11/04/2017

ප්‍රෙට්ට්‍රල් නැති වුනේ කොහොමද?

කතෘ:යුතුකම     11/04/2017   No comments

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායයක සුධීමතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්‍යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස්,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ තෙල් සම්පතේ ඇති වටිනාකම එම නායකයන් අවබෝධ කරගත් නිසාවෙනි.එතැන් පටන් 2003 වනතෙක් මෙරට ජනතාවගේ ඉන්ධන මගින් වන අවශ්‍යතාවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුරන ලදි.

ඉන් පසු 2003 වසරේ එ.ජා.ප.ආණ්ඩුව මගින් සංස්ථාවේ තෙල් ඒකාධිකාරය බිදදමමින් ඉන්දියන් ඔයිල් සමාගම(I.O.C.)මෙරටට ගෙන්වාගෙන ඛනිජ තෙල් ව්‍යාපාරය කෑලි කෑලි වලට කඩන ලදි.

01) ලෝකයේ දෙවැනි ස්වාභාවික වරාය සමග සංස්ථාව සතු තෙල් ගොඩබෑමේ,පැටවීමේ පසසුකම් සහිත ජැටිය,තෙල් ටැංකි 99 අයත් අක්කර 800 වැඩි භූමි භාගය සමගින් අවු.35 ට ගෙඩිය පිටින් එක් ටැංකියක් වසරකට ඇ.ඩො.1000 බැගින් බදු දෙන ලදි.චීන වරායේ ඉන්ධන ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය හා පාලනය මෙමගින් ඉන්දියාවට අයත් වන ලදි.

02) කොලඹ නගරයේ විශාලතම භූමිභාගයක් වන අක්කර 106 සමග කොලොන්නාව නිමාවේ තෙල් ටැංකි,ගොඩනැගිලි,බෙදාහැරීම් පද්ධතිය,මුතුරාජවෙල තෙල් ටැංකි,නවීන තාක්ෂණයෙන් යුත් බෙදාහැරීම් පද්ධතිය,ලංකාව පුරා විසිරී ඇති තොග තෙල් ගබඩා 12ට අයත් භූමි,බෙදාහැරීම් පද්ධතිය ඇතුලත් සම්පූර්ණ වත්කම් cpstl (සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් )නමින් සමාගක් පිහිටුවන ලදි.ඉන් 1/3 කොටසක අයිතිය ද රැ.බි.7.3 වැනි සොච්චම් මුදලකට IOC සමාගමට භාර දෙන ලදි.
ඉන් පසු මේ සියලු වත්කම් වලින් 1/3 කොටසක භුක්ති විදීමේ අයිතිය නීතියානුකූලව IOC සමාගමට හිමි විය.
තවත් 1/3 කොටසක් CPC ආයතනයටත්,අනෙක් 1/3 කොටස ඉන්දියන් භාරත පෙට්ට්‍රෝලියම් ආයතනයට විකිණීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් එය රැකගත් අතර 2009 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් එය නැවත් සංස්ථාවට ලබාදෙන ලදි.

දැන් බලපා ඇති ඉන්ධන හිගයට මෙය බලපාන්නේ කෙසේද?

කොලොන්නාව නිමාවේ පෙට්ට්‍ර්ල් ගබඩා කල හැකි සම්පූර්ණ ධාරිතාවය මෙට්ට්‍රික් ටොන් 48000කි.
1) 92 ඔක්ටේන් 32000
2) 95 ඔක්ටේන් 16000
වශයෙන් බෙදී යයි.IOC සමාගම හා CPC ආයතනය ගෙන්වනු ලබන ඉන්ධන කාල සටහනකට අනුව එකගතාවය මත මෙරටට ගෙන්වා වරාය සිට එකම නල පද්ධතිය භාවිතා කර කොලොන්නාව නිමාවටත්,මුතුරාජවෙල බෝයාව භාවිතාකර මුතුරාජවෙල ටැංකි සංකීර්ණයටත් ආයතන දෙකම ගොඩබා තමන්ගේ ඉන්ධන අවශ්‍ය තාවයන් සපුරා ගනු ලබයි.මේ අනුව IOC සමාගමට වෙනමම වෙන්කරන ලද ටැංකි කොලොන්නව නිමාවේවත්,මුතුරාජවෙවත් නොමැත.

මේ අනුව.

01) IOC සමාගම ගෙන්වන ලද මෙට්.ටොන් 30000 යුත් TORM ASTRID නැමති නැව 2015.10.15.දින කොලඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත සස්ථාව එම තොගය ප්‍රතික්ෂේප කරන ලදි.ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම සංස්ථාවට පොරොන්දු වුනත් මේ වන තෙක් එය IOC සමාගම ඉටුකර නොමැත.
02) සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ මෙට්.ටොන් 4000 යුත් NAVSkA LADY නැමති පෙට්ට්‍රල් නැව 2017.11.02,03 කොලඹ වරායට ලගාවීමට නියමිතව වුවත් දැනට ලැබෙන තොරතුරු අනුව එය 2017.11.08 හෝ 09 එන බව පැහැදිලිය.

දැනට ඇති තෙල් සංචිත (පෙට්ට්‍රල් )
කොලොන්නාව .
92 ඔක්ටේන් 3000mt
95 ඔක්ටේන් 500 mt

මුතුරාජවෙල .
92 ඔක්ටේන් 4500 mt.

ලංකාවේ ඉන්ධන බෙදාහැරීම දිනකට පෙට්ට්‍රල් (mt)
කොලොන්නාව .
92 ඔක්ටේන් 1500-2000
95 ඔක්ටේන් 450-500

මුතුරාජවෙල .
92 ඔක්ටේන් 1500-2000.

මේ අනුව රටේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට ලබාදීම තුලින් තෙල් බෙදාහැරීමට IOC සමාගම කෙලින්ම දායක වී ඇති බව මනාව පැහැදිලි වේ.

01)2017.10.15 ප්‍රතික්ෂේප නැව වෙනුවට වෙනත් නැවක් ගෙනෙනවා යැයි සංස්ථාවට වූ පොරොන්දුව කඩකිරීම .

02)ඒ තුලින් රට තුල ඇති අර්බුදය හමුවේ ඔවුනගේ බාල තෙල් රට තුලට ගොඩ බෑමට උත්සාහ කිරීම.
මේ වන විට මෙමෙ නැව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මුහුදේ නැංගුරම් ලා සිටින බවට තොරතුරු ලැබේ.

03) මේ වන විට ගෙන්වන පෙට්ට්‍රල් ලීටරයකින් රු.20/= වැඩි මුදලක් පාඩු ලබන බැවින් IOC සමාගමට රටේ ජන ජීවිතයේ ඉන්ධන අව්ශ්‍යතාවය සපුරාලීමට බැදී නොසිටීම.

යන කරුණු තුලින් ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශිය කරණය,පුද්ගලික කරණය කිරීමේ ප්‍රතිවිපාක රටේ ජනතාවට මනාව පිලිඹිබු වන අවස්ථාවක් බවට මෙය හොදම නිදසුනකි.
පසුගිය කාලය පුරාවටම ජාතික සම්පත් රැකගැනීම උදෙසා ඛනිජ තෙල් සේවකයින් ඇතුලු වෘත්තිය සමිති ව්‍යාපාරය මෙන්ම රටට ආදරේ කරන සියලූ ප්‍රගතීශීලි දේශපාලන නායකයින් සහ ජනතාව ඉදිරිපත්වී බේරාගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අයිතිය බව අවසන් වශයෙන් සටහන් තබමි.

බන්දුල සමන් කුමාර.
සභාපති.
ශ්‍රි.ල.නි.සේ.සංගමය .
ඛනිජ තෙල්.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions