11/27/2018

ප්‍රතිපත්තිගරුක ස්ථාවර ආණ්ඩුවක් උදෙසා නොපමාව මහ මැතිවරණයක් පවත්වන්න

කතෘ:යුතුකම     11/27/2018   No comments

ප්‍රතිපත්තිගරුක ස්ථාවර ආණ්ඩුවක් උදෙසා නොපමාව මහ මැතිවරණයක් පවත්වන්න
මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය හමුව

රටේ ස්ථාවර භාවය ඇති කොට ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් පිරිසක් සහිත ස්ථාවර ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මහ මැතිවරණයකට යා යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.

මේ දිනවල රටේ ඒකීයභාවය පිළිබඳව කතා කිරීමට කිසිවෙක් හෝ ඉදිරිපත් නොවන බවත් අද වන විට බලය වෙන්දේසියේ දමා ඇති බවත් ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

එමෙන්ම රට දෙකඩ කිරීමට උත්සාහ දරන චරිත පාර්ලිමේන්තුවේ හිටපු සභානායකවරයාට විධාන දෙන මට්ටමට පත්වී සිටීම කනගාටුවට කරුණක් බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.

යුතුකම සංවාද කවයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද 'මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය' විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (25දා) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවංශ හිමි,

මහ මැතිවරණයක් අවශ්‍යයි කියන හඬ දැන් රට තුළ මතුවෙමින් පවතිනවා. මහ මැතිවරණයක් අවශ්‍ය වෙලා තිබෙන්නේ මහජනතාවගේ බලය තුළින් මේ රට ස්ථාවර රටක් බවට පත්කර ගැනීමටයි. දේශපාලන පක්ෂවල ගැටුම්, ප්‍රශ්න, ඔවුන්ගේ පව් රටේ ජනතාව පිට පටවන්න එපා කියන පණිවුඩය අපිට දෙන්න සිදුවෙලා තිබෙනවා.

එළැඹෙන 7 වැනිදාට අධිකරණ තීන්දුවක් තියෙනවා. අපිට කනගාටුවක් තියෙනවා යම් යම් දේශපාලනඥයෝ මේ අධිකරණ තීන්දුව ගැනත් කතා කරනවා. මේ රටේ අපිට විශ්වාසය තියන්න පුළුවන් එකම තැන අධිකරණය පමණයි. අවිචාරවත්ව කතා කරලා යම් යම් දේශපාලන කොටස් කරන ප්‍රකාශවලින් මේ රටේ අධිකරණය පිළිබඳව සැකයක් ඇති කරන්න හදන්නේ. අදටත් අපිට විශ්වාසයක් ඇතිව යන්න පුළුවන් එක සත්‍යයේ සහ යුක්තියේ දෙවොල වෙන්නේ අධිකරණය. දේශපාලනඥයෝ මේකත් නැති කරන්න හදනවා නම් අපිට කාගේ පිහිටක්ද?

මේ රටේ ස්ථාවරභාවය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඡන්දයක් අවශ්‍යයි. නමුත් ඡන්දය ලබා දෙන්නේ කුමකටද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාව ඉදිරියේ තිබෙනවා. මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ලබාදිය යුතුයි කියලා අපි අවධාරණය කරනවා.

මේ දිනවල රටේ ඒකීයභාවය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ බලය පිළිබඳව. මුලින්ම රට වෙන්දේසියේ දාලා තිබුණා. ඊට පස්සේ ජාතික සම්පත් වෙන්දේසියේ දාලා තිබුණා. දැන් බලය වෙන්දේසියේ දාපු යුගයේ අපි ඉන්නේ.

අපේ රටට චරිතවත්, ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයන් පිරිසක් හදාගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි කිසියම් ජාතික න්‍යාය පත්‍රයක් මේ රටේ ඉදිරියේ තබනවා. ඒ න්‍යාය පත්‍රය පිළිගන්න පිරිසක් බලයට පත් කළ යුතුව තිබෙනවා.

දේශපාලනඥයෝ කරන්නේ මහා පව්කාර වැඩක්. මේ රටේ සමහර මිනිස්සු තුන්වේල කාලා නෙවෙයි ජීවත් වෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දී දේශපාලනඥයන්ගේ යුතුකමක් තියෙනවා ඔවුන්ගේ මැච් එකේ පන්දුව බවට ජනතාව පත් කරගන්නේ නැතිව ඉතා ඉක්මනින් මේ රටේ සමඟිය ඇති කරලා ස්ථාවර ආණ්ඩුවක් බිහි කරන්න කටයුතු කරන එක. මැතිවරණයක් ඉතා ඉක්මනින් අවශ්‍ය යැයි කියන එක අපි පැහැදිලිව රටට කියනවා.
අන්‍යාගමික දේශපාලන කොටස් වගේම එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ දිගින් දිගටම ස්වාමීන් වහන්සේව විවේචනය කළා. ප්‍රතිපත්තියක් හැටියට අපි සූදානම් වෙලා ඉන්නවා ඒ විදියට ස්වාමීන් වහන්සේව විවේචනය කරපු අයව පරාජය කරන්න. මොන පක්ෂයෙන් ආවත් අපි ඔවුන්ව පරාජය කරනවා.

රණසිංහ ප්‍රේමදාස වගේ සදාචාරය රැකපු නායකයන් හිටපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. අද ඔවුන් සාදාචාරය රකින්නේ නැහැ. අවංක බුද්ධිමත් චරිත අද දේශපාලනයට අවශ්‍යයි. නොකිලිටි චරිත කරුණාකරලා මේ රටේ ඉදිරියට එන්න. ඇවිල්ලා මේ රට භාරගන්න. අපි ඒ කඳවුරට උදවු කරනවා කියන පණිවුඩය අපි ලබා දෙනවා.

යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග
මේ රට දැන් පත්වෙලා තිබෙන අර්බුදයට එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම. මේ පාර්ලිමේන්තුවට තවදුරටත් ජනවරමක් නැහැ. 2015 ජනවරමත් දැන් අහෝසි වෙලා ඉවරයි. 2015 ජනවරම තිබුණේ ජාතික ආණ්ඩුවකට. ජාතික ආණ්ඩුවෙන් එක පාර්ශ්වයක් ඉවත් වුණාම ඒ ජනවරම අහෝසියි. ඒ වගේම දැන් පත් වෙලා තිබෙන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කවුරුහරි කටයුතු කරනවා නම් අපි එයට එකඟ නැහැ. මේ රටේ ආණ්ඩුවක් කිරීම සඳහා මේ පක්ෂ දෙකටම කිසිම ජනවරමක් නැහැ. බහුතරය පිළිබඳ කතාව සම්පූර්ණයෙන්ම මුළාවක්. ජනතාව මේ පක්ෂ දෙකටම ජන වරමක් නොදී තිබෙද්දී බහුතරයට කන්දෙන්න කියන එක විහිළුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මහ මැතිවරණයකට යා යුතුයි.

මේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් හෝ නීති පිළිගන්න මේ රටේ ජනතාව ලෑස්තිද කියන ප්‍රශ්නය තිබෙනවා. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වුණු සිදුවීම් දැක්කාට පස්සේ මේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් මේ රටේ ජනතාව පිළිගන්න ඕනිද කියලා අපි අහනවා.

අපේ ඉල්ලීම තමයි කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ශිෂ්ටත්වයේ අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් තියෙනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාව ඉදිරියට යන්න.
හැම පක්ෂයකම අයට අපි කියනවා ප්‍රශ්නය තිබෙන්නේ නම් රටේ ව්‍යවස්ථාදායකයේ 19 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අවුලක් වෙලා තිබෙන කොට, රටේ අණපනත් ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසය පලුදු වෙලා තියෙන කොට, කථානායකවරයා මෙ අවස්ථාවේදී නම් ක්‍රියා කරන්නේ රනිල්ගේ පියන් කෙනෙක් හැටියට. ඒ තැනට පාර්ලිමේන්තුව පත් කරලා තියෙන කොට වෙනත් ඡන්ද තියලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම මහ මැතිවරණයකට යා යුතුයි.

ඒ වගේම තමයි අපි කියනවා ඉදිරි මැතිවරණයේදී පරාජිතයන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම් දෙන්න එපා කියන කාරණය විතරක් නෙවෙයි කිසිම පක්ෂයක ආසන සංවිධායකවරයකුවත් ජාතික ලැයිස්තුවෙන් නම් කරන්න එපා කියලා අපි කියනවා.

මහ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ යුතුකම සංවාද කවයේ උප සභාපති අනුප පැස්කුවල්
හිටපු එජාප ආණ්ඩුවටත් දැන් බිහිවෙලා ඉන්න ආණ්ඩුවටත් පැහැදිලි බහුතරයක් නැති බව අපිට පේන්න තිබෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ රටේ ජනතාවට. පැහැදිලි බහුතරයක් නැති වුණාම සිද්ධ වෙන්නේ බෙදුම්වාදී අරමුණු තිබෙන දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමඟ සන්ධානගත වෙමින් ආණ්ඩු බිහි කරන්න. දැන් එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් තිබෙනවා කියලා කිව්වත් එම අශුද්ධ සන්ධානය තුළ තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානය වැනි විරුද්ධ පක්ෂය නියෝජනය කරන රටට අහිතකර අරමුණු සහිත පක්ෂ සමඟ රජයක් ගොඩනැඟීම තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

උදයන්ති මුණසිංහ [mawbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions