7/09/2018

විජයකලා හා විග්නේශ්වරන්ගේ දෙමළ ඊළාම් කථා

කතෘ:යුතුකම     7/09/2018   No comments

- පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි -

2018.07.01 දින යාපනයේ වීරසිංහම් ශාලාවේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරියක්‌ හා ඊනියා යහපාලන ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක්‌ද වන විජයකලා මහේෂ්වරන් දැඩි ස්‌වරයෙන් දෙමළ බසින් කළ දේශනය එහි රැස්‌ව සිටි පිරිසට හෝ මෙරට ජනතාවට හෝ කළ දේශනයක්‌ නොවේ. ඉතා පැහැදිලිවම එය ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන දෙමළ ඩයස්‌පෝරාව, රටින් පිට දෙමළ ඊළාම් රාජ්‍යය වැනි දෙමළ සංවිධාන අමතා කළ දේශනයකි. එම දේශනය අනිවාර්යෙන්ම ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ජාත්‍යන්තරය පුරා ප්‍රචාරය කරනු ඇත. එමගින් ඊළමට සහය දෙන බටහිර ලෝකයට ද එම අදහස්‌ යනු ඇත. ඇයගේ දේශනයේ එක්‌ තැනක මෙසේ සඳහන් වේ. උතුරේ කාන්තාවන් බරපතළ වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා මෑතකදී යාපනයේ සය හැවිරිදි දැරියක්‌ ඝාතනය කළා එල්.ටි.ටී.ඊ. සංවිධානය සක්‍රීයව සිටියා නම් මේ වගේ ඉරණම් අත්වීමට කිසිදු ඉඩක්‌ නෑ'

විජයකලාගේ මෙම ප්‍රකාශය දෙමළ බෙදුම්වාදී මතවාදයේ සිටින ජාත්‍යන්තර දෙමළ ප්‍රජාව සතුටු කරන්නට ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට එනම් ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකර ගැනීමට පදනම් කරගත හැකි ප්‍රකාශයකි. ජාත්‍යන්තරය තුළ ඔවුන් දැනටමත් තහවුරු කර ඇති අසත්‍යය කරුණු රාශියකි. ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙන් දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුනොවන බව, කාලාන්තරයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව ජීවත්වන බැවින් එම ප්‍රදේශ දෙමළ නිජභූමිය වන බව දෙමළ ජනයාට ස්‌වයං තීරණ අයිතිය මත එහි දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකිරීම සාධාරණ බව ද ඔවුහු නිතර ප්‍රකාශ කරති. ඉංග්‍රීසි යටත් විජිත පාලන සමය තුළ ලංකා සිතියමේ උතුරු හා නැගෙනහිර පළාත් TAMIL SPEAKING AREA (දෙමළ කතා කරන ජනතාවගේ ප්‍රදේශ) යනුවෙන් සඳහන් කර තිබීමද බෙදුම්වාදීහු තම අරමුණ ඉටුකර ගැනීමට යොදා ගනිති.

උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ආර්. සම්බන්දන් මන්ත්‍රී සුමන්තිරන් වැනි අය ද නිතර නිතර කියන්නේ මෙරට දෙමළ ජනයාට වෙනම නිජබිමක්‌ අවශ්‍ය බවයි. ඒකීය යන වචනය වෙනුවට එක්‌සත් යන්න යොදා ගැනීමට ඔවුහු යෝජනා කරති. L.T.T.E. යට ආයුධවලින් සටන් කර ලබාගත නොහැකි වූ ඊළම දේශපාලන විසඳුමකින් ලබාගැනීමටයි. ඔවුන් උත්සාහ දරන්නේ ඊනියා යහපාලන ආණ්‌ඩුව පිහිටුවීමට ඔවුන් දර දිය ඇද්දේ ද ආණ්‌ඩුව මගින් ඊළමට පාර හදා ගැනීමටයි. ව්‍යවස්‌ථා සංශෝධනයකින් හෝ නව ව්‍යවස්‌ථාවකින් හෝ පළාත් සභා බලාත්මක කිරීමකින් හෝ ඊළාම්වාදීන්ගේ අරමුණ ඉටුකර දීමට ආණ්‌ඩුව උත්සාහයක යෙදුණත් මහානායක නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේත් බහුතර පොදු ජනතාවගේ මෙන්ම ජාතික සංවිධානවල සහ ඒකාබද්ධ විපක්‌ෂයේ දැඩි විරෝධතා නිසා එය ඉටුකර දීමට රජයට මෙතෙක්‌ නොහැකි වුවත් උත්සාහය අතහැර නැත.

විජයකලාගේ ප්‍රකාශය කළ රැස්‌වීමේ ම මහ ඇමැති විග්නේශ්වරන් උතුරේ අපරාධ මඬින්න නම් හමුදාව යවා පළාත් සභාවලට පොලිස්‌ බලතල දිය යුතුයයි ප්‍රකාශ කර ඇත. මෙය විජයකලාගේ ප්‍රකාශයට වඩා බරපතළය. විග්නේශ්වරන් යනු යුද්ධ කර රට අල්ලා ගත නොහැකි වූ ඉංග්‍රිසීන්ට ගිවිසුමක්‌ හරහා රට අත්පත් කර දීමට ක්‍රියා කළ ජෝන් ඩොයිලි වැනි කපටි කෛරාටික මිනිසෙකි. ඔහු මෙසේ කියන්නේ පළාත් සභා පිහිටුවීමට ව්‍යවස්‌ථාගත කළ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති කරුණු පදනම් කර ගෙනයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ 09 වැනි උප ලේඛනයේ 01 වැනි ලැයිස්‌තුව යටතෙහි මෙසේ සඳහන් කර ඇත.

01. පොලීසිය සහ මහජන සාමය

ජාතික ආරක්‌ෂාව සහ ජාතික සුරක්‌ෂිතතාවය ද යම් යම් සන්නද්ධ හමුදා හෝ සිවිල් බලයට සහය පිණිස ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ පාලනය යටතේ වූ වෙනත් යම් හමුදා යොදා ගැනීම ද බැහැර කොට සහ කොළඹ නගරය, කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුරය සහ ගැසට්‌ පත්‍රයේ පළ කරන නියමයක්‌ මඟින් ජනාධිපතිවරයා විසින් සීමාවන් නිශ්චය කොට නියම කරනු ලබන ඒ නගරවල තදාසන්න ප්‍රදේශයන් අත්හැර, පළමුවැනි පරිශිෂ්ටය දක්‌වා ඇති ප්‍රමාණයට පළාත් සභා ඇතුළත මහජන සාමය පැවැත්වීම සහ පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීම.

මෙසේ දක්‌වා ඇත්තේ පළාත් සභාවකට ඇති පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. විග්නේශ්වරන් සිය කථාවේදී තව දුරටත් කරුණු දක්‌වමින් 'හමුදා පළාත් සභාවෙන් ඉවත්කර පොලිස්‌ බලතල පළාත් සභාවට පවරා තිබුණා නම් මේ ප්‍රචන්ඩ ක්‍රියා අපරාධ ක්‍රියා මර්දනය කිරීම මහ ලොකු දෙයක්‌ නොවෙයි' යනුවෙන් කරන ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ පළාත් සභාව තුළ පොලිස්‌ හමුදාවක්‌ පිහිටුවාගෙන පසුව එයම ඊළාම් හමුදාවක්‌ බවට පත්කර ගැනීමේ අදහසයි. මේ කථා මෙසේ කියන්නේ මෙරට ජනතාවට හෝ ආණ්‌ඩුවට වඩා ජාත්‍යන්තර දෙමළ ඊළාම් සංවිධානවලට හා බටහිර රටවල් වලටයි. ඒ හඬ ඇසෙන උතුරට වෙනම බලතල ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකරන බෙදුම්වාදීන් මෙන්ම ඔවුන්ගේ මතය පිළිගන්නා බටහිර රටවල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් සමුළුවද එය පිළිගෙන ඊළාම්වාදීනට සහය දෙනු ඇත.

1977 - 1994 ආණ්‌ඩු කාලය තුළ මෙන්ම චන්ද්‍රිකාගේ බලය පැවැති කාලය තුළ ලක්‌ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිතුමා හැරෙන්නට එම ආණ්‌ඩු හෝ ආණ්‌ඩු යටතේ ක්‍රියා කළ තානාපතිවරුන් හෝ ජාත්‍යන්තර ඊළාම් ප්‍රචාරයට ඉඩදී බලා සිටියා මිස ඊට එරෙහිව සත්‍යය තහවුරු කිරීමට ක්‍රියාකර නැත. ඒ නිසාම ජාත්‍යන්තරය තුළ දෙමළ ඊළාම් බෙදුම් වාදීන්ගේ මතය තහවුරු වන තැනට කටයුතු යෙදුණි. දෙමළ බෙදුම්වාදීන්ගේ උපකාරයෙන් පිහිටුවා ගත් වත්මන් ආණ්‌ඩුවට ඔවුනගේ බහට අවනතව ක්‍රියා කිරීමට සිදුවී ඇත්තේ බලය රැකගැනීම සහ යළිත් බලයට පැමිණීමේ සැලසුම් ක්‍රියාත්මක කරනු මිස රට නැංවීමේ සහ රට ආරක්‌ෂා කිරීමේ අරමුණක්‌ ආණ්‌ඩුවට නොමැති නිසයි.

දේශපාලන, පරිපාලන, ආර්ථික හා මානුෂික පැතිවලින් බලා විසඳිය යුතු ප්‍රශ්න විසඳීමට ඇති බවත් එම ප්‍රශ්න විසඳීමට ක්‍රියා කළහොත් ලබන වසරේ මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා සකස්‌ කිරීමටද එය ඉවහල් වනු ඇති බවත් විග්නේශ්වරන් ඉහත රැස්‌වීමේ ද ප්‍රකාශකර ඇත. ඔහු මේවා කියන්නේ ආණ්‌ඩුවට හා ජාත්‍යන්තරයටයි. ජාත්‍යන්තරයේ දෙමළ බෙදුම්වාදීන්ගේ බලපෑම් නිසා ආණ්‌ඩුවටද ඔහු කියන දේ නොසලකා හැරීමට නොහැකි වනු ඇත. ආණ්‌ඩුවට දැන් සිදුවී ඇත්තේ කොටි වලිගය අල්ලා ගත් මිනිසාට සිදුවූ දෙයයි. රට ගැන නොසිතා බලයට කෑදර කමින් කටයුතු කිරීම නිසා විනාශ වී යන්නෙ රටයි. මෙම උවදුර නුවණින් වටහා ගෙන රටට ආදරය කරන දේශපාලකයන් උපායශීලීව ක්‍රියාකොට රට බේරා ගැනීමට වහ වහා පියවර ගත යුතුව ඇත.

විග්නේශ්වරන් ඇතුළු බෙදුම්වාදී කණ්‌ඩායම ජාත්‍යන්තරය හා ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා දෙමළ ඊළමට පාර කපා ගැනීමට උත්සාහ දරන මෙම වැඩපිළිවෙළ මෙරට බොහෝ දේශපාලකයන්ට වැටහෙන්නේ නැත. ජාතික බුද්ධි අංශ ද දුර්වල කර ඇති බැවින් මෙවැනි ප්‍රකාශවල යථාර්ථය වටහා ගැනීමට පැවති මගද ඇහිරී ඇත. විජයකලාලාට විග්නේශ්වරන්ලාට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ඊළමට පාර කපා ගැනීමටයි. සිරිසේන රනිල් හවුලට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටිමටයි. ඊළඟටද බලය ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නොකළ හැකි නොහොබිනා කමක්‌ නොමැත. එහිලා අපට ඇති මහා දුක්‌කන්දරාව නම් අපේ මව්බිම විනාශ වී යැම ගැනයි. බෙදුම්වාදී වැඩපිළිවෙළට හා යමපාලනයට ඉඩ දී බලා සිටියොත් නුදුරු අනාගතයේදී මුළු මහත් ජාතියටම එම දුක්‌ කන්දරාවට උරදීමට සිදුවෙනු ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
ජාතික හිමිකම් සංවිධානයේ සභාපති

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions