7/23/2018

හැට දෙලක්ෂයේ හංස ගීතය..

කතෘ:යුතුකම     7/23/2018   No comments

-කීර්ති දුණුවිල-
පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දින උත්සවය සදහා යහපාලනය ගෙන ඒමට වෙහෙස මහන්සි වූ බොහෝ දෙනා පැමිණ නොසිටියත් සමහරක් පැමිණ සිටි බව අපට දැකගත හැකි වුනෙමු.ජනාධිපතිවරයා එහි පැමිණියේ ආරාධනාවක් නොමැතිව බව ඔහුගේ කතාවේදී කියවිණි. 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කොට එජාපය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මගින් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද සිරිසේන මහතා ජයග්‍රහණය කළේය. ඒ ශ්‍රී ලංකාව තුල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී යම් පුද්ගලයෙකු ලැබූ පළමු වන ජනාධිපතිවරණ ජයග්‍රහණය බවට ඉතිහාසයට සිරිසේන මහතා එක්වෙනු ඇත.

එතෙක් වසර හතළිහකට අසන්න කාලයක් තමන් නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ඔහුට හිතවත් දුමින්ද දිසානායක, රජිව් විජේසිංහ,රාජිත සේනාරත්න වැනි කිහිප දෙනෙක් සමග එජාපය ප්‍රමුඛ පොදු සන්ධානයට නායකත්වය දීමට පැමිණියේය.ඊට හිටපු ජනාධිපතිවරියක වූ චන්ද්‍රිකාගේද සහයෝගය ලැබුණු අතර සිරිසේන මහතා ඒ අනුව හංසයා ලකුණේ අපේක්ෂකයා බවට පත්විණි.මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් විශාල සමාජ අවධානයක් ගනිමින් තැටිය රත්වූ මොහොතේ රොටිය පුච්චා ගත යුතු යැයි ජනතාවට ආරාධනා කළේය. ඒ අනුව විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක් මෙන්ම උගතුන් කලාකරුවන් බහුජන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම රටේ සමාන ජනයාද මෙම නව ප්‍රවනතාවය සමග එක් විය.රාජපක්ෂ ආණ්ඩුව තුල ඒ වන විට චෝදනාවකට ලක් නොවී සිටි කිහිපදෙනා අතුරින් සිරිසේන මහතා ජනයාගේ ප්‍රසාදයට ලක්වූ එක් චරිතයකි.ඒ නිසාම සෝභිත හිමියන් ප්‍රධාන යහපාලනයක් සදහා වූ බලවේගය සිරිසේන මහතා තමන්ගේ අරමුණ සදහා තෝරාගන්නට ඇතැයි සිතිය හැකිය.අනෙක් කාරණය නම් ඒ වනවිට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස,කරු ජයසුරිය යන මහත්වරුන් ඒ අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් නොවීමයි...

සොඳුරු ආරම්භය..

ජනවාරි 08 වැනිදා විප්ලවය ලෙස බෞතිස්ම කරන ලද යහපාලන ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ එතෙක් රට පාලනය කරමින් සිටි රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්ද ලක්ෂ පහක පමණ පරාජයක් අත් කර දෙමිනි.මෙම පරාජය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත පරාජයකි.රාජපක්ෂවාදී දේශපාලඥයන් පමණක් නොව රාජපක්ෂවාදී සාමාන්‍ය ජනයාද දින ගණනක් යනතෙක් කම්පනයට පත් කරන්නට තරම් එකි පරාජය හේතු වූ බව අපි දුටු සත්‍යකි.රාජපක්ෂ පිලේ කම්පනය කොතරම්ද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකයා ලෙස ජනාධිපතිවණය මෙහෙයවන ලද එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා තාවකාලිකව පරාජයේ වගකීම භාරගෙන රටින් බැහැරව යන තත්වයක් ඇති කළේය.

මේ තත්වය තුල යහපාලනයට සහය දුන් පිරිස අරලිය ගහ මන්දිරයට ගොස් එහි තිබු බඩු මුට්ටු එලියට ගෙන එය ඒකාධිපති රජෙක්ගේ මාලිගාවක් බව පෙන්වමින් රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි මහත් වෛරයක් ජනතාව තුල ඇති කිරීමට කටයුතු කළේය.මේ සියල්ල අස්සේ සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රුපියල් දහයක බෝල් පොයින්ට් පෑනකින් අත්සන් තබා චාම් උත්සවයක් පවත්වා වැඩ ආරම්භ කළේය.එදිනට පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්‍රී සංඛ්‍යාව සිටි (47ක් පමණ) පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.එය ව්‍යවස්ථාවටද එකගව කරන ලද්දක් දැයි අදටත් ප්‍රශ්නයක් තිබේ.ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ජන්ම දිනයේදී ප්‍රකාශ කරන ලද ආකාරයට ඒ වන විට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 127ක් පාර්ලිමේන්තුවේ සිට ඇත.රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව මන්ත්‍රීන් 144ක් සිටියදී යහපාලන ජනාධිපතිවරයා මන්ත්‍රීවරු 47 දෙනෙකුගේ සහයක් ඇති නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත්තේය.ඉන් පසු යහපාලනයට උදව් කල හා නොකළ අයගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුවක්ද පත්කර ගත්තේය.මේ සමග සියලු දෙනා සතුටින් රාජ්‍ය පාලනය කිරීම ආරම්භ කල අතර ඔවුන්ගේ මුල් දින සියය සදහා වැඩ පිළිවලක් ඉදිරිපත් කළේය.මෙම දින සියය තුල පැවති රාජපක්ෂ ආණ්ඩු විසින් ඉදිකර වැඩ අවසන් වූ බොහෝ ගොඩනැගිලි විවෘත කල අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන්වා තිබු බස් රථ යහපාලන ඇමතිවරු විසින් ප්‍රවාහනයට ඉතා කඩිනමින් එකතු කළේය.වසර දහයක් පහලවක් විපක්ෂයේ සිටි එජාප මන්ත්රිවරුට යහපාලනය ඉබ්බා දියට දැමුවා සේ සතුටක් ඇති වී තිබු අතර ඔවුන් රාජපක්ෂවරුන්ට බැන වදිමින් රාජපක්ෂ හිතවාදීන් හිරේ විලංගුවේ දමන බව කියමින් අරූඩයක් ලැබුනා සේ හැසිරෙන්නට ගත්තේය.නමුත් ඒ සියල්ල වචන බවට පමණක් සිමා වූ අතර ක්‍රියාත්මක කරන තැනකට යාමට ඔවුන් අපොහොසත් විය.රාජපක්ෂ වරුන්ගේ ගෙවල් දොරවල් හා වතුපිටි පොලිසිය හමුදාව යොදවා පරික්ෂා කල අතර කිසිවක් සොයා ගැනීමට යහපාලන රජය අපොහොසත් විය.විශේෂයෙන් රත්තරන් අශ්වයන්, ලම්බෝගිනි, කෝටි ගණනක රත්තරන් සැගවූ ගුවන් යානා මේ කිසිවක් සොයා ගැනීමට යහපාලන ආණ්ඩුව අසමත් විය.රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි සොයන්නට විශේෂ පොලිස් ඒකකයක් (FCID) පිහිට වූ අතර ඒවා මගින්ද අල්ලා ගන්නා ලද තෝරෙක් හෝ මෝරෙක් නොමැත.මුල් වකවානුව තුල රජයේ මැති ඇමතිවරු විශේෂයෙන් රන්ජන් රාමනායක වැනි නියෝජ්‍ය ඇමතිවරු දිනපතා අල්ලස් දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි කල අතර කිසිවක් අදටත් ඔවුන්ට ඔප්පු කරගැනීමට හැකිවී නැත.ඒවා අද වනවිට මාධ්‍ය සංදර්ශන බවට පත්ව තිබීම දක්නට ලැබේ.යහපාලනය පැමිණීමෙන් පසු රාජපක්ෂ රජයේ යම් යම් පිරිස් නඩු අසා බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරත් ඒවා සිදු කරන ලද්දේ ජනතාවගේ දැඩි බලපෑම නිසා මිස රජයක් ලෙස අවංකව සිදු කරන ක්‍රියාවන් ලෙස නොවේය යන්න බහුතරයේ මතය වී තිබේ.

යහපාලනයේ මධු සමය නිමාව

යහපාලනය මුල් දින සියය හැදින්විය හැක්කේ ඔවුන්ගේ මධු සමය සදහා වෙන්වූ කාලය ලෙසය.පෙර කි ආකාරයෙන් යහපලකයන් තම මධු සමය ගෙවා දැමු අතර ඒ කාලය තුල අනෙක් සියල්ල අමතක කරමින් නව පාලනයේ මිහිර උපරිමයෙන් විඳගැනීමට ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් කටයුතු කළේය.මේ අතර කාලය තුල ලංකා ඉතිහාසයේ සිදු වූ විශාල මංකොල්ලය වන මහ බැංකු මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩිය සිදු වීමත් සමග යහපාලන ආණ්ඩුව හතර ගාතයෙන් සමාජය ඉදිරියේ ඇද වැටිණි.අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද සිගප්පුරු පුරවැසියෙකු වන අගමැතිවරයාගේ දීර්ඝ කාලින මිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් විසින් අදාල බැංකු කොල්ලය නිල මට්ටමින් මෙහෙයවා ඇති අතර ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් කොල්ලයේ මහ මොලකරු ලෙස ක්‍රියාකොට තිබේ.හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරකම් කරන්නට පටන් ගැනීම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්වූ අතර අග්‍රාමාත්‍යවරයා හොරු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහතික දීමට ඉදිරිපත් වීමෙන් රනිල් වික්‍රමසිංහ එතෙක් රැකගෙන තිබු දේශපාලන සුජාතභාවයක් තිබුනේ නම් මේ මගින් එයද කෙලෙසුන බව අපගේ මතය වී තිබේ.මෙම අඳුරු සිදුවීමත් සමග යහපාලනයේ මධු සමය නිමා වූ අතර ජනාධිපතිවාරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යහපාලනයට එක්වූ මන්ත්‍රීන් අතරින් බහුතරයකුත් බැදුම්කර වංචාව සම්බන්දයෙන් විශාල හඩක් නගන්නට වූ අතර අගමැති හා ඔහුගේ එක්සත් ජාතික පක්ෂ කැබිනට් හා පාර්ලිමේන්තු නියෝජිතයන් බැඳුම්කර වංචාව වසා යට ගසා දැමීමට විශාල උත්සහයක් ගනු ලැබිය.නමුත් අවසානයේ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා තවත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන තැනට සමාජ බලපෑම හමුවේ තල්ලු විය.එහිදී හෙළි වූ සාක්ෂි මත රජයේ ප්‍රභලයන් රැසකගේ ගෞරවයට මහ විශාල කැළැල් සිදුවන්නට පටන් ගත්තේය.ඒ ඔවුන් සුදු කරපටි බැදගෙන ජාතික ධනය කොල්ලකා ඇති බව දවසින් දවස අනාවරණය වීමත් සමගය.

අවසානයේ යහපාලන රජයේ මුදල් ඇමතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඔහු බැඳුම්කර සමාගමේ අයිතිකරුගෙන් නිවසක් ගත් බවට අනාවරණය විය.අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මග හැර රටින් පලාගිය අතර අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරගත කරන ලදී.මේ සමග යහපාලනයට තමන් බලයට පත්වූ අරමුණු සියල්ල අමතක වී ගිය අතර මේ අලකලංචි අස්සේ තබන ලද පළාත් පාලන මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ පාර්ශව දෙකම දේශපාලන වශයෙන් අත් කරගත්තේ සාපේක්ෂව පරාජයකි.ඉන් පසුව එකිනෙකා චෝදනා කර ගැනීම ආරම්භ වූ අතර එජාපයේ මන්ත්‍රීන් හා ඇමතිවරු ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා විවේචනය කිරීම ආරම්භ කළේය.ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම් විවේචනය කරන්නට පටන් ගත්තේය.කෙසේ හෝ අද වනවිට ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් තිබේ.ඊට ආසන්නම හේතුව බවට පත් වුයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයට සහය දීමයි.අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ ඉවත්වීම නිසා ආණ්ඩුව තුල ශ්‍රිලනිපයේ බලය හෑල්ලුවට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ.මේ සමග ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම යහපාලනයේ අභ්‍යන්තරයේ තිබෙන බොහෝ කාරණා කතා කරන තත්වයකට පත්ව තිබේ.මේ නම් මධු සමය නිමා වීමත් සමග ගලා යමින් තිබෙන ඛේදවාචකයයි

යහපාලන හංස ගීතය..
යහපාලන ආණ්ඩුවට දැන් අවුරුදු තුනහමාරක් ගතවී ආවසානය. හොරු අල්ලන්නට පැමිණියද අල්ලපු හොරෙක් නැත.සංවර්ධනය කරන්නට හා සංවර්ධනය විධිමත් කරන්නට ආවද කරපු සංවර්ධනයක් නොමැත.රැකියා දසලක්ෂයක් දීමට පැමිණියද දීපු රැකියාවක් නැත.කර්මාන්ත සිය ගණනක් ආරම්භ කරන්නට පැමිණියද පටන්ගත් කර්මාන්තයක් නැත.ව්‍යවස්ථාව වෙනස් කරන බව කීවද එසේ ගෙන එන ලද ව්‍යවස්ථාවක්ද නැත.ව්‍යවස්ථාවට පැලැස්තර යොදා පාලනයේ මහ අවුලක් බවට පත් කර ගත්තා මිස වෙන කිසිවක් ඒ සම්බන්ධයෙන් කිරීමට යහපාලන ආණ්ඩුව සමත්වූයේ නැත.

අද වනවිට යහපාලන ආණ්ඩුව තුල එකිනෙකා කුලල් කා ගන්නා තත්වයක් ඇතිවී ඇති අතර එය ජනාධිපති හා අගමැති අතර නොනිල යුද්ධයක් බවට පත් වී ඇත.අගමැතිවරයාගේ නිහඬතාවය හා ඉවසීම නොවන්නට මේ වනවිටත් යහපාලනයේ කැලිවත් නැත.අගමැතිගේ නිහඩතාවයද දේශපාලන උපක්‍රමික නිහඩ තාවයක් මිස මිත්‍රශීලි එකක් නොවන බව පැහැදිලිය.කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල එජාපයේ ඒජන්තයා ලෙස චෝදනා ලබමින් සිටි දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිපයේ මහ ලේකම් තනතුරින් ඉවත් කිරීමටද මෛත්‍රිපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කොට තිබේ.දැන් දැන් බොහෝ දෙනා කියන්නේ ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට යන කතාවකි.යහපාලනය මෙසේ කෑලි කැඩී යන තත්වයක් ඇතිව තිබුනත් අවසානයේ කීමට ඇත්තේ ගහපු පදයක් හෝ බෙරේ පාළුවක් නැති බවයි.දැන් ප්‍රකාශ වන ආකාරයට මේ ආණ්ඩුවේ සිදුවී ඇති බොහෝ දේවල් ජනාධිපතිවරයා දන්නේ නැත.ඒවායේ වගකීම ගතයුත්තේ කවුදැයි ඔහු සෘජුව කියන්නේද නැත.කෙසේ නමුත් යහපාලනයට ඡන්දය දුන් ජනතාවට දැන් වගකියන්නෙක්ද නැත.ඔවුන් අනාථයන් බවට පත්ව තිබේ.ජනාධිපතිවරයාට ධුරය දැරීමට තව ඇත්තේ මාස 18ක් තරම් කෙටි කාලයකි.රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටි ඇති අතර පාතාලය හා කුඩු ජාවාරම හිස ඔසවා තිබේ.රට නැවත විශාල වශයෙන් ආපස්සට ගමන් කොට තිබීමෙන් පෙනී යන්නේ යහපාලනය රටට ගෙන අවේ සුඛාන්තයක් නොව දුකාන්තයක් බව පැහැදිලිය.තවත් පොදු අපේක්ෂකයෙකුට රට භාරදීමට අප සුදානම් විය යුතුද? නැත්නම් හැට දෙලක්ෂයේ හංස ගීතය ගායනා කොට විසිර යායුතුද ?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions