11/12/2017

බලනු තම හද තුළ - පිළිතුර තිබේ එය තුළ

කතෘ:යුතුකම     11/12/2017   No comments

නොවෙම්බර් මස 12 වැනි දාට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ ජන්ම දිනය වෙනුවෙනි

-වසන්ත දේවසිරි-
ගුණදාස අමරසේකර ශූරීන් ගේ "අසක් දා කව"කාව්‍යයෙන් උපුටා ගන්නා ලද ඉහත කවි පාදය අද අප පෙළන බොහෝ ගැටළුවලට විසඳුම් සොයා දීමට සමත් වෙතැයි මම සිතමි. මෙම ලිපිය කියවන අයගෙන් අති බහුතරයක් සිංහල බෞද්ධයන් ‍යැ යි මම සිතමි. දශක හයක් ඉක්මවන ගුණදාස අමරසේකරයන්ගේ චාරිකාවම සිංහල බෞද්ධ හදවත සොයා යන නොනිමි ගමනක් ලෙස මම දකිමි. 'එකටැමින් පොළොවට(1972)'කෙටි කතා සංග්‍රහයේ සිට 'ධාතුසේන (2017)' නවකතාව දක්වා වූ ඔහුගේ සියළු නිර්මාණයන් තුළින් පිළිබුඹු වන්නේ සිංහල බෞද්ධ අධ්‍යාත්මය සොයා යන නොනිමි ගමනයි. විසි එක්වැනි සියවසෙහි ජීවත් වන සිංහලයාට තමන්ගේ ම හදවතේ හඬ නෑසීමටත්, එයට සවන් දීමට ඔවුන් ව යළි යළිත් යොමු කිරීමටත් සිදු වී ඇත්තේ මන්ද? ඒ ඔවුන් පරම්පරා කීපයක් තුළ දී ක්‍රම ක්‍රමයෙන් සිය හෘද සාක්ෂියට පිටු පා ජීවත් වීමට හුරු වී ඇති බැවිනි. අනගාරික ධර්මපාල තුමා, ආනන්ද කුමාරස්වාමි වැන්නවුන් පසු ගිය සියවසේ මුල් කාලයේ දී ම සැක පහළ කළාක් මෙන් ම ඔවුන් අද වන විට බටහිර අධ්‍යාපනය හා ඒ ඔස්සේ පැමිණි සංස්කෘතික ආක්‍රමණය මඟින් 'අධ්‍යාත්මික අවජාතකයන් වූ සබුද්ධික නීචයන් පිරිසක් බවට පත්ව ඇත්ද?

අද අප රට මුහුණ පා සිටින අර්බුදයට අමරසේකර මහතා විසින් නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරණ ලද ඔබ මෙන් ම මා ද අයත් වන සිංහල බෞද්ධයන්ගේ දායකත්වය කොතෙක් දැයි යන්න 2015 මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලෙන් අධ්‍යනය කරන්නෙකුට වටහා ගැනීම අපහසු නොවේ. එක්දහස් නමසිය හැත්තෑ අසූ ගණන් වලදී ලොව සමාජවාදී කඳවුර විනාශ කිරීමට යොදා ගත් 'යහපාලනය' වැනි යල් පැනගිය සංකල්පයක් වටා අපව එකතු කර ගැනීමට විජාතික බලවේගවලට හැකි වීම ම පමණක් වුව ද අපගේ සබුද්ධික නීච බවේ කදිම කදිම පිළිබිඹුවක් නොවේද?
මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් මේ රටේ ඓතිහාසික ගමන් මඟේ දිශානතිය තීරණය කළ හැකි බලවේගය වන සිංහල බෞද්ධ ජනතාව තම හදවතේ හඬට සවන් දිය යුතු ය. තම උරුමය වූ සභ්‍යත්ව විඥානයට තම හදවත විවර කළ යුතු ය.ඒ බුදු සමය නැති ආත්මයක් ගලවා ගැනීමට මඟක් කර ගැනීමට නොව බුදු සමය මත ගොඩ නැඟෙන සියල්ලන්ටම ජීවත් විය හැකි පරිසරයක් රට තුළ යළි නිර්මාණය කර ගැනීමට ය. ඒ උරුමය පාදක කර ගෙන දෙනු ලබන නිවැරදි නායකත්වය තුළ මෙම රටේ ආරක්ෂාවට මෙන් ම එහි වෙසෙන සියළු ජන කොටස් වල සුභ සිද්ධිය හා ආරක්ෂාවද රඳා පවතිනු ඇත.

අද දින 88 වැනි විය සපුරන අමරසේකර මහතාගේ දශක හයක් ඉක්ම යන සාහිත්‍ය දිවියම එතුමා කැප කළේ මේ සඳහා සිංහල පාඨකයාගේ හදවත සකස් කරන්නට ය. එනම් අප උගත් දේ වෙත නොව අප උරුමය වූ හදවතේ බසට සවන් දීමට අප ව යොමු කිරීමට ය.

'බලනු තම හද තුළ
පිළිතුර තිබේ ඒ තුළ
ඔබ දත් සතර තුළ
සොයා වෙහෙසෙනු නොවේ කිසි පල'

ඉදිරියේ දී ද අප අපගේ හදවතේ ආමණ්ත්‍රණය, සභ්‍යත්ව විඥානය සොයා යන ගමනට මග එළි කිරීමට එතුමාට ශක්තිය, ධෛර්යය හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions