-සමීර ගල්පාය -
කතානායක කරූ ජයසූරිය මහතා දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් රටේ නැති අස්ථාවරත්වයක් පිලිබඳ කතන්දරයක් ජාත්‍යන්තරය හමුවේ නිර්මාණය කිරීමට දැඩි උත්සහයක නිරතවී සිටින බව දැන් ඉතා පැහැදිලිය. නීතිය හා සම්ප්‍රදාය ගැන බොරු ප්‍රචාර පතුරමින් රනිල් ප්‍රමුඛ එ.ජා.පය සහ අනිකුත් බටහිරගැති පක්ෂ හා එක්ව නැතිවූ බලය නැවත කිනම් ලෙසකින් හෝ ලබාගැනීමේ බටහිර ව්‍යාපෘතියට කරූ අතගසා ඇත.මෙය ඉතාම පිළිකුල් සහගත හා භයානක තත්වයකි. රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ අනුව කටයුතු කිරීමට රටේ සියලුම පුරවැසියන් බැඳී සිටී. කථානායක යනු මෙය නොදන්නා තොත්ත බබෙක් ලෙස අප සිතාගත යුතුද? මොහු කථානායක තනතුරේ වැඩ කටයුතු කල ආකාරය ගැන රටට අමතක නැති බව කිවයුතුය.ප් රජාතන්ත්‍රවාදය ගැන විකාර කියවන කරූ පාර්ලිමේන්තුව තුල කතා කිරීමේ නිදහස ලබාදුන් අපූරුව අපට හොඳට මතකය. මොහු පාර්ලිමේන්තුව තුල හැසිරුනේ කථානායක ලෙස නොව සභා නායක ලෙසය. මෑත කාලය තුල ජාතික මැතිවරණයකදී හොර ඡන්ද දැමීමක් ගැන සඳහනක් නැති අතර අඩුම තරමේ සමූපකාර ඡන්ද වලදී ද එලෙස සඳහනක් නොවීය. එහෙත් රටේ නීතී සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව තුල හොර ඡන්ද පැවතුනේ මොන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දැයි කරූ ගෙන් ප්‍රකාශයක් නිකුත් කල බවක් අප දන්නේ නැත. කරූ ගේ ඒ ලෝකයා දන්නා කෙරුම්ය. නොදන්නා ඒවා ගැන කුමක් සිතාගත යුතුද?
මොහුට මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට ඇති අයිතිය කුමක්ද? තානාපතිවරුන් වෙත රාජ්‍යයේ ස්ථාවරය දැනුම් දීමට ඇති අයිතිය කුමක්ද? පාර්ලිමේන්තුව කල්දැමූ පසු කථානායක රටේ ජනාධිපතිවරයා වනවාද? කථානායක මෙහෙයවන්නේ පාර්ලිමේන්තු සභාව පමණි.අවම වශයෙන් පාර්ලිමේන්තුව රැස්කිරීමට හෝ කල්දැමීමේ පුර්ණ බලය ලබාදී තිබුණා නම් කථානායක යනු පාර්ලිමේන්තුව මෙහෙයවන්නා ලෙස කීමට හැකියාවක් ඇත.නමුත් එලෙස බලයක් ලබාදීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැත.එවැනි බලයක් ලබා නොදී ඇත්තේද, කථානායකවරයා යනු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත පමණක් තෝරාපත් කරගනු ලබන තැනැත්තෙක් වන නිසාය.පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතක කථානායක පදවිය යනු අක්‍රිය තත්වයේ පවතින ධුරයක් විය යුතුය.නැතිනම් පාර්ලිමේන්තුව කල්තැබීම යන්න තේරුමක් නැති ක්‍රියාවකි.අද කරූ ජයසූරිය නීතිය ගැනද කතා කරන්නේ රටේ මූලික නීතිය ද අමු අමුවේ උල්ලංඝණය කරමින්ය.එසේ නම් තව කුමන කතාද?
දින කිහිපයකට කළින් වත්මන් කථානායකවරයා දැනුම් දී තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නා බවත් එම පත්වීම ව්‍යවස්ථානුකුල බවත් එම තනතුරේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඒ අයුරින් ලබා දීමට කටයුතු කරන බවත්ය. නොවැම්බර් 5 වැනිදා ප්‍රකාශයක් කරමින් කරූ ජයසූරිය කියා සිටින්නේ එම පත්වීම නීතිවිරෝධී බවත්,පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්වය, එනම් තවමත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් පිළිගැනීමට සිදුවන බවත්ය.වැඩි දුරටත් පවසා සිටින්නේ, වර්තමාන ආණ්ඩුව ලෙස පෙනීසිටින පිරිස් සැබෑ ආණ්ඩුවේ(රනිල් ගේ ආණ්ඩුවේ) ඇමති කාර්යාල වලට ඇතුළු වී බලහත්කාරකම් කිරීම් ගැන ලැබුණු තොරතුරු වලින් කම්පනයට පත්වී සිටින බවත් ය.වත්මන් කථානායක මෙතරම් බැරෑරුම් ප්‍රකාශ සිදු කරන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතකය.එය මොන සම්ප්‍රදායට අයත් දැයි අපට ප්‍රශ්නයක් ඇත.නව අගමැතිවරයා පත්කිරීමේ නීතිමය තත්වය පිලිබඳ නීතිපතිවරයාගෙන් විමසීම කරනු ලබන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවකය.එය කුමන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයත් වන්නේ ද? 2015 දී රනිල් සුළුතර බලයක් සහිතව අගමැති ලෙස කටයුතු කරද්දී එවකට කථානායක චමල් රාජපක්ෂ මෙවැනි නාඩගම් නටුවේ නැත.සම්ප්‍රදාය වෙනස් වන්නේ කරූ ගෙන් මිස වෙනත් කිසිදු කතානායකවරයෙක් ගෙන් නොවෙයි.නීතිපතිවරයා තම ධූරයේ වැදගත්කම එලෙසම තබාගෙන කථානායකට දුන් කනේ පහර සම්බන්ධයෙන් නම් ඉතාමත් ජනතාව ලෙස අප සතුටු වන බවද පැවසිය යුතුය.
මොහු නොකියා කියාසිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය මත පමණක් රටේ පාලනය ගෙන යා යුතු බවය.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවද පාර්ලිමේන්තුවේ බහුතරය මත තීන්දු තීරණ ගතයුතු බවය.අප රටේ විධායකවත් ඉතිහාසයේ මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කර ඇති අවස්ථාවක් නම් නැතිව ඇති.මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නේ රට පාලනය කිරීමටය.නිවැරදිම ලෙස නම් රට කරවීම සඳහාය.ඒ අනුව ආණ්ඩුවක් නිර්මාණය කිරීම ජනපතිගේ කාර්යක් සහ ආණ්ඩුව වෙනුවෙන් වගකීම දරන්නේද ජනපතිය.සරලවම කියනවානම් රටේ ජනතාවට අවශ්‍ය පරිදි ආණ්ඩුව කරවීම ජනපතිගේ කාර්යයි.එය ඉතාමත් හොඳින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇත.අගමැතිවරයා පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ මතය විමසීමට හෝ අවශ්‍ය වන්නේ නැත. ජනපතිවරයාට තම මතය අනුව ආණ්ඩුවේ වෙනස්කම් සිදුකිරීමටද බලය ලබා දී තිබෙන්නේද රටේ ජනතාවට වගකියන පුද්ගලයා ලෙස පත්වී ඇත්තේ ජනපතිවරයා වන නිසාය.එය එසේ නොවන්නේ නම් පමණක් රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයක් ඇත. ව්‍යවස්ථාවේ නොතිබුනද සම්ප්‍රදායක් ලෙස පාර්ලිමේන්තුවේ මතය විමසා අගමැති පත්කිරීම සිදුකර ඇත්නම් අගමැති ධූරය ගැන ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත.නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන නිශ්චිත ආකාරයකවත් නොමැතිකොට කතා කිරීමට දෙයක් නැත.පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක කුමක් ඇසීමට සදාචාරාත්මක අයිතියක් කථානායකට ඇත්ද?
අවසාන මැතිවරණයට අනුව රටේ බහුතරය මහින්ද හා සිරිසේන නියෝජනය කරන දේශපාලන කණ්ඩායමට ඇත.නව ආණ්ඩුවක් පත්කිරීමට එය එකම හේතුව කරගැනීමට වුවද ජනපතිට සදාචාරාත්මක අයිතියක් ඇත.කරූ ට ඒ කිසිවක් වැඩක් නැත, අදාළ වන්නේ පාර්ලිමේන්තුවේ තත්වය පමණක් යැයි කෙනෙක්ට තර්ක කිරීමට හැක.එසේ නම් කල යුත්තේ පාර්ලිමේන්තුවට අදාළ දේ ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය මත පිහිටා කටයුතු කිරීම මිස වෙන කිසිවක් නොවේ.එය එසේ නොවන්නේ නම් මහ ජනතාව ලෙස තමන්ගේ පරමාධිපත්‍ය බලය පාරට ගෙන ඒමයි.එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවේ කතන්දර වැඩකට නැත.මේ රට සම්ප්‍රදාය මත පදනම්ව රට කරවීම සිදුවුණු අතරම අවශ්‍ය වූ විට පාලනය වෙනස් කිරීමද සිදුකර ඇත.එයට අද මෙන් නිශ්චිත කාලයක් බලන් ඉඳීමට අවශ්‍යද නැත.එය අදටත් වඩා ඉතා ඉහල මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත ක්‍රමයකි.එයට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කීමට අවශ්‍ය නැත,එය අදට වඩා ජනතාවාදී වේ. කථානායක තනතුර භාවිතා කරමින් දේශද්‍රෝහී, රාජ්‍ය විරෝධී ප්‍රකාශ හා කුමන්ත්‍රණ කිරීමට ඉඩ දී සිටීම මුළුමහත් රටේම ජනතාවගේම පරමාධිපත්‍ය බලයට, රටේ ස්වාධීනත්වයට කරන අභියෝගයක් ලෙස සලකා විධායකයට ලබා දී බලතල අනුව මෙවැන්නන්ට එරෙහිව කටයුතු කිරීමට ජනපති ක්‍රියාකළ යුතුය.එයට ඔහු බැඳී සිටී.අද ඇත්තේ ජාතිකත්වය සහ එයට එරෙහිව නැගී සිටින විජාතිකත්වය අතර සටනකි.ජාතිකත්වය වෙනුවෙන් සටන් වැදීමට අවශ්‍ය ශක්තිය ජනපතිට සහ නව අගමැතිවරයා සතුව ඇතැයි අපගේ විශ්වාසයයි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .