රොබර්ට් නොක්ස් නැමැති ඉංගිරිසි ජාතිකයා විසින් ලියන ලද ‘The Historical Relations of the Island Ceylon’ නැමැති කෘතිය සිහි නුවණින් පරිහරණය කළ යුත්තකි. මා සිහි නුවණින් යනුවෙන් අදහස් කළේ 17 වැනි සියවසේ, එනම් නොක්ස් ජීවත් වූ කාලයේ, බටහිර චින්තනය මෙන් ම ඒ ඔස්සේ නිර්මාණය වූ පුනරුද සමයේ බටහිර ඇති වෙමින් පැවති සමාජ ආර්ථික වෙනස් වීම් වලට සාපේක්ෂව එහි ඇති කරුණු විමසා බැලිය යතු ය යන යන්න ය. සත්ය සිදුවීමක් ඇසුරෙන් ප්රබන්ධය කරණ ලද The Historical Relations කෘතියක් පමණක් නොව ප්රබන්ධයක් වූ Robinson Caruso කෘතිය හැදැරීමේ දී ද මේ විචාරශීලීත්වය අත්යවශ්ය වේ.
රොබර්ට් නොක්ස් නියෝජනය කරන්නේ කාන්තා අයිතීන් සැලකිල්ලට නොගත්, කාන්තාවන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙසින් සලකන ලද සංස්කෘතික පසුබිමක් ය.
මේ රටේ කාන්තාවන් විඳි නිදහස මෙන් ම ඔවුන් පෙන් වූ උදාරත්වය ද එවන් වූ පසුබිමකින් පැමිණි රොබට් නොක්ස් මවිතයට පත් කරන්නට ඇත. ඒ බව සනාථ කරණ අවස්ථාවන් අතරින් දෙකක් පමණක් පිළිබඳ ව ප්රේමචන්ද්ර අල්විස් මහතා විසින් කරන ලද ‘නොක්ස් දුටු ලංකාව’ නැමති නොක්ස්ගේ කෘතියේ පූර්ණ පරිවර්තනයෙන් උපුටා දක්වමි.
“…….පවුලේ අය සඳහා බත පිසීමට ගන්නා සහලින් මිටක් ගෙන මල්ලක බහා තැබීම සිංහල ගෘහණියගේ සිරිතකි. මිටෙන් මිට එසේ එකතු වන සහල් ‘මිටිහාල්’ යනුවෙන් හැඳින්වෙන අතර ඔවුහු එය ඔවුන්ගේ කැමැත්ත පරිදි දුප්පතුන්ට බෙදා දෙති; නැතහොත් යමක් ඉල්ලා දොරකඩට එන යදියන්ට පිනට දෙති. ඔවුහු ඔවුන්ගේ පුණ්ය කටයුතු තමන්ගේ වර්ගයාට පමණක් සීමා නො කරති……..”
“…ඉහළ පෙළේ පවුල්වල කාන්තාවෝ පවා බුදුන් වහන්සේ වෙත ඇති ශ්රද්ධාවෙන් මෙහෙයැ වී උන්වහන්සේ ට ගෞරවෝපාහාර පිණිස නොයෙක් පුණ්ය කර්ම සිද්ධ කරණු සඳහා අවශ්ය දේවල් එක් රැස් කිරීමට ගෙන් ගෙට සම්මාදමේ යති…..”
මේ ලිපය කියවන ඔබ සියලු දෙනා ම එදා නොක්ස් විසින් ලියන ලද මේ උදාර වූ කාරුණික වූ ද ගැහැණිය හොඳින් ම හඳුනති. ඒ ඇය තවමත් අප සමඟ ව එලෙසින් ම ජීවත් වන් බැවිනි.
ඒ එසේ වුව ද දාහත් වැනි සියවසේ මෙරට ජීවත් වූ සිංහල බෞද්ධ ගැහැණිය පෙන් වූ ඒ උදාරත්වය ද ඔවුන් විඳි නිදහස ද, කිතු සමය අදහන, සුදු හම සහිත පිරිමින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් පෙනී සිටින සංස්කෘතියක් තුල හැදුනු වැඩුනු රොබර්ට් නොක්ස් මවිතයට පත් කළා නිසැක ය.
තම සභ්යත්වයේ මේ නිරුවත වසා ගැනීමට ය අද වන විට බටහිර ජාතීන් මානව අයිතිවාසිකම්, කාන්තා නිදහස, හා නිරගමිකත්වය වැනි සංකල්ප ගොඩ නඟාගෙන නන් දොඩවන්නේ.
ජාත්යන්තර කාන්තා දිනය ද, පුනරුදය ආශ්රිත ව බිහි වුනු එම අධිපතිවාදී වූ ද පසුගාමී වූ ද සංස්කෘතිය විසින් ම අටවා ගන්නා ලද තවත් එක මෙවලමක් පමණි.
අද වන විට අපට ද ඒ මෙවලම අවශ්ය ව ඇත්නම් එය සිදු වී ඇත්තේ ගෙවී ගිය කාලය තුල ද අප ද තරමක් දුරට හෝ ඒ පසුගාමී සංස්කතියේ ම කොටසක් බවට නොදැනුවත්ව ම පත් වෙමින් පවතින නිසා විය යුතු ය.
වසන්ත දේවසිරි
25. 03. 08
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .