒ මහතා එම පාඨමාලාව හැදෑරීමේ අරමුණ? අප මෙසේ නඟන ප්‍රශ්න "කොරහේ කිඹුල්ලු දැකීමක්" ලෙස සිතන ඇතැමෙකු පවසනු ඇත්තේ මෙම පාඨමාලාව හරහා අජිත් රෝහණ මහතා ලබා ගන්නා දැනුම, පසුගිය සමයේ ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ ඡෝදනා වලට පිළිතුරු ලබා දීමටත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් පැවැත්වීමටත් යොදා ගත හැකි බව ය.

මාධ්‍ය ඔස්සේ වාර්තා වුනු ආකාරයට උක්ත පාඨමාලාව සඳහා රටවල් 190කින් අයදුම් පත් ලැබී තිබුණ ද, ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ රටවල් 30ක පොලිස් නිළධාරීන්ට පමණි. මෙම රටවල් 30 අතරට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට "වාසනාව" උදා වී ඇත. එසේ නම් මෙම රටවල් 30 තෝරා ගැනීමේ ක්‍රමවේදය කුමක් වන්නට ඇති ද? ජනාධිපති තුමා සහ අගමැති තුමා වරින් වර කියා ඇති පරිදි මේරට සිදු වූයේ යැ යි කියන යුධ අපරාධ ගැන දේශීය පරීක්ෂණයක් පැවැත්වීම උදෙසා දක්වන සහායක් ලෙස ජාත්‍යන්තර පොලීසිය විසින් මෙම අවස්ථාව අප රටට ලබා දෙනු ලැබුවේ ද?

ඊනියා මානව හිමිකම් යුධ අපරාධ ආදිය බටහිර රටවල් විසින් තමන්ට රිසි පරිදි යොදා ගැනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඊනියා ජාත්‍යන්තර සංවිධාන යනු එම අරමුණු වෙනුවෙන් අප වැනි රටවල් බැඳ තබා ගැනීමට පිහිටුවා ගත් ඇටවුම් වෙයි. ලංකා හමුදාව විසින් සිදු කරන ලදැ යි කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කතා බහට ලක් වුව ද, ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් හෝ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට එල්ල කළ ප්‍රහාර හෝ එ තුළ සාකච්ඡා නොකෙරෙයි. සාකච්ඡා කිරීමට යමෙක් උත්හාහ ගත්ත ද "ජාත්‍යන්තර චන්ඩි පාට්" භාවිතයෙන් එය ව්‍යයර්ත කෙරෙයි.

එක් පිරිසක් තම ආධිපත්‍යය පවත්වා ගැනීම පිණිස ම යොදා ගන්නා මේ ආකාරයේ ඒක පාර්ශවික නීති ඔස්සේ දේශීය වේවා, ජාත්‍යන්තර වේවා කවර ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වුව ද එමගින් අප රටට සෙතක් සිදු වේ යැ යි සිතිය නොහැක. මේ නිසා ම අජිත් රෝහණ මහතා තම සංචාරට තුළින් ලබා ගත් දැනුම ඉදිරියේ දී කෙසේ භාවිත කරන්නේ දැ යි අපි විමසිලිමත්ව බලා සිටිමු.


-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

බොදු බල සේනාවට ඉඩ නොදෙමු

කතෘ:යුතුකම     6/04/2015   No comments
බොදු බල සේනාව නැවතත් වැඩ අරඹා ඇත.ඒ මල්වතු,අස්ගිරි මහානායක හමිවරැන්ටද අනෙකුත් අටමස්ථාන සොළොස්මස්ථාන හිමිවරැන්ටද බැන වදිමිනි.ඒ අතරතුරම සිංහලයන්ට නායකයෙකු නැති බැවින් තමන් එළඹෙන මැතිවරණයේදී ඒ සදහා ඉදිරිපත් වන බවද කියා සිටියේය.ඒ කෙසේ හෝ බොදු බලසේනාව නැවත වරක් මේ සිදු කිරීමට යන්නේ සිංහල බෞද්ධයන්ගේ බලය කෑලි කඩා නැති කර දැමීමටය.බොදු බලයේ පළමු ව්‍යාපෘතිය වුයේ මහින්දට තිබුණු මුස්ලිම් ඡන්ද ටික නැති කර දැමීමය.ඒ හරහා අවසානයේ සිදුවුයේ මහින්ද හරහා සිංහල බෞද්ධයන්ට තිබු අවසාන දේශපාලන බලයත් නැත්තටම නැති විමය.ලංකාව තුල දරැණු මුස්ලිම් ව්‍යාප්තවාදයක් පවතී.ඒ පිලිබද කතා දෙකක් නොමැත එසේ තිබියදීත් සිංහල බෞද්ධ ජාතිකතවයේ ප්‍රධානත්වය පිලිගත් තරමක හෝ මුස්ලිම්වරැන් සිටියහ.මහින්දට සිටියේ ඒ අය ය.බොදු බලයේ ඊනියා මුස්ලිම් විරෝධයෙන් ඉතිරිව සිටී සහනශීලි මුස්ලිම් ජාතිකයන්ද අන්ත මුස්ලිම් ජාතීවාදීන් බවට පත් කලේය.බොදු බලයට වැඩ කල බහුතරය කුජිත වී ගිය යු ඇන් පී කාරයන්ය.බොදු බලය අද පුස්සක් බවට පත් වී ඇති අතර මුස්ලිම් ජාතිවාදය තව තවත් ශක්තිමත් වී ඇත්තේ ඒ නිසාය.

අද නැවතත් සිංහල බෞද්ධයන්ගේ දේශපාලන බලය ගමේ පන්සල වටා ඒක රාශී වී ඇත.මහින්ද පන්සල් යෑම බොහෝ අයට දිරවා ගත නොහැකි වී ඇත්තේ ඒ නිසාවෙනි.ඩොයිලිගේ වචන වලින් “කහ කඩය” තිබෙන තුරැ මේ රට අල්ලා ගැනීමට නොහැකි යි කීවාක් මෙන් අද සිටින සිංහල බෞද්ධ විරෝධීන්ගේද අරමුණ සිංහල බෞද්ධයන්ගේ බලය ගමේ පන්සලෙන් ඈත් කර තැබීමය. මහා නායක හිමිවරැන්ටද මහින්දටද බැන වදිමින් බොදු බලය මේ සිදු කිරීමට යන්නේ සිංහල බෞද්ධයන්ගේ දේශපාලන බලයත් ගමේ පන්සලත් එකට කටයුතු කීරීම වැලැක්වීමටය.ඒවාහි බලයන් තමන් අතට ගෙන බෞද්ධ විරෝධීන් අතට පාවා දිමටය.බොදු බලය මේ සදහා කුමන්ත්‍රණ කරනවායැයි නොකිය යුතුය.කුමන්ත්‍රණ බාහිරට නොපෙනුද දැන හෝ නොදැන කරන බොදු බලයේ මේ වැඩ අසා දැක ගත හැකි ඔවුන්ගේ භාවිතය තුලින් ස්ථිර කර ගත හැක.

-තාරක ගල්පාය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions