11/05/2018

රට අගාධයට යෑම වළක්වන්න ජනපති ගත් තීරණය බහුතර ජනතාවගේ පැතුමක්

කතෘ:යුතුකම     11/05/2018   No comments

රටතුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය හා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව ඇතුලූ වත්මන් දේශපාලන සිදුවීම් පිළිබඳව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සිළුමිණ සමඟ කළ සංවාද සටහනකි මේ.

01 . වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ විග‍්‍රහය කුමක්ද?

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පැවතිච්ච රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ රජයත් සමඟ තව දුරටත් ඉදිරියට යා නොහැකි බව තීරණය කිරීමත්ල විශේෂයෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික නැත්නම් සම්මුතිවාදී රජයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමට ගත් තීරණය අපි දකින්නේ මව්බිමේ පැත්තෙන් ගත්ත වැදගත්ල නිවැරැදි හා නිර්භය තීන්දුවක් හැටියටයි
.

අද අපිට පේන්න තිබෙනවා විජාතිකල විශේෂයෙන් ම බටහිර තානාපති කාර්යාලල ඒ වගේම විවිධ එන්.ජී. ඕ සංවිධානල ඒ එන්.ජී. ඕ සල්ලිවලින් යැපෙන්නෝ මේ ක‍්‍රියාවලියේ ව්‍යවස්ථානකූලභාවයල ප‍්‍රජාතන්ත‍්‍රවාද ගැන ප‍්‍රශ්න කරන්න පෙරට ඇවිත් තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් කල්පනා කර බැලූවොත් ව්‍යවස්ථානුකූලභාවය ගැන කිසිම ගැටළුවක් නැහැ කියලා පෙනවා
. එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් කැබිනට් ඇමැතිවරු තිහ ඉක්ම වූ කැබිනට් මණ්ඩලට පැවැතීමේ අවකාශයක් නැහැ. මොකද 19 වැනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයට පනවා තිබු 30 සීමාව වගේම අනෙකුත් සියලූ ඇමැතිවරුන් සඳහා පනවා තිබූ 45 සීමාව පැවැති රජය ඉක්මවා ගියේ තමන් විසින් පිහිටුවා ඇත්තේ ජාතික රජයක් බවට අර්ථකථනය කරමින්. එතකොට එහි ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන් ඒ රජයෙන් ඉවත් වූ බවට නිල වශයෙන් දැනුම් දුන් විට අනිවාර්යෙන්ම තිහේ සීමාව ඉක්මවා පැවැති කැබිනට් මණ්ඩලය තවදුරටත් පැවැතීමේ අවකාශයක් නැහැ. ඒ නිසා ඒ කැබිනට් මණ්ඩලය විසිරී ගිය කැබිනට් මණ්ඩලයක් ලෙසයි සලකන්න වෙන්නේ. එසේ සලකා නව රජයක් පත්කිරීමට කටයුතු කිරීමට ජනාධිපතිතුමාට සිදුවීම අනිවාර්ය කාර්යක්. 19 වැනි සංශෝධනය අනුව කැබිනට් මණ්ඩලය විසිරුණු විට අගමැතිවරයාගේ තනතුර අහෝසි වෙනවා. එවැනි අවස්ථාවක 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය වැඩි වශයෙන් දිනාගත හැකි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් :19 වැනි සංශෝධනයේල 19 වැනි පිටුව 42 :4ෆ වගන්තියට අනුවෆ. ඉතින් ඒ අනුව ජනාධිපතිවරයාගේ විශ්වාසය අනුව අගමැතිවරයා පත්කර ගත හැකියි.

මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ ව්‍යවස්ථානුකූලභාවයට වඩා සදාචාරාත්මක වශයෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව සිදුවිය යුත්තේ කුමක්ද යන්නයි. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලූ නායකයන් පුන පුනා ප‍්‍රකාශ කළෙත්ල ඒ වගේම 2015 ජනවාරි 08 ව්‍යාපෘතිය තුළ කටයුතු කළ විජාතික වුවමනාවන් නියෝජනය කළ අය නැවත නැවතත් ප‍්‍රකාශ කළේ 2015 ජනවාරි 08 ජනවරම සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම මෙ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කොට සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ලද ජනවරමක් වශයෙන්. මේ බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාල හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම පෙරමුණේ ප‍්‍රධාන නායකයන් නැවත නැවත් පාර්ලිමේන්තුවේදී පවා ප‍්‍රකාශයට පත් කළා. ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ හැන්සාඞ් :2015 සැප්. 03 වාර්තාවල එය පැහැදලිව ලියැවී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන් කියා සිටිනවා නම් තමන් සම්මුතිවාදි ආණ්ඩුවෙන් ඉවත් වූ බව එක්සත් ජාතික පෙරමුණට තව දුරටත් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සාදාචාරත්මක අයිතියක් නැති බව පිළිගත යුතුයි. සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගත නොහැකි නම් තමන් ඉල්ලූ ජනවරම ක‍්‍රියාවට නැංවීමට තමන් අපොහොසත් වී ඇති බව ඔවුන් පිළිගත යුතු යි.

02. නමුත් නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවයි එක්සත් ජාතික පක්ෂය පක්ෂය චෝදනා නගන්නේ. ඇත්තටම ව්‍යවස්ථානුකූල ගැටළුවක් නව පත්කිරීම තුළ තිබෙනවද?
ව්‍යවස්ථානුකූලව කිසිම ප‍්‍රශ්නයක් නැති බවයි ඉහත පැහැදිලි කළේ.

ව්‍යවස්ථාව පමණක් නෙවෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයල සාදාචාරය යන කුමන පැත්තකින් බැලූවත් නව අගමැතිවරයා පත්කිරීම ගැටළුවක් නොවේ. එක්සත් ජාතික පක්ෂය 2015 ජනවාරි 08 වැනිදා මව්බිම හමුවේ තැබුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරලා මේ රටේ සියලූම ප‍්‍රශ්න විසඳන ප‍්‍රතිඥාවයි. ඒ සඳහායි මෛත‍්‍රීපාල සිරිසේන මහතාව ඔවුන් තෝරා ගත්තේ. එහෙත් ඒ දේ ඉටු කරන්න හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අසමත් වුණා. ඔවුන්ම පත්කර ගත්ත ජනාධිපතිතුමා කියනවා මහ බැංකුව කැඩුවා. ඒ හොරුන්ව ආරක්ෂා කළාල ජාතික සම්පත් විජාතිකකරණය කළාල අපේ සංස්කෘතියටල සදාචාරයට නොගැලපෙන දේ නීතිගත කරන්න හැදුවා කියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයෙන් ඉවත්වීම හරිද වැරදිද කියනවට වඩා ඒකෙන් කියවෙන්නේ එ.ජා.ප.ය අසාර්ථකයි කියන කාරණාව. දැන් කළ යුත්තේ සත්‍ය පිළිගෙන දේශපාලන වේදිකාවෙන් බැහැල යන එක.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්තත් ජනතාව දැන් සමහුලින්ම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතික්ෂේප කරල ඉවරයි. පසුගිය පළාත් පාලන ඡුන්දයේදී වත්මන් අගමැතිවරයාටත්ල ජනාධිපතිවරයාටත් :පොදුජන පෙරමුණට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටෆ ලක්ෂ හැට හතරකට අධික ජනතාවක් ඡුන්දය දීල තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණටල රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට ඡුන්දය දීල තිබෙන්නේ ලක්ෂ තිස්හයයි. එතකොට මේ පත්කිරීම නීති විරෝධියි කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි කියන්න බැහැ. මෙය බහුතරයක් ජනතාවගේ කැමැත්ත අනුව සිදුවුණ දෙයක් ලෙසයි දැකිය යුත්තේ.

03. එහෙත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉල්ලා සිටිනවා තමන්ගේ බහුතරය පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස.ඇයි මෙය පාර්ලිමේන්තුවෙන් විසඳා නොගෙන කල් දමන්නේ? මේ නිසා රට අස්ථාවර නොවේවි ද?

අපේ රටේ තිබුණේ ස්ථාවර ආණ්ඩුවක්ද? ආර්ථිකය කඩාවැටිලාල වරායල ගුවන් තොටුපොළ වගේ ආර්ථික මර්මස්ථාන රටට අහිමි වන ආරාජිකත්වයක් නෙවෙයිද තිබුණේ? වෙළෙද ගිවිසුම් මඟින් රට පිටරටවලට විකුණමින් නෙවෙයිද හිටියේ? ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රනයක් ගැන සමාජ ගතවෙමින් තිබුණා. අමාත්‍ය මණ්ඩලයේ ඉන්දියානු ඔත්තු සේවයට තොරතුරු දෙන්නන් සිටින බව කියවුණා. ඒ වගේ තත්ත්වයක් උඩ මේ රට ආරාජික වෙලා තිබුණේ නැහැ කියල කියන්න පුළුවන්ද?

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් රනිල් වික‍්‍රමසිංහ මහතාට තිබේද නැද්ද කියන දේ පාර්ලිමේන්තුව රැස් කළාම බලාගත හැකියි. මෙහිදී එක් දෙයක් මතක තියා ගන්න. රනිල් වික‍්‍රමසිංහ මහතා ජනවරමක් ඉල්ලා සිටියේ සම්මුතිවාදි ආණ්ඩුවකින් මේ රටේ ප‍්‍රශ්න විසඳනවා කියලා. ඔවුන්ගේ එක් කොටසක් ඒ ආණ්ඩුවෙන් ගැලවීලා ගිහිල්ලා තියෙද්දි තමන්ගේ අසාර්ථකත්වය පිළිගෙන ඉල්ලා අස්වී නව අගමැතිවරයාට රට බාර දී යෑමයි මේ මොහොතේ ඔහු කළ යුත්තේ. එසේ නැතුව නන් දොඩවල පලක් නැහැ. ෆෙඩරල් ආණ්ඩුවක් හදාගන්න ඕනේ කියන දෙමළ සන්ධානය එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදාගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදීද? එහෙම හදනව නම් අනිවාර්යෙන්ම රට පාවාල දෙන්න එකඟ වෙලා තමයි එලෙස ආණ්ඩු හදන්නේ. එහෙම කළොත් අපේ ජනතාව තීරණය කරාවි ආණ්ඩුවට මොකක්ද කළ යුත්තේ කියලා. පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි ජනතාව අතේ. පාර්ලිමේන්තුව එ් පරමාධිපත්‍ය බලය ක‍්‍රියාවට නඟන ආයතනයක් පමණයි.

පාර්ලිමේන්තුව රැස්වීම මාස ගණන් කල් දමා නැහැ. දින 11 කින් විතරයි කල් ගොස් තිබෙන්නේ. එ් දින 11 ඉවසලා හැකිනම් මේ රජය පරාජය කරන්න විපක්ෂයට අවස්ථාව තියෙනවා.

04. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් බලයට ආ ජනාධිපතිතුමන් එම පාක්ෂිකයන් පාවා දී ඇති බවට එහි නායකයන් ප‍්‍රකාශ කර සිටිනවා. ඔවුන් ජනාධිපතිවරයාට එල්ල කරනු ලබන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

තමන්ගේ ආසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට වෙන චෝදනා එල්ල කරල පළක් නැහැ. සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පසුව තමන් බලාපොරොත්තු වුණ ඒ ව්‍යාපෘතිය කරන්න බැරි නම් ඒ කියන්නේ අසාර්ථකයි කියන දේයි. එම නිසා මෙවැනි තත්ත්වයකදී කළ යුතුව ඇත්තේ ඒ අසාර්ථකත්වය පිළිගෙන ඉල්ලා අස්වීමයි. 2015 ජනවරම 2018 වෙන විටත් තමන් විසින් විනාශ කරගෙන ඇති බව පසුගියදා පැවැති පළාත් පාලන ඡුන්දයේ ප‍්‍රතිඵලවලින් එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි විය යුතුයි. මහ බැංකු මහා හොරකම දේශීය සම්පත් විජාතීකරණයල මෙරටට නොගැලපෙන අවලම් සංස්කෘතික ක‍්‍රියාකාරකම් යන සියල්ල නිසා ඒ පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ අති බහුතරයක් ජනතාව එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රතික්ෂේප කළා.

2015 මහ මැතිවරණයේදී පනස් එක් ලක්ෂයට ආසන්න වූ ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගත් එක්සත් ජාතික පෙරමුණට පසුගියදා පැවැති පළාත් පාලන ඡුන්දයේදී මුළු රටින්ම ලබාගත හැකි වුයේ තිස් හය ලක්ෂයකට ආසන්න ඡුන්ද ප‍්‍රමාණයක්. එම පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව ඉතා පැහැදිළි ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය රටට අවශ්‍ය බව පිළිගත්තා. ලක්ෂ පනහකට ආසන්න ඡුන්ද ප‍්‍රමාණයක් ලබාදුන්නා. එහිදි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත් 14 ලක්ෂය ඉක්මවූ ඡුන්ද ප‍්‍රමාණය ද එකතු කළ විට එය හැට හතර ලක්ෂය ඉක්මවා තිබෙනවා. මෙය ප‍්‍රතිශතයක් ලෙස සලකනව නම් සියයට 58 ඉක්මවන ඡුන්ද ප‍්‍රතිශතයක්.

අනෙක් කාරණය රනිල් වික‍්‍රමසිංහ මහතා බොහෝ විට ආදර්ශයට ගන්නා මහා බි‍්‍රතාන්‍යෙය් හිටපු අගමැති ඬේවිඞ් කැමරන් මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණේ මහ මැතිවරණයක් පරාජය වෙලා නෙවෙයි. තමා යුරෝපා සංගමය සමඟ එකට කටයුතු කළ යුතු යැයි දැරූ මතය ජනමත විචාරයකින් පරාජය වුණ අවස්ථාවේ. ඒ ආදර්ශය අනුව යනවා නම් රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් පස්සේ අගමැති තනතුරින් වගේම එක්සත් ජාතික පක්ෂ නාකත්වයෙන්ද ඉවත් විය යුතුව තිබුණා.

05 නව අගමැතිවරයාට විදේශ රටවලින් සහයෝගය ලැබෙයිද?

ඇත්ත වශයෙන්ම අපි එය බටහිර රටවලින් බලාපොරොත්තු නොවිය යුතු යි. අපේ රට ස්වාධීන රටක් වෙනවට බටහිර රටවල් කැමැත්තක් දක්වන්නේ නැති බව පැහැදිලියි.  ත‍්‍රස්තවාදයට උදව් කළ රටවල්ල ත‍්‍රස්තවාදීන්ගේ කාර්යාල පවත්වා ගෙනයෑමට ඉඩදුන් රටවල්ල ත‍්‍රස්තවාදීන්ට ආධාර අරමුදල් රැස්කර ගැනීමට ඉඩදුන් රටවල්ල කටයුතු කරන්නේ අපේ රටට ඕනේ විදියට නෙවෙයිනේ
. එය අපි පිළිගන්න ඕනේ. ඇත්තට මුහුණ දෙන්න ඕනේ. ඔවුන් 2015 ආණ්ඩුව හදන්න උදව් කළේ මව්බිමේ ස්වාධීනත්වය සිඳබිඳ දැමීමටයි.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු හතළිස් ගණනක් පමණක් හිටපු එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අගමැතිකම දෙනවිටල එ්කාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ඇමතිවරු පනස් ගණනක් ඉද්දි 16 ක් හිටපු සම්බන්ධන් මහත්තයට විපක්ෂ නායක ධූරය ලබාදෙන කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මේ තානාපතිවරු කොහේද හිටියේ? පළාත් සභා ඡුන්ද කල් නොදමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත් එම ඡුන්ද කල් දැමීමට ප‍්‍රතිපාදන වක‍්‍රව කාරක සභා අවස්ථාවේ ගෙන එන විට අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කතා කරන මේ සුදු මහත්වරු කොහේද හිටියේ? ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රනයක් ගැන තොරතුරු හෙළිදරව් වනවිට එ් ගැන විපරම් කිරීමටවත් කටයුතු නොකළ මේ තානාපතිවරු අද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ගැන කතා කරන විට ඔවුන්ගේ සැළකිල්ල අපේ රට වෙනුවෙන් නොවන බව පැහැදිලිව පෙනෙනවා. එ් නිසා මේ ගැන අපි අනවශ්‍ය ලෙස කලබල වියයුතු නැහැ.

06. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනල අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙන් සැඳුම්ලත් වත්මන් ආණ්ඩුවටල මේ වෙන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ගොඩගත හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

මහ බැංකු මංකොල්ලය හා වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මෙරට ආර්ථිකය සහමුලින්ම විනාශ වෙමින් තිබුණ මොහොතක තමයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ. ඒ අතර තුර හම්බන්තොට වරායල මත්තල ගුවන් තොටුපොලල කන්කසන්තුරේ වරායල ත‍්‍රිකුණාමල තෙල් ටැංකිල කොළඹ වරායේ නැගෙනහිර පර්යනත්තය පවා ඉන්දියාවට ලබාදීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටියේ
. සිංගප්පුරු නිදහස් ගිවිසුම නතර කිරීම වෙනුවට ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගෙන ඒමට ප‍්‍රතිඥා දී තිබුණා. මේ විනාශකාරී ක‍්‍රියා සියල්ල අතර හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ ඒකීය භාවය පිළිබඳව බුදු දහමට දී තිබුණ ප‍්‍රමුඛත්වය පිළිබඳව දී තිබූ සියළු ප‍්‍රත්තිඥා බිඳ හෙළමින් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියා. ඒ නිසා එම ගමන නතර කිරීම මේ රටේ අති බහුතර ජනතාවගේ පැතුමක්.

ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස කළ හැකි නායකයකු ලෙස මේ රටේ ජනතාව පිළිගන්නා බව මේ දවස්වල දැකිය හැකි යහපත් සංඥාවලින් අවබෝධ කරගත හැකියි. කොටස් වෙළෙඳපොල වසර ගණනාවකට පසුව ඉහළ අගයක් වාර්තා කළා. තේ එකේ බත් පැකට් එකේ ගණන සුළු ව්‍යාපාරිකයන්ම අඩුකළා. ත‍්‍රීවීල් ගාස්තු අඩුකළා. මම නම් හිතන්නේ මේ ආණ්ඩුවේ කාර්ය භාර්යය විය යුත්තේ ජනතාවගේ හැගීම් තේරුම් අරගෙන විනාශකාරිත්වයට යොමුවී තිබූ රට නිවැරදි මාවතකට ගැනීමයි.

07. ඒ අනුව ඔබ විශ්වාස කරනවා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය කාලෝචිතයි කියා?

එක්සත් ජාතික පෙරමුණේ දේශපලාන වුවමනාවන් හා විජාතික බලවේගවල අභිප‍්‍රායන් තේරුම් ගෙන ඉන් මිදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතුව මවුබිම නව මාවතකට යොමු කිරීමට මේ මොහොතේ ජනාධිපතිතුමා ගත් තීන්දුව මව්බිමට ආදරය කරන සෑම සියලූ දෙනා අගය කරන බවට සැකයක් නැහැ.

කාලෝචිත පමණක් නොවේ. නිවැරැදිල නිර්භය තීන්දුවක්. මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර භාරගැනීමත් එ් වගේම නිවැරැදිල නිර්භීත තීන්දුවක්.

නුවන් කොඩිකාර [Silumina]
ඡායාරූප- රංජිත් අසංක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions