12/30/2013

දෙලොවක් මැදින්

කතෘ:යුතුකම     12/30/2013   8 comments



පසු කරනා විටදි බසයෙන් කොළඹහත
දුටුවෙමි සෙබළ රුව තනනා ජොගින්පථ
නොදැනිම සසල විය මඳකට මගේසිත
ගොනුකර ලියමි ඒ සිතුවිලි කවක්මත
නුඹ සාදා වැඩ නිම කළ මුල්කොටසේ
දිව යනවා නෝනා මහතුන්සතොසේ
රඳවා වයර් දෙ කැබලි දෙසවනසුව සේ
නුඹේ හදවත ගැහෙනා රිද්මයනෑසේ
අලි වැට කැඩී දින දින මිනිසුන් මියයයි
නොවසා තබන දුම්රිය මං තවබෝමයි
ඒවා නම් ඉතින් හෙමිහිට සැදියහැකියි
නුවරුන් මහත් වුනොතින් රටටමපාඩුයි
සදනා විටදි නුඹ පාසල්ගොඩනැගිලි
නිබදව වැඩෙයි මගෙ බැතිබර සිතලියලී
සදනා විටදි ලොකු අය දුවනාපේළි
හඬවා මහද බැති සිත මිය යයිවියළී
ඇස් හිස් මස් ලේ දන් දී අපිවෙනුවෙන්
දැන් තනනවා පොඩි පාරක් නොබැනමුවින්
නැතිවද හිතට දුක සබඳේ ඇත්තකියන්
නැතිව මගේ මොළයේ අවුලක්දබලන්
මුහුවී රුහිරු හා සියොලඟවැගිරවුන
ගැළුවා කඳුළු අඹු දරු නෙතනොනැවතුන
උණු ලේ කඳුළු බීලා තෙතබරිතවුන
මෙලෙකයි පොළොව සිහ ධජ කුඹුඉන්දවුන
මිය ගිය නූඹේ සොයුරන් අද මෙලොවනැත
උන් හා අපි එක ලෙස පැතු ලොවක්ඇත
කා බී නටන අපි තනනා ලොවක්ඇත
දෙලොවක් මැදින් නුඹෙ රුව බොඳවෙලාඇත



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. කුමාර වන්නිආරච්චි12/30/2013 3:13 PM

    කවියෙ අන්තර්ගතය ගැන නම් මට තියෙන්නේ වෙනස් අදහසක් :). මම ඕක හිතන විදිහ වෙනස්.

    මට මතක් වෙනව මමයි මගේ යාළුවෙකුයි සලාකා එකේ තේ එකක් බිබී ඉන්නකොට හවස 7 විතර..එකේ වැඩ කරන කෙල්ලො පඩි ගන්නවා. අපිට උඩ ඉදන් පෙනවා ගනන් කරනවා. පොඩි ගනන් තමා මතක. මම කිව්වා" පව් මචන්" - මගෙ යාළුවා කිව්වේ "උන්ට ජොබ් එකක් තියනව , උන් සතුටින්/දුකෙන් ඇති උන්ගෙ විදිහට උඹ නිකන් බණ නොකියා හිටපන්" :).

    අනිත් එක "ජොගින් ට්‍රක් " එකෙන් පෙන්නන්න හදන්නෙ මොකක්ද? වැලිවේරියෙත්, ජොගින් ට්‍රක් තියනවා. ඒවා අඩු වැඩි විදිහට හැමොම පාවිච්චි කරනවා.
    මෙතන ප්රශ්නෙ රණවිරුවා ඒවා හැදීමද? කවුරුන් හෝ එවා හැදීමද?
    ජොගින් ට්රැක් එක හොඳ යොදා ගැනීමක්ද කියන එකයි මට තියන අවුල.

    ඊලගට මේක ඇත්තටම වෙන දෙයක් ද? (මට ඒක ඇත්තටම හිතුන නිසා අහන්නෙ ). මොකද, නිමිත්තෙ විස්වාශනීයත්වය වැදගත්..

    ReplyDelete
    Replies
    1. ජොගින් ට්‍රැක් වැලිවේරියෙ නෙවෙයි අටකලප්ම්පන්නේ හැදුවත් වෙනසක් නෑ මට හිතෙනෙන.
      ඒක තමයි සංවර්ධනය කියල අද බොහෝ දෙනා කියන දේ නිරූපනය වෙන ප්‍රබල තැනක්...
      ජොගින් ට්‍රැක් එක හොඳ සංකේතයක් 'නූතන සංවර්ධනය' කියන එක නිරූපණය කරන්න.

      හමුදාව නෙවෙයි කවුරු හැදුවත් විවේචනය වලංගුයි තමයි..
      නමුත් මට හිතෙන්නේ හමුදාව මතු කරන්න ඕන දස දහස් ගනන් මැරීගෙන යුද්ධෙ දිනුවේ මේව කරන්න නෙවෙයි කියල කියාගන්න....

      Delete
    2. මේ කවියෙන් කෙරෙන ජෝගිං ට්‍රැක් සම්බන්ධ විවේචනය කෙනෙක් දකින්න පුළුවන් ධනපති පන්තිය සහ ධනපති ක්‍රමය ගැන කරන විවේචනයක් විදියට. එත්, මේ විවේචනය අපේ වත්මන් සංවර්ධන මොඩලය ගැන කරන විවේචනයක් ලෙස දැකීම වැදගත්. සමහර විට වැලිවේරියේ ජෝගිං පථ දුප්පත් පොහොසත් භේදයකින් තොර ව පාවිච්චි වෙනවා වෙන්න පුලුවන්. ඒත් අද වන විට පොළොන්නරුව වැනි ප්‍රදේශ වලත් වැව් ආශ්‍රිතව මේවා ඉදිකරන්න සැලසුම් තියනවා. එවැනි ප්‍රදේශයක වැසියන්ට (දුප්පත් පොහොසත් භේදයකින් තොර ව ) එම අවශ්‍යතාවය නෑ. මෙම සැලසුම් යෝජනා වෙන්නේ එම ප්‍රදේශ වල වැසියන්ගේ මූලික ප්‍රශ්න වත් ඉටු නොවී තිබෙන තත්ත්වයක. එත්, මේවා සැලසුම් කරන අය ඒක ඉතා වැදගත් දෙයක් විදියට හිතන එකයි ප්‍රශ්නේ.

      රණ විරුවන් රටේ සම්බන්ධ වීම නෙවෙයි ප්‍රශ්නය. ඒ සංවර්ධනය මොකක්ද කියන එකයි. රණ විරුවා පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම කවියාට ගැටලුවක් නොවෙන්නේ ඒ නිසා.

      "නයිට් රේස්" වෙනුවෙන් වැලි කොට්ට ඇදීමට රණ විරුවා යොදා ගැනීම ගැනත් කවියෙන් කියවුනා නම් හොඳයි කියලා මට හිතෙනවා. අද බොහෝ ලිබරල්වාදී අදහස් තියන අයත් මේ විවෙචනය කරනවා. ඒත්, ඔවුන්ට එය හුදු ආණ්ඩු විරෝධී සටන් පාඨයක් පමණ යි. මොකද ඔවුන් "නයිට් රේස්, ජොගිං ට්‍රැක්" වලට විරුද්ධ නෑ. ඔවුන්ට රණ විරුවා ගැනත් ගෞරවයක් නෑ. ඔවුන්ට තියෙන එකම ගැටලුව මේවා මේ ආණ්ඩුව විසින් කිරීම පමණයි.

      -දුලන්ජන් විජේසිංහ

      Delete
  2. From: Tharindu Weerasinghe
    Sent: Tuesday, December 31, 2013 10:22 AM
    To: Lasantha Wickramasinghe
    Subject: RE: දෙලොවක් මැදින්

    Patta! Sirawata patta!


    But I have a comment:

    Cities should be built up they should be developed (pruthakjanayo hatiyata) We can’t blame even if the soldiers build foot paths, they should obey the orders! There is no war at the moment, so helping the development course is important but you point out the foot paths (yes literally this is not good for a soldier we might think) but he has to obey the orders and in that way they serve the country without firing.


    අලි වැට කැඩී දින දින මිනිසුන් මිය යයි
    නොවසා තබන දුම්රිය මං තව බෝමයි
    ඒවා නම් ඉතින් හෙමිහිට සැදිය හැකියි
    නුවරුන් මහත් වුනොතින් රටටම පාඩුයි

    This is great! Authorities should take measures to bring the lower/ lower-middle class peoples’ lives! It should happen in parallel, no doubt!

    ReplyDelete
  3. අයියණ්ඩියේ සත්තය මෙහි කැටුව ඇත
    මරපිය කියුවහොත් මව් වුව මැරිය යුත
    උරුමය එයයි දෛවය මේ සෙබල අත
    බොරුවට විරුය මහ ලේබල අලව ඇත

    ReplyDelete
  4. I also have the same thought when I see them working on constructions..
    But dint have nice words like yours…to express that idea..

    ReplyDelete
  5. සුදු කැස්බෑවා1/16/2014 4:01 AM

    ලසන්ත, මම ඔබට එකඟ නොවෙමි, ප්‍රතික්ෂේප ද නොකරමි (සන්නස්ගල වෙතින් උපුටා ගත්තකි )...
    මා ඔබට එකඟ නොවන්නේ, පශ්චාත් යුධ තත්ත්වයක දී අත්-අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් මෙන්ම ඔවුන් හා යුද්ධයේ නියැලුනු රජයේ සොල්දාදුවන් ද පුනරුත්ථාපනය කොට සමාජයට මුදා හල යුතු බව මා විශ්වාස කරන බැවිනි. මෙය නිසැකයෙන්ම දෙ-ආකාරයක පුනරුත්ථාපනයක් බව සැබවි. නමුඳු, දෙවේලේ ඔවුන් අත රැඳි ගිනි අවිය ඉවත් කොට මේසන් හැන්දක් හෝ උදැල්ලක් දීමට ප්‍රථම ඔවුන් ගේ දෑත මෙන්ම මනස ද එය දැරීමට සූදානම් කල යුතුය. මගේ අදහස නම්, අපිට (නිසි බලදාරීන් ට ) මෙය බරපතල ලෙස මග හැරී හෝ මග හැර ඇති බවයි. එම මග හැරීමේ ප්‍රතිඵල පුවත්පත් වල නිතර වාර්තා වනු ඔබත් දැක ඇති. මම ඔබව ප්‍රතික්ෂේප නොකරන්නේ මෙම සොල්දාදුවන් ගැන (ජොගින් පථ සාදන හා අනෙක් සියලු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ) මගේ හිත ද කකියන බැවිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගෙන් බහුතරයක් මෙම ප්‍රචණ්ඩ මනස උරුම කර ගත්තේ අපි සැමට අ-ප්‍රචණ්ඩ රටක් උරුම කර දීමට ගොස් බව දන්නා නිසාය. කිව යුතු බොහෝ දේ ඇතත් කොමෙන්ටුව දිග වැඩි වන නිසා නවතිමි. මෙ සියල්ල අතර අපිට සතුටු විය හැක්කේ, ගෙවල් බිඳින්නට නොගොස්, කොලඹ ඇත්තන්ට බඩ අඩු කර ගන්නට ජොගින් පථ හදන්නට තරම් නිවුනු (අ-ප්‍රචණ්ඩ ) සොල්දාදුවන් අපිට තවමත් සිටින බැවිනි.

    ReplyDelete
    Replies
    1. සොල්දාදුවන් ප්‍රචණඩ යයි සාමාන්‍යකරණයට ඔවුන් නිසා ජීවත් වන අප ප්‍රචණ්ඩ විය යුතු නැත යන්න මගේ අදහසයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කෙරෙන්නේ අපගේ ආර්ථික ප්‍රතිපත්තීන් නිවැරදිද යන්නයි, විශේෂයෙන් ඒ අදහස් විස්තරාත්මකව 'අමරසේකරයන්ගේ මැයි දිනය' (http://www.yuthukama.com/2013/11/AmarasekaraMayDay_11.html) යන ලිපියෙහි දැක්වූයෙමි.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com