11/16/2017

දෙමළාගේ නැති ප්‍රශ්න උලුප්පා එතුල ඇති බටහිරයන්ගේ අභිලාශ සඟවන කෛරාටිකයෝ.. [video]

කතෘ:යුතුකම     11/16/2017   No comments


දෙමළාගේ ප්‍රශ්නය සහ බටහිරයන්ගේ අභිලාශ

-ආචාර්ය දර්ශන කස්තුරිරත්න -



ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය ජානක වංශපුර අතර ‘දෙමළාගේ ප්‍රශ්නය සහ ව්‍යවස්ථා සංශෝධන‘ යන මැයෙන් පැවති විවාදයක් නරඹන්නට කොළඹ විශ්ව විද්‍යාලයේදී අවස්ථාව ලැබුණි. විශේෂයෙන්ම මේ අවස්ථාවට ෆේස් බුක් හරහා දේශපාලන මතවාද කතා කරන බොහෝ පිරිසක් සම්බන්ධව සිටියහ.

මෙවැනි සංවාදයක් සංවිධානය කිරීම පිළිබඳව ආචාර්ය නිර්මාල් සහ ආචාර්ය ජානකට ස්තුතිවන්ත විය යුතුය.(ලිවීමේ පහසුව සදහා මේ දෙදෙනා හැදින්වීමට නිර්මාල් සහ ජානක කියන නම් දෙක පාවිච්චි කරමි). එමෙන්ම මෙයට සහභාගි වී සිටි අනිත් අයත් බොහෝ දුරට සාවධානව මීට සහභාගි වීම සතුටට කරුණක්. ඉදිරියේදීත් මෙවැනිම සංවාද තව පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මේ සටහන තැබීමට සිත් වූයේ එහිදී කතිකා වූ සමහර කාරණා ගැන මට දැණුනු අදහස් කිහිපයක් සටහන් කිරීමටයි. කාලවේලාව සහ අනෙකුත් සීමා සහගත කරුණු නිසා ඒ අවස්ථාවේ මේවා මතු කිරීමට ප්‍රමාණවත් අවකාශයක් වූයේ නැත.

මගේ මතය නම් මේ සංවාදයේ මාතෘකාව ඇත්තටම ඉහත දැක්වූ මාතෘකාවයි. මන්ද යත් ජානක ඔහුගේ කතාවේ වැඩි අවධානයක් යොමු කළේ ව්‍යවස්ථාව ගැන කතා කිරීමට නොව බටහිර අධිරාජ්‍යවාදය තුළ දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වෙන බව තහවුරු කිරීමටයි. ඔහු අවධාරණය කළේ මෙහි මුල බටහිර අධිරාජ්‍යවාදය බව. ඒ ප්‍රවේශය වැදගත්. මන්ද ඇත්තටම ව්‍යස්ථාව මේ ප්‍රශ්නයේ ප්‍රකාශනයක් පමණක් වන නිසා. වෙනත් ආකාරයකින් කියනවානම් ජානක කතා කළේ මේ ප්‍රශ්නයේ මුල ගැන.
ආචාර්‍ය නිර්මාල්ගේ මුල් කතාවේ හරය මට හරි හැටි වැටහුනේ නැත. ඔහු විවිධ ඓතිහාසික කරුණු මතු කරත් ඒවායේ පැහැදිලි සම්බන්ධයක් ගොඩනැගීමට ඔහු අසමත් විය. ඒ කතාවේ තිබුනේ විසුරුණු ස්වභාවයකි. කෙසේ වෙතත් ඔහු අවසාන භාගයේ තීරණාත්මකව මතු කරපු කරුණක් තිබුණි. එය නම් එල්ටිටීඊ සංවිධානය සම්බන්ධයෙන් අවසාන කාලයේ බටහිර රටවල් සහ ඉන්දියාව කටයුතු කරපු ආකාරය සහ ජානකගේ තර්කය අතර විසංවාදයක් ඇති බවයි.

ඔහු මෙහිදී මූලික වශයෙන් මතු කරපු කාරණා නම් 2005 රනිල් පැරදවීම, සාම සාකච්ඡා ආදියේ බටහිර සහ ඉන්දියාවේ මතයට පටහැනිව එල්ටීටීඊය ක්‍රියා කරපු බව. ඒ අනුව දෙමළ බෙදුම්වාදයට එයටම අනන්‍ය වූ ‘ආත්මයක්‘ (ඔහු ඒ වදන යෙදුවේ නෑ. එය මගේ වදනක්) ඇති බව සහ එය හුදු බටහිර අධිරාජ්‍යවාදයේ මෙවලමක් ලෙස සැලකීම වැරදි බව. මෙහිදී ඔහු මතු කළ තර්කවල cherry picking ස්වභාවයක් තිබුනු බව කිව යුතුයි. මොකද අන් බොහෝ අවස්ථාවලදී බටහිර රටවල් සහ ඉන්දියාව එල්ටීටීඊ හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනියපු නිසා. ඔහුම වරක් කියූ පරිදි වඩමාරච්චි මෙහෙයුමේදී එල්ටීටීඊය බේරගන්ඩ ඉන්දියාව තීරණාත්මකව මැදිහත් විය. අනෙක යුද්ධයේ අවසාන කාලයේ කුෂ්නර් සහ මිලිබෑන්ඩ් වැනි අය යුධය නවත්වන්ඩ කියලා බලපෑම් කිරීම කවුරුත් දන්න දෙයක්. එපමණක් නොවේ බටහිර රටවල් යුධයට ඔය තරම් අනුග්‍රහය දැක්වූවානම් ඔවුන් තමන්ද අනුග්‍රහය දැක්වූ යුද්ධයක යුධ අපරාධ හොයන්ඩ මෙච්චර කරදර වෙන්නේ ඇයිද යන්නත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ඔහු මතු කරපු කාරණාවල, විශේෂයෙන්ම ගෝඨාභය විසින් එල්ටීටීඊය පරාජය කරන්ඩ ඇමරිකාව ඊශ්‍රායලය වැනි රටවල අවසාන යුධයේදී උපකාර කරා කියන එක ජානකගේ තර්කයට පරස්පරයක් ලෙස මතු කරන්ඩයි ඔහු උත්සාහ කළේ.

මගේ අදහස නම් නිර්මාල් මතු කළ ‘පරස්පරය‘ පරස්පරයක් නොව ජානකගේ කතාව වඩාත් තහවුරු කරන්නක් බවයි. ඔහු පැවසුවේ එල්ටීටීඊය සමහර අවස්ථාවල බටහිර හෝ ඉන්දියාවට අවනත නොවූ බවත් එනිසාම අවසාන යුධයේදී බටහිරයන් එල්ටීටීඊය පැරදවීමට ආධාර කළ බවත්ය. අඩුම තරමින් එතරම් තදින් විරුද්ධ නොවූ බවත්ය. එසේ නම් එමගින් ද කියවෙන්නේ බටහිර අධිරාජ්‍යවාදය නඩත්තු කරන්නේ තමන්ට අවනත මටටමේ දෙමළ බෙදුම්වාදයක්ය කියන අදහසම නොවේද? බටහිරට සහ/හෝ ඉන්දියාවට අවනත නොවන ස්වාධීන දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයකට පැවැත්මක් නැති බව නොවේද?

මේ සංවාදයට වැදගත් වන ලියවිල්ලක් මට පහුගිය දිනක කියවීමට අවස්ථාව උදාවිය. මෙය ඇත්තටම ෆේස්බුක් ආදියේ සෑහෙන්ඩ සංසරණය වූ ලියවිල්ලකි. මේ සංවාදයට ඇති වැදගත්කම නිසාම එය යළිත් උපුටා දක්වන්නට මට සිත් විය. එය නම් වර්තමාන විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා 2012 වසරේදී ඉලංකෙයි තමිල් අරස්සු කච්චි පක්ෂයේ මඩකලපුවේ පැවති වාර්ෂික සමුළුවේදී කරපු කතාවක ඉංගිරිසි පරිවර්තනයකි. මෙය Colombo Telegraph අඩවියේ පළවී තිබුණි. පහත දැක්වෙන්නෙ එම කතාවයි.

The Struggle For The Political Rights Of The Tamil Nation Has Now Entered An Entirely New Chapter

බටහිර රටවල්, ඉන්දියාව සහ ලංකාවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය අතර සම්බන්ධය තේරුම් ගැනීමට ඉහත කතාව ඉතාම වැදගත් ලියවිල්ලක් බවයි මා සිතන්නේ. එය වඩාත් වැදගත් වන්නේ වර්තමාන දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙක් විසින්ම එය සිදු කිරීම නිසයි. මේ කතාවේ වැඩියෙන්ම සදහන් වන keyword එක නම් International Community යන වදනයි. මේ සන්දර්භයේ International Community කියන්නේ බටහිර රටවල් සහ ඉන්දියාව බව අමුතුවෙන් කිවයුතු නෑ.

මෙහි ඉතාම වැදගත් ඡේදයක් තිබෙනවා. මා එය උපුටා දක්වන්නම්,

“ The rise and fall of the LTTE taught us that regardless of how strong such a movement may be, or how just its demands may be, it is not realistic for the Tamil people to resort to violent political struggle. Further, a struggle that runs counter to the values of the international community, built only on military might, will not prevail. It is for this reason, that in the new environment created by various global influences, we have, together with the support and assistance of the international community, found new ways of continuing with our struggle. “

මෙහිදී සම්බන්ධන් මහතා සදහන් කරන්නේ නිර්මාල් කියූ දෙයට සමාන අදහසක්. එනම් එල්ටීටීඊය සමහර අවස්ථාවල අන්තර්ජාතික ප්‍රජාව, එනම් බටහිර රටවල් සහ ඉන්දියාවට අනුකූල නොවූ බව. එනිසාම එහි අභාවය වූ බව. මේ කතාව ඇත්තටම ජානක ඉදිරිපත් කරපු මතය තහවුරු කරන්නක්. මෙතන නැති විසංවාදයක් පෙනෙන්නේ policy එක සහ strategy එක පටලවා ගැනීම නිසයි. බටහිර රටවල් සහ ඉන්දියාව policy එකක් ලෙස හැමදාම හිටියේ ලංකාවේ දෙමළ ස්වයං පාලනයක් දෙන්ඩ ඕන කියන මතයේ. එහි වෙනසක් උනේ නෑ. නමුත් ඒ සදහා භාවිත කරන උපාය මාර්ගය (strategy) එක වෙනස් වෙන්ඩ පුළුවන්. නිර්මාල් සදහන් කරපු පරිදි ඔවුන් හැකි තරම් උත්සාහ කරා බාලසිංහම් හරහා එල්ටීටීඊය ‘දේශපාලන විසදුමකට‘ එකග කරවා ගන්ඩ. එදා එසේ කළේ නම් අද වෙනම රටක් නිර්මාණය වී අවසන්. නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ ආදියේ සිදුවූයේ එයයි. එනම් දේශපාලන විසදුමක් හරහා ස්වයං පාලනයක් දී පියවරෙන් පියවර වෙනම රටක් නිර්මාණය වීම. නමුත් එල්ටීටීඊය දිගටම යුධමය ස්ථාවරයේ සිටීම ස්වයං පාලනයක් කරා යන ගමනට සැබැවින්ම බාධාවක් විය. චන්ද්‍රිකා ඉදිරිපත් කළ පැකේජයේදී වගේම සුනාමි සහන මණ්ඩලයේදීත් වැඩිම බාධාවක් ඇති කළේ වෙන කිසිවකු නොවේ එල්ටීටීඊයමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ (ඇත්තටම ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ ) යුධමය ජයග්‍රහණයකින්ම වෙනම රටක් දිනා ගැනීම. සාම සාකච්ඡා යනු ඒ සදහා සම්පත් එකතු කරන විරාමයක් පමණයි ඔවුන්ට. එහෙත් බටහිරයන්ට සහ ඉන්දියාවට එදා ඉදන්ම අවශ්‍ය වූයේ සාකච්ඡා හරහා ස්වයං පාලනයක් ලබා දීමටයි. ඇත්තටම අද බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණට වේගයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලැබී ඇත්තේ එල්ටීටීඊය නැති නිසාමය .

මීටත් වඩා වැදගත් ප්‍රකාශයක් සම්බන්ධන් මහතා කරනවා. එනම්,

My respected friends. The current practices of the international community may give us an opportunity to achieve, without the loss of life, the soaring aspirations we were unable to achieve by armed force.

වත්මන් දෙමළ බෙදුම්වාදයට බටහිර රටවල් සහ ඉන්දියාවෙන් තොරව පැවත්මක් නැති බව මීටත් වඩා සෘජුව පැවසිය හැකිද? වංගීසට සම්බන්ධන් මහතාව හමු වුවොත් අසන්නට පුළුවන් ‘දෙමළ බෙදුම්වාදයට එයටම අනන්‍ය වූ ආත්මයක් නැත්ද?“ කියලා. එසේ වුවොත් බොහෝ විට සම්බන්ධන් මහතා කට කොනකට හිනාවක් නගමින් වංගීසගෙ පිටට තට්ටුවකුත් දමා යන්ඩ හොදටම ඉඩ තිබේ. ඇත්ත වශයෙන්ම සම්බන්ධන්ගේ මේ ප්‍රකාශය සහ කතාව පුරාම දැක්වෙන ප්‍රකාශවලින් වඩ වඩාත් තහවුරු වන්නේ ජානක ඉදිරිපත් කළ, දෙමළ බෙදුම්වාදය නිර්මාණය කළේ සහ නඩත්තු කරන්නේ බටහිර අධිරාජ්‍යවාදය විසින් බවයි. බටහිර අධිරාජ්‍යවාදයෙන් තොරව දෙමළ බෙදුම්වාදයක් තිබෙන්නට ඉඩ තිබුණි.. එහෙත් එසේ නම් ඒ ගැන කිසිවෙකු කතා නොකරනු ඇති. එය ඒ තරම්ම නොසැලකිය හැකි බලවේගයක් වනු ඇති. සම්බන්ධන්ගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ එයයි. කොටින්ම බටහිර බලපෑම්වලින් වැඩිම වෙනස උනේ උතුරේ නොවේ. ලංකා ආණ්ඩුවේය. බටහිර රටවල් සහ ඉන්දියාවේ මැදිහත්වීමෙන් ලංකාවේ ආණ්ඩු වෙනසක් ඇති කළේ දෙමළ බෙදුම්වාදීන්ද? නැත . ඔවුන් ඊට සම්මාදම් වූවා පමණයි. ප්‍රධානම වැඩ කොටස කළේ බටහිර රටවල් සහ ඉන්දියාවයි. අද නැවත දෙමළ බෙදුම්වාදයට අවස්ථාවක් ලැබී ඇත්තේ ඒ වෙනස නිසයි.

කෙසේ වෙතත් මට මේ සම්බන්ධව මතු කරන්නට අවශ්‍ය වූ මූලික කරුණ මෙය නොවේ. මූලික කරුණ නම් ආචාර්ය නිර්මාල්ද මේ කාරණයේදී ඉන්දියාව සහ බටහිර රටවල බලපෑමක් ඇති බව පිළිගැනීමයි.. වරක් ඔහු තම දේශනයේදී ඇවසුවේ බටහිර රටවල් දෙමළ ඉල්ලීම් ගැන sympathize කරන බවයි. Sympathy කියන්නෙ හැගීමක්. අන්තර්ජාතික දේශපාලනයේ හැගීම් නැහැ. ඇත්තේ අභිලාශ (interests) සහ උපාය මාර්ග (strategies) පමණයි. දෙමළ බෙදුම්වාදයට නඩත්තු කිරීමෙන් සහ අනුග්‍රහය දැක්වීමෙන් බටහිරයන්ට ලැබෙන දේ කුමක්ද යන්නට ජාතිකවාදීන්ට පැහැදිලි කතාන්දරයක් තිබේ . ඔවුන්ට අනුව බටහිරයන් තම අධිරාජ්‍යවාදී අවශ්‍යතා සදහා දෙමළ බෙදුම්වාදය භාවිත කරයි . මේක සැබැවින්ම අලුත් කතාවක් හෝ ලංකාවට පමණක් සිමා වූ කතාවක් නොවේ. බෙදුම්වාදය අධිරාජ්‍යවාදී අවශ්‍යතා සදහා භාවිත කිරීම කාශ්මීරයේ, ටිමෝරයේ, කොසොවෝ, ඊශ්‍රායලයේ සිට වත්මන් ඉරාකය දක්වාම දිවෙන තත්වයක්.

ප්‍රශ්නය එය නොවේ. ප්‍රශ්නය නිර්මාල්ලාගේ කදවුර දෙමළාගේ ප්‍රශ්නය කරට ගැනීමෙන් ඉන්දියාවට හෝ බටහිරයන්ට ලැබෙන දේ හෝ ඔවුන්ගේ අභිලාශ ගැන මුනිවත රැකීමයි. සැම දෙනාම දන්නා නමුත් කිසිවෙකු කතා නොකර කාරණාවලට ඉංගිරිසියේ එන යෙදුම elephant in the room යන්නයි. මේ කාරණය නිර්මාල්ලාගේ කදවුරේ elephant in the room කීවාට වරදක් නැත . මෙයට බොහෝ විට ලැබෙන පිළිතුර sympathize කරනවා වැනි බොළද පිළිතුරක් . ලිස්සලා යාමක් පමණි. එය ඇත්තටම ‘සුදු මහත්තුරු සුදුයි. ඒක හින්දා ඒගොල්ලො හොදයි. පපුව උණු වෙනවා‘ වැනි කතාවක් වඩා ශාස්ත්‍රීය වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණයි. ලෝක දේශපාලනය ගැන අබමල් රේණුවක් දනා කෙනෙකුට පිළිගත හැකි කතාවක්ද එය? මා නම් සිතන්නේ නිර්මාල් පාර්ශවය මේ කාරණය උවමනාවෙන්ම මග හරින බවයි. මේ කාරණයට පැහැදිලි පිළිතුරක් නොදී ජාතිකවාදීන්ගේ කතාවේ නැති පරස්පර මතු කරන්ඩ උත්සාහ කිරීම වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගැසීමක්. තමන් නිර්වස්ත්‍රව ඉදගෙන අනුන්ගේ ඇදුම්වල ඇදකුද හෙවීමක් පමණයි.

ඒ අතින් බැලූ කළ සම්බන්ධන්ලා නිර්මාල්ලාට වඩා අවංකය. සම්බන්ධන්ලා "සුද්දෝ නිසා තමා අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ" කියා කෙලින්ම පවසයි. ඔහු පවසන්නේ " අපි කරන කියන දෙයක් සුදු මහත්තුරුන්ගේ අරමුණුවලට අනුකූලව කළ යුතු" බවයි. නමුත් නිර්මාල්ලා එය උවමනාවෙන්ම සඟවන්නට උත්සාහ කරයි. එසේ සඟවා "දෙමළාගේ ප්‍රශ්නය" ගැන පමණක් කතා කරන්නට සැරසේ.එයින් ඔවුන් කරන්නේ බටහිර අධිරාජ්‍යවාදයට සේවය කිරීම, ඊට කත් ඇදීම නොවේද? මේ ප්‍රශ්නය ගැන ගොතන ඕනම කතාවක ප්‍රවාදයක බටහිරයන්ගේ අභිලාශ කුමක්දැයි කියන එක පැහැදිලි කළ යුතුමයි. නැත්නම් ඒ ප්‍රවාදය, කතාන්දරය අසම්පූර්ණයි. එමෙන්ම ඒ ප්‍රශ්නයට යෝජනා කරන විසදුමෙන් බටහිරයන්ගේ අභිලාශ ඉටු වෙනවාද, නැද්ද යන්නත් පැහැදිලි කළ යුතුයි. ජාතිකවාදීන්ට මෙයට පැහැදිලි පිළිතුරු තිබේ . කොටින්ම සම්බන්ධ මහතාලටද තිබේ. පිළිතුරු නැත්තේ හෝ සිතා මතා පිළිතුරු නොදෙන්නේ නිර්මාල්ලාගේ "බුද්ධිවාදී කඳවුරයි". ඔවුන් හැමවිටම ඒ කාරණය මගහරී. නමුත් ඒ කාරණය මගහැර ප්‍රශ්නය තේරුම් ගත නොහැකිය. තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් විසඳීමද කළ නොහැක.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions