11/14/2017

නව දේශපාලන පක්ෂයක්! අලූත් ගමනක්!!

කතෘ:යුතුකම     11/14/2017   No comments

[පසුගියදා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලියේ යුතුකම සංවාද කවය විසින් බෙදා හැරි අත් පත්‍රිකාව..]
නව දේශපාලන පක්ෂයක්! අලූත් ගමනක්!!

ශී‍්‍රලනිපයේ පුරෝගාමීන් ගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂ ම සන්ධිස්ථානය කුමක් ද? එ් අන් කිසිවක් නො ව නව දේශපාලන බලවේගයකට නායකත්වය දීම පිණිස එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත් ව විපක්ෂය වෙත පිය නඟන විට එ තුමන් හා එක් ව, එකට සිටගැනීම බව ඔබ කවුරුත් පිළිගන්නවා ඇත. එ් ඇයි? නිදහස් ලංකාවේ පළමු රජය පිහිටවූ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වීමට වඩා, නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුවේ සාමාජිකයකු වීමට වඩා, නව බලවේගයකට නායකත්වය දීමට එ් පක්ෂය අතහැරීම සුවිශේෂ වන්නේ කෙසේ ද? අද අප මුහුණ දී සිටින සුවිශේෂ දේශපාලන අභියෝගය හමුවේ මේ ප‍්‍රශ්නය විශාල වැදගත්කමක් දරන බව මගේ වැටහීම යි. 1951 සැප්තැම්බර 02 දින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උලෙළේ දී බණ්ඩාරනායක මහතා, ”මෙය නව දේශපාලන පක්ෂයක, ..... ආරම්භය සනිටුහන් කරනවා පමණක් නො ව නන් අයුරින් නව දේශපාලන යුගයක සම්ප‍්‍රාප්තිය ද සලකුණු කරනු ලැබේ” යැ යි ප‍්‍රකාශ කොට, ඉන් නො නැවතී, ”නව දේශපාලන පක්ෂයක් ඇරුඹීම එ වැනි සුවිශේෂී වැදගත්කමක් දැරීම අත්‍යවශ්‍ය නො වේ. මේ අවස්ථාවේ දී එය එ සේ වන්නේ ඇයි? මම තරමක් විස්තරාත්මක ව එය පැහැදිලි කිරීමට අදහස් කරමි” යනුවෙන් සිය අදහස් දැක්වීම අරඹා ඇත.
එ ලෙස දැක්වූ අදහස් ද අද අප මුහුණ දෙන අභියෝගයට සැම අතින් ම අදාළ ය; විශේෂයෙන් ම පසුගිය දා ජිනීවාහි දී ශී‍්‍ර ලංකා රජය, මේ දැන් පවත්නා රජය අප රටේ ස්වාධීනත්වය පාවාදීම හමුවේ සැම අතින් ම අදාළ ය. එහි දී,
  • පළමු ව, ඇමරිකානු යෝජනාවේ සමයෝජකයකු වීම මඟින් ඉහත දක්වා ඇති ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදාවනට, ශී‍්‍ර ලංකා රජයට හා එහි වැසියනට එරෙහි අසත්‍ය වූ ද අයුක්ති සහගත වූ ද බරපතළ චෝදනාවන් සියල්ල පිළිගැනුණි (ඇමරිකානු යෝජනාවේ කි‍්‍රයාකාරී කොටස, 1 වගන්තිය).
  • දෙ වනු ව, අප රටේ කි‍්‍රයාන්විත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මහජන ආරක්ෂක පනත ඇතුළු අණපනත් අහෝසි කිරීමට, නැති නම් සංශෝධනය කිරීමට ද එ් හා ම ශී‍්‍ර ලංකාවේ යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියට විදේශීය විනිසුරුවනට, අභිචෝදකයනට, විමර්ශන නිලධාරිනට මැදිහත් විය හැකි අධිකරණ යාන්ත‍්‍රණයක් ගොඩ නැඟීමට ද එකඟ වීය (12 හා 6 වගන්ති).
  • තෙ වනු ව, උතුරු හා නැෙඟනහිර පළාත්වලින් හමුදා ඉවත් කිරීමට, හමුදාව ප‍්‍රමාණාත්මක ව කුඩා කිරීමට සහ චෝදනා එල්ල වන නිලධාරීන් සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් නොසිට උසස් වීම් හා විදේශ පුහුණු වීම් අත්හිටුවීමට හා පරිපාලන කි‍්‍රයාමාර්ග ඔස්සේ සේවය අත්හිටවීමට එකඟ විය (8 වගන්තිය).
  • සිවු වනු ව, 13 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය ප‍්‍රකාර ව පළාත් සභා පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට හා පරිපූර්ණ බලය බෙදීමක් කි‍්‍රයාත්මක කිරීමට (?) එකඟ විය (16 වගන්තිය).

වෙනත් වචනවලින් කිව හොත් පසුගිය දා ජිනීවාහි දී සිදු වූයේ අප ගේ අධිකරණය, සන්නද්ධ හමුදා හා දේශපාලන අධිකාරිය කි‍්‍රයාවට නඟන ස්වරූපය, එ නම් අප ගේ සමස්ත රාජ්‍යය ව්‍යූහය, අපට, අප ගේ හමුදාවනට, අප ගේ අධිකරණයට හා අප ගේ රජයට සාවද්‍ය වූ ද අතිශයින් හානිකර වූ ද චෝදනා නඟන පිරිසක ගේ වුවමනා-එපාකම් මත ප‍්‍රතිසංස්කරණය කිරීමට එකඟ වීම ය. මේ ශී‍්‍ර ලංකාවේ ස්වාධිපත්‍යය සහමුලින් ම පාවාදීමක් හැර වෙන කුමක් ද?

1815 දී අපි බි‍්‍රතාන්‍යයනට රට පවරාදුන්නේ අප ගේ නීති-රීති අනුව, අප ගේ සම්ප‍්‍රදායය අනුව, රට පාලනය කිරීමේ එකඟතාව මත ය. බි‍්‍රතාන්‍යයන් තමනට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට කෝල්බෘක්-කැමරන් නිර්දේශ කි‍්‍රයාවට නැඟුවේ උඩරට මහ කැරැුල්ල මර්දනය කිරීමෙන් අනතුරු ව ය. 2015 දී මේ රජය ජිනීවාහි දී අප රට පාවා දී ඇත්තේ සිය ස්වාමිවරුනට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා ද එකඟතාව පළ කරමින් ය. මේ, 1815 උඩරට ගිවිසුමට ද වඩා අධම, පාපිෂ්ඨ මහා පාවා දීමක් වන්නේ එ් නිසා ය.

මේ අදහස් දැක්වීම ආරම්භයේ දී එ දා ඞී. එ්. රාජපක්ෂයන් ප‍්‍රමුඛ ශී‍්‍රලනිප පුරෝගාමීන් නව දේශපාලන බලවේගයක් ගොඩ නංවනු පිණිස බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් හා එක් ව හිටගැනීමේ වැදගත්කම ගැන, එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කිරීම, නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ වැදගත්කම ඉක්මවා මවුබිමේ ගමන් මඟ වෙනස් කරන සාධකයක් වීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහතා දැක්වූ අදහස් ගැන හා එ් සියල්ලෙහි අදට ඇති අතිමහත් අදාළත්වය ගැන ප‍්‍රකාශ කළෙමි. ”නිදහස පිළිබඳ වෙස් මාරුවෙන් පෙනීසිටිමින් ඇත්ත වශයෙන් යටත් විජිත ක‍්‍රමයට සිතුවා වූ ද, කි‍්‍රයා කළා වූ ද, නොයෙක් ආකාර නිහීන ස්වාර්ථයන් ආරක්ෂා කරගැනීම සඳහා මූලික සැලකිලි දැක්වූවා වූ ද, නිදහස යන්නෙන් පාලකයන් වෙනස් වීම විනා ඊට වැඩි ලොකු වෙනසකට භාජනය නොවූ ජනතාව ගෙන් ඉතා වැඩි කොටසේ අවශ්‍යතාවන් පිළිබඳ අල්පමාත‍්‍ර සැලකිල්ලක් පමණක් දැක්වූවා වූ ද ....” මේ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් ගේ වචන! එ දා එක්සත් ජාතික පක්ෂ රජය නිදහස් රටක ජනතා අපේක්ෂා කි‍්‍රයාවට නඟනවා වෙනුවට අපව යටත් කරගෙන සිටි සුදු අධිරාජ්‍යවාදීන් ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීම, ඔවුනට ම ගැති වූ විදේශ ප‍්‍රතිපත්තිය, කටුනායක, තිරිකුණාමලේ කඳවුරු මුදාගැනීමට කි‍්‍රයා නොකිරීම, අප ගේ අධිකරණය බි‍්‍රතාන්‍යයේ සාමිවරුන් ගෙන් මුදවාගැනීමට කටයුතු නොකිරීම - මේ නිසා යි එ් රජයෙන්, එ් පක්ෂයෙන් ඉවත් වී නව දේශපාලන බලවේගයක් ගොඩ නැඟීමට මුල් වීම සුවිශේෂ කාරණයක් වූයේ. එ පමණක් නො වේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට පෙර 1951 දී පැවැති සිංහල මහා සභාවේ වාර්ෂික සැසිවාරය අමතමින් බණ්ඩාරනායක මහතා පෙන්වාදුන් පරිදි ම, එ දා පාලක පක්ෂය ජනතා අපේක්ෂා ඉටු නොකරන විට ජනතාවට පිළිගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් නොවීම ද නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පෙරට එ්ම ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වීමට බලපෑ බව පැහැදිලි ය.
අද! අද අප හමුවේ ඇති අභියෝග එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එ් අනුගාමී ව මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට මුල් වූ පුරෝගාමීන් හමුවේ තිබූ අභියෝග ම නො වේ ද?

අප ගේ අභිමානනීය හමුදාව, ලෝකයට ම හිංසනයක් වූ දරුණු ම ත‍්‍රස්තවාදයක් සහමුලින් ම පරාජය කළ, එ් නිසා ම ලෝකයේ ම ප‍්‍රශංසාවට බඳුන් විය යුතු, බඳුන් කළ යුතු අප ගේ හමුදාව යුද අපරාධකාරයන්, ස්තී‍්‍ර ¥ෂකයන් ලෙස හංවඩු ගසා නින්දා කොට විරැුකියාවට හා දෙමුහුන් අධිකරණ හරහා සිර ගෙවල්වලට හා වධක භූමියට දැක්වීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. එ දා මිලේනියම්සිටි පාවා දීම සේ ම මෙ දා එක්නැලිගොඩ පිළිබඳ පරීක්ෂණ, ව්‍යාජ ඇවන්ගාඞ් භීතිකා, රාජ්‍ය ආයතනයන් ගේ ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට භාර නොදීම හරහා මේ කි‍්‍රයාවලිය දැනට ම ඇරඹී ඇත. වසර ගණනාවක ප‍්‍රයත්නයන් ගෙන් පසු 72 ජනරජ ව්‍යවස්ථාව මඟින් අධිරාජ්‍යවාදී වියගසින් මුදාගත් අපේ අධිකරණය, අපේ රටට වග නොකියන විජාතිකයන් ගේ මෙහෙයවීමට යටත් කරමින් තිබේ. බෙදුම්වාදය ව්‍යවස්ථාගත කරමින් මවුබිම කැබලි කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සියලූ ප‍්‍රයත්න දරමින් තිබේ. මේ සියලූ අභියෝගයන් ගෙන් අපේ ව්‍යවස්ථාදායකය, අපේ අධිකරණය, අපේ හමුදාව, අපේ ජනතාව, අපේ රට මුදවාගැනීමට අලූත් දේශපාලන බලවේගයක් අද අපට වුවමනා නැද්ද?
එ පමණක් ද? අද අපට සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගේ යෝජනාවෙන් හා සහයෝගයෙන් තේරී පත් වූ ජනාධිපතිතුමෙකි (මෛතී‍්‍රපාල සිරිසේන). ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන එ් ජනාධිපතිතුමා විසින් පළමු ව ව්‍යාවස්ථා විරෝධී ව ද, දෙ වනු ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා සදාචාර විරෝධී ව පරාජය කරවමින් ද තෝරා පත් කළ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමෙකි (රනිල් වික‍්‍රමසිංහ). එ් හා සමඟ ම මේ ජනාධිපතිතුමා ද අගමැතිතුමා ද පත් කර ගැනීමට දරදිය ඇද්ද විපක්ෂ නායකතුමෙකි (ආර්. සම්බන්ධන්). මේ වෙනුවෙන් ම සියලූ දේශපාලන උපායඋපක‍්‍රම තේරූ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමෙකි (අනුර කුමාර දිසානායක). මේ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හවුලට විකල්පයක් ජනතාවට වුවමනා නැද්ද?

එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩ නැඟීමට මුල් වූ, මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට මුල් වූ, එ් පුරෝගාමීන් හමුවේ තිබූ අභියෝගයන් ම ය අද අප හමුවේ ද ඇත්තේ. එ දා එ් අභියෝග ජය ගැනීමට, නව දේශපාලන බලවේගයක් සෑදීමට නායකත්වය දීමට එ් පුරෝගාමීන් හට තිබූ නිර්භීත භාවය අද අප සතු ව පවතී ද? එ දා හඬක් නොමැති වූ මවුබිමේ අසරණයන් හා සිටගැනීමට එ් හදවත්වල කිතිකැවුණු අභිලාශය අද අප ගේ හදවත් අමතනු නො ලැබේ ද?
මේ මවුබිම වෙනුවෙන් තීරණයක් ගත යුතු මොහොත යි!


(2015 නොවැම්බර 27 දින කොළඹ නව නගරශාලාවේ දී පවත්වන්නට යෙදුනු
ඞී. එ්. රාජපක්ෂ අනුස්මරණ දේශනය ඇසුරෙනි)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions