රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ
ඥානසාර හිමියන් තෙවෙනි වරටත් සිරගත වී ඇප මත නිදහස් වන්නට යෙදුණි. තමන්ට මෙසේ
නොකරන ලෙසත් අවශ්‍ය නම් එකවර තමාව මරා දමන ලෙසත් උන් වහන්සේ සිරගත කරන ලද මොහොතේදී
අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව මාධ්‍යවල සඳහන් විය.
![]() |
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සහ එම්.එච්.එම් අෂ්රෆ් මහතා සහභාගී වූ TNL නාලිකාව මගින් විකාශය කරන ලද නැණ පහන සංවාදය |
පසුගිය දසක එකහමාරක කාලය
තුළ බොදු බල සේනා සංවිධානය විසින් මෙරට සමාජ දේශපාලනයට සිදු කළ බලපෑම අති මහත් ය.
මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරි ගමන සැළසුම් කරන්නෙකුට බොදු බල සේනා සංවිධානයේ නැගීම,
එහි ක්‍රියාකාරීත්වය සහ පරිහානිය විචාරය
කර ගැනීම අතිශය වැදගත් වේ.
සිද්ධි ලෙබ්බේ වැන්නවුන්
විසින් පණ පොවනු ලදුව මුස්ලිම් ජනතාවට ව්‍යවස්ථාදායකයේ වෙනම ජනවාර්ගික නියෝජනයක්
ලබා ගැනීම වැනි ජාතිවාදී ප්‍රවේශයන් ඔස්සේ ඇදී ආ මුස්ලිම් දේශපාලනය මුල් කාලයේදී
සංවර්ධනය වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය පක්ෂය සෙවණේ ය. දෙමළ කතා කරන ජනතාවට වෙනම
රාජ්‍යක් ලෙස චෙල්වනායගම් ගෙන ආ ව්‍යාපාරයට මුල් කාලීන මුස්ලිම් දේශපාලනඥයන්
ඇතැමෙකුගේ සහය ද හිමි විය. 1960 දී කාරියප්පර් විසින් පිහිටවූ ස්ලාමීය එක්සත්
පෙරමුණ මෙරට පළමු මුස්ලිම් වාර්ගික දේශපාලන පක්ෂය ලෙස හැඳින්විය හැකිය.
මෙලෙස මුස්ලිම් වාර්ගික
දේශපාලනය සහ ඊළාම් බෙදුම්වාදී දේශපාලනය අතර පැවති අනියම් දීගය කෙළවර වන්නේ ප්‍රභාකරන්
විසින් උතුරු නැගෙනහිර මුස්ලිම් සංහාරය ආරම්භ කිරීමෙන් පසුව ය. වරෙක ප්‍රේමදාස සමඟ
ද, වරෙක චන්ද්‍රිකා සමඟ ද, වරෙක රනිල් සමඟ ද සන්ධානගත වූ මෙම මුස්ලිම් වාර්ගික
දේශපාලනය මෙම කාලය තුළදී ඉතා උපක්‍රමශීලී ලෙස වාර්ගික නීති සම්මත කරවා ගැනීමටත්,
අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය සකස් කර
ගැනීමටත් සමත් විය.
මෙරට මුස්ලිම් අන්තවාදය සහ
ව්‍යාප්තවාදය පිළිබඳව ප්‍රබල ජන මතයක් ඇති කිරීම සඳහා මුල් වරට කටයුතු කරන ලද්දේ
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන් වහන්සේ විසින් එකී අදහස් ජනගත කිරීම ඉතා
සංයමයකින් සිදු කරන ලද අතර අෂ්රොෆ් වැනි මුස්ලිම් නායකයන් සමඟ ප්‍රසිද්ධ
රූපවාහිනී සංවාද වලට එළඹීම දක්වා එම ක්‍රියා පිළිවෙත තියුණු විය.
වෙනම මුස්ලිම් රාජ්‍යක් පිළිබඳව ඇති කරගන්න ලද ඔලුවිල් සම්මුතිය පිළිබඳවත්, නැගනහිර ක්‍රියාත්මක වූ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳවත්, ස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන වෙත විදේශයන්ගෙන් ගලා එන මහා පරිමාණ විදේශ අරමුදල් සම්බන්ධයෙනුත්, හින්දු සහ බෞද්ධ පවුල් ස්ලාම්කරණය කිරීම පිළිබඳවත් වරින් වර තොරතුරු වාර්තා වූ නමුත් 2009 වසර දක්වා මෙම කරුණු අරභයා එතරම් සමාජ අවධානයක් යොමු නොවූයේ ඊට වඩා ප්‍රබල අවධානයක් සමස්ත සමාජය තුළින් ඊළාම් බෙදුම්වාදය කෙරෙහි එල්ල වී තිබීම හේතුවෙනි.
2012 දී බොදු බල සේනා
සංවිධානය බිහි වන්නේ මෙවන් පසුබිමක ය. දේශීය වශයෙනුත්, කලාපීය වශයෙනුත්, ගෝලීය
වශයෙනුත් ඒ වන විට ඇති වෙමින් තිබුණු ස්ලාම් අන්තවාදයට ප්‍රති විරෝධයක් ලෙස ඒ වන
විටත් ඉන්දියාවේ ශිව් සේනා සංවිධානය, මියන්මාරයේ 969 ව්‍යාපාරය ආදී සංවිධාන
බිහි වී තිබුණි.
බොදු බල සේනා සංවිධානයේ
සභාපති, මහ ලේකම් ඇතුළු ප්‍රධාන
නායක කාරකාදීන් බොහෝමයක් ඊට පෙර ජාතික හෙළ උරුමය සමඟ දේශපාලනික සම්බන්ධතා පැවැත්
වූ අයවලුන් ලෙස හඳුනා ගත හැකි නමුත් සංවිධානයක් වශයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රමික
විකාශනයකින් තොරව එක්වනම මතු වූ සංවිධානයක් ලෙස නිරීක්ෂණය කළ හැකිය. බොදු බල
සංවිධානයට අරමුදල් සැපයුණු ආකාරය, එහි නායකයන්
විදේශයන් සමඟ පැවැත් වූ සම්බන්ධතාවල ස්වරූපය,
දේශීය
දේශපාලඥයන් සමඟ එම සංවිධානය සිදු කොට ඇති ගනුදෙනු පිළිබඳව ඉතා විවාදාපන්න කරුණු
මතු වී තිබේ. එසේම එහි නායකයන්ගේ පෞද්ගලික චරිත සහ හැසිරීම් පිළිබඳව ආන්දෝලනාත්මක
සිද්ධීන් වාර්තා වී තිබේ. ඒ සියල්ල එසේ තිබියදීත් එමගින් ස්ලාම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය
පිළිබඳව ඉදිරිපත් කළ කරුණු, සාක්ෂි සහ සාධක
බැහැර කළ නොහැකි බව සනාථ වී ඇත.
(මෙම ලිපියේ මීළඟ කොටස
යුතුකම මාර්තු කලාපයෙන් බලාපොරොත්තු වන්න)
-පැතුම් ඒ. රණසිංහ-
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .