7/10/2018

අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘතියේ විනාශයේ ඇරඹුමයි

කතෘ:යුතුකම     7/10/2018   1 comment

-පූජ්‍ය වෙල්ගම ගුණසිරි හිමි-රට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්‌ වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා අන්තවාදීන් සතුටු කරනු ලබන විධි විධාන රැසක්‌ මෙම ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමට දරන ප්‍රයත්නය නිසාවෙනි. එවැනි එක්‌ විධි විධානයක්‌ වන්නේ අනාගමික රාජ්‍ය සංකල්පයයි. අනාගමික යන වචනය බටහිර යුරෝපයේ බිහි වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් SECULAR - සෙක්‍යුලර් යනුවෙන් මෙය හඳුන්වයි. විශ්වකෝෂයේ මෙම ඉංග්‍රීසි වචනයට දී ඇති අර්ථය වන්නේ Not connected with Religious or supiritual matters හෙවත් non Religious යන්නයි. එනම් ආගම සමග සම්බන්ධ නොවූ ආගමික නොවන යන අදහසයි. මෙය සිංහලට පරිවර්තනය වීමේදී අනාගාමික වශයෙන් හඳුන්වන අතර අනාගාමික යන වචනය තුළ ආගමික නොවන යන අදහස මතු නොවන බැවින් අනාගමික යන වචනය භාවිත කිරීම යෝග්‍ය වේ. කෙසේ නමුත් මෙය අනාගමික, නිරාගමික හා අනාගාමික වශයෙන් වචන කීපයකින්ම හඳුන්වනු ලැබේ. වචනය සිංහලට පරිවර්තනය වීම තුළම ගැටලූවක්‌ ඇති බැවින් මෙම සංකල්පය අප රටට නොගැලපෙන බව නම් පැහැදිලිය.

2015 ජනවාරි 08 වැනි දින බලයට පත් වත්මන් ආණ්‌ඩුවේ පොරොන්දු හා ප්‍රතිපත්ති අතර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ කරුණක්‌ ඇතුළත් නොවේ. මොවුන්ගේ ප්‍රධානතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එහි බලය පාර්ලිමේන්තුව සතු කිරීම යි.

රටේ ජනයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඉස්‌මතු නොකළ මොහොතක නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනු ලබන්නේ වත්මන් ආණ්‌ඩුව බලයට ගෙන ඒම ස`දහා දායකත්වය සැපයූ දෙමළ ඩයස්‌පෝරාව, උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්, අන්තවාදී මුස්‌ලිම් පක්‌ෂ, රාජ්‍ය නොවන සංවිධාන, ඉන්දියාව මානව හිමිකම් කවුන්සලය, ඇමරිකාව හා යුරෝපා සංගමය සතුටු කිරීමට ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක යම් විධි විධානයක්‌ පිළිබඳව සංශෝධනයක්‌ හෝ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට යම් විධිවිධානයක්‌ ඇතුළත් කළ යුත්තේ රටේ පවතින ගැටලුවක්‌ හෝ අර්බුදයක්‌ නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක්‌ තුළට ගෙන විසඳා ගැනීම ස`දහා ය. රටේ සිංහල බෞද්ධයාට වත්මන් ආණ්‌ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ කුමන අර්බුදයක්‌ විස`දීමේ අරමුණින් අනාගමික රාජ්‍ය සංකල්පය ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේද යන්න යි. අපේ රටට නොගැලපෙන අනාගමික රාජ්‍ය සංකල්පය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේ පැහැදිලි ලෙසම සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා ප්‍රෙෘඪ ඉතිහාසය විනාශ කර දැමීමේ කුටෝපක්‍රමයන් සදහා ය. එය මැනවින් තේරුම් ගැනීමට හැකි වනුයේ අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමේ පසුබිම පිළිබ`ද විමසා බැලීමෙන් ය.

මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පාලනය සිදු වූයේ පල්ලියේ ආධිපත්‍යයට යටත්වය. පාප්වහන්සේගේ අනුමැතියෙන් යුරෝපා රාජ්‍යයන්හි පාලකයන් පත් වූ අතර ක්‍රිස්‌තියානි මූලධර්ම හා ආගමික නීතිරීති මෙන්ම සිද්ධාන්ත ඔස්‌සේ පල්ලියට අවශ්‍ය ආකාරයට පාලකයා රාජ්‍ය මෙහෙයවීය. යුරෝපයේ මෙම ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම හා සිද්ධාන්ත මුල් කොටගෙන කරනු ලැබූ පාලනය හරහා ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ට විශේෂ වරප්‍රසාද හා වාසි ලැබුණි. ක්‍රිස්‌තියානි නොවූ පිරිස්‌ වෙත පාලන තන්ත්‍රය විසින් විවිධ තාඩන පීඩන එල්ල කළ අතර රාජ්‍ය බලය යොදා ක්‍රිස්‌තියානි ආගමට බලෙන් හරවා ගැනීමට ද කටයුතු කළේය. එසේ ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීමට නොහැකි වූ අය මරණයට පත් කිරීම හෝ රාජ්‍යයෙන් පිටුවහල් කිරීම සිදු විය. මේ නිසා යුරෝපයේ සියලූ රාජ්‍යයන් ආගමික රාජ්‍යයන් විය.

යුරෝපයේ පාප් වහන්සේ මූලික කරගෙන පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන තන්ත්‍රය තුළින් රාජ්‍යයේ ජනතාව විශේෂීකරණයට ලක්‌ වූණි. පැහැදිලි ලෙසම ක්‍රිස්‌තියානි අන්තවාදී මූලධර්ම මත පදනම් වූ යුරෝපයේ මෙම පාලන ක්‍රමය ජනතාවට මහත් පීඩාවක්‌ හා හිංසනයක්‌ විය. මානව නිදහස අයිතිවාසිකම් මෙන්ම සමානාත්මතාව ද මෙම පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය තුළ ජනයාට අහිමි විය. එම නිසා ක්‍රි.ව. 1303 දී පමණ එංගලන්තයේ හා ප්‍රංශයේ පාලකයන් දෙදෙනා යුරෝපයේ ක්‍රිස්‌තියානි මූලධර්ම මත පල්ලිය විසින් ගෙන ගිය පාලනයට එරෙහිව නැඟී සිට 08 වැනි බොනිපස්‌ පාප් වහන්සේව පාප් පදවියෙන් නෙරපා හැර ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම මත පදනම් වූ පාලනය අවසන් කළේය.

මේ ආකාරයට යුරෝපයේ බිහි වූ නව පාලන ක්‍රමය තුළ හිංසාකාරී හා පීඩාකාරී ක්‍රිස්‌තියානි පල්ලිවල පාලන බලපෑමෙන් මිදී රාජ්‍යයත් ආගමත් වෙන වෙනම සංකල්ප දෙකක්‌ ලෙස ගෙන පවත්වාගෙන ගියේය. රාජ්‍යයෙන් ආගම වෙන් කොට වෙනමම පවත්වා ගෙන යාම තුළ ගොඩනැඟුණු සංකල්පයක්‌ වන්නේ ලෝකෝත්තර වාදය යි. එනම් රාජ්‍යය විසින් පිළිගත් නිළ ආගමක්‌ රාජ්‍යයට නොමැති බව යන්නයි. ලෝකෝත්තරවාදය මූලික කරගෙන අනාගමික රාජ්‍යය හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය යුරෝපයේ බිහි වීමට අවශ්‍ය පදනම සැකසිණ.

මෙම අනාගමික රාජ්‍යයේ විශේෂතා නම්,

01. අනාගමික රාජ්‍ය සංකල්පයේ මූලික හරය වන්නේ ලෞකිකත්වය පදනම් කර ගත් මූලධර්ම ඔස්‌සේ රාජ්‍ය මෙහෙයවීම යි.

02. ලෝකය පිළිබද ආගම් විසින් විග්‍රහ කර ඇති විඤ්ඤාණවාදී අදහස්‌ හෝ අධි මානුෂීය විශ්වාසයන් බැහැර කර රාජ්‍ය පාලනය කිරීම ද මිනිසුන්ගේ ජීවිතය ආගමෙන් මුළුමනින්ම වෙන් කොට තබා ගැනීම ද අනාගමික රාජ්‍යය තුළින් සිදු කරයි.

03. මිනිසාගේ ලෞකික දියුණුව ඇති කළ හැක්‌කේ භෞතික කරුණුවලින් පමණක්‌ බව අනාගමික රාජ්‍ය සංකල්පය දැඩිව පිළිගනු ලබයි.

04. එමෙන්ම සියලු ආගම්වලට එක හා සමානව සැලකීම ද ඕනෑම ආගමකට කෙනෙකුව හරවා ගැනීමේ නිදහස ද හිමි වේ.

05. ඕනෑම ආගමකට ඇඟිලි ගැසීම හා පාලනය කිරීමට රාජ්‍යයට හැකියාවක්‌ ලැබීම මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වේ.

06. රාජ්‍යය විසින් ආගම පෞද්ගලික දෙයක්‌ වශයෙන සලකන අතර ඕනෑම ආගමික විශ්වාසයක්‌ තමන්ට අවශ්‍ය අයුරින් ඇදහීමට, පිළිපැදීමට හා විශ්වාස කර පුදපූජා පැවැත්වීමට ද පුද්ගලයෙකුට පූර්ණ නිදහස තිබේ.

07. කිසිදු ආකාරයකින් ආගමකට රාජ්‍යයේ කටයුතුවලට මැදිහත්මක්‌ සිදු කළ නොහැකි වීම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂයක්‌ වේ.

08. රාජ්‍යය විසින් නීතිය ඉදිරියේ සියලූ ආගම්වලට සමානාත්මතාවෙන් කටයුතු කිරීම ද මෙහි සුවිශේෂී වේ.

09. රාජ්‍යය තුළ කිසිදු ආගමක්‌ පෝෂණය කිරීමට නීතිමය බැදීමක්‌ රාජ්‍යයට නොමැති අතර මිනිසුන්ට තමන්ගේ ආගමක්‌ ඇදහීමට පූර්ණ නිදහස හා ආරක්‌ෂාව ලබා දේ.

වෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පයේ කාර්යයභාරය වන්නේ රාජ්‍යය මුළුමනින්ම ආගමෙන් ඈත් කොට තබා පුද්ගලයාගේ ලෞකික දියුණුව හා අභිවෘද්ධිය උදෙසා ඕනෑම කාර්යයක්‌ කිරීමට අවශ්‍ය පදනම සකස්‌ කර දීම යි.

මෙම ව්‍යවස්‌ථා සම්පාදක කමිටුව ඉදිරිපත් කරනු ලබන නිර්දේශය වනුයේ වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැනි වගන්තිය යටතේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතුයි යන වචනය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කර ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක්‌ දිය යුතුය යන්න ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමය.

මෙම අනාගමික රාජ්‍ය සංකල්පය අපේ රටට යෝග්‍ය නොවන බව සොයා බැලීම රටේ බුද්ධිමත් ජනයාගේ වගකීමක්‌ බව මෙහි දී කිව යුතුමය. මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ ඇති සුවිශේෂතා සියුම්ව විමසා බැලීමේ දී පෙනී යන්නේ සුනාමියක්‌ මෙන් අරාජිකත්වය පමණක්‌ ඉතිරි කරන, ප්‍රෙෘඪ සංස්‌කෘතිය විනාශ කර දැමීම ස`දහා බටහිර යුරෝපයේ දේශපාලන අර්බුද මත ගොඩනැඟුණු, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිත කරන මෙවලමක්‌ බවය. මෙම සංකල්පය බිහිවීම හා අප රටේ සමාජ දේශපාලන පසුබිම විමසීමෙන් මෙහි අයෝග්‍ය ස්‌වභාවය මැනවින් වටහා ගත හැකි වේ.

එම අයෝග්‍ය කාරණා වන්නේ,

01. වසර 2500 ගණනක ඉතිහාසයක්‌ හිමි බෞද්ධ දර්ශනය සමඟ මොවුන් ලෝකයේ සියලු ආගම් සමාන කරයි. බටහිර රටවල ඇති ආගම් සදාකාලික වින්දනීය ජීවිතයකට මග සොයන නිරර්ථක ආගම් වන අතර බෞද්ධ දර්ශනය මරණය ජයගන්නා වූ සැනසිලිදායක ජීවිතයකට මග එළිපෙහෙළි කරන දර්ශනයකි. බුදු දහම ආගමක්‌ පමණක්‌ නොව ලෝකයේ සියලු ඇතිවීම් හා නැතිවීම්වලට හේතු පැහැදිලි කරන සජීවී දර්ශනයක්‌ ද වේ. එබැවින් ලෝකයේ අනිකුත් ලෞකික ආගම් සමග බුදු දහම කවර කලෙකවත් සමාන කළ නොහැකිය.

02. යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වූයේ යුරෝපා රාජ්‍යයන්හි පාලකයා පත් කළ පාලනය කළ හා ඉවත් කළ පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව බැවිනි. නමුත් අපේ රටේ ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දී ඇතත් පාලකයා පත් කිරීමේ ඉඩ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් රටේ ජනතාවට ලබා දී තිබේ.

03. එමෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ දැනටමත් ස්‌ථාපිතව පවතින අතර යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමට පදනම සැකසුණේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ නොමැති වූ බැවිනි.

04. යුරෝපයේ පාලකයන් මෙන් අපේ රටේ රාජ්‍ය බලය යොදා ගනිමින් වෙනත් ආගමික කණ්‌ඩායම්වල ජනයා බෞද්ධ ආගමට බලෙන් හරවා ගැනීමක්‌ සිදු නොවේ. අන් ආගමික කණ්‌ඩායම්වල නිදහස හා අයිතිවාසිකම් උපරිම ලෙස අප රටේ ආරක්‌ෂා වී තිබේ. යුරෝපයේ වූවාක්‌ මෙන් රාජ්‍ය බලය යොදා ගෙන ආගමට හරවා ගැනීම අප රටේ සිදු වූවා නම් අද වන විට මේ රටේ සියලු ජනයා බෞද්ධයන් බවට පත් වී සිටිය යුතුය. එහෙත් සිදුව ඇත්තේ වෙනත් ආගමික අන්තවාදී කල්ලි කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාව බලහත්කාරයෙන් හා අල්ලස්‌ දිමෙන් එම ආගම්වලට හරවා ගැනීම යි.

05. අතීතයේ රට තුළ විසිරී ජීවත් වූ සිංහල බෞද්ධ ජනයාට එම ගම්බිම් හා උරුමයන් ද ප්‍රෙෘඪ ඉතිහාසයක නටබුන් ද අහිමි වී ඇති අයුරු විමසීමේ දී කොතරම් සාහසික ලෙස බෞද්ධ සංහාරයන් මෙරටේ සිදු වන්නේ ද යන්න පැහැදිලිය. එවැනි පසුබිමක්‌ තුළ අනාගමික රාජ්‍ය සංකල්පය ගෙන ඒමෙන් ගම්‍ය වනුයේ බෞද්ධ ජනයා මුළුමනින්ම මෙම භූමියෙන් අතුගා දැමීමේ වැඩපිළිවෙළ තව තවත් කඩිනම් කිරීමක්‌ හා ශක්‌තිමත් කිරීමක්‌ බව ය.

06. අනෙක්‌ වැදගත් කාරණය වන්නේ යුරෝපයේ ඇති වූවාක්‌ මෙන් බෞද්ධ ආගමට බලෙන් මිනිසුන් හරවා ගැනීමක්‌ හෝ රටෙන් පිටුවහල් කිරීම හෝ එයට අකමැති නම් මරණයට පත් කිරීමක්‌ අප රටෙන් මෙතෙක්‌ අනාවරණය නොවීම යි. නමුත් වෙනත් අන්තවාදී ආගමික කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාට හිරිහැර හා තාඩන පීඩන සිදු කිරීම් රටේ ඕනෑතරම් වාර්තා වී තිබේ.

බෞද්ධ දර්ශනය තුළින් ලාංකීය සියලු ජන වර්ගවල අයිතිවාසිකම් හා නිදහස පිළිගෙන සුරක්‌ෂිත කොට තිබෙන පරිසරයක්‌ තුළ අනවශ්‍ය ආකාරයේ අනාගමික රාජ්‍ය සංකල්ප වැනි දෑ මෙරටට හදුන්වා දීම හරහා නැති අර්බුද ඇති නොකරන්නට පාලකයන් වග බලාගත යුතුය. අනාගමික රාජ්‍ය සංකල්පය සැබෑ ලෙසම අන්තවාදී හා බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්වලට රට විනාශ කිරීමට අවශ්‍ය පාර සකසනු ලබයි. මෙරටේ බුද්ධිමත් සිංහල, දෙමළ, මුස්‌ලිම් සාමාන්‍ය ජනයා සැබෑ සහජීවනයෙන් ජීවත් වේ. සුද්දා අතීතයේ සිටම අප රටට කළ විනාශය වූයේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දීම යි. එබැවින් අනාගමික රාජ්‍ය සංකල්පය මෙරට ස්‌ථාපිත වුවහොත් රටේ ජනයා අතර වර්ගවාදී ගැටුම් ඇති වීම වැළැක්‌විය නොහැකිය. රටේ සාමාන්‍ය ජනයා සහජීවනයෙන් ජීවත් වන බව යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ දී හා මන්නාරම ශාන්තිපුර සිංහල ගම්මානයේ නාවක්‌කුලිය ශ්‍රී සමිද්ධි විහාරයේ චෛත්‍යය ඉදිකිරීම සම්බන්ධයෙන් චාවාකච්චේරිය මහෙස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය ලබා දුන් තීන්දුවලින් මැනවින් පැහැදිලි වේ. එසේ නම් මෙරට බෙදුම්වාදය ඇති කිරීමේ අවශ්‍යතාව ඇත්තේ පටු බලලෝභී අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට බව පැහැදිලි ය.

වෙල්ගම ගුණසිරි හිමි
2017 සැප්තම්බර් 06 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මගේ අදහස නම් රාජ්‍ය අනාගමික කරන්න කලින් විවිධ ජන කොටස් වලට විශේෂයෙන් පණවපු නීති අයින් කරන්න ඕනි. උදාහරණ හැටියට තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ නීතිය ආදිය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions