8/12/2019

පොදුජන පෙරමුණ හා පොදුජන අපේක්ෂා

කතෘ:යුතුකම     8/12/2019   No comments

-ගෙවිඳු කුමාරතුංග
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මංගල පක්ෂ සම්මේලනය අද (2019 අගෝ. 11) දින පැවැත්වීමට නියමිතය. ඒ නිසා පොදුජන පෙරමුණ හා බැඳුණු මේ රට හුදීජන අපේක්ෂා කවරේ දැයි සලකා බැලීමට මේ සුදුසු මොහොතකි. පොදුජන පෙරමුණේ ඒකායන අධිෂ්ඨානය විය යුත්තේ ඒ හුදීජන පැතුමක් සපුරාලීමේ අතිමහත් අභියෝගය ජය ගැනීමය.

පොදුජන පෙරමුණ බිහි වන්නේම සවිඥානිකව හෝ අවිඥානිකව හෝ ජාතික අපේක්ෂා හදවතින් ගත් හුදීජන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසය. එදා 1815 දී තමන්ම සැපයූ මiසාරවල අනුහසින් අසිහියෙන් ක‍්‍රෑර කි‍්‍රයාවන්හි නිරත වූ රජු පලවා හැර යුක්ති සහගත පාලනයක්් ස්්ථාපිත කිරීමේ ව්‍යාජයෙන් පැමිණි සුද්දාට රැවටුණු අපි වසර දහස් ගණනක් රැක ගත් නිදහස් ස්වාධීන රාජ්‍යය ද අහිමි කරගන්නෙමු. එලෙසම මෙදා 2015 දී යහපාලනයක නාමයෙන් බටහිර විජාතික බලවේග සිදුකරන ලද කුමන්ත‍්‍රණයට ගොදුරු වූයෙමු.

එහිදී බටහිර බලවේග මේ ලංකාද්වීපයෙන් ත‍්‍රස්තවාදය සහමුලින්ම පරදා ලැබූ ඓතිහාසික ජයෙන් පිබිදුණු ස්වාධීන, ශක්තිමත්, සෞභාග්‍ය සම්පන්න රටක් බිහිවීමට එරෙහිව කෙරුණු කුමන්ත‍්‍රණයෙහි ශී‍්‍ර ලංකා රජයම දියකර හැරීමේ කුමන්ත‍්‍රණයෙහි කොටස්කරුවන් බවට තම සහචරයන් වූ එක්සත් ජාතික පක්ෂය හා එන්්. ජී. ඕ. සංවිධාන ජාලය පමණක්් නොව දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළඋරුමය ද පත් කර ගැනීමට සමත්් විය. එපමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස්්් පක්ෂයේ් ලේකම්වරයා හා ඒ මගින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයම, එක්සත් ජනතා නිදහස් සන්ධානයම ගොදුරු කර ගැනීමට සමත් විය. එමගින් 2015 ජනාධිපතිවරණයේදී මේ කුමන්ත‍්‍රණයට එරෙහිව ඡුන්දය දුන් 58 ලක්ෂයක් ජනතාවට මෙන්ම කුමන්ත‍්‍රණයට ගොදුරු වූ 62 ලක්ෂයක ජනතාව අතරින් තමන් කුමන්්්ත‍්‍රණයක ගොදුරු වූ බව වටහා ගත් ජනතාවට ද තමන්ගේ මතය ප‍්‍රකාශ කළ හැකි තම අභිමතය වෙනුවෙන්්් සංවිධානය විය හැකි දේශපාලන පක්ෂය ද ඔවුනට අහිමි කර තිබිණි.

මේ විජාතික කුමන්ත‍්‍රණයේ අපේක්ෂකයා වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ඡන්දය දුන් 58 ලක්ෂයක් වූ ජනයාගේ පක්ෂයේ් හා සන්ධානයේ නායකත්වය මෛති‍්‍රපාල සිරිසේන මහතා අතට පත් කිරීම මේ රට දේශපාලන ඉතිහාසයේ් මතු නොව ලෝක ඉතිහාසයෙහි ද දරුණුතම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝ්ධී කි‍්‍රයාවකි. එය සිරිමාවෝ්් බණ්ඩාරනායක මැතිනියගේ්් ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට වඩා කෲරය. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට වඩා බිහිසුණුය. 58 ලක්ෂයක් ජනයාගේ දේශපාලනය කිරීමේ අයිතිය, යාන්ත‍්‍රණය උදුරා ගැනීමක් පමණක් නොව තමන් ඡුන්දයෙන්, කතිරයෙන් ප‍්‍රතික්ෂේ්ප කළ විජාතික නායකත්වයේ කුමන්ත‍්‍රණයේ දාසයන් බවට ද පත් කිරීමකි. දේශපාලන ලෝකයේ මීට වඩා ම්ලේච්ඡුත්වයක් පැවැතිය හැකිද?

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි වූ අරමුණ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පැවැත්මේ පදනම සලකා බලන කල මේ කි‍්‍රයාවෙහි සහාසික භාවය මැනවින් විශද වේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේම ජාතික අපේක්ෂා වෙනුවෙනි. නිදහස වෙනුවෙන් ජාතික සංගමය ප‍්‍රමුඛ සියලූ බලවේග එකතුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂය නිදහස් ස්වෛරී රාජ්‍යයක් පිළිබඳ අපේක්ෂා ගැන, ජාතික අභිලාෂ ගැන තැකීමක් නොකරන බව මේ රටේ හුදී ජනයාට වැටහෙන්නට වූ විට ඒ අභිලාෂ සාක්ෂාත් කරගනු පිණිසය. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් ගේ වචනවලින්ම කියතොත්, ‘‘නිදහස පිළිබඳ වෙස් මාරුවෙන් පෙනී සිටිමින් ඇත්ත වශයෙන් යටත් විජිත ක‍්‍රමයට සිතුවා වූද කි‍්‍රයා කළා වූද නිදහස යන්නෙන් පාලකයන් වෙනස් වීම විනා ඊට වැඩි ලොකු වෙනසකට භාජනය නොවූ ජනතාවගෙන් ඉතා වැඩි කොටසේ අවශ්‍යතාවන් පිළිබඳ අල්පමාත‍්‍ර සැලකිල්ලක් පමණක් දැක්වූවා වූද....’’ එක්සත් ජාතික පක්ෂ පාලනයට විකල්පයක් ජනතාවට ලබාදීමය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිදු කෙරුණු යෝජනා ස්ථිරත්වයකින් ජනාධිපති අපේක්ෂකයා කෙරෙන්නෙකු යටතට පත් කෙරෙනුයේ මේ පක්ෂයයි.

මේ නිසා 2015 ජනාධිපතිවරණ විජාතික කුමන්ත‍්‍රණය ජයග‍්‍රහණය කළ අවස්ථාව ජනාධිපති තනතුර පමණක් නොව ආණ්ඩුව සේම විපක්ෂය ද විකල්පය ද කුමන්ත‍්‍රණකරුවන් නතු කරගත් අවස්ථාවකි. ඒ අවස්ථාවේදී ජයග‍්‍රාහකයා අත්වැල් බැඳ ගැනීමට නිදහස් චතුරස‍්‍රයට, රජ ගෙදරට, අරලියගහ මන්දිරයට ඇදී යනවා වෙනුවට පරාජය කරනු ලැබූ තම නායකයා සොයා සිය ගණනින් දහස් ගණනින් දසදහස් ගණනින්, ලක්ෂ ගණනින් මැදමුලනට ඇදෙන්නට වූ ජනී ජනයා ගැසූ කැරැල්ල, පක්ෂයක, සංවිධානයක මෙහෙයවීමකින් තොරව, තම හදවතේ ඇණවුම මත සිදු කෙරුණු හුදී ජනයාගේ කැරැල්ල නොවන්නට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේගවල මෙහෙයවීම මත දේදුනු විප්ලව සිදු කෙරුණු ලිබියාවේ, ඉරාකයේ නායකයන්ට අත්වූ ඉරණම ම අප රටේ ජාතික නායකත්වයට ද අත්වනු නොඅනුමානය. එසේ වී නම් ජිනීවා යෝජනා සහමුලින්ම කි‍්‍රයාත්මකව විදේශීය විනිසුරුවන්ගෙන්, අභිචෝදකයන්ගෙන් සමන්විත අධිකරණ කි‍්‍රයාවලියක් මගින් කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්, යුද අපරාධකාරයන්, මනුෂ්‍ය ඝාතකයන්, ස්තී‍්‍ර දූෂකයන් ලෙස අවමානයට ලක් කර දංගෙඩියට දැක්වීම මේ වනවිට සිදු කර අවසාන වනු ඇත. යහපාලනය හා සංහිඳියාව වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මතව වසර දහස් ගණනක් පරපුරෙන් පරපුරට දිවි පුදා රැක ගත් ඒකීය ශී‍්‍ර ලංකාව මතු නොව ශී‍්‍ර ලංකා රාජ්‍යයම අරාජිකව, ස්වයං විනාශයට පත්ව තිබෙනු ඇත. ලිබියානු ජනතාවට මධ්‍යධරණී මුහුදේ පිහිට හැර අන් පිළිසරණක් නොමැති වූවා සේම මේ රටේ ජනී ජනයාට ද ඉන්දියන් සාගරයේ පිහිට හැර පැතිය හැකි අන් පිළිසරණක් නොමැති වනු ඇත. ඇක්සා, සෝෆා හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් හරහා ඉන්දියානු සාගරයේ ඇමරිකානු නාවික හමුදාවන්හි අගුපිළක් බවට ශී‍්‍ර ලංකාව පත් කර ගැනීමට දරන ප‍්‍රයත්නය ඉෂ්ට සිද්ධව තිබෙනවා ඇත.

හුදී ජන කැරැල්ල, ප‍්‍රතිරෝධය ඉහත සියල්ල කුමන්ත‍්‍රණකරුවන්ට අවශ්‍ය වූ ආකාරයට සම්පූර්ණ වීම කල් දැමීමට සමත් වුව ද ඒවායෙහි පියවර කි‍්‍රයාවට නැඟීම නතර කරලීමට හෝ මුළුමනින්ම පරාජය කරලීමට හෝ සමත් වී නොමැත. ඒ බව 19 වැනි සංශෝධනය මගින් ශී‍්‍ර ලංකා රාජ්‍යය අබල දුබල කර ඇති ආකාරයෙන්, ජිනීවා යෝජනා හා එකඟව අතුරුදන්වූවන්ගේ කාර්යාල, වින්දිතයන් සඳහා හානිපූරණ කාර්යාල ආදිය පිහිටුවා ගැනීමෙන් ස්වදේශික නිෂ්පාදකයන් මතු නොව දේශීය ශ‍්‍රමිකයා හා වෘත්තිකයා ද අනාරක්ෂිත කෙරෙන සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම කි‍්‍රයාවට නැඟීමෙන් ඇමරිකානු නාවුක හමුදාවන්ට මෙරට වරාය, ගුවන් තොටුපළ, මහාමාර්ග අත්පත් කර ගැනීමට හා භාවිතයට ඉඩ සලසන ‘ඇක්සා’ ගිවිසුම රටට හොරා අත්සන් කිරීමෙන් මොනවට පැහැදිලිය. ඒ පමණක් නොවේ. 2015 මහ මැතිවරණ ප‍්‍රතිඵලය ද කියා පෑවේ හුදීජන පැතුම් කි‍්‍රයාවට නැඟිය හැකි ශක්තිමත් සංවිධාන ව්‍යූහයක අවශ්‍යතාවය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ බිහි වූ පසුබිම මෙබඳුය. ඒ පක්ෂය පිහිටුවීම මේ රට ජනී ජනයා අනුමත කළ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අන් සියලූ දේශපාලන පක්ෂ අභිබවා යන ජන වරමක් ලැබීමෙන් මොනවට පැහැදිලි විය. දැන් පොදුජන පෙරමුණේ වගකීම වනුයේ 2015 විජාතික කුමන්ත‍්‍රණයට රටම ගොදුරු වීම නිසා දේශපාලනික, ආර්ථික, සමාජීය, ආධ්‍යාත්මික දෑ සෑම ක්ෂේත‍්‍රයකම සිදුව ඇති, සිදුවෙමින් ඇති, සිදු කෙරෙමින් ඇති මහා පරිහානියෙන්, විනාශයෙන් රට බේරා ගැනීමය. ඒ හා සමගම නිදහස පතා කළ අරගලයන්ගේ අප රට ජනයා සාක්ෂාත් කර ගැනීමට තැත් කළ ජාතික අභිලාෂයන් ඉටු කරලීමය. පියවරෙන් පියවර අපගේම වූ සභ්‍යත්ව රාජ්‍යයක් කරා පියනැඟීමය.

එහෙත් මේ සියල්ලට පෙර, මේ සියල්ල වෙනුවෙන් විජාතික කුමන්ත‍්‍රණයෙන් රට බේරාගත යුතුව ඇත. විජාතික ඒජන්තයන්ගේ ග‍්‍රහණයෙන් රට මුදා ගත යුතුය. ඒ සඳහා එළැඹෙන ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජයගත යුතුය. ඒ වෙනුවෙන් ස්වදේශිකත්වයේ සකලවිධ බලවේග එක්සේසත් කළ යුතුය. එහිදී පොදුජන පෙරමුණ නිහතමානීව, දූරදර්ශීයව හා ආදර්ශවත් ලෙස කටයුතු කරනු ඇතැයි යන්න පොදුජන පැතුමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook:https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions