8/21/2019

පරාජයේ සහ අරාජිකත්වයේ පියවරු අභිෂේක කිරීම

කතෘ:යුතුකම     8/21/2019   No comments

-කැලුම් නිරංජන
අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදය


සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ මැද රෝහණ විජේවීර විසින් ජවිපෙ බිහිකරන්නේ එතෙක් පැවති පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග මුල් ඇල්ලිය හැකි යැයි විස්වාස කරන පදනමක සිටය. "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත්ය. සමාජවාදයට මග වැටී තිබෙන්නේ අධිරාජ්‍ය විරෝධයත් එය පදනම්ව නිර්මාණය වන ජාතික විමුක්ති අරගලය ඔස්සේත් බව විජේවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය. එසේ වුවත් ජවිපෙ විටෙක අමු මාක්ස්වාදය දෙසටත් විටෙක ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලනය වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ පහසු නිරීක්ෂණයකි. ජවිපෙ මර්දනයෙන් පසු නැවත නැගිටි 93න් පමණ පසුද මෙය විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමග පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදීන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු හොඳින් පෙණින.
94න් පමණ පසු සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ඩී.එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය. ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව අවංකවම සිදු කල මැදිහත්වීමක් නොව ඒ අවස්ථාවෙන් එතෙර වීමට තෙප්පමක් ලෙස භාවිතා කල බවට එකල චෝදනා එල්ල විය. ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණයට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ ස්ථිර කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය. ඉන්පසු ජවිපෙ නොනිල සටන් පාඨය බවට පත් වූයේ "ජාතිකවාද විරෝධයයි".

අවුල 2004 ද ?

2004ට පෙර වන විට මෙරට පත්ව තිබුනේ රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි. එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා සහමුලින්ම යළි යටත්විජිතකරණයට කැමැත්තෙන්ම හසු වෙමිනි. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට අත්වැලකි.

"2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත්, "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය. එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. "
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින

මේ තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍යය සේ සලකා ජවිපෙ චන්ද්‍රිකා ආණ්ඩුව සමග දීගයට එළබිණ. නමුත් කුමාරතුංග මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව ගෙන ආ මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම ලෙස රෝහණ විජේවීර සහෝදරයා සූත්‍රගත කර තිබූ අධිරාජ්‍යවිරෝධයට අනුකූල වූයේ සුනාමි සහන මණ්ඩලය, බෙදුම්වාදය ශක්තිමත් කරන අධිරාජ්‍යවාදී උවමනාව සමග සමපාත වූ බැවිනි.
ඒ අතින් 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් 41 ක් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි.

නමුත් සෝමවංශ අමරසිංහ මහතාගෙන් පසු ජවිපෙ නායක්ත්වය ලබාගත් අනුර කුමාර දිසානායක මහතා නායක්ත්වයට පත් වීමෙන් පසු පැවැත්වූ සම්මුඛ සාකච්චා දෙකකදී දැක්වූ පහත අදහස් වලින් ඔහු ඒ ආ ජනතා ආකර්ෂණය ලද ජයග්‍රාහී මාවත දකින අයුරු බලන්න.

" 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් කළා. එහිදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. ඒ තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය"

"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005, 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. "
-අනුර කුමාර දිසානායක - Daily Mirror 2014 පෙබරවාරි 07

2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී ජවිපෙ මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නායකයා පල කල ඉහත අදහස.

ජවිපෙ නායකයා පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද?
සැබෑවටම ජවිප වල්මත්වී වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද?
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් , පොදුවේ ජනයාට එකතු විය හැකි පෙරමුණක් පිළිබඳ කතාවලට එහා ගිය අවංක හැඟීමක් ඇත්තම් , 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් එතෙක් බලා සිටින්නට ගත් භාග තීරණයයි.
එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය.

පරාජයේ සහ අරාජිකත්වයේ පියවරු අභිෂේක කිරීම

සෝමවංශ අමරසිංහ මධ්‍යම කාරක සභාව හමුවේ එදා 'ජවිපෙ කැමැත්තෙන්ම සිරිසඟබෝ භූමිකාවට පණ පෙවීමක්' ලෙස හැඳින්වූ 2005 දී ගත් භාග තීරණයෙන් ඇරඹි ගමනෙන් ජවිපෙ මේ තරම් පසුබෑමකට වැටිණි නම් ජවිපෙ අද නායකත්වය එදා 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් අද , පක්ෂ කාඩරයට එහා ගිය පොදු ජනයා ඒකරාශී කළ හැකි සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කීරීම අගයන ස්ථාවරයකට (දශකයකට පසු හෝ) මාරු වීම දෛවෝපගතය.
නමුත් අද මේ දමා ඇත්තේද ඒ පරාජයේම තවත් දිගුවකට අත්තිවාරමයි. මේ ගමන් කරවමින් තිබෙන්නේ එදා සෝමවංශ අමරසිංහගේ මූලිකත්වයෙන් දැනුවත්ව මෙහෙයවූ ජනයා දිනාගන්නා ස්වදේශවාදී එකමුතුවක් වෙනුවට එයට සපුරා ප්‍රතිවිරුද්ධ දිශාවටය. එදා දේශ හිතෛශී ව්‍යාපාරය, ම්ව්බිමේ ඒකීයභාවය-නිදහස වෙනුවෙන් නිස්සරණධ්‍යාශයෙන් කැපවූ භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ මහ පොළවේ බලවේග ආදිය වෙනුවට අද ජවිපෙ මුලික පෙරමුණේ මුල් පුටු අරක් ගෙන සිටින්නේ කලක් පුරා පොදු සමාජයෙන් ප්‍රතික්ෂේප කෙරී ඇති බෙදුම්වාදීන්, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිකයන්, සමාජ වෛරයෙන් පැසවන නළු නිළියන්, ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ පණ්ඩිතයන්, ජවිපෙ එදා වහ කදුරු වූ මාධ්‍ය ආදී එදා ජවිපෙ දේශ හිතෛශී මෙහෙවරට පණ දෙද්දී එහි මාරාන්තික විරුද්ධවාදීන්ව සිටි පිරිසයි.

විජාතික මනස්, විජාතික න්‍යායපත්‍රයන් ඇත්තන් පෙරමුණේ තබා 'ජාතික' ලේබලය ඇලවූ පෙරමුණු අටෙව්වාට එය ජාතික වන්නේ නැත. පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහගේ රැස් වලල්ලේ සිට බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කර දීමට දිවා රෑ වෙහෙසුනු බෙදුම්වාදී කප්පිත්තන් අනුර කුමාර ජනපති කරන වේදිකාවේ කෑ මොර දී කියන්නේ ඔවුන් අපේක්ෂා කරන අපේක්ෂකයා ඔවුන් විසින් නිර්මාණය කරගෙන ඇති බවයි. තමන් විසින් 2015 දී පිරුවටක් ලෙස හංසයාට ඇන්දවූ දූෂණ විරෝධී සළුවට මහ බැංකුව කඩා මළ පහ කළ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කෙලින් පෙනී සිටින්නට මේ බොහෝ දෙනාට අද ශක්තියක් නොමැත. අනුර කුමාර තේරෙන්නේ එතනදීය. ඒ සඳහා පසුගිය කාලය පුරාම ඔහු ඕනැවටත් වඩා ඒ සඳහා සුදුසුකම් පෙන්වා තිබේ. රට අස්ථාවර කර ,අරාජික කර බිඳ වැට්ටවූ 19 වැනි සංශෝධනයට ප්‍රමුඛම දායකත්වය දෙමින්, රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අත ඔසවන්නට සැදී පැහැදී සිටි, රට අස්ථාවර කරන 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එමින් ජවිපෙ නායකත්වය ක්‍රියාකළ ආකාරය මේ ජනාධිපතිධූරාපේක්ෂකත්වයට පත් කරගැනීමට එහි පසුපස සිටින්නන්ට ඉතා පහසු තීරණයක් වූවාට සැක නැත. රණවිරු දඩයම් පනතට අත එසවීම එහිදී ඉහළ ලකුණු ලැබූ අමතර සුදුසුකම් වූවාට සැක නැත.
එය කොතෙක් සමාජය විසින් ග්‍රහණය කරගනීද යන්න (අවසාන මොහොතේ චන්ද සටනින් ඉවත්ව 2015 හිටගත් පොදු එකතුව සමග සිට නොගතහොත්) මැතිවරණ ප්‍රතිඵලවලින් තහවුරු වනු ඇති.

අනුර දිසානායක වෙනුවට කලින් කතාබහට ලක් වූ හිටපු විගණකාධිපති වරයා වැන්නෙකු අපේක්ෂකයා කරගත්තේ නම් මේ පෙරමුණට (කවුරුන් ආවත් ජන්දය දෙන) ජවිපෙ කාඩරයට එහා ගිය චන්ද ප්‍රමාණයක් ලබාගත හැකිව තිබූ බව පොදු මතයයි. නමුත් මොවුන්ගේ අපේක්ෂාව නොදිනන ඉදිරි ජනාධිපතිවරණය නොව එමගින් ජවයක් ගන්නා ඊලඟ මහ මැතිවරණයයි. එමෙන්ම ඉහත කිසිවකුත් වඩා මේ ක්‍රියාවලිය පිටුපස සිටින විජාතික මනස්වල විස්වාසය ජවිපෙ නායකයා කෙරෙහි පසුගිය කාලය පුරාම ගොඩ නැගී තිබීම මේ තොරාගැනිමට මූලික හේතුව වූවාට සැක නැත.
"මා කිසිසේත්ම ඔබ මා කෙරේ තැබූ විස්වාසය කඩ කරන්නේ නැත" යනුවෙන් සිය පළමු කතාවේදීම ජනපති අපේක්ෂකයා සපත කරන්නේ ඒ විස්වාසය ගැන වන්නට පුළුවන.

"අරුණ" - 2019 අගෝස්තු 21

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions