4/06/2015

සැබෑ ලාංකේය මුස්ලිම් සලකුණ: මොහොමඩ් මුසාම්මිල්

කතෘ:යුතුකම     4/06/2015   1 comment
ජාතිකවාදය යනු කිසියම් ජනවර්ගයක්, ආගමක්, භාෂාවක් පදනම් කරගත් මතවාදයක් නොවේ. එය ඉන් එහා ගිය පුළුල් සංකල්පයකි. සිංහල ජාතිකවාදය නැතහොත් ලාංකේය ජාතිකවාදය නිර්මාණය වන්නේ වාර්ගික අනන්‍යතාවලට එහා ගිය ශක්තිමත් මතවාදීමය පදනමක් මත ය.

මේ රට එක්සේසත් නැතහොත් ඒකීය රටක් ලෙස පිළිගැනීම, රටේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීම සහ ඒ මහා සංස්කෘතිය සෙවණේ සෙසු සංස්කෘතීන්හි සහජීවන පැවැත්ම පිළිගැනීම ඔස්සේ ඕනෑ ම පුද්ගලයෙකුට ජාතිකවාදියෙකු විය හැකි ය. ඊට සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනවර්ගවලට අයත් වීම ප්‍රශ්නයක් නොවේ. ඊට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමට අයත් වීම ගැටලුවක් නොවේ.

එස්. එල්. ගුණසේකරට හෝ සිරිල් එඬේරමුල්ලට ඔවුන්ගේ කතෝලික ආගම ජාතිකවාදීන් වීමට බාධාවක් වූයේ නැත. බෙදුම්වාදයට එරෙහි වමට ලක්ෂ්මන් කදිරගාමර්ට සිය ජන වර්ගය හෝ ආගම බාධාවක් වූයේ නැත. නිදහස් සටනට පණ පෙවීමට සිකීම් මහින්ද හිමිට සිය ජන වර්ගය බාධාවක් වූයේ නැත. මොහොමඩ් මූසාම්මිල්ට සිය ජන වර්ගය හෝ ආගම ජාතිකවාදයෙකු වීමට බාධාවක් වී නොමැත. ඔහු නිය ම ලාංකේය නැතහොත් සිංහල මුස්ලිම්වරයෙකි. ඔහුගේ සිංහල භාෂා භාවිතයේ හැකියාව ඇතැම් සිංහල ගොත ගහන සිංහලයින්ට ආදර්ශයක් විය යුතු ය.

එහෙයින් වැරදීමකින් මුසල්මානුවකු වූ යන යෙදුම වැරදි සහ භයානක අරුත් සම්පාදනය කරයි. එය වර්ගවාදී හෝ ජාතිවාදී ඔලුවකින් එළියට පැමිණි අදහසකි. එකල කොටි ත්‍රස්තවාදීන් ලක්ෂ්මන් කදිරගාමර් ද දෙමළ නමක් ගත් සිංහලයෙකු යැයි කදිරගාමර් හැඳින්වූයේ මේ වර්ගවාදී පදනම මහතා පිහිටා ය. අනෙක් අතට වික්‍රමබාහු කරුණාරත්න, නිර්මාල් රංජිත් දේවසිරි, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ, ඩිලාන් පෙරේරා ආදි ජාතිකවාදයට එරෙහි වන්නන්ට සිය ජන වර්ගය සිංහල වීම ඒ සඳහා කිසිදු බාධාවක් බවට පත්ව නැත.


මේ අනුව ජාතිකවාදය යනු ජාතිවාදය හෝ වර්ගවාදය නොවන බවත් අපට අවශ්‍ය වන්නේ සෙසු ජන වර්ගවලට හෝ ආගම්වලට අයත් පුද්ගලයින් බෞද්ධයින් හෝ සිංහලයින් බවට පත් කර ගැනීම නොවන බවත් තේරුම් ගැනීම වැදගත් ය. ජාතිකවාදට යනු සිංහලයින් මෙන් ම සෙසු සුළු ජන කොටස් සිය අනන්‍යතාව ආරක්ෂා වන පරිදි මහා සංස්කෘතිය යටතේ එකට ගොනු කර ගැනීම අරමුණු කරගත් මතවාදයකි. ජීවන ක්‍රමයකි. ඒ පිළිබඳ වැරදි අර්ථ කථන ලබා දීම නොකළ යුතු ය. මුහම්මඩ් මුසාම්මිල් ලා වැඩි වැඩියෙන් බිහි කර ගැනීම අද යුගයේ අවශ්‍යතාවකි. ජාතිකවාදයට අනුගත ඕනෑ ම ජන වර්ගයකට හෝ ආගමකට අයත් පුද්ගලයෙකුට මේ රටේ ඕනෑ ම දේශපාලන තනතුරක් දැරීමට කිසිඳු බාධාවක් නොමැත.


-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/05/2015

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමූ

කතෘ:යුතුකම     4/05/2015   No comments
රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විධායක බලතල හැකිතාක් තමා අතට ගැනීමට මිස විධායක බලතල අහෝසි කිරීම නො වේ. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු ජනතාව නොමග යැවීමට යොදාගන්නා සටන් පාඨයක් පමණ ය. වර්තමානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු පිටුපස සිංහල විරෝධී සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග ක්‍රියාත්මක වෙයි. විදේශ ඔත්තු සේවාවන් ද එම බලවේගවල කොටසක් වෙයි. 

ඉහත සඳහන් කියමන යම් ප්‍රමාණයකට සංශෝධනය විය යුතු ය. විජාතික බලවේග ඇත්තේ මෛත්‍රිපාල පිටුපස නො වේ. විජාතික බලවේගවලට අවශ්‍ය සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම ය. එය අවුරුදු සිය ගණනක් මුළුල්ලෙහි ක්‍රියාත්මක වෙයි. විජාතික බලවේගවල පරමාදර්ශය රනිල් වික්‍රමසිංහ ය. එහෙත් ඔහුට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඒ බලවේග දනියි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දී කරු ජයසූරිය ආදී විවිධ පුද්ගලයන් සලකා බලා අවසානයේ දී මෛත්‍රිපාලට එකඟ වූයේ ජයග්‍රහණය කිරීමට වඩාත් ම ශක්‍යතාවක් තිබුණේ ඔහුට බැවිනි.

එහි දී විජාතික බලවෙගවලට ජාතික හෙළ උරුමයේ නොමඳ සහාය ද ලැබිණි. ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය ලෙස සෑලකිය හැකි අශෝක අභයගුණවර්ධන පැරණි කොමියුනිස්ට් වාදියෙකි. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතකු විය. ජාතික හෙළ උරුමයවත් එහි පුරෝගාමී සංවිධානවත් කිසි දිනෙක අව්‍යාජව සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියේ නැත. විජාතික බලවේග සිංහලත්වයට විරුද්ධ බව ප්‍රසිද්ධියේ නො කීවේ ය. ඒ වෙනුවට ඔවුහු මහින්දගේ දුෂණය භීෂණය ආදිය ගැන කතාකර ඊනියා යහපාලනයක්, සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ල නි පක්‍ෂයේ නිමල් සිරිපාල, බැසිල් රා ජපක්‍ෂ,ඩලස් අලහප්පෙරුම ආදීහු ද ප්‍රධ්න ප්‍රශ්නය වූ සිංහලත්වයට හිමි තැන ලබා ගැනීම අමතක කළහ. ශ්‍රී ල නි ප මාධ්‍ය ප්‍රචාරය මෙහෙයවනු ලැබුයේ ඔවුන් විසිනි.

අප කිහිප විටක් සඳහන් කර ඇති හේතු නිසා මහින්ද පරාජයට පත්විය. එහෙත් දැන් නැවතත් ජාතිකත්වය මහින්ද සමග ඇත. එයින් කලබලයට පත් රාජිත වැන්නෝ ජාතිවාදීන් මහින්ද වටා එකතු වී ඇතැයි කියති. රාජිත සැමදාමත් සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. රාජිත අද ඇත්තේ රනිල් සමග ය. රනිල් කිසි දිනෙක තමාට ජනාධිපති වීමට නොහැකි බව දන්නා බැවින් අගමැති ධුරය පික් පොකට් ගසා විධායක බලතල අගමැති යටතට ගැනීමට සැරසෙයි. යම්කිසි අයුරකින් රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගැනීමට හැකි කමක් තිබිණි නම් ඔහු විධායක ජනාධිපති ධුරයෙහි බලතල කපා දැමීමට එකඟ වන්නේ ද?

19 වැනි සංශෝධනය මගින් එක් පැත්තකින් රනිල් විධායක බලතල අතට ගැනීමට සැරසෙන අතර තවත් පැත්තකින් මහින්ද බලයට ඒම වැළැක්වීමට උත්සාහ කරයි. ඒ සියල්ල සමග සිංහලත්වය දුර්වල කිරීම ද වෙයි. අද සංශෝධනයේ 33 වැනි වගන්තිය මගින් අර්ථනොදක්වන ලද ඊනියා සංහිඳියාව වැනි වචන යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරීමේ උත්සාහයක් වෙයි. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුයේ මේ කරුණු ඉටු කිරීම සඳහා ය.

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වය කුමක් කළ ද සංධානයේ සෙසු මන්තීවරුන්ට පාරලදමේන්තුවේ දී 19 වැනි සංශෝධනය පරාජය කළ හැකි ය. ඒ සඳහා කළ යුත්තේ සංශෝධනයට පක්‍ෂව තුනෙන් දෙකේ ඡන්දය ලැබීම වෑළ්ක්වීම ය.

නලින් ද සිල්වා
2015 අප්‍රේල් 04

මෛත්‍රී වේශයෙන් එන හෙළ උරුමයේ බද්ද වෛරය

කතෘ:යුතුකම     4/05/2015   1 comment
සිංහල බෞද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු ජාතික හෙළ උරුමය අද වැටී ඇති තත්ත්වය ඉතා කණගාටු දායකය. සුදු ඇඳගත් මේ මහත්තුරු නිතර බෞද්ධ උපහැරෙන ගෙන හැරපාමින් මීට කලකට ඉහත උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව කතිර බවට පත්කර ගැනුණේ සිංහල බෞද්ධයාට අහිමි වන උරුමය ආරක්ෂා කර දීමට සපථ කරමිනි. සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු බෞද්ධයන්  තුළ ඇතිවූ පහන් සංවේගය ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතියට මැනවින් කළමණාකරණය කොටගෙන තිබෙන බව බෞද්ධයාටම ප්‍රත්‍යක්ෂ වීමට දිගු කලක්  ගත විය. මෙය අද ඔවුන් කරන කියන දෑ  අනුව කැඩපතක් පැහැදිලිව පෙනෙන්නටම තිබේ. 

එදා ඔවුන් ගමන් ආරම්භ කළේ  හුදෙක් ධර්ම රාජ්‍යක්  කරා යන බව කියමිනි . සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු සිහළ  උරුමය හෙළ උරුමය බවට පත් වූයේ ඊට පෙර නොවූ බෞද්ධ මුහුණුවරක්ද සමගය. එක් එක් පක්ෂ සමග යහන්ගත වීමෙන් එකී අනන්‍යතාව ආරක්ෂා කර ගත නොහැකි යයි සිතූ උන්වහන්සේලා ශරීරයේ ඇතැම් අංගෝපාංග පවා මර්වින් සිල්වා ලවා මොලොක් කර ගත්හ. එහෙත් තව දුරටත් හෙළ උරුමයට සිංහලකම හා බෞද්ධ කම යනු සටන් පාඨ හෝ කතාකළ යුතු මාතෘකා නොවේ.ඔවුන්ගෙන් අද මනුෂ්‍යත්වය පවා ගිලිහෙමින් යන බව පෙනේ. මනුෂ්‍යත්වය සම්බන්ද කුමන අර්ථ කථනයකට වත් නොගැලපෙන මුග්ධ හැසිරීමක් පෙන්නුම් කලේ ගම්මම්පිලට එරෙහිව ණයට නොව අනුග්‍රහයක් ලෙස දුන් රුපියල් 100 ඉල්ලා අනුගාමිකයින් කිහිප දෙනෙක්  වීදි බැස්සවීමෙනි. මෙලෙස කීපදෙකෙක්  උසි ගන්වා දුන් දෙයක් ආපහු ඉල්ලා සිටීමෙන් ඔවුන් පෙන්නුම් කළේ බෞද්ධ මුහුණුවරින් ආ මේ පක්ෂය අද පත්ව ඇති චිරස්තීන ස්වභාවයයි. 

මන්නාරම මඩු දේවස්ථානයට පාප්වහන්සේ ගේ පැමිණීම හේතුකොට ගෙන ජනවාරි 13 දා දෙමළ කිතුනුවන් විසින් වව්‍න්නියා නගර සභා ක්‍රීඩාංගනයට පැමිණ ඊලාම් දේශයට පැමිණෙන පාප්වහන්සේ ගෞරවයෙන් පිළිගන්න බව සදහන් පෝස්ටර් ප්‍රදර්ශනය කළ බව 2015.01.14. දිවයින වාර්තා කළේය. එහි තේරුම ඔවුන් තවමත් ඊලාම් සිහිනය අතහැර නැති බවයි.

මේ වනවිට උතුරේ විදේශිකයන්ට සංචාරය කිරීමට පනවා තිබූ සීමාවද ඉවත් කර තිබේ.එසේ නොකළ යුතු යයි මින් අදහස් නොවේ. නමුත් LTTE සංවිධානය යුදමය වශයෙන් වූ පරාජය පිළිබද පුදුම රුදාවකින් සහ වේදනාවකින් පසුවන විදේශ කොටි හිතවාදීන් එසැනින්ම පැමිණෙන්නේ ඇයි? ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස් ඥානකොන් සහ මෙරටට එරෙහිව කිලිං ෆීල්ඩ් නමැති චිත්‍රපටිය නිපද වූ කැලම් මැක්රේ සමග විදේශ කොටි හිතවාදී ඩයස්පෝරාවේ සිව් දෙනෙකු ජනවාරි  12 වන දා හදිසියේම ලංකාවට සැපත් වී තිබේ.(බලන්න 2015.01.16.දිවයින 11 පිට) කැලම් මැක්රේ මේ චිත්‍රපටිය යුරෝපා රටවල ප්‍රදර්ශනය කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ ලංකාව මානව හිමිකම් කඩ කරනවා යනුවෙන් ගෝසා කළ  ලංකාව කෙරෙහි සදාතනික වෛරයකින් පෙළෙන්නෙකි. කැබතිගොල්ලෑවේ සිට බුත්තල බස් බෝම්බය දක්වා මෙන්ම, පතරොම් ඉතිරි කර ගැනීම පිණිස මන්නා අතට ගෙන ගම්මානවලට පැන බෙලි කැපූ සිංහල මිනිසුන්ගේ මානව හිමිකම් පිලිබඳ මේ මහත්තුරුන්ගේ විශ්ව සාධාරණ හද පපුව කකියන්නේ නැතිවීම අපට ඇති ගැටලුවයි. 

උතුරේ කඳුළු විමුක්ති කදුළු ලෙසත් දකුණේ කදුළු ජාතිවාදී කදුළු ලෙසත් අරුත් ගැන්වූ NGO, කාල් (1/4 ) මාක්ස් වාදීන් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පරවේණි ගත වෛරයකින් පෙළෙනන් සමගම අද  හෙළ උරුමයද ධර්ම රාජ්‍ය යේ ඉතිරි අඩ යාම සඳහා යහන් ගතවී සිටී. එනිසා පාට ලී, සහ රතන හිමියෝ ද දැන් කසාය බීපු ගොළුවන් සේ සිටිති. රටේ ඒකීය බාවයට වඩා විදුලි බල හා බලශක්ති ඇමතිකම ඔවුන්ට වැදගත් වී ඇති බව පෙනෙන්නට තිබේ. හෙළ උරුමය අමු ජාතිවාදී පක්ෂයක් ලෙස හණ ගසා ඉවත දැමු විකල්ප පුවත්පත් ඔස්සේම දැන් දැන්  පාඨලී මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරයි යනුවන් දක්වන කරුණු ඔස්සේ ඇමතිකමක් වෙනුවෙන් ඔවුන්ගේ මේ වෛරය මොන තරම් එකක්දැයි හදුනාගත හැකිය. ඔහුගෙන් විදුලිබල අමාත්‍යංශය උදුරා ගැනීම නිවැරදි යැයි අප නොකියමු.ඒ පිලිබඳ මීට පෙර ලියා ඇති අතර හිටපු ජනාධිපතිවරයාටද  ඒ පිලිබඳ ඊට වඩා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුව තිබුණු බව අප පිළිගනිමු . 

නමුත් ඔවුන් එම වාඩුව ගත්තේ මහින්ද රාජපක්ෂගෙන් පමණක් නොවේ මුළු රටෙනි. මේ පලිය වෙනුවෙන් යහපාලන සටන් පාඨය වටා පෙළ ගැසුනේ දේශපාලනය අතින් ඔවුන්ට හැම අතින්ම සතුරු බලවේග සමගිනි. යුධ ජයග්‍රහණයේ කොටසක් ඔවුන් අයිති කර ගැනීමට කතා කරන විට එදා මාවිල් ආරු යද්දී ජලයට යුද්ධ කර නොගන්නැයි ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් බණ කියා දුන් රනිල් වික්‍රමසිංහද ඒ වේදිකාවේ සිටියහ. තව විටක තොප්පිගල කැලයක් බවත් හමුදාව යන්නේ එම කැලය අල්ලා ගැනීමට යයි එදා අපහාස කළේය.අලිමංකඩ කියා පාමංකඩ යන්නේ යයි පාර්ලිමේන්තුවේ දීම පැවසුවේ සතොස මහ පොළවට ම සමතලා කර දැමු කම්බා හොරෙකි.අද යහපාලනයේ මුදල් අමතිද ඔහුයි. ඕන ගොනකුට යුද්ධ කල හැකි බව කිවේ ලක්ෂ්මන් කිරිඇල්ලයි.මේ සියලු දේ යහපාලන සළුවෙන් වසාගෙන යුධ ජයග්‍රහණයේ කොටසක් හෙළ උරුමයද  ඔවුන් සමග එක වේදිකාවක සිට ලැජ්ජාවකින් තොරව බෙදා ගත්තේය. 

නමුත් මේ වනවිට උතුරේ ස්වයං පාලන අයිතිය පිළිගන්නා බව ඉන්දියාවේ TDTV මාධ්‍ය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. TNA එක උතුරට ප්‍රාන්ත ස්වයං පාලනයක් අවශ්‍ය බව  කියති.උතුර නැගනහිර යළි එක්  කරන්නැයි ඉල්ලති. එදා චන්ද්‍රිකාගේ පැකේජට එරෙහිව මැරෙන තෙක් උපවාස කරමියි කියූ  හෙළ උරුමය අද ඒ ගැන අඳ ගොළු බිහිරි අබාධ වලින් පෙළෙයි . ඔවුන්ට තිබුනේ රාජපක්ෂ කෙරෙහි පුද්ගලික වෛරයක් විනා යහපාලනය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒ නිසාම ඔවුන් අද කෝකටත් තෛලය ලෙස වංචා දුෂණ ජතාවගේ බදු මුදල් ගැන පමණක් සැනකෙළිමය සංදර්ශන පෙන්නමින් මහ ජනයාගෙන් තොරතුරු ඉල්ලා කයිවාරු ගසමින් සිට ඒ අයට  ජාතික ආණ්ඩු කියා ගන්නා කෙමනේ අමාත්‍ය තනතුරු පිරිනැමූ පසු කටවසා ගත්හ. 

මුලදී ඔවුන් මේ සැණකෙළිමය සංදර්ශන පෑවේද  සැබෑ යහපාලන උවමනාවෙන් නොව විරුද්ධ වාදීන් මර්දනය කිරීමටය. ඔවුන්ගේ දුෂණ විරෝධී පෙරමුණද ස්ත්‍රී දුෂකයෝ පිරිසක් සමග කන්‍යාභාවය සොයා බැලීමට අසමාන නොවේ.සැබෑ යහපාලනය යනු විරුද්ධ පාක්ෂිකයාගෙන් පලිගැනීමට පමණක් කරන වටලෑම් කිහිපයකට සීමා වීමක් නොව තම පිලට පැමිණි සහ පැමිණෙමින් සිටින දුෂිතයන් සොරුන් මැරයන් මිනීමරුවන්ටත් දඩුවම් කිරීමයි. නමුත් කටුනායක ගේට්ටු වසා ඔවුන්ට රටින් පිටවීමට නොදෙන බව කිවේ තවදුර ඔවුන්ගෙන් සේවය ලබාගැනීමට බව දැන් ජනතාවට  පැහැදිලි වී හමාරය. 

රුපවාහිනී වැඩසටහන් වලට පැමිණ කෝටි ගණන් බදු මුදල් ගසා කෑවේ යැයි රාජපක්ෂ පවුලට පමණක් චෝදනා කරන අතුරලියේ රතන හිමියන්ද සිහි තබාගත යුතු කරුණක් තිබේ. එනම් කෝටි තුනකට වැඩි මුදලක් රාජගිරියේ තම අසපුව ගොඩ නැංවීමට හමුදා ශ්‍රමයට අමතරව ඔවුන් ලබාදී ඇති බවයි. මේ මුදල් පමණක් පිරිසිදු ධනය විය නොහැකිය. අර ගසා කෑවේ යයි කියන මුදල් මීටද මුසු වී තිබිය හැකිය. තමා මඩ නොගෑවුන පියුමක් නම් රාජපක්ෂලාගේ අර අධාර්මික ධනය වියදම් කොට හැදු තම අසපුවද වෙන්දෙසිකොට ඒ මුදල් ද මහජනයාට බෙදා දිය යුතුය. තම පපුතුරෙහි කකියන දේශමාමකත්වය වෛරය පිරිමසා ගැනීමක් නොවන බව ඒ තුළින් පෙන්විය යුතුය. 

අවසාන වශයෙන් කීමට ඇත්තේ යහපාලනය මුවාවෙන් පුද්ගලික වාඩු ඇල්ලීමට ගොස් මේ රට බෙදුම්වාදී අනතුරට හෙලු පාපයෙන් ඔබලාට ලේසියෙන් නිදහස් විය නොහැකි බවයි. සෝම හිමියන්ගේ අපවත් වීම පිලිබඳ  සොයා බැලීමට  පත්කළ කොමිසම ගැන නොතිබූ උනන්දුවක් අද උතුරේ අධිඅරක්ෂක කලාප ඉවත් කිරීමත්, ජාතික ගීය භාෂා දෙකක් කිරීමටත්  හෙළ උරුමයට තිබු උනන්දුව ගැන අප විශ්මයට පත්වන බවයි. 

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

කාල බෝම්බය පුපුරයි ද?

කතෘ:යුතුකම     4/05/2015   No comments
කාල බෝම්බයක වේලා කටුව සිය ගමනාන්තය දක්වා යුහු ව ගමන් කරමින් තිබේ. කෙනෙකු අනේක තර්ක දමා අන් ලෙස පෙන්වීමට උත්සාහ කළ ද මෛත්‍රීපාල මහතා ජනපති ලෙස පත් වූයේ සුළුතරයේ බහුතරයකින් හා බහුතරයේ සුළුතරයකින් ය. මෙම දේශපාලන විඤ්ඤානය දැන් ශ්‍රී ලංකාවේ ගම් නියං ගම් සිසාර ජන මනස්වල තිර ලෙස ස්ථාපිත ව තිබේ. සිංහලයා පමණක් නොව දමිළයා හා මුසල්මානුවා ද මෙය හොඳාකාරව දැනගෙන සිටිනවා මතු නොව මනා කොට උච්චාරණය ද කර තිබෙන මතයකි. ප්‍රතිඵලය වූයේ දිනෙන් දින බහුතරයේ බහුතරය තුළ වැඩෙන කර්කෂ අතෘප්තියකි.

මෛත්‍රීපාල ජනපතිවරයා ඉහත තත්වයට මුහුණ දුන්නේ ප්‍රශ්නය සමනය වන ලෙස නම් නොවේ. තමා බලයට පත් කිරීමට එරෙහි වූවන්ගේ පක්‍ෂය වන ශ්‍රිලනිපය ප්‍රාණ ඇපයට ගැනීමට ඔහු ඉක්මන් වීම අදූරදර්ශී දේශපාලන තීණ්දුවකි. එය ලක්‍ෂ 58ක ජනතාවකගේ සිතුම් පැතුම් බෝතලයකට දමා මූඩීය වැසීමක් බඳු විය. ශ්‍රිලනිපයා සිතුවේ දැන් තමාට ජයග්‍රහණය පමණක් නොව පක්‍ෂය ද අහිමි බව ය.යුද්ධයක් කරන අතර තුර ඔබගේ සේනාංකයේ අණදෙන නිලධාරී තනතුර සතුරු සේනාංකයේ අණ දෙන්නාට ලබා දීමේ අවස්ථාවක් ගැන සිතන්න. තත්වය එතරම් ම බැරෑරුම් ය. පරාජය වූයේ එසේ මෙසේ නායකයෙකු ද නොවේ. නිදහසින් පසු මෙරටට විශාලත ම මෙහෙය කළ තැනැත්තා ය. ත්‍රස්තවාදියා හමුවේ දණ නම්වා තිබූ රටක් නැගිට්ට වූ නායකයා ය.

ඉහත තත්වය වත්මන් රජය නොදන්නා තත්වයක් නොවේ. එහෙත් හැසිරෙන්නේ එසේ නොදන්නා පරිදි ය. මහින්ද රාජපක්‍ෂ පරාජය වූ දා සිට මේ දක්වා ලංකාවේ බහුතරය සංසි‍ෙඳෙන වචන පුළුටක් ජනපතිවරයාගෙන් පිට වූයේ නැත. එවන් පසුබිමක කරන හා ගන්නා බොහෝ තීරණයන්ගෙන් පෙනී යන්නේ බහුතරයේ හැඟීම් පාරවන උත්සාහයන් ය. රජයේ කොටස්කාර දමිළ හා මුස්ලිම් දේශපලකයින්ගේ ජාතිවාදී ප්‍රකාශ, (අසාද් සාලි, විග්නේශවරන්, ශ්‍රී ධරන්, ආනන්දි ශෂිදරන්) උතුරේ ආරක්‍ෂක තත්වය පිළිබඳ ආණ්ඩුව ගන්නා පියවර, ජාතික ගීය දමිළ බසින් ද ගැයීමේ තීරණය, 19 වැනි සංශෝධනය හරහා බහුතරයේ ඡන්ද බලයට වෙට්ටු දැමීම, ඍජු ඉන්දීය මැදිහත්වීම, මහින්ද හා ගෝඨාභයට කරන අපහාස, රටේ යුධ විරුවන් පිළිබඳ අභද්‍ර භික්‍ෂූන්ගේ මුග්ධ ප්‍රකාශ වැනි සියල්ල බෝතලය තුල සිර කොට සිටින අති විශාල ජනතාව වෙත කරන මිරිස් කුඩු ප්‍රහාරයන් ය. මේ සියල්ල සිදුවන්නේ රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ඇඟ කිළිපොලා යන අසුභ කතා ඇසෙන පසුබිමක ය. සැනසුම් මගක් ඇත්තේ ම නැත.

මෙම ජන කාල බෝම්බ පිපුරුම වැළකිය හැකි ය. මෛත්‍රීපාල ජනපතිවරයා මහින්ද සමග දේශපාලන සංහිඳියාවකට යෑමෙන් මෙහා ඊට විසඳුම් නැත. මහින්ද ශ්‍රිලපනිප අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීම එහි පළමු පියවරයි. එපමණකින් ම සමීකරණය විස‍‍ඳේ. එවිට පමණක් ම මෙරට සුළුතරයට ද බහුතරයට ද තමා මෙරට දේශපාලන බලය තුළ නියෝජනය වනවා පෙනෙනු ඇත. මේ යථාර්ථයට මුහුණ දීමේ කාලයයි.
-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/02/2015

වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්....

කතෘ:යුතුකම     4/02/2015   7 comments
මේ සටහන ලියන්නට සිත්වූයේ අන්තර් ජාලයේදී ඇස ගැටුනු අපූරු රචනාවක් නිසාය. රචනාව ලියා ඇත්තේ නදීකා බණ්ඩාර නැමැත්තියක් විසිනි. තමා නවකතා කාරියක හා නාට්‍යකාරියකද වන බව ඇය තම රචනාව තුළ අනියමින් අවධාරණය කරයි.

ලිපියේ සාරාංශය මෙසේය.

පසුගිය 26 වැනිදා පසන් කොඩිකාර මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නදීකා බියර් බීම සදහා බොරැල්ල ඊඒපී බාර් එකට ගොස් තිබේ. ඒ තනිව නොව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි, ප්‍රභාත් හේමන්ත, සාලිය ඉඳුරුවිතාන ආදී වූ තම ප්‍රබුද්ධ මිතුරන් පිරිසක්ද සමගිනි. අවන්හලේදී ඔවුන්ට ඉන්ද්‍රචාප ලියනගේ නැමති ගායනය නුහුරු ගායකයෙක් සහ වංගීස සුමනසේකර මුණගැසී තිබේ. ඉන්පසු නදීකලාගේ සුහද සංවාදය ගාලගෝට්ටියක් බවට පත්ව ඇති අතර මේ අවස්තාවේ වංගීස විසින් නදීකාව ලිංගික වශයෙන් පොළඹවා ගැනීමට බලවත් උත්සාහයක් දරා තිබේ. ඇයගේ සාමකාමී විරෝධය නොතකා ඔහු දිගින් දිගටම ඇය ස්පර්ශ කරමින් ඇයට කරදර කර ඇති අතර ඇය බාර් එකෙන් පිටවී පලා යන තුරුම වංගීස ඇය පසුපස හඹාවිත් තිබේ. සමනලී පොන්සේකාද මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වී ඇත.

නදීකා මේ සිදුවීම මුල් කර ගනිමින් වෙබ් අඩවියකට හිනා කා පණ යන ලිපියක් ලියා තිබේ. ඒ තුළ ඇය ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස සලකන මේ සංස්කෘතියට හා පසුගාමී ලාංකීය සමාජ අවකාශයට දරුණු ප්‍රහාරයක් එල්ල කරයි. නමුත් ඉල ඇදෙන කාරණය වන්නේ මෙය පසුගාමී සමාජ අවකාශය තුළ නොව බැරි හරුප බල් බල් ගාමින් විකල්ප දැනුම නිශ්පාදනය කරන බව කියන බෙහෙවින් ඉදිරිගාමී සමාජ අවකාශයක් තුළ සිදුවූ ලිංගික අතවරයක් වීමය. අතිශය පසුගාමී, ලිංගික කුහකත්වය ඉතිරෙන අප වැනි ගමේ බයියන් සහිත අවන්හලක මෙය සිදුවූයේ නම් ඉවසා සිටිය හැකිය. නමුත් මෙය සිදුවී ඇත්තේ ලංකාවේ සංස්කෘතික විමුක්තිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇති ඉදිරිගාමී, පශ්චාත් නූතනවාදී, පශ්චාත් මාක්ස්වාදී, ස්ත්‍රීවාදී, ප්‍රති සංස්කෘතික වීරයන් රොත්තක්ම සහභාගී වූ සාදයකදීය. පුම ඉතිරි ලිගු වෙනසක් නැති එවන් තැනක පවා මෙවැන්නක් සිදුව ඇත්තේ කෙසේද යන කාරණය දැන් ඔවුන්ට ලැකානියානු හෝ ජිජැකියානු අර්ථයෙන් නැවත කියවා ගත හැකි වනු ඇත. පසුගාමී සමාජ අවකාශය තුළද ලිංගික අතවර සිදුවුවත් මෙතරම් විගඩම්කාරී ලෙස ප්‍රසිද්ධ ස්ථානයක, තමන්ගේම මිතුරන් පිරිසක් මැද, සිදුවන අතවර විකල්ප ලෝකයටම මිස සාමාන්‍ය ලෝකයට එතරම් අදාල දෑ නොවේ.

නදීකා අවධාරණය කරන ආකාරයට ඇය තුන් තිස් පැයේ ලිංගික හිංසාවට ලක්වන ගැහැනියකි. රටේ සියලු පුරුෂයන් ලිගු ඔසවාගෙන බලා සිටින්නේ දුටු තැන නදීකාට අතවර කිරීම සදහාය. ඇය පාරේ යනවිට මෝටර් බයිසිකල් කාරයන් පවා ඇය පසුපස හඹාවිත් ඇගේ කලවයට පහර දෙති. නදීකා සැබවින්ම මේ ලියන්නේ මොනවා විය හැකිද?

තමන්ට අතවර සිදුවන බවට ප්‍රසිද්ධියේ අනවශ්‍ය ඝෝෂා නගන බොහෝ ගැහැනුන්ට ඇත්තේ වෙනත් මානසික ව්‍යාධියකි. නදීකාට එය එසේදැයි අප නොදනිමු. එක්කෝ නදීකා එම රෝගයෙන් පෙලෙනවා විය යුතුය. එසේ නැතහොත් මේවා ඇය ජීවත්වන ඉදිරිගාමී විකල්ප ලෝකය තුළින්ම ඇය අත්විදි සුවිශේෂී අත්දැකීම් විය යුතුය. ඒ මන්දයත් ඇය ජීවත් වන ඉදිරිගාමී විකල්ප ලෝකයට වඩා පසුගාමී ලාංකීය සමාජ අවකාශය කාන්තාවන්ට හිතකර තැනක් බව ඇගේ ලිපියෙන්ම මැනවින් ගම්‍යමාන වන බැවිනි. නදීකා වැනි වම්බටු ගෙඩියකට වඩා බෙහෙවින් ලිංගික ආකර්ශනයක් සහිත කාන්තාවන් පසුගාමී සමාජ අවකාශය තුළ බීමත් පුරුෂයන් අතරේ කිසිදු අතවරයකින් තොරව යහතින් ජීවත් වෙති.

කෙසේ වුවද මෙහි අදහස මෙරට සිදුවන ලිංගික අපරාධ සියල්ල අමතක කොට නදීකාගේ අවනඩුව විසදිය යුතු බව නොවේ. රටේ අපරාධවලට හේතු සෙවිය යුත්තේ නදීකා හෝ වංගීස වැනි නොමේරෑ දරුවන්ගේ ඔලු තුළ ඇති මනස්ගාත ඔස්සේද නොවේ. තමන්ගේ විකල්ප මිතුරන් විසින් ශිෂ්ටත්වයේ සිහින දුටු ඉදිරිගාමී රටවල් තුළ වාර්ශිකව සිදුවන ලිංගික අපරාධ සංඛ්‍යාව කෙතරම් දැයි නදීකාට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද අවබෝධ කොට ගත හැකිය. පසුගාමී ලාංකීය සමාජ අවකාශය ගැන ඇය නගන ගිරා පෝතක මැසිවිල්ල ගැන වෙනත් ආකාරයකින් කල්පනා කිරීම සදහා ඇය එවන් ප්‍රාථමික අභ්‍යාසවල වැඩි වැඩියෙන් නිරත වීම යහපත්ය.

නදීකා බාර් එකකට යාම ගැන ඇතමුන් ඇයට දොස් පවරා තිබුණද අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. වරද ඇත්තේ ඇය ආශ්‍රය කරන මිතුරු සමාජයට හිමි මහා පොදු ඔල්මාදය තුළ මිස බාර් එකකට යාම තුළ නොවේ. බාර් ගානේ නොගියද ඉතා සාමාන්‍ය ගැහැනු පවා මංගල උත්සව වැනි අවස්ථාවලදී පිරිමින් සමග එකට බීර පානය කරති. නර්තනයේ යෙදෙති. අපේ සමාජය කොතෙක් පසුගාමී වුවද එවන් අවස්ථාවලදී මෙවන් විගඩම්කාරී අතවර සිද්ධි අප දැක නැත.

බියර් බෝතලයක් කට ගා ගත් පමණින් මදන කුලප්පුව ඇවිස්සෙන පිරිමියා කවරෙක්ද? ඇවිස්සුනද ප්‍රසිද්ධ ස්ථානයක ඒ බව පාලනය කර ගත නොහැක්කේ කාටද? ඒ සියල්ලටම වඩා තමන්ගේම මිතුරන් පිරිසක් මැද සිටින මිතුරියකට ප්‍රසිද්ධියේ එවැනි බලපෑමක් කිරීමට පෙළඹෙන අසහනකාරයා කවුද? එය වංගීස සුමනසේකර වැනි විකල්ප ඔල්මාදකාරයෙකුට මිස සාමාන්‍ය සිහියක් ඇති පසුගාමී ආසියාතික පුරුෂයෙකුට කළ හැකි විගඩමක් නොවේ.

අඩුම ගානේ පසුගාමී අවකාශය තුළ මෙවැන්නක් සිදුවූයේ නම් වංගීස අවට සිටි අයගෙන් හෝ ගුටි කෑමට නියමිතය. එහෙත් විකල්ප දැනුම නිශ්පාදනය වන සමාජයක ඉදිරිගාමී සාමාජිකයන් ස්වකීය නව දැනුමේ නාමයෙන් මෙවන් දේ ඉවසා සිටීම එතරම් පුදුමයක් නොවේ. නදීකාගේ මිතුරන් මෙහිදී නිහඩව සිටින්නට ඇත්තේ ස්ත්‍රී දූෂණය පිටු දැකීමද කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති සංස්කෘතික මතවාදයක් විය හැකි නිසාය. ඒ අනුව මෙය ප්‍රසිද්ධ අවන්හලක් නොවන කාගේ හෝ නිවසක් වැනි ස්ථානයක් වූයේ නම් වංගීස අතින් නදීකා බණ්ඩාර දූෂණය වීමට වුවද බැරි කමක් නැත. එවිට කේ.කේ සමන් කුමාරට ඒ දූෂණයේදී දූෂකයා අත්විදි පරපීඩක ආශ්වාදය පිළිබද කෙටි නවකතාවක් ලිවිය හැකිය. එය සන්නස්ගලට දී අච්චු ගස්සවා සමන් වික්‍රමාරච්චි හෝ ලියනගේ අමරකීර්ති ලවා ඊට ඇට්ටි හැලෙන විචාරයක්ද ලියවා ගත හැකිය. දූෂණය අවසාන වූ පසු විදර්ශන කන්නංගරට ඒ පිළිබද පශ්චාත් මාක්ස්වාදී විචාරයක් ලියා බූන්දියේ කල්පනා ඇම්බුරුස්ට ඊ මේල් කල හැකිය. අවශ්‍ය නම් සාහිත්‍ය මධූ සාදයේදී මේ සිද්ධිය පිළිබද බියර් බොමින් රසවත් සංවාදයක් සිදුකළ හැකිය. මොහාන් රාජ් මඩවල වැනි යහපාලන ඝට්ටැඹියකු ලවා ඊට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරයක්ද ලබා දිය හැකිය. විමුක්ති ජයසුන්දර හෝ සංජීව පුශ්පකුමාර වැනි නව පරපුරේ සිනමා වීරයෙක් මෙතැන සිටියේ නම් මෙය ඔවුන්ට ප්‍රති සංස්කෘතික සිනමා නිර්මාණයක් සදහාද අපූරු නිමිත්තක් වනු ඇත. මෙය හුදු වංගීසගේ ඔල්මාදයක් නොව ඔහු ජීවත්වන ගෝත්‍රයට හිමි සාමූහික ඔල්මාදයයි. අද ඊනියා යහපාලනයේ ආනුභාවයෙන් මේ ඔල්මාදකාරයන්ට රාජ්‍ය අනුග්‍රහයද හිමිවී තිබේ.

අවසාන වශයෙන් නදීකා බණ්ඩාර නැමති ගොන් බදින කනුවට කීමට ඇත්තේ මෙපමණකි.

තමන් කැමැත්තෙන්ම පිස්සන් කොටුවක ජීවත් වෙමින් එහිදී සිදුවන හිංසාවන් ගැන රටට ලෝකයට දෙස් දෙවෙල් තැබීම පළක් ඇති ක්‍රියාවක් නොවේ. ඔබට බලපා ඇත්තේ පිස්සන් කොටුවේ ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවේ. රටේද ප්‍රශ්න ඇති බව සෑබෑය. එහෙත් රටේ සිදුවන දේවල් යහපත් සිහියෙන් වටහා ගැනීමට නම් ඔබ පළමුව මේ පිස්සන් කොටුවෙන් එලියට ආ යුතුය.

කෙසේ වුවද මෙවන් ලිපියක් ලියා තමන්ගේ විකල්ප ලෝකය තුළ සිදුවන නාටකීය සිදුවීමක් රටට හෙලි කිරීම ගැන නදීකාට අප ස්තුතිවන්ත විය යුතුය. මේ ආකාරයට නොලියවෙන සිදුවීම් තව බොහෝය. අසමජ්ජාති අසංස්කෘතික රාත්‍රියක් ගැන කියමින් නදීකා මේ බැන අඩගසන්නේ මට හෝ ඔබට නොවේ. මේ වනාහී ලංකාවට සංස්කෘතික විමුක්තිය උදාකිරීම සදහා කැපවී සිටින පිරිසක් ගැන ඔවුන්ගේම ගජ මිතුරියක් කියන කතාවකි. . නදීකාගේ ලිපියේ සබැදිය පහතින් ඇති අතර එය කියවීමෙන් පාඨක ඔබටද නොමද හාස්‍ය රසයක් අත්විදිය හැකිය.


සබැදිය http://lankadaily.com/

සුභාෂ් වික්‍රමගේ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/01/2015

ඇගේ වෛරය

කතෘ:යුතුකම     4/01/2015   2 comments
පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති. චන්ද්‍රිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සැලකූ ආකාරය සුනේත්‍රාගෙන් අසා දැනගත හැකි යැයි සිතමි. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය, පක්‍ෂ කාර්යාලයේ උරුමය ආදිය සම්බන්ධයෙන් සැමියා සමග එක් වී මවට විරුද්ධව උසාවි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 

චන්ද්‍රිකා කියා ඇත්තේ මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ඊනියා යුද්ධය (ඒ යුදධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද මෙහෙයුමකි. ඒ යුද්ධයක් නම් ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධයක් විය යුතු ය) විකුණන් කන බව ය. ඇය ඒ බව කියන්නේ රණවිරුවන්ගේ මෑණිවරුන් හා භාර්යාවන් පිරිසකට ය. ඇය නොකියන කතාව නම් ඒ රණවිරුවන්ට ඇය සේනාධිනායක ලෙස කටයුතු කරද්දී කොටින් පරාජය කිරීමට නොහැකි වූ බව ය. එහෙත් ඇය කියනු ඇත්තේ ඇගේ කාලයේ දී ඊනියා යුද්ධයෙන් 75%ක් ජයගෙන තිබූ බව ය. ඇගේ ගණිතය පිළිබඳ දැනුම විජය කුමාරතුංග ඇගේ සාමාන්‍ය පෙළ සහතිකය බලා දැනගත් බවට කතාවක් ඇත. එහෙත් අපි ඒ ගැන කතා නො කරමු. 

චන්ද්‍රිකා නොකියන කරුණ නම් රණවිරුවන්ගේ කැපකිරීම අධිශ්ඨානශීලී බටහිරට හා ඉන්දියාවට නොනැමෙන දේශපාලන නායකත්වයක් නොමැතිව ගඟට ඉණි කැපීමක් වන බව ය. අදාළ රැ්ස්වීමේ සිටි මවක නැගිට තම පුතා මිය ගියේ චන්ද්‍රිකාගේ කාලයේ බවත් එහෙත් ඒ මරණයෙන් රටට වැඩක් නොවූ බවත් නොකීම චන්ද්‍රිකාගේ වාසනාවක් යැයි අපට කිව නොහැක්කේ එතැනට කැඳවන ලද කාන්තාවන්ට ආරාධනය කළේ කවුදැයි අප නිච්චියට ම නොදන්නා බැවිනි.

එහෙත් චන්ද්‍රිකා නම් මහින්ද බැලීමට එන ජනයා ගෙන්වන්නේ කවුදැයි නිච්චියට ම දන්නී ය. ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා දන්නී ය. ඇය මේ සියල්ල දැනගත්තේ දෙව්දත් පුතුන්ගෙන් දැයි අපි නො දනිමු. අද දෙව්දත් පුත්තු පීචං ප්‍රබුද්ධයෝ වෙති. ඔවුහු ඊනියා පීචංලා ලෙස ප්‍රබුද්ධයන්ට අභියෝග කරති. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහති. එමගින් ප්‍රබුද්ධයෝ වෙති. පීචං ප්‍රබුද්ධයෝ මෙරට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙති.

චන්ද්‍රිකාට අනුව ඇය මැතිවරණයකින් පරාජය වී නැත. ඇය මෙරටින් එංගලන්තයට පලා ගිය කාන්තාවකි. අනූවේ දශකයේ මුල ඇය මෙරටට ගෙන්වා ගත්තෝ වික්ටර් අයිවන්ලා රාජිත සේනාරත්නලා ආදීහු ය. ඒ ජාතිකත්වයේ පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ය. එහෙත් ජාතිකත්වයේ පක්‍ෂයට දර්ශනයක් ඇත. එය කවන්ධයක් නො වේ. ඒ දර්ශනය ඇත්තේ පක්‍ෂ නායකයන්ට නොව පක්‍ෂ සාමාජිකයන්ට ය. සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව නොදන්නා පඬියෝ ශ්‍රී ල නි පක්‍ෂයට සිරසක් නැතැයි කියති. එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ කෙරෙන දැයින් පෙනී යන්නේ සාමාජිකත්වයේ සිරස  ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි ප විසුරුවා හැර තමන්ට හිතවත් පක්‍ෂයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කර ගැනීමට උනන්දුවක් දක්වන්නෝ ශ්‍රී ල නි පක්‍ෂය කඩා වැටෙන බවට අමන අනාවැකි කීියති. 

චන්ද්‍රිකා මෙරටට ආනයනය කරනු ලැබුයේ එ ජා පක්‍ෂයට විරුද්ධව රැල්ලක් ඇති ව තිබූ කාලයක ය. ඒ රැල්ල මතින් ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කර සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීම අයිවන්ලාගේ හා රාජිතලාගේ අරමුණ විය. ඇයට තෙවැනි වරටත් ජනාධිපති වීමේ වුවමනාව නොතිබුණා නො වේ. එහෙත් ඇයට එය කරගත නොහැකි විය. මහින්ද ජනාධිපති වීමෙන් පසුව ද ඇය පක්‍ෂ නායකත්වය අත් නොහැර මාස ගණනක් (දින සියයට වැඩි ය) එල්ලි සිටියා ය.පසුව කර කියා ගැනීමට දෙයක් නොමැතිව එංගලන්තයට ගියා ය. එබැවින් ඇයට මැතිවරණයකින් පරාජය වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය. එහෙත් අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශය ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි වූ බව නම් අපි දනිමු. ඒ සම්බන්ධයෙන් ද ඇය කියනු ඇත්තේ එසේ වූයේ මහින්ද නිසා බව ය. ඇගේ වෛරයට සීමාවක් නැත. 

නලින් ද සිල්වා 
කාලය -2015 අප්‍රේල් 01 

රැජිනට අත දීම

කතෘ:යුතුකම     4/01/2015   2 comments
සුගිය දා එංගලන්තයට ගිය ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මහතා එංගලන්තයේ රුජින තමා ව මහ ඉහළින් පිළගත් බවත් සිය අත වැසුම පවා ඉවත් කර තමාට අතට අත දුන් බවත් එතුමිය ලංකාව ගැන බොහෝ තොරතුරු පවා දන්නා බව ද ප්‍රකාශ කළේ ආඩම්බරයෙනි.


වසර දෙදහසකට ද
පෙර ඈත දිනයකදි
බිම දමා දුනු හී ද
දණින් වැටුනයි නිරිඳු
මිහින්තල සිරස පිට
බුදු පුතුන් ඉදිරිපිට

සවන වැකුණිය වදන්
පෙර අසා පුරුදු නැති
‘මහරජුනි ඔබ මෙබිම
බාරකරුවා මිසක
අයිතිකරු නොවන බව’
පසක්කර ගති නිරිඳු

පරපුරෙන් පරපුරට
සුරැකී ය දිවිපුදා
මිනිස් පරපුර මෙන් ම
වන සතුන් සියොතුන් ද
රුපු සපුන් ගස් ගල් ද
රජුන් යුතුකම ලෙසම

දහමකින් නොහික්මුණු
පසිඳුරන් වෙතම ලොල්
කුරිරු මිසදුටු කැළකි
අවරදිග සිට පැමිණි

ගමි දනවු ගොවි බිමි ද
වන වදුලූ ගිනි තබා
උරුම කරුවන් නසා
අයිතිකර ගති මෙබිම

අයිතිකරුවන් වී ය
බාරකරුවන් නොවී
එතෙක් වැසි දන මෙන් ම
සසුන සුරකින දෙවි ද
සතුන් සියොතුන් සපුන්
වින්ද නිදහස නසා

ඉවත්කර අත් වැස්ම
ලේ තැවරි අතින් ඔබ
සුරත ගත් විටදි ඇය
හිරිකිතක් නොදැනුනිද?

මොණරවිල මහනිළමෙ
බූටෑවෙරාළ ලා
මෙන් ම නමනැති උතුමි
විරුවන්ගෙ ලෙයින් තෙත්
වෙල්ලස්සෙ ගොවි බිමේ
උණු කඳුලූ වැගිර වූ
පරපුරක රැජින බව
මතක් නොවිනිද ඔබට?
මෙරට තොරතුරු දන්න
ඒ උතුම් මහරුජින
ඒ වගත් දනීදැයි
අසන්නට නොසිතිනි ද?

ඈත යුගයක සිට ම
සතුන් දඩයමි නොකළ
රජුන් බිහි කළ රටක
හිටං ඔබ පැමිණි වග
දැනං හිටියද රැජින
දඩ කෙළිය අත නෑර
මහලූ වයසෙදි පවා
සියොත් දඩයමෙි යන

-වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

හෙළ උරුමයේ ජාතිවාදය

කතෘ:යුතුකම     4/01/2015   1 comment

ජාතික හෙළ උරුමය ජාතිකත්වය අත්හරියි


ජාතික හෙළ උරුමයට මහින්දව අත්හැරීම වුවමනා වුනි. මහින්දව අත්හරින්නට යාමෙන් හෙළ උරුමයට ජාතිකත්වය අත්හැරුනි. තම පක්ෂය බිහි වූ දා පටන්ම බොරුවට හෝ ඇත්තට හෝ තමන් පෙනී සිටි මතවාදය සමඟ සිට ගැනීමට වඩා මහින්දට එරෙහිව සිට ගැනීම ඔවුනට වඩාත් වැදගත් විය. 

ජනතාව ඔවුන් හැඳින ගත්තේය. නැවත වරක් දේශපාලනිකව ජාතිකත්වය වෙත යාමට හෙළ උරුමයට ඇති අවස්ථාව දැන් විරළය. සතුරන් බිහි වන්නේ ජාතිකත්වයට බාහිරින් පමණක් නොව. ජාතිකත්වයේ වේශයෙන්ද ජාතිකත්වයට සතුරන් බිහි වේ. බාහිර සතුරන්ට වඩා භයානක වන්නේ අභ්‍යන්තර සතුරන්ය. අප බොහෝ විට අභ්‍යන්තර සතුරන් හඳුනා ගන්නා විට ඔවුන් බාහිර සතුරන්ගේ මිතුරන් වී අවසන්ය. ශරීරයේ හටගන්නා පිළිකාවකින් ගැලවීමක් ඇත්තේ එය කලින් හඳුනා ගන්නා තරමටය. 

උපන් ගෙයි දෝෂය

හෙළ උරුමය සිය ගමන අරඹන්නේ වැරදි වෙලාවක වැරදි පය පෙරට තබා ගෙනය. පක්ෂ බිහි විය යුත්තේ රට වෙනුවෙන්ය. නමුත් ජාතික හෙළ උරුමය බිහි උනේ රට වෙනුවෙන් නොව, ඔවුන් වෙනුවෙනි. එහි සිටි සියල්ලෝම කපටින් යැයි මෙයින් නොකියවේ. නමුත්  ඔවුහූ ඒ වන විට පැවති දේශපාලන සන්දර්භය මත තබා සිය භූමිකාව පිරික්සා බැලුමට අසමත් වූ  බව පැවසීමට සිදු වේ.

සෝම හිමියන්ගේ අකල් අපවත්වීම සමඟ නැගී ආ ජනතා සංවේගය එම පක්ෂය බිහි වීමට අවස්ථාවක් සළසා දුනි. නමුත් එය බිහි වන්නේ මෙරට වූ පුළුල් දේශපාලනික සහ ජාතික අවශ්‍යතාවන් පිලිබද ගැඹුරු අවබෝධයකින් නොවේ. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමඟ ගිවිස ගත් කූඨ සටන් විරාම ගිවිසුම නිසා රටේ ස්වෛරීත්වය තර්ජනයට ලක්වූ බැවින් එම රජය විධායකය විසින් විසුරුවා හැරීය. එවිට යෙදුනු මහ මැතිවරණය අභියසදීය ජාතික හෙළ උරුමය බිහිවන්නේ. එම මහ මැතිවරණය සුවිශේෂී කරුණු දෙකක් නිසා ජාතික බලවේගයන්ට අතිශය තීරණාත්මක විය.

 පළමු කාරණය නම් ඒ මැතිවරණ ප්‍රතිපලය තුළින් රනිල්-ප්‍රභාකරන් දේශද්‍රෝහි සටන් විරාම ගිවිසුම පෙරදැරිව ගලා ගිය රට දෙකඩ කිරීමේ මෙහෙයුම නතර කිරීමට වුවමනා විය. දෙවන වැදගත් කාරණය වන්නේ එකල ජවිපෙ (එකල ජවිපෙ හා වත්මන් ජවිපෙ එකම පක්ෂයක් ලෙස සැලකීම සුදුසු නැත.) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉතිහාසයේ පළමු වරට සන්ධානයක් බිහි කර එය ජනතාව අභිමුවට ගෙන ගොස් බෙදුම්වාදයට එරෙහිව ජන වරමක් ඉල්ලා සිටි මොහොතක් වීමයි. එම එක්වීම  එක්තරා අන්දමකට ජාතිකත්වය නියෝජනය කරන පරම්පරා දෙකක එක්වීමකි. එවක ජවිපෙ සතුව තිබූ සංවාදශීලී ජවය නිදිගත් කුම්මැහි යෝධයකු වූ ශ්‍රීලනිපය එම නිද්‍රාවෙන් මුදවන්නට සමත් වෙතැයි යන්න පොදු ජනතා පැතුම විය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් වන්නේ ඒ මැතිවරණයේදීය. ජාතිකත්වයට අතිශය වැදගත් එම සන්ධාන ජයග්‍රහණයට තිබූ ප්‍රධාන අභියෝගය වූයේ අනෙකක් නොව ජාතිකත්වයම නියෝජනය කළ ජාතික හෙළ උරුමයය. තමන් දෙදණ බිම හොවා නමදින භික්ෂූන් වහන්සේ මහ මැතිවණයට ඉදිරිපත් වී තමනට ඡන්දය පූජා කරන්නැයි ඉල්ලා සිටින විට ඡන්දදායකයාගේ හැසිරීම කෙබඳු වේදැයි යන්න අවිනිශ්චිත විය. ඒ අභියෝගය සන්ධානය ජය ගන්නේ අනූ නවයෙනි. කතා නායක ඡන්දයවත් දිනා ගන්නට අභිනවයෙන් පත් වූ රජයට නොහැකි විය. වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කතානායක වන්නේ එජාපය නියෝජනය කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසිනි. හෙළ උරුමය අතින් සන්ධාන ඡන්ද තව සුළු ප්‍රමාණයක් කැඩිනි නම් එදා රනිල් නැවත අගමැති වන්නේය. එසේ වුවා නම් අපි අද කතා කරන්නේ ලංකාවේ හා ඊළාම් රටේ දේශසීමා අර්බුදය පිලිබදවය.

ජාතික හෙළ උරුමය බිහි නොවිය යුතුම අවස්ථාවක බිහි වීම අනුවණ කමකට ලඝු කළ හැකිදැයි අපි නොදනිමු.

වෙනස මතු කරන හෙළ උරුමයේ ජාතිවාදය 


හෙළ උරුමය සිය උරුමය නිවැරදිව නියෝජනය කරන්නේ, තමා සිටිය යුතු පිළ ඉතාමත්ම පැහැදිළි අවස්ථාවක් වූ යුද්ධය ඉදිරියට යන විටදී පමණි . යුද්ධය නිමා වී පස් වසක් ගත වීමට මත්තෙන් ඔව්හූ ජාතිකත්වයට එරෙහි පිළ සමඟ යළි සිට ගත්තේ සිය උපන් ගෙයි දෝෂය අනුව යමිනි. එය හුදු පිල් මාරුවක් පමණක් නොව, මෙතෙක් කල් ජාතිකත්වය නියෝජනය කරමින් තමන් ගොඩනඟා ගෙන තිබුනු ප්‍රතිරූපය ජාතිකත්වයට එරෙහිවම අවභාවිතා කිරීමකි. අද චම්පික හෝ රතන හිමි හෝ දහතුන ගැන හෝ ඒකීයභාවය ගැන හෝ රණවිරු දඩයම ගැන හෝ කටින් කෙළ බිදක් නොහෙළීමෙන් පසක් වන්නේ ඒ රැවටීම නොවේද? ඔවුහු දැන් ඒකීයභාවය බිළි දීමට එකඟ වූවෝ වෙති. ඒකීය භාවය බිළිදෙත්දී තමන් ඊට විරුද්ධ වීමට කළින් අවසර ගත්තෝද වෙති. 

ජාතිකවාදයේ සහ ජාතිවාදයේ අක්ෂරමය වෙනස ඇත්තේ වචන මැද්දේ ඇති 'ක' අකුරෙහි පමණක් වුව අර්ථය අතින් ඒ පද දෙක එකිනෙකට විරුද්ධාර්ථ දෙන බව අප වටහා ගත යුතුය. ජාතිකත්වයේ අරමුණ වන්නේ සියළු ජනවර්ගයන්හි අනන්‍යතාව පිළිගන්නා අතර ඒ සියළු දෙනාට පොදු වූ සංස්කෘතියක්ද ඇති බව පිළි ගැනීමයි.ඒ පොදුභාවය මුල් කොටගෙන එය එක් ජන කොටසක් ලෙස එකට පෙනී සිටීමේ ශක්‍යතාවක් ඇති බව පිළිගැනීමයි. ඒ අර්ථයෙනි ජාතිකවාදීන් බෙදුම්වාදයට එරෙහි වරන්නේ. එනම් අප නොබෙදිය යුතුය. තන්තු මුල් ඇතත්, අප එකම මුදුන් මුලක් සහිත වෘක්ෂයකි යන අර්ථයෙනි. ජාතිවාදය ඊට ඉඳුරාම වෙනස් බව කිව මනා නොවේ. ජාතිවාදීන් ඉස්මතු කරන්නේ ජනවර්ග අතර පොදු බව නොව, ඔවුන් ඉස්මතු කරන්නේ ඔවුනොවුන් අතර 'වෙනස' වේ. සිංහලයා දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතිවාදයට එරෙහි විය යුත්තේ ජාතිකත්වය මතු කරමිනි. ජාතිකත්වය මතු කිරීම යනු ජාතිවාදය පරාජය කිරීම බව පෙනී යා යුතුය. සිංහලයාත් ජාතිවාදයට එරෙහිව ජාතිවාදයම අතට ගත හොත් සිදු වන්නේ මේ සමාජය කෑළි කෑළි වලට බෙදී යාමේ ප්‍රවණාතාවයක් ඇති වීම නොවේද? එය ජාතිකත්වයේ පරාජය සනිටුහන් කරන බව අප වටහා ගත යුතුය.

ජාතික හෙළ උරුමය කිසි දිනක ගැඹුරු ජාතික මතවාදයක් නියෝජනය නොකළේය. යුද්ධයෙන් පසු ඔවුහූ ජාතිකත්වයට වඩා ජාතිවාදය දෙසට නැඹුරු වූහ යැයි කීම නිවැරදි යයි සිතමි.

ජාතිකත්ව මතවාදය මතින් ජන ප්‍රසාදය දිනා ගැනීම පහසු නැත. එය කළ යුත්තේ ඉතා ස්ථාවරව නමුත් සෙමිනි. වීරයන් වීමට හදිසි දේශපාලකයන්ට ජාතිකත්වය සුදුසු නැත. ඔවුනට සුදුසු ජාතිවාදයයි. ජාතිවාදය මඟින් ඉක්මණින් ජනප්‍රිය විය හැකිය. විමල් වීරවංශ ජාතිකත්වය තෝරත්දී, චම්පික රණවක අවසන් අදියරේදී සිංහල ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දැරීය. ජාතිකත්වයේ සතුරන් වන්නේ දෙමළ ජාතිවාදය පමණක් නොව, සිංහල, මුස්ලිම් සියළුම ජාතිවාදයන් ජාතිකත්වයේ සතුරන්ය. මුස්ලිම් අන්තවාදී ජාතිවාදයට එරෙහිව චම්පිකලා සිංහල ජාතිවාදයක් බිහි කිරීමට වෑයම් කළේය. පොදු සිංහලයා  පොදු මුස්ලිම් මනුෂ්‍යයා දෙස සැකයෙන් බලන තැනට පත් කළේය.  ඒ සදහා සමාජ ජාලා වෙබ් අඩවි යොදා ගත්තේය. චම්පික ජාතීන් අතර වෛරය වපුරනවා යන චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් ගිනුම පවා තහනම් කෙරුනි.

අන්තවාදී මුස්ලිම් සංවිධාන පමණක් එල්ල කොට සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ සිත නොතලා ඔවුන්ද අන්තවාදය ප්‍රතික්ෂේප කරන සාධාරණ ආස්ථානයට කැදවනවා වෙනුවට චම්පිකලා කළේ එම ජනතාව සිංහලයා හා රජය කෙරෙහි බිඳවීමය. එහි ප්‍රතිපලය කවුරුත් දන්නේය.

චම්පිකට දෙමළ බෙදුම්වාදී ජාතිවාදී කඳවුර වෙනුවෙන් පෙනී සිටින ජාතීන් අතර වෙනස මතු කරන නව රජයක විදුලි බල හා බලශක්ති ඇමතිකම යළි ලැබී ඇත.

- ලසන්ත වික්‍රමසිංහ
 

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions