7/24/2016

බැසිල් ප්‍රශ්නය සහ නිර්මාල් මහතාගේ ප්‍රශ්නය

කතෘ:යුතුකම     7/24/2016   2 comments
-යොහාන් නාලක විජේනායක-
ආචාර්ය නිර්මාල් රන්ජිත් මහතා පසුගිය 'ඉරිදා' පුවත්පතේ අනෙකාගේ කොලමට "බැසිල් ප්‍රශ්නය" නමින් ලිපියක් ලියා ඇත.

ඔහුගේ ලිපියේ සාරාංශය වනුයේ, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු වටාම කේන්ද්‍ර කොටගත් යම්කිසි සැලකියයුතු වැඩ ප්‍රමාණයක් සිදුකල බවත්, ආචාර්ය නිර්මාල්ගේ අත්දැකීම් වලට අනුව එවකට බැසිල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වල හවුල් කරුවන් ඉතා කෙටි කළකින් විශාල ධනවතුන් වූ බවත් දැන් මේ බැසිල් රාජපක්ෂගේ ආගමනය රාජපක්ෂවාදීන්ගේ කඳවුර තුල සිටින "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” තුල යම් ආතතියක් ඇති කිරීමට සමත්ව ඇති බවත්, අවසානයේ බැසිල් රාජපක්ෂ විසින් සිය ප්‍රතිවාදීන් වන "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්" තීරණාත්මක ලෙස පරාජයට පත්කර ඇති බවත්ය.

මෙහිදී මුලින්ම නිර්මාල් මහතා සඳහන් කරන "රාජපක්ෂවාදීන්" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” කවුරුන්ද යන වග පැහැදිලි කරගත යුතුව ඇත. නිර්මාල් මහතා මෙහි "රාජපක්ෂවාදීන්" ලෙස හඳුන්වා ඇතතේ පසුගිය අවුරුදු 10ක පාලනයකින් අනතුරුවද තව දුරටත් මහින්ද රාජපක්ෂවම බලයේ තබා ගත යුතුය යන විශ්වාසය ඇති සහ ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිස ගැන විය යුතුය. නිර්මාල් මහතාට අනුව මේ පිරිස හුදු "රාජපක්ෂවාදීන්" වුවද ඔවුන් තව දුරටත් මහින්ද බලයේ සිටීම අපේක්ෂා කරනුයේ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නිසා නොව මේ අවස්ථාවේ මහින්ද හැර වෙනත් සුදුසු විකල්පයයක් නොමැති බව ඔවුන් විශ්වාස කරන නිසාය. ඔවුන්ගේ ඒ විශ්වාසය නිර්මාල් මහතා ඇතුළු ප්‍රබුද්ධ පරපුරේ යහපාලන බලාපොරොත්තුවට වඩා ප්‍රායෝගික බව මේ වනවිට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත. තවද "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්” යනුවෙන් නිර්මාල් මහතා පැත්තකට කොන් කරන්නට උත්සහ කරන්නේ මේ රටේ ජිවත් වන සිංහල බෞද්ධ බහුතරයයි. නිර්මාල් මහතා කියන ආකාරයට සිංහල/දෙමල වශයෙන් බෙදී/වෙන්වී ජිවත් වීම ප්‍රතික්ෂේප කරන එක රටක් තුල එක්ව ජිවත් වීම අපේක්ෂා කරන සිංහල බෞද්ධ බහුතරයයි.

බැසිල්ගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" ගැටළුවක් වනුයේ, රටේ සමහර පිරිස් බැසිල් ගැන ඇති නොකමැත්තත්, බැසිල් විසින් පහුගිය රජය යටතේ කෙරුණු බොහොමයක් ව්‍යාපෘති ඔහු වටා කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන ගිය බවට ඇති රාවයත්ය.

"රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" අනුව, රට දෙකඩ කරමින්, අපේ රැකියා වෙළඳ පොළ ඉන්දියාවට පාවා දෙමින්, රටේ මහා බාන්ඩාගාරය ඇතුළු සියලු සම්පත් මහා දවාලේ කොල්ල කමින්, නීතිය සහ අධිකරණයට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් අන්ත ඒකාධිපතිත්වයක් කරා යන මෙම ආණ්ඩුව පන්නා දැමිය යුතුය. එසේ පන්නා දැමීමට බැසිල් යම්කිසි අයුරකින් බාධාවක් වේ නම් රාජපක්ෂ කෙනෙකු වුවද ඔහු අතහැර දැමීමට "රාජපක්ෂවාදීන්" දෙවරක් නොසිතනු ඇත. එපමණක් නොව, මේ යහපාලන ආණ්ඩුව පලවා හැර පත්වන නව රජයක යහපත් පැවැත්ම සඳහා බැසිල් බාධාවක් වේ නම් එවන් අවස්ථාවන් වලදීද බැසිල් අතහැර දැමීමට මෙම "රාජපක්ෂවාදීන්" පසුබට නොවනු ඇත. ඒ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නොවන බැවින් සහ ඔවුන් තම රටට ජාතියට ආදරය කරන පිරිසක් වීම නිසාය. එපමණක් නොව රටේ සාමාන්‍ය ජනයා තුලින් ඉහලට ගලන දේශපාලනක් මේ "රාජපක්ෂවාදීන්" අපේක්ෂා කරන බැවිනි.

එනමුදු බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනා කිසිවක සත්‍ය/අසත්‍ය තාවය අප හරි හැටි නොදන්නා බැවිනුත්, එවැනි අක්‍රමිකතා සිදු කල අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන එන බව ප්‍රතිඥා දුන් නිර්මාල් මහතාලාගේ යහපාලන ආණ්ඩුවෙන් ඒ ගැන හාංකවිසියක් නැති බැවිනුත්, බැසිල් මහතාගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" එතරම් ගැටළුවක් නොවනු ඇත. "රාජපක්ෂවාදීන්" එය තමන් ලැබූ තීරණාත්මක පරාජයක් ලෙස නොසලකනු ඇති අතර බැසිල් පමණක් නොව "රාජපක්ෂවාදීන්" නියෝජනය අනෙක් සියලු දේශපාලන නියෝජිතයන්ද පහලින් ගලන විවේචන වලට සවන්දිය යුතුය යන්න "රාජපක්ෂවාදීන්ගේ" අපේක්ෂාවය. එම දේශපාලන නියෝජිතයන් අතින් එය සිදු නොවේනම් ඔවුන් හඳුනා ගැනීමම "රාජපක්ෂවාදීන්" ලබන ජයග්‍රහණයකි.

එමනිසා බැසිල් ආගමනය නිසා "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" පසුබසින්නට උනා යැයි කියන නිර්මාල් මහතාගේ කිඹුල් කඳුළු හෝ සිංහ නාද ඔවුන්ට වැදගත් නැත.එපමණක් නොව මෙසේ "බැසිල් ප්‍රශ්නයට" මුවා වී නිර්මාල් මහතා සඟවා ගන්නට හදන්නේ යහපාලනයට දරදිය ඇද හෙම්බත්වුනු "ඔහුගේ ප්‍රශ්නය" බව අපට පැහැදිලිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/22/2016

සිතන්නට යමක්..-16

කතෘ:යුතුකම     7/22/2016   No comments

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

නිදහස ලබමු - එළවා පරගැති පෙන්දා

කතෘ:යුතුකම     7/22/2016   No comments
-පුනර්ජි දඹොරගම -ඉන්නා විටදි වැසියෝ මර තැවුල්ලේ
උන්නේ කොහෙද රට ගිණිලන ඇසිල්ලේ
පන්නා ජය ද රජවරු ලඟ කැකිල්ලේ
දුන්නා නොවෙද රට පරයන් තුරුල්ලේ

පර රුපු සෙන් පරදා රට රකිනු මිස
නර සැප උදෙසා රැකගනු පිණිස කුස
වර දෙන්නට නම් හිස් මිනිසුන්ගෙ බස
කුමටද තව උන් පාමුල නැවෙන හිස

මිසදුටු වසුරු වපුරන මොළගෙඩි සින්දා
ජාතික ආලයේ සිතුවිලි යලි කැන්දා
මවුබිම යස ඉසුරු පිරි කල යලි කැන්දා
නිදහස ලබමු එළවා පරගැති පෙන්දා

යුතුකම සංවාද කව
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

තරු පටි දේශපාලනය සහ ඉන්දු චීන බල අරගලය.

කතෘ:යුතුකම     7/22/2016   No comments
-කීර්ති රත්නායක-

ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්‍රකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”.

‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය

‘ජය සිකුරුයි’ මෙහෙයුම ආරම්භ කලේ A9 මාර්ගය ඔස්සේ වව්නියාවේ සිට යාපනය දක්වා බලය පැතිරවීමටය. ලංකා හමුදා ඉතිහාසයේ අරම්භ කල විශාලතම මෙහෙයුම ජය සිකුරු මෙහෙයුමයි. 1997 මැයි මස 13 දින ආරම්භ කල ජය සිකුරු මෙහෙයුම 1999 අප්‍රියෙල් 8 දක්වා විජයග්‍රාහීව ඉදිරියට ඇදිනි. නමුත් ජාතියේ අවසනාවට ජය සිකුරු මෙහෙයුමේ ඉදිරි ගමන නවතා දැමිනි. මෙහෙයුම නවතා දමන විට වව්නියාවේ සිට ඕමන්තෙයි, නැදුන්කර්නි , පුලියන්කුලම් පසුකරමින් මාන්කුලම් දක්වා ඉදිරියට ගොස් තිබිනි. තවද ඔඩ්ඩුසුඩාන් හරහා නැගෙනහිර වෙරල දක්වාද , මල්ලාවි තුනුක්කායි දෙසින් බටහිර වෙරල දක්වා දක්වාද ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුනි. මාස 11 වැනි සුලු කාලයක් තුල A9 මාර්ගයේ සිරස් සැතපුම් 45 ක් ඉදිරියට යාමට හමුදාවට හැකි විය. නැදුන්කර්නි, කනගරායන්කුලම්, පුලියන්කුලම් සහ මාන්කුලම් එල්.ටී.ටී.ඊ බේස් කදවුරු බිදවැ‍ටුනි.

හමුදාව සතුරාගේ පහසු ගොදුරුක් බවට පත්වීම

1999 අප්‍රියෙල් මස 8 ජයසිකුරු මෙහෙයුම අත්හි‍ටුවන විට හමුදා සාමාජිකයන් 1458 ජීවිත පූජා කර තිබුනි. සේනාධිනායක චන්ද්‍රිකාගේ නියෝගයෙන් ‘ජය සිකුරු’ ඔෆෙන්සිව් මිලිටරි ව්‍යාපෘතිය නවතා දැමිනි. කොටි හිතවාදීන් සැනසීමට චන්දිකා කලේ ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතය ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයක් බවට පෙරලීමය. ඒ අනුව 1999 අප්‍රියෙල් 8 දින සිට අගලක්වත් ඉදිරියට යාමට අවසර නොවිනි. එතැන් සිට අල්ලා ගත් භූමිය ආරක්ෂා කලේය. භූමිය ආරක්ෂා කල හැකි වූයේ 1999 නොවැම්බර් මස 12 දක්වා පමනි. සේනාධිනායකයාගේ අදූරදර්ශී තීන්දුවේ විපාකය කොතෙක්දයත් ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතයේදී සිදු වූ හමුදා ජීවිත හානියට වඩා වැඩි ජීවිත හානියක් ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයේදී සිදු විය. තමන් හොදින් දන්නා භූමියේ එක තැන නැවතී සිටි රජයේ හමුදාව කොටින්ට පහසු ගොදුරක් විය. තැන තැන ක්ලෙමො බෝම්බ අටවමින් රිසි සේ හමුදාවට පහර දුන්නේය. සිය ගනනින් මිනී පෙට්ටි දකුනට ආවේය.

කුමන්ත්‍රනයේ සිතියම

1999 මැතිවරණ වසරක් විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වනදාටය. ජනාධිපති චන්ද්‍රිකා සිය දෙවන ධූර කාලය වෙනුවෙන් තරග වැදුනු අතර ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහය. යාපනය ජයගැනීම හේතුවෙන් සපුමල් කුමරුට ඇදසිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්‍රිකාගේ මැතිවරණ සටනේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කලේය. ලෙයින් සහ යකඩින් ජවිපෙ මර්ධනය කල මේජර් ජෙනරල් ලකී අල්ගම රනිල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන නියමුවා විය. 1999 අප්‍රියෙල් සිට ඔක්තෝබර් දක්වා කාලය තුල ලකී අල්ගම සිව් වතාවක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සංචාරය කොට තිබුනි. සිය විශ්වාසවන්ත ඉහල හමුදා නිලයන් කිහිප පොලක් හමුවූ ලකී අල්ගම, රනිල්ගේ ජයග්‍රහනය හා ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡා කොට තිබුනි.

ලක් ඉතිහාසයේ මහා පාවාදීම

1999 නොවැම්බර් මස 12 එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර, හමුදාව මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල අතහැර පසු බැස ගියේය. මන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු, අම්පකාමම්, කනකරායන් කුලම් පුලියන්කුලම් , නැදුන්කර්නි අතහැර ගිය හමුදාව නතර වූයේ ඕමන්තෙයි අසලය. මන්කුලම් සිට කි.මී 52 ආපස්සට ගියේය. වව්නියාව දක්වා පසු බැසීමට සූදානම්ව සිට හමුදාව යාන්තමින් හෝ ඕමන්තෙයි අසල නවතා ගත ගැකි වූයේ ත්‍රිවිධ හමුදාපතිවරුගේ සෘජු නියෝග නිසාය. හමුදාව විසින් කදවුරක් අතහැර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවූවද, බැලූ බැල්මටම අසාමාන්‍ය සිදුවීම් බොහොමයක් ඒ තුල විය. හමුදා කදවුරු සංකීර්ණය අල්ල ගෙන සිටීමට කිසිදු උත්සාහයක් දරා නොතිබිනි. එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර හමුදාව පසු බැස ගියේය. හමුදා කදවුරු 74ක් , අවි ගබඩා 43 ක් , සන්නද්ධ රථ 49 ක් අතහැර ගියේය . නමුත් ඒ කිසිවක් පුපුරවා විනාෂ කිරීමට කටයුතු කර නොතිබිනි. කුමන්ත්‍රන චෝදනා ලැබූ හමුදා නිලධාරින් සිව් දෙනෙකු තිරනාත්මක දිනයේ නිවාඩු ගොස් තිබුනි. සමස්ථ ක්‍රියාදාමය දිස්වූයේ බන්දේසියක තබා භූමිය සතුරා වෙත පූජා කලා මෙනි. අනෙක් පසින් සතුරාද, පසුබැස යන හමුදාවට එකදු වෙඩිල්ලක් හෝ පත්තු කලේ නැත. ගනන් ඉලක්කම් වලින් සත්‍ය වඩාත් තිවුර කල හැක. මුලතිව්, එල්ලිෆ්න්ට් පාස්, කිලිනොච්චි, පරන්තන් පසුබැසීමේදී සිදුවූ හමුදා ජීවිත හානි ය කොතෙක්ද ? නමුත් මාන්කුලම් පසුබැසීම තුල ජීවිත හානි වාර්ථා නොවින.

1996 ජූලි 18 මුලතිව් - හමුදා ජීවිත හානිය 1368
1998 සැප්තර්ම්බර් 25 කිලිනොච්චි - හමුදා ජීවිත හානිය 879
1999 නොවැම්බර් මස 12 මාන්කුලම් පසු බැසීම - හමුදා ජීවිත හානිය 0
1999 දෙසැම්බර් 24 පරන්තන් - හමුදා ජීවිත හානිය 121
2000 අප්‍රියෙල් 20 එලිපන්ට් පාස් - හමුදා ජීවිත හානිය 721

තරු පටි දේශපාලනයේ තිරය පි‍ටුපස

ලක් ඉතිහාසයේ හමුදා බිද වැටීම් පිටිපස විවිධාකාරයේ පාවාදීම් විය. නමුත් ‘‘මාන්කුලම් විත්ඩ්‍රොවල් ’’ පි‍ටුපස මහා කුමන්ත්‍රනයක් විය . ඒ පිලිබද තොරතුරු ජනරාල් රත්වත්තේ වෙත ගලා ආවේය. විධිමත් පරීක්ෂණයක් කිරීමට ත්‍රිවිධ හමුදා පතිවරුන්ට නියෝග ලැබුනේය. ඒ සමගම කුමන්ත්‍රනය පසුපස සිටි මුහුනු හෙලිදරව් විය. රනිල්ගේ දේශපාලනය සහ හමුදාව සම්බන්ධ කලේ ලකී අල්ගම විසින් බව තහවුරු විය. දෙසැ ජනාධිපතිවරණය අභිමුවේ සිදුවූ මෙම පරාජය සපුමල් කුමරුට ඇදසිටි රත්වත්තේට මරු පහරක් විය. තවද ඔහු සිටියේ අගමැති වීමේ සිහිනය පුරමින්ය. වන්නි ආඥාපති වසන්ත පෙරේරා, 56 ආඥාපති ගාමිනි ගුනසේකර ,55 ආඥාපති ටී.බෝරාන්, 561 බ්‍රිගේඩයට අණ දුන් අතුල ලංකාදේව, ඇතුලු හමුදා නිලධාරීන් 8 දෙනෙකු ගෙදර යැවීය. නාවික හමුදාවේ උතුරු අඥාපති කොමදොරු කේ.බී තෙන්නකොන් සහ කමාන්ඩර් නානායක්කාරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේය. කුප්‍රකට ‘‘මාන්කුලම් විත්ඩ්‍රෝවල්’’ එකෙන් මසක් ගතවත්ම ලකී අල්ගම අවසන් ගමන් ගියේය. ජා ඇල එජාප ‍රැස්වීමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයයෙන් අල්ගම මරුනුවට පත් විය. ලකී අල්ගම ඝාතනය පිලිබද පරීක්ෂණයක් සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නි. පො ඕකේ හේමචන්ද්‍ර ප්‍රකාෂ කලේ අල්ගම ඝාතනයට හමුදා බුද්ධි අංශය ඈදී ඇති බවය. පරීක්ෂණ වාර්තාව ජනාධිපතිනිය වෙත ද ලැබුනි. එහි චූදිතයා වූයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන්ය. ඔහු එවකදී රත්වත්තේගේ අන්තේවාසියෙකු විය.

අඳුරු යුගයක විරාමය

1996- 2004 වකවානුව තුලදී රනිල්-චන්ද්‍රිකා මව්බිමේ ස්වෛරීභාවයට වින කලේ තරගයට මෙනි. රනිල් බලය ගත්තේ පාර්ලීමේන්තුවේ ඔලු මාරුවකිනි. මුදල් විසිකොට මන්ත්‍රීවරු ඩැගැ ගැනීම ආරම්භ කලේ රනිල්ය. 2002 බල පෙරලියට මුදල් විසිකලේ කොටි හිතවාදීන්ය. බලයට පැමිනි රනිල් අවු 2ක් තුල කල විනාෂය මෙතෙක් යයි කිව නොහැක. රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ ලෙස රට බෙදා වෙන් කලේය. දේශසීමා ලකුනු කලේය. බුද්ධි අංශය පාවා දුන්නේය. කොටි ශක්තිමත් කලේය. රාජ්‍ය නායකයෙකු ගිවිසුම් ගහන්නේ පලාත් ඇමතියෙකු සමග නොවේ. ඔහු ගිවිසුම් ගහන්නේ තවත් රජ්‍ය නායකයෙකු සමග පමනි. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ නායකයා ප්‍රභාකරන් යයි පිලිගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කලේය. ඒ අඩි පාරේම ගිය චන්ද්‍රිකා සුනාමි ආධාර බෙදා ගනීමට ප්‍රභාකරන් සමග ගිවිසුමකට ගියේය. රනිල් - චන්ද්‍රිකා දේශපාලනය කරන්නේ පොදුජන හදවත් තුල නොව තානාපති ඔඩොක්කු වලය. ජාතියේ වාසනාවට මහින්දගේ ආගමනය නිසා රනිල් - චන්ද්‍රිකා යුගයට විරාමයක් සටහන් විය. මහින්ද යුද්ධය අවසන් කලේය , ආර්ථිකයට පන දුන්නේය. කොටි ඩයස්පෝරාවට කඩේයන බටහිර කදවුර වෙනුවට චීනය සමග නව ගමනක් ගියේය.

රෑ වැ‍ටුනු වලේ දවල් වැටීම

2015 වසර වනවිට සිංහලයාට මුල අමතක විය. රට ගිලී තිබූ මහා අගාධය පිලිබද හාන්කවිසියක් මතකයේ නොවින. යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල වලට ‍රැව‍ටුනේය. එදා රෑ වැ‍ටුනු වලේ මෙදා දවල් වැ‍ටුනේය.ඉතිහාසයේ එදා වූ අහඹු ඛේදවාචකය මෙදා කුරිරු සරදමක් ලෙසින් ඇස්පනා පිට ක්‍රියාත්මකය. ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය බවට පත් කොට ඇත. ලෝක හොරෙකුට මහ බැංකුව බාර දුන්නේය. අයි.එම්.එෆ් එක ඉදිරියේ දනින් වැ‍ටුනේය. සංවර්ධන ව්‍යපෘති අතැහැර දැමුවේය. සිංහල ජාතීය බෙල හීන කලේය. බුද්ධ චීවරයට අවමන් කලේය. රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අතට පත් කලේය. කොටි හිතවාදීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේය. හමුදාව දෙකේ කොලයට දැමූවේය. ප්‍රසිද්ධියේ හමුදාවට අවමන් කලේය. හමුදාවේ පිරිස් බලය හා වෙඩි බලය සියයට 35 කින් අඩු කිරීමට සැලසුම් සකස් කලේය. රජයේ වගකිව යුතු තනතුරු ගනනාවක් කොටි හිතවාදීන් අතට පත් කලේය.

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ තර්ජනය

ශ්‍රි ලංකා රජය විසින් පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්‍රහාරක ජෙට් යානා 8 ක් මිලදී ගැනීම්ට සැලසුම් කලේ පසුගිය වසරේය . ගනු දෙනුවේ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) විය. ගනුදෙනුවේ තතු කන වැටෙත්ම ඉන්දියාව දැඩි සේ කලබල විය. මේ සම්බන්ධව රනිල්ට සහ සිරිසේනට පෞද්ගලිකවම කථා කල ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් තර්ජනය කලේය. යහපාලන ආණ්ඩුව පත්වී ඉන්දියාව සමග ඇතිකරගත් බරපතලම ආරවුල මෙය විය. JF -17 ප්‍රහාරක ජෙට් ගනුදෙනුව අත්සන් කිරීමට නවාස් ශෙරීෆ් දිවයිනට පැමිනියද ඉන්දිය විරෝදය හේතුවෙන් එය අතහැර දැමීය. ජෙට් ගනුදෙනුව සංකීර්ණ රාජතාන්තික අවුලක් බවට පත්විය.නවාස් ශෙරීෆ් හිස් අතින් ආපසු ගියේය. ඉන් නොනැවතුනු ඉන්දියාව JF -17 වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘(Tejas Light Combat ) ප්‍රහාරක යානා මිලදී ගැනීමට බල කලේය.

කොස්ගම අවි ගැනුම් කරුගේ පැටිකිරිය

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ අවවාදය වූයේ කිසිදු අවස්ථාවක චීනය හෝ පකිස්ථානය සමග මිලිටරි රාමුව තුලට වැටෙන ගනුදෙනුවක් නොකල යුතු බවය. එම අවවාදය තරයේ පිලිපැදිය යුතු බව ලංකාවේ දේශපාලන බල අධිකාරියට දන්වා තිබුනි . කරුනු එසේ තිබියදී කොස්ගම ගබඩාවේ වූ යල් පැනීමට ආසන්න අවි ආයුධ විකිනීමට චීනයේ නොරින්කො (Norinco -China North Industries Corp - A state-run company ) සමග ගිවිසුමකට ගියේය. මෙම තීරනයත් සමග ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ ලේ කුපිත විය. තවද ඉන්දියානු කැරලිකරුවන්ට ආයුධ සැපයීම හේතුවෙන් නොරින්කො සමාගම ඉන්දියාවේ කළු ලැයිස්තු ගත ආයතනයක් විය. ඇසෑම් සහ නාගලන්ත ගරිල්ලා කන්ඩායම් වල ප්‍රධානතම ආයුධ සැපයුම්කරු නොරින්කො සමාගමය.2008 මුම්බායි නුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිනි ලාෂ්කාර් ඊ තයිබා (Lashkar e taiba) ත්‍රස්තයන් ‍රැගෙනවිත් තිබුනේ නොරින්කො සමාගමේ නිෂ්පාදිත අවි ආයුධය. ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත කල්ලි ගනනාවක් කාෂ්මීරයේ ක්‍රියාත්මකය. මොවුන් ක්‍රියාත්මක වන්නේ පාකිස්ථානු බුද්ධි අංශයේ (ISI) සෙවනැලි හමුදා ඒකක ලෙසිනි. ඔවුන් අත සැරිසරන ගිනිඅවි, සන්නිවේදන උපකරණද නොරින්කො නිෂ්පාදන වෙයි. එසේම මිසයිල තාක්ෂණ උපකරණ ඉරාණයට විකිනීම නිසා නොරින්කො ආයතනය ඇමෙරිකාව විසින්ද කළු ලැයිස්තුගත කොට ඇත.

ලක් පොලවේ ඉන්දු - චීන බල අරගලය

චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. යහපාලන රජය යටතේ චීන නාවික ගිනි බලයේ සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට අවමානයක් විය. චීනය සිදුකල මදිපුංචි කමට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්රමාදිත්ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ එකට එක කිරීමක් ලෙසිනි. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. දලයි ලාමා යනු දේශද්‍රෝහී හංවඩුව ගසා චීනයෙන් පි‍ටුවහල් කල අයෙකි. චීනයට ද්‍රෝහී වූ දලයි ලාමට ඉන්දියාව විසින් අර්ධ රාජතාන්ත්‍රික වරප්‍රසාද පිරිනමා ‍රැකවරණ දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස දලයි ලාමා මෙහි ගෙන්වීමට රෝ සංවිධානය මාන බැලුවේය. 'රෝ' සංවිධානයේ අරමුණ වූයේ හුදෙක් චීනයට රිදවීමය.

රෝ’ හස්ථය

අණදෙන රේඛාව අනුව රෝ සංවිධානය අධීක්ෂණය වන්නේ ඉන්දියානු ආරක්ෂක උපදේශක යටතේය. කොස්ගම ගබඩාවේ අවි ‘නොරින්කෝ ‘ සමාගමට විකිනීම පිලිබදව ‘රෝ’ දැඩි ලෙස කුපිත වී සිටියේය. ඔවුන් එක් අතකින් චීනයට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කලේය. අනෙක් පසින් ලක් රජයට සෘජු පනිවිඩයක් ලබා දුන්නේය. කොස්ගම මෙහෙයුමෙන් පෙන්නුම් කර සිටියේ වර්ථමානයේ ලංකා භූමිය තුල ක්‍රියාත්මක ඔවුන්ගේ බලයයි. ආයුධ ගබඩාව පුපුරායාම ස්වාභාවික හේතු මත හෝ නොසැලකිලිමත් බව නිසා වූවක් නොවන බව යුධ හමුදා පරීක්ෂණ අධිකරණ වාර්ථාව මගින් තහවුරු කොට ඇත. එය සැලසුම් සහගතව කල මෙහෙයුමක් බව සනාථ කිරීමට සක්ෂි ඕනෑ තරම් ඇත. නමුත් කුමන්ත්‍රනයේ සත්‍ය කථාව හෙලි කිරීමට තරම් අභිමානයක්, කොන්දක් හමුදාව සතුව නොමැත. මාන්කුලම් හිදී අවි ගබඩා 43 ක් බන්දේසියක තබා සතුරාට පූජා කල පිරිසකට කොස්ගම තවත් එක් අවි ගබඩාවක් පමනි. මේ විනාශය ආරම්භ වූවා පමනි. ද්‍රෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානක බව තරු ජෙනරාල්ලාට සිහි කැදවිය යුතුය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

බැසිල්ගේ සංක්‍රාන්තිය:ආණ්ඩුවේ ග්‍රහචාරය

කතෘ:යුතුකම     7/22/2016   1 comment
-ධර්මන් වික්‍රමරත්න-

යෝෂිත එනවිට උදය ගම්මන්පිල ඇතුලේය. විමල් වීරවංශට රිදවන්නට මුසම්මිල් තවමත් ඇතුලේය. දැන් නාමල් එනවිට බැසිල් රාජපක්ෂ ඇතුළේය. බැසිල්ට තිබූ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදු නොවී ඇතැයි වර්තමාන සමෘද්ධි ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල හැන්සාඩ් වාර්තාවක්ද නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඇපදීමට නොහැකි කිසිදු අවස්ථාවක් නොමැති බවද ඔවුහු අවධාරණය කළහ. එදා කඩුවෙලය. දැන් නඩුවෙලය. හොද දේවල් කරනා මිනිසුන් රටේ කොතෙකුත් ඇත. ඔවුන් අගය කරනවා වෙනුවට අපහාස උපාහාස කිරීම ‘යහපාලන’ ආණ්ඩුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබේ.

පිබිදෙමින් පවත්නා නව ජාතික ව්‍යාපාරය කෙරෙහි ‘යහපාලන’ ආණ්ඩුව දක්වන බිය මොනවට පැහැදිලිය. විපක්ෂයේ දැනට සිටින දක්ෂතම සංවිධායකයෙක් ලෙස හැදින්විය හැකි බැසිල් රාජපක්ෂ සිරකර තබන්නේ ඒ අරමුණිනි. ශ්‍රිලනිප මනාප ලැයිස්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමුවැනියාවූ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් පැදුරටත් නොකියා ඉවත්කර එයට පත්කළේ එම මනාප ලැයිස්තුවේ 5වැනි තැනගත් සන්ධානයේ මහලේකම් සහ ‘යහපාලන’ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීරගේ ඥාතියෙකි. එදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගය ගෙනආ හිටපු ඇමති ගාමිණී දිසානායක ගෙන් පළිගත්තේ බස්නාහිර පළාත් අමාත්‍ය මහින්ද සමරසිංහ තනතුරෙන් පහකරමිනි. එහෙත් එය කළේ ලතාවටය. ජනාධිපති ප්‍රේමදාස බස්නාහිර පළාත් සභාවේ ඇමති මණ්ඩලය මුලින් විසුරුවා හැරීය. පසුව නව ඇමති මණ්ඩලයක් පත් කළේය. එවිට මහින්ද සමරසිංහගේ ඇමතිධූරය හැලි තිබිණි.

නීතිය වල් වැදෙමින් පවතී. ඖෂධ ජාවාරම, ආයුධ, බැදුම්කර, රේගු වාහන, වී අළෙවි කිරීම්, වත්තල මංතීරුව වැනි මහජන දේපල විනාශ කිරිම්, කරුංකා වංචනිකව ගෙන ඒම චෝදනා ලැබූවන් පිළිබඳව පරික්ෂණ නැත. රජයේ පළාත් පාලන ආයතන සඳහා රජයේම අමාත්‍යාංශයක් හරහා රුපියල් දශලක්ෂ 36ක් වටිනා කොඩිකණු ලබාදීම මහජන දේපල විනාශකල බරපතල අපරාධ ලෙස පෙනෙන අයට මහ බැංකුවේ බැදුම්කර වංචාවෙන් රටට අදවන විට සිදුවූ රුපියල් කෝටි 200ක පාඩුව ගැන නෝ කථාය. වෙනස මාරය. අවසානයේ සිදුවූයේ මහ බැංකු ලොක්කා අර්ජුන මහේන්ද්‍ර ඉන් ඉවත්කර රැකියා දශලක්ෂයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ 5 අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස පත්කිරීමය. අමාත්‍යාංශවල අඩුපාඩු පෙන්වා දෙද්දි ඇමැතිවරු විගණකාධිපතිවරයාට පහරදෙමින් සිටින බව කෝප් කමිටු සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.

රටපුරා නැගෙන ජනතා විරෝධයට නායකත්වය දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 21ක් සිටින නාමික විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හෝ විපක්ෂ නායක රාජවරෝදියම් සම්බන්දන් විසින් පත්කරන ලද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණ නොව සැබෑ විපක්ෂය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයයි. විවිධ පැත්තට යොමුවූ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් මෙන්ම ගමේ ආණ්ඩුව වන පළාත් පාලන ආයතන නියෝජනය කල පළාත් පාලන නියෝජිතයින්ගේ ජනතා ක්‍රියාකාරකම් එක්තැනකට නාභිගතකර සංවිධානාත්මක කලමණාකරණය කිරීමේ කාර්යභාරය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැවරී තිබුණේ බැසිල් රාජපක්ෂටය. බැසිල්ට එය සාර්ථකව ඉටුකල හැකිබව කිරුලපන පිටියේ මැයි 1දා පැවති මැයි දින රැළිය පමණක් නොව රටපුරා පළාත් පාලන ආයතනවල හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් සියයට 94ක් මහින්දගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප ජනතා පාර්ශවයට දිනාගැනීමෙන් තහවුරු විය. ගොඩනැගෙන දැවැන්ත බලවේගය බැසිල් රාජපක්ෂ හිරකර දැමීමෙන් හෝ වෙනත් අය බිය වැද්දවීමෙන් මර්ධනය කල නොහැකි බව පාලකයින් නුදුරේදීම දැනගනු ඇත. එය මහා සාගරය පොල් කට්ටෙන් වැසීමට යෑම වැනි නිරර්ථක ප්‍රයත්නයකි.

බැසිල් රාජපක්ෂ නව ජාතික ව්‍යාපාරය සඳහා මැතිවරණ ව්‍යූහයක් ගොඩ නැගුවේය. ඒ යටතේ රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 328කට අයත් ග්‍රාම නිලධාරි වසම් 14,013ක් යටතේ ගම්මාන 38,259කට එම ජාලය විහිදී පැතිරිණි. එමෙන්ම ඡන්දයකදි මැතිවරණ දිස්ත්‍රික් 22ක අයත් ඡන්ද කොට්ඨාශ 160ට අයත් ඡන්ද පොලවල් 10,000කට පමණ ඡන්ද නියෝජිතයන් පත්කිරීමේ යාන්ත්‍රණයද දැන් ඕනෑම මොහොතක සූදානම්ය. ලබන වසරේදී පැවැත්වෙන මහ නගර සභා 22, නගර සභා 42, ප්‍රාදේශීය සභා 275 ඡන්දය සඳහා ශ්‍රිලනිප මහජන පාර්ශවය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම බලවේගයක් වශයෙන් තරඟකර ජයග්‍රහණය ලබාගැනීමට පමණක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුවාවෙන් රට අනතුරට පත්කරමින් බෙදුම්වාදය පෝෂණය කරන ජනමත විචාරණයක් රජය තැබුවද ඒ සඳහා වුවද නව බලවේගය සූදානම්කර තිබේ.

ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගය සටන්කළේ වැට් ඇතුළු බදුබර එක්කර බඩුමිල ඉහළ දැමීමට එරෙහිවය. ගමේ පුංචි ආණ්ඩුව වන පළාත් පාලන ඡන්ද කල්දැමීමට එරෙහිවය. ව්‍යවස්ථා මරඋගුලට එරෙහිවය. රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට එරෙහිවය. ගොවි සහන සහ පාසැල් නිල ඇදුම කප්පාදුවට එරෙහිවය. දේශපාලන දඬයමට එරෙහිවය. දෙමළ අන්තවාදයට පණදීමට එරෙහිවය. බදුලු දිස්ත්‍රික්කයේ ආසන 13ක ශ්‍රිලනිප ඇතුළු ප්‍රගතිශීලින්ගේ හඬ නැගුණේ ඒ වෙනුවෙනි. නුවර සිට කොළඹ දක්වා පාද යාත්‍රාව ඒ සඳහාය. මේ සියල්ලේ අදිසි නායකයෙකු වූයේ බැසිල් රාජපක්ෂය. අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ බැසිල් නිහඬකර ඒකාබද්ධ විපක්ෂයේ ගමන අඩපණ කිරීම බව පැහැදිලිය. එහෙත් නව යාන්ත්‍රණය ගොඩනැගී ඇති බැවින් එය එසේ අකා මකා දැමිය හැකි නොවේ. අක්මුල්ද වැනසිය හැකි නොවේ.

දිවි නැගුම අරමුදලේ මුදල් යොදා රජයේ පළාත් පාලන ආයතන 56කට ජී.අයි බට ලබාදී රාජ්‍ය දේපොල අවභාවිතා කිරිම සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් කර තිබේ. බට බෙදා දී ඇත්තේ ජනපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙර 2014 ඔක්තෝබර් 30වැනිදාය. ඇතමුන් කෑ ගසන්නේ යකඩ බට ටික බැසිල් ගෙදර ගෙනහින් වාගේය. නමුත් මේවා දුන්නේ ගමේ මිනිසුන්ගේ මල ගෙදරට, දානේ ගෙදරට, කඩපිලට, සල්පිලට පළාත් පාලන ආයතන හරහා ලබාදීමටය. එයට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත්තේ 2015 මැයි 14වැනිදාය. මිලට ගැනීම නියමිත ටෙන්ඩර් පටිපාටියට සිදුවී ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේම සඳහන්ය. මෙම බට මිලදි ගැනීම සඳහා මුදල් ගෙවා ඇත්තේ දිවි නැගුම අරමුදලින් නොව රාජ්‍ය අයවැයෙන් අනුමත අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදලිනි. මෙහිදී අවභාවිතයක් සිදුවී නැති බව වර්තමානයේ දිවි නැගුම භාර ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ කියා ඇත. මෙම බට ලබාදුන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතනවලට ජෙනරේටර්, ගලි බවුසර්, වතුර බවුසර්, කසළ එකතු කරන ට්‍රැක්ටර් වැනිදෑ සඳහාද විවිධ ප්‍රතිපාදන සපයා ඇත. එබැවින් කුමන චෝදනා එල්ල කලද කිසිදු මහජන දේපොලක් අවභාවිතය කර නැති බව පැහැදිලිය. ආණ්ඩුව තිත්ත වී ඇති ජනතාවට ඒකාබද්ධ විපක්ෂය හරහා ප්‍රජාතන්ත්‍රීය මංපෙත් ඔස්සේ විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කිරීම නිසා බැසිල්ට මෙම දඬයමට මුහුණදීමට සිදුව ඇත. දැන් බැසිල් රාජපක්ෂ අගෝස්තු 1 දක්වා බන්ධනාගාර ගතකර ඇත. පාද යාත්‍රාවට බයවෙලා තියෙන තරමක්ය.

බැසිල් රාජපක්ෂ යනු විටක ශ්‍රිලනිප සියළු බර එසවූ මිනිසෙකි. සංවර්ධනයට නැවුම් පැතිකඩක් ගෙනආ නියමුවෙකි. කාලයේ තාලයට අභියෝග කරුවෙකි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, ගම්පහ රන් අරුණ, ඇවිදින මංතීරු, සතිපොලවල්, මාතෘ සායන, දිවිනැගුම, එක ගමකට එක වැඩක් වැනි වැඩසටහන් ගණනාවක් තුළින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන අරුණලු ගමට ගෙන ආවේ ඔහුය. දේශයේ ගැලවුම්කරුවාට යෝධ ශක්තියක්වූ මිනිසෙකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් මහින්ද රාජපක්ෂ ලැබූ සියලු ජයග්‍රහණයන්හි පිටුපස සිටි අයෝමය සෙන්පතියන් වූයේ ගෝඨාභය සහ බැසිල් සොහොයුරන්ය. ඡන්ද 28ක් ජයග්‍රහණය කර එක ඡන්දයක් පැරදුනද එහි පරාජයද නිහතමානීව තමාවෙත බාරගත් දේශපාලඥයෙකුවු බැසිල් රාජපක්ෂ කථාවට වඩා වැඩට දක්ෂයෙකු විය.

‘යහපාලන’ ආණ්ඩුව ඩීල් ලෝකයක්ය. ඇතුලත් ඩීල්ය. පිටතත් ඩීල්ය. ඩීල් වලටත් ඩීල්ය. එබැවින් ආණ්ඩුව සමඟ බැසිල්ගේ ලොකු ඩීල් එකක් ඇතැයි වරෙක කීවේය. බල්ලන් නාවන්නට රණවිරුවන් බලහත්කාරයෙන් යොදාගත් බවටද චෝදනා කළේය. එදා ජනපති මහින්ද රාජපක්ෂටත් එවැනි චෝදනා ගොන්නක් දමා ගැසුවේය. ඩුබායි හෝටලයේ අයිතිකරු මහින්ද බව කීවේය. නාමල් ඇතුළු පුතාලා උදේ හෙළිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් පෝනියෝ පිටේ ගොස් දවල් කෑමට කොළඹ එන බව පාරම් බෑවේය. රත්නරං අශ්වයෝ, ලැම්බෝගිනි කාර් ඇති බවද කීවේ ඇසින් දුටුවා වාගේය. ඒවා එදාවේල ෂේප්කර ගැනීමට මේවා ඇතැම් විකල්ප පත්තර විසින් කල ගේම්ය. ඉකුත් 2001/2 එජාප ආණ්ඩු කාලයේ මිලේනියම් සිටි බුද්ධි බලකායේ නම් ගම් පිටින් දමා එය හෙළිකළේද ඔවුන්ය. අවසානයේ කොටි සංවිධානය මගින් එම බුද්ධි නිලධාරින් එක් අයෙක් හැර සියල්ලෝම මරා දැමුවෝය.

ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවය එජාපය සමඟ හවුල් ආණ්ඩුවේ වරදාන භුක්ති වින්දද තමන් තවමත් ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් පෙනි සිටින බව කීම හාස්‍යජනකය. එජාපය ආදා මාළු අතින් අරගෙන කද්දී එජාප ආණ්ඩුව සමඟ එක්වී සිටින ශ්‍රිලනිප නෛතික පාර්ශවය එම ආඳා මාළුම කන්නේ ඉරටුවෙනි.

ජනාධිපති විලියම් ගොපල්ලව 1978දී ගෙදර ගියේය. ජේ. ආර්. ජයවර්ධන 1989 ජනවාරියද, චන්ද්‍රිකා කුමාරතුංග 2005දී ජනාධිපති තනතුරුවලින් සමුගෙන ගෙදර ගියෝය. මොවුන් යළි ඉල්ලා කිසිවෙකු පාරට බැස්සේ නැත. ලක්ෂ ගණන් මිනිසුන් මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේ රටේ නිදහසේ ඒකීයබවේ, අභිමානයේ සහ සංවර්ධනයේ සංකේතය ඔහු නිසාය. මහින්දගේ පවුලේ සාමාජිකයෝ මෙහෙම හිරේදාලා රාජපක්ෂලාගේ දේශපාලනයට තිත තබන්නට හෝ ඔවුන් මානසිකව වට්ටන්නට කිසිවෙකු සිතනවානම් එය මිරිගුවකි.

ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දෙමළ සිසුන් සංඛ්‍යාව 25,000කට අධිකය. වසර 1984න් පසුව කිසිදු සරසවියක දෙමළ සිසුන්ට ජාතිවාදී පදනමකින් හිරිහැර කල බවට පැමිණිලි නැත. එහෙව් 30 වසරක් පසුකල තැන යාපනය සරසවියේදී 1500ක් පමණ සිංහල සිසුන්ට අත්ව ඇති ඉරණම ගැන සැවොම කණගාටු විය යුතුය. යාපනය සරසවියේදි ගස්සපු පිරිසේ නායකයෙකු බවට චෝදනා ලත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් කනකේෂ්වරන්ට දවසින් අපේක්ෂිත ඇපය. ඔහු වෙනුවෙන් යාපනය උසාවියේ පෙනි සිටි නීතිඥයා වූයේ දෙමළ සන්ධානයේ සුමන්දිරන්ය. ගුටිකාපු සිසුවා තවම රෝහලේය. ඩෙනිම් අදින්න එපා කියා නවකවද සිද්ධියක සැකකරුවන් ලෙසින් මාස 2කට වැඩිකලක් රිමාන්ඩ්කර සිටින කැලණි සරසවියේ සිසු සිසුවියන් 8දෙනාට පෙරේදාද ගම්පහ උසාවියෙන් ඇප නැත. ඒ රජයේ නීතිඥවරිය නොපැමිණිමේ හේතුවෙනි. මෙම මාර වෙනස තේරුම් ගත යුත්තේ කෙසේද? අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

සහජීවනය දැන් මිරිගුවකි. සංහිඳියාව ගැන දැනුවත් කරන්නේ දකුණට පමණි. සහජීවනයේ නාමයෙන් උතුරේ ඇතැමුන් මිත්‍රත්වය දිගු කරන්නේ පොල්ලකිනි. ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට සමන්තුරේදී පල නොකියා පලා බෙදති. ජාතික සංහිඳයාව කියමින් සෑම අසාධාරණයකටම ඔළුව පහත්කරගෙන සිටින්නැයි සිංහලයින්ට පුරුදු කිරීම බලධාරින්ගේ රාජකාරිය බවට පත්වෙමින් තිබේ. ගැටබෙර සද්දේ උතුරේ ඇතැමෙකුට වාවන්නට බැරි වූවද කාවඩි සද්දෙට දකුණේ මිනිසුන් මනාපය. දැන් සංහිදියාවද යහපාලනය මෙන් තවත් වචන සෙට් එකක් පමණි. ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාව නොසිතූ විරූ දියුණුවක් ඇතිවෙලා කියන්නේ ඇමරිකාවේ බිස්වාය. ඇය ලංකාවට පැමිණි වාර ගණන දැන් දුසිම් දෙකකට ආසන්නය. ඇය අපට උගන්වන්නේ ගෝවා වලින් අල කරියක් හැදීම නොව රටට දෙකට කඩා ඇමරිකාවට කොඩි එසවීමේ සැලසුමය.

අලි මදිවට හරක් කීවා සේ පාලන මිලද විහිළුවකි. සිනි කිලෝවේ තොග මිල රුපියල් 115කි. පාලන මිල 95කි. කඩල කිලෝව 300කි. පාලන මිල 260කි. අතවශ්‍ය ආහාර ආනායනකරුවන්ගේ සංගමය කියන පරිදි මේවා සිහින මාලිගාවල සිට ගහන ගැසට්ය. පාරිභෝගිකයෝ රැවටීමේ ඇස් බැන්දුම්ය. පාලන මිලට කුකුළු මස් දීමට නොහැකි බව කියමින් හැටන් මස්කඩ වෙළෙන්දෝ වීදි බැස්සේය. ආණ්ඩුවේ මිල පාලන දෙපාර්තමේන්තුව කීවේ කුකුල් මස් පාලන මිල ඇත්තේ දවටනයක සීල් තැබූ කුකුල් මස්වල පමණක් බවය. ඉන් පසුව සිදුවූයේ බොහෝ වෙළෙඳ සැල්වල සීල්කර තිබූ දවටන ඉවත්කර සිලිසිලි බැගයක දමා කුකුල් මස අළෙවි කිරීමය. මේවා අන්දරේ සීනි කෑවා වගේ තියරිය. මිල පාලනය කියලා වැඩක් නැත. නීති පොතේ එහෙම ඇතේය. ඒ වුනාට පලක් නැතේය.

සැහැසි බස්වලට මුලාවී දැනටමත් ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමිය. පාසැල් දරුවන්ගේ නිල ඇදුමට තිතකි. තිස් වසරකට පසු යුද්ධයෙන් දිනාගත් රට යළි බෙදුම්වාදයට තල්ලු කරමින් පවතී. මෙවැනි දෑ බොහෝය. මේවා මුදලින් ගණනාය කල නොහැක. අවිස්සාවේල්ලේ සාලාවේ මිනිසුන් තවමත් මහපාරේය. අරණායක නාය යෑමෙන් අනාථ වූවන් තවමත් තැන්තැන් වලය. ලංගම බස් ගාස්තුද සියයට 6කින් ගණන් උස්සලාය. රැකියා විරහිත උපාධිධාරියෝ රැකියා ඉල්ලා සටන් බිමේය. නිදහස් අධ්‍යාපනය සුරකීමට සරසවි සිසුවෝ උපවාසේය. ඒ අතරතුර දේශපාලන දඬයමද යහමින් ක්‍රියාත්මකය. මත්තල ගුවන්තොටුපොල හාස්‍යයට ලක්කර වී ගබඩා කලද 2017 ජනවාරි සිට මාස 3කට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අලුත්වැඩියාවකට වසන බැවින් සියළු ගුවන්යානා එන්නේ මත්තල බව රජය ඉකුත්දා නිවේදනය කළේය. පණ පලයන් පෙරේදා කියන්නේ මේවාටය.

‘යහපාලන’ ආණ්ඩුවේද හවුල්කාර පක්ෂ අතර විවිධ හුටපටය. හෙළ උරුමයෙන් වෙන්වී රාජගිරියේ අසපුවේ සිටින අතුරලියේ රතන හිමියෝ දැන් මීලඟ දේශපාලන පිම්මට සූදානම් වෙමින් සිටිනු ලබයි. හකීම්ගේ මුස්ලීම් කොන්ග්‍රසයේ උත්තර මණ්ඩලයේ බහුතර සහාය සේගු ඉසදීන්ගේ සහ හසන් අලි කණ්ඩායමටය. එම දෙපලගේ පුතුන් ඉකුත් බදාදා කල්මුණේ මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා කොන්ග්‍රසයේ නායකත්වය නැගෙනහිරට ගැනිමට කරන වික්‍රමයන් කියා පෑහ.

‘යහපාලන’ ආණ්ඩුවේ උපත සිදුවූයේද බොරු පොරොන්දු රැසක් දෙමිනි. කටයුතු කරන්නේද බොරුවෙනි. ‘යහපාලන’ ආණ්ඩුව සිය පාලන කාලය තුළදී දිනූ දේ රැකගමු කියා හඬ නැගුවද දිනපු දෙයක් නැත. ආණ්ඩුව පලවා හරින්න නිසිකල පැමිණි විට ජනතාව සූදානම්ය. නුවර සිට කොළඹට එන පාද යාත්‍රාව එහි මූලාරම්භයකි. මහින්ද සමඟ ජනබලය ජුලි 28 ලබන බ්‍රහස්පතින්දා වීදි බසිනු ඇත. එකම දැයක්වී, මහ බලයක්වී, පෙරටම යන එය අවසන් වන්නේ අගෝස්තු 1 සඳුදා පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියෙනි. මීලඟ මැතිවරණයේදී ‘යහපාලන’ ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිවනු ඇත. හතර වටේ බොරු කියා පුංචි ඡන්දයද කල් දමන්නේ එබැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/20/2016

රට රැකි විරුවන් පෝරකය දක්කන්නට පෙරගමන් ආ "අතුරුදහන් පුද්ගල පනත"

කතෘ:යුතුකම     7/20/2016   1 comment


යෝජිත අතුරුදන් පුදගලයන් සඳහා කාර්යාලය
----------------

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන් පුද්ගලයන් සඳහා වන කාර්යාලය පිලිබඳ පණත් කෙටුම්පත ගැන ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් 2016 ජුලි 13 වැනිදා ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවෙහි සාරාංශයකි, පහත දැක්වෙන්නේ. මෙහිදී, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු අදහස් දැක්වුහ.

යෝජිත පණත් කෙටුම්පත, තනිකරම අප “ප්‍රශංසාත්මකව දුටු” එ. ජා. මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගැනෙන පියවරකි. එය අපගේ ස්වාධිපත්යයටද, රණවිරුවන්ගේ සුරක්ෂිතතාවයටද එල්ල වන මාරක තර්ජනයකි. මෙයින් කරන්නේ, අපගේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමයි; එමෙන්ම ඊට ශක්තිමත් පදනමක් දමා දීමයි. මේ පණත කොතෙක් නම් කොටි ත්‍රස්තවාදීන්ට ඉතා වාසිදායක සහ යුද්ධයට උරදුන් හමුදා සාමාජිකයන්ට දැඩි ලෙස අවාසිදායක ලෙස කෙටුම්පත් වී ඇත්ද යත්, මෙය කෙටුම්පත් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන්ද යන්න පවා සැක සිතෙන තරම්ය.

යෝජිත කාර්යාලය සංස්ථාපිත ආයතනයක් බැවින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග රාජ්‍ය නිලධාරීන්ට ඇති බැඳීම මෙහි නිලධාරීන්ට නැත. පණතේ බලතල අනුව ඔවුන්ට ස්වාධීනව විදේශ ආයතන සමග ගිවිසුම්වලට එළඹීමට සහ විදේශ අරමුදල් ලබා ගැනීමට හැකියාව ඇත. එම අරමුදල් ශ්‍රී ලංකා රජයෙන් ස්වාධීනව කටයුතු කරමින් යොදවා, අතුරුදන් වුවන් පිළිබඳව සාක්ෂි එකතු කිරීමට, පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම අතුරුදන් වුවන් පිලිබඳ අදහස්, දෘෂ්ටින් සමාජගත කිරීමේ කටයුතුවල යෙදීමද ඔවුන්ගේ වපසරියට අයත්ය. මේ කියන්නේ අතුරුදන් වුවන් සැමරීමය. මේ සඳහා විදේශිකයන් (විනිසුරුවරුන් නැතහොත් තාක්ෂණික සේවා නිලධාරින්) අනුයුක්ත කිරීමේ හැකියාවද ඇත. විදේශික විනිසුරුවරුන් ඇතුලත් වුවද නැතද මෙහි මෙහෙයුම්වලින් සිදු වන හානිය නොඅඩුව සිදු වනු ඇත. මේ සඳහා අරමුදල් සපයන විදේශීය පාර්ශව මෙම කාර්යාලයෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුබල දීම විනා අන් කිසිවක් නොවේ.

මෙහි නිලධාරීන්ට ඕනෑම ස්ථානයකට, (සන්නද්ධ හමුදා ඒකක , පොලිස් ස්ථාන සහ වෙනත් සංවේදී ස්ථානද ඇතුළුව) ඕනෑම වෙලාවක ඇතුළු වී තමන්ට අවශ්‍ය ඕනෑම ලේඛනයක් සාක්ෂියක් ඉල්ලීමේ බලය ඇත. එසේම ඔවුන්ට අභිමත පුද්ගලයකු, කොළඹ හෝ ඉන් පිටත ඇති තම කාර්යාලයකට කැඳවා ප්‍රශ්න කිරීමටද බලය ඇත. එහෙත් තමන් සතු තොරතුරු හෝ තමන්ගේ පරීක්ෂණවලින් සොයා ගත් කරුණු ශ්‍රී ලංකා රජයට හෙළි කිරීමට ඔවුන් බැඳී නැත.

අතුරුදන් වූවකු ලෙස සැලකෙන පුද්ගලයකු ජීවත්ව සිටින බවට හෙළි වුවහොත්, ඔහුගේ අවසරය නැතිව යෝජිත අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලය ඒ බව හෙළි නොකළ යුතුය. එසේම, අතුරුදැන් වූවකු පිළිබඳව තමන් සතුව ඇති තොරතුරු හෙළි කිරීම, ඔහු ජීවත්ව සිටියත් නැතත්, ඔහුගේ යහ සිද්ධිය සඳහා හේතු නොවෙතැයි මේ කාර්යාලය විශ්වාස කරන්නේනම්, එවිටද එම තොරතුරු හෙළි නොකළ යුතුය.

මෙම කාර්යාලයේ අරමුණ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ට වීම නොවන බව රජය පාර්ශවයෙන් පැවසුනද, මෙයින් ලබා දෙන තොරතුරු ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ට වීමේ ඉඩකඩ ඇත.

මෙම පණත් කෙටුම්පත් ශ්‍රේෂ්ටාධිකරණය ඉරිදියේ අභියෝගයට ලක් කළේ නම්, මෙය සම්මත වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට තීන්දුවක් ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් කිසිවකුට නියමිත කාල සීමාව තුළදී (පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වීමෙන් දින හතක්) ඒ කටයුත්ත කර ගැනීමට නොහැකි විය. කුමක් හෝ අවාසනාවකට කිසිදු මහජන නියෝජිතයෙක් මේ පිළිබඳව මැදිහත් විය හැකි දේශප්‍රේමී ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමට කටයුතු කර නැත.

මේ භයානක, නින්දා සහගත පණත සම්මත වීම වළක්වා ගැනීම සඳහා දැන් ඇත්තේ ක්‍රම දෙකක් පමණි. එකක් නම්, මීට විරුද්ධ වී, ඊට සරල බහුතරය ලැබීම වළක්වන වන ලෙස, දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමයි. අනෙකනම්, අපගේ රණවිරුවන් බිල්ලට දෙන මෙම පණත ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කිරීමයි.

-ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා
 
-ගෙවිඳු කුමාරතුංග මහතා

 
-සටහන : සුමුදු අධිකාරී

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

නින්දනීය ඇස්බැන්දුම්...

කතෘ:යුතුකම     7/20/2016   No comments
-පුනර්ජි දඹොරගම-
අතින් අත දෙන ඇඟිලි කරු යට
යටින් සඟවා පැතුම් විසකුරු

තුටින් මෙන් අද නගන සිනහව
හෙටින් කෙලෙවර වේවි නපුරට

රුපුන් - මිතුරන් ලෙසින් වෙස් ගෙන
එබෙන් මුර දෙව් දොරින් හැරගෙන

හමන් එන සැඩ සුළං අදිරද
ලවන් පොඟනා ලෙයක් වෙයි හෙට
 
මවන් සුර දූතයන් විලසට
ඉදින් විරුවන් යවා දඟගෙට

දනන් රවටා අදත් මෙලෙසට
තවත් එළිපිට රැඟුම් කුමටද?

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/14/2016

ඩයස්පෝරාවේ පිට කහන මංගල නාටකය

කතෘ:යුතුකම     7/14/2016   No comments
-රියර් අද්මිරාල් සරත් වීරසේකර -

"මෙයින් ඉතාම පැහැදිලි වන්නේ මංගල සමරවීර තම බලය ඉක්මවා ගොස් දෙමළ බෙදුම්වාදිනට සහ එ.ජා. මහ කොමසාරිස්වරයාට රටේ රණවිරුවන් සහ ජාතිය පාවාදී ඇති බවය. සුමන්දිරන් යනු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරායකි. ද්‍රවිඩ සන්ධානය යනු එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තයයි. එසේ නම් අද ත්‍රස්තවාදය නිම කළ රණවිරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ත්‍රස්තයන්ගේ නියෝජිතයන්ගේ අත නොවේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශීය විනිසුරුවන් ගෙන්වන්නේ නැතැයි පැහැදිලිවම කියා සිටින විට මංගල සමරවීර ගෝලීය ද්‍රවිඩ සංසදයේ බෙදුම්වාදීන් හමු වී කියාසිටිනුයේ එය ජනාධිපතිගේ නිකම්ම නිකම් ප්‍රකාශයක් මිස නිල නියෝගයක් හෝ ආඥාවක් හෝ නොවන බවයි. එසේ නම් මංගල සමරවීර බෙදුම්වාදීන් ඉදිරියේ රණවිරුවන් පවා දෙන බවට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද? "
අපේ රටේ පාලකයින් ගේ නිවටකම දඩමිමා කර ගනිමින් රටේ පරිපාලනයට සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කිරිමට සෘජුව මැදිහත් වන එක්සත් ජාතින් ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ නවතම යෝජනාව නම් ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසාන අදියරේ දි පොකුරු බෝම්බ භාවිතා කළාද නැද්ද පිළිබඳ අලුතින් විශේෂ පරික්ෂණයක් සිදුකළ යුතු බවයි.

පොකුරු බෝම්බ යනු යුද්ධයකදි මිනිසුන් විශාල වශයෙන් එකවර ඝාතනය කළ හැකි ආයුධයකි. දෙමළ සංහාරය, දෙමළ සමූල ඝාතනය යනාදිය අද අපේ හමුදාවන්ට එරෙහිව තිබෙන චෝදනාය. මේවා දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ දැඩි බලපැම් ඉල්ලිම් මත සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කරන ලද සහ මංගල සමරවිර විදේශ ඇමති ඇමරිකාව සමඟ ‘අගය කරමින්’ එකඟ වුණ ලද සාවද්‍ය අභුත චෝදනාය. ‍‍‍‍

පොකුරු බෝම්බ පිළිබඳ විශේෂ පරික්ෂණ යෝජනාවත් එයටම ඈඳීගත් අපේ හමුදාව ම්ලේච්ඡ ඝාතකයන්ය යන්න සාධාරණියකරණය කිරීමට ගත් තවත් එක් කුහක වැයමකි. එයට අපේම රටේ විදේශ ඇමතිවරයාගේ ප්‍රතිචාරය දකින විට යුධ නිති සම්මුතින් පිළිබඳ ඔහුගේ දැනිම, රටේ අභිමානය පිළිබඳ ඔහුගේ තැකිම සහ අපේ රණ විරුවන් පිළිබඳ ඔහු දක්වන පිළිකුල් සහගත ආකල්පය මනාව පිළිබිඹු වේ.

හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම යනු අතුරුදහන් වුවන් පිළිබඳ සහ යුධ අපරාධ පිළිබඳ පරික්ෂණ කිරිමට පත්කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ය. එහි දෙවන පැවරිමේ වාර්තාව පහුගිය වසරේ ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එහි අපේ හමුදාවන් පොකුරු බෝම්බ පිළිබඳ ප්‍රඥප්තිය නොහොත් ජාත්‍යන්තර සම්මුතිය සම්මත වුයේ 2010 වර්ෂයේ අගෝස්තු මස 01 වන දිනය. එබැවින් පරණගම මහතා කියා සිටිනුයේ අපේ හමුදා කිසි දිනක පොකුරු බෝම්බ පාවිච්චි කළත් ඔවුන්ට විරුද්ධව යුධ නීතිය උල්ලංඝනය කළ බවට ‍‍‍‍‍චෝදනා නැගිය නොහැකි බවත්ය. එබැවින් සෙයිඩ් හුසේන්ගේ පොකුරු බෝම්බ පරික්ෂණ යෝජනාවේ කිසිම පදනමක් නැති බවය. මෙයට මංගල සමරවිරගේ කතාව වූයේ ඒ පරණගමගේ පණ්ඩිත කතාවක් බවය.

මංගල සමරවිර සෙයිඩ් අල් හුසේන් කුමාරයාට එරෙහිව මෙවැනි වැදගම්මකට නැති යෝජනා නොකරන්නැයි කිමට තරම් කශේරුකාවක් නැති බව අපි හොඳින් දනිමු. නමුත් අපේ රටට සහ රටේ හමුදාවට එරෙහිව නොකඩවා කරන මෙවන් විදේශ අමාත්‍යවරයෙක් තවදුරටත් එවන් වැදගත් තනතුරක් හෙබවිම පිළිබඳ අපට ප්‍රශ්නයක් තිබේ. දේශයේ අභිමානය, දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේත් දෙමළ සන්ධානයේ හා මානව හිමිකම් කොමසාරිස් ගේ දෙපතුල් මත තැබිමට මෙවන් අමනෝඥ ඇමතිවරුන්ට කිසිම අයිතියක් නැති අතර ජනතාව ඒ සඳහා කිසිම බලයක් ලබා දී නොමැත.

රජය නියෝජනය කරන මංගල සමරවීර ඇමරිකාව සමඟ අගය කරමින් එකඟ වූ හුසේන් ගේ යෝජනා 38ක් අඩංගු වාර්තා‍‍‍වේ අපේ හමුදාවන්ට යුධ අපරාධ චෝදනා විභාග කිරිමට විදේශීය විනිසුරුවන් අභිවෝදකයන් පිළිබඳ සඳහන් ඇත. ඊයේ දින සමරවිර ඇමතිවරයා කිවේ ඒ පිළිබඳව විවිධ අදහස් තිබෙන අතර අවසාන තීරණයක් ගෙන නොමැති බවය.

නමුත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය. 2015 ජිනිවා යෝජනා අප සාකච්ඡා කොට තීරණය කළ යෝජනාවලියකි. අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට දෙමුහුන් අධිකරණයකට එකඟ වුණා. යෝජනාවේ දෙමුහුන් යන වචනය නැතත් විදේශ විනිසුරුකරුවන් අභිචෝදකයන්, නීතිඥයන් පරික්ෂකවරුන් යැයි සඳහන් වෙනවා. එම විනිසුරුකරුවන් සඳහන් වන්නේ උපදේශකයන් හෝ වෙනත් රාජකාරි කරන අය ලෙස නොවේ. එය ඉතාම පැහැදිලියි. මා පුද්ගලිකව ඇමරිකාව සමඟ එම ක්‍රියාවලියට සහභාගි වුණා. ලංකාවේ පවතින ව්‍යවස්ථාවට අනුව එය කළ හැකි දැයි යන ප්‍රශ්නය මතු වූ විට එයද ගැඹුරින් සාකච්ඡා කොට එසේ කළ හැකි ක්‍රමය පිළිබඳවද සාකච්ඡා කළා. ඒ නිසයි ඒ වදන් දැම්මේ. රජය ඒකට එකඟ වෙලා දැන් එය වෙනස් කරනවා නම් එයට අපි එකඟ වන්නේ නැහැ. දෙමළ සමූල ඝාතන පිළිබඳව පරික්ෂා කිරිමට ජාත්‍යන්තර මැදිහත්විම අවශ්‍යයි.

මෙයින් ඉතාම පැහැදිලි වන්නේ මංගල සමරවීර තම බලය ඉක්මවා ගොස් දෙමළ බෙදුම්වාදීන්ට සහ එ.ජා මහ කොමසාරිස්වරයාට රටේ රණවිරුවන් හා ජාතිය පාවා දී ඇති බවය. සුමන්දිරන් යනු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි. ද්‍රවිඩ සන්ධානය යනු එල් ටි ටි ඊ සංවිධානයේ දේශපාලන හස්තයයි. එසේ නම් අද ත්‍රස්තවාදය නිම කළ රණවිරුවන් ගේ අනාගතය රඳාපවතින්නේ ත්‍රස්තයන්ගේ නියෝජිතයන් අත නොවේද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශ විනිසුරුවන් ගෙන්වන්නේ නැතැයි පැහැදිලිවම කියා සිටින විට මංගල සමරවීර ගෝලීය දෙමළ සන්සදයේ බෙදුම්වාදීන් හමුවී කියා සිටිනුයේ එය ජනාධිපතිගේ නිකම්ම නිකම් ප්‍රකාශයක් මිස නිල නි‍‍යෝගයක් හෝ ආඥාවක් හෝ නොවන බවයි. එසේ නම් මංගල සමරවීර බෙදුම්වාදීන් ඉදිරියේ රණවිරුවන් පාවා දෙන බවට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?

ශ්‍රී ලාංකික ගෝලීය සංසදය ‘ඩුබායි’ විසින් එ.ජා ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සියළුම රටවල් හි තානාපතිවරුන්ට මංගල සමරවීර ඇමතිතුමාගේ ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාවට එරෙහිව ගන්නා ලද ක්‍රියා කලාපයන් පිළිබඳ පහත සඳහන් අයුරින් දන්වා යවා ඇත.

අ’ මංගල සමරවීර 1933/13 දරණ 2015 සැප්තැම්බර් 15 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විදේශ ඇමැතිවරයකුගේ බලතල අබිබවා කටයුතු කිරීම

ආ’ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සහ මානුෂීය නීති කඩ කිරීම සම්බන්ධයෙන් ස්වාධින කොමිසම් රැසක් පත්කර තිබියදීත් එම වාර්තා කිසිවක් මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයට හෝ අන්තර් ජාතික ප්‍රජාවට හෝ ඉදිරිපත් නොකොට ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවලියක් සිදුකර නැතැයි යන සාවද්‍ය චෝදනාව ජාත්‍යන්තරය ඉදිරියේ සත්‍යයක් ලෙස පිළිගැනීම.

ඇ’ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් හුසේන් විසින් ලංකා හමුදාවන්ට විරුද්ධව නගා ඇති ප්‍රධාන චෝදනා නිෂේධ කිරීමට ඉතා ප්‍රබල සහ විද්‍යාත්මක/තරකානුකුල කරුණු /සාක්ෂි අඩංගු උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් වාර්තාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීම.

ඈ’ මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සඳහා දක්ෂ, සුදුසු, විශ්වාසනීය, මැදහත් සාධාරණ අධිකරණ පද්ධතියක් රටේ නොමැති බව සෘජුව සහ වක්‍රව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීම.

ඉ’ එ.ජා.ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් රටේ රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ සිදු කළේය යන වාර්තාව ඇමරිකාව සමඟ ‘ අගය කරමින් ‘ පිළිගැනීම. මේ සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිතුමා අද වන තෙක් කිසිදු පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් හෝ ලබා දී නොමැත.

අද මංගල සමරවීර එකඟ වී ඇති ජිනීවා යෝජනා සහ සෙයිඩ් අල් හුසේන් ලංකාව පිළිබඳ දක්වන දේශද්‍රෝහි ආකල්පය සම්බන්ධයෙන් සතුටු වන්නේ හෝ ඊට ප්‍රශංසා කරන්නේ කවුද? ත්‍රස්තවාදයට සෘජුව සහයෝගය දුන් පසුගිය රජය විසින් තහනම් කරන ලද මංගල සමරවීරගේ උපදෙස් මත එම තහනම ඉවත් කළ ‘ගෝලීය ද්‍රවිඩ සංසදය’ යි. ඔවුන් කරන ලද ප්‍රකාශ මෙසේය.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් ජුනි 29 වන දින ජිනිවාහිදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව අප සතුටින් පිළිගනිමු. ඔහු විසින් ලංකා රජය විසින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සහ යුක්තිය පසිඳලීමේ සංක්‍රාන්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බවට කරන ලද ප්‍රකාශයට අප ප්‍රශංසා කරමු. රජය විසින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙතෙක් ගෙන ඇති පියවරයන් සහ සංහිඳියාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරයද , එ.ජා ගේ සංගමය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගැනද සතුටු වන නමුත් තවමත් ඉක්මන් පියවර ගෙන නොමැති කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැක. එනම් යුධ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් යළි අයිතිකරුවන්ට භාරදීම, අත්අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර හමුදා පුද්ගල සංඛ්‍යාව අඩු කිරීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල ආරක්ෂක විධිවිධාන ප්‍රතිසංස්කරණය කිරීම යනාදියයි. එසේම කොමසාරිස්වරයා යුධ අපරාධ පිළිබඳ ‘ වගවීම’ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදියහත්වීමක් අවශ්‍යය යන ස්ථාවරයේ දැඩිව සිටීම සතුටට කරුණකි.

එය ස්වාධීන මැදහත් තීරණ ගැනීමට ඉවහල්වන අතර රටේ වර්තමාන අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසනීය තත්ත්වයක් තවම ඇති වී නොමැති නිසා එවන් ක්‍රියාමාර්ගයකට යා යුතු වේ. ඇමරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා ඝානා යන රටවල්වල නියෝජිතයන් කළ ප්‍රකාශ වලින් ජාත්‍යන්තර ප්‍රජාවගේ ද මේ පිළිබඳ අදහස් දක්වා ඇත. ගෝලීය ද්‍රවිඩ සංසදය ලෙස අප මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම කැපවීම ඉතා අගය කරන අතර ලංකාවේ දේශපාලන බලය බෙදීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය තවදුරටත් ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.

මේ අනුව බලන විට වර්තමාන වැඩපිළිවෙලෙහි න්‍යාය පත්‍රය සකසන්නේ කවුද යන්න ඉතා පැහැදිලි වේ. අද මංගල සමරවීර ජාතිය පාවා දෙමින් කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන්ගේ කුළුපග මිතුරන් සමඟ බව රහසක් නොවේ. එසේම ජූලි 06 වැනිදා ඔහු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ඔහුගේ ඉලක්කය කුමක් දැයි පැහැදිලි වුණාත ‘අපේ හමුදාවන් යුධ අපරාධ කිරීම තරම් විකෘති මනසක් නැ. එහෙම කළා නම් කර ඇත්තේ ඉහළින් ආ නියෝගයන්ට අනුවයි. ඒ අයට දඬුවම් පැමිණ විය යුතුයි’ එම ප්‍රකාශයම අද රනිල් වික්‍රමසිංහගේ අතවැසියෙකු වී සිටින ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද පහුගිය දිනක කළ බව අපට මතකය. ‘ සුදු කොඩි ඔසවා එන අයව මරන්න මගේ යටතේ අයට මා කිසි විටකත් උපදෙස් දී නැ. එහෙම කළා නම් කර ඇත්තේ මට වඩා ඉහළින් සිටි අයගේ උපදෙස් මත. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙයන්ම විදේශීය මැදිහත් වීමක් සමඟ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’ යනුවෙනි.

එසේ නම් මංගල සමරවීර නියෝජනය කරන වර්තමාන පාලකයන් තමන්ගේ රණවිරුවන් කැබිනට් ඇමතිකමට පාවා දෙන සරත් ෆොන්සේකා සමඟ මේ කිරීමට අර අදින්නේ කුමක් ද? රට බේරාගත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෙහෙයුම් දියත් කළ ජ්‍යෙෂ්ඨ ජනරාල්වරුන් දංගෙඩියට යැවීමට පිඹුරුපත් සැකසීමයි. ත්‍රස්තවාදය නිම කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා සහ ත්‍රිවිධ හමුදාවන් පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඒකරාශි කොට යුධමය නායකත්වය දුන් අන්දමේ අන්තර්ජාතික මැදහත්වීම පැමිණියත් එය නිෂ්ප්‍රභා කොට දේශද්‍රෝහීන්ට කදිම පාඩමක් ඉගැන්වීමට රටේ දේශප්‍රේමී ජනතාව දැනටමත් සුදානමින් සිටින බවද මෙහිදී මතක් කර දිය යුතු වේ.

අද දශක තුනක් රට පෙළු ත්‍රස්තවාදය දිවි කැපකර නිම කළ රණවිරුවන් සිරගත කරමින් සිටියි. මායිම් ගම්මාන වලට පැන ම්ලේච්ඡ අයුරින් සිංහල ගැබිණි මව්වරුන් පවා කපා කොටා ඝාතනය කළ ත්‍රස්තයෝ අද නිදහස් කරමින් සිටී. යුද්ධයේදී මිය ගිය 29000ක් සහ ආබාධිත තත්ත්වයට පත්ව ඇති 14000ක ගෙන් 25% පමණ මිය ගියේ අහිංසක දෙමළ ජනතාවගේ ජිවිත ගැන සිතමින් ඔවුන්ගේ ආරක්ෂාවට මුල්තැන දුන් බැවිනි.

අද කොටි ත්‍රස්තයන්ට විරුද්ධව එකම වචනයක් වත් මංගල සමරවීරගේ කටින් පිටවන්නේ නැත. ඔහු පවසන්නේ යුද්ධය නිමකළ මහින්දට හා ගෝඨාභයට දඬුවම් කළ යුතු බවයි. ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු ඇමරිකාව , එංගලන්තය, ප්‍රංශය, කැනඩාව යුද්ධය අවසාන දින කීපය තුළ ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් බේරා ගැනීමට දැරූ ප්‍රයත්නයන් අපි හොඳින් දනිමු. එම ජාත්‍යන්තර ප්‍රබල බලපෑමට යටත් නොවී යුද්ධය දිගටම කරගෙන ගොස් ත්‍රස්තවාදය නිම කළේ ලක්වැසි සියලුම ජනතාවට නිදහසේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහාය.

මංගල සමරවීර ඊට කළගුණ සළකන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් අප ඉතාම ලැජ්ජාවට පත්ව සිටිමු. ජාත්‍යන්තර නීති විද්වතුන් වන සම ජාත්‍යන්තර යුධ අපරාධ පිළිබඳ ලොව කීර්තියක් උතුරන ජෙෆ්රි නයිස් සහ රොඩ්නි නික්සන් යන දෙපළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ වාර්තාවේ යුධ අපරාධ පිළිබඳ දක්වා ඇති කරුණු ඉතා සාවද්‍ය බව පැහැදිලිව කරුණු සහිතව ඔප්පු කොට තිබේ. එසේම මහ ලේකම්වරයාගේ දැනගැනීමට පුද්ගලිකව පත්කළ මණ්ඩලයක් විසින් සැකසූ වාර්තාවක් එක් සාමාජික රටකට විරුද්ධව නගන යෝජනාවලියකට පදනම් කරගන්නේ කෙසේද යන්නත් ඔවුන් ප්‍රශ්න කර සිටී.

එසේ නම් මංගල සමරවීර මේ කරන්නේ තමන්ගේ රජය බලයට ඒමට අතහිත දුන් බටහිර රටවල් වල සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවීමට කටයුතු කිරීම මිස රටේ අභිමානය, ජාතික ආරක්ෂාව, ඒකීයභාවය රැකීම නොවේ. ප්‍රංශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ විට එරට හමුදාව සහ දේශපාලන නායකයන් ත්‍රස්තයන්ට සහ ඔවුන්ට සහය දුන් රටවලට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය සහ එයින් සිය ගණනක් සිවිල් ජනයා ඝාතනය වූ අන්දම අපි දුටුවෙමු. එරට විදේශ ඇමති වරයෙක් මතු දිනක හෝ තම හමුදාවනට එරෙහිව යුධ අපරාධ කළේ යැයි ජිනීවා නුවර දී එකඟ වෙයි ද? එසේ නම් තමන්ගේම රණවිරුවන් මෙසේ නින්දිත ලෙස ජාත්‍යන්තරය හමුවේ පාවාදෙන මංගල සමරවීර වහාම විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එසේ නොකළහොත් ඉදිරි දිනක ජනාධිපතිතුමාටද දේශයට ද්‍රෝහි වීමේ ආදීනව අත් විඳීමට සිදුවනු නොඅනුමානය. 
[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions