2/20/2025

අපේ මතය - 2

කතෘ:යුතුකම     2/20/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ උදාහරණ කිහිපයක් පිළිබඳව විමසා බැලීම මෙවර කලාපයෙන් අපි ආරම්භ කරමු.

 බෝල්කන් ජාතිකවාදී පැන නැගීම

80 දශකයේ අග සෝවියට් සමූහාණ්ඩුව පරිහානියට පත්වෙත්ම ඊට සමාන්තරව යුරෝපයේ පිහිටි අනෙක් සමාජවාදී දැවැන්තයා වූ යුගෝස්ලෝවියානු සමූහාණ්ඩුව ද පරිහානියට පත් වීම ආරම්භ විය. ආර්ථික සහ දේශපාලන හේතු සාධක සමුච්චයක් පාදක කර ගනිමින් යුගෝස්ලෝවියාව බිඳ වැටෙත්ම එම සමූහාණ්ඩුවේ පාර්ශවකාර ජාතීන් අතට තියුණු ජාතිකවාදී රැල්ලක් හමා යමින් තිබුණි.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රො හංගේරියන් සහ ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙද්දී දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවයක් සහිත ජාතීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් යුගෝස්ලෝවියාව බිහි විය. දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවය පුළුල් ජාතික අනන්‍යතාවයකි. එහි ස්භාවය අවබෝධ කර ගැනීම සඳහා ලබා දිය හැකි ආසන්න උදාහරණයක් වනුයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ අනන්‍යතාවයයි. දකුණු ඉන්දියාවේ දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්නඩ ආදී ජාතීන් ද්‍රවිඩ යන පොදු අනන්‍යතාවය යටතේ ඇතැම් තැන්හි පෙනී සිටී. එසේ වුවත් ද්‍රවිඩ යන පොදු කුලකය යටතේ තමන්ව හඳුන්වා ගන්නා එක් එක් ජාතීන් අතර භාෂාව, සංස්කෘතිය, ජීවන රටාව ආදී පදාසයන්හි නේක විධ වෙනස්කම් පවතී.

යුගෝස්ලෝවියා සමාජවාදී ෆෙඩරල් ජනරජය 1991 බිඳී යාමට පෙර


දකුණු ස්ලාව් යන පොදු කුලකය යටතට සර්බියානු, ක්‍රොඒෂියානු, බොස්නියානු, ඇල්බේනුයානු, මැසිඩෝනියානු ආදී විවිධ ජාතීන් ගොනු කොට යුගෝස්ලෝවියාව ගොඩ නගා තිබුණි. නමුත් යුගෝස්ලෝවියාව දුර්වල වෙත්ම එහි සිටි නොයෙක් ජාතීන් අතර තිබූ භාෂාමය, ආගමික සහ සංස්කෘතික වෙනස්කම් වඩ වඩා ඉස්මතු වන්නට විය.

රාජ්‍යක ආර්ථික සහ දේශපාලන ශක්තිය දුර්වල වීමේදී එම රාජ්‍යයේ වෙසෙන ජනවර්ග හෝ ජාතීන් අතර ඝට්ටනයන් ඇති වීම සුලභව සිදු වේ. රාජ්‍යක ජීවත්වන ජාතීන් හෝ ජන වර්ග අතර සාමග්‍රියක් පවත්වා ගැනීමට නම් නිසැක වශයෙන්ම එම රාජ්‍යයේ ආර්ථිකය සහ දේශපාලනය ශක්තිමත් මට්ටමක පවත්වා ගත යුතුය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීමෙහි ප්‍රතිපලය වූයේ යුගෝස්ලෝවියාව බිඳ වැටීමයි. 1991 දී ස්ලොවේනියාව, උතුරු මැසිඩෝනියාව, බොස්නියාව සහ ක්‍රොඒෂියාව සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් උද්ගත වූ යුධ ගැටුම් වසර කිහිපයක් ඔබ්බට ඇදී යන ලදි. විශේෂයෙන්ම බොස්නියාව තුළ සිදු වූ ගැටුම් ඉතා විනාශකාරී සහ විදේශ අත පෙවීම් සහිත ඒවා විය.

දකුණු ස්ලාව් අනන්‍යතාවය මත යුගෝස්ලෝවියාව එක්සත්ව තබා ගැනීමට සමත් වූ දැවැන්ත ප්‍රතිරූපය වූයේ මාෂල් ටිටෝ ය. ඔහුගේ නායකත්වය යටතේ ‘සහෝදරත්වය සහ එකමුතුකම’ යන තේමාව පාදක කර ගනිමින් කලාපයේ ජාතිකවාදී ප්‍රවණතාවයන් පාලිත තත්ත්වයක පවත්වා ගන්නා ලදි. ඔහු 1980 දී මිය ගිය අතර ඒ හා සමගම බෝල්කන් ජාතිකවාදී රැල්ල හමා යාම ආරම්භ විය.


යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පමණක් බෝල්කන් ජාතිකවාදී රැල්ල නිමාවට පත් නොවූ අතර 2008 දී උද්ගත වී මේ දක්වාම නොවිසඳුණු ගැටළුවක් ලෙස ඉතිරිව පවතින කොසෝවෝ අර්බුධය ද එහිම දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීම ඔස්සේ ස්වාධීනත්වයට පත් වූ ඇතැම් ජාතීන් ඉන් සාර්ථක පල නෙළා ගැනීමට සමත්ව ඇති අතර තවත් ජාතීන් තවමත් ඉතා ව්‍යසනකාරී අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. උදාහරණයක් ලෙස 1991 දී ස්වාධීනත්වයට පත් ස්ලොවේනියාව මේ වන විට සංවර්ධිත තත්ත්වයට පත්ව කලාපයේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව සිටී. ක්‍රොඒෂියාව ද ඉහළ ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පත් වී ඇත. නමුත් සර්බියාවේ සහ උතුරු මැසිඩෝනියාවේ තත්ත්වය තවමත් පවතින්නේ සතුටුදායක තත්ත්වයක නොවේ. සර්බියාව ඉහල මැදි ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පැමිණියත් කොසෝවෝ අර්බුධය වැනි ගැටළුකාරී තත්ත්වයන් අභිමුව එහි ඉදිරි ගමනට බාධා පැමිණ ඇත

90’ දකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපවලින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘත්තයි)


පැතුම් ඒ. රණසිංහ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions