ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ව්‍යවස්‌ථා විරෝධියි.මුල පටන්ම බල ශුන්‍යයි
- ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‌ෂ
ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා
වර්තමානයේ දක්‌නට ලැබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීමේ ඉතිහාසය තුළ මුලින්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ස්‌වරූපයක් ගත් ප්‍රතිසංස්‌කරණයක් ලෙස හඳුන්වා දිය හැක්‌කේ 1833 කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්‌කරණ යෝජනා ය. මධ්‍යගත පාලන ක්‍රමය, ව්‍යවස්‌ථාදායක, විධායක සභා ස්‌ථාපිත කිරීම, රාජ්‍ය සිවිල් සේවය ස්‌ථාපිත කිරීම, අධිකරණ ක්‍රමය නියමානුකූල කිරීම ඊට ඇතුළත් ය. පසුව 1911 මැකලම් ප්‍රතිසංස්‌කරණ යෝජනාවලිය මඟින් එය වඩාත් විධිටමත් වූ අතර 1920 මැනිං ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ තුළින් ව්‍යවස්‌ථාදායකයේ බලය තරමක් ශක්‌තිමත් විය. පසුව 1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය සමඟ සර්වජන ඡන්ද බලය ශ්‍රී ලාංකිකයන්ට හිමිවිය. 1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුණේ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟිනි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාසම්පාදක මණ්‌ඩලය මුල පටන් නීති විරෝධී එකකි
1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක් පිහිටුවාගෙන කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුව තුළ එවැනි කටයුත්තකට නීතියෙන් ඉඩ නොමැති නිසා ය. 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරිච්äන්න කොට 1978 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කෙටුම්පත් කිරීමේ වගකීම ඡේ. ආර්. ජයවර්ධන ඔහුගේ මිතුරකු වූ දේශපාලන විද්‍යා මහාචාර්ය ඇල්µ්‍රඩ් ජයරත්නම් විල්සන් මහතාට පැවරීය. ඔහු සම්පාදනය කළ කෙටුම්පත අමාත්‍ය මණ්‌ඩලය අනුමත කිරීමෙන් පසු 1972 ව්‍යවස්‌ථාවේ 51 ව්‍යවස්‌ථාව අනුව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් විය. 1978 ව්‍යවස්‌ථාවේ ද ඊට සමාන ප්‍රතිපාදන 82 වන ව්‍යවස්‌ථාවේ පවතින හෙයින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නැත. එහෙත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක් පාර්ලිමේන්තුව තුළ පත් කිරීමට 1978 ව්‍යවස්‌ථාවේ කිසිදු අයුරකින් බලයක් පාර්ලිමේන්තුවට ලබාදී නොමැත. නව ව්‍යවස්‌ථාවක් සකසා ගැනීමට ආණ්‌ඩුවට අසීරු කාරණයක් වන්නේ නම් ඒ සඳහා සහාය ලබාගැනීමට ආණ්‌ඩුවට කළ හැක්‌කේ ස්‌ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාවක් පත් කරගෙන ඒ මඟින් නිර්දේශ ලබාගැනීම ය. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව විසින් පත් කොට ගෙන ඇති ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය සහ මෙහෙයුම් කමිටුව මුල පටන්ම සහ එනයින්ම අවලංගු හා බලශුන්‍ය වේ.
ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය බලශුන්‍ය බව ප්‍රකාශ කිරීමට අධිකරණයට බලය ඇත්තේ ය
ව්‍යවස්‌ථාදායකය ස්‌වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් වන අතර එහි කටයුතු සම්බන්ධව නඩු විමසීමට හෝ තීන්දු දීමට අධිකරණයට බලයක් නැත. එය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පිළිගත් සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳව මීට පෙර අධිකරණය හා පාර්ලිමේන්තුව විසින් තීරණ ගෙන ඇත. පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන තේරීම් කාරක සභා, ස්‌ථාවර තේරීම් කාරක සභා, විශේෂ කාරක සභා සහ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා යන ආයතන වලට ද මෙම වරප්‍රසාදය හිමි වෙයි. එහෙත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් කිසිදු ආකාරයකට පිළි නොගත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් හා ස්‌ථාවර නියෝග මාලාව මඟින් ආවරණය නොවන බැහැර වූ ආයතනයක් බැවින් එය නීතියෙන් බලශුන්‍ය වේ. එය පාර්ලිමේන්තු වරප්‍රසාද මඟින් ආරක්‌ෂා නොවන්නකි. එවන් වූ පරිබාහිර ආයතනයක වලංගුභාවය පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණයට කිසිදු බාධාවක් නොමැත. නව ව්‍යවස්‌ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාදාමය 78 සහ 82 ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන මඟින් සකසා තිබියදී ඉන් බාහිරව මණ්‌ඩල පත්කිරීම ව්‍යවස්‌ථා විරෝධී වෙයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය බල රහිත එකක් වන හෙයින් එම මණ්‌ඩලය මඟින් පත්කරන්නට යෙදුනු මෙහෙයුම් කමිටුව එනයින්ම බල රහිත වන්නේ ය. එමෙන්ම මෙහෙයුම් කමිටුව විසින් සකසා ඇති 2017 සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව ද නිරායාසයෙන්ම අවලංගු හා බලශුන්‍ය ලේඛනයකි. මහජන මත විමසීම සඳහා පත්කළ කමිටුවට ද කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැත.
යෝජිත නව ව්‍යවස්‌ථාව අසාර්ථක වීමට බලපෑ හේතු සාධක
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 75, 82 සහ 83 ව්‍යවස්‌ථා අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සකසා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය. එම බලය මත පැනවී ඇති සීමා 76 (1) ව්‍යවස්‌ථාවෙන් මෙසේ නිර්වචනය කොට ඇත.
"පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්‌ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටුවිය යුත්තේ ය".
ව්‍යවස්‌ථාවේ සඳහන් මෙම ප්‍රතිපාදන ඉතා සරල ය. එමෙන්ම පැහැදිලි ය. එසේ නම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනා සම්මුතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නීතියට අනුකූලව අවංකව ද ශ්‍රී ලංකා ජනරජයට පක්‌ෂපාතීව ද උපරිම ශක්‌ති ප්‍රමාණයෙන් ආරක්‌ෂා කොට අනුගමනය කරන බවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 63 වැනි ව්‍යවස්‌ථාව මඟින් මන්ත්‍රීවරුන් දී ඇති ප්‍රතිඥාව/දිවුරුම උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද?
විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතු ද?
19 වැනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති බලතල කප්පාදු කළත් තවමත් මෙරට පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. මෙය ඇමෙරිකාවේ, ජර්මනියේ, ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රමයන්ට වඩා වෙනස් එකකි. එම රටවල ජනාධිපතිවරයා බවට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුවන වෙනස අල්ප ය. ක්‍රමවේදය ඊට වඩා බලවත් ය. ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයට වඩා එම තනතුරට පත්වන පුද්ගලයාගේ තරාතිරම අනුව සිදුකළ හැකි බලපෑම ප්‍රබල ය.
වර්තමාන ජනාධිපතිවරයාගේ වගකීම
රටේ ඒකීයභාවය සහ බුද්ධ ශාසනයට ප්‍රමුඛස්‌ථානය දීම සිදු නොවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට කිසිසේත් ඉඩක් නොතබන බව වර්තමාන ජනාධිපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය හැකි ද යන්න සොයා බැලිය යුතුය. හේතුකාරණා දෙකක් අනුව එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැක.
පළමු කාරණය නම් නීති සම්පාදනය සිදුකරනුයේ පාර්ලිමේන්තුව විසිනි. ඊට මැදිහත් වීමට ජනාධිපතිට බලයක් නැත. ඔහුට පාර්ලිමේන්තුවේ ඡන්දය ද හිමි නැත. අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස ඔහුට ඊට මැදිහත් විය හැකි වුවත් රටේ ආරක්‌ෂාව පිළිබඳ බරපතළ කාරණයක් බවට පත් වූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ විදේශිකයන්ට පැවරීම යන කාරණයේදී එය වළක්‌වා ගැනීමට එතුමා ගත් උත්සහය නිෂ්ඵල විය. දෙතුන් දෙනකුගේ බලපෑමට යටත් වීම නිසාවෙන්ම සයිටම් ප්‍රශ්නය මාස 10 කට වඩා වැඩිකල් ඔඩු දුවන්නට හැර තීරණයක් නොගෙන බලා සිටියහ. විල්පත්තුවේ වන විනාශය පිළිබඳව මෙතෙක් විසඳුමක් ලබාදීමට ද අසමත්ව ඇත.
පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අවිශ්වාසය
පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරු පිළිබඳ ජනතාව සහ ජනමාධ්‍ය නිරන්තරයෙන් දක්‌වනුයේ අප්‍රසාදයකි. අකාර්යක්‌ෂමතාව, දූෂණය, අවිචාරවත් බව පිළිබඳ නඟන ප්‍රශ්න බොහෝ ය. එය තීව්‍ර වෙමින් පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳ වැටුණේ 2017 සැප්තැම්බර් 21 වැනි දින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ඇතුළත් වූ පරිදි පළාත් සභා ඡන්ද කල් දැමීමට නොහැකි බව ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී පළාත් සභා මැතිවරණ සාමාන්‍ය ව්‍යවස්‌ථාව සංශෝධනය කරමින් වක්‍ර ලෙස ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව යටපත් කිරීමේ බරපතළ කාරණය මඟිනි. එය තවත් බරපතළ තත්ත්වයට පත් වන්නේ මුල් සංශෝධන කෙටුම්පතේ සඳහන් නොමැති අලුත්ම කරුණු කාරක සභා අවස්‌ථාවේදී කෙටුම්පතට ඇතුළත් කොට සම්මත කිරීම නිසා ය. කෙසේ වෙතත් එම කෙටුම්පතට අදාළ කාරණය සර්වජන ඡන්ද බලය වන හෙයින් එය පළාත් සභා විෂයයක් නොවන්නේ ය. එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයෙන් සම්මත කිරීම මඟින් වලංගු තත්ත්වයට පත්වන බවට කථානායකට උපදෙස් දීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ හැකියාවක් නීතිපතිට නොමැත. තත්ත්වය එසේ පැවතිය දී පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා හා නීතිපතිවරයා විසින් කථානායක නොමඟ යවමින් එය සම්මත කර ගැනීම ෙ€දජනක ය.
කළ යුතු දේ
වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන සහ සමාජ සංයුතිය තුළ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්මතකර ගැනීමේ හැකියාව ඉතා අල්පය. 2015 වසරේදී ඒ සඳහා ඉතා යෝග්‍ය වාතාවරණයක් රට තුළ නිර්මාණය වුවත් ආණ්‌ඩුව අදූරදර්ශී ලෙස කටයුතු කිරීම නිසා එම තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇත. යෝජිත ව්‍යවස්‌ථාවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබාගැනීම හුදු කල්පිතයක් පමණක් වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වුවත් එය ජනමත විචාරණයකින් සම්මත වීම අත්‍යවශ්‍යය. එය මිරිඟුවක් පසුපස හඹායැමක් වනු නියතය. අති බහුතරයක් සිංහල හා මුස්‌ලිම් ජනතාව ඊට විරෝධය පළ කොට ඇත.
මෙම තත්ත්වය යටතේ ආණ්‌ඩුව විසින් අනුගමනය කළ යුතු බුද්ධිමත් ක්‍රියාදාමය වනුයේ පක්‌ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට පවතින ව්‍යවස්‌ථාව වඩාත් ප්‍රශස්‌ත එකක් බවට පත්කිරීම සඳහා සුදුසු සංශෝධනයන් හඳුන්වාදීමට කටයුතු කිරීමය. එහි ප්‍රමුඛතා පිළිවෙල මෙසේ තේරුම් ගත හැක.
1. දැනට පවතින සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමය ඉවත්කොට රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දීමය.
2. නඩු කටයුතු වල පවතින ප්‍රමාදය වළක්‌වා ගෙන පොදුවේ අධිකරණ පද්ධතියේ කාර්යක්‌ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම. (ඒ සඳහා සුදුසු සංශෝධනයන් මා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නමුත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එය ඇතුළත් කිරීමේ බලාපොරොත්තුව මත එය තවමත් පසෙක තබා ඇත.)
3. පළාත් සභා සහ පළාත් පාලන ආයතන සහ ඒවායේ සංයුතිය විදිමත් කොට ඒවා වඩාත් කාරHක්‌ෂම ලෙස ක්‍රීයාත්මක කිරීමට හැකිවන ආකාරයේ පරිපාලන බලතල සමමිතික ලෙස බෙදා හැරීම.
4. රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරකම් පිළිබඳ වගවීමේ යාන්ත්‍රනය ශක්‌තිමත් කිරීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වශයෙන් සිටිමින්ම ඒවායේ ව්‍යවස්‌ථා විරෝධීභාවය දැන දැන මෙතෙක් කටයුතු කිරීම පිළිබඳව මා හට එරෙහිව ද චෝදනාවක් එල්ල කිරීම සාධාරණය. එහි නීත්‍යනුකූල නොවන භාවය අදාළ තැනැත්තන්ට පෙන්වා දුන් නමුත් ආණ්‌ඩුවක් ලෙස ඉහත ක්‍රීයාදාමය පිළිබඳ විශ්වාසයක් තැබීම නිසා සහ කෙසේ වෙතත් අවසානයේ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය සම්මත කරගත් ආකාරයට ගැටලුවකින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් එය ප්‍රයෝජනවත් වනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා එම නීතිමය ගැටලුව මතු නොකළෙමි. වර්තමානය වන විට සමස්‌ත ක්‍රියාදාමයම අවුල් ජාලාවක් බවට පත්කරගෙන ඇති හෙයින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යුතුකමක් කොට සලකමි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .