අප අතර සිටින් ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු වන ගුණදාස අමරසේකර සිංහල නවකතාව, කෙටිකතාව, කවිය වැනි නිර්මාණාත්මක සාහිත්‍යාංග ප්‍රගමනයට පමණක් නොව සිංහල සාහි
ත්‍ය විචාරයටත්, ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හර පද්ධතියේ උන්නතිය ීඋදෙසාත් විශිෂ්ට දායකත්වයක් සපයන ප්‍රාඥයෙකි. අමරසේකරයන්ගේ එම අසමසම සේවාව පිළිබඳව විදග්ධ පාඨකයන් දැනුවත් කිරීම අවශ්‍ය නොවන්නේය.සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම නැඟුන ද නැඟී එන සාහිත්‍යකරුවන්ට අත හිත දෙමින් ඔවුන් ධෛර්යමත් කිරීමට අමරසේකරයන් දරන ප්‍රයත්නය ගැන ලියවී ඇති තොරතුරු අල්ප බව මගේ හැඟීමයි. එබැවින් මගේ පෞද්ගලික සැමරුම් සටහනක් තුළින් මේ අද්විතීය ප්‍රඥයාගේ එම ගුණාංගය ගැන අවධානය යොමු කිරීම කාලෝචිත යැයි මට සිතේ.
ගුණදාස අමරසේකරයන් සමග මට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡා මාලාවක් පැවැත්වීමටත් පසුව ඒ සංවාද පොතක් වශයෙන් පළ කිරීමටත් හැකිවීම අමරසේකරයන් සමග පැවති සාහිත්‍යමය සම්බන්ධතාවයේ උග්‍ර ඵලය ලෙස සඳහන් කළ හැකිය. මේ සංවාද සඳහා මඟපෑදුනේ ඔස්ටේ්‍රලියාව පුරා විසුරුවා හරින ලෝකයේ විශාලතම ජන වාර්ගික ගුවන් විදුලි සේවාව වන එස්. බී. එස්. ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් නිෂ්පාදකවරයා ලෙස මා සේවය කළ කාලයේදීය. දුරකථනය ඔස්සේ සිදුකළ මේ සංවාදවලදී දන්ත වෛද්‍යවරයකු සාහිත්‍යධරයකු වූ සැටිත් වික්‍රමසිංහයන්ගේ හා සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය සේවාව ගැනත් යළි උපන්නෙමි අතහැර එක ටැමෙන් පොළොවට බට සැටිත්, පේරාදෙණි සාහිත්‍ය කල්ලියෙන් බැහැර වූයේ කුමක් නිසාද යන්නත්, සිංහල නවකතාව සේවනය නොවුණු කැඩපතක් වූ සැටිත් වැළලී ගිය අපගේ හද බස පාදාගෙන සිංහල කවිය යළිත් නඟා සිටුවිය හැකි මාර්ග ගැනත් සාකච්ඡා කළෙමු. එම සංවාද ‘ගුණදාස අමරසේකර සංවාද’ නමින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් 2023 දී පළ කෙරිණි.
එම සංවාදවලදී අමරසේකරයන් පළ කළ අදහස් කිහිපයක් උපුටා දැක්වීම වැදගත් යැයි සිතමි.
දන්ත වෛද්‍යවරයකු ලෙස විශ්වවිදයාල අධ්‍යාපනය ලැබූ ඔබ සාහිත්‍යධරයකු වූයේ කෙසේදැයි මා අසූ ප්‍රශ්නයට අමරසේකරයන් දුන් පිළිතුර මෙසේය.
‘ඔය ප්‍රශ්නය අහනකොට මට මතක් වුණා ශ්‍රේෂ්ඨ රුසියන් කෙටිකතාකරුවකු වන චෙකෝෆ්ගේ කියමනක්. චෙකෝෆ් කියලා තිබුණා ඔහුගේ නීත්‍යනුකූල භාර්යාව වෛද්‍ය වෘත්තියයි, නීත්‍යානුකූල නොවන පෙම්වතිය සාහිත්‍යයයි කියලා. මට ඒක පොඩ්ඩක් වෙනස් කරලා කියන්ට පුළුවන් මගේ නීත්‍යානුකූල භාර්යාව සාහිත්‍යයයි, නීත්‍යානුකූල නොවන පෙම්වතිය මගේ වෘත්තියයි කියලා.’
තවමත් අපේ සාහිත්‍ය අබුද්දස්ස යුගයෙන් මිදී නැති බව අමරසේකරයන් දරන මතයට විරුද්ධ අදහසක් මගේ ප්‍රශ්නයකින් මතු කළ විට එතුමන්ගේ පිළිතුර මෙබඳු විය.
‘වර්තමාන සාහිත්‍යය මෙන්ම පසුගිය දශක කිහිපයේදී පැවති අපේ රටේ සාහිත්‍යය එක්තරා විධියක අබුද්දස්ස යුගයක්. ඒ තුළ ප්‍රඥාලෝකයක් නැති සාහිත්‍යයක් තමයි අපි බිහි කරලා තියෙන්නේ. මම එයට හේතු පවා දක්වලා තියෙනවා. සාහිත්‍යය කියන්නේ නවකතාව කියන්නේ කතාන්දරකීමක් නොවේ. සාහිත්‍යය කියන්නේ පුළුල් අර්ථයෙන් ගත්තොත් රටක තියෙන දේශපාලන සංවාදයේ උත්තර සංවාදයක්. අපේ රටේ එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සේ එවැනි සංවාදයක් බිහි වුණේ නැහැ.’
මැද පන්තියේ දිගු ගමන නිරූපණය කරන ගමනක මුල නවකතාවෙන් ඇරැඹී වෙළුම් නවයකින් යුත් නවකතා මාලාවට ශ්‍රී ලාංකික සාහිත්‍ය ප්‍රජාවෙන් නිසි ඇගයීමක් ලැබී නැති බව මා සඳහන් කළ අමරසේකරයන් දුන් පිළිතුර මෙසේය.
ඒ අදහසට මම එකඟයි. අද මේ රටේ විචාරය සඳහා වාසනා මහිමය ඇති විචාරකයන් හිඟයි. ඒ වගේ වාතාවරණයකදී අපට හැකි වෙන්නේ කොහොමද උසස් නිර්මාණයකට නිවැරදි ප්‍රතිචාරයක් ලබාගන්න. මා හිතනවා කාලාන්තරයකට පසුව අපේ සමාජය වසාගෙන සිටින මෝහාන්ධකාරය දුරු වෙලා යහපත් යුගයක් උදාවුණු දවසක රටේ හරවත් දේශපාලන සංවාදයක් ඇතිවුණු දවසක අපේ විචාරකයන්ට හොඳ සාහිත්‍ය නිර්මාණ අගය කරන්ට වාසනා ශක්තිය ලැබේවි කියා.
මේ සටහන අවසන් කරමින් එතුමන්ට පැදි කිහිපයකින් දිගාසිරි පතන්ට මට අවසර දෙනු මැනවි,
ආචාර්ය පාලිත ගනේවත්ත
November 12, 2025 :Divaina
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama




0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .