7/01/2018

රත්නප්‍රිය, ශිවාජිලිංගම් හා මැරුම් කෑ දිවියා සංහිඳියාවේ සැබෑව හෙළිවූ වගයි

කතෘ:යුතුකම     7/01/2018   No comments

-පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි-
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
ජාතික හිමිකම් සංවිධානයේ සභාපති.

පසුගියදා උතුරුකරේ සිදුවීම් තුනක මාතෘකා ඉහතින් දැක්‌වෙයි. මේ සිදුවීම් පිළිබඳව නෛතික හා සමාජ විද්‍යාත්මක වශයෙන් මෙන්ම ජාතිවාදී හෝ ආගම්වාදී වශයෙන් ද විවිධ විග්‍රහයන් ඉදිරිපත් කළ හැකිය. මෙහිලා අපගේ උත්සාහය වනුයේ එක්‌ එක්‌ කෝණයෙන් නොබලා පොදු ධර්මතා දෘෂ්ටිකෝණයෙන් බලා විග්‍රහයක්‌ කිරීමයි.

ලුතිනන් කර්නල් රත්නප්‍රියබන්ධු මහතා මුලතිව් දිස්‌ත්‍රික්‌කය තුළ සේවයේ යෙදෙමින් පුනරුත්ථාපනය කළ කොටි සාමාජිකයන් සමාජගත කළ දෙමළ ජනයාට උපකාර වූ හමුදා නිලධාරියෙකි. ඔහු ඔහුගේ වැඩේ ඉතාම හොඳින් ඉටුකළේය. ඒ නිසාම දෙමළ ජනතාව ඔහුට ප්‍රියකළහ. විශාල පිරිසකට ජීවත්වීමේ මඟ ඔහු සාදා දුන්හ. මෙවැනි අයගේ උතුම් ක්‍රියාවන් බාහිර ලෝකයට යන්නේ නැත. අන්තර්ජාලයේ බලය අරක්‌ගත් ඇතැමුන් ඒ හරහා ලෝකයේ ප්‍රචාරය කිරීමට හැම විටම උත්සාහ දරනුයේ හමුදාව දෙමළ ජනයාට හිරිහැර කළාය යන්නයි. එහෙත් තමන්ට ඉඩක්‌ ලැබුණු හැම අවස්‌ථාවකදීම ත්‍රස්‌තවාදීන් මර්දනය කළාසේම හමුදාව ඉඩක්‌ ලැබුණු හැම අවස්‌ථාවකදීම අහිංසක ජනතාවට පිහිටවූහ. රත්නප්‍රියබන්ධු ඊට එක්‌ උදාහරණයක්‌ පමණි. වසර විසි හතරක්‌ පුරා උතුර හා නැගෙනහිර ප්‍රදේශවල රණවිරුවන් සමඟ එක්‌ව ජනතාව සුවපත් කිරීමට ක්‍රියාකළ අපට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ ඇත.

සිවාජිලිංගම් (ප්‍රභාකරන්ගේ මස්‌සිනා යෑයි කියාගනු ලබන්නා) ත්‍රස්‌තවාදී ක්‍රියා පැවැති සමයේ ලංකාවේ සිටියේ ද නැත. ඔහු ඉන්දියාවේ ජීවත් වෙමින් කොටින්ට උදව් කළේය. අදත් ඔහු කරන්නේ ත්‍රස්‌තවාදයට උඩ ගෙඩි දීමයි. ඒ නිසයි රත්නප්‍රියබන්දු නම්වූ මිනිස්‌කම හඳුනාගත් නිලධාරියා සමුගත් අවස්‌ථාවේ ඒ දෙමළ ජනයා ඔහුට උපහාර දැක්‌වීම සිවාජිලිංගම් හෙළා දැක්‌කේ, ඔහු ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම උපහාර දැක්‌වීම දෙමළ විරුවන්ට කළ ෙද්‍රdaහීකමක්‌ බවයි. කොටි හිතවාදියකු ලෙස සිටි දැනටත් ඒ මානසිකත්වයෙන්ම සිටින සිවාජිලිංගම්ට එසේ නොකියාම බැරිය. කුමක්‌ හෙයින්ද යත් ඔහු තුළද කොටියෙකු සිටින නිසා මෙන්ම ඔහු කරන කියන දේ බලා ගෙන ජාත්‍යන්තර කොටි හිතවාදීන් ද සිටින බැවිනි. ප්‍රශ්නය වනුයේ මෙවැනි ත්‍රස්‌තවාදීන්ට පළාත් සභාවේ හෝ මන්ත්‍රී කමක්‌ ලබාගෙන වැජඹීමට ඉඩහැරීමය. හරිනම් කළ යුත්තේ මෙවැනි අයට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 06 ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රකාර දඬුවම් දීමයි. රජයේ පැත්තෙන් එවැන්නක්‌ සිදුනොවන්නේ රජය දෙමළ බෙදුම්වාදීන්ගේ පැත්තේ සිටින නිසා විය යුතුය.

ආරක්‌ෂා කරගත යුතු සතෙකු ලෙස සැලකෙන දිවියෙකු මරා දැමීම බරපතළ වරදකි. ඒ සඳහා අදාළ අණ පනත් ද ඇත. දැනටමත් මානව හිතවාදීන් ලෙස පෙනීසිටින එන්.ජී.ඕ.කාරයන් දිවියා මැරූ අයට දඬුවම් දිය යුතු යෑයි මාධ්‍ය සංදර්ශන පවත්වනු පෙනේ. ඒ සඳහා ඔවුන්ට ගතමනාවන්ද ලැබෙනු ඇත. ධර්මතාව අනුව මෙම සිදුවීම වෙනත් විදියකින් විග්‍රහ කළ හැකිය. මෙහිදී ගම් වැදුණු කොටියාගෙන් සංකේතවත් වන්නේ කොටි ත්‍රස්‌තවාදයයි. එම ත්‍රස්‌තවාදය යළි මතුවුවහොත් අහිංසක දෙමළ ජනයාට ද නිදහසේ ජීවත් විය නොහැක. ඒ නිසා වහාම කළයුතු දෙය වනුයේ එම කොටි ත්‍රස්‌තවාදය විනාශකර දැමීමයි. දෙමළ ජනතාව කළේ කොටි ත්‍රස්‌තවාදය මතුවූ සැනින් එය විනාශ කළ යුතුය යන්න පෙන්වා දෙමින් ගම් වැදුණු දිවියා මරා දැමීමයි. එය වරදක්‌ය යන්න සාමන්‍ය ජනතාවට නොවැටහේ. ඒ නිසා මෙම සිදුවීමෙන් සිවාජිලිංගම් වැනි අය පාඩමක්‌ උගත යුතුය. ජාතිවාදී දෙමළ දේශපාලකයින් මිස සාමන්‍ය දෙමළ ජනතාව බෙදුම්වාදයට කැමැති නැත. ඔවුන්ට අවශ්‍ය වනුයේ රට තුළ සැනසිල්ලේ ජීවත් වීමටය. ඊට ඉඩ නොදෙන කොටින්ට හා කොටි හිතවාදීන්ට ගම් වැදුණු කොටියාට සිදුවූ දෙයම අනාගතයේ සිදු විය හැකිය.

දෙමළ ඩයස්‌ පෝරාවේ හා විදේශ බලවේගවල උවමනාවන් ඉටුකරමින් රජය පොලිසිය යොදවා රට බේරාගත් රණවිරුවන් විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරීන් හිරේ විලංගුවේ දමා හිරිහැර කරන විට ජාතික ආරක්‌ෂාව දුර්වල වී යළිත් කොටි එළිබැසීම අරුමයක්‌ නොවේ. ජාතික ආරක්‌ෂාව ශක්‌තිමත් යෑයි රජයේ දේශපාලකයන් බෙරිහන් දෙතත් එහි සත්‍යයක්‌ නොමැත. ඔඩ්ඩුසුඩාන්වල පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කොටි යොමු වූයේ ජාතික ආරක්‌ෂාව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව උන් දන්නා නිසයි. ප්‍රවාහනය කරද්දී කොටින් අල්ලා ගත් බවත් එහිදී පැනගිය කොටියාද ඉතා ඉක්‌මනින් අල්ලා ගත් බවත් කියමින් එය මහ ලොකු වැඩක්‌ ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට රජය උත්සාහ දරන බව පෙනේ. බුද්ධි අංශ නිසි ලෙස ක්‍රියාත්මක වී නම් ප්‍රවාහනය කිරීමට කලින්ම උන් අල්ලා ගැනීමට ඉඩ තිබුණි. එවැනි වීරක්‍රියා කළ බුද්ධි අංශ නිලධාරීන් පැහැදිලි චෝදනාද නැතිව මාස ගණන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් වත්මන් රජය කොටි හිතවාදීන් වීම කොතරම් බරපතළ වරදක්‌ද ?

යළිත් යුද්ධයක්‌ ඇති වන්නට ඉඩ තියන්නේ නැතැයි ආණ්‌ඩුවේ නායකයන් වේදිකාවේ බෙරිහන් දීමෙන් ඵලක්‌ නොවේ, ඔවුන්ගේ ප්‍රකාශ මේ වන විට පොදු ජනතාව අසන්නටවත් අකැමැතිය. ඒවා බොරු ශෝභන වදන් බවට පත්වී හමාරය. වත්මන් රජය බලයට පත්කිරීමේ කුමන්ත්‍රණයේ කොටස්‌කරුවන් වූ දෙමළ බෙදුම්වාදීන් සතුටු කිරීම ඔවුන්ට අවශ්‍ය දේ ඉටු කිරීම රජයේ වගකිව යුත්තන් කළ ගුණ සැලකීමක්‌ සේ දකිනු ඇතත් එසේ කිරීමෙන් රටට හා ජාතියට සිදු වන හානිය අතිශයින්ම බරපතළ බව ඔවුන් වටහා ගත යුතුය. රජයක්‌ වශයෙන් සැලකිය යුත්තේ කොහේවත් සිටින රට බෙදීමට වෙරදරන බෙදුම්වාදීන්ට නොව රටේ ජීවත්වන අහිංසක ජනතාවටයි. ජනතාව ගැන නොතකා බෙදුම්වාදීන් සතුටු කිරීමට යැම නිසා දැනටමත් රජය බලවත් ලෙස ජනතා අප්‍රසාදයට ලක්‌ වී ඇත. ඔවුන්ට අනාගත දේශපාලනයකට රට තුළ ඉඩක්‌ නොමැති බව ඔවුන්ටද වැටහී ඇතැයි සිතමු. කෙසේ හෝ බලයේ රැඳී සිටිමින් සුර සැප වින්දත් ඔවුන්ගේ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී ක්‍රියා නිසා ඔවුන්ට අපා දුක්‌ හිමිවන දවස වැඩි ඈතක නොවන බව ඔවුන් වටහාගත යුතුය. එය කිසිසේත්ම වළක්‌වාලිය නොහැක. ඔවුන් පිටුපස සිටිමින් බලයේ රැඳීසිටිමට උපදෙස්‌ දෙන සී.අයි.ඒ, රෝ ( C I A , R A W ) වැනි ඔත්තු සේවාවන්ට ද ඔවුන් අපායට යැම වළක්‌වාලිය නොහැක.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions