-මහාචාර්ය වසන්ත දේවසිරි-
(නොවැම්බර් මස 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර සූරීන්ගේ 89 වැනි ජන්ම දිනය වෙනුවෙනි.)
මෙකල සිංහල බෞද්ධයන් දෙබිඩි මනසකින් යුතු ව කුහක වතක් අනුගමනය කරන පිරිසක් ලෙසින් විවේචනයට ලක්වනු ලබන අවස්ථාවන් විරළ නොවේ. මෙය ඇතමුන් විසින් සිංහල බෞද්ධයාගේ චර්යා රටාවන් උඩින් පල්ලෙන් අත පත ගා එළැඹෙන සාවද්‍ය නිගමනයෙකි. මෙම දෙබිඩි මානසිකත්වය අපට පමණක් නොව බටහිර යටත් විජිත වාදයේ ග‍්‍රහණයට අසු වූ සියලූම ජාතීන්ට අඩු වැඩි වශයෙන් උරුම වූවකි. යටත් විජිත වාදයට නතු වුණු සියලූම ආසියානු හා අප‍්‍රිකානු රටවල් අද මුහුණ දෙන අර්බුදයන් සියල්ලම ඔවුනට අධිරාජ්‍යවාදීන් විසින් උරුම කර දෙනු ලැබූ ඒවා ය. අද පවා එම රටවල් මෙම ගැටලූවලට සාර්ථකව මුහුණ දීමට අසමත් වී ඇත්තේ අධිරාජ්‍යවාදීන් විසින් ශතක කීපයක් තිස්සේ ම ඔවුන් සතු සම්පත් කොල්ල කෑ නිසා ම පමණක් නොව, ඔවුන් විසින් යටත් විජිත බවට පත් වූ ජාතීන් සතු වූ ජාතික අධ්‍යාත්මයන් ද විනාශ කරන ලද බැවිනි. නිදහස ලබා අඩ සිය වසකටත් වැඩි කාලයකට පසුව ද මෙම රටවල්වලට ඔවුන් මුහුණ දී සිටින අර්බුදයෙන් ගැලවීමට නොහැකි වී ඇත්තේ එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය වන ජාතික අධ්‍යාත්මයන් යළි පිළිසකර කර ගැනීමට නව යටත් විජිත වාදය විසින් ඔවුනට කිසි කලෙක ඉඩ ලබා නොදෙන බැවින් ය. නව යටත් විජිතවාදය හමුවේ රටවල් මුහුණ දෙන මෙම ජාතික අධ්‍යාත්මය පිළිබඳ ගැටලූව නිවැරදිව තේරුම් ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකි විය හැකි වුව ද සාහිත්‍යකරුවන්හට නම් එය තේරුම් ගැනීම එතරම් අපහසු වී නැත.
අප සතු ජාතික අධ්‍යාත්මය බටහිර ආක‍්‍රමණයන් හමුවේ දෙදරම් කෑ අයුරු ද, එයට මුහුණ දුන් ආකාරය ද තමන් ජීවත් වූ කාලයට සාපේක්ෂව විග‍්‍රහ කිරීමට සමත් වූ අදීන සාහිත්‍යකරුවෝ කිහිප දෙනෙක් ම මෙරට බිහි වූ හ. ඒ අතරින් පියදාස සිරිසේන, මාර්ටින් වික‍්‍රමසිංහ හා ගුණදාස අමරසේකර සුවිශේෂී වෙතැ යි මම සිතමි. මෙම ලිපිය තුළින් 89 වැනි විය සපුරමින් තවමත් නිර්මාණකරණයේ යෙදෙන ගුණදාස අමරසේකර මහතා ගේ නිර්මාණයන් ඇසුරෙන් අප සතු සිංහල බෞද්ධ ජාතික අධ්‍යාත්මයේ ස්වභාවය, එය දෙදරුම් කා ඇති අයුරු මෙන් ම එය පිළිසකර කර ගැනීම සඳහා අමරසේකර මහතා විසින් ම පෙන්වා දී ඇති මඟ පිළිබඳ ව ද සලකා බැලීමට බලාපොරොත්තු වෙමි. දශක හයක් ඉක්මවා යන අමරසේකර මහතාගේ දීර්ඝ සාහිත්‍ය චාරිකාවම කැප කර ඇත්තේ අප සතු සිංහල බෞද්ධ ජාතික අධ්‍යාත්මය යළි පාදා දීම වෙනුවෙන් යැ යි කීව ද වරදක් නැත.
අමරසේකර මහතාගේ නිර්මාණ අතරින් සුවිශේෂී ම නිර්මාණය ලෙසින් සැලකිය හැක්කේ එතුමා විසින් මෙරට සිංහල මැද පන්තියේ ගමන් මඟ අළලා ලියන ලද ගමනක මුල නවකතාවෙන් ඇරඹී ගමනක අගින් නිමවන කොටස් නමයකින් යුතු දීර්ඝ නවකතාව යි. 1935 දී පමණ ආරම්භ වී 2009 දක්වා වන වසර 75 ක පමණ වන කාල පරාසයක් ඔස්සේ විකාශය වන මෙම නවකතා මාලාවේ ප‍්‍රධාන චරිතය වන පියදාස ගේ මව යටලමත්ත පාසැලේ මුල් ගුරුවරිය වූ අතර පියා පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිංහල වෙද මහතකු වී ය. සම්ප‍්‍රදායික සිංහල ගැමි සමාජය තුළ පරම්පරාව මෙන් ම දැන උගත්කම් ද නිසා ප‍්‍රභූත්වයට පත් එවන් වූ පවුල්් වත් පොහොසත්කම්වලින් හෝ චර්යාවෙන් හෝ සෙසු ගැමියන් ගෙන් විශාල වශයෙන් වෙනස් නො වූ හ. දැන උගත්කම් අතින් සෙසු ගැමියන් ට වඩා මඳක් ඉදිරියෙන් සිටි ඔවුහු තම දරුවන් ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අන් අයට වඩා වැඩි උනන්දුවක් දැක් වූ හ. ක‍්‍රම ක‍්‍රමයෙන් මෙරට ගැමි දරුවනට ද අධ්‍යාපන අවස්ථාවන් විවර වී ගෙන එන අවධියේ දී මුලින් ම ”ගම් දොරින් එළියට” (දෙවන සග) පය තැබීමට වරම් ලැබූවේ මෙම පන්තියට අයත් දරුවන් ය. නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම ඵල නෙළාගත් ඔවුහු මෙම මහා නවකතාවේ කියවෙන වකවානුව තුළ දී ම මෙරට වෘත්තීය, පරිපාලන, අධ්‍යාපන, සාහිත්‍යය මෙන් ම දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ ද බලපෑම් කළ හැකි පිරිසක් බවට පත් වූ හ. නවකතා මාලාවේ තුන් වැනි සග වන ”ඉණි මෙඟ් ඉහළට” නවකතාවෙන් පියදාස විශ්ව විද්‍යාලයෙන් පසුව සිවිල් සේවයට ඇුතුළු වීම දක්වා ගෙවුනු කාල පරිච්ජේදය ද ”වංකගිරියක” නවකතාවෙන් පියදාස තමන්ට උරුම වූ සංස්කෘතියට පිටස්තරයෙකු ලෙස ඉඳුරන් පිනවමින් අයාලේ ගිය වකවානුවක් නිරූපණය කරනු ලබන්නේ මෙම කාලය තුළ සිදු වූ දේශපාලන සංසිද්ධීන් හා ප‍්‍රවණතාවයන්ට ද සාපේක්‍ෂව ය.
පියදාස විසින් ම වංකගිරියක නවකතාවට අයත් වන වකවානුව විග‍්‍රහ කරන්නේ තම ජීවිතය තම හදවත වෙතින් බොහෝ ඈත් වූ කක්‍ෂයක් වටා භ‍්‍රමණය වූ කාල වකවානුවක් ලෙස ය. පරිපාලන නිලධාරියෙකු ලෙස මුල් පත් වීම ලබා කළුතර නගරයට පැමිණෙන පියදාස මුල් මාස කිහිපය ගෙවන්නේ වෛද්‍යවරුන්ගේ නිල නිවාසවල ය. මත්පැන් බීමටත් හෙදියන් හඹා යෑමත් හැරුනු කොට කිසියම් ම වූ අර්ථ සම්පන්න කාර්යක නොයෙදෙන එම ජීවිතයෙන් හෙම්බත් වන පියදාස කළුතර නගරයේ ම බෝඩිමක නතර වෙයි. එහි දී මුණ ගැසෙන ද්‍රවිඩ ජාතික හෙදියක සමඟ ඇති කර ගන්නා ඇසුර ඔහු ද නොදැනුවත් ම ආදර සම්බන්ධතාවයක් බවට පත් වේ. පුහුණුව අවසන දී මන්නාරමට පත් වීමක් ලබා යන ගමනේ දී ඇයගේ සියලූ අවශ්‍යතාවයන් සොයා බලමින් ඇයට උදව් උපකාර කළ ද ඇය මන්නාරමට ගිය පසු එම ඇසුර නතර කර දමන්නේ ඇය මන්නාරමට පත් වීමක් ලැබ යෑම තමන් ලද භාග්‍යයක් ලෙස සලකමිනි. ඊට පසු ව සිය මව හා සොහොයුරිය සමඟ පානදුරේ පදිංචියට යන පියදාස සරසවි දිවියේ දී දැන හඳුනාගෙන සිටි විවාහක පාසැල් ගුරුවරියක සමඟ ඇසුරක් ගොඩ නඟා ගනියි. මෙම ඇසුර ඇයගේ සැමියාට අසු වීමෙන් පසු පියදාස පොලීසි නොයා ගැලවෙන්නේ යන්තමිනි. එසේ වුව ද මෙම කාලය තුළ දී පවා සිය පවුල් සම්බන්ධතා බිඳ නොගන්නා පියදාස සිය මවගේ හා නැඟණියගේ අවශ්‍යතාවයන් පිළිබඳව ද සංවේදී වෙයි.
මේ කාලය සිය හදවතට වඩාත් ම දුරස්ථව පිටස්තරයෙකු ලෙස ගත කළ කාලයක් ලෙස ය පියදාස විසින් ම හඳුන්වා දෙන්නේ. පියදාසට මෙසේ හැෙඟන්නේ එය අත් හැරීම හා කරුණාව මත පදනම් කර ගත් බුදු සමය අනුව සකස් වුනු ජාතික අධ්‍යාත්මයට පටහැණිව බටහිර සභ්‍යත්වයට ආවේණික වූ අත්පත් කර ගැනුම හා ඉඳුරන් පිනවමින් ගත කළ කාල පරිච්ෙඡ්දයක් වූ බැවිනි. මෙය කුහක වතක් ඇති දෙබිඩි ජීවිතයක් බව අවබෝධ කර ගන්නා පියදාස තමාට උරුම වූ ජාතික අධ්‍යාත්මය සොයා යන ගමනයි අමරසේකර මහතා විසින් යළි මඟ වෙත, දුරු රටක දුකට කිරියක, ගමනක මැද, අතර මඟ සහ ගමනක අග යන නවකතාවලින් ඉදිරිපත් කරන්නේ. මේ මුළු ගමන පුරාම පෙන්නුම් කරනු ලබන්නේ පියදාස විසින් සිය දෙබිඩි මනස හා කරනු ලබන නිරන්තර අරගලය යි.
බටහිර සංස්කෘතිය හා අධ්‍යාපනය මඟින් ඇති කරනු ලබන මෙම ආධ්‍යාත්මික බිඳ වැටීම යටත් විජිතවාදයට හසු වුනු සියලූම රටවලට පොදු ය. අමරසේකර මහතාගේ වංකගිරිය නවකතාවට පාදක කාල වකවානුව ම අළලා ලියවුනු නවකතාවෙකි නයිජීරියානු ලේඛක චිනූවා ඇචිබේ ගේ “No longer at ease” නමැති නවකතාව. ඕබි ඔකොන්කොව් සිය උපන් ගම වන යුමෝෆියාවේ ගෝති‍්‍රක නෑදෑයින් විසින් ප‍්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව අරමුදලින් එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලැබ නයිජීරියාවේ සිවිල් සේවයට එකතු වෙයි. යුමෝෆියාවේ විසූ උදාර ගෝති‍්‍රක නායකයා වූ “ Things fall apart” නවකතාවේ ප‍්‍රධාන චරිතය වූ ඔකොන්කොව් ගේ මුනුබුරා ය. සිය පරපුරෙන් උරුම කර ගත් උදාර පරමාර්ථයන් සමඟ සිවිල් සේවයට එකතු වන ඔබි බටහිර සභ්‍යත්වය විසින් උරුම කර දෙන ලද ව්‍යාජ සාටෝපය හමුවේ විනාශ වී යයි. තම ගෝති‍්‍රක සිරිත් විරිත් හා මානව සම්බන්ධතාවන්ට පිටුපාමින් පිටස්තරයෙකු ලෙස ජීවත් වන ඔබි ලිංගික අල්ලස් පවා ලබා ගන්නා තරම් තුච්ඡ තත්වයට පත් වෙයි. අවසානයේ දී ඔහු අල්ලස් චෝදනාවලට වැරදිකරු වී සිරගත වන අතර යුමෝෆියානු ප‍්‍රගතිිශීලීී සංගමය ඕබි බේරා ගැනීම සඳහා මුදල් වියදම් කරයි.
මෙය බටහිර යටත් විජිත තත්වයට අසු වූ බොහෝ අපි‍්‍රකානු රටවල් අද මුහුණ දෙන ඛේදජනක අර්බුදය මැනවින් පිළිබිඹු කරන නවකතාවකි. අපි‍්‍රකානු රටවල්වල ඇති වූ තත්වය හා ලංකාව ඇතුළු පෙරදිග රටවල් මුහුණ දුන් තත්වය එක සමාන ම වන්නක් නොවේ. අප සතු ජාතික අධ්‍යාත්මය බුදු දහම වැනි ශ්‍රේෂ්ඨ දහමකින් අවුරුදු දහස් ගණනක් පෝෂණය වුණු අදීන චින්තනයක් මත ගොඩනැගුනෙකි. පියදාස ගේ පියා වන වෙද මහත්තයා අනගාරික ධර්මපාල තුමා විසින් පසු ගිය සියවසේ මුල් භාගය තුළ බිහි කරන ලද ජාතික පුනරුදය සමඟ සකි‍්‍රයව සම්බන්ධ වී සිටි ධර්මපාල තුමා සියැසින් දුටු අයෙකි. ඕබිගේ සීයා වන ඔකොන්කොව් එතරම් ප‍්‍රබල සංස්කෘතියකට උරුම කම් නොකීව ද ශේ‍්‍රෂ්ඨ ගෝති‍්‍රක නායකයෙකි. නිවටයෙකු වූ ඕබිගේ පියා යුමෝෆියාවේ මුලින් ම කිතු සමය වැළඳ ගත් කීප දෙනා අතරින් කෙනෙකි. පියදාස මෙන් නොව ඕබි හැසිරෙන්නේ සිය අධ්‍යාත්මය මුළුමනින් ම සිඳ ගත්තෙකු ලෙසිනි. බටහිර ජාතීන් විසින් ඔවුන් මත බලහත්කාරයෙන් පටවන ලද සංස්කෘතික ආධිපත්‍යයට මුහුණ දීමට බුදු සමය තරම් ප‍්‍රබල වූ ද ගැඹුරු වූ ද දහමකින් හික්මවනු නොලැබූ ජාතික අධ්‍යාත්මයක් උරුම කර ගත් අපි‍්‍රකානු රටවල් බොහෝමයක් යටත් විජිත වාදය හමුවේ සිය ජාතික අනන්‍යතාවය රැුක ගැනීමට අසමත් ව විනාශව ගිය හ.
මෙම අතෝරයට ම මුහුණ දුන් සිංහල බෞද්ධයින්ගේ ප‍්‍රබල සිංහල බෞද්ධ ජාතික අධ්‍යාත්මය සම්පූර්ණයෙන් විනාශ වී නොගිය බැවිනි, ඔවුන් දෙබිඩි ජීවිත ගත කරන්නන් පිරිසක් බවට පත් වන්නේ. බොහෝමයක් උගත් සිංහලයින් බටහිර සංස්කෘතිය අනුකරණය කරන්නන් වුව ද ඔවුහු සිය ජාතික අධ්‍යාත්මය සම්පූර්ණයෙන් සිඳ නොගත්තෙන්් ඔවුන්ගේ කුසලාකුසල විඥානය හා හෘද සාක්ෂිය සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ නැත. අත්හැරීම සහ කරුණාව මත පදනම් වුණු සිංහල බෞද්ධ සභ්‍යත්වය හා කෑදරකම, කෲරකම හා අත්පත් කර ගැනීම මත පදනම් වුණු බටහිර සභ්‍යත්වය කිසි කලෙක එකිනෙක පෑහෙන්නේ නැත. තම සංස්කෘතික බැමි මුලූ මුලින්ම සිඳ නොගෙන බටහිරයන් අනුකරණය කරමින් ජීවත් වීමේ ප‍්‍රතිඵලය වූයේ සිංහලයින් බැලූ බැල්මට දෙබිඩි වතක් ඇති කුහකයින් ලෙස පෙනෙන පිරිසක් බවට පත් වීමයි. නමුත් සිංහලයින් සතු ප‍්‍රබල ම ශක්තිය ද මෙම දෙබිඩි පිළිවෙත නොවේ ද? ඔවුහු ලොව වෙනත් කිසිම ජාතියකට නොදෙවෙනි වන ලෙස නව යටත් විජිතවාදයට මුහුණ දෙමින් සිය ජාතික අධ්‍යාත්මය
රැක ගැනීම සඳහා අද වන විට ද නොනවතින අරගලයක යෙදී සිටිති. මා මෙම ලිපිය ලියන මොහොතේ දී පවා අපි අප සතු ජාතික අධ්‍යාත්මය රැක ගැනීම සඳහා ප‍්‍රබල දේශපාලන සටනක යෙදී සිටින්නෙමු.
ගුණදාස අමරසේකර සූරීන්ගේ සියලූම නිර්මාණයන් එළිය කරන්නේ එතුමා විසින් වරින් ජාතික චින්තනය, සභ්‍යත්ව විඥානය ලෙසින් හඳුන්වා දී ඇති අප සතු නොසංසිඳෙන සිංහල බෞද්ධ ජාතික අධ්‍යාත්මය ම ය. කැප වුනු (commited) සාහිත්‍ය කරුවෙකු වන ගුණදාස අමරසේකර මහතා සිය නිර්මාණ දිවියම කැප කළේ මෙම අප සතු උරුමය වූ ජාතික අධ්‍යාත්මය නොහොත් ජාතික චින්තනය පදනම් කරගත් අප සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩ නඟා ගැනීම සඳහා ය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ උදාවෙන යුගයත් සමඟම ගමනක මුල නවකතා මාලාව නිමා වන අතර එයින් පසුව උදා වෙන යුගයට අප මුහුණ දිය යුතු ආකාරය විස්තර කර දීම සඳහා ය එතුමා විසින් ”කවන්ධයට හිසක් - අමතක වූ උරුමය” (2011) නම් වූ නිබන්ධය කරන ලද්දේ. ගමනක මුල නවකතා මාලාව මඟින් මෙන් ම අමතක වූ උරුමය නිබන්දය මඟින් ද එතුමා පෙන්වා දුන්නේ බටහිර සභ්‍යත්වයේ පදනම වන ඇලී ගැලී ජීවත් වීම වෙනුවට අපට උරුම වූ සිංහල බුදු සමය පදනම් කරගත් අත්හැරීම හා කරුණාව මත ගොඩනැඟුනු සංවර්ධන මඟක් සොයා ගත යුතු ය යන්න ය. අමරසේකර මහතා යෝජනා කරන ඒ මඟ ගැනීමට උත්සාහයක් නොගත් බැවින් ය අප තවමත් වංකගිරියක අතර මං වී සිටින්නේ. ආර්ථික විද්‍යාඥයකු නොවූ අමරසේකර මහතා එවන් වූ සංවර්ධනයක් සඳහා ගත යුතු මඟ පහදා දීමට ය ”ධනවාදයට විකල්පයක් - අප ගත යුතු මඟ” (2018) යනුවෙන් ඔහුගේ නවතම නිබන්දය එළි දැක්වූයේ. වංකගිරියක අතරමං ව හෝ අප මෙතෙක් කල් අප සුරැකුණේ මා ඉහත විස්තර කළ අප විසින් ම අපගේ සිංහල බෞද්ධ අධ්‍යාත්මය මුළුමනින් ම විනාශ වී යෑමට ඉඩ නොදී නිර්මාණය කර ගන්නා ලද දෙබිඩි මනස නිසා ය. අද අප අතරමං වී සිටින වංකගිරියෙන් මිදීමට නම් අමරසේකර සූරීන් පෙන්වා දෙන මඟ ගැනීමට තරම් එඩිතර විය යුතු ය. එවිට වංකගිරිය තව දුරටත් වංකගිරියක් නොවනු ඇත.
මහාචාර්ය වසන්ත දේවසිරි
ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය
රුහුණු විශ්ව විද්‍යාලය
යුතුකම සංවාද කවය

www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .