යුතුකම සංවිධානය මේ පරගැති ආණ්ඩුවට එරෙහි මතයක් සමාජගත කරන්නේ ආණ්ඩුව බිහිවීමටත් පෙරය. දින 100 ඇතුලත 'වෙනස සැපද?' සම්මන්ත්‍රණය කළේ යුතුකමය. කවුරුත් වහරන 'වෙනස සැපද?' පාඨය බිහි වන්නේ එලෙසිනි. එතැන් සිට ව්‍යවස්ථාව හරහා රට බෙදීම, රණ විරුවන් පාවාදීම, බැදුම්කර වංචාව වැනි තීරණාත්මක ගැටළු ඉතා වේලාසනින් සමාජගත කරමින් යුතුකම ඉටුකළ කාර්ය ගැන මනා අවබෝධයක් රනිල්ට ඇත. යුතුකම සංවාද කවය විසින් සිදුකළ 'ෆෙඩරල් සංහිඳියාව' සම්මන්ත්‍රණය ආණ්ඩුවේ නාඩියටම වැදී තිබුණි. 'මහමැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කඩවන්නේ කාගේද?' කියා යුතුකම ඇලවු පෝස්ටරය මහින්ද අගමැතිතුමාගේ ඇස ගැටී, ඔහු එය පාර්ලිමේන්තුවේදී පෙන්වා, ඒ පැනයම රනිල්ගෙන් ඇසීය. මෑතකදී රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න නව සන්ධානයක් ගොඩනගන්න සැරසෙන විට, "උදුරාගත් ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනු! වහා මැතිවරණ පවත්වනු!" යන පෝස්ටරය රනිල්ට කඩේ යන පිරිසට, රනිල් සමඟ සිට ගන්න වෙන්නේ හෙළුවෙන් බව මතක් කරදීම යුතුමක් සේ සළකා 'යුතුකම' විසින් කොළඹ නගරය පුරා අලවා දැම්මේය. එපමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත ලා නව පක්ෂයක් බිහි කළ යුතු බවට මතවාදය සකස් කරන්නට මූලිකත්වය ගත්තේද යුතුකමය.
රනිල් කල්පනා කළේ යුතුකම නැති කිරීමටය. ඒ සඳහා කළ යුතු දේ ලෙස ඔහු සිතුවේ 'යුතුකම' ටත් 'යහපාලනය' ට කළ දේම කළ යුතු බවයි. ඒ සඳහා කදිම උපායක් ඔහු යෙදෙව්වේය. ආණ්ඩුවේ සල්ලි වලින්, එනම් මහජනතාවට අයත් මුදලින් 'යුතුකම' බැනර්, කටවුට්, වෙළඳ දැන්වීම් දමන්නට කෝටි ගණනක් වියදම් කළේය. යුතුකම නම එලෙස ප්‍රවර්ධනය කළ පසු ඔහු සිද්ධ කළේ යුතුකම බැනරයක් ඉදිරිපිට, ඔහු විසින්ම යුතුකම වෙනුවෙන් පෙනී සිටීමයි. ගොබ්බයකු 'යුතුකම' වෙනුවෙන් පෙනී සිටි පසු යුතුකම හෑල්ලූ වී යන බව ඔහු දනී. එය සැබවින්ම සත්‍යයකි. නමුත් රනිල් 'යහපාලය' ට කළ දේ 'යුතුකම'ට කරන්නට ඉඩ නොතබන බව මතක් කළ යුතුය.
ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .