අනුන්ගේ කුණු සහ අපේ වැඩ
-ලසන්ත වික්‍රමසිංහ-
සමස්ත ලෝක ගෝලයෙන් 20% ක ඉඩක් ඉන්දියන් සාගරය විසින් වසාගෙන සිටියි. සිය ඛනිජ තෙල් ආනයනයෙන් ජපානය 90% ක්, චීනය 75% ක්, ඉන්දියාව 85% ක් සිදු කරන්නේ ඉන්දියානු සාගරය හරහායි. අන්තර්ජාතික වෙළඳාමෙන් 30%කට පමණ පහසුකම් සපයන්නේ ඉන්දියානු සාගර කලාපයේ පිහිටි වරායවල් මඟිනි. ලෝකය පුරා ප්‍රවාහනය වන සමස්ත බහාලුම් ප්‍රමාණයෙන් අඩක් පමණ ඉන්දියානු සාගරය හරහා ගමන් කරයි. එවන් වාණිජමය වැදගත් කමක් ඇති ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකය අපේ රට අක්ෂාංශ-දේශාංශගත වී ඇත්තේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 25% ක්, එනම් වාර්ෂිකව ටොන් මිලියන 550ක් පමණ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සාගර කලාපය හරහා ප්‍රවාහනය වේ.
එසේම, මේ සුවිශේෂී පිහිටීම නිසා ලෝක බලවතුන් අතර සිදුවන බල තරඟයේ පා පන්දුවක් බවට පත්වන්නට අපගේ මාතෘභූමියට සිදු වී ඇත. එම අතෝරයට අමතරව, පිහිටීම නිසා ම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයන් කිහිපයක් ද පවතියි. ලෝක මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ලංකාව යොදාගැනීම, මිනිස් ජාවාරම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදාගැනීම, නීති විරෝධී ලෙස මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ලක්වීම සහ මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම වැනි අප නිතර අසා පුරුදු අභියෝගයන් ඒ අතර වේ. ඊට අමතරව "ජාත්‍යන්තර කුණු" අපගේ අලුත්ම අභියෝගයද යන ගැටලුව දැන් අප ඉදිරියේ මතුව තිබේ. 2018 වසරේ සිට චීනය අපද්‍රව්‍යය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ බොහෝ රටවල කුණු වලට යන එනමං නැති වී තිබේ. සේද මාවත දිගේ මත්ද්‍රව්‍ය පැමිණි ලෙස අනුන්ගේ කුණුත් අපේ රටට පැමිණීමේ අවදානම දැන් ඉහළය.
කොළඹ වරායේ අංගනවලින් කුණූ බහාලුම් මතුවූ පුවත වෙත කාගෙත් අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් ආයතනය මගින් මෙම බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම නම් සමාගමක් මඟිනි. 2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා කාලය අතර මෙවැනි බහාලුම් 241 ක් කොළඹ වරායට සේන්දු වී ඇත. ඒවා ආනයනය කර ඇත්තේ භාවිතා කළ මෙට්ට ලෙස සඳහන් කරමිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටියේ එම ඇතැම් මෙට්ට කවර තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පවතින බවයි. මෙලෙස ගෙන ආ බහාලුම් 241න් 130 ක් කොළඹ වරායෙන් හේලීස් ෆ්‍රී සෝන් නම් ආයතනය භාණ්ඩ ලබන්නා (consignee) ලෙස ආයෝජන මණ්ඩල නිෂ්කාෂණ යටතේ රැගෙන ගොස් ඇත. ඉතිරි බහාලුම් 111, කොළඹ වරායේ අංගන තුනක තවමත් රැදී ඇත.
කුණු ආනයනය පිළිබඳව කතිකාවක් මීට පෙර කරළියට එන්නේ සිංගප්පුරු ගිවිසුමට න්‍යෂ්ටික අපද්‍රව්‍යය, සායනික අපද්‍රව්‍යය, මළ අපද්‍රව්‍යය සහ නාගරික අපද්‍රව්‍යය වැනි විෂ අපද්‍රව්‍යය ශ්‍රී ලංකාවට බදු රහිතව ආනයනය කිරීම සඳහා වන ලයිස්තුවට ඇතුළත් කිරීම නිසායි. සිංගප්පූරු ගිවිසුමේ කුණු පිළිබඳව ප්‍රශ්න කරන විට රජයේ ප්‍රධාන උත්සාහය වූයේ ඒවා බොරු බව කීමය. පිටු දාහකට වැඩි ඉංග්‍රීසියෙන් පමණක් ඇති මේ ගිවිසුම සොයාගෙන කියවන්නට රටේ බහුතරයක් උනන්දු නොවන බව දන්නා ඔවුහූ එහි අන්තර්ගතයේ ඇති දේම, "නොමැති" බව කීමට නොපැකිළුනෝය. එසේම තවත් අවස්ථාවල සිංගප්පූරු ගිවිසුමේ කුණු අඩංගුව බව පිළිගෙන, ඊට පුදුමාකාර පිළිතුරු ලබා දුන්නෝය. ඔවුන් ලබා දුන් එක් පිළිතුරක් වූයේ අපද්‍රව්‍යය මෙම ගිවිසුමට ඇතුළත් වුවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික බාසල් සම්මුතියට අත්සන් කර ඇති නිසා එලෙස කුණු ලංකාවට ගෙන ආ නොහැකි බවය. තවත් වරෙක ඔවුන් පැවසුවේ සිංගප්පූරු ගිවිසුමේ කුණු තිබුණද, කුණු ගෙන ඒම වැළැක්වීම සඳහා රටේ අභ්‍යන්තර නීති ඇති නිසා, විශේෂයෙන්ම ඒ සඳහා මධ්‍යම පරිසරයේ අවසරය ලබාගත යුතු නිසා එවැන්නක් සිදු නොවනු ඇති බවකි.
දැන් සිංගප්පූරු ගිවිසුමේ සම්බන්ධයක් නැතිව හෝ එංගලතයේ කුණු මෙරටට ආනයනය කර තිබේ. එපමණක් නොවේ, ඒ කුණු ගෙන ඒම 2013 දී ප්‍රතිඅපනයනය සඳහා නිකුත්කළ ගැසට් පත්‍රිකාවකට අනුව බලය ලැබී ඇති බව රජයේ සහ රජයට සහය දෙන පක්ෂවල මන්ත්‍රීවරුන් පවසයි. රේගු නිලධාරීන්ද පැවසුවේ 2013 දී නිකුත් කළ එම ගැසට් පත්‍රය නිසා, රේගු ආඥා පනත ප්‍රතිඅපනයට බලනොපාන නිසා තමනට ඒවා පරීක්ෂා කළ නොහැකි බවයි. නමුත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රතිඅපනයනය සඳහා නිකුත් කළ එම ගැසට් පත්‍රය උපුටා දක්වමින්, රේගු දෙපාර්තුමේන්තුවට මෙම බහාලුම් පරීක්ෂා කළ හැකි බව පෙන්වා දුන් අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද එම ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නොමැති බව ප්‍රකාශ කළේය. අවසානයේ සිදු වී ඇත්තේ කිසිවෙකුගේත් වරදක් නොමැතිවම, සායනික අපද්‍රව්‍යය ඇතුළත් කුණු කන්ටේනර් 241ක් අපේ රටට ඇතුළු වීම පමණකි.
මේ සිද්ධියත් සමඟ අපට තවත් වැදගත් කරුණක් පෙනී යා යුතුය. එනම්, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කළ අපද්‍රව්‍ය මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කරන්නට රජය උපයෝගී කර ගත් රටේ අභ්‍යන්තර නීති පද්ධතිය සහ අන්තර්ජාතික බාසල් සම්මුතිය පිළිබඳව තර්කය එහෙම්පිටින්ම පුස්සක් වී ඇති බවයි. රට තුළ ඒ සඳහා පවතින නීති පද්ධතියේ මෙන්ම, පවතින නීති රෙගුලාසි හරියාකරව ක්‍රියාත්මක කිරීමේ සහ ඒවා නිලධාරීන් විසින් නිසි ආකාරව වටහා ගැනීමේ පවා ගැටළු ඇති බව දැන් පෙනී යයි. ඊටත් ඉහළින්, ඒ සියල්ල එලෙස පවත්වාගෙන යන දූෂිත අධම ක්‍රමයකුත් මේ රට තුළ ක්‍රියාත්මක නොවේද?
මේ කුණු ප්‍රශ්නය ගැන, මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් අපට මීට පෙර ලබාගත හැකිව තිබුණි. සත්‍ය වශයෙන්ම, ඒ සඳහා ගත යුතු ඇතැම් පියවර ගැන නිර්දේශයන් අප සතුය. ඒ සිංගප්පුරු ගිවිසුම පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂමන් මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව තුළයි. සිංගප්පූරු ගිවිසුම අළලා කුණු සඳහා ඉදිරිපත් කළ ඒ නිර්දේශ කිහිපය අනුව ලංකාවට බලපාන මේ අනුන්ගේ කුණුවල නෛතික සහ ප්‍රායෝගික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් මේ වාර්තා කිසිවෙකු හෝ කියවා බලනවාද නැතිනම් කෙළින්ම කුණු කූඩයට දමනවාදැයි අපි නොදනිමු.
ඉන්දියානු සාගරයේ සේද මාවතේ මැද ශ්‍රී ලංකාව ප්‍රතිඅපනයයන සඳහා ඉතාම උචිත ස්ථානයක පිහිටා ඇති බැවින්, එය පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුළට කාර්මික අපද්‍රව්‍යය, සායනනික අපද්‍රව්‍යය, න්‍යෂ්ටික අපද්‍රව්‍යය විශාල වශයෙන් රට තුළට ඇතුළත් වීමේ අවදානමක් ඇති බවට රට තුළ ප්‍රබල මතයක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. සිංගප්පූරු ගිවිසුම මඟින් බදු රහිතව මෙරටට ආනයනය සඳහා සුදුසුකම් ලබන භාණ්ඩ ලයිස්තුවට මෙකී අපද්‍රව්‍යය ඇතුළත් කර ඇති බව පවසන එම විශේෂඥ කමිටු වාර්තාව, ඉන් කුමන ඒවා රට තුළට ගෙන ආ නොහැකිද යන්න පිළිබඳව ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙයි.
1969, අංක 1 දරන ආනයන අපනයන පාලන පනත සහ 1985 සහ 1987 සංශෝධිත පනත් අනුව, බලයලත් අමාත්‍යවරයාට කිසියම් භාණ්ඩ වර්ගයක් ආනයනය හෝ අපනයනය හෝ තහනම් කිරීම සඳහා හෝ හඳුනාගත් භාණ්ඩ සඳහා ආනයනික බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පැනවීම සඳහා හෝ රෙගිලාසි පැනවිය හැකිය. එවැනි ගැසට් පත්‍රයක් අවසාන වරට නිකුත් කර ඇත්තේ 2017 නොවැම්බර් 9 වනදායි. එම ගැසට් පත්‍රය අනුව, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති අපද්‍රව්‍යය බහුතරයක් ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව මෙරටට ගෙන්විය හැකිය. සිංගප්පූරු ගිවිසුමේ ඇතුළත් ඉතිරි අපද්‍රව්‍ය වර්ගවලින් සුළු ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අතර, අනෙක් අපද්‍රව්‍යය වර්ග ආනයන බලපත්‍රයක්වත් නොමැතිවම මෙරටට ගෙන්විය හැකිය. විශේෂඥ කමිටුව පෙන්වා දෙන්නේ සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති මළ අපද්‍රව්‍යය සහ සායනික අපද්‍රව්‍යය මෙරටට ආනයනය කිරීම තහනම්කොට තබා, ආනයනික බපත්‍රයක් ලබාගැනීමේ කොන්දේසියටවත් යටත් කොට නොමැති බවයි. එලෙස මෙරටට කුණු ආනයනයේ ඇති නෛතික තත්වය පෙන්වා දෙන විශේෂඥ කමිටුව සිංගප්පුරු ගිවිසුම මඟින් ඇති විය හැකි කුණු අවදානම අවම කිරීමට ගත හැකි පියවරයන්ද නිර්දේශ කර ඇත..
දැන් මේ එංගලන්තයෙන් කුණු ගෙන ආ සිද්ධිය සඳහාද කමිටු පත් කර පරීක්ෂණ පවත්වනු ඇත. ඊට පෙර, රජය විසින් කුණු ගොඩට දමා තිබෙන සිංගප්පූරු ගිවිසුමේ විශේෂඥ කමිටු වාර්තාවේ කුණු සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සළකා බැලීම වටින්නේ, ඒ මඟින් පොදුවේ අපද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ අවදානම අවම කර ගැනීමට නිර්දේශ යෝජනා කර ඇති බැවිනි. අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා සඳහා සහභාගී වු කණ්ඩායමට ද මේ කුණු ප්‍රශ්නය ගැන කිසිදු අවබෝධයක් නොවීය. නමුත් කිසියම් ජාවාරම් කාරයින් පිරිසක් මේ පිළිබඳව දැනුවත්ව සිටියාදැයි අපි නොදනිමු. රජයේ නාලිකාවක අදහස් දැක්වූ සිංගප්පුරු ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි රජයේ නිලධාරියෙකු වූ මංගල යාපා මහතා ප්‍රකාශ කළේ තමා සිංගප්පුරුවේ කුණු තියෙනවා දැකලවත් නැති බවත් ඒ නිසා එවැනි අනියත බියක් ඇති කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය. ඒ ආකාරයට සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ කටයුතු සිදු වූයේ ඉතාමත්ම වගකීම් විරහිතවය. විශේෂඥ කම්ටු වාර්තාවෙන්ද ඒ බව පැහැඳිලි වේ. එම වාර්තාවට අනුව එම ගිවිසුම මඟින්ට අත්වන වාසියක් ද නැත. එසේම, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා නිසි පරිදි ලබාගෙන නොවේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ.
සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඕනෑම මොහොතක අහෝසි කළ හැකි බව, එදවස එය සාධාරනීකරණය කරන්නට ආ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා කණ්ඩායමේ නිලධාරීහූ පැවසුවෝය. එසේනම්, තවත් ගැටළු ඇතිවන තෙක් බලා නොඉඳ වාසි නැති, පාඩු වැඩි සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීමට වහා පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය
[දිනපතා 'අරුණ' මංගල කලාපයේ පළකළ ලිපිය]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .