7/04/2018

විජයකලාට සිහිකැඳවීම පිණිසයි!

කතෘ:යුතුකම     7/04/2018   No comments

-සමන් ගමගේ-
මට මොනවා හරි වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම එල්ටීටීඊ භාරගන්න ඕන කියල මම කියනවා.."

ඉකුත් 2004 වසරේ අගභාගයේදී මෙවන් කතාවක්‌ ප්‍රසිද්ධියේම මේ රටේ මාධ්‍ය ඉදිරියේ සඳහන් කර තිබුණේ එක්‌තරා සුවිශේෂී චරිතයකි. හේ අන් කිසිවකුත් නොව, වත්මන් යහපාලන ආණ්‌ඩුවේ වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය වන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන්ගේ නීත්‍යානුකූල සැමියා වූ ත්‍යාගරාජා මහෙෂ්වරන්ය.

මේ ප්‍රකාශය කරන විට ත්‍යාගරාජා මහේෂ්වරන් හෙවත් අප හොඳින් දැන හැඳීන සිටි ටී. මහේෂ්වරන් යනු එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය.

මුලින්ම යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව වූ ත්‍යාගරාජා මහේෂ්වරන් 2004 වන විට සිය දේශපාලනය කොළඹ දිස්‌ත්‍රික්‌ක වෙත රැගෙන එන්නේද එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් එල්ල වූ ජීවිත තර්ජන හමුවේය.

මාධ්‍ය වාර්තා අනුව (2009-07-28 දිනමිණ) එදා මේ ප්‍රකාශය සිදු කළ ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයා 2004 වසරේදීම වරක්‌ පාර්ලිමේන්තු ලොබියේදී සිය මිතුරු මන්ත්‍රීවරයකු සමඟ තමන් එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නිසා ජීවිතය විඳවමින් සිටින අන්දම වචන කර තිබුණේ මෙසේය.

"මගේ මස්‌සිනාව කොටි හිරකරලා. කප්පම් දුන්නේ නැහැ කියලා. එයාගේ කුඹුරු අක්‌කර 50 ක්‌ තිබුණා. රත්තරන් බඩු සාප්පුවකුත් තිබුණා. ඒවා දැන් ඔක්‌කොම නාස්‌ති වෙලා. මස්‌සිනා නැති නිසා නංගිත් අසනීප වෙලා..

එයාගේ දරුවන්ට ඉස්‌කෝලේ යන්න විදිහක්‌ නැහැ. මුලින්ම එල්ටීටීඊ එක නංගිට මස්‌සිනාව බලන්න යන්න දුන්නා. දැන් එයාටවත් බලන්න යන්න දෙන්නේ නැහැ. බලපං මචං මම මොනවද කරන්නේ කියලා මේවට විරුද්ධව කතා කළොත් මටත් මැරෙන්නයි වෙන්නේ.."

එදා මෙසේ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් තමන්ගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳ වේදනාවෙන් කතා කළ ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයා ඉන් සිව්වසරකට පසු හරියටම කිවහොත් ඉකුත් 2008 වසරේ ජනවාරි පළමුවැනිදා නව වසරේ ආගමික වතාවත්වල යෙදී සිටියදී එලිටීටීඊය විසින් කොටහේනේ හින්දු කෝවිලක්‌ තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.

එම ඝාතනය සිදු කළේද ඉන් සිව් වසරකට පෙර කොටහේනේ පැවති ජනහමුවකදී මල්මාලයක්‌ දමන මුවාවෙන් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට කොටි ත්‍රස්‌තවාදීන් ගත් උත්සායක්‌ වැරදී ගිය පසු ලද දෙවන අවස්‌ථාවේ සිය ගොදුර නිවැරදිව ඩැහැගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනිs.

එහිදී මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතකයා වූයේ ජොන්ස්‌ටන් කොලින් වැලන්ටයින් නමැති කොටි ත්‍රස්‌තවාදියෙකි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ වරද හමුවේ පසුව මේ ත්‍රස්‌තවාදියාට අධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කළ බවද අපේ මතකයේ තිබේ.

කෙසේ වෙතත් මේ කතාව මිනීමරු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ තවත් එක්‌ ම්ලේච්ඡ දේශපාලන ඝාතනයක්‌ ලෙස පසුගිය කාලයේ තිබුණේ අතීතයට එකතු වූවක්‌ ලෙසය.

එහෙත් අද මේ අතීතය අපට යළි සිහිපත් කර දෙන්නී ටී. මහේෂ්වරන් ඝාතනය වීමෙන් පසු එජාප දේශපාලනයේ අත්පොත් තබා වත්මන් යහපාලනයේ වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනිය වී සිටින ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන්ගේ කසඩ දේශපාලන භාවිතාව විසිනි.

තිස්‌ වසරක්‌ රටේ සමස්‌තය වැනසූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බයිනෙත්තුවෙන් යළිත් විමුක්‌තිය හොයන විජයකලා අක්‌කාට අනුව නම් තමන්ගේ මිනිහා හෙවත් නීත්‍යානුකූල සැමියා මරා දැමූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු යනු දැන් දේවත්වයෙන් පිදිය යුතු පිරිසක්‌ බවට පත්ව සිටිති.

ජනාධිපති නිල මෙහෙවර වෙනුවෙන් පෙරේදා (02 වැනිදා) උතුරේ පැවති රාජ්‍ය උත්සවයකදී විදේශ ඇමැති තිලක්‌ මාරපන, ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන සහ යහපාලන මිතුරන් වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනකුම ඉදිරියේ ඇය යළිත් වරක්‌ දෙමළ ජනතාවගේ විමුක්‌තියට ඇති එකම මග ලෙස පෙන්වමින් මේ බව සඳහන් කරනු ලැබුවාය.

එහිදී ඇගේ ඒ සඳහනට ප්‍රධාන හේතුවක්‌ ලෙස පෙන්වා දුන්නේ යාපනය සුළිපුරම් ප්‍රදේශයේදී රෙජිනා නමැති වයස අවුරුදු 6 ක පාසල් දැරියක්‌ අමානුෂික ලෙස ඝාතනය කර ළිඳකට දමා තිබීමේ සිද්ධියකි. මේ දැරියගේ ඝාතනයත් සමඟ විජයකලාට යළිත් ප්‍රභාකරන් ආවේෂ වී තිබිණි

අප මෙහිදී යළිත් වරක්‌ ලෙසින් සඳහන් කරනුයේ 2015 ජනවාරි 8 යහපාලන පෙරළියෙන් පසු මේ අන්දමට විජයකලාට අවස්‌ථා කිහිපයකදීම ප්‍රභාකරන් ආවේෂ වූ අයුරු පසුගිය තෙවසරක කාලය පුරාම විටින් විට දකින්නට ලැබුණු බැවිනි.

වරක්‌ ඇයට මේ ආවේෂය ඇතිවී තිබුණේ සම්මුතිවාදී පූට්‌ටුවක්‌ ලෙස බිහිවූ යහපාලනය විසින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්‌ථාවේදීය. එහිදී ඇය හඬ නඟා කීවේ සමස්‌ත දෙමළ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් සටන් කිරීමේදී ඝාතනය කෙරුණු සිය ඥතීන්ගේ සිරුරු උතුරේ ළිංවල දමන්නට රජයේ හමුදා ක්‍රියා කර ඇතැයි කියාය.

එදා ඇය මෙසේ රට බේරාගත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට අමානුෂික ලෙස චෝදනා කරද්දී සහජීවනයේ සහ සංහිඳියාවේ කසාය, පත අට එකට සිඳ පානය කර සිටි යහපාලන ගොලුවන් කළේ විජයකලාට උතුරේ ළිං ඉහගන්නට දී බකන්නිලා සිටීමය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ගෙන එන අවස්‌ථාවේ එසේ හඬ නැඟූ+ ඇය ඉන් පසුවද අවස්‌ථා කිහිපයකදීම එල්ටීටීඊ ත්‍රස්‌තවාදය සාධාරණීකරණය කරමින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නට වූවාය.

ඇය මෙසේ දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නට වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රටේ භෞමික අඛණ්‌ඩතාවය සහ ස්‌වෛරීභාවය සුරක්‍ෂිත කරන්නේ යෑයි දිවුරා සපථ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටියදීය.

පැහැදිලිවම පෙන්වා දුනහොත් විජයකලාගේ මේ හැසිරීම උත්තරීතර වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමකි. එයට පහර පිට පහර දීමකි. එහෙත් මෙසේ ඇය හැසිරෙද්දී විජයකලාව නතර කරන්නට යහපාලනයට නොහැකි විය. ආණ්‌ඩුව කළේ විජයකලා දෙස බලා සංහිඳියාව සහ සහජීවනය කබල් ගෑම පමණි.

ආණ්‌ඩුවේ මේ බෙලහීන හැසිරීම හමුවේ තව තවත් තටු ලැබුණු විජයකලා මහේෂ්වරන් පෙරේදා පැවති "ජනපති නිල මෙහෙවර" යනුවෙන් වූ රාජ්‍ය උත්සවයේදී උතුරේ ජනතාව අමතා කියා සිටියේ කුමක්‌ද? එහිදී විජයකලාගේ අභිනයන්ගෙන් පෙනී ගියේ යාපනය සුළිපුරම්හිදී සිදුවූ රෙජිනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇය පපුව පැලී වේදනාවෙන් මුසපත්ව සිටින බවකි.

අවසානයේ පැලුණු පපුව තුළින් හදවත අතට ගත් විජයකලා මහේෂ්වරන් "අපේ ජනතාව ආරක්‍ෂා කරන්නට ජනපති කටයුතු කර නැතැයි පවසමින් පළමු අභියෝගය එල්ල කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය.

ඉකුත් 2009 මැයි 18 පෙර තමන් ඇතුළු උතුරේ ජනතාව ජීවත් වූ අන්දම දැන් හැමෝටම මතක්‌ වන බවද එහිදී කී ඇය අද පවතින තත්ත්වය තුළ එල්ටීටීඊය නැවත ගෙන ඒම ප්‍රධාන අරමුණ බවද සඳහන් කළාය. එයිනුත් නොනැවතී දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න, පාරේ යන්න, දරුවන් පාසල් ගිහින් නැවත යහතින් පැමිණීමට නම් උතුරු නැගෙනහිර යළිත් එල්ටීටීඊය අත ඔසවන්න ඕනෑ බවද පැවසුවාය.

විජයකලා මේ කියන්නේ අද එජාපය තුළ දකින්නට ඇති එළොවටත් නැති මොලොවටත් නැති අමුතු දේහපාලනයේ හරයද?

එය කුමක්‌ වුවත් මේ ප්‍රකාහය කරනු ලැබුවේ මීට වසර දහහතරකට පෙර මෙරට පාර්ලිමේන්තු ලොබියේදී මිතුරු මන්ත්‍රීවරයකු අමතා සිය නැගණියගේ සැමියා එල්ටීටීඊය විසින් කප්පම් නොදීම නිසා පැහැරගෙන තිබෙන බවත් ඒ හේතුවෙන් නැගණියගේ දරුවන්ට පාසල් යැමට පවා නොහැකි වී ඇති බවත් වේදනාවෙන් පැවසූ සහ පසුව එල්ටීටීඊය විසින් ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ නීත්‍යනුකූල බිරිඳ වූ විජයකලා මහේෂ්වරන්ය.

නිල රාජ්‍ය උත්සවයක්‌ බල්ලට දමමින් තමිල්නාඩු සිනමාපටවල සිටින පාතාල නිළියකගේ වෙස්‌ගෙන සුළිපුරම්හි රෙජිනා දැරියගේ ඝාතනය හමුවේ මෙසේ එල්ටීටීඊයට මල් පුදා වියරුවෙන් හඬ නැගූ විජයකලා මහේෂ්වරන් මීට ටික කලකට ඉහත යාපනය පුංගුඩුතිව්හිදී විද්‍යා නමැති පාසල් දැරිය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්‌ කර ඝාතනය කෙරුණු අවස්‌ථාවේ හැසිරුණේ මෙසේද? විජයකලාගේ තප්පුලෑම හමුවේ අපේ සිහියට එක්‌වරම ආවේ ඒ අතීත මතකය ය.

එදානම් විජයකලා මේ අන්දමට වියරුවෙන් නැටුවේ නැත. සිදුවූයේ විද්‍ය දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්‌විස්‌ කුමාර්ව කොළඹට පැන්නූ බවට විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ල වීමය. මේ චෝදනාවේ සත්‍ය හෝ අසත්‍ය බව නිශ්චිතවම දන්නේ විජයකලාගේ හෘද සාක්‍ෂිය ය.

එසේම තමන්ගේ සැමියා ඝාතනය කළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් දෙමළ ජනතාවට විමුක්‌තිය ගෙන දුන් පිරිසක්‌ ලෙස දකින විජයකලාගේ ජානගත මජර දේශපාලනය හමුවේ ඇයට මෙවන් චෝදනාවක්‌ එල්ලවීම ගැන ඒ හැටි අරුමයක්‌ නැතැයිද අපේ හැඟීම වන්නේය.

අද විජයකලා කියන්නේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් උතුරේ ජනතාවට උපරිම රැකවරණය දුන් බවය. තමන්ගේ ජනතාව ත්‍රස්‌තවාදීන් නිසා හොඳීන් ජීවත් වූ බවය. එහෙත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් පිරුණු තිස්‌වසරක අතීතය යළි සිහියට නගද්දී ඇගේ මේ ප්‍රකාශයෙන් අපට මතුවන ගැටලුව වන්නේ විජයකලා කිසිදු ලෙඩක්‌ දුකක්‌ නැතිව හොඳ සිහිබුද්ධියෙන් සිටින්නේදැයි යන්නය.

අප නම් දන්නා පරිදි එදා උතුරු නැගෙනහිර මිනිසුන්ගේ ජීවිත පණපිටින් අපාගත කෙරුවේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ය. උතුරේ තරුණ තරුණියන්ගේ ගෙලට සයනයිඩ් කරල පළඳවද්දී පාසල් ගොස්‌ එන කුඩා දරුවන් පැහැරගෙන ගොස්‌ ටී 56 අතට දී ළමා සෝදාදුවන් ලෙස විමුක්‌ති සටනට යෑයි කියමින් බංකරයකට යෑව්වේද ප්‍රභාකරන්ය.

අවසන් සටනේදී තමන්ගේ පණ බේරා ගැනීමේ සඳහා උතුරේ ජීවත්ව සිටි සියලුම දෙමළ ජනතාව මහා මිනිස්‌ පවුරක්‌ බවට පත් කර ගත්තේද ඒ ම්ලේච්ඡයාය. උතුරේ සහෝදර දෙමළ ජනතාව දකුණට එන මිනිස්‌ බෝම්බ බවට පත් කළේද අවසානයේ නන්දිකඩාල් කලපුවේදී වෙඩිකා අපාගත වූ ඒ තිරිසන් මිනිසාය.

ශ්‍රී ලංකා හමුදා එදා ප්‍රභාකරන්ගේ අවසානය සටහන් කිරීමෙන් පසු හා ඊට ටික දිනකට පෙර නන්දිකඩාල් සිට ප්‍රභාකරන්ගෙන් ගැලවී ජීවිත යදිමින් හමුදාව වෙතට ආ දෙමළ ජනතාවගෙන් විමසුවේ නම් විජයකලාට මේ ඇත්ත නැත්ත වටහා ගත හැකිය.

එදා විජයකලාලා මේවා දකින්නට උතුරේ ජනජීවිතය සමඟ බද්ධ වී සිටියේ නැත. තම සැමියාට එල්ටීටීඊයෙන් මරණ වරෙන්තුව ලැබීමට ප්‍රධාන හේතුවක්‌ වූ කප්පම් ලෙස කොටින්ට නොදී රැකගත් ව්‍යාපාරික ධනයෙන් ඒ වන විට විජයකලාලා සිටියේ කොළඹට වී දිව්‍ය ලෝකයට මඳක්‌ දුරස්‌ වූ තැනකය. දෙමළ ජනතාව වෙනුවෙන් ඇය අද හලන කිඹුල් කඳුළු එදා ඇගේ දැසේ තිබුණේද නැත.

එනිසා එල්ටිටීඊය හමුවේ දෙමළ ජනතාවට සිදුවූ විනාශයේ ඇත්ත වටහා ගැනීමෙන් අද විජයකලාට මෙන්ම සමස්‌ත බෙදුම්වාදී දෙමළ දේශපාලනයටම කිසිදු ප්‍රයෝජනයක්‌ නොවන්නේය. ඔවුන්ට දැන් අවැසිව තිබෙන්නේ තමන්ගේ බංකොළොත් බව හමුවේ යළි පෙරට එන්නට මාවතක්‌ සකසා ගැනීමටය. අද විජයකලා වැනි අය ත්‍රස්‌තවාදයට මල් පුදන්නේ මෙන්න මේ බංකොළොත් වූ මජර දේශපාලනය නිසාය.

එහිදී විජයකලා වැන්නියන් නතර කරන්නට කටයුතු කීරීමක්‌ යහපාලනයෙන් නම් කිසිසේත්මකිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. මන්ද මේ වන විට ඇතැමුන් කියන පරිදි 2015 ජනවාරි 8 කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටස්‌කරුවන් ලෙස දෙමළ බෙදුම්වාදී දේශපාලනයද මුල් තැනක තිබුණු බැවිනි.

එහෙත් මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ විජයකලා ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් මෙසේ උතුරේ ජනතාවගේ මොල සෝදමින් සිටියදී තවත් පැත්තකින් විදේශගත කොටි ඩයස්‌පෝරාව ඇතුළු විජාතික බලවේග යළි එල්ටීටීඊයට පණ දෙන්නට උත්සාහ දරමින් සිටින පැහැදිලි වෙමින් තිබීමය.

කොන්දක්‌ නැති රාජ්‍ය පාලනයක්‌ හමුවේ විජයකලා ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනය මේ අන්දමට උතුරේ ජන මනස විකෘත්ති කරද්දී එල්ටිටීඊයට පණදීමේ කුමන්ත්‍රණකරුවන්ගේ ඒ උත්සාහය ප්‍රකෘතියට පත්වුවහොත් අපට සිදුවන්නේ කුමක්‌ද? යළිත් විඳවන්නට සිදු වන්නේ උතුරෙත් දකුණේත් ජීවත් වන අපටය.

විජකලාලා වැනි කුහක බලවේග විසින් තමන් වෙත ගෙන එන තිරිසන් යෝජනා හමුවේ උතුරේ ජනතාව නොපමාව අවබෝධ කරගත යුත්තේ මේ යථාර්ථය ය.
[Divaina 2018-07-04]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions