11/11/2018

විජාතික බලවේග දේශපාලන වේදිකාවෙන් බැස යා යුතු මොහොතයි මේ

කතෘ:යුතුකම     11/11/2018   No comments

-ගෙවිඳු කුමාරතුංග-

එක්සත් ජනතා නිදහස් සන්ධානය ‘ජාතික. රජයෙන් ඉවත් වීමට මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදු වෙමින් තිබූ විනාශකාරී ගමන නැවැත්වීමට ගත් තීරණ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය සඳහා ලත් ආරාධනය පිළිගැනීමට ගත් තීරණය රට වෙනුවෙන් ගත් නිවැරැදි නිර්භීත තීන්දුය.

රටේ ආර්ථිකය සහමුලින් බිඳ වැටී තිබියදී රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයකට පොලිසියේ ඉහළ නිලධාරීන් පමණක් නොව කැබිනට් ඇමැතිවරු හා විදේශීය ඔත්තු සේවා ද පැටලැවී තිබියදී රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා නිරතව සිටියේ හම්බන්තොට වරාය” කන්කසන්තුරේ වරාය” මත්තල ගුවන්තොටුපළ” ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි රජයට අහිමි කිරීමෙන් නොනැවතී ශ‍්‍රී ලංකා රජයට ගැඹුරු මුහුදේ නාවික සේවා සැපයීම සඳහා ඉතිරිව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවා ඉන්දියාවට නතු කිරීමේ උත්සාහයකය. ජනතාවට හොරෙන්” පාර්ලිමේන්තුවට හොරෙන් අපගේ නිෂ්පාදන කි‍්‍රයාවලිය මතු නොව වෘත්තීය (ශ‍්‍රම) ක්ෂේත‍්‍රයන් ද සිංගප්පූරුව හා සිංගප්පුරුව ඔස්සේ සකල ලෝකය හමුවේම අනාරක්ෂිත කෙරෙන වෙළෙඳ ගිවිසුම නොපමාව නිවැරැදි කරනවා වෙනුවට ඉන්දියානු භාණ්ඩයන්ගේ්” ශ‍්‍රමිකයන්ගේ හා සංස්කෘතියෙහි සුනාමියකට අප රට ගොදුරු කෙරෙන එට්කා ගිවිසුමේ අවසන් එකඟතා සකස් කිරීමෙහිය. ශ‍්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යුහයට ද බුදු දහමට ශ‍්‍රී ලංකා රජය ලබාදෙන ප‍්‍රමුඛතාවට ද කිසිදු හානියක් නොකරන බවට මහා සංඝරත්නයට හා රටවැසියන්ට දී තිබූ සියලූ ප‍්‍රතිඥා කඩ කරමින් ශ‍්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යුහය මුළුමණින්ම බිඳ වැටෙන්නා වූද එය ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යාජව හඳුන්වන අතරම දෙමළ පිටපතෙහි පමණක් නොව සිංහල හා ඉංගිරිසි පිටපත්හි පවා ඔරුමිත්තනාඩුවක් (පෙඩරල් රටක්) ලෙස හඳුන්වන්නා වූද” බුදු දහමට ප‍්‍රමුඛතාව දීමට තිබූ බැඳියාව මතු නොව පූර්විකාවෙහි කාලය බුද්ධ වර්ෂයෙන් දැක්වීම හා අදාළ පරිච්ෙඡ්දයේ ‘බුද්ධාගම. ලෙස වූ මාතෘකාව පවා ඉවත්කර ඇත්තා වූද” දකුණේ පාලනය මුළුමණින්ම පළාත් අනුව බෙදා වෙන් කෙරෙන අතර උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමට (ව්‍යාජ දෙමළ නිජ භූමිය ‘ඒකීය. කිරීමට) ප‍්‍රතිපාදන යොදා ඇත්තා වූද ව්‍යවස්ථා කෙටුම්පතක් (2018 ඔක්තෝබර් මස 11 දින මෙහෙයුම් කමිටුවේ දෙවැනි අතුරු වාර්තාව) නොවැම්බර් මස 07 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ උත්සාහයකය. මේ කි‍්‍රයාදාමය බිඳ වැටීම ම රටට සෙතක් ශාන්තියක් යහපතක් බවට සැකයක් තිබිය නොහැකිය.

ඉන් ඔබ්බට මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ගත් මේ පියවරෙහි සැබෑ දේශපාලන අරුත කුමක්ද? මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ‘රනිල් හා ඔහුගේ විජාතික පිරිස හා තව නම් බෑ. කියන විට එහි දේශපාලන අරුත කුමක්ද? එක්්සත් ජනතා සන්ධානය ‘එක්සත් ජාතික පක්‍ෂය හා සම්මුති ආණ්ඩුවක අපි තව නෑ. කියන විට එහි දේශපාලන අර්ථය කුමක්ද?

මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ගත් මේ පියවර” ‘2015 ජනවාරි 08 ජනවරම පාවාදීමක්.” ‘එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත්ව නින්දිත ලෙස ඔවුන්ව පාවාදීමක්.” ‘නිර්පාක්‍ෂික විය යුතු වූ ජනාධිපති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ගැනීමේ අනිවාර්ය ප‍්‍රතිඵලයක්. ආදී ලෙස 2015 විජාතික කුමන්ත‍්‍රණයෙහි කොටස්කරුවන් විවරණය කරනු දක්නට ලැබේ. ඒ විවරණ නිවැරැදි ද?

2015 ජනවාරි 08 ජනවරම කැබිනට් මණ්ඩලය 25 කට” උපරිම 30 කට සීමා කරනවා යැයි දුන් ප‍්‍රතිඥාව ව්‍යාජ ජාතික ආණ්ඩු අර්ථකථනයකට මුවාවී පාගා දැමීමට ද? ඒ ජනවරම මහ බැංකු මහා මංකොල්ලයට ද? ඒ මහ බැංකු මහා මංකොල්ලයේ ප‍්‍රධාන සැකකරුට එරෙහිව මුදල් පනත උල්ලංඝනය කරමින් මහ බැංකුව තමන් යටතේ තබාගත් අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබියදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව විසිරවීමට (දින 14 කට කල් තැබීමට නොව මුළුමණින්ම විසිරවීමට) ද? මන්ත‍්‍රී ධුර අහිමි වීමේ අනතුරට මුහුණ දෙමින් විපක්‍ෂයේ කාර්යය ඉටුකරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පනහකට අධික සංඛ්‍යාවක් සිටියදී” සම්මුතිවාදී රජය බලයට ගෙන ඒමට දායක වූ ඒ රජයේ අයවැයට පක්‍ෂව ඡුන්දය දෙන මන්ත‍්‍රීවරු 16 දෙනකු පමණක් සිටි දෙමළ ජාතික සන්ධානයේ නායකයාට විපක්‍ෂ නායකකම දීමටද? එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ධුර 10 ම තමන්ගේ දේශපාලන කඳවුරට නතු කරගෙන ‘ස්වාධීන. කොමිෂන් සභා” පොලිස්පති” නීතිපති මුළුමනින්ම පක්‍ෂග‍්‍රාහී කරගැනීමට ද? 2015 ජනවරම අග‍්‍රාමාත්‍ය වරයාගේ අන්තේවාසිකයන් ලෙස කටයුතු කරන මන්ත‍්‍රී ධුර 6 කට සීමා වූ ජ.වි.පෙ. ට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය දීමට ද? එමගින් මුළු පාර්ලිමේන්තු කි‍්‍රයාදාමය ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අශිෂ්ට විගඩමක් කිරීමට ද?

2015 ජනවරම පනතක ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විවරණයක් ලබා ගැනීමට රටවැසියාට තිබූ මූලික අයිතිවාසිකම කාරක සභා අවස්ථාවේ සහමුලින්ම අලූත් වගන්ති ඇතුළු කිරීම මගින් පාගා චප්ප කරදැමීමටද? එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නොකරන” ව්‍යවස්ථාවට ගරු නොකරන කරු නායක ප‍්‍රමුඛ දාමරිකයන් රැලකගේ කැලෑ නීතියකට රට ගොදුරු කිරීමටද?

මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා එජාප පාක්‍ෂිකයන්ගේ ඡුන්දයෙන් ජනාධිපති වූවකු ලෙස අර්ථ දැක්වීම නිවැරැදි ද? එජාප ඡුන්දයෙන් ජනාධිපතිවරණය ජයගැනීම (මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම) කළ හැකිව තිබිණි නම් එජාපය පොදු අපේක්‍ෂකයකු සොයා යනවාද? ඇත්ත නම් එදා මහින්ද මහතා පැරදවීම සඳහා එජාපෙ” ටී.එන්.ඒ. හා ජ.වි.පෙ. (රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වී නම් 2015 ජනවාරි පාවාදීම ජ.වි.පෙ. ට ද පහසු නොවනු ඇත) ඡුන්දවලට අමතරව අවම වශයෙන් ශ‍්‍රීලනිප ඡුන්ද ලක්ෂ දෙකක්ද අවශ්‍යව තිබූ බවය. පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ තනි ශ‍්‍රීලනිප නායකයා වීම” නිදහසින් පසු පළමු වතාවට රජරට ජනතාවට තමන්ගේ දේශපාලනඥයකු රටේ නායකයා කර ගැනීමට අවස්ථාවක් උදාවීම හා රනිල්” ටී.එන්.ඒ.” මුස්ලිම් කොන්ග‍්‍රස් හවුල නිසා පැනනගින සැක සංකා යටපත් කරගත හැකි විශ්වසනීයවත්වයක් සිංහල - බෞද්ධ පාවෙන ඡන්දදායකයන් හට සැපයිය හැකි නායකයෙක් වීම වැනි මෛත‍්‍රිපාල මහතා විසින් පොදු අපේක්‍ෂකත්වයට එදා එකතු කළ අගයක් නිසා නොවේ නම් එදා ද ජනාධිපතිවරණය ජයගනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ අනුව 2015 ජනාධිපතිවරණයට මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවී නම් එජාපයට තමන්ගේ ජනාධිපති කෙනෙක් තබා අගමැති කෙනෙක්” ආණ්ඩුවක් ලැබෙන්නේද නැත. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ගෙන් මෙන්ම එතුමන් ප‍්‍රධාන එජාප ආණ්ඩුවෙන් සිදුවන සියලූ විනාශයන්ට මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ද වගකිව යුතුය. ඒ වගකීම ගැන සිතා තමා ගැන විශ්වාසය තබා ඡුන්දය දුන් ජනතාව ගැන සිතා” රාජ්‍ය නායකයා ලෙස රටට ජනතාවට තමාගේ වගකීම ගැන සිතා තීරණයක් ගැනීම කිසිසේත් එ.ජා.ප. පාක්‍ෂිකයා පාවාදීමක් නොව ඔවුන් ද ඇතුළු සමස්ත රටවැසියාහට යුක්තිය ඉටු කිරීමකි. කැලණිය රජමහා විහාරාධිපති නාහිමියන් එදා හැට දෙලක්‍ෂයට අයත් වූ තමන් වහන්සේ ගේ ආශිර්වාදය මහින්ද මහතා අගමැති කිරීමට මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ගත් තීරණයට ලැබෙන බව කියමින් කළ අනුශාසනාවෙහි හරය මෙයයි.

මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාට මේ තීරණය ගැනීමට සිදු වූයේ ශ‍්‍රීලනිප නායකත්වය භාරගත් නිසාද? නිර්පාක්‍ෂික ජනාධිපති කෙනෙකුන් නොවූ නිසාද?

2015 ජනවාරි විජාතික කුමන්ත‍්‍රණකරුවන්ට ඇත්තට ම නිර්පාක්‍ෂික අපේක්‍ෂකයකු අවශ්‍ය වීද? එසේ නම් ඔවුනට ශ‍්‍රිලනිප මහ ලේකම් වූ මෛති‍්‍රපාල සිරිසේන මහතාට වඩා සුදුසු අපේක්‍ෂකයන් නොවීද? එසේ නම් ඔවුන් ශ‍්‍රීලනිප ලේකම් තනතුරත්” ඒ හා බැඳුන සබඳතාත් ශ‍්‍රීලනිපයටම දී එන ලෙස මෛත‍්‍රිපාල මහතාට අවවාද කළ යුතුව තිබුණා නොවේද? එසේ නම් ඔවුන් අඩුම තරමින් පොදු අපේක්‍ෂකත්වය දීමට පෙර ශ‍්‍රීලනිප ලේකම්කමින් ප‍්‍රසිද්ධියේ ඉල්ලා අස්වන ලෙස බල කළ යුතුව තිබුණා නොවේද? ඇත්ත නම් ඔවුනට කුමන්ත‍්‍රණකරුවන්ට අවශ්‍ය වූයේ ම ශ‍්‍රීලනිප ප‍්‍රබලයකු බවය. ඔවුන් දඩයම් කළේ ම රට රකින්නට හැදූ පක්‍ෂයේ ප‍්‍රබලයකු බවය. ප‍්‍රධාන පක්‍ෂ දෙකම කෙටස්කරුවන් වූ සම්මුතිවාදී ආණ්ඩුවකින් නිදහසේ පටන් රටේ නොවිසඳුණු සියලූ ප‍්‍රශ්න විසඳන බවට (ශ‍්‍රීලනිප ගොදුරු කරගත් එජාප ආණ්ඩුවකින් ශ‍්‍රිලනිප රැකදුන් සියලූ දේටම කෙළවන බවට) රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන ඒ විජාතික ජුන්ටාව යළි යළිත් සපථ කළේ ඒ අනුව ය.

එසේ නම් මේ සිද්ධි දාමයේ සැබෑ දේශපාලන අරුත කුමක්ද? මට රනිල් හා ඔහුගේ පිරිස සමඟ නම් බැහැ යැයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා කියා සිටින විට ඉන් කියැවෙන්නේ කුමක්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ බව කියන විට ඉන් කියැවෙන්නේ කුමක්ද?

2015 ජනවාරි කුමන්ත‍්‍රණය පරාජය වූ බවය. රනිල් ප‍්‍රමුඛ විජාතික ජුන්ටාව අසාර්ථක වී ඇති බවය. පරාජය වී ඇති බවය. මෙරට ජන ජීවිතය දැහැමෙන් සෙමෙන් ගෙවෙද්දී බටහිර රටවල් කිහිපයක තානාපති කාර්යාල” 2015 කුමන්ත‍්‍රණය කළ ඊට මුදල් ඩොලර් මිලියන ගණනින් සැපයූ තානාපති කාර්යාල බොහෝ කලබල වී ඇත්තේ ඒ නිසාය.

රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිතුමා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය 2015 ජනවරම ඉල්ලා සිටියේ ප‍්‍රධාන පක්‍ෂ දෙකම දායක වන සම්මුතිවාදී රජයකින් මේ රටේ සියලූ ප‍්‍රශ්න විසඳන්නටය. රටේ ප‍්‍රශ්න විසඳීම කෙසේ වෙතත් තමන්ගේ සම්මුතිවාදී රජය පවත්වා ගැනීමට පවා රනිල් ප‍්‍රමුඛ විජාතික ජුන්ටාව අසමත් ව ඇත. තමන් තෝරාගත් (ගොදුරු කරගත්) ජනාධිපතිවරයා හා එකට කටයුතු කරන්නට ඔවුන් අසමත්ව ඇත. ඉතිං කළ යුතුව ඇති ප‍්‍රඥා ගෝචර කි‍්‍රයාව නම්” අසාර්ථකත්වය පිළිගෙන” පරාජය පිළිගෙන” තමන් තවමත් දරන්නේ යැයි කියන අගමැති තනතුරින් ඉල්ලා අස්වී වේදිකාවෙන් බැස යෑමය. යහපාලන මූලධර්ම ගැන අබමල් රේණුවක තැකීමක් ඇති අයෙක් රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිතුමා ආශ‍්‍රය කරන්නේ නම් ඔහුගේ යුතුකම එසේ කරන ලෙස එතුමාට කරුණු පහදා දීමය. පාර්ලිමේන්තුවේ 113 ක් නොව 123 ක්” 133” 143”... සිටියත් සම්මුතිවාදී ආණ්ඩුව බිඳවැටුණු පසු ආණ්ඩු කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට ජන වරමක් නැත.

අවසාන වශයෙන් මෙලෙස 2015 ජනවාරි කුමන්ත‍්‍රණය පරාජය කළ සැබෑ වීරයන් ගැනද සටහන් කළ යුතුය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මවුබිමත්” මවුබිමේ සැබෑ ස්වෛරීත්වය වෙනුවෙන් පිහිටු වූ ශ‍්‍රීලනිපයත් පාවාදීමෙන් වළක්වාගත් ඒ වීරයෝ කවරහුද? ඒ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලයෙන් තුෂ්නිම්භූත වූ මෙරට හුදී ජනයා ය. රනිල් වික‍්‍රමසිංහ මහතා ළඟ සිටිය යුතු අසංස්කෘතික ලූම්පන් පිරිස් මහින්ද ජනාධිපතිතුමා වටේ ගැවසෙනු දැක පුංචි පාඩමක් ඉගැන්වීමට ඡුන්දය පාවිච්චි කර තමන් මවුබිමට එරෙහි විජාතික කුමන්ත‍්‍රණයක ගොදුරක් වූ බව දැක හඬා වැටුණ මෙරට හුදී ජනයා ය. ජයග‍්‍රාහකයා හා එක්වීමට නිදහස් චතුරශ‍්‍රයට නොගොස්” රජ ගෙදරට නොගොස් පරාජිතයා සොයා මැදමුලන බලා ගිය හුදී ජනයා ය. මහින්ද මහතාගේ ළබැඳියන් ගෞරවනීය විශ‍්‍රාම දිවියක් ගැන උපදෙස් දෙද්දී විජාතික කුමන්ත‍්‍රණය පරාජය කිරීමට මහින්ද මහතාගේ නායකත්වය ඉල්ලා නුගේගොඩට රොද බැඳි ලක්ෂ සංඛ්‍යාත හුදී ජනී ජනයා ය. මවුබිමේ ස්වෛරීත්වය සාක්ෂාත් කරනු වස් පිහිටුවූ ශ‍්‍රීලනිපය” ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ දේශපාලන පෙරමුණක් ගොඩනැඟීමේ අරමුණෙන් සැකසුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය අපට අහිමිව යද්දී ඒකාබද්ධ විපක්ෂය ලෙස පොදුජන පක්‍ෂය ලෙස සංවිධානය වීමට අවශ්‍ය ශක්තිය සැපයූ හුදී ජනයා ය. අවසාන වශයෙන් 2018 පෙබරවාරි පළාත් පාලන ඡුන්දයේ දී ඒතාක් ඉතිහාසයේ කිසිදා සිදු නොවී ඇති පරිදි රාජ්‍ය බලයේ හවුල්කාර පක්ෂ සියල්ල පරාජය කරමින්” නව පොදුජන පක්‍ෂයට දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාඅදෙමින්” 2015 පිහිටුවනු ලැබු රජයේ ජනවරම අහෝසි කර දැමූ මෙරට හුදී ජනයා ය.

මේ වීරයන් විසින් තමන්ගේ හදවතේ වීරයා වන මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාට ද ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ නැවත අවස්ථාවක්” දෙවැනි ඉනිමක් උදාකර දී ඇත. ඒ හුදී ජන පැතුමන්ට අනුකූල වූ රජයක් තෝරා පත්කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම අද මේ භාරකාර රජයේ ප‍්‍රමුඛ කාර්යය වේ.

ගෙවිඳු කුමාරතුංග
[නොවැම්බර් 11 ඉරිදා දිවයින]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions