3/28/2025

‘යුතුකම’ කුමක් සදහා ද? -3

කතෘ:යුතුකම     3/28/2025   No comments
ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි 1977 දී බලයට පැමිණි බටහිර හිතවාදී නව ලිබරල්වාදී (හා ධනවාදී) ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් මුලින්ම කරනු ලැබූ කාර්යයන් අතර ප්‍රධානම කාර්යයක් වූයේ අපරාධ යුක්ති කොමිෂන් සභාව විසින් 1975 වසරේ දී, ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කොට සිටි වාමාංශික විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ට නිදහස ලබා දීම යි. වාමවාදී පක්ෂ ද එකතුව ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද ජාතිකවාදී රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට උත්සහ කළ ජවිපෙ නායකයින්ට, බලයට පැමිණ වසරක් යාමට පෙර නිදහස ලබා දෙන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එජාප රජය, එදා එම ප්‍රජාතන්ත්‍රවාදී රජයට නායකත්වය සැපයූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7ට අහෝසි කොට ඇයව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දැමීමමට කටයුතු කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතු කොට ගෙන 1982 දී පවත්වන ලද පලමු ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමෙන් ඇයව වලකනු ලැබූ අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් නිදහස ලැබූ වාමාංශික විජේවීර මහතා එම ජනාධිපතිවරණයට තරග කරනු ලැබී ය. ඉන් ජය ලබන ජේ. ආර්. ජයවර්ධන මහතා එම වසරේම පවත්වන ලද ‘ජනමත’ විචාරණය (කළගෙඩි ලාම්පු සෙල්ලම) ඔස්සේ පාර්ලිමෙන්තුවේ කාලය ද තවත් වසර 6කින් දිගු කරගනු ලැබී ය. නව ලිබරල්වාදි ආර්ථිකයකට රට මුළුමනින්ම පරිවර්තනය කිරීමට පියවර ගනු ලැබූ ජයවර්ධන රජය එමගින් ආර්ථික ක්‍රියාවලියට රජයේ මැදිහත් වීම අකුලන්නට විය. නිෂ්පාදන ක්‍රියාවලියෙන් රට මුළුමනින්ම ඉවත් වන්නට වූ අතර සේවා ආර්ථිකයේ ගොදුරක් බවට රට පත්වන්නට විය. සාමූහිකත්වය වෙනුවට පුද්ගලවාදය ඉස්මතුවන්නට විය. මැද පන්තිය පුළුල් වන්නට වූ අතර කිසිවකින් තෘප්ත කල නොහැකි පරිභෝජනවාදී පිසාචයන් අරක්ගත් දේශයක් බවට මුළු රටම පත් වන්නට වී ය. ‘ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජය දුෂ්ඨත්වයෙන් පිරි අධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගන්නට වූයේ එසේය.

එහිදී ජවිපෙ ගත් ක්‍රියා මාර්ගය කුමක් වී ද ? තවදුරටත් ඔවුන් ජාතික නායකත්වයක් විනාශ කිරීමේ කොටස්කරුවන් නොවී ද? ජාතිකත්ව රජයක් බිහිවීම වැළැක්වීමේ අරමුණක් ඉන් පසුවවත් ඔවුනට නොවී ද?

බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නැවතත් ජාතිකවාදී රජයක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් 1988 වසරේ දී උදා වී ය. ඒ 1987 වසරේදී ඉන්දියාවේ බලපෑමට යටත්ව අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පැන නැගුනු දැවැන්ත විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ගොඩනැගුනු පුළුල්ම ජාතික සංධානය හරහා ය. ජවිපෙ විසින් එය වලකනු ලැබුයේ 88’ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන් මරා දමන බවට තර්ජනය කරමින් හා එය වර්ජනය කරන ලෙස ජනතාවට බල කරමින් හා තර්ජනය කරමින් එකම භීිෂණයක් රට පුරා මුදා හැරීමෙනි. එමගින් ආර්. ප්‍රේමදාස මහතාට බලයට ඒමට ඉඩ හසර විවර කර දීමෙනි. ඒ සමගම බිහි වූයේ අති බිහිසුණු භීම සමයකි. එම භීම සමය අවසාන වන විට දසදහස් ගණනක තරුණ ජීවිත රටට අහිමි වී තිබුනි. බණ්ඩාරණායක මැතිනියගේ නායකත්වය ද රටට එතැනින්ම අහිමි විය.

ඉන්පසුව නැවතත් ජාතිකවාදී රජයක් බිහිවනුයේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එම රජයට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් 2009 දී බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීමට හැකි විය. එය නිදහසින් පසුව රටක් ලෙස අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණය විය.

දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර නැවත රට එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ දී එජපෙ හා ජවිපෙ ක්‍රියා කලේ කෙසේ ද?

මහින්ද රාජපක්ෂ මහතාට 2005දී බලයට ඒමට ජවිපෙ (විමල් වීරවංශ කණ්ඩායම) උදව් වූ නමුත් වැඩිකල් නොගොස්ම උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වීමට ආසන්නව තිබිය දී ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට එරෙහි වන්නට විය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වන්නට ආසන්නව තිබිය දී ඉතා තීරණාත්මක මොහොතක අයවැය පරාජය කිරීමට එජාප මෙන්ම ජවිපෙ ද තැත් කරනු ලැබී ය. විමල් වීරවංශ ඇතුළු ජවිපෙ කණ්ඩායම ජවිපෙ එම ක්‍රියා මාර්ගයට එරෙහිව එයින් ඉවත්ව කටයුතු නොකරන්නට එදා ත්‍රස්තවාදය පරාජය කිරීම සිහිනයක් වන්නට ද තිබුණි.

මහින්ද රාජපක්ෂ රජය අල්ලස, දූෂණය හා හොරකමට එරෙහි යහපාලන සටන් පාඨය හරහා 2015 වසරේදී පරාජය කරනු ලැබී ය. ඒ සදහා ජවිපෙ දැක්වූ දායකත්වය රටට රහසක් නොවේ. එහෙත් වැඩි දවසක් නොගොසින්ම හමා ගිය මහින්ද සුළග ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා පෙර නොවූ විරූ තරම් බලවත්ව නැවතත් කරලියට පැමිණි නමුත් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට පැමිණීම වැලැක්වීමම අරමුණු කොටගෙන යහපාලන ආණ්ඩුව විසින් ගෙනෙන ලද ව්‍යවස්ථා සංශෝධනය හේතුකොට ගෙන ඔහුට 2019 ජනාධිපතිවණයට තරග කිරීමට නොහැකි වී ය. ඒ වෙනුවට නායකත්වයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාව ද වැඩිකල් නොගොස්ම බලයෙන් පහකරනු ලැබී ය. ඒ සදහා දියත් වූ වැඩ පිළිවෙල තුල ප්‍රධාන වශයෙන්ම බටහිර (ඇමෙරිකාව හා බිරිතානිය) හා ඉන්දියාව සිටි බවට සැකයක් තිබිය නොහැකි ය. එසේම ඒ සදහා එක් වූ දේශීය හවුල්කරුවන් අතර පෙර සදහන් කළ ජාතිකත්වයට එරෙහිවූ බලවේග ද නොඅඩුවම ක්‍රියාකාරී වී ය.
අද මූලික වශයෙන් ජවිපෙ නායකත්වයෙන් යුතු මාලිමා ආණ්ඩුවක් බලයට පැමිණ ඇත. ඒ අපට පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් ලබා දෙන්නට යි!


-අභය-

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

2/28/2025

‘යුතුකම’ කුමක් සදහා ද? -2

කතෘ:යුතුකම     2/28/2025   No comments

ජවිපෙ විසින් සමාජවාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා යැයි කියමින් 1971 සන්නද්ධ කැරැල්ල දියත් කරන විටත් ශ්‍රී ලංකාවේ පැවතියේ සමාජවාදයට බර වූ ආණ්ඩුවකි. එය ලංකා ඉතිහාසයේ පැවති ප්‍රබලම සමාජවාදී ආණ්ඩුව යැයි ද සැළකිය හැකිය. කොමියුස්ට් සහ සමසමාජ පක්ෂ එම ආණ්ඩුවේ ප්‍රබල බලයක් දැරූ අතර ජනරජ ව්‍යවස්ථාව සහ දේශීය කර්මාන්ත ව්‍යාප්තිය පිළිබඳව එවකට එම ආණ්ඩුව ඉතා ප්‍රගතිශීලී වැඩ කොටසක් ඉටු කරමින් සිටියහ.


විජේවර්ධන පවුලේ සංනිවේදන අධිරාජ්‍යයේ අරමුණු සාර්ථක වෙමින් පැවැතුනි. ධර්මපාලතුමාට එල්ල වූ මෙම පහරදීම් අතරතුර එතෙක් ජාතික ව්‍යාපාරයක අසලකවත් නොසිටි පිරිසක් ක්‍රමයෙන් ජාතික දේශපාලන වේදිකාවට ගොඩ වන්නට විය. 1914 වසරේ දී කල්කටාවේ දී බිරිතානීන් විසින් ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත්කරන ලද අතර වසර 7ක් යනතුරුම ඉන් නිදහස් නොකරන ලදී. 1921 වසරේ දී නිවාස අඩස්සියෙන් නිදහස ලැබ නැවත ලංකාවට පැමිණෙන විට තමා මෙරට නොසිටි කාලය තුළ රට පත්ව ඇති තත්වය අනුව තවදුරටත් තමාට කන්දීමට පිරිසක් මෙරට නැතැයි කලකිරීමට පත් ධර්මපාලතුමා මව්බිමෙන්ද ඈත්ව පැවිදි බිමට පිවිස ඉන්දියාවේ දී අපවත් විය. එහෙත් එතුමන් අවුරුදු 60 කට වැඩි කාලයක් පුරාවට හුදී ජනයාගේ සිත්සතන් තුළට කාවද්දන ලද ජාතික මතවාදයන් (චින්තනය) ඔවුනගේ සිත්සතන් තුළ ගැඹුරින් තැන්පත්ව පරපුරෙන් පරපුරට පැවත එන්නට වූ අතර එහි බලපෑම විවිධාකාරයෙන් කලින් කලට බලයට පත් නායකත්වයේ නැණ පමණට ඉස්මතු වන්නටත් යටපත් වන්නටත් කරුණු කාරණා යෙදෙන්නට විය.

1956 යනු එවැනි අවස්ථාවක් විය. බුදුදහම ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවට පත්කොට ඉංගිරිසි යටත් විජිත යුගයේ යටපත් කොට තිබූ සිංහල බස රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට කටයුතු කළ බණ්ඩාරනායක මැතිතුමන්ව වැඩිකල් නොගොස්ම ඝාතනය කිරීම දක්වාම ඊට එරෙහි විජාතික බලවේග බලවත් විය; සූක්ෂම විය. සිංහල බස රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව දෙමළ ජාතිවාදය තුළින් වෙනම ව්‍යාපාරයක් ද, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා තමනට ඉංගිරිසි අධ්‍යාපනය අහිමි වූයේ යැයි ද ‘උසස්’ රැකියාවන්ට යාමට තිබූ අවස්ථාවන් නොලැබී ගියේ යැයි ද රටේ දියුණුව ඇණ හිටියේ යැයි ද මැසිවිලි නගන්නන් පිරිසක් සිංහල ජනයා අතරින්ම ද මතුකර ගැනීමට ජාතිකත්වයට එරෙහි විජාතික බලවේග වලට හැකි විය.

එහෙත් රාජ්‍ය භාෂාව යන්න හා ඉගැන්වීමේ මාධ්‍ය යන්න එකක් නොව දෙකෙකි. එය අමතක කර හෝ තේරුම් නොගෙන හෝ හිතාමතාම කරුණු විකෘති කරමින් හෝ අද ද සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව විවිධ මිත්‍යා මත පදනම්ව පහර දෙනු දක්නට හැකි ය. ස්වභාෂාවෙන්/මව්බසින් (සිංහල මෙන්ම දෙමළ භාෂාවන්ගෙන්) ඉගැන්වීමට ගත් තීරණය 1956ට පෙර, එනම් 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ගත් තීරණයකි. ඒ අනුව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට නොහැකි වූයේ යැයි නගන ඝෝෂාවට කිසිඳු පදනමක් නැත. ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට කිසිඳු බාධාවක් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා පැන නොනගී. රාජ්‍ය භාෂාව විසින් කෙරෙනුයේ අවසාන වශයෙන් ගත්කල රජයේ අණපනත් හා නීතිමය තත්වයන් පිළිබඳව අවසාන අර්ථ කථනය පවත්වාගෙන යාමයි. එය ඕනෑම ස්වෛරී රාජ්‍යක් විසින් පවත්වාගෙන යන පිළිවෙතකි. දෙමළ බස ඇතුළු භාෂා රැසක් භාවිතා වන අසලවැසි ඉන්දියාවේ හින්දි බස රාජ්‍ය භාෂාව කිරීම නිසා ඒ රට තුළ උද්ඝෝෂණයක් හෝ විරෝධයක් හෝ නොවී ය. අද ද ඉන්දියානුවන් එය පිළිගෙන ඒ අනුව කටයුතු කරයි.

අනෙක් අතින් ලෝකයේ දියුණු යැයි සම්මත කිසිඳු රටක් ස්වභාෂාවෙන් (මව් බසින්) වියෝව ලැබූ දියුණුවෙක් ද නැත. අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණ තරමටම ඊට එරෙහිව එම ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගනු ලැබූ ක්‍රියා මාර්ග වලින් ද පසුගිය 76 වසර පුරාවට අපට අඩුවක් නොවී ය.
1971 යනු තවත් එවැනි අවස්ථාවකි. 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කොට ඩොමීනියන් නිදහස තුළ බිරිතානියට තව දුරටත් අපව බැඳ තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛත්වය තහවුරු කර බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බවට පත්කිරීමට 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කරනු ලැබීි ය. එසේම ජාතික ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ අනුව කටයුතු කරන්නට ද විය. එදා එනම් 1958 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට විජාතික බලවේග විසින් චීවරධාරියකු යොදාගත් අයුරු සිහිපත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජාතිකවාදී රජය පෙරලා දමා එතුමියව පැහැර ගැනීමට (හා ඝාතනය කිරීමට?) විජේවීරගේ නායකත්වයෙන් යුත් ජවිපෙ 1971 දී ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කරනු ලැබී ය. එයට පෙර 1962 ජනවාරි 27 දින රාත්‍රියෙහි ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1960 ජූලි මස දී පිහිටුවන ලද රජය පෙරලා දැමීමට අති බහුතරයක් වූ ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැළසුම් කරන ලද මුත් එය අවසාන මොහොතේ දී වළක්වා ගත හැකි විය.
ජවිපෙ බිහිවනුයේ 1965 වසරේදී මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයක් ලෙස ය. එහෙත් ඔවුන් පහර දෙනුයේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සමාජවාදී පක්ෂ සමග එකතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැගූ (වාම) ජාතිකවාදී රජයකට ය. 1970 මැතිවරණයට පෙර බලයේ සිටි ධනවාදී බටහිර හිතවාදී එජාප රජය පෙරලා දැමීමට ඔවුනට නිකමටවත් සිතුනේ නැති ද?

-අභය-
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

1/30/2025

‘යුතුකම’ කුමක් සදහා ද? -1

කතෘ:යුතුකම     1/30/2025   No comments

ගෝල්ෆේස් අරගලකරුවන් බණ්ඩාරනායක ප්‍රතිමාවේ දෑස් කළු රෙදි කඩකින් බැඳ දමා තිබුණි
(AI Generated)


‘යුතුකම’ කියලා සඟරාවක්! ඒ මොනවට ද? කුමක් වෙනුවෙන් ද?

අලුත් ආණ්ඩුවකුත් පත්වෙලා. ජනතාව ඒ අයට ලොකු ජනවරමකුත් දීලා. ඒ මොනවාට ද? 76 වසරක ශාපය අවසාන කරන්න! අල්ලස, දූෂණය හා හොරකම නතර කරන්න! වෙනසක් වෙනුවෙන්! ඩොලර් ගේනන- ණය ගෙවන්න! රට සුද්ද කරන්න! පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබන්න! ඉතින් එහෙනම් තව මොනවා ද? “යුතුකම” ක් මොන එහෙකට ද? මීට වඩා යුතුකමක් තවත් තියෙනවා ද?

මොනවා වුනත්, ‘76 වසරක ශාපය අවසාන කරන්න’ කියන එක නම් හරිම අපූරු යි! ඒ මුළු කතාවම ඉන් කියවෙන හින්දා ද? 76 වසරක් තිස්සේ අප කර ඇත්තේ කුමක් ද? අද අප කර ඇති දේට වෙනස් යමක් ද? තව අවුරුදු 5න් එය 81 වසරක ශාපයක් නොවේවි ද? ගතවූ ඒ 76 වසරම ඇත්තටම ශාපයක් වුනා ද? 76 වසරක් පුරාවටම අපි රටක් ජාතියක් ලෙස කිසිවක් දිනාගෙන නැත් ද? එකදු ජයග්‍රහණයක්වත් ලබාගෙන නැත් ද?

56’ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා බිරිතානායට අපව බැද තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය තහවුරු කිරීම හා 2009’ බටහිර (බිරිතානියේ) හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීම (ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම) ඒ කාලය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයන් නොවේ ද?

ඒ සමගම ඒ සුවිශේෂ ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගත්ත උත්සහායන් ද ඒ 76 වසර පුරාවටම අපට අත්විදින්නට සිදුවුනා නොවේ ද? ඒ මාරපායාශය ද 76 වසරක ශාපය? ඔව්; ඒ ශාපය නම් අපට ඉදිරියටත් අත්විදින්නට සිදු නොවනු ඇතැයි ඉදින් කාට නම් කිව හැකි ද?

අපි ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයෙන් පටන් ගනිමු. ඒ ‘76 වසරක ශාපයට’ වසර 65ට පමණ කලින්! එනම් 1818 නිදිහස් සටන පැරදී වසර 60 කට පමණ පසුව, එහෙමත් නැතිනම් 1848 නිදහස් සටන පැරදී වසර 30ට පමණ පසුව!! එම කාලය සුදු අධිරාජ්‍යවාදීන් ජය කෙහෙළි නගන ලද අවධියක්. මහා සංස්කෘතික පරිහානියකට හා ආර්ථික පරිහානියකට රටත් ජාතියත් ගොදුරු වෙමින් තිබූ අවධියක්. ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය නගර තුල සංවිධිතව තහවුරු වෙමින් මුළු මහත් රට පුරා එහි සෙවනැලි පතිත වෙන්නට පටන් ගෙන! සම්බුද්ධ සසුන අනතුරක අභියස!! මෙවන් පසුබිමක අනගාරික ධර්මපාලතුමා විසින් 19වන සියවස අගභාගයේ පටන් රටපුරා යමින් ආරම්භ කරන ලද්දේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම අරමුණු කොටගත් ජාතික විමුක්ති ව්‍යාපාරයක් ය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා සිංහලයා බලමුළු ගැන්වීම සදහා වූ ජාතික විමුක්ති අරගලයකි.

ඒ සදහා සංස්කෘතියෙන් ද චින්තන ශක්තියෙන්ද ආර්ථිකයෙන් ද පරිහානියට පත්ව සිටි සිංහලයා එයින් මුදවා ගත යුතු විය. හුදී ජනීජනයාගේ ආර්ථිකය නගා සිටුවීම ද ඒ ව්‍යාපාරය තුල එයින් වෙන් කළ නොහැකි වූ තවත් අරමුණකි. ඒ සදහා විවිධ ධාර්මික කර්මාන්ත ඇරඹීම සදහා ද ධර්මපාලතුමා ඒ සංචාරයන් අතරතුර දී ජනීජනයා උනන්දු කරන්නට විය. එපමණකින් නොනැවතී තෝරාගත් කිහිප දෙනෙකුම ජපානය ඇතුළු රටවල් කිහිපයකට විවිධ කර්මාන්ත මෙරට ඇරඹීම සදහා පුහුණුව ලැබීමට පිටත්කර යැවීමට ද එතුමා කටයුතු කලේය. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය තුල පක්ෂ

දේශපාලනයක් නොවී ය. භික්ෂූන් වහන්සේ සහ හුදී ජනීජනයා එතුමාගේ ශක්තිය විය. එදා ඉංගිරිසි යටත් විජිතවාදය බිය වූ එකම පුද්ගලයා ද ඔහු විය.

ඉංගිරිසි යටත් විජිතවාදීන් පමණක් නොවේ ඔහුට බිය වූයේ... බිරිතානියන්ගෙන් වරප්‍රසාද ලද එම සංස්කෘතියට අනුගත වූ අනාගතයේ දවසක රටේ පාලන බලය සුදු සෙවැනැලි යටතේ හෙබවීමට කැස කවමින් සිටි පිරිසට ද ධර්මපාලතුමාගේ ව්‍යාපාරය දරුණු අභියෝගයක් විය. ඔවුන් අතරින්, ඔවුන් වෙනුවෙන් මතුවූ ප්‍රභලයෙකි පිය පරපුරෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ක්‍රිස්තියානි පවුලකට අයත් වූ ඩී. ආර්. විජේවර්ධන මහතා. ඔහු විසින් සිය ධන බලය යොදාගෙන එවකට ප්‍රකාශනයේ පැවති සිංහල (දිනමිණ), දෙමළ (තිනකරන්) හා ඉංගිරිසි (Ceylon Daily News, The Observer) පුවත්පත් සමූහයක් ක්‍රමයෙන් මිල දී ගනිමින් සංනිවේදන මාධ්‍යයේ (පුවත්පත්) අධිරාජ්‍යක් ගොඩනගා ගැනීමට සමත් වී ය. ඒ පුවත්පත් සියල්ල එක්කර 1926 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුසිය) නමින් සමාගමක් ද ඔහු විසින් ආරම්භ කරනු ලැබීය. මෙම සංනිවේදන (පුවත්පත්) අධිරාජ්‍යයේ එක් මූලික අරමුණක් වූයේ අනගාරික ධර්මපාලතුමා ඉලක්ක කොට පහර දීමයි.

එම පුවත්පත් සමාගමේ ප්‍රහාර කෙතරම් දරුණු වී ද යත් මෙරට සිංහල බෞද්ධ හුදී ජනීජනයා විසින් බුද්ධංකුරයෙකු ලෙස සැලකූ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමාව මුට්ට කාසි හොරෙකු ලෙස හැඟවීම දක්වා දුරදිග ගිය අති දුෂ්ඨ ක්‍රියා මාර්ගයක් විය. ඒ ධර්මපාලතුමාව ජාතික දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අරමුණු කොට ගෙන යි. එතුමා වටා එක්සිත්ව එක්රොක්ව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු බොදු හුදී ජනීජනයා එතුමාගෙන් ඈත් කරවීම සදහා යි! [ධර්මපාලතුමාට එරෙහි දැවැන්ත මාධ්‍ය ප්‍රහාරය හමුවේ එතුමාගේ සහ එතුමා මුල පුරන ලද ජාතික ව්‍යාපාරයේ ඉරණම කුමක් වීද? යුතුකම පෙබරවාරි කලාපයෙන් කියවමු

-අභය-

යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
 යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions