6/16/2016

පළාත් සභා අහෝසි කිරිමෙන් ෆෙඩරල් සටන නවත්වමු - ගැටෙඕ නාහිමිගෙන් රටටම අවවාදයක්‌

කතෘ:යුතුකම     6/16/2016   No comments
-පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති
කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමි
-

පසුගිය සතියේ ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් වැනි සගයින් රැස්‌කොට ඔවුන්ට දුන් උපදේශයක්‌ පුවත් පතක දක්‌නට ලැබිණි. එහිදී ඔහු කියා සිටින්නේ අපට මේ රජයෙන් ෆෙඩරල් පාලනයක්‌ ලබා ගත හැකියි, එබැවින් දකුණ කලබල කරන කිසිදු ප්‍රකාශයක්‌ නොකර නිහඬව සිටින්න යන අදහසක්‌ එහි ඇතුළත්ව තිබෙනවා. දකුණේ සිංහලයන්ගේ දෑසට වැලි ගසා සූක්‍ෂම ලෙස රජයේ උපකාරයෙන් එය ලබා ගත හැකි බවට ඉඟියක්‌ එහි අන්තර්ගතව ඇති බවද පැහැදිලියි.

තිස්‌ වසරක බියකරු යුද්ධය අවසන් කොට රට එක්‌සේසත් කරමින් ඉතිහාසයට එක්‌ වූ ජාතික නායකයා මහින්ද රාජපක්‍ෂයයි. ඔහු ඇතුළු වීරෝධාර රණවිරුවන් වසර තිහක සාපයෙන් රට ගලවා නොගන්නට අද පාරාම්බාන අයට රටක්‌ කරන්න ඉතිරි වන්නේ පරලොව පමණයි. එබැවින් රණවිරුවන් දිවිපුදා දුන් දේශය යළිත් ඡන්දය උදෙසා පාවා දීමට යමෙක්‌ ක්‍රියා කරන්නේ නම් එය හෙණ පුපුරන අපරාධයක්‌ වනු නොඅනුමානය.

ඉන්දියාව යනු ලොව විශාලතම රාජ්‍යයි. එහි ප්‍රාන්ත රාජ්‍යයන් තිබීම ගැටළුවක්‌ නොවේ. හේතුව ජාතීන් සමුහයක්‌, භාෂා සිය ගණනක්‌ පවතින බැවිනි. එය මධ්‍යම රජයට පාලනය කළ නොහැකි තරම්ය. එහෙත් ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ප්‍රාන්තයටත් වඩා කුඩා දිවයිනකි. මේ රටේ ඵෙයිතිහාසික, සාමාජික, ආර්ථික හා දේශපාලනික රටාව තුළ රට බෙදීම කිසිසේත් සාධාරණ නොවන්නේය. ඉතිහාසය පුqරාම දකුණු ඉන්දිය පාලකයන් මේ රට අල්ලා ගැනීමට, බෙදා ගැනීමට යත්න දැරුවත් මේ තත්වය තේරුම් ගත් දූරදර්ශි පාලකයින් වරින් වර බිහි වීම නිසාම ඔවුන්ගේ පටු අපේක්‍ෂා ඉටු කර ගැනීමට නොහැකි විය.

ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආර්. සම්බන්ධන් හා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරම් පමණක්‌ නොව මුස්‌ලිම් ජාතික ඇමැතිවරයෙක්‌ද උත්සාහ දරන්නේ උතුරටත්, කන්ද උඩ රටටත් දෙමළ රාජ්‍ය දෙකකුත්, නැගෙනහිරට මුස්‌ලිම් රාජ්‍යයක්‌ ලබා දී දකුණේ සිංහල, දෙමළ, මුස්‌ලිම් තුන් වර්ගයටම අයත් රාජ්‍යයක්‌ ඇති කරන්නයි. උතුරට, නැගෙනහිරට, කදු රටට දෙමළ භාෂාව කථා කරන ජාතීවාදී තනි අයිතියක්‌ ලබා දී දකුණ අච්චාරු දමන්නයි ඔවුන්ගේ අදහස. මෙය කොතරම් සාධාරණද? මේ රටේ මුස්‌ලිම්වරු සියල්ලෝම සිය ගම් බිම්, ව්‍යාපාර හැර දමා නැගෙනහිරටත්, ද්‍රවිඩ සියල්ලෝම උතුරටත් යන්න කීවොත් එයට කැමැති වනවාද? එසේ නම් එය තරමක්‌ සාධාරණය, එහෙත් එය කළ හැකිද? එබැවින් අමනයන්ගේ ෆෙඩරල් යෝජනාවන්ගේ යටි අරමුණ වන්නේ මේරට යළිත් භීෂණයකට ලක්‌ කිරීමද? නොමග ගිය දෙමළ තරුණයන් යුධ මානසිකත්වයෙන් ගලවා පුනරුප්ථාපනය කොට රැකියා ලබා දී සිදු කළ මානව හිතවාදී සාමකාමී විසදුමට විස කැවීමට මේ ජාතිවාදී, අන්තවාදී මහලු ද්‍රවිඩ නායකයන් උත්සාහ දරන බව නොපෙනේද?

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන සිවාජීලිංගම් නිතරම කථා කරන්නේ හදපුරවා ගත් ජාති වෛරයෙන්ය. ඔහුට අවශ්‍යව ඇත්තේ තරුණ පිරිස සමග යළි අවි අතට ගැනීමටය. කළ යුත්තේ පවතින රජයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගෙන උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම නොවේද? ද්‍රවිඩයන්ට කියා රටක්‌
නැති අඩුව ඉන්දියාවෙන් පිරිමසා නොගෙන කිසිදා නොවැටෙන එකක්‌ පසු පස හබා යැමෙන් සිදු වන්නේ ද්‍රවිඩ ජනතාවටම ද්‍රෝහී වීමකි.

ඡන්ද සමයේ යහපාලනය විසින් ඡන්දය ලබා ගැනීම උදෙසා ෆෙඩරල් පොරොන්දු ලබා දුන් බවට ඇති රාවය දැන් කරළියට ඒමෙන් පෙනී යන්නේ එය සැබෑවක්‌ බවද?

කොටි සංවිධානය වසර තිහක්‌ ගෙන ගිය යුද්ධය සාධාරණ බව සම්බන්ධන් පවසන්නේය. එය රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමෙන් නොවේද? මහඇමති විග්නේශ්වරම් මේ රට තුළ වෙනත් රජයකට හෝ බලය බෙදීමකට එකග නොවන බවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර ඇත. එබැවින් ෆෙඩරල් රාජ්‍යයක්‌ උදෙසා කථා කීරීම, අනුබල දීම, රාජ්‍යෙද්‍රෝහී කුමන්ත්‍රණයකි. දැන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු නොවේද?

ජාතීවාදීව ප්‍රශ්න විසදිය නොහැකිය. එහෙත් වර්ගයා අනුව රට බෙදුවොත් සිදු වන්නේ එක්‌ වර්ගයක්‌ විනාශ වන තුරුම යුධ කල කෝලාහල ඇති වීමයි. ඇතැම් මෝඩ සිංහල නායකයෝත් රාජ්‍ය නොවන සංවිධාන වලට මුවා වී ෆෙඩරල් දෙන්න, බලය බෙදන්න ඕන කියනවා. අපි යෝජනා කරන්නේ ඔවුන්ද මේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කථා කරන නිසා දේශෙද්‍රdaහීන් බවය.

අප වරින් වර පුවත් පත් මගින් කියා සිටියා ජාතික කොඩිය, ජාතික ගීය, වෙනස්‌ කිරීමට කථා කරන අය ක්‍රමයෙන් අත පොවන්නේ රට බෙදා වෙන්කරන තැනකට බව. එය සැබෑවක්‌ දැයි ජනතාව සැකෙන් බලා සිටින්නේ අවශ්‍ය වෙලාවට සතුරා කවුරුන්දැයි හදුනා ගැනීමේ අභිලාශයෙනි.

සම්බන්ධන්, විග්නේශ්වරම්, සිවාජීලිංගම් මේ ත්‍රිත්වය එදා දොරෙඅප්පා, අමිර්තලිංගම් වැනි මහා ද්‍රවිඩ නායකයින් ඝාතනය කළ අන්දම දැන නොසිටියෝද? නයින්ට කිරි පොවා හදන අය තමන්ව පළමුවෙන් දෂ්ඨ කළ හැකි බව අමතක නොකරන්න.

අප පවතින රජයට අවධාරනය කරන්නේ යළි යුද්ධයකට රට ගෙන යන වැඩට උඩ ගෙඩි දෙන අයට නොරැවටෙන ලෙසයි. එල්.ටී.ටී.ඊ. යුද්ධ සමයේදී හිටපු ජාතික නායකයන් ඝාතනය කළ අන්දම අමතක නොකළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම සහෝදර ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග යුධ රහස්‌ රකිමින් සිදු කළ ක්‍රියාදාමය නිසා රට ගලවා ගත හැකි විය. මේ නිසා දැනට රට කරවන නායකයින්ටද ජීවත් වීමට අයිතිය ලැබුණි. වඩමාරච්චිය කිලිනොච්චිය ලෙසත්, අලිමංකඩ පාමංකඩ ලෙසත් යුධ මෙහෙයුම් හෑල්ලු කළ අය ආරක්‍ෂා වී ඇත්තේත් ඒ නිසයි. එබැවින් යළි යුද්ධයකට ගියොත් ඹගභගඡ හෝ ශ්‍රී ලංකා කියා බේදයක්‌ ඔවුනට නැත. සියල්ලෝම ඝාතනය කරනු ඇත. එබැවින් අප හැමදාම කියන දේ යලි රජයට සිහි කරන්න කැමතියි. උතුරේ ආරක්‍ෂක කඳවුරු එකක්‌ වත් ඉවත් නොකරන්න. බුද්ධි අංශ යළි සුරක්‍ෂිත කරන්න. සාමාන්‍ය ජනතාවට වෙනත් තැන්වල ඉඩ කඩම් දී නිවාස තනා දෙන්න. රැකියා හා පහසුකම් ලබා දෙන්න. කිසිවෙක්‌ එයට විරුද්ධ නැත. රට බෙදීම යනු මුළු මහත් සිංහලයන්ම මරණය කරා ගෙන යන යෝජනාවකි. මේ ගැන දේශපාලන, පක්‍ෂ පාට නොතකා සියල්ලෝම විමසිල්ලෙන් සිටිය යුතුය.

පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ සුළු ජාතීන්ට ලොව කිසිදු රටක නොලැබෙන තරම් වරප්‍රසාද ලැබී තිබේ. මීට වඩා දේත් ලබා දෙන්න ඇතැම් නායක නායිකාවන්ට අදහස්‌ පහල වී තිබේ. ඔවුන්ගේ පාරම්පරික දේපළ බෙදා දෙනවා වගේ රට බෙදා දෙන්න සිතීම බරපතළ කාරණයක්‌. එය ජනතාවගේ උත්තරීතර අයිතියක්‌. එබැවින් රට බෙදීම, ෆෙඩරල් ගැන කථා කරන කපටි දේශපාලකයින්ගේ අදහස්‌ පරාජය කරන ලෙස දේශ හිතෛෂි මහජන නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටින්න කැමතියි.

එක්‌තරා පුවත්පතකට සිවාජීලිංගම් මහතා කියා තිබෙනවා වත්මන් ආණ්‌ඩුව මහජනතාවගේ අශ්‍යතා ඉටු කරන්නේ නැති බව. එය විශ්වාස කළ නොහැකියි. පසුගිය ආණ්‌ඩුව වැඩියෙන්ම කළේ උතුර සංවර්ධනය කිරීමයි. (උතුර වසන්තය) උතුරේ මංමාවත් බලන විට එය විශ්මිත සංවර්ධනයකි. මේ රජයත් දකුණට වඩා උතුරට සම්පත් ලබා දෙනවා. ජාත්‍යන්තරයෙනුත් ඔවුන්ට සහන ලැබෙනවා. එබැවින් ද්‍රවිඩ නායකයින්ට තිබෙන්නේ ද්‍රවිඩ ජනතාව මුලා කොට ප්‍රභාකරන්ට බැරි වුණ බලය තමන් ලබා ගෙන වැජඹෙන්නයි.

ඇතැම් විට දේශපාලකයන් බලය උදෙසා ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දෙන බවද අපි දනිමු. යහපාලකයන් එසේ පොරොන්දුවක්‌ දී ඇත්නම් එය ඉටු නොකළාය කියා ජනතා විරෝධයක්‌ පැන නගින්නේ නැත. එබැවින් යහපාලන රජය ෆෙඩරල් යෝජනාව නොවිමසාම ප්‍රතික්‌ක්‍ෂේප කළ යුතුය. රජය කළ යුත්තේ උතුරේ සංවර්ධන කටයුතු සාධාරණව ඉටු කිරීමයි. අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් අතළොස්‌සකගේ පටු අදහස්‌වලට ඉඩ නොදීමයි. හැකි නම් පළාත් සභා බලයත් ආපසු පවරා ගන්න. එදා ප්‍රේමදාස යුගයේ උතුරු පළාත් මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ඊළාම් ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට රට හැර යන ලෙස තීරණ ගැනීමට ක්‍රියා කළ අන්දම ආදර්ශයට ගත යුතුය. උතුරේ මහඇමති ධුරය ජාතිවාදය අවුලන නිලයකි. එබැවින් සියලු පළාත් සභා අහෝසි කර ප්‍රාදේශීය සභා මගින් පළාත් සංවර්ධනයට පියවර ගන්නේ නම් සුදුසුයි. ෙ-.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ඇටවු පළාත් සභා උගුල සුදු අලියෙක්‌ නිසා එය අහෝසි කොට දැනට රටට දැරිය නොහැකි තරම් බරක්‌ වන අමාත්‍ය මණ්‌ඩලය මගින් රට සංවර්ධනයට ක්‍රියා කරන්නේ නම් රටට ඉමහත් මුදල් සම්භාරයක්‌ ඉතිරි වනවා පමණක්‌ නොව පළාත් මට්‌ටමින් සිදු වන මෙවන් රටට අහිතකර බෙදුම්වාදී පටු අදහස්‌ වලටද ඉඩ නොලැබෙනු ඇත.

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් තම සගයන් පිරිසක්‌ සමග උතුරේ කිලිනොච්චි ගජබා හමුදා මූලස්‌ථානයේ මාර්ග බාධකද ඉවත් කරමින් බලහත්කාරයෙන්a ඇතුල් වීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගෞරවයට බරපතළ හානියකි. ලොවම මවිත කළ ත්‍රස්‌ත්‍රවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියා කළ හමුදාවක්‌ මෙතරම් නිවට තත්වයකට ඇද දැමීම බරපතළ වරදකි. ආරක්‍ෂක හමුදාව හමුදා නීතියට අනුව කඳවුරකට අනවසරයෙන් ඇතුල් වන්නන්ට එරෙහිව ඒ මොහොතේම පියවර නොගෙන පොලීසියේ පිහිට පැතීමද විහිළුවට කරුණකි. හිතුවක්‌කාර ලෙස යළිත් රට භීෂණයක්‌ කරා ගෙන යැමට ක්‍රියා කරමින් සිටින සම්බන්ධන් මහතා මේ රටේ පාර්ලිමේන්තුවේ වැදගත්ම නිලයක්‌ වන විපක්‍ෂ නායක ධූරයෙන් බැහැර කිරීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතුය. ද්‍රවිඩ නායකයින් දැන් දැන් සිදු කරනු ලබන ජාතීවාදී ක්‍රියාකාරකම් දෙස බලන විට ෆෙඩරල් ලබා දුන්නොත් මේ රටට දෙවියන්ගේම පිහිටයි' මේවා මේ පිළිබඳව වහ වහාම රජයේ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරමි.
[Divaina]

-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook :  https://www.facebook.com/yuthukama

6/15/2016

අනාගතය විනිවිද දුටු 'වංශලා'

කතෘ:යුතුකම     6/15/2016   No comments
-යටියන ප්‍රදීප් කුමාර-
මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි.
ජනතා විමුක්ති පෙරමුණ  එහි මුල් අරමුණුවලින් උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තම පක්ෂ නායකත්වය සහ උද්යෝගී තරුණ සාමාජිකයින් දහස් ගණනකගේ දිවි පූජාකළ පක්ෂය අද බෙදුම්වාදීන්ගේ ගෙරවිලි හඬ ඇසෙද්දී නකුට ගසා ගන්නා දීන තත්වයට ඇද දමා තිබේ.
අනුර කුමාර මහතාට නායකත්වය ලැබීම පිළිබඳ එදා, අනාගතය කළින් දුටු යුතුකම සංවාද කවය තැබූ සටහනකි මේ. ඒ වන විටත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කටයුතු භාර වගකීම් දැරීය. පසුව අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමත් අවසාන කාලයේ පළ කළ අදහසුත් සැලකිල්ලට ගත් විට අප මෙහිදී මතු කරන්නට උත්සාහ කළ කරුණේ ඇති වලංගුභාවය තවත් තහවුරු වෙයි. 

**********************************************************

පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම හෙවත් ජවිපෙ නායකත්ව වෙනස

2014/02.22

"අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදය" 

සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර විසින් ජවිපෙ  බිහිකරන්නේ එතෙක් පැවති සාම්ප්‍රදායික පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග මුල් ඇල්ලිය හැකියැයි විස්වාස කරන පදනමක සිටය. 1965 වෙසක් පොහොද දිනය ජවිපෙ බිහිවන දිනය වන්නේ අහම්බයකින් විය නොහැක. ජවිපෙ බිහිවූ දා සිටම අන් වමේ පක්ෂවලට වඩා යම් කිසි සුවිශේෂී වෙනස් කමක් සහිතව වර්ධනය විය. "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත් බවට සැක නැත. සමාජවාදයට යන මග වැටී තිබෙන්නේ ජාතික විමුක්ති අරගලය ඔස්සේ බව විජවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය. 

එසේ වුවත් ජවිපෙ මුල් පොත් වන මාක්ස්වාදි කියවීම් සමග විජේවීර සූත්‍රගත කල මේ උපායමාර්ගය සමපාත නොවීමේ අවුලක් නිසාදෝ ජවිපෙ වරින් වර අමු මාක්වාදය දෙසටත් විටෙක් ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලන වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ පහසු නිරීක්ෂණයකි. 
ජවිපෙ දෙවන මර්දනයෙන් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට කඩා වැදුණු 93න් පමණ පසු ජවිපෙ තුලද මේ අවුල විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997 දී පමණ) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමහ පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998 දී පමණ) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදී මත දරන්නන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු 93න් පසු දශකය තුල හොඳින් පැහැදිළි විය. 

කෙසේ වෙතත් 94න් පමණ පසු ඒකාබද්ධව නොවූ තත්වයක් යටතේ වුවත් සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුවද ඊට සමානුපාතික ලෙස බාහිරට පෙනෙන්නට විය. ඩී එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය. 
ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව සත්‍ය ලෙසම අවංකව සිදු කල මැදිහත්වීමක් නොවන බවත් ඔවුන් එය බාහිර සමජය වෙත ආකර්ෂණය වීමට ලාගත් වෙස් මුහුණක් ලෙස,එසේත් නැත්නම් දුරින් දුටු සමාජවාදි දූව වෙත යෑමට තෙප්පමක් ලෙස ස්වදේශවාදය භාවිතා කල බවටත් නැගෙන චෝදනාව පසු කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් හරහා තහවුරු වූ බව අසත්‍යක් නොවේ.එසේ වුවත් ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණය ට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ අවංක කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය. 

බොහෝ විට ඉන්පසු ජවිපෙ සටන් පාඨය බවට පත් වූයේ "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්න නොව "ජාතිකවාදී විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්නයි.අධිරාජ්‍ය විරෝධය වෙනුවට ජාතිකවාදයට එරෙහි ආස්ථානයක පිහිටා තම උපක්‍රම තෝරන්නට ජවිපෙ යොමු වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. ජාතිකවාදය සතුරු පාර්ශව කර ගත් දා පටන් ජවිපෙ පසුබෑම ආරම්භ වූයේ යැයි කීම සදොස් නොවන නිගමනයකි. 

අවුල 2004 ද ? 

 2004 මහමැතිවරණ සමයට පෙර වන විට මෙරට පත්ව තිබුනේ 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි, එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා රට යළි යටත්විජිතකරණයට හසු වෙමින් තිබේය යන්න දේශපාලන චෝදනාවකට එහා ගිය පොළවේ යථාර්ථයක් බවට පත්ව තිබූ තත්වයකි.ඒ දේශපාලන තත්වය පිළිබඳ එකල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ යැයි සිතේ. 

උපුටා ගැනීම :
"2001 දෙසැම්බර් මැතිවරණයෙන් බලයට ආ 2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත් , "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය.එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. " 
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින 

මේ ප්‍රායෝගික තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග ගොඩනැගි සංධානය එහි නායක රෝහණ විජේවීර උපක්‍රමිකව පෙන්වා දුන් අධිරාජ්‍යවිරොධී ගමන් මගේම එක් තවත් දිගුවක්ම විය. එය කිසි සේත් අධිරාජ්‍ය විරොධය ඔස්සේ සමාජවාදයට යන රෝහණ විජේවීර විසින් පක්ෂය තුල සූත්‍රගත කල උපක්‍රමික න්‍යායෙන් පීළි පැනීමක් නොවීය. එකල පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍ය සේ සලකා ජවිපෙ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා ආන්ඩුව සමග දීගයට එළබිණ. 
නමුත් චන්ද්‍රිකා මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව අත්සන් කල මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම වූ අධිරාජ්‍යවිරෝධය ඔස්සේ සමාජවාදයට යන්නට අනුකූල විය.එකල අධිරාජ්‍යවාදය සෘජු අපේක්ෂාව වූයේද සුනාමි සහන මණ්ඩලය හරහා LTTE ය වෙත නීත්‍යානුකූලභාවයක් ලබා දීමය. 

ඒ අතින් ගත් කල 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ජවිපෙ සන්නද්ධ විප්ලවීය මග පිළිබඳ තව දුරටත් විස්වාස නොකරන්නේ නම් සහ පාර්ලිමේන්තු බලය හරහා රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ විස්වාස කරන්නේ නම් ඒ සඳහා සුදුසුම මගට 2004 වන විට එලඹ තිබුණා යැයි කීම නිවරදිය. එකල ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි. 

උපුටා ගැනීම:
 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය" 
 -අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07 

කරුණු එසේ තිබියදී ජවිපෙ නව නායකයා අද පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද? 
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් අසාර්ථක වන තෙක් බලා සිටින්නට ගත් තීරණයයි. එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය. 

අනාගතය විනිවිද දුටු 'වංශලා' 
වීරවංශ - සෝමවංශ
2005 දී මැතිවරණයේදී ජවිපෙ කුමක් කල යුතුද යන පක්ෂ අභ්‍යන්තර සංවාදය තුලදී එකල එහි ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ ඇතුලු කිහිප දෙනෙකු දැරූ මතය සුවිශේෂී විය. "2010 දිනන්නට 2005 ට" මුහුණ දෙමු යන මැයෙන් විමල් වීරවංශ විසින් 2005 අග භාගයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දීර්‍ඝ ලියවිල්ල තුලදී ඔවු ඉතා නිවරදි ලෙස විශ්ලේෂණාත්මකව පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දී ඉන් පසු ආණ්ඩුවේ කොටස්කරුවකු වී ජවිපෙන් ඉටු විය යුතු යුතුකම ඉටුකර බහුජන කැමැත්ත තම පක්ෂය තුලට කැඳවා 2010 මැතිවරණය වන විට ස්වාධීන ගමනක් යෑමට අවශ්‍ය පොළවේ බලය ශක්තිමත් කර ගැනීම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.
එසේ නැතිව 'කුමාරලා' කියූ පරිදි ස්වාධීනව තරඟ කලහොත් ඇතිවන අභාග්‍යසම්පන්න ඉරණමත් ජනාධිපතිවරණයේදී වැනෙන සුළු සහයක් මහින්ද රාජපක්ෂට දී ඉන් පසු ස්වාධීනව ඉඳීමේ බාග තීරණය හරහා ජවිපෙට දිනාගත හැකි ජයග්‍රහණ ස්ව කැමැත්තෙන් අහිමි කරගන්නා බවටත් ඉතා වැදගත් නිරීක්ෂනයක් විමල් වීරවංශ මහතාගේ ඒ පරිපූර්ණ විශ්ලේෂණයේ අඩංගු විය. 

මුලදි පොතේගුරුවාදීන්ගේ බාග තීරණය සමග එකට සිටි සෝමවංශ අමරසිංහ පසුව තමන් සිටි ස්ථාවරයේ දෝෂය වටහාගෙන එම බාග තීරණය නිසා පක්ෂයට ඉදිරියේදී සිදු විය හැකි ව්‍යසනය පිළිබඳ දුරදක්නා බවකින් වැදගත් යෝජනා කිහිපයක් අඩංගු යොජනාවලියක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. ඔවුන් පළකළ අනාවැකි අද වන විට කොතෙක් දුරට ටක්කෙටම හරි ගොස් ඇති බව නිරීක්ෂණය කරන විට මේ වංශ යුගල ජවිපෙ විසින් බිහිකල උපායමාර්ගික විසේෂඥයන් යන මතය බැහැර කල නොහැක. 

උපුටා ගැනීම: 
 "දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය... ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය" 
-විමල් වීරවංශ -2005 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

 එදා දුර දක්නා නුවණින් කල මේ යෝජනාවේ අගය ජවිපෙ නිළධාරි මණ්ඩලවලට වැටහිනි නම් යුද්ධය දිනන විට ජවිපෙ රජය තුල සාඩම්බර කොටස්කරුවන් වන්නට තිබිනි. ඒ තුල ඔවන්ට අත්වන ජනතා ප්‍රසාදය අති මහත් වන්නට තිබිනි.එහි අගය අද හොඳින් වැටහෙන්නේ අද වන විට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ තකතීරු වැඩවලින් හෙම්බත්ව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සැබෑ ලෙසම රටට හිතැති මිනිසුන් 'කෝ ඉතින් කොයි තරම් නරක උනත් මේකට විකල්පයක් පේන මානයක නෑනේ. ජවිපෙ වත් එදා හිටපු මතයේ හිටියනම්' යනුවෙන් හූල්ලනු දකින විටයි. 

විමල්ලා එදා යෝජනා කල මතයට පසුව එකඟ වූ සෝමවංශ අමරසිංහයන්ගේ නිරීක්ෂනය විමසා බලමු. උපුටා ගැනීම :
  "2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි." 
 "2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් 'දේශපාලන සිරිසඟබෝ ' භූමිකාව තොරාගතත යුතු නැත. 

අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත." 
"මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත " 
 -සෝමවංශ අමරසිංහ -2006 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

පක්ෂ විනයට යටත්ව සොමවංශ අමරසිංහයන් බාහිරට පෙනෙන්නට කුමක් කීවත් ඔහුගේ හෘදසාක්ෂියට අනුව නිවරදි මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිය. ඔහු මේ අර්ථකතනය දීමේදී මාක්ස්වාදී ස්ථාවරයෙන් බැහැරවීමක් සිදු නොවීය. දේශප්‍රේමය - ජාතික අරගලය පන්ති සටන ජනතාව වෙත ලඟාකරවීමේ හොඳම මග ලෙස ඔහු නිවරදිව වටහා ගනී.දුර දක්නා මේ දැක්ම තුල මූලධර්ම කරේ තබාගෙන යන හනමිටිය කර නොගෙන භූමියේ තත්වය ඉතා නිවරදිව දැක ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 
සැබෑවටම ජවිප අද වල්මත්වී පාර සොයාමින් යන වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද? 

කුමාරලා හිටියේ කොතනද?

උපුටා ගැනීම: 
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 

කෙසේ වෙතත් ඉහත උපුටා දැක්වූ පරිදි නව නායකත්වයට පත් විමෙන් පසු මාධ්‍ය හමුවේ එහි නායකයා පවසා තිබුණේ තමන් අද වන විට භුක්ති විඳින පරාජයන්ගේ ආරම්භය 2004 බවයි. 2004 සභාග ආණ්ඩු හැදීමේ දිහාවට පක්ෂය ගමන් කරවීමට ගත් තීරණය නිසා ඉන් පසු වාර කිහිපයකදී පිළිවෙළින් මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා ආදීන්ට සහය දෙන ප්‍රමුණු වලට සහභාගි වීමට සිදු වූ බවයි. කොටින්ම 2004 මහ මැතිවරණය ශ්‍රීලනිපය සමග එක්ව තරඟ කිරීම තම පක්ෂය සිදුකල දේශපාලන මග වරදාගැනීමක් බව ජවිපෙ නව නායකයා පෙන්වා දෙයි. එසේ නොවුයේ නම් පිරිසිදු පන්ති සටන් ක්‍රියාමාග හරහා අද නිර්මාණය වී ඇති තත්වයට වඩා හොඳ තැනක තම පක්ෂය සිටින බව ඔහුගේ අදහසයි. 
නමුත් එසේ නොවූයේ නම් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහි වන බවත් සොමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා ආදීන් ඉහත සඳහන් කල පරිදි එය අධිරාජ්යවාදයේ ජයග්‍රහ්ණයක් වීම ජවිපෙ නව නායකයාට ගැටළුවක් නොවේ. එකල සභාග ක්‍රියාමාර්ග දෙසට පක්ෂය තීරණ ගනිද්දී තමන් ද බහුතරය සමග එයට එකඟ වුවත් ඔහුට ඒ පිළිබඳ වෙනම දැක්මක් තිබූ බව ඔහු ඉහත මාධ්‍ය හමුවේදී ඉඟි කරයි. (සාමාන්‍යය්නෙන් ජවිපෙ නායකයන් එසේ පෞද්ගලික මත ප්‍රකාශ කරනු අප බහුලව අත්දැක නැත.)

 කෙසේ වෙතත් අනුර කුමාර දිසානයක මහතා පවසන අදහස සත්‍යක් විය හැකි බව මීට ඉහත පක්ෂයෙන් ඉවත් වූ එහි ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මීට සත් වසකරකට පමන පෙර පලකල අදහස් මෙන්ම විමල් වීරවංශ මහතා පල කල 'නැත්ත වෙනුවට ඇත්ත ' ග්‍රන්ථයේ අඩංගු තොරතුරුවලින්ද සනාථ වේ. 2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී හි තීන්දු තීරණ ගන්න යැයි කියන මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී බහුතරයක් ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නව නායකයා මෑතකදී පල කල ඉහත අදහස. 

උපුටා ගැනීම :

 "එදා එම ජනාධිපතිවරණයට පෙර අප මධ්‍යම කාරක සභාව තුළ යෝජනා 3 ක් සාකච්ඡාවට ගැනූණි. ඉන් එකක් වූයේ මහින්දට සහය දී යා හැකි දුරක් දක්වා ඔහූ සමග නැවත බලගතු කොටස්කරුවන් ලෙස ඉදිරියට යෑමය. මධ්‍යම කාරක සභාව තුළ 7 දෙනකු එම මතය දැරූ අතර මාද ඒ අතර විය. අප විශ්වාස කළේ මහින්ද දිනවා පැත්තකට වී සිටීම (හරක් වැඩක් වන අතරම) ජනතාවට සාධාරණීකරණය කළ නොහැක්කක් බවය. එමෙන්ම ආණ්ඩූවට ඇතුල්වීමෙන් කලින් වතාවේ මෙන්ම හෝ ඊටත් වඩා ආණ්ඩූ බලය හැකි තරම් දුරකට අපේ යහපත් අරමූණූ සඳහා යොදාගත යූතු බවය. දෙවන යෝජනාව වූයේ මහින්දට සහය දී දිගටම විපකෂයට වී සිටීමය. මධ්‍යම කාරක සභාව තුළ බහූතර ඡන්දය ලැබූණේ මේ නපූංසක දේශපාලන යෝජනාවන්ටය. තුන්වන යෝජනාව වූයේ මහින්දට සහය නොදී ජ. වි. පෙ. වෙනම තරග කළ යූතු බවය. මේ "ප්‍රගතිශීලී මතය" හෙවත් "විප්ලවවාදී මතය" දැරුවේ හරියටම දෙදෙනෙකි. ඉන් එක් අයකු ඉහත දැක්වූ පිළිකුල්සහගත ඡායාරූපයේ ඉදිරියෙන්ම සිනාසෙමින් ඉන්නේ අහම්බයකින්ද? (ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ අවමඟුල් උත්සවය නිමවීමෙන් පසූව පැය කිහිපයක් එහි රැඳී සිටිමින් විහිළු තහළු කරමින් කෙළිදෙලින් ගත කළ දේශපාලනඥයෝ පිරිසක් ඒ ඡායාරූපයේ වූහ. එහි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටින්නේ අනූර දිසානායක මහතා අසලම වූ පූටූවක ඇන්දේය. රනිල් කළ කතාවකට සියලුදෙනාම සිනහවන්නේ කලක සිට බැඳුණූ කුළුපග මිතුරන් පිරිසක් හදිසියේ හමූ වූ චිත්ත ප්‍රීතිය විඳ දරාගත නොහැකිව ඇති අයූරකිනි. එය එම ඇස් තුළ සැඟවිය නොහැකි ලෙස සටහන්ව තිබිණි.) 
 -නන්දන ගුණතිලක 2008 පෙබරවාරි දිවයින 

පරාජයේ පියවරු අභිෂේක ගැන්වීම.

2005 දී ගත් භාග තීරණයෙන් ජවිපෙ මේ තරම් නරාවලකට වැටිණි නම් මේ නව නායකත්වය 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. මේ අනුව පැහැදිලි වන කරුණ නම් ජයග්‍රහණයේ මග පෙන්වූ පීතෲවරුන් ද්‍රෝහී ලේබලය අලවා පන්නා දමා ජවිපෙ සුක්කානම අද ලබාගෙන හො භාරදි හෝ ඇත්තේ එහි වත්මන් පරාජයේ පීතෲවරුන්ට බව නොවේද? 
එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් පක්ෂ නායකත්වයට පත්වීම හරහා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ආණ්ඩු විවේචනය අවසානයේ එය ගැට ගසන අන්තය පිළිබඳ නිසි චිත්‍රයක් ඉදිරිපත් නොකරමින් වියුක්තව සිදුකරන ආකර්ෂණීය හුදු විවේචන මගින් ෆේස්බුක් , ගොසිප් අඩවි ආදිය තුල ලාමක වීරයන් විය හැකි මුත් සැබෑවට මහපොළවේ දෙශපාලන මුල් ඇල්ලිය හැකි වෙනසක් නම් සිදු නොවන බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත. 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ශ්‍රී ලංකාව තව බෙදිය හැකිද?

කතෘ:යුතුකම     6/15/2016   No comments
-ශ්‍රී රෝහණ -
දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායකයින් දැන් තරඟෙට මෙන් වෙනම දෙමළ පළාතක් ලංකාව තුල පිහිටුවීමට වෙර දරති. සම්බන්ධන් විපක්ෂ නායකට අනුව උතුරු නැගෙනහිර දෙමළ පළාතකුත්, නැගෙනහිර මුස්ලිම් කළාපයකුත් එයට අමතරව ඌව පළාතේ දෙමළ ජනයාට වෙනම පළාතකුත් අවශ්‍යය. තවද අන් පලාත් හයේ සිංහළ, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, කේරළ (මලයාලම්), චෙට්ටි,පාර්සි,බෝරා ඇතුලු සියලු දෙන එකට ජීවත් විය යුතුය.

පළාත් හයක එකට ජීවත්වෙන්ටත් අනිත් පළාත් තුනේ වෙනමම ජාතියක් ලෙස වෙනම රටක් ඉල්ලන්නේ කුමක් සඳහාද?දෙමළ හා මුස්ලිම් බහුතරය ජීවත්වන්නේ උතුරු නැගෙනහිරෙන් පිට බව ඕනෑම අයෙක් පිළිගනී. අගනුවර ජන අනුපාතය අනුව බහුතරය මුස්ලිම්ද,දෙවනුව දෙමළද, සිංහළ ජනඅනුපාතය සුලු තරය වන අතර එය 20% පමණ වේ. මේ අනුව යන්තම් වැටහීමක් ඇති අයෙකුට තේරෙන දෙයනම් ශ්‍රී ලංකාව තුල දෙමළ හා මුස්ලිම් ජන කොටසට ඕනෑම තැනක පදිංචිවී තම දෛනික කටයුතු කරගැනීමට නිඳහස ඇති බවය.

TNA ලංකාවේ අනාගත සිතියම 2016 ජනවාරී

2016 මැයි වනවිට දෙමළ ජාතික සන්ධානය තම නිජබිම් ලෙස ඌව හා කොළඹඳ එකතු කර ඇත. නව යෝජනා ලෙස ඉදිරියට සඹරගමුව, නුවරඑළිය,මධ්‍යම හා මාතලේ උතුරු නැගෙනනහිරට එකතු කිරීමට වුව යෝජනා ආවට පුදුම විය යුතු නෑ. අද ඉල්ලන බලතල අනුව ඔවුන් ඉතාම ඉක්මනින් මෙරටින් වෙන්වී දෙමළ රට (Tamil Nadu) සමඟ එක්වී මෙරටේ ඓතිහාසික සිංහළේ ගෝකණ්ණ (ත්‍රීකුණාමළ) වරාය ඇමරිකානු යුද්ධ උන්මන්තකයින්ට පැවරීමේ න්‍යාය පත්ත්‍රයට අනුව වැඩ කරන අතර එයට සිංහළ බෞද්ධ විරෝධී රනිල්,චන්ද්‍රිකා හවුල අවශ්ය සියලු පහසුකම් සළසනු ලැබේ.






ශ්‍රී ලංකාවේ අනාගත සිතියම 2016 මැයි
ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමට උතුරු පළාත් සභාව ඉදිරිපත් කළ දේශපාලන විසඳුමයි.මේ දේශපාලන විසඳුම යටතේ ශ්‍රී ලංකාව මෙලෙස කැබැලි වේ.

1. උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍යය
2. උතුරු නැගෙනහිර මුස්‌ලිම් කලාපීය කවුන්සිලය
3. උඩරට ද්‍රවිඩ කලාපීය කවුන්සිලය
4. මහ කොළඹ ප්‍රදේශය

නුදුරු අනාගතයේ අප රට වෙන්කර දකුණු ආසියාවේ යුගෝස්ලෝවියා පන්නයට රටවල් තුනක් හෝ පහක් කළද පුදුම වියයුතු නැත. එසේත් නොවී ලාංකික සිංහළයින්ට පලස්තීන පන්නයේ තම මව්බිම තුල අනාතයින් වීම වුව පුදුමයට හේතුවක් නොවේ. එසේ වුවොත් අනාගතය කෙසේ වේද?


භූමි ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 196 න් 121 වන ස්ථානයේය.196 වන ස්ථානය ව.සැ භාගයක් වන වතිකානූ නගරයයි. මේ අනුව බලන විට අප භූමියෙන් කුඩා රාජ්‍යකි.

විශාලත්වය
රට
ව.කිමී
1
රුසියාව
17,098,242
2
කැනඩාව
9,889,000
3
චීනය
9,388,211
4
ඇඑජ
9,147,420
5
බ්‍රසීලය
8.515.767
6
ඔස්ට්‍රේලියාව
7,692,024
7
ඉන්දියාව
3,287,590

119
අයර්ලන්තය
71,273
120
ජෝර්ජියාව
69,701
121
ශ්‍රීලංකාව
65,611
122
ලිතුවේනියා
65,201
123
ලැට්වියා
64,589

මෙය තවත් දුරට බැලුවොත් විදේශිකයින් සසඳන ආකාරයට ඔස්ට්‍රේලියාවේ කුඩා දුපතක්වන ටැස්මේනියාවද ලංකාවට වඩා විශාලය. එසේත් නැතිනම් ඉන්දියාවෙන් 1/50 කි. එසේම තමිල්(දෙමළ) නිජබිමවූ තමිල් රට (Tamil Nadu=රට) ව.කි 130,058 කි. අප රට මෙන් දෙගුණයක් විශාලය.අපේ රට තමිල් නිජබිමෙන් 1/2 කි.

ලෝක ජනගහන ඝනත්වය වැඩිම රටවල් දත්ත අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අධික ජනඝනත්වය ඇති රටවල් සියයෙන් දහතුන්වන ස්ථානය ගනී. එය වර්ඝ කි.මී ජනගහනය 309 කි. දැන් මෙය ව.කි.මී ජනඝනත්වය 325කි. ජනගහනය දෙගුන වන විට ජනඝනත්වය ව.කි 600+ දක්වා වැඩි වේ. එසේ වුවත් ඊළමට උඩගෙඩි දෙන කැනඩාවේ ජනඝනත්වය ව.කි.මී 4 පමණද,ඔස්ට්‍රේලියාවේ 3 ,ඇ.එ.ජ 34 , ද.අප්‍රිකාවේ 43, ප්‍රංරශයේ 118, ස්විට්සර්ලන්තය 201, එංගලන්තය 262 වී අපේ රට බෙදීමට අවවාද දීමය.
ජනඝනත්වය අනුව බස්නාහිර, මධ්‍යම,දකුණ හා සඹරගමුව ඉතා අධික ජනාධික පළාත් වන අතර ව.කි.මී 400 පමණ වේ.මෙය ලෝක මට්මෙන් වුව ඉතා අධිකය. ජනගහනය දෙගුන වන විට ජනඝනත්වය ව.කි 800+ දක්වා වැඩි වේ.

2012 ජනගහණ සංඛ්‍යාලේඛනයට අනුව
පළාත
අඟනුවර
භූමිය ව.කි.මී
අභ්‍යන්තර ජලය ව.කි.මී
ජනගහනය
ජන ඝනත්වය ව.කි.මී
මධ්‍යම
මහනුවර
5,575
99
2,571,557
461
නැගෙනහිර
ත්‍රීකුණාමලය
9,361
635
1,555,510
166
උ.මැද
අනුරාධපුරය
9,741
731
1,266,663
130
උතුර
යාපනය
8,290
594
1,061,315
128
වයඹ
කුරුණෑගල
7,506
382
2,380,861
317
සඹරගමුව
රත්නපුරය
4,921
47
1,928,655
392
දකුණ
ගාල්ල
5,383
161
2,477,285
460
ඌව
බදුල්ල
8,335
165
1,266,463
152
බස්නාහිර
කොළඹ
3,593
91
5,851,130
1,628
එකතුව

62,705
2,905
20,359,439
325

උතුර නැගෙනහිර ඌව ශ්‍රී ලංකාවෙන් වෙන්කර ඊළම පිහිටවුවොත්?
පළාත
අඟනුවර
භූමිය ව.කි.මී
අභ්‍යන්තර ජලය ව.කි.මී
ජනගහනය
ජන ඝනත්වය ව.කි.මී
නැගෙනහිර
ත්‍රීකුණාමලය
9,361
635
1,555,510
166
උතුර
යාපනය
8,290
594
1,061,315
128
ඌව
බදුල්ල
8,335
165
1,266,463
152
එකතුව

25986
1394
3,883,288
149
අනිත් පළාත් හය

36,719
1511
1,6476,151
448

වගාබිම්, ස්වාභාවික වනාන්තර, අභයභූමි, මඩවගුරු, ගංගාධාර හා ජලපෝෂිත ප්‍රදේශ කදුකරයට තවත් භූමිය අත්හළ විට අනාගත පරපුරට ජීවත්වීමට ඉතිරිවන්නේ ඉතා කුඩා භූමි ප්‍රදේශයක් සහිත රටකි.දැනටමත් බස්නාහිර ඉඩම් හිඟය.ඉතා සරුසාර වගාබිම්,කුඹුරු හා පොල්ඉඩම් කට්ටිකර දිනපතාම විකුණයි. මධ්‍යම හා කදුරට ජනවර්ධනය අනුව පිරීගොස් ඇත. අරණායක නායයෑම නියම උදාහරණයකි. සිංහළයින් පණපිටින් වැළලීමට පටන්ගෙන ඇත.

අනාගතයේ ජනගහන වර්ධනය සමඟ දැනට ඇති නැගෙනහිර,උතුර උතුරු මැදද, වව්නියා හා මන්නාරම් දිස්ත්‍රීක්ක අනිවාර්යයෙන් අනාගතය සඳහා තබාගත යුතුය.මේ ප්‍රදේශ අතීත රජ රටය. මන්නාරම දිස්ත්‍රීක්කයේ ඇති අතීත ලෝකයේ තුන්වෙනි උසම ගොඩනැගීම වූ ජේතවනාරාමය සෑදු මහසෙන් රජුගේ යෝධ වැවද දෙමළ ජාතිවාදීන් පෙරියනම්කුලම් ලෙස නම් ගසාගෙන ඊනියා දෙමළ නිඡ බිමට ඈදාගෙන ඇත. නැගෙනහිර පළාතත් ත්‍රීකුණාමලය වරාය ලන්දේසි පාලන සමයේත් උඩරට රජු යටතේය පාලනයවූයේ. හොඳම උදාහරණය නම් එකළ සියම් රටේ උපාලී භික්ෂූන් වහන්සේ ඇතුලු 500 නමක් මෙරටට නැව් මගින් වැඩියේ ත්‍රීකුණාමල වරායෙනි.එය දෙමළ නිජබිම නම් වැලිවිට සරණංකර සංඝරාජ තුමාට සියමෙන් භික්ෂූන් වැඩම්මවීමට පුලුවන්ද?දෙමළ ජාතිවාදී ගෝත්‍රවාදයේ පන්දම් හමුදාව වූ NGO බත්බැලයන්ට ඇමරිකන් ඩොලර් සරණං ගච්චාමී වී රට බෙදීමට ඕනෑ වූවාට එය බහුතර මතය නොවේ.දැනටමත් මේ පළාත් වලින් ව.කි.මී 25000 පමණ දෙමළ ජාතිවාදී ගෝත්‍රවාදී, ව්‍යාප්තවාදයට බිලිදීමට රනිල්, සිරිසේන, චන්ද්‍රිකා යම පාලනය එකඟවී පිඹුරුපත් සාදා හමාරය.

ව්‍යවස්ථා සංශෝධනය කිසිම මැතිවරණයකින් එක ආසනයිකින් ජන්ද 300 ගත නොහැකි මධ්‍යම පළාතේ ලසසප නායකයන් වූ චන්ද්‍රිකාගේ දෙපාවැඳ ලබාගත් ජනාධිපති නීතීඟ්ඳ පදවිය ආරෝපන කරගත් ජයම්පති වික්‍රමරත්නගේ හා ඔහුගේ ඇඹිත්තයා ලාල් විජේනායක නමින් ආවද එය 2002 නෝර්වේ හරහා ආ රනිල්-ප්‍රභාකරන් ගිවිසුමම වෙනත් ලෙසකින් එළිදැක්වීමකි. එසේත් නැතහොත් දෙමළ ජාතිවාදී ගෝත්රවාදයේ පියා වූ චෙල්වා ගේ වඩ්ඩුක්කොඩේ (වඩුගොඩ) යෝජනාමය.හාසයනම් චෙල්වාට වෙනම දෙමළ රටක් ඕනෑ වූවාට ජාතික කොඩියේ සිංහ ළකුණ ඉවත්කිරීම ඒ යෝජනාවල නොවීය. මෙවර එවරට වඩා දරුණුය. එවර පළාත් දෙකකි.මෙවර පළාත් තුනක් හා කොළඹද ඉල්ලයි. මේ සියලු ජාතිවාදී දොළ පිදේණි දෙන ගමන් සිංහළ පළාත් බෙදාගෙන කෑමඳ අවශ්‍යය. අවසානයේ සිංහළයට එක්කෝ මුහුඳට පැනීම, නැතිනම් තම රටේ සරණාගත වීම, නැතිනම් දෙමළ රටේ (Tamil Nadu)යටත් වැසියෝ වීම හෝ මුස්ලිම් වීමද ඉතුරුවන්නේ?




[යුතුකම පාඨක ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions