ආයුබෝවන්ඩ! මම දනන්. දනන් ඉන්නෙ දනන් අතරමයි. දනන් කියන්නෙත් දනන් ගැනමයි.
හුලා කවුදැයි දැන් දනෝ දනිති. එබැවින් හුලා නොදන්නා අපේ අගමැති තුමාටද පාරේ යන කාගේ හෝ කනට කර “හබෑටම කවුද බොලං ඔය හුලා?” කීවානම් හුලාගෙ වත ගොත දැන ගත හැකිය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍යය මධ්‍යස්ථානය විසුරුවා ඇති බවට ඉතා කෙටි පුවතක් දනන්ට ඇසුනි. හැබෑටම ප්රව්ර්ත්ති වල කියන අනෙක් ඕපාදූපත් මෙහෙමෙ කෙටියෙන් කියනවා නම් කෙතරම් භාග්‍යයක් දැයි දනන්ට සිතුනි. කෙටියෙන් හෝ ඒ පුවත අසන්නට ලැබීම යහපති. දැන් දනන් බලා සිටින්නේ හුලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේදැයි කියාය. ඇතැම් විට නෙත්ති කුමාර මහතා පුවත් පත් හරහා කළ හෙළිදරව්ව නොවන්නට දනන්ට එපුවත නොඇසෙනනට ඉඩ තිබුනි. අදත් එම මධ්‍යස්ථානයේ ලොක්කා ලෙස සිටිමින්ම හුලාට තව තව සූදු කෙලීන්නට ඉඩ තිබිනි. නීති විරෝධී එහෙත් ඉහළ පැළැන්තියේ සූදු මධ්‍යස්ථානයක් වැටළූ පොලිසියේ විසි තුන් දෙනෙකුට මහ දවාලේ මාරු වීම් ලැබුනේ දනන් බලා සිටියදීමය.
චෝගම් වලට පෙර සවි කරන ලද නගරයේ වීථි ලාම්පු එළිය වැදීම නිසා උත්සන්න වූ දෑසේ නිලංකාර දෝෂය නිසා දනන් හට බලා සිටින දේද හරි හැටි පෙනෙන්නේ නැත. දැක්කත් නොදැක්කා වැනිය. නොදැකම සිටියා නම් යහපති. නෙතට රස අඳුනක්ව ඇත්තේ විදුලි පහන් එළියමය. එනිසා අර වැටළීමේ අපරාධය කළ පොලිස් නිලධාරීනට ලැබුනු මාරුවීම් දනන්ට පෙනුනේ යාන්තමනි.
හුලාලා රණ විරුවාගේ සොහොන් කොත මත පහරමින් සිටිත්. කාට කාටත් බල්ලන් එක්ක ලැග්ග විට නැගිටින්න වෙන්නේ මැක්කන් සමගිනි. මේ අය බල්ලො එක්ක ලැගීමෙහි සමත් බව දනන් අත්දැකීමෙන් දනිතත් ඇස්වල ඇති නිලංකාර ගතිය නිසා ලොක්කන්ගේ ඇඟේ මැක්කන් දනන්ට නොපෙනේ. එනිසාම මැක්කන් සමඟ නැගිටීමට ලොක්කන්ද බයක් නැත. දනන්ගේ දෑසේ නිලංකාර ගතිය ගැන දනන්ටත් වඩා හොදින් දන්නා ඒ අය මැක්කන් සමඟ නැගිටින්නේ සුදු ඇඳුමෙන්මය.දනන් හුලා දෙස බලා සිටිය යුතුය.
-යුතුකමේ දනන්
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .