- සමරිසි විරෝධී ජවිපෙ පාක්ෂිකයෙකුගේ පාපොච්චාරණය
අනුර සහෝදරයා සමනලයෙකු ලෙස හැඩගැන්වූ මෙම ජායාරූපය පල කර තිබුනේ ත්‍යාගරාජා වරදාස් යන සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එමෙන්ම ජාතික ජන බලවේගය තුල සිටින මහතෙකු විසින් උද්යෝගයෙන් පසුගිය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ලියා තිබූ ලිපියකිනි.ලාංකීය සමාජය සිංහල බෞද්ධත්වය වැඩි වශයෙනුත් අනෙකුත් සංස්කෘතීන්ගේ එකතුවකින් සෑදුනු සංස්කෘතියක් ඇති මිනිසුන් සිටින සමාජයකි. ඔවුන් ගේ සමාජය යනු එක් ඒකකයකි. එය තුල විවිධ ප්‍රතිවිරෝදී තැ පැවතියද ඇතැම් දේ සම්බන්ධයෙන් මේතුල ඇත්ත් ඒකාත්මික බවකි. සදාචාරය ලිංගිකත්වය විවාහය වැනි දේ සම්බන්ධව අප තුල විශාල වෙනස් කම් නොමැත. මෙම ජීවන රටාව තුල අඩුපාඩුකම් පැවැතියද අප කිසිවිටක ඇමරිකානු පන්නයේ ජීවන රටාවකට කැමති නොවන්නෙමු නාගරිකව ජීවත්වන මධ්‍යමපාන්තික කොටසකට එය ඇවැසි උවද අති බහුතරයක් වු බුලත්විටක් කා පන්සලට ගොස් බුදු හාමුදුරුවන්ටත් වැඳ පසුදා උදෑසන ජාතික ජන බලවේගයේ රැස්වීමට ගෝල්ෆේස් ආ අපට නම් එවැනි ඉස්ටයිල් එකක ජීවිතයක් කිසිසේතම උවමනාවක් නැත. සමලිංගිකත්වය සම්බන්ධව බටහිර කවර මතවාදයන් කීවත් ලාංකියන් බහුතරයක් සිටින්නේ නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් වරක් පැවසූ පහත අදහස් සමගය
‘‘මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙයසි. මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. සමලිංගික විවාහ අස්වාභාවිකයි. එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි.”
– නලින්ද ජයතිස්ස –
ආදරණීය පක්ෂය ඔබ තේරුම් ගත යුත්තේ අප තවමත් බුලත් කන අමු ගොඩයින් බවත් එසේම සිංහල බෞද්ද සංස්කෘතියක ජීවත් වන්නන් බවත් ඔය ඇමරිකන් ඉස්ටයිල් අපිට දිරවන්නේ නැති බවත්..බ විප්ලවය කල යුත්තේ ත්‍යාගරාජා වරදාස් සමග නොව අපි වැනි ගොඩේ සමාජවාදීන් සමග බවත්ය.
ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදයට.ඔවු එය තමයි ජ.වි.පෙ.උපාය මාර්ගය වුනේ. සමාජවාදී රාජ්‍යක් සඳහා සන්නද්ධ අරගල දෙකක් හා විවිධ දේශපාලන උපක්‍රම ගනනාවක් මගින් උත්සාහ කලේ එයට තමයි. නමුත් ඒ හැම උත්සාහයක්ම දැරුවේ රටේ දේශප්‍රෙමී ජනතාවත් එක්ක. ලංකාවේ දේශප්ප්‍රෙමී ජනතාවගේ සංස්කෘතික පදනම වෙන්නේ සිංහල බෞද්ධත්වය හා දෙමල හින්දූත්වය හෝ ඉස්ලාමිකත්වය. ඔවුන්ගේ සංස්කෘතික අගයන් වලට පහර දෙන කාරණයන් ප්‍රවර්ධනය කරන ගමන් එවන් කණ්ඩායම් සමග බැඳෙන ගමන් අපි තමයි නියම පන්සිල් රකින බෞද්දයෝ කියලා මුහුණු පොතේ කෑ මොර දුන්නාට වැඩක් නැත. සිදුවන්නේ ජනයා තව තවත් අප වෙතින් ඉවත් වීමයි. සමාජවාදීයාගේ සැබෑ දේශපාලන මිතුරා හා සගයා වන්නේ දේශප්‍රෙමී ජනතාව මිස සමලිංගිකයින් හෝ ජේතවනාරාමයේ කුනු පුරවන්නට උත්සාහ කරන සමනලියන් නොවේ. නමුත් එවිට ජනතා විමුක්ති පෙරමුණ හුදෙකලා කණ්ඩායමක ව්‍යයපෘතියක් බවට පත්විය හැක.
උපුටා ගැනීම
ජවිපෙ දීර්ඝකාලීන සාමාජිකයෙකු වන කැලුම් පලිහවඩනගේ සටහනකින්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .