11/29/2017

හවුලේ අවුල

කතෘ:යුතුකම     11/29/2017   No comments

-ආචාර්ය චරිත හේරත්-

මේ රටේ අද තිබෙන්නේ එජාපය සහ ශ‍්‍රීලනීපය යන පක්ෂ දෙකේ එකතුවකින් සැදුන සමගි සන්ධාන ආණ්ඩුවක් යැයි බොහෝ අවස්ථාවල ආණ්ඩුවේ දේශපාලඥයෝ මහත් උජාරුවෙන් කියති. ඒ කියන සමගිය නිසා රටේ සංවර්ධනය වේගවත් වෙන බවද සමහර නායකයෝ නිතර දෙවේලේ දේශනා කරති. ප‍්‍රධාන නායකයෝ එසේ කීවත් ආණ්ඩුවේම දෙවෙනි පෙළ කණ්ඩායම් හැමවිටම වගේ හදන්නේ ඒ පක්ෂයෙන් මේ පක්ෂයටත් මේ පක්ෂයෙන් ඒ පක්ෂයටත් චෝදනා එල්ල කරමින් රට ඉස්සරහට යන්නේ නැත්තේ අහවල් පක්ෂය නිසා යැයි පෙන්නා තමන්ගේ නොහැකියාව වසා ගන්නටය. වැඩක් නොකෙරෙන්නේ අරයා නිසා යැයි පෙන්වීමේ න්‍යාය නිසා දැන් ජනතාවට සිදුවී තිබෙන්නේ තමන්ම පත්කල ආණුඩුවේ ඊලග කෑල්ල මොනවගේ වෙයිදැයි නාට්‍යයක් බලනවා වැනි කුතුහලයකින් බලා සිටීමටය. මේ ආකාරයේ වූ ‘අරූ හොරා - නෑ මූ හොරා’ වර්ගයේ දේශපාලනය කූටප‍්‍රාප්තියට පැමිනුනේ මහබැංකු මුදල් හොරකම පිළිබදව ඇතිවී තිබෙන අලූත් තත්වයත් සමගය.

අගමැතිවරයා බැදුම්කර කොමිසමට ගියේ මේ සතියේ සදුදය. රටක අගමැතිවරයෙක් ඒ රටේ මහ බැංකුවට සම්බන්ධ හොරකමකට ගෑවී තිබීම ගැන අනෙක් හැමෝටම යම් ආකාරයක විචිකිච්ජාවක් තිබුනත් ඒ පක්ෂයේ අය කියන කරන දේවල් වලින් පෙනී යන්නේ එජාපයේ අයට නම් එය හරිම ජයග‍්‍රාහී දෙයක් බව ය. ‘බය නැතිව කොමිසමට ආවා’ යැයි ඔවුන් කියන්නේ ඒ නිසාය. ඇත්තටම එජාපයේ දේශපාලඥයන්ට ඒ කාලයේ කිලිකොච්චිය තබා මැදවච්චියටවත් බය නැතිව යන්න හයියක් නොතිබූ බව මේ රටේ ජවත්වූ බොහෝ අය දන්නා කාරණයකි. ඒ් අර්ථයෙන් බලනවිට මේක ‘බය නැති’ වැඩක් යැයි ඒ අයට පෙනීමේ වරදක් ද නැත. පසුගිය මහ මැතිවරණයට පෙර මේ මහ බැංකු මුදල් ගනුදෙනුව ගැන පසුගිය පාරලිමේන්තුවේ කෝප් කමිටුවේ සාකච්ජා වෙද්දි මේ ‘බය නැති වැඬේ’ නොකළේ ඇයි දැයි මට තේරෙන්නේ නැති වුනත් මේ පිළිබදව යම් සදහනක් කිරීම ඉතාමත් වැදගත්ය. අද සමහරුන්ට අමතක වුවත් මේ බැදුම්කර ප‍්‍රශ්නය සාකච්ජා කරන්නට පටන් ගත්තේ පසුගිය පාරලිමේන්තුවේ ඞීව් ගූනසේකරගේ ප‍්‍රධානත්වයෙන් පැවති කෝප් කමිටුවේදිය. ඒ සාකච්ජාවේ වාර්තාව නිකුත් කරන්නට දින කීපයක් තිබියදි හදිසියේ පාරලිමේන්තුව විසුරුවා හරින්නට ආණ්ඩුව තීරණය කළේ ඒ කාළේ අද මෙන් ‘බය නැති’ ගතියකින් ඒ අය නොසිටි නිසා දැයි දන්නේ ඒ කීප දෙනාම විය යුතුය. මේ හොරකමේ දිග පළල හොයා ගන්නට ජනාධිපතිතුමන් පසුව පත් කළ මේ බැදුම්කර කොමිසම විශාල වශයෙන් උදව්වූ බව පිළිගන්නා ගමන් පරණ පාරලිමේන්තුවේ අවසානයට එන්නට නියමිතව තිබූ කෝප් වාර්තාව එනතෙක් නොසිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා 2015 අගෝස්තු මහ මැතිවරණයේ දි මේ ප‍්‍රශ්නයෙන් සැගවී සිටින්නට එජාපයට හැකිවූ බව ද අප පිළිගත යුතුය. ඒ වැරුද්ද එද නොවුනානම් අද රටේ දේශපාලන ගමන් මග මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මගේ අදහසය. අනෙක් අතට අද සමහර එජාප මන්ත‍්‍රීවරුන් සිරිකොත තුලම පුවත්පත් සාකච්ජා පවත්වමින් ජනාධිපති තමන්ගේ පක්ෂයට එරෙහිවන බව කීවත් ඒ අය මතක් කර ගත යුත්තේ තමන්ගේ පක්ෂය බලයට එන්නට ජනාධිපති බලය සහ ශ‍්‍රීලනීපයේ පක්ෂ අභ්‍යන්තරයේ එද තිබූ ගැටුම්කාරිත්වය විශාල වශයෙන් හේතු වූ බවය. එජාපයත් ශ‍්‍රීලනීපයටත් අද හවුල් ආණ්ඩු කරන්නේ මෛත‍්‍රීටත් මහින්දටත් හවුලේ ශ‍්‍රීලනීපය යලි ගොඩ නගා ගන්නට නොහැකි වූ නිසාය. අද එජාපයට නෙපෙනෙන මේ ආණ්ඩුවේ ඇත්ත කථාව එයය.

අනෙක් අතට 1989 භීෂනය සහිතව පැවති ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පසුව එජාපය පක්ෂයක් විදියට පිරිසිදු හා තනි දේශපාලන ජයග‍්‍රහනයක් කවදවත්ම ලබාගත්තේ නැති බව සමහරුන්ට අද අමතක වී ඇති වා සේය. එජාපයේ නායකයින් 1989 සිටම ‘බය නැතිව’ විපක්ෂයේ සිටියා මිස ජයග‍්‍රහනයක් ගන්නට හැකි ආකාරයේ දේශපාලන පරිනතභාවයක් ගොඩ නගා ගත්තේ නැත. 1989 පසුව ජයගත්තායැයි කියන අවස්ථා දෙකේම එජාපය දිනුවේ ශ‍්‍රීලනීපයේ අභ්‍යන්තර අවුලක් ලාභෙට තමන්ගේ ගොඩට ද ගත් නිසාය. 2002 ජයග‍්‍රහනයට හේතුව එවකට ශ‍්‍රීලනීප ලේකම් එස් බී දිසානායක පක්ෂ නායකත්වයත් සමග විරසක වීමය. ඒ අවුල නිමා වූයේ 2002 මැතිවරණය හරහා එජාපයට බලය ලැබීමෙනි. 2015 දැන් තියෙන ආණ්ඩු බලයට හේතුව එවකට ශ‍්‍රීලනීප ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවති ආන්ඩුවත් සමග විරසක වීමය. ඒ අවුල නිමා වූයේ මෛත‍්‍රී ජනාධිපති වී එජාපය ආණ්ඩුවත්ද ලැබීමෙනි. ඒ නිසා මා කියන්නේ එජාපය මෑත භාගයේ අයිතිවාසිකම් කියන කියන ජයග‍්‍රහනයන් දෙකම ලැබුවේ ඒ ඒ කාලයන්ට සාපේක්ෂකව ශ‍්‍රීලනීප ලේකම් සහ සභාපති (එස්බී-චන්ද්‍රිකා සහ මෛතී-මහින්ද* අතර ගැටීම තමන්ගේ වාසියට යොද ගැනීමෙන්ය. මේ අවස්ථා දෙකේම එජාපයට ආණ්ඩු හදන්නට හැකිවූයේ ශ‍්‍රීලනීපයේ නායකයින්ගේ ගැටුමට තමන් එතීමෙන් මිස තමන්ගේ හැකියාවෙන් නොවන බව මෙහි සරල අදහසය. අනුන්ගේ පක්ෂවලට ගැටගැසීමත් හැකියාවක් යැයි කියන්නේ නම් ඒ ගැන වැඩි යමක් අපට පැවසිය නොහැකිය.

දැන් මෙහෙම හැ¥ මේ හවුල් ආණ්ඩුව අදවන විට ¥වන්නේ එහි තියෙන අවසාන තෙල් ටිකෙන් යැයි කීමේ වරදක් ද නැත” ශ‍්‍රීලනීපයේ නිල බලය තමන්ට තිබුනත් එහි ග‍්‍රාමීය බල ව්‍යුහය තමන්ගේ අතේ නොමැතිවීම හේතුවෙන් ජනාධිපතිවරයා සිටින්නේ බලය ක‍්‍රියාත්මක කරන්නට නොහැකි තත්වයක නිසා යම් පමනකට මේ හවුල ඉස්සරහට යා හැකි වුවත් එය කළ හැක්කේ ඉතාමත් අසීරුවෙන් භයෙන් භයෙන් මිස ‘භය නැතිව’ යන ගමනක් ලෙසින් නොවේ. එජාපයට භය නැතිව ඉදිරියට යා හැකි වන්නේ ශ‍්‍රීලනීපප පැත්තේ නායකයින් දෙදනා වන මෛත‍්‍රී සහ මහින්ද අනාගතයේ ගනු ලබන තීරණවලට අනුව මිස ඒ ඒ පක්ෂයේ නිර්භයතාවය මත නොවන බව පැහැදිලිම කාරණයකි.

දැන් මේ හවුලේ අවුලෙන් එළියට යා හැකි වන්නේ එජාපයට ආණ්ඩුව දි ආපසු යාමෙන් හෝ එජාපය සමග එකට ආණ්ඩු කිරිමෙන් නොවන බව ශ‍්‍රීලනීපය හා ඒකාබන් විපක්ෂය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

එජාපයට එරෙහිව දේශපාලනය කරන්නට නම් එහි තිබිය යුතු පළමුවන කොන්දේසිය වන්නේ එජාපයේ දේශපාලන චින්තනය වෙතින් කැඩෙන්නට හැකි වීමය. වෙළදපොළ යනු එකම විමුක්තිදයකයා ලෙසින් පිළි ගැනීමත් රාජ්‍යය යනු ප‍්‍රශ්නයක් ලෙසින් තේරුම් ගැනීමත් අද එජාපයේ ඇති දේශපාලන චින්තනමය පදනම බව මගේ තේරුම් ගැනීමය. වෙළදපොළ හා රාජ්‍යය අතර ඇති විය යුතු බල හුවමාරුවකදි වෙළදපොලේ පැත්තෙන් ප‍්‍රශ්නය දෙස බැලීම ශ‍්‍රීලනීපයේ පදනමට සම්පූර්නයෙන්ම පටහැනි වූවක් බව පිළි ගැනීම අනිවාර්ය දෙයකි. ඒ නිසා මේ කාරණය ගැන නිසි තීරණයක් ගන්නා ඕනෑම අවස්ථාවක එජාපයේ සම්බන්ධතාවයෙන් මිදිම අනිවාර්ය අංගයක් වන්නේ ඒ නිසාය. එහෙත් අද නිළ ශ‍්‍රීලනීපයේ ලේකම් හා සන්ධානයේ ලේකම් වරයා හැසිරෙන ආකාරය දකින හා කියවන අයට සිතෙන්නේ මේ දෙන්නා යු එන් පී කාරයන්ටත් වඩා යුඑන්පී වගේ කථාකරන බවය. ඒ අය හැසිරෙන්නේ මෛත‍්‍රී මහින්ද එකතු වුනත් මේ නිලධාරීන් නම් කවදවත් එජාපයෙන් කැඩෙන්නේ නැති ආකාරයටය.

දෙවෙනි කාරණය වන්නේ පාක්ෂික ප‍්‍රවනතාවය ගමන් කරන දිසාව හා මහින්දගේ නායකත්වයට පාක්ෂිකයින්ගේ ඇති ආකර්ෂනය නිවැරිව තේරුම් ගැනීමය. මේ කාරණය සම්බන්ධයෙන් අද ශ‍්‍රීලනීපයේ ඉන්න ඇමතිවරු කියන කථා කවුරුවත් තඹ දෙයිතුවකට මායිම් කළ යුතු නැත. ඒ අය එද කළේ මහින්දගේ ජනාධිපතිධුරයේ සාරය උරා බීමය. අද කරන්නේ මෛත‍්‍රීගේ ජනාධිපතිධුරයෙන් හැකි පමණට සාරය උරාබීමය. අද එජාපය පැරදවීමේ දේශපාලනයක් ගොඩ නගන්නට ඇති එක අපහසුතාවක් වන්නේ මේ කණ්ඩායමේ හැසිරීමය. අනෙක් පසින් ඒකාබද්ධ විපක්ෂයේ සිටින සමහරුන්ටත් පේන්නේ ඊලග ජන්දයේ මනාප මිස තමන්ගේම ආණ්ඩු බලයක් හදගැනීම නොවීමත් මෙහි තිබෙන ගැටලූවක්ය.

මහ බැංකු සිද්ධිය හරහා ගොඩ නැගෙමින් පවතින දේශපාලන තත්වය නිවැරිදිව කළමනාකරනය කර ගැනීමේ හැකියාවක් ශ‍්‍රීලනීපයට හා ඒකාබද්ධයට නෙමැතිවුවහොත් එය නිමා වන්නේ යලිත් වටයකින් එජාපය ශක්තිමත් කරන දේශපාලන තත්වයක් ගොඩ නගමින්ද එසේත් නැතිනම් මෛත‍්‍රීත් රනිලූත් දෙදෙනාම නැති අලූත් දේශපාළනයකින්ද යන ප‍්‍රශ්නයට කාටවත් පිළිතුරක් තවම නැත. එහෙත් මේ මෙහොතේ භූමියේ තියෙන දේශපාලන යථාර්ථයන් සැළකිල්ලට ගත් විට පෙනී යන්නේ බලය තිබෙන්නේ රනිල්, මහින්ද හා මෛත‍්‍රී යන සාධක තුන මත වන නිසා මේ සාධක දෙකක් එකතු කිරීමෙන් අනෙක් එක ලේසියෙන් 'අවුට්' කළ හැකි බවයි. එහෙත් පවතින සමහර දේශපාලනික යථාර්ථයන් හමුවේ පෙනී යන්නේ ඒ ලේසි විදියට අවුට් කිරීමේ කාර්ය ඒච්චර ලේසි නොවන බව නම් මේ අවුල් සහගතභාවය අවසන් කිරීමට තව බොහෝ කාලයක් ගතවිය හැකි බව අනවාර්ය බව මගේ අදහසය.

[Lankadeepa]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions